8. අජගරපෙතවත්ථු අට්ඨකථා
8. අජගරපෙතවත්ථු
8. අජගර නම් ප්‍රේතයාගේ කථා පුවත.
අථ පාපානි කම්මානීති ඉමං ධම්මදෙසනං සත්ථා වෙළුවනෙ විහරන්තො අජගරපෙතං ආරබ්භ කථෙසි.
“අථ - පාපානි කම්මානි ” - යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ රජගහනුවර වේළුවනයෙහි වැඩ සිටියදී අජගර ප්‍රේතයෙකු නිමිති කරගෙන දේශනා කළහ.
එකස්මිඤ්හි සමයෙ මහාමොග්ගල්ලානත්ථෙරො ලක්ඛණත්ථෙරෙන සද්ධිං ගිජ්ඣකූටතො ඔතරන්තො දිබ්බෙන චක්ඛුනා පඤ්චවීසතියොජනිකං අජගරපෙතං නාම අද්දස. තස්ස සීසතො අග්ගිජාලා උට්ඨහිත්වා පරියන්තං ගච්ඡන්ති, පරියන්තතො උට්ඨහිත්වා සීසං ගච්ඡන්ති, උභයතො උට්ඨහිත්වා මජ්ඣෙ ඔතරන්ති. ථෙරො තං දිස්වා සිතං පාත්වාකාසි.
එක් සමයෙක මහමුගලන් තෙරණුවෝ ලක්ඛණ තෙරුන් සමඟ ගිජුකුළු පව්වෙන් බසින විට දී යොදුන් විසිපහක් දිග පිඹුරු ප්‍රේතයෙක් දිවැසින් දුටුවහ. ඔහුගේ හිසෙන් ගිනිජාල නැගී කෙළවර පැතිරයයි අවසානයෙන් පටන්ගෙන හිස දක්වාත් ගමන්කරයි. දෙපසින් ගිනිජාලා ඇතිවී මැදට පැමිණේ. තෙරුන්වහන්සේ මේ දැක සිනා පහළ කළහ.
ලක්ඛණත්ථෙරෙන සිතකාරණං පුට්ඨො “අකාලො, ආවුසො, ඉමස්ස පඤ්හස්ස වෙය්යාකරණාය, සත්ථු සන්තිකෙ මං පුච්ඡෙය්යාසී”ති වත්වා රාජගහෙ පිණ්ඩාය චරිත්වා සත්ථු සන්තිකං ගතකාලෙ ලක්ඛණත්ථෙරෙන පුට්ඨො ආහ –
ලක්ඛණ තෙරුන් විසින් සිනා පහළ කිරීමට හේතු විමසා සිටි විට ඇවැත්නි ,එය විස්තර කිරීමට කාලය නොවේ. මේ ප්‍රශ්නයට පිළිතුරු බුදුරජාණන් වහන්සේ හමුවේදී මගෙන් විමසන්න යයි පැවසූහ. එසේ පවසා රජගහනුවර පිඬු පිණිස හැසිරී බුදුන් වෙත ගියවිට ලක්ඛණ තෙරුන් විසින් විමසන ලදුව මෙසේ පැවසූහ.
“තත්රාහං, ආවුසො, එකං පෙතං අද්දසං, තස්ස එවරූපො නාම අත්තභාවො, අහං තං දිස්වා ‘න වත මෙ එවරූපො අත්තභාවො දිට්ඨපුබ්බො’ති සිතං පාත්වාකාසි”න්ති. සත්ථා “චක්ඛුභූතා වත, භික්ඛවෙ, සාවකා විහරන්තී”තිආදීනි (පාරා· 228; සං· නි· 2.202) වදන්තො ථෙරස්ස කථං පතිට්ඨාපෙත්වා “මයාපි එසො, භික්ඛවෙ, පෙතො බොධිමණ්ඩෙයෙව දිට්ඨො, ‘යෙ ච පන මෙ වචනං න සද්දහෙය්යුං, තෙසං තං අහිතාය අස්සා’ති න කථෙසිං, ඉදානි මොග්ගල්ලානං සක්ඛිං ලභිත්වා කථෙමී”ති වත්වා භික්ඛූහි තස්ස පුබ්බකම්මං පුට්ඨො බ්යාකාසි –
ඇවැත්නි එක් ප්‍රේතයෙක් දුටුවෙමි. ඔහුගේ මෙබඳු ආත්මභාවයක් විය. මම ඔහු දැක මවිසින් මෙබඳු ආත්මභාවයක් මෙයට පෙර නොදුටුවෙමියි මට සිනා පහළ විය. බුදුරජාණන් වහන්සේ ඇස් ඇති ශ්රාවකයින් (දිවැස්) වාසය කරත් යයි පවසා තෙරුන්ගේ කථාවේ පිහිටා මහණෙනි ! මවිසින් ද බෝධි මණ්ඩපයේදීම දුටුවේ වෙමි. මෙය නොපිළිගන්නා අයගේ අහිත පිණිස පවතී යයි සිතා නොපැවසීමි. දැන් මුගලන් ඇස් ලැබ කියමියි කියා භික්ෂූන් විසින් ඔහුගේ පෙර කර්මය විමසුවේ පැහැදිලි කර දුන්හ.
කස්සපබුද්ධකාලෙ කිර සුමඞ්ගලසෙට්ඨි නාම සුවණ්ණිට්ඨකාහි භූමිං සන්ථරිත්වා වීසතිඋසභට්ඨානෙ තත්තකෙනෙව ධනෙන විහාරං කාරෙත්වා තාවත්තකෙනෙව විහාරමහං කාරෙසි. සො එකදිවසං පාතොව සත්ථු සන්තිකං ගච්ඡන්තො නගරද්වාරෙ එකිස්සා සාලාය කාසාවං සසීසං පාරුපිත්වා කලලමක්ඛිතෙහි පාදෙහි නිපන්නං එකං චොරං දිස්වා “අයං කලලමක්ඛිතපාදො රත්තිං විචරිත්වා දිවා නිපන්නමනුස්සො භවිස්සතී”ති ආහ. චොරො මුඛං විවරිත්වා සෙට්ඨිං දිස්වා “හොතු, ජානිස්සාමි තෙ කත්තබ්බ”න්ති ආඝාතං බන්ධිත්වා සත්තක්ඛත්තුං ඛෙත්තං ඣාපෙසි, සත්තක්ඛත්තුං වජෙ ගුන්නං පාදෙ ඡින්දි, සත්තක්ඛත්තුං ගෙහං ඣාපෙසි, සො එත්තකෙනාපි කොපං නිබ්බාපෙතුං අසක්කොන්තො තස්ස චූළූපට්ඨාකෙන සද්ධිං මිත්තසන්ථවං කත්වා “කිං තෙ සෙට්ඨිනො පිය”න්ති පුට්ඨො “ගන්ධකුටිතො අඤ්ඤං තස්ස පියතරං නත්ථී”ති සුත්වා “හොතු, ගන්ධකුටිං ඣාපෙත්වා කොපං නිබ්බාපෙස්සාමී”ති සත්ථරි පිණ්ඩාය පවිට්ඨෙ පානීයපරිභොජනීයඝටෙ භින්දිත්වා ගන්ධකුටියං අග්ගිං අදාසි. සෙට්ඨි “ගන්ධකුටි කිර ඣායතී”ති සුත්වා ආගච්ඡන්තො ඣාමකාලෙ ආගන්ත්වා ගන්ධකුටිං ඣාමං ඔලොකෙන්තො වාලග්ගමත්තම්පි දොමනස්සං අකත්වා වාමබාහුං සමඤ්ජිත්වා දක්ඛිණෙන හත්ථෙන මහාඅප්ඵොටනං අප්ඵොටෙසි. අථ නං සමීපෙ ඨිතා පුච්ඡිංසු – “කස්මා, සාමි, එත්තකං ධනං විස්සජ්ජෙත්වා කතගන්ධකුටියා ඣාමකාලෙ අප්ඵොටෙසී”ති?
කාශ්‍යප බුද්ධ කාලයේදී සුමංගල නම් සිටුවරයෙක් රන් ගඩොල් බිම අතුරා එකසිය විසි රියනක් දිගට එපමණ ධනයක් විසුරුවා මහා විහාරයක් කළේය. එපමණම වියදම්කර උත්සවයක් කළේය. ඔහු උදෙන්ම බුදුන් වෙත (කාශ්‍යප) යන්නේ නුවර දොරටුවේ එක් ශාලාවක කසාවතක් හිසට පෙරවාගෙන මඩ තැවරුණු පාදයෙන් යුතුව නිදාසිටි එක් සොරෙක් දැක. මඩතවරාගෙන රාත්‍රියේ ගමන්කර දවල් නිදන්නෙකැයි කීවේය. සොරා මුහුණ විවරකර සිටුතුමා දැක බලා - හොඳයි කරන්න ඕන දේ දැනගත්තායි වෛරයක් බැද හත්වරක් (සිටුතුමාගේ) කුඹුරට ගිනි තැබුවේය. සත්වරක් ගවගාලේ ගවයින්ගේ පාසින්දේය සත් වතාවක් ගෙය දවාලීය. හේ මෙපමණකින්වත් කෝපය නිවාගන්නට අසමත් වන්නේ ඔහුගේ සුළු සේවකයා සමඟ මිත්‍රත්වයක් ඇති කරගෙන ඔබේ සිටුවරයාට වඩාත් ප්‍රිය දෙය කුමක්දැයි විමසා - බුදුන්ගේ ගඳකිළියට වඩා ප්‍රිය දෙයක් නැතැයි අසා එසේ වේවායි. ගඳකිළිය දවා කෝපය නිවාගනිමියි සිතා බුදුරජාණන් වහන්සේ පිඬුසිඟා වැඩිවිට - පානය හා පරිභෝගය සඳහා තිබුණ ජලය තිබූ කළ බිඳ දමා ගන්ධ කුටියට ගිනි තැබීය. සිටු තුමා ගඳකිළිය ගිනිගන්නේ යයි අසා ගිනි ඇවිලෙන විට ඇවිත් ගඳකිළියේ දැවෙන හැටි බලා කෙස් ගහක තරම්වත් දොම්නසක් ඇති කර නොගෙන වම් අත හකුළුවා දකුණතින් මහත් අත්පොළසන් දුනි. අනතුරුව ඔහු අසල සිටි අය මෙපමණ ධනයක් වැයකර කරන ලද ගඳකිළිය දැවෙද්දී සතුටු වෙන්නේදැයි විමසූහ.
සො ආහ – “එත්තකං මෙ, තාතා, අග්ගිආදීහි අසාධාරණෙ බුද්ධස්ස සාසනෙ ධනං නිදහිතුං ලද්ධං, ‘පුනපි එත්තකං ධනං විස්සජ්ජෙත්වා සත්ථු ගන්ධකුටිං කාතුං ලභිස්සාමී’ති තුට්ඨමානසො අප්ඵොටෙසි”න්ති. සො පුන තත්තකං ධනං විස්සජ්ජෙත්වා ගන්ධකුටිං කාරෙත්වා වීසතිසහස්සභික්ඛුපරිවාරස්ස සත්ථුනො දානං අදාසි. තං දිස්වා චොරො චින්තෙසි – “අහං ඉමං අමාරෙත්වා මඞ්කුකාතුං න සක්ඛිස්සාමි, හොතු, මාරෙස්සාමි න”න්ති නිවාසනන්තරෙ ඡුරිකං බන්ධිත්වා සත්තාහං විහාරෙ විචරන්තොපි ඔකාසං න ලභි. මහාසෙට්ඨිපි සත්ත දිවසානි බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස දානං දත්වා සත්ථාරං වන්දිත්වා ආහ – “භන්තෙ, මම එකෙන පුරිසෙන සත්තක්ඛත්තුං ඛෙත්තං ඣාපිතං, සත්තක්ඛත්තුං වජෙ ගුන්නං පාදා ඡින්නා, සත්තක්ඛත්තුං ගෙහං ඣාපිතං, ඉදානි ගන්ධකුටිපි තෙනෙව ඣාපිතා භවිස්සති, අහං ඉමස්මිං දානෙ පඨමං පත්තිං තස්ස දම්මී”ති.
දරුවනි මේ ගිනිවලට අසාධාරණ වූ බුදුසසුනේ ධනය නිධන් කිරීමට ලැබෙන හෙයින් නැවතද මෙබඳු ධනයක් වියදම්කර බුදුරදුන්ට ගඳකිළියක් කරන්නට ලබන්නෙමියි සතුටු සිත් ඇත්තේ අත්පොළසන් දුනිමි. පැවසුවේය. හේ නැවතද එබඳුම ධනයක් වැයකර ගඳකිළියක් කරවා විසිදහසක් භික්ෂූන් සහිත බුදුරදුන්ට දානයක් පිරිනැමුවේය. මේ දුටු සොරා මම මොහු නොමරා නිහඬව කරවන්නට නොහැකි වේ යැයි සිතා මොහු මරන්නෙමියි ඉණෙහි කිනිසි බැඳ දින හතක් විහාරයේ හැසිරෙන්නේ ඉඩක් නොලැබුණි. මහසිටුවරයා ද දින හතක් මහදන් දී බුදුරජාණන් වහන්සේට නමස්කාර කොට ස්වාමීනි එක් පුරුෂයෙක් විසින් මගේත් සත්වරක් දවාලීය. ගවගාලේ ගවයින්ගේ පා හත්වරක් සිඳ දැම්මේය. සත්වරක් ගෙය දවාලීය. දැන් මේ ගඳකිළිය ද ඔහු විසින් දවන ලදී. මම මේ දානයේ පළමු කොටස ඔහුට දෙමි.
තං සුත්වා චොරො “භාරියං වත මෙ කම්මං කතං, එවං අපරාධකාරකෙ මයි ඉමස්ස කොපමත්තම්පි නත්ථි, ඉමස්මිම්පි දානෙ මය්හමෙව පඨමං පත්තිං දෙති, අහං ඉමස්මිං දුබ්භාමි, එවරූපං මෙ පුරිසං අඛමාපෙන්තස්ස දෙවදණ්ඩොපි මෙ මත්ථකෙ පතෙය්යා”ති ගන්ත්වා සෙට්ඨිස්ස පාදමූලෙ නිපජ්ජිත්වා “ඛමාහි මෙ, සාමී”ති වත්වා “කිං ඉද”න්ති වුත්තෙ, “සාමි, එවං අයුත්තකං කම්මං මයා කතං, තස්ස මෙ ඛමාහී”ති ආහ. අථ නං සෙට්ඨි “තයා මෙ ඉදඤ්චිදඤ්ච කත”න්ති සබ්බං පුච්ඡිත්වා “ආම, මයා කත”න්ති වුත්තෙ, “ත්වං මයා න දිට්ඨපුබ්බො, කස්මා මෙ කුජ්ඣිත්වා එවමකාසී”ති පුච්ඡි. සො එකදිවසං නගරා නික්ඛන්තෙන තෙන වුත්තවචනං සාරෙත්වා “ඉමිනා මෙ කාරණෙන කොපො උප්පාදිතො”ති ආහ.
එය අසා සොරා මවිසින් බැරෑරුම් ක්‍රියාවක් කරන ලද්දෙමි, මෙපමණ අපකාර කළේද මා කෙරෙහි කෝපමාත්රයක්වත් නැත. මේ මහා දානයේ ප්‍රථම කොටස මට දෙයි මම ද්රෝහියෙක්මි. මෙබඳු කෙනෙකුගෙන් ක්ෂමා නොගැනීම නිසා දේව දඬුවම්ද මගේ හිසමත පතිතවේයි සිතා සිටුවරයාගේ පාමුල වැටී ස්වාමීනි මට සමාවන්නැයි ඉල්ලා සිටිවිට මේ කුමක්දැයි සිටුවරයා විමසීය. මෙබඳු අයුතු දෙයක් මවිසින් කරන ලදිමි ඒ මට සමාවන්නැයි ඉල්ලා සිටියේය. අනතුරුව සිටුවරයා මේ මේ දේත් කරන ලද්දේ නුඹ විසින් දැයි? විමසීය. සියල්ල විමසා - එසේය මා විසින් කරන ලදැයි පිළිතුරු දුන්විට නුඹ ම විසින් නොදැක තිබියදී කුමක් නිසා මෙසේ කිපී කරන ලද්දේදැයි විමසීය. ඔහු එක් දිනක් නගරයෙන් නික්මෙන්නේ ඒ අතරතුර කියන ලද වචනය සිහිකර කෝපය ඇතිවූයේ යයි පැවසුවේය.
සෙට්ඨි අත්තනා වුත්තං සරිත්වා “ආම, තාත, වුත්තං මයා, තං මෙ ඛමාහී”ති චොරං ඛමාපෙත්වා “උට්ඨෙහි, තාත, ඛමාමි තෙ, ගච්ඡ, තාතා”ති ආහ. සචෙ මෙ, සාමි, ඛමසි, සපුත්තදාරං මං ගෙහෙ දාසං කරොහීති. තාත, ත්වං මයා එත්තකෙ කථිතෙ එවරූපං ඡෙදනං අකාසි, ගෙහෙ වසන්තෙන පන සද්ධිං න සක්කා කිඤ්චි කථෙතුං, න මෙ තයා ගෙහෙ වසන්තෙන කිච්චං අත්ථි, ඛමාමි තෙ, ගච්ඡ, තාතාති. චොරො තං කම්මං කත්වා ආයුපරියොසානෙ අවීචිම්හි නිබ්බත්තො දීඝරත්තං තත්ථ පච්චිත්වා විපාකාවසෙසෙන ඉදානි ගිජ්ඣකූටෙ පබ්බතෙ පච්චතීති.
සිටුවරයා එදින එබඳු වචනයක් කීව බව සිහිපත්වී දරුව, එසේ කීවෙමි. මට සමාවන්නැයි පැවසීය. එසේ සමාව දී දරුව නැගිටින්න. ඔබට මම සමාව දෙමි. දරුව යන්නැයි පැවසුවේය. ඉදින් උතුමනි මට සමාව දෙන්නේ නම් දූ දරුවන් සමඟ මා ඔබ නිවසේ දාසයන් කරගන්න. දරුවා ඔබ, මම මෙපමණක් කීවෙන් මෙපමණ විනාශයන් කරන ලදී. ගෙතුළ වාසය කිරීමෙන් කිසිවක් කියන්නට නොහැකිවේ. ඔබ මගේ ගෙයි විසීමෙන් ප්‍රයෝජනයක් නැත. ඔබට සමාව දෙමි. යන්නැයි කීවේය. සොරා එම කර්මය සිදුකොට ආයු කෙළවර අවීචි නරකයේ උපන්නේ බොහෝ කලක් එහි පැසී විපාක කෙළවර දැන් ගිජිකුළු පව්වේ පැසේ යයි පැවසුවේය.
එවං සත්ථා තස්ස පුබ්බකම්මං කථෙත්වා, “භික්ඛවෙ, බාලා නාම පාපානි කම්මානි කරොන්තා න බුජ්ඣන්ති, පච්ඡා පන අත්තනා කතකම්මෙහි ඩය්හමානා අත්තනාව අත්තනො දාවග්ගිසදිසාව හොන්තී”ති වත්වා අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
මෙසේ බුදුහු ඔහුගේ පූර්වකර්මය පවසා මහණෙනි ! අඥානයෝ පව්කරන්නේ අවබෝධ නොකරති පසුව තමා කළ කර්මයෙහි දැවෙන්නේ තමා තමන්ට ලැව් ගින්නක් සේ වේයයි පවසා පූර්වා පර සන්ධි ගලපා දහම් දෙසන්නේ මේ ගාථාව පැවසූහ.
“අථ පාපානි කම්මානි, කරං බාලො න බුජ්ඣති; සෙහි කම්මෙහි දුම්මෙධො, අග්ගිඩඩ්ඪොව තප්පතී”ති.
වටහා නොගෙන පව්කම්වල තිබෙන දොස පව්කම් කරති අනුවණයෝ මිහිරි ලෙස ඒ කම් සසරැ පල දී ගිනි රැගෙන හිස දව්නෙකු වගේ පව් විඳවති නිරයේ බැස
තත්ථ අථ පාපානීති න කෙවලං බාලො කොධවසෙන පාපානි කරොති, කරොන්තොපි පන න බුජ්ඣතීති අත්ථො. පාපං කරොන්තො ච “පාපං කරොමී”ති අබුජ්ඣනකො නාම නත්ථි. “ඉමස්ස කම්මස්ස එවරූපො නාම විපාකො”ති අජානනතාය “න බුජ්ඣතී”ති වුත්තං. සෙහීති සො තෙහි අත්තනො සන්තකෙහි කම්මෙහි දුම්මෙධො නිප්පඤ්ඤො පුග්ගලො නිරයෙ නිබ්බත්තිත්වා අග්ගිඩඩ්ඪොව තප්පතීති අත්ථො.
තත්ථ පාපානීති - අනුවණයා හුදෙක් ක්‍රෝධ වශයෙන් පව් කෙරෙති. කරන කළ ද අවබෝධ කර නොගනී පව් කරන්නේ ද පවක් කරමියි අවබෝධ කරගන්නෙක් නැත. මෙම කර්මයට මෙබඳු විපාක ලැබේයයි නොදන්නා හෙයින් අවබෝධ නැතැයි කියන ලදී සෙහීති - හේ තමා විසින් කරන ලද කර්මයෙන් දුම්මෙධොති නුවණ නැත්තා - නිරයේ ඉපිද ගින්නෙන් දැවුනෙකු සේ තැවේ යන අර්ථය දෙයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පැමිණියහ.
අජගරපෙතවත්ථු ඡට්ඨං.