9-12. මහාමොග්ගල්ලානත්ථෙරවත්ථු අට්ඨකථා
9-12. මහාමොග්ගල්ලානත්ථෙරවත්ථු
9-12. මහමුගලන් තෙරුන්ගේ කථා පුවත.
යො දණ්ඩෙනාති ඉමං ධම්මදෙසනං සත්ථා වෙළුවනෙ විහරන්තො මහාමොග්ගල්ලානත්ථෙරං ආරබ්භ කථෙසි.
“යෝ දණ්ඩෙන” යන මෙම ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ සිටියදී මහමුගලන් තෙරුන් නිසා දේශනා කළහ.
එකස්මිඤ්හි සමයෙ තිත්ථියා සන්නිපතිත්වා මන්තෙසුං – “ජානාථාවුසො, ‘කෙන කාරණෙන සමණස්ස ගොතමස්ස ලාභසක්කාරො මහා හුත්වා නිබ්බත්තො’ති. මයං න ජානාම, තුම්හෙ පන ජානාථාති. ආම, ජානාම, මහාමොග්ගල්ලානං නාම එකං නිස්සාය උප්පන්නො. සො හි දෙවලොකං ගන්ත්වා දෙවතාහි කතකම්මං පුච්ඡිත්වා ආගන්ත්වා මනුස්සානං කථෙති ‘ඉදං නාම කත්වා එවරූපං සම්පත්තිං ලභන්තී’ති. නිරයෙ නිබ්බත්තානම්පි කම්මං පුච්ඡිත්වා ආගන්ත්වා මනුස්සානං කථෙති ‘ඉදං නාම කත්වා එවරූපං දුක්ඛං අනුභවන්තී’ති. මනුස්සා තස්ස කථං සුත්වා මහන්තං ලාභසක්කාරං අභිහරන්ති, සචෙ තං මාරෙතුං සක්ඛිස්සාම, සො ලාභසක්කාරො අම්හාකං නිබ්බත්තිස්සතී”ති.
එක් සමයෙක තීර්ථකයින් එක්රැස් වී රහස් සාකච්ඡාවක් කළහ. යහළුවනි ! කුමන කරුණක් නිසා භවත් ගෞතමයන්ට මහත් ලාභසත්කාර ලැබේදැයි දනිම්ද? අපි නොදනිමු. තෙපි දනිව් ද? එසේය. මම දනිමි. මුගලන් නම් වූ එක් අයෙක් නිසා ලැබේ. ඔහු දෙව්ලොව ගොස් දෙවියන් ගෙන් ඔවුන් කළ කුශල කර්ම විමසා දැනගෙන අවුත් මිනිසුන්ට කියාදෙයි. මේ තැනැත්තා මෙබඳු කුශල කර්මයක් කොට මෙබඳු සම්පත් ලබා තිබේ යනුවෙන් විස්තර කර දෙයි. මිනිස්සු ඔහුගේ මේ කථා අසා මහත් ලාභසත්කාර පවරා දෙති. මේ නිසා ඔහු මරන්නේනම් අපට එම ලාභසත්කාර ලබාගත හැකිය.
තෙ “අත්ථෙකො උපායො”ති සබ්බෙ එකච්ඡන්දා හුත්වා “යංකිඤ්චි කත්වා තං මාරාපෙස්සාමා”ති අත්තනො උපට්ඨාකෙ සමාදපෙත්වා කහාපණසහස්සං ලභිත්වා පුරිසඝාතකම්මං කත්වා චරන්තෙ චොරෙ පක්කොසාපෙත්වා “මහාමොග්ගල්ලානත්ථෙරො නාම කාළසිලායං වසති, තත්ථ ගන්ත්වා තං මාරෙථා”ති තෙසං කහාපණෙ අදංසු. චොරා ධනලොභෙන සම්පටිච්ඡිත්වා “ථෙරං මාරෙස්සාමා”ති ගන්ත්වා තස්ස වසනට්ඨානං පරිවාරෙසුං. ථෙරො තෙහි පරික්ඛිත්තභාවං ඤත්වා කුඤ්චිකච්ඡිද්දෙන නික්ඛමිත්වා පක්කාමි. තෙ චොරා තං දිවසං ථෙරං අදිස්වා පුනෙකදිවසං ගන්ත්වා පරික්ඛිපිංසු. ථෙරො ඤත්වා කණ්ණිකාමණ්ඩලං භින්දිත්වා ආකාසං පක්ඛන්දි. එවං තෙ පඨමමාසෙපි මජ්ඣිමමාසෙපි ථෙරං ගහෙතුං නාසක්ඛිංසු. පච්ඡිමමාසෙ පන සම්පත්තෙ ථෙරො අත්තනා කතකම්මස්ස ආකඩ්ඪනභාවං ඤත්වා න අපගච්ඡි. චොරා ගන්ත්වා ථෙරං ගහෙත්වා තණ්ඩුලකණමත්තානිස්ස අට්ඨීනි කරොන්තා භින්දිංසු. අථ නං “මතො”ති සඤ්ඤාය එකස්මිං ගුම්බපිට්ඨෙ ඛිපිත්වා පක්කමිංසු.
ඔවුහු එක් උපායක් ඇතැයි සියල්ලෝ ඒකච්ඡන්දයෙන් අනුමත කොට කිසියම් දෙයක් කොට ඔහු මරවුයයි. තම අනුගාමිකයන් එකඟ කරවාගෙන කහවණු දහසක් ගෙන - මිනිසුන් මරණ සොරුන් කැඳවා මහමුගලන් තෙරුන් කළුගල් කඩ වසතියි කියා ඔහු ඝාතනය කරන්නැයි ඔවුන්ට කහවණු දුන්හ. සොරු ධන ආශාවෙන් පිළිගෙන තෙරුන් වහන්සේ මරන්නෙමුයි උන්වහන්සේ වසන ස්ථානය වටකොට සිටියහ. තෙරුන් වහන්සේ ඔවුන් වටකොට ඇතිබව දැන යතුරු සිදුරෙන් නික්මී ගියහ. ඔවුන් මුගලන් තෙරුන් නොදැක නැවත දිනයක පැමිණ වට කළහ. තෙරුන් වහන්සේ මෙය දැන කැණිමඩල හිඳගෙන අහසට පැන නැග්ගේය. මේ අයුරින් පළමු මාසයේ ද තෙරුන් ගන්නට නොහැකි වූහ. අන්තිම මාසය එළඹීවිට තෙරුන්වහන්සේ තමන් විසින් කරන ලද කර්මය ඉදිරියට අදින බව දැන නොගියේය. සොරුන් ගොස් තෙරුන් ගෙන සහල් ඇට තරමට ඇට කමින් සිරුර බිදුහ. ඊට පසු මැරුනේ යයි යන හැඟීම ඇතිව එක් වන ලැහැබක දමා ගියහ.
ථෙරො “සත්ථාරං පස්සිත්වාව පරිනිබ්බායිස්සාමී”ති අත්තභාවං ඣානවෙඨනෙන වෙඨෙත්වා ථිරං කත්වා ආකාසෙන සත්ථු සන්තිකං ගන්ත්වා සත්ථාරං වන්දිත්වා, “භන්තෙ, පරිනිබ්බායිස්සාමී”ති ආහ. “පරිනිබ්බායිස්සසි, මොග්ගල්ලානා”ති? “ආම, භන්තෙ”ති. “කත්ථ ගන්ත්වා”ති? “කාළසිලාපදෙසං, භන්තෙ”ති. තෙන හි, මොග්ගල්ලාන, මය්හං ධම්මං කථෙත්වා යාහි. තාදිසස්ස හි මෙ සාවකස්ස ඉදානි දස්සනං නත්ථීති. සො “එවං කරිස්සාමි, භන්තෙ”ති සත්ථාරං වන්දිත්වා ආකාසං උප්පතිත්වා පරිනිබ්බානදිවසෙ සාරිපුත්තත්ථෙරො විය නානප්පකාරා ඉද්ධියො කත්වා ධම්මං කථෙත්වා සත්ථාරං වන්දිත්වා කාළසිලාටවිං ගන්ත්වා පරිනිබ්බායි.
තෙරුන් බුදුන් දැක පිරිනිවන් පාමියි ආත්ම භාවය ධ්‍යාන වෙළුමෙන් වෙළා ස්ථීර කොට අහසින් බුදුන් වෙත ගොස් බුඳුන් වැඳ ස්වාමීනි. පිරිණිවන් පාමියි පැවසූහ. මොග්ගල්ලාන ඔබ පිරිනිවන් පාන්නේද? ස්වාමීනි එසේය. කොතැනට ගොස් පිරිනිවන් පාන්නේද? කළුගල් පෙදෙසට ගොස් පිරිනිවන් පාමී. එසේ නම් මුගලන් මට ධර්මය කියව ! මෙබඳු ශ්රාවකයෙකුගේ දර්ශනය මින්මතු හැකිවේදැයි පවසා එනිසා ධර්මය දේශනා කරන්නැයි පැවසූවිට ස්වාමීනි මම එසේ කරමියි කියා බුදුන් වැඳ අහසට පැනනැගී පිරිනිවන් පාන දින සැරියුත් තෙරුන් සේ නොයෙක් ඍධි ප්රාතිහාර්යයන් දක්වා ධර්මය කියා බුදුන් වැඳ කාළසිලා පර්වතයට ගොස් පිරිනිවන් පෑහ.
“ථෙරං කිර චොරා මාරෙසු”න්ති අයම්පි කථා සකලජම්බුදීපෙ පත්ථරි. රාජා අජාතසත්තු චොරෙ පරියෙසනත්ථාය චරපුරිසෙ පයොජෙසි. තෙසුපි චොරෙසු සුරාපානෙ සුරං පිවන්තෙසු එකො එකස්ස පිට්ඨිං පහරිත්වා පාතෙසි. සො තං සන්තෙජ්ජෙත්වා “අම්භො දුබ්බිනීත, ත්වං කස්මා මෙ පිට්ඨිං පාතෙසී”ති ආහ. කිං පන හරෙ දුට්ඨචොර, තයා මහාමොග්ගල්ලානත්ථෙරො පඨමං පහටොති? කිං පන මයා පහටභාවං ත්වං න ජානාසීති? ඉති නෙසං “මයා පහටො, මයා පහටො”ති වදන්තානං වචනං සුත්වා තෙ චරපුරිසා තෙ සබ්බෙ චොරෙ ගහෙත්වා රඤ්ඤො ආරොචෙසුං. රාජා චොරෙ පක්කොසාපෙත්වා පුච්ඡි – “තුම්හෙහි ථෙරො මාරිතො”ති? “ආම, දෙවා”ති. “කෙන තුම්හෙ උය්යොජිතා”ති? “නග්ගසමණකෙහි, දෙවා”ති. රාජා පඤ්චසතෙ නග්ගසමණකෙ ගාහාපෙත්වා පඤ්චසතෙහි චොරෙහි සද්ධිං රාජඞ්ගණෙ නාභිප්පමාණෙසු ආවාටෙසු නිඛණාපෙත්‍වා පලාලෙහි පටිච්ඡාදාපෙත්වා අග්ගිං දාපෙසි. අථ නෙසං ඣාමභාවං ඤත්වා අයනඞ්ගලෙහි කසාපෙත්වා සබ්බෙ ඛණ්ඩාඛණ්ඩිකං කාරාපෙසි.
සොරුන් විසින් - තෙරුන් මරන ලදැයි යන කථාව මුළු දඹදිව පැතිරුනේය. අජාසත් රජ සොරුන් සෙවීම සඳහා චරපුරුෂයන් යෙදවීය. එම සොරුන් සොර සුරා සැළකින් රා බින අතර එකෙක් එකෙකුගේ සුරාබදුනට ගසා බිමහෙළීය ඔහු අනෙකාට තර්ජනය කර එම්බා - වනචරය නුඹ කුමක් නිසා මගේ ඔඩම බිම හෙලුවේද කීම දෘෂ්ට චෞරය නුඹ පළමුවෙන්ම මහමුගලන් තෙරුන්ට තැලුවා නේද? ඇයි මම පළමුව තැලුව බව නුඹ නොදන්නේද? මෙලෙස මමත් තැලුව මමත් තැලුව යයි කියන්නන්ගේ වදන් අසා ඒ චරපුරුෂයෝ ඒ සියළු සොරු අලාගෙන රජුට දැන්වීය. රජු සොරුන් කැදවා තෙපි විසින් තෙරුන් ඝාතනය කරන ලද්දේදැයි විමසීය. දේවයන් වහන්ස එසේය. තොප ඒ සඳහා යොදවන ලද්දේ කවරෙකු විසින්ද දේවයන් වහන්ස නිඝණ්ඨයින් විසින් යයි පැවසූහ. රජ පන්සියයක් නිඝණ්ඨයින් හා පන්සියයක් සොරුන් ද ගෙන රජගෙයි මළුවේ නැබ පමණට යටකොට පිදුරුවලින් වසා ගිනි ඇවිල විය. ඊටපසු ඔවුන් දැවුන බව දැන යකඩ නගුලෙන් කඩින් කඩ සාවවා සියල්ලන් කැබලි කැබලිවලට පත් කළේය.
භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං – “මහාමොග්ගල්ලානත්ථෙරො අත්තනො අනනුරූපමෙව මරණං පත්තො”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ, “භික්ඛවෙ, මොග්ගල්ලානො ඉමස්සෙව අත්තභාවස්ස අනනුරූපං මරණං පත්තො, පුබ්බෙ පන තෙන කතස්ස කම්මස්ස අනුරූපමෙව මරණං පත්තො”ති වත්වා “කිං පනස්ස, භන්තෙ, පුබ්බකම්ම”න්ති පුට්ඨො විත්ථාරෙත්වා කථෙසි –
භික්ෂූහු දම්සභා මණ්ඩපයේදී මහමුගලන් තෙරුන්ට නුසුදුසු වූ මරණයක් සිදුවීයයි කථාවක් ඉපිද වූහ. තථාගතයන් වහන්සේ පැමිණ මා පැමිණීමට පෙර මහණෙනි. ඔබ කිනම් කථාවකින් යුතුව සිටියෝදැයි විමසා මේ මුගලන් මහතෙරුන් ගැනයයි පැවසුවිට මහණෙනි මුගලන් තෙරණුවෝ මේ ආත්මභාවයට නුසුදුසු වුවක් පෙර භවයකදී ඔහු විසින් කරන ලද කර්මයකට අනුරූපවම (යෝග්‍යවු) මරණයකට පත්වුයේ යැයි පැවසූහ. ස්වාමීනි උන්වහන්සේ විසින් කරන ලද පූර්ව කර්මය කුමක්ද? යනුවෙන් විමසුහ. එවිට විස්තර වශයෙන් පැවසුහ.
අතීතෙ කිර බාරාණසිවාසී එකො කුලපුත්තො සයමෙව කොට්ටනපචනාදීනි කම්මානි කරොන්තො මාතාපිතරො පටිජග්ගි. අථස්ස මාතාපිතරො නං, “තාත, ත්වං එකකොව ගෙහෙ ච අරඤ්ඤෙ ච කම්මං කරොන්තො කිලමසි, එකං තෙ කුමාරිකං ආනෙස්සාමා”ති වත්වා, “අම්මතාතා, න මය්හං එවරූපායත්ථො, අහං යාව තුම්හෙ ජීවථ, තාව වො සහත්ථා උපට්ඨහිස්සාමී”ති තෙන පටික්ඛිත්තා පුනප්පුනං තං යාචිත්වා කුමාරිකං ආනයිංසු.
අතීතයේ බරණැසවාසී එක් කුල පුත්‍රයෙක් තමන් විසින්ම සහල් කෙටීම, ඉවීම් ආදිය කරමින් දෙමාපියන් පෝෂණය කළේය. මේ අතර දෙමාපියෝ දරුවා ! ඔබ තනියම ගෙයි වැඩද, කැලෑවේ වැඩද, කරමින් වෙහෙසට පත්වේ. ඔබට එක් දැරියක කැඳවාගෙන එමුයි කියා කීහ. මෑණියනි. පියාණනි මට එබඳු බිරිඳකගෙන් වැඩක් නැත, ඔබ දෙපළ ජීවත්ව සිටින තාක් සියතින්ම උවැටන් කරමි. මෙසේ ඔහු ප්‍රතික්ෂේප කරද්දීම නැවත නැවත ඇවිටිලි කර කුමාරිකාවක් කැඳවාගෙන ආවාහුය.
සා කතිපාහමෙව තෙ උපට්ඨහිත්වා පච්ඡා තෙසං දස්සනම්පි අනිච්ඡන්තී “න සක්කා තව මාතාපිතූහි සද්ධිං එකට්ඨානෙ වසිතු”න්ති උජ්ඣායිත්වා තස්මිං අත්තනො කථං අග්ගණ්හන්තෙ තස්ස බහිගතකාලෙ මකචිවාකඛණ්ඩානි ච යාගුඵෙණඤ්ච ගහෙත්වා තත්ථ තත්ථ ආකිරිත්වා තෙනාගන්ත්වා “කිං ඉද”න්ති පුට්ඨා ආහ – “ඉමෙසං අන්ධමහල්ලකානං එතං කම්මං, සබ්බං ගෙහං කිලිට්ඨං කරොන්තා විචරන්ති, න සක්කා එතෙහි සද්ධිං එකට්ඨානෙ වසිතු”න්ති. එවං තාය නං පුනප්පුනං කථයමානාය එවරූපොපි පූරිතපාරමී සත්තො මාතාපිතූහි සද්ධිං භිජ්ජි. සො “හොතු, ජානිස්සාමි නෙසං කත්තබ්බ”න්ති තෙ භොජෙත්වා, “අම්මතාතා, අසුකට්ඨානෙ නාම තුම්හාකං ඤාතකා ආගමනං පච්චාසීසන්ති, තත්ථ ගමිස්සාමා”ති තෙ යානකං ආරොපෙත්වා ආදාය ගච්ඡන්තො අටවිමජ්ඣං පත්තකාලෙ, “තාත, රස්මියො ගණ්හාථ, ගාවො පතොදසඤ්ඤාය ගමිස්සන්ති, ඉමස්මිං ඨානෙ චොරා වසන්ති, අහං ඔතරාමී”ති පිතු හත්ථෙ රස්මියො දත්වා ඔතරිත්වා ගච්ඡන්තො සද්දං පරිවත්තෙත්වා චොරානං උට්ඨිතසද්දමකාසි.
ඇය දින කීපයක් ඔවුන්ට උවැටන් කර පසුව ඔවුන් දැකීමටද අකමැති වන්නී ඔබේ දෙමාපියන් සමඟ එකතැන වාසය කිරීමට නොහැකි යයි කෑගසා ඔහු (සැමියා) තමන්ගේ කථා ගණන් නොගන්නාවිට ඔහු බැහැරක ගිය අවස්ථාවේදී නියඳ කෙදි කැබලි හා කැඳපෙන ගෙන තැන් තැන්වල දමා - ඔහු ආපසු පැමිණිවිට මේ මොනවාදැයි විමසූ අවස්ථාවේදී ඇය මේ මහළු අන්ධයෝ මේ ගෙය හැමතැන කිළිටි කරමින් සිටිති. මොවුන් හා එකට විසීම කළ නොහැකිය. මෙසේ ඇය නැවත නැවත කියන්නේ පුරණ ලද පාරමිතා ඇත්තෙක් වුවද මා පියන් කෙරේ සිත බිඳුනි. ඔහු හොඳයි කළ යුතුදේ දනිමියි. ඔවුන්ට කෑම දී මෑණියනි, පියාණෙනි, අසුවල් තැන් ඤාතීහු ඔබලාගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටිති. එහි යමුයි ඔවුන් කරත්තයකට නංවාගෙන යන්නේ කැලෑව මැදට පැමිණිවිට පියාණනි රැහැන ගන්න ගොන්නු පා සලකුණු අනුව යති. මෙතැන සොරු සිටිති මම බසිමියි. පියා අතට රැහැන් දී ගලෙන් බැස යන්නේ හඩ පරිවර්තනය කර සොරුන් පැමිණ විලාශයක් දැක්වීය.
මාතාපිතරො සද්දං සුත්වා “චොරා උට්ඨිතා”ති සඤ්ඤාය, “තාත, මයං මහල්ලකා, ත්වං අත්තානමෙව රක්ඛාහී”ති ආහංසු. සො මාතාපිතරො තථාවිරවන්තෙපි චොරසද්දං කරොන්තො කොට්ටෙත්වා මාරෙත්වා අටවියං ඛිපිත්වා පච්චාගමි.
දෙමාපියෝ ශබ්ධය අසා සොරුන් පැන්නේ යයි යන සංඥාවෙන් දරුව අපි මහළු අයයි. ඔබ රැකෙන්නැයි කීවාහුය. ඔහු දෙමාපියන් එසේ කියද්දීත් සොරුන්ගේ ඝෝෂාව කරමින් තලා පෙළා කැලෑවට දමා ආපසු ගියේය.
සත්ථා ඉදං තස්ස පුබ්බකම්මං කථෙත්වා, “භික්ඛවෙ, මොග්ගල්ලානො එත්තකං කම්මං කත්වා අනෙකවස්සසතසහස්සානි නිරයෙ පච්චිත්වා විපාකාවසෙසෙන අත්තභාවසතෙ එවමෙව කොට්ටෙත්වා සංචුණ්ණිතො මරණං පත්තො. එවං මොග්ගල්ලානෙන අත්තනො කම්මානුරූපමෙව මරණං ලද්ධං, පඤ්චහි චොරසතෙහි සද්ධිං ලභිංසු. අප්පදුට්ඨෙසු හි පදුස්සන්තො දසහි කාරණෙහි අනයබ්යසනං පාපුණාතියෙවා”ති වත්වා අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමා ගාථා අභාසි –
බුදුහු මේ ඔහුගේ පූර්ව කර්මය කියා දී මහණෙනි මුගලන් මෙබඳු කර්මයක් කොට නොයෙක් වර්ෂ ලක්ෂ ගණනාවක් නිරයේ පැසී විපාක කෙළවර ආතමභාව වශයෙන් මෙසේම තැලීම්වලට ලක්ව කුඩු කුඩු වූයේ මරණයට පත් විය. මෙසේ මුගලන් විසින් තමා කළ කර්මයට අනුරූපවූම මරණයක් ලබන ලද්දේයයි පන්සියයක් සොරුන් හා නිවටුන්ද මගේ පුතුන්ට අපරාධකර ලදහ. නිරපරාධ අයට අපරාධ කරන අයට කරුණු දසයකින් ව්‍යවසනය සිදුවේයයි පවසා අනුපිළිවෙළ සසඳා දහම් දෙසන්නේ මෙය දෙසුහ.
“යො දණ්ඩෙන අදණ්ඩෙසු, අප්පදුට්ඨෙසු දුස්සති; දසන්නමඤ්ඤතරං ඨානං, ඛිප්පමෙව නිගච්ඡති.
දඬුවමට නුසුදුසු ඇයට දඬුවම් දීමත් නිවරද කෙනෙකුහට - වරදක් දැන කිරීමත්, කළ අයට ජීවිතේ - දසවරද පැමිණේමැයි
“වෙදනං ඵරුසං ජානිං, සරීරස්ස ව භෙදනං; ගරුකං වාපි ආබාධං, චිත්තක්ඛෙපං ව පාපුණෙ.
සිරුරේ බිඳීමද - වේදනා ඇතිවීම ද රෝදුක් වැඩීම ද - අවසාන උමතුවීමද,
“රාජතො වා උපසග්ගං, අබ්භක්ඛානං ව දාරුණං; පරික්ඛයං ව ඤාතීනං, භොගානං ව පභඞ්ගුරං.
රජුන්ගෙන් වන බිය - නෑයින් නැතිව යාමත් සිය ධනය වැනසී - ලබයි නෙක් රුදු චෝදනාවන්,
“අථ වාස්ස අගාරානි, අග්ගි ඩහති පාවකො; කායස්ස භෙදා දුප්පඤ්ඤො, නිරයං සොපපජ්ජතී”ති.
නිවෙස ගිනි ගනු ඇත - තැන්පත් ධනය වැනසී හිත මිතුරු නැති වී අපායට යයි හුදකලාවම
තත්ථ අදණ්ඩෙසූති කායදණ්ඩාදිරහිතෙසු ඛීණාසවෙසු. අප්පදුට්ඨෙසූති පරෙසු වා අත්තනි වා නිරපරාධෙසු. දසන්නමඤ්ඤතරං ඨානන්ති දසසු දුක්ඛකාරණෙසු අඤ්ඤතරං කාරණං. වෙදනන්ති සීසරොගාදිභෙදං ඵරුසං වෙදනං. ජානින්ති කිච්ඡාධිගතස්ස ධනස්ස ජානිං. භෙදනන්ති හත්ථච්ඡෙදාදිකං සරීරභෙදනං. ගරුකන්ති පක්ඛහතඑකචක්ඛුකපීඨසප්පිකුණීභාවකුට්ඨරොගාදිභෙදං ගරුකාබාධං වා. චිත්තක්ඛෙපන්ති උම්මාදං. උපසග්ගන්ති යසවිලොපසෙනාපතිට්ඨානාදිඅච්ඡින්දනාදිකං රාජතො උපසග්ගං වා. අබ්භක්ඛානන්ති අදිට්ඨඅසුතඅචින්තිතපුබ්බං “ඉදං සන්ධිච්ඡෙදාදිකම්මං, ඉදං වා රාජාපරාධිතකම්මං තයා කත”න්ති එවරූපං දාරුණං අබ්භක්ඛානං වා.
මෙහි අදණ්ඩෙසු යනු - කායික දඬුවම් කිසිවෙකුටත් නොදෙන රහතුන් කෙරෙහි අදහස දෙයි. අප්ප දුට්ඨෙසු - යනු තමන්ටත් අන් අයටත් අපරාධ නොකරන නොසිතන, අඤ්ඤතරං ඨානං - දුක් සහිත කරුණු දහයෙන් එක් කරුණකට වෙද නං යනු සීස රෝග ආදී දරුණු වේදනාවන්ට ගොදුරුවේ. ජාතිං යනු ධන හානිවේ. හෙදනං යනු අත්පා සිඳීම් ආදියයි. ගරුකං යනු පක්ෂපාත - ඇස් අන්ධවීම - කොරබව - කුෂ්ඨ රෝග ආදී ගරුකාබාධයන්ට ලක්වේ. චිත්තකෙඛපං - යනු උමතුබවයි. උපසග්ගං යනු කීර්තිය නැති කිරීම සේනාපති තනතුරු ආදිය භාවිතා කර ලීම රජුගෙන් උවදුරු ඇතිවීම - අබ්හක්ඛානං නොදුටු නො ඇසූ නොසිතූ දේ මේ සන්ධි සිඳීම ආදිය කළේයයි. රාජ අපරාධ තා විසින් කරන ලද්දේයයි මෙබඳු වූ දරුණු චෝදනාවන්ට ලක්වේ.
පරික්ඛයං ව ඤාතීනන්ති අත්තනො අවස්සයො භවිතුං සමත්ථානං ඤාතීනං පරික්ඛයං වා. පභඞ්ගුරන්ති පභඞ්ගුභාවං පූතිභාවං. යං හිස්ස ගෙහෙ ධඤ්ඤං, තං පූතිභාවං ආපජ්ජති, සුවණ්ණං අඞ්ගාරභාවං, මුත්තා කප්පාසට්ඨිභාවං, කහාපණං කපාලඛණ්ඩාදිභාවං, ද්විපදචතුප්පදා කාණකුණාදිභාවන්ති අත්ථො. අග්ගි ඩහතීති එකසංවච්ඡරෙ ද්වත්තික්ඛත්තුං අඤ්ඤස්මිං ඩාහකෙ අවිජ්ජමානෙපි අසනිඅග්ගි වා පතිත්වා ඩහති, අත්තනොව ධම්මතාය උට්ඨිතො පාවකො වා ඩහතියෙව. නිරයන්ති දිට්ඨෙව ධම්මෙ ඉමෙසං දසන්නං ඨානානං අඤ්ඤතරං පත්වාපි එකංසෙන සම්පරායෙ පත්තබ්බං දස්සෙතුං “නිරයං සොපපජ්ජතී”ති වුත්තං.
පරික්ඛයංච ඤාතීනං - යනු තමාට අත්‍යවශ්‍ය ඤාතීන්ගේ පිරිහීම සිදුවේ. පභඞ්ගුරං යනු - විනාශභාවයට නරක් වූ බවට ගෙයි තබන ධාන්‍ය කුණු වීමට හේතුවේ. රන් අඟරු බවට ද මුතු - කපු ඇට බවට හෝ කහවණු - හිස් කැබලි බවට දෙපා සිවුපා සතුන් අතට - ගොළු කොරබවට පත්වීමද සිදුවේ. අග්ගි ඩහති යනු එක් වසරකදී දෙතුන් වරක් අනෙක් ඒවා නොදැවෙද්දී තමන්ගේ ගෙය අකුණු සැරවලින් ගිණි ගෙය ගිනි වායුවෙන් හෝ ගිනි ගනී. නිරයං යනු මෙලොවදීම මේ කරුණු දහයෙන් එකකට හෝ පත්ව එක් ආකාරයෙන් හෝ දැක්වීමට නිරයං - සො උපපජ්ජතී යනුවෙන් දැක්වුනි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනාවගේ කෙළවර බොහෝ දෙනා සෝවාන් ආදී ඵලයන්ට පත්වූහ.
මහාමොග්ගල්ලානත්ථෙරවත්ථු සත්තමං.