යෙදුමෙන් කියවන්න

5-6. කොණ‍්ඩධානත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

5-6. කොණ‍්ඩධානත්‍ථෙරවත්‍ථු

5-6. කුණ්ඩධාන තෙරුන්ගේ කතා පුවත

මාවොච ඵරුසං කඤ‍්චීති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කොණ‍්ඩධානත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.

“ මාවොච ඵරුසං කඤ්චි” යන මේ දෙසුම ශාස්තෲන් වහන්සේ සැවත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩසිටිය දී කුණ්ඩධාන තෙරුන් නිමිති කරගෙන දේශනාකළ සේක.

තස‍්ස කිර පබ‍්බජිතදිවසතො පට‍්ඨාය එකං ඉත්‍ථිරූපං ථෙරෙන සද‍්ධිංයෙව විචරති. තං ථෙරො න පස‍්සති, මහාජනො පන පස‍්සති. අන‍්තොගාමං පිණ‍්ඩාය චරතොපිස‍්ස මනුස‍්සා එකං භික‍්ඛං දත්‍වා, “භන‍්තෙ, අයං තුම‍්හාකං හොතු, අයං පන තුම‍්හාකං සහායිකායා”ති වත්‍වා දුතියම‍්පි දදන‍්ති.

උන්වහන්සේ පැවදි වූ දින පටන් එක් ස්ත්‍රී රුවක් තෙරුන් සමගම හැසිරෙයි. ඇයව තෙරුන් වහන්සේට නොපෙනේ. නමුත් මහජනයා දකී. ඇතුළුගම පිඬුපිණිස හැසිරෙන විටද මිනිස්සු එක් දානයක් පුදා - ස්වාමීනි මෙය ඔබවහන්සේටය. මෙය ඔබ වහන්සේගේ සහායිකාවටයයි කියමින් දෙවැනි දානයක්ද දෙති.

කිං තස‍්ස පුබ‍්බකම‍්මන‍්ති? කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධකාලෙ කිර ද‍්වෙ සහායකා භික‍්ඛූ එකමාතුකුච‍්ඡිතො නික‍්ඛන‍්තසදිසා අතිවිය සමග‍්ගා අහෙසුං. දීඝායුකබුද‍්ධකාලෙ ච අනුසංවච‍්ඡරං වා අනුඡමාසං වා භික‍්ඛූ උපොසථත්‍ථාය සන‍්නිපතන‍්ති. තස‍්මා තෙපි “උපොසථග‍්ගං ගමිස‍්සාමා”ති වසනට‍්ඨානා නික‍්ඛමිංසු.

(මෙසේ වන්නට කාරණා කවරේද යත්) - අතීතයේ කාශ්‍යප බුද්ධ කාලයේදී යහළු භික්ෂූහු දෙනමක් එක මවකගේ කුසින් ඉපදුණ ලෙස ඉතා දැඩි සමගියෙන් විසූහ. දීර්ඝායුෂ්ක කාලයේ දී අවුරුදු පහක් හෝ අට වසරක් පාසා හෝ භික්ෂූන් වහන්සේලා පොහොය කිරීම සඳහා එක්රැස් වෙති. එනිසා ඒ භික්ෂූන් වහන්සේලා දෙනමද පොහොය කරන ගෙට යන්නෙමුයි. වාසය කළ තැනින් නික්මුණාහුය.

තෙ එකා තාවතිංසභවනෙ නිබ‍්බත‍්තදෙවතා දිස‍්වා “ඉමෙ භික‍්ඛූ අතිවිය සමග‍්ගා, සක‍්කා නු ඛො ඉමෙ භින්‍දිතු”න‍්ති චින‍්තෙත්‍වා අත‍්තනො බාලතාය චින‍්තිතසමනන‍්තරමෙව ආගන‍්ත්‍වා තෙසු එකෙන, “ආවුසො, මුහුත‍්තං ආගමෙහි, සරීරකිච‍්චෙනම‍්හි අත්‍ථිකො”ති වුත‍්තෙ සා දෙවතා එකං මනුස‍්සිත්‍ථිවණ‍්ණං මාපෙත්‍වා ථෙරස‍්ස ගච‍්ඡන‍්තරං පවිසිත්‍වා නික‍්ඛමනකාලෙ එකෙන හත්‍ථෙන කෙසකලාපං, එකෙන නිවාසනං සණ‍්ඨාපයමානා තස‍්ස පිට‍්ඨිතො නික‍්ඛමි. සො තං න පස‍්සති, තමාගමයමානො පන පුරතො ඨිතභික‍්ඛු නිවත‍්තිත්‍වා ඔලොකයමානො තං තථා කත්‍වා නික‍්ඛමන‍්තං පස‍්සි. සා තෙන දිට‍්ඨභාවං ඤත්‍වා අන‍්තරධායි. ඉතරො තං භික‍්ඛුං අත‍්තනො සන‍්තිකං ආගතකාලෙ ආහ – “ආවුසො, සීලං තෙ භින‍්න”න‍්ති. “නත්‍ථාවුසො, මය‍්හං එවරූප”න‍්ති.

තවුතිසා භාවනා වසන දේවතාවියක් මේ තෙරවරුන් දැක මේ දැඩි සමඟිය බිඳින්නට හැකිදැයි සිතා තමාගේ බාල බැවින් (පව්කාරසිත නිසා) එසේ කිරීමට සිතා ගත්තාය. ඉක්බිති එක් භික්ෂුවක් විසින් ඇවැත්නි, මොහොතක් ඉන්න, මට ශරීරකෘත්‍ය කිරීමට අවශ්‍යයයි පවසා මදක් ඈතට ගියේය. ඒ දේවතාවිය එහිදී ගැහැනියකගේ වෙසක් මවාගෙන තෙරුන් ගියතැනට පිවිස. නික්මෙන අවස්ථාවේදී එක් අතකින් කෙස් කළඹ ද අනෙක් අතින් ඇඳසිටි රෙද්ද ද (වස්ත්‍රයද) සකස් කරමින් තෙරුන්ගේ පිටුපසින් නික්මී ආවාය. උන්වහන්සේ ඇය නොදකී. ඇය එද්දී පෙරටුව ගමන් කළ භික්ෂූන් වහන්සේ නැවතී. බලමින් සිටින්නේ ඒ ස්ත්‍රිය එන අයුරු දුටුවේය. ඇය එම තෙරුන් දුටුබව දැනගෙන අතුරුදහන් වූවාය. මේ නිසා අනෙක් භික්ෂුව තමා ළඟට පැමිණි අවස්ථාවේ දී - ඇවැත්නි ! සිල්බිඳුනා නේදැයි විමසුවේය. නැත ඇවැත්නි මම එබඳු දෙයකට පත්නොවුවෙමි යයි පැවසූහ.

ඉදානෙව තෙ මයා පච‍්ඡතො නික‍්ඛමමානා තරුණඉත්‍ථී ඉදං නාම කරොන‍්තී දිට‍්ඨා, ත්‍වං “නත්‍ථි මය‍්හං එවරූප”න‍්ති කිං වදෙසීති. සො අසනියා මත්‍ථකෙ අවත්‍ථටො විය මා මං, ආවුසො, නාසෙහි, නත්‍ථි මය‍්හං එවරූපන‍්ති. ඉතරො “මයා සාමං අක‍්ඛීහි දිට‍්ඨං, කිං තව සද‍්දහිස‍්සාමී”ති දණ‍්ඩකො විය භිජ‍්ජිත්‍වා පක‍්කාමි, උපොසථග‍්ගෙපි “නාහං ඉමිනා සද‍්ධිං උපොසථං කරිස‍්සාමී”ති නිසීදි. ඉතරො “මය‍්හං, භන‍්තෙ, සීලෙ අණුමත‍්තම‍්පි කාළං නත්‍ථී”ති භික‍්ඛූනං කථෙසි. සොපි “මයා සාමං දිට‍්ඨ”න‍්ති ආහ. දෙවතා තං තෙන සද‍්ධිං උපොසථං කාතුං අනිච‍්ඡන‍්තං දිස‍්වා “භාරියං මයා කම‍්මං කත”න‍්ති චින‍්තෙත්‍වා – “භන‍්තෙ, මය‍්හං අය්‍යස‍්ස සීලභෙදො නත්‍ථි, මයා පන වීමංසනවසෙනෙතං කතං, කරොථ තෙන සද‍්ධිං උපොසථ”න‍්ති ආහ. සො තස‍්සා ආකාසෙ ඨත්‍වා කථෙන‍්තියා සද‍්දහිත්‍වා උපොසථං අකාසි, න පන ථෙරෙ පුබ‍්බෙ විය මුදුචිත‍්තො අහොසි. එත‍්තකං දෙවතාය පුබ‍්බකම‍්මං.

මේ දැන් ඔබ පසුපසින් ආ තරුණ ස්ත්‍රිය (ඇඳිවත හදමින් පැමිණිය) දිටුවෙමි. ඔබ එසේ නොවේයයි පවසන්නේ කුමක් හෙයින්ද? එවිට අනෙක් භික්ෂුව හිසමත හෙණයක් වැටුන සේ ඇවැත්නි මා නොනසවයි ද මම එබඳු වරදක් නොකෙළෙමි යයි ද පැවසූහ. එවිට අනෙක් සහායක භික්ෂුව මම දැන් දෑසින් දුටුදෙය නුඹ නො අදහන්නේදැයි සැරයටි කෙළවර කඩා දමා යන්නට ගියේය. පොහොය කරන ගෙයි ද මොහු සමග මම පොහොය නොකරමි යි වාඩි වූයේය. අනෙක් භික්ෂුව ස්වාමීනි මගේ සිල්වත්බවේ ඉතා කුඩා පලුද්දක් හෝ නැතැයි භික්ෂූන්ට දන්වා සිටියේය. අනිත් තෙරුන් ද දෑසින් දකින ලද දේ පැවසුවේය. දේවතාවිය මෙම භික්ෂුව සමග පොහොය නොකරන බව දැක - මා විසින් බැරෑරුම් දෙයක් කරන ලදැයි සිතා ස්වාමීනි මම නිසා තෙරුන්ගේ සිල් බිඳීමක් සිදුනොවීය මම උන්වහන්සේ පරීක්ෂා කිරීම සඳහා එය කෙළෙමි. ඒ නිසා මුන්වහන්සේ සමග පොහොය කරන්නැයි පවසා සිටියාය. උන්වහන්සේ ඇය අහසෙහි සිට කියනා විට අදහාගෙන පොහොය කරන ලදී. (පිරිසිදු යයි සිතා පොහොය කළත්) ඒ තෙරුන් වහන්සේ පෙර දී මෙන් මෘදු සිතක් නොවීය. දේවතාවිය විසින් පෙර දින දී කරන ලද කර්මය මෙපමණි.

ආයුපරියොසානෙ පන තෙ ථෙරා යථාසුඛං දෙවලොකෙ නිබ‍්බත‍්තිංසු. දෙවතා අපීචිම‍්හි නිබ‍්බත‍්තිත්‍වා එකං බුද‍්ධන‍්තරං තත්‍ථ පච‍්චිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං නිබ‍්බත‍්තිත්‍වා වුද‍්ධිමන්‍වාය සාසනෙ පබ‍්බජිත්‍වා උපසම‍්පදං ලභි. තස‍්ස පබ‍්බජිතදිවසතො පට‍්ඨාය තං ඉත්‍ථිරූපං තථෙව පඤ‍්ඤායි.

ආයු කෙළවර තෙරුන් වහන්සේලා සුවසේ ඉපදුණහ. දේවතාවිය අවීචියේ ඉපදී බුද්ධාන්තර කල්පයක් එහි පැසී මේ බුද්ධෝත්පාද සමයේදී සැවත් නුවර ඉපිද වැඩිවියට පත්ව සසුනේ පැවිදිවිය. උපසම්පදාවද ලැබුවේය. ඔහු පැවිදි වූ දා සිට ඒ ස්ත්‍රී රුව පෙර ලෙසටම පෙනෙන්නට විය.

තෙනෙවස‍්ස කොණ‍්ඩධානත්‍ථෙරොති නාමං කරිංසු. තං තථාවිචරන‍්තං දිස‍්වා භික‍්ඛූ අනාථපිණ‍්ඩිකං ආහංසු – “මහාසෙට‍්ඨි, ඉමං දුස‍්සීලං තව විහාරා නීහර. ඉමඤ‍්හි නිස‍්සාය සෙසභික‍්ඛූනං අයසො උප‍්පජ‍්ජිස‍්සතී”ති. කිං පන, භන‍්තෙ, සත්‍ථා විහාරෙ නත්‍ථීති? අත්‍ථි උපාසකාති. තෙන හි, භන‍්තෙ, සත්‍ථාව ජානිස‍්සතීති. භික‍්ඛූ ගන‍්ත්‍වා විසාඛායපි තථෙව කථෙසුං. සාපි නෙසං තථෙව පටිවචනං අදාසි.

මේ නිසාම උන්වහන්සේට කුණ්ඩධාන යන නම යෙදූහ. ඔහු එසේ හැසිරෙනු දැක භික්ෂූන් වහන්සේලා අනේපිඬු සිටුතුමන්ට සිටුතුමනි ! මේ දුසිල් තැනැත්තා ඔබේ විහාරයෙන් බැහැර කරන්න. මොහු (මේ භික්ෂුව) නිසා අනෙක් භික්ෂූන්ට ද අපකීර්තියක් ඇතිවේ යයි පැවසූහ. සිටුවරයා, ඇයි ස්වාමීනි ! බුදුරජාණන් වහන්සේ විහාරයේ නොසිටිත්ද? උපාසකතුමනි බුදුහු සිටිතියි පැවසූහ. එසේ නම් ස්වාමීනි තථාගතයන් වහන්සේ (කළයුතු දේ) දනිතියි පැවසීය. එහෙත් භික්ෂූන් වහන්සේලා ගොස් විශාඛා උපාසිකාවට ද දැනුම් දුන්හ. ඇය ද සිටුතුමා කී ලෙසටම පිළිතුරු දුන්නාය.

භික‍්ඛූපි තෙහි අසම‍්පටිච‍්ඡිතවචනා රඤ‍්ඤො ආරොචෙසුං – “මහාරාජ, කොණ‍්ඩධානත්‍ථෙරො එකං ඉත්‍ථිං ගහෙත්‍වා විචරන‍්තො සබ‍්බෙසං අයසං උප‍්පාදෙසි, තං තුම‍්හාකං විජිතා නීහරථා”ති. “කහං පන සො, භන‍්තෙ”ති? “විහාරෙ, මහාරාජා”ති. “කතරස‍්මිං සෙනාසනෙ විහරතී”ති? “අසුකස‍්මිං නාමා”ති. “තෙන හි ගච‍්ඡථ, අහං තං ගණ‍්හිස‍්සාමී”ති සො සායන‍්හසමයෙ විහාරං ගන‍්ත්‍වා තං සෙනාසනං පුරිසෙහි පරික‍්ඛිපාපෙත්‍වා ථෙරස‍්ස වසනට‍්ඨානාභිමුඛො අගමාසි. ථෙරො මහාසද‍්දං සුත්‍වා විහාරා නික‍්ඛමිත්‍වා පමුඛෙ අට‍්ඨාසි. තම‍්පිස‍්ස ඉත්‍ථිරූපං පිට‍්ඨිපස‍්සෙ ඨිතං රාජා අද‍්දස.

භික්ෂූහු ඔවුන් විසින් කී වචනය නොපිළිගෙන - රජතුමා වෙත ගොස් මහරජ, කුණ්ඩධාන තෙරුන් එක් ස්ත්‍රියක් සමග නිතර සැරිසරමින් සියළු භික්ෂූන්ට අපකීර්තිය ඇති කරයි. එනිසා මහරජ ඔබ විසින් මේ භික්ෂුව ඔබතුමන්ගේ බල ප්‍රදේශයෙන් (විජිතයෙන්) පිටමන් කරන්න යයි පැවසූහ. රජතුමා ස්වාමීනි ඔහු කොහේ සිටීද? මහරජ දෙව්රම් විහාරය තුළ සිටී. කිනම් ආවාස කුටියේ සිටීද? අසවල් කුටුයේ යයි පැවසූහ. හොඳයි එසේනම් ඔබ වහන්සේලා යන්න මම ඔහුව අල්වාගන්නෙමියි පැවසීය. රජතුමා සවස විහාරයට ගොස් එම සෙනසුන මිනිසුන් ලවා වටකරවා තෙරුන් සිටින කුටියට අභිමුඛව සිටියේය. තෙරුන් වහන්සේ මහා ශබ්ධය අසා විහාරයෙන් නික්මී දොරටුව ඉදිරියේ සිටියහ. ඒ ස්ත්‍රී රුවද පිටුපස සිටිනු රජ දුටුවේය.

ථෙරො රඤ‍්ඤො ආගමනං ඤත්‍වා විහාරං අභිරුහිත්‍වා නිසීදි. රාජා ථෙරං න වන්‍දි, තම‍්පි ඉත්‍ථිං නාද‍්දස. සො ද‍්වාරන‍්තරෙපි හෙට‍්ඨාමඤ‍්චෙපි ඔලොකෙන‍්තො අදිස‍්වාව ථෙරං ආහ – “භන‍්තෙ, ඉමස‍්මිං ඨානෙ එකං ඉත්‍ථිං අද‍්දසං, කහං සා”ති? “න පස‍්සාමි, මහාරාජා”ති. “ඉදානි මයා තුම‍්හාකං පිට‍්ඨිපස‍්සෙ ඨිතා දිට‍්ඨා”ති වුත‍්තෙපි “අහං න පස‍්සාමි”ච‍්චෙවාහ. රාජා “කිං නු ඛො එත”න‍්ති චින‍්තෙත්‍වා, “භන‍්තෙ, ඉතො තාව නික‍්ඛමථා”ති ආහ. ථෙරෙ නික‍්ඛමිත්‍වා පමුඛෙ ඨිතෙ පුන සා ථෙරස‍්ස පිට‍්ඨිපස‍්සෙ අට‍්ඨාසි. රාජා තං දිස‍්වා පුන උපරිතලං අභිරුහි, තස‍්ස ආගතභාවං ඤත්‍වා ථෙරො නිසීදි. පුන රාජා තං සබ‍්බට‍්ඨානෙසු ඔලොකෙන‍්තොපි අදිස‍්වා, “භන‍්තෙ, කහං සා ඉත්‍ථී”ති පුන ථෙරං පුච‍්ඡි. නාහං පස‍්සාමි මහාරාජාති. “කිං කථෙථ, භන‍්තෙ, මයා ඉදානෙව තුම‍්හාකං පිට‍්ඨිපස‍්සෙ ඨිතා දිට‍්ඨා”ති ආහ. ආම, මහාරාජ, මහාජනොපි “මෙ පච‍්ඡතො පච‍්ඡතො ඉත්‍ථී විචරතී”ති වදති, අහං පන න පස‍්සාමීති. රාජා “පටිරූපකෙන භවිතබ‍්බ”න‍්ති සල‍්ලක‍්ඛෙත්‍වා පුන ථෙරං, “භන‍්තෙ, ඉතො තාව ඔතරථා”ති වත්‍වා ථෙරෙ ඔතරිත්‍වා පමුඛෙ ඨිතෙ පුන තං තස‍්ස පිට‍්ඨිපස‍්සෙ ඨිතං දිස‍්වා උපරිතලං අභිරුහි. පුන නාද‍්දස. සො පුන ථෙරං පුච‍්ඡිත්‍වා තෙන “න පස‍්සාමි”ච‍්චෙව වුත‍්තෙ “පටිරූපකමෙවෙත”න‍්ති නිට‍්ඨං ගන‍්ත්‍වා ථෙරං ආහ – “භන‍්තෙ, එවරූපෙ සංකිලෙසෙ තුම‍්හාකං පිට‍්ඨිතො විචරන‍්තෙ අඤ‍්ඤො කොචි තුම‍්හාකං භික‍්ඛං න දස‍්සති, නිබද‍්ධං මම ගෙහං පවිසථ, අහමෙව චතූහි පච‍්චයෙහි උපට‍්ඨහිස‍්සාමී”ති ථෙරං නිමන‍්තෙත්‍වා පක‍්කාමි.

තෙරුන් වහන්සේ රජුගේ පැමිණීම දැන නැගි සිටියහ. රජතුමා තෙරුන් නොවැන්දේය. ඒ ස්ත්‍රීරූපය ද නො දුටුවේය. ඔහු දොර අස්සේ ද ඇඳයට ද බලන්නේ නොදැක තෙරුන්ට මෙසේ කීවේය. ස්වාමීනි ! මෙතැන එක් ස්ත්‍රියක් දුටුවෙමි. ඇය කිනම් කෙනෙක්දැයි විමසීය. මහරජ මම නොදකිමි. මම දැන් ඇය ඔබවහන්සේ පිටුපස සිටිනු දුටුවෙමි. කීවිට - නොදනිමි මහරජයයි පැවසූහ. රජු මේ කුමක් දැයි සිතමින් ස්වාමීනි ! මෙහි ඉන්න යයි පවසා, තෙරුන් වහන්සේ එහි සිටිවිට නැවත ඇය තෙරුන් පිටුපස සිටියාය. රජු ඇය දැක නැවත උඩ තලයට නැගුනි. ඇය ගියබව දැන තෙරුන් වාඩිවිය. නැවතද රජු ඇය සියළු තැන්හි බලන්නේ නොදැක - ස්වාමීනි ඇය කවර කෙනෙක්දැයි නැවත විමසීය. මම නොදකිමියි තෙරුන් පැවසූහ. ස්වාමීනි දැන් ඇය ඔබ පිටුපස සිටිනු දුටුවෙමි. එසේය මහරජ - මහජනයාද මා පසුපස කාන්තාවක් යන්නේ යයි කියති. මම නම් නොදකිමි පැවසූහ. රජතුමා ප්‍රතිරූපයක් යයි සිතා නැවත තෙරුන් වහන්සේට නැගී සිටින්නැයි පවසා තෙරුන් ඉදිරි පස සිටියේ නැවත ද ස්ත්‍රීරූපය තෙරුන් පිටුපස දැක ඉදිරියෙන් නැගී සිට බලන්නේ ඒ රුව නොදුටුවේය. නැවත තෙරුන්ගෙන් දුටුවේ දැයි විමසා මම නො දුටුවෙමියි පැවසූවිට ප්‍රතිරූපයක් යයි නිශ්චය කරගෙන තෙරුන්ට පැවසීය. ස්වාමීනි මෙබඳු කෙළෙසීමක් ඔබ වහන්සේ පිටුපසින් හැසිරෙන කළ කිසිවෙක් ඔබ වහන්සේට ආහාර නොදෙන්නේ නම් නිතර මගේ මාළිගයට පිවිසෙන්න මමම ඔබ වහන්සේට සිවුපසයෙන් උවැටන් කරමියි ආරාධනා කොට ගියේය.

භික‍්ඛූ “පස‍්සථාවුසො, රඤ‍්ඤො පාපකිරියං, ‘එතං විහාරතො නීහරා’ති වුත‍්තෙ ආගන‍්ත්‍වා චතූහි පච‍්චයෙහි නිමන‍්තෙත්‍වා ගතො”ති උජ‍්ඣායිංසු. තම‍්පි ථෙරං ආහංසු – “අම‍්භො, දුස‍්සීල, ඉදානිසි රාජකොණ‍්ඩො ජාතො”ති.

භික්ෂූන් වහන්සේලා - බලන්න ඇවැත්නි - රජුගේ පව්කාරකම මේ තැනැත්තා විහාරයෙන් බැහැර කරන්නැයි කීවිට, මෙහි පැමිණ සිවුපසයෙන් උවැටන් කිරීමට ආරාධනා කර ගියේ යැයි ඝෝෂාකළහ. ඒ තෙරවරු එම්බා දුස්ශීලය ඔබ දැන් “රාජකුණ්ඩ” බවට පත්වූයේයි කීහ.

සොපි පුබ‍්බෙ භික‍්ඛූ කිඤ‍්චි වත‍්තුං අසක‍්කොන‍්තො “තුම‍්හෙ දුස‍්සීලා, තුම‍්හෙ කොණ‍්ඩා, තුම‍්හෙ ඉත්‍ථිං ගහෙත්‍වා විචරථා”ති ආහ. තෙ ගන‍්ත්‍වා සත්‍ථු ආරොචෙසුං – “භන‍්තෙ, කොණ‍්ඩධානත්‍ථෙරො අම‍්හෙහි වුත‍්තො අම‍්හෙ ‘දුස‍්සීලා’තිආදීනි වත්‍වා අක‍්කොසතී”ති. සත්‍ථා තං පක‍්කොසාපෙත්‍වා පුච‍්ඡි – “සච‍්චං කිර ත්‍වං, භික‍්ඛු, එවං වදෙසී”ති? “සච‍්චං, භන‍්තෙ”ති. “කිං කාරණා”ති? “මයා සද‍්ධිං කථිතකාරණා”ති. “තුම‍්හෙ, භික‍්ඛවෙ, ඉමිනා සද‍්ධිං කස‍්මා කථෙථා”ති. “ඉමස‍්ස පච‍්ඡතො ඉත්‍ථිං විචරන‍්තිං දිස‍්වා, භන‍්තෙ”ති. “ඉමෙ කිර තයා සද‍්ධිං ඉත්‍ථිං විචරන‍්තිං දිස‍්වා වදන‍්ති, ත්‍වං කස‍්මා කථෙසි, එතෙ තාව දිස‍්වා කථෙන‍්ති. ත්‍වං අදිස‍්වාව ඉමෙහි සද‍්ධිං කස‍්මා කථෙසි, නනු පුබ‍්බෙ තවෙව පාපිකං දිට‍්ඨිං නිස‍්සාය ඉදං ජාතං, ඉදානි කස‍්මා පුන පාපිකං දිට‍්ඨිං ගණ‍්හාසී”ති. භික‍්ඛූ “කිං පන, භන‍්තෙ, ඉමිනා පුබ‍්බෙ කත”න‍්ති පුච‍්ඡිංසු. අථ නෙසං සත්‍ථා තස‍්ස පුබ‍්බකම‍්මං කථෙත්‍වා “භික‍්ඛු ඉදං පාපකම‍්මං නිස‍්සාය ත්‍වං ඉමං විප‍්පකාරං පත‍්තො, ඉදානි තෙ පුන තථාරූපං පාපිකං දිට‍්ඨිං ගහෙතුං න යුත‍්තං, මා පුන භික‍්ඛූහි සද‍්ධිං කිඤ‍්චි කථෙහි, නිස‍්සද‍්දො මුඛවට‍්ටියං ඡින‍්නකංසථාලසදිසො හොහි, එවං කරොන‍්තො නිබ‍්බානප‍්පත‍්තො නාම භවිස‍්සතී”ති වත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමා ගාථා අභාසි –

ඒ භික්ෂුව ද කලින් භික්ෂූන්ට කිසිවක් කියන්නට අසමත්වූයේ දුස්ශීලයෝ තෙපිය. කුණ්ඩයෝ තෙපියි තෙපි ගැහැනියක් සමග හැසිරෙන්නෝයි සිතා චෝදනා කළහ. එම භික්ෂූන් එවිට බුදුන් හමුවට ගොස් ස්වාමීනි කුණ්ඩධාන අප දුසිල්වතුන් ආදිය කියමින් නින්දා කරයි යනුවෙන් පැවසූහ. බුදුරජාණන් වහන්සේ කුණ්ඩධාන තෙරුන් කැඳවා ඔබ භික්ෂූන්ට මෙලෙස නින්දා කරන්නේ දැයි විමසූහ. ස්වාමීනි ඇත්ත. මම මෙලෙස චෝදනා කළෙමි. කුමක් නිසා එලෙස නින්දා කළේදැයි විමසූහ. මට කියන ලද චෝදනාව නිසායයි පැවසීය. එවිට බුදුරජාණන් වහන්සේ මහණෙනි. කුමක් හෙයින් මේ භික්ෂුවට චෝදනා කළේදැයි විමසූහ. එහිදී මොහු පසුපස එක් ගැහැනියක් හැසිරෙන හෙයින් යයි පැවසූ විට - එසේ නොදුටු ඔබ මේ භික්ෂූන්ට එලෙස නොදැක චෝදනා කිරීම වරදක්බව පෙන්වාදී ඔබ පෙර අත්බවයක දී කළ වරදක් නිසා මෙසේ සිදුවී යයි පවසා කවර හෙයින් නැවත එබඳු දෘෂ්ටියක් ගන්නේදැයි ප්‍රශ්නකළහ. භික්ෂූන් වහන්සේලා මොහු විසින් පෙර කුමක් කරන ලද්දැයි බුදුන්ගෙන් විමසූහ. බුදුරජාණන් වහන්සේ ඔහු විසින් පෙර (දේවතාවියක් ව සිටියදී) කළ බැරෑරුම් කර්මය විස්තරකර දී එම පාපකර්මය නිසා මෙබඳු පාපී දෘෂ්ටියක් (විප්‍රකාරයක්) ඇතිවීයයි පවසා දැන් නැවත එබඳු පාප දෘෂ්ටියක් ගැනීම යුතු නොවේයයි පෙන්වා එම භික්ෂුවට කිසිවක් නොකියන ලෙසට නියමකොට නිහඬව මුවවිට බිඳුන කස්ලෝ තලියක් සේ නිහඬ වන්නැයි පැවසූහ. මෙසේ කරන්නේ නිවන් පසක් කරන්නෙක් බවයි වදාරා පිළිවෙළ කථාව සබඳකොට අවවාද කර මේ ගාථාව දේශනාකළහ.

“මාවොච ඵරුසං කඤ‍්චි, වුත‍්තා පටිවදෙය්‍යු තං; දුක‍්ඛා හි සාරම‍්භකථා, පටිදණ‍්ඩා ඵුසෙය්‍යු තං.

නොකියනු අනුන්හට කිසිවිට පරුස වදන් එකටෙයක කීම නුසුදුසුමය එකට ඉඳන්

“සචෙ නෙරෙසි අත‍්තානං, කංසො උපහතො යථා; එස පත‍්තොසි නිබ‍්බානං, සාරම‍්භො තෙ න විජ‍්ජතී”ති.

දබරය කරනු ඇත ඔබගේ සතුට නිදන් නිසලව සිටින්නට හැකි අය අනති උදන්

කිසිවෙකුටත් රළු වදනක් නොකියන්න. එසේ කියන්නාට පෙරළා රළුවදනක්ම අසන්නට ලැබේ. යම් හෙයකින් එකටෙක කියාගැන්ම නිසා ඒ ප්‍රතිවචන විඳින්නට සිදුවේ.

කිසිවෙකුට පරුෂ වචන නො කියව කට කැඩුණු ලෝහ තලියක් සේ, තමන් නිශ්චල කොට රැකගත හැක්කේ නම් එසේ වූ ඇය නිවන් ලැබීමට සුදුස්සෝය.

තත්‍ථ මාවොච ඵරුසං කඤ‍්චීති කඤ‍්චි එකපුග‍්ගලම‍්පි ඵරුසං මා අවච. වුත‍්තාති තයා පරෙ “දුස‍්සීලා”ති වුත‍්තා, තම‍්පි තථෙව පටිවදෙය්‍යුං. සාරම‍්භකථාති එසා කරණුත‍්තරා යුගග‍්ගාහකථා නාම දුක‍්ඛා. පටිදණ‍්ඩාති කායදණ‍්ඩාදීහි පරං පහරන‍්තස‍්ස තාදිසා පටිදණ‍්ඩා ච තව මත්‍ථකෙ පතෙය්‍යුං. සචෙ නෙරෙසීති සචෙ අත‍්තානං නිච‍්චලං කාතුං සක‍්ඛිස‍්සසි. කංසො උපහතො යථාති මුඛවට‍්ටියං ඡින්‍දිත්‍වා තලමත‍්තං කත්‍වා ඨපිතකංසථාලං විය. තඤ‍්හි හත්‍ථපාදෙහි වා දණ‍්ඩකෙන වා පහටම‍්පි සද‍්දං න කරොති, එස පත‍්තොසීති සචෙ එවරූපො භවිතුං සක‍්ඛිස‍්සසි, ඉමං පටිපදං පූරයමානො ඉදානි අප‍්පත‍්තොපි එසො නිබ‍්බානප‍්පත‍්තො නාම. සාරම‍්භො තෙ න විජ‍්ජතීති එවං සන‍්තෙ ච පන “ත්‍වං දුස‍්සීලො, තුම‍්හෙ දුස‍්සීලා”තිඑවමාදිකො උත‍්තරකරණවාචාලක‍්ඛණො සාරම‍්භොපි තෙ න විජ‍්ජති, න භවිස‍්සතියෙවාති අත්‍ථො.

එහි මාවොච ඵරුසං කඤ්චි - එක් පුද්ගලයෙකුට ද නපුරු වචන නොකියන්න වුත්තානි අන් අයට දුසිල්වතුන් යයි කීවිට තමන්ට ද එලෙසම චෝදනා කරති. සාරම්හකථාති - මෙබඳු එකට එක කීම දුකෙකි. පටිදණ්ඩාති - කායදණ්ඩ ආදී අන් අය නසන - පීඩා කරනවිට එබඳුම පීඩනයකට තමන් ද නතුවේ සචෙ නෙරෙසීති - ඉදින් තමා නිසල කරන්නට හැකිවේද? කංසො උපහතො යථාති - ගැටිය කැඩුන - කළය පමණක් ඉතිරිවු කස්ලෝ තලියකට අත්පාවලින් හෝ - දණ්ඩකින් හෝ පහර දුන්විට ශබ්ද ඇති නොවේ. ඵස පත්තොසීති එබඳු නිහඬ ස්වරූපයකට පත්වීමට හැකිවේද? මේ ප්‍රතිපදාව ගෙනයනවිට (පුරණවිට) මෙලොවදී නිවන් නොලැබුවද නිවන් ලැබුවේ නම් වේ. සාරම්හොතෙ නවිජ්ජති - මෙසේ ඇතිවිට නුඹ දුසිල්ය මම දුසිල්ය - යන මේ ආදී පිළිතුරු ලෙස කියන වදන් එකට එක කියා ගැනුම් නැත. නො වන්නේය.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසු, කොණ‍්ඩධානත්‍ථෙරොපි සත්‍ථාරා දින‍්නඔවාදෙ ඨත්‍වා අරහත‍්තං පාපුණි, න චිරස‍්සෙව ආකාසෙ උප‍්පතිත්‍වා පඨමං සලාකං ගණ‍්හීති.

දේශනාව කෙළවර බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පත්වූහ. කුණ්ඩධාන තෙරුන් ද බුදුන් විසින් දෙන ලද අවවාද අසා රහත් වූහ. නොබෝ දිනකින්ම අහසේ සිට පළමු දානය පිළිගත්හ.

කොණ‍්ඩධානත්‍ථෙරවත්‍ථු චතුත්‍ථං.