යෙදුමෙන් කියවන්න

7. උපොසථිකඉත්‍ථීනං වත්‍ථු අට‍්ඨකථා

7. උපොසථිකඉත්‍ථීනං වත්‍ථු

7. විශාඛා ආදී උපාසිකාවන්ගේ උපොසථ සමාදන්වීම පිළිබඳ කථා පුවත

යථා දණ‍්ඩෙනාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා පුබ‍්බාරාමෙ විහරන‍්තො විසාඛාදීනං උපාසිකානං උපොසථකම‍්මං ආරබ‍්භ කථෙසි.

“යථා දණ්ඩෙනා ති” - මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවත් නුවර පූර්වාරාමයේ වැඩසිටිය දී විශාඛා ආදී උපාසිකාවන්ගේ පෙහෙවස් සමාදන්වීම නිමිති කරගෙන දේශනා කළහ.

සාවත්‍ථියං කිර එකස‍්මිං මහාඋපොසථදිවසෙ පඤ‍්චසතමත‍්තා ඉත්‍ථියො උපොසථිකා හුත්‍වා විහාරං අගමිංසු. විසාඛා තාසු මහල‍්ලකිත්‍ථියො උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡි, “අම‍්මා, කිමත්‍ථං උපොසථිකා ජාතත්‍ථා”ති. තාහි “දිබ‍්බසම‍්පත‍්තිං පත්‍ථෙත්‍වා”ති වුත‍්තෙ මජ‍්ඣිමිත්‍ථියො පුච‍්ඡි, තාහි “සපත‍්තිවාසා මුච‍්චනත්‍ථායා”ති වුත‍්තෙ තරුණිත්‍ථියො පුච‍්ඡි, තාහි “පඨමගබ‍්භෙ පුත‍්තපටිලාභත්‍ථායා”ති වුත‍්තෙ කුමාරිකායො පුච‍්ඡි, තාහි “තරුණභාවෙයෙව පතිකුලගමනත්‍ථායා”ති වුත‍්තෙ තං සබ‍්බම‍්පි තාසං කථං සුත්‍වා තා ආදාය සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා පටිපාටියා ආරොචෙසි. තං සුත්‍වා සත්‍ථා “විසාඛෙ ඉමෙසං සත‍්තානං ජාතිආදයො නාම දණ‍්ඩහත්‍ථකගොපාලකසදිසා, ජාති ජරාය සන‍්තිකං, ජරා බ්‍යාධිනො සන‍්තිකං, බ්‍යාධි මරණස‍්ස සන‍්තිකං පෙසෙත්‍වා මරණං කුඨාරියා ඡින්‍දන‍්තා විය ජීවිතං ඡින්‍දති, එවං සන‍්තෙපි විවට‍්ටං පත්‍ථෙන‍්තා නාම නත්‍ථි, වට‍්ටමෙව පන පත්‍ථෙන‍්තී”ති වත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

සැවත් නුවර එක් මහා උපෝසථ දිනයෙක පන්සියයක් පමණ ස්ත්‍රීහු පෙහෙවස් සමාදන්ව විහාරයට ගියාහුය. විශාඛාව - ඔවුන් අතරින් මහළු ස්ත්‍රීන් වෙතගොස් මෑණිවරුනි. කුමක් නිසා පෙහෙවස් සමාදන් වුවේ දැයි විමසුවාය. ඔවුන් දිව්‍ය සැපය ප්‍රාර්ථනා කරගෙන යයි කීවිට, මධ්‍යම වයසේ අයගෙන් විමසුවාය. තම සැමියන්ගේ අන් බිරියන් කෙරෙහි පවත්නා සපත්නීරෝෂයෙන් මිඳීම සඳහා යයි පැවසූහ. තරුණ ස්ත්‍රීන්ගෙන් විමසුවාය. ඔවුන් විසින් පළමු ගැබ් ගැනීමේදීම පුතෙක් ලබා ගැනීම සඳහා යයි පැවසූහ. අනතුරුව කුඩා කුමාරිකාවන්ගෙන් විමසුවාය. ඔවුන් තරුණ වියේ දීම පතිකුලයට යාම සඳහා යයි පැවසූවිට, ඒ සියළුම කථා අසා ඔවුන් රැගෙන බුදුන් වෙත ගොස් පිළිවෙළින් දැනුම් දුන්නාය. ඒ අසා බුදුරජාණන් වහන්සේ විශාඛාවනි ! මේ සත්ත්වයින්ගේ ඉපදීම් ආදිය නම් දණ්ඩක් අතින් ගත් ගොපල්ලන් වැනිය. ජාති ජරා ආදියෙන් යුත් ජරා ව්‍යාධි ආදියෙන් යුත් ව්‍යාධි මරණ සමීපයට යවා කෙටේරියෙන් සිඳින්නා සේ ජීවිතය සිඳගනී. නිවණ පතන්නෝ නම් නැත. සසර පතන්නෝ නම් වෙතියි, පවසා අනුපිළිවෙළ වදාරා දහම් දෙසමින් මේ ගාථාව දෙසූහ.

“යථා දණ‍්ඩෙන ගොපාලො, ගාවො පාජෙති ගොචරං; එවං ජරා ච මච‍්චු ච, ආයුං පාජෙන‍්ති පාණින”න‍්ති.

ගොපල්ලා කෙවිටෙන හරක් ගෙන යයි කෙත වෙත ලෙඩ, දුක්, ජරාවෙන් ඔබත් ගෙනයයි මරණෙ දොර වෙත,

යම් සේ ගොපල්ලා දණ්ඩ යොදාගෙන ගවයන් ගාලට යවයිද එසේම ජරාව හා මරණය සත්ත්වයින්ගේ ආයුෂ පාලනය කරයි.

තත්‍ථ පාජෙතීති ඡෙකො ගොපාලො කෙදාරන‍්තරං පවිසන‍්තියො ගාවො දණ‍්ඩෙන නිවාරෙත්‍වා තෙනෙව පොථෙන‍්තො සුලභතිණොදකං ගොචරං නෙති. ආයුං පාජෙන‍්තීති ජීවිතින්‍ද්‍රියං ඡින්‍දන‍්ති ඛෙපෙන‍්ති. ගොපාලකො විය හි ජරා ච මච‍්චු ච, ගොගණො විය ජීවිතින්‍ද්‍රියං, ගොචරභූමි විය මරණං. තත්‍ථ ජාති තාව සත‍්තානං ජීවිතින්‍ද්‍රියං ජරාය සන‍්තිකං පෙසෙසි, ජරා බ්‍යාධිනො සන‍්තිකං, බ්‍යාධි මරණස‍්ස සන‍්තිකං. තමෙව මරණං කුඨාරියා ඡෙදං විය ඡින්‍දිත්‍වා ගච‍්ඡතීති ඉදමෙත්‍ථ ඔපම‍්මසම‍්පටිපාදනං.

එහි පාචෙතිතී - දක්ෂ ගොපල්ලා කුඹුරු අතරින් ඇතුළුවන ගවයින් දණ්ඩෙන් වළකා එයින් තලමින් - ජලය - තණකොළ සුළඟ ඇති තැන්වලට මෙහෙයවයි ද “ආයුං පාචෙන්ති ” ජීවිතින්ද්‍රිය ගෝචර භූමිය වැන්න එහි ජාති නම් සත්ත්වයින්ගේ ජීවිතින්ද්‍රිය ජරාව සමීපයට යවයි. ජරා- ව්‍යාධි සමීපයට යවයි. ව්‍යාධිය මරණ සමීපයට යවයි. එලෙසම මරණය නමැති කෙටේරියෙන් සිඳ යන්නේ යයි මෙසේ උපමා කරමින් -

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනය නිමාකළ විට බොහෝ දෙන සෝවාන් ඵලයට පැමිණුනාහ.

උපොසථිකඉත්‍ථීනං වත්‍ථු පඤ‍්චමං.