13. බහුභණ‍්ඩිකභික‍්ඛුවත්‍ථු අට‍්ඨකථා
13. බහුභණ‍්ඩිකභික‍්ඛුවත්‍ථු
13. බහුභාණ්ඩික තෙරුන්ගේ කථා පුවතයි.
න නග‍්ගචරියාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො බහුභණ‍්ඩිකං භික‍්ඛුං ආරබ‍්භ කථෙසි.
“න නග්ගචරියා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩසිටිය දී බහුභාණ්ඩික (අධික බඩු ඇති) භික්ෂු නමක් අරමුණු කොට දෙසූහ.
සාවත්‍ථිවාසී කිරෙකො කුටුම‍්බිකො භරියාය කාලකතාය පබ‍්බජි. සො පබ‍්බජන‍්තො අත‍්තනො පරිවෙණඤ‍්ච අග‍්ගිසාලඤ‍්ච භණ‍්ඩගබ‍්භඤ‍්ච කාරෙත්‍වා සබ‍්බම‍්පි භණ‍්ඩගබ‍්භං සප‍්පිමධුතෙලාදීහි පූරෙත්‍වා පබ‍්බජි, පබ‍්බජිත්‍වා ච පන අත‍්තනො දාසෙ පක‍්කොසාපෙත්‍වා යථාරුචිකං ආහාරං පචාපෙත්‍වා භුඤ‍්ජති. බහුභණ‍්ඩො ච බහුපරික‍්ඛාරො ච අහොසි. රත‍්තිං අඤ‍්ඤං නිවාසනපාරුපනං හොති, දිවා අඤ‍්ඤං නිවාසනපාරුපනං හොති, දිවා අඤ‍්ඤං විහාරපච‍්චන‍්තෙ වසති. තස‍්සෙකදිවසං චීවරපච‍්චත්‍ථරණානි සුක‍්ඛාපෙන‍්තස‍්ස සෙනාසනචාරිකං ආහිණ‍්ඩන‍්තා භික‍්ඛූ පස‍්සිත්‍වා “කස‍්සිමානි, ආවුසො”ති පුච‍්ඡිත්‍වා “මය‍්හ”න‍්ති වුත‍්තෙ, “ආවුසො, භගවතා තිචීවරානි අනුඤ‍්ඤාතානි, ත්‍වඤ‍්ච පන එවං අප‍්පිච‍්ඡස‍්ස බුද‍්ධස‍්ස සාසනෙ පබ‍්බජිත්‍වා එවං බහුපරික‍්ඛාරො ජාතො”ති තං සත්‍ථු සන‍්තිකං නෙත්‍වා, “භන‍්තෙ, අයං භික‍්ඛු අතිබහුභණ‍්ඩො”ති ආරොචෙසුං. සත්‍ථා “සච‍්චං කිර තං භික‍්ඛූ”ති පුච‍්ඡිත්‍වා “සච‍්චං, භන‍්තෙ”ති වුත‍්තෙ ආහ – “කස‍්මා පන ත්‍වං, භික‍්ඛු, මයා අප‍්පිච‍්ඡතාය ධම‍්මෙ දෙසිතෙ එවං බහුභණ‍්ඩො ජාතො”ති. සො තාවත‍්තකෙනෙව කුපිතො “ඉමිනා දානි නීහාරෙන චරිස‍්සාමී”ති පාරුපනං ඡඩ‍්ඩෙත්‍වා පරිසමජ‍්ඣෙ එකචීවරො අට‍්ඨාසි. අථ නං සත්‍ථා උපත්‍ථම‍්භයමානො නනු ත්‍වං භික‍්ඛු පුබ‍්බෙ හිරොත‍්තප‍්පගවෙසකො දකරක‍්ඛසකාලෙපි හිරොත‍්තප‍්පං ගවෙසමානො ද‍්වාදස වස‍්සානි විහාසි, කස‍්මා ඉදානි එවං ගරුකෙ බුද‍්ධසාසනෙ පබ‍්බජිත්‍වා චතුපරිසමජ‍්ඣෙ පාරුපනං ඡඩ‍්ඩෙත්‍වා හිරොත‍්තප‍්පං පහාය ඨිතොසීති. සො සත්‍ථු වචනං සුත්‍වා හිරොත‍්තප‍්පං පච‍්චුපට‍්ඨාපෙත්‍වා තං චීවරං පාරුපිත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි. භික‍්ඛූ තස‍්ස අත්‍ථස‍්ස ආවිභාවත්‍ථං භගවන‍්තං යාචිංසු. භගවා අතීතං ආහරිත්‍වා කථෙසි –
සැවත් නුවර සිටි එක් කෙළෙඹි පුත්‍රයෙක් බිරිඳ කළුරිය කළ පසු පැවිදි වූයේය. හේ පැවිදි වනවිට තම පිරිවෙණ ද ගිනිහල් ගෙය ද බඩුගබඩාව ද ගිතෙල් මීපැණි තෙල් ආදියෙන් පුරවා පැවිදි වූයේය. පැවිදි වූවාට පසුව ද තමන්ගේ සේවකයින් කැඳවා කැමති ලෙස ආහාර පිළියෙළ කරගෙන අනුභව කරයි. බොහෝ පිරිකර ආදී බඩු ද විය. රාත්‍රියේ අනෙක් වසන තැනකද දිවාකල විහාර ප්‍රත්‍යන්තයේද වාසය කරති. එහි එක් දිනක් සිවුරු - ඇතිරිලි පලස් ආදිය වේලීම සඳහා දමා තිබුණි. සෙනසුන් චාරිකාවේ යන භික්ෂූන් වහන්සේලා ඒවා දැක බලා ඇවැත්නි මේවා කාගේදැයි විමසා මගේ යයි පැවසුවිට. ඇවැත්නි බුදුරජාණන් වහන්සේ සිවුරු තුනක් අනුමත කර ඇත. නමුත් ඔබ මේ අපිස් බුදුසසුනේ පැවිදිවි මෙසේ බොහෝ පිරිකර භාවිතා කරයි. කියා ඔහු බුදුන් වෙත රැගෙන ගියහ. ගොස් ස්වාමීනි මොහු බොහෝ භාණ්ඩ අයත්ව සිටින්නෙකැයි දැක්වුහ. බුදුහු මහණෙනි ඇත්තදැයි විමසා ස්වාමීනි ඇත්ත යයි පැවසුවිට මහණ මම අල්පේච්ඡතාදී ගුණය ගැන ධර්මය දේශනා කරද්දී මෙසේ ඔබ බහු භාණ්ඩිකවී දැයි විමසුහ. ඔහු මෙයින් කෝපයට පත්වුයේ මේවා බැහැර කොට හැසිරෙමියි පෙරවන සිවුර විසිකොට පිරිස මැද එක සිවුරෙන් සිටියේය. ඉක්බිති තථාගතයන් වහන්සේ ඔහුට පිටුවහල් මහණ නුඹ පෙර හිරිඔතප් සොයන රකුසු කාලයේ ද හිරිඔතප් සොයමින් දොළොස් වසරක් වාසය කළේ ද, කුමක් හෙයින් දැන් ගෞරවනීය බුදුසසුනේ පැවිදිව සිව් පිරිස් මැද පෙරවු සිවුර විසිකර ලජ්ජා බිය අතහැර සිටියේද? ඔහු බුදුන්ගේ වදන් අසා ලජ්ජා බය සිහිකර ඒ සිවුර පෙරවා බුදුන් මැද එකත් පසෙක වාඩිවිය. භික්ෂූන් වහන්සේලා එහි අරුත් විමසනු සඳහා බුදුන්ගෙන් විමසුහ. බුදුහු අතීත පුවත ගෙන හැර දැක්වුහ.
අතීතෙ කිර බාරාණසිරඤ‍්ඤො අග‍්ගමහෙසියා කුච‍්ඡිස‍්මිං බොධිසත‍්තො පටිසන්‍ධිං ගණ‍්හි. තස‍්ස නාමග‍්ගහණදිවසෙ මහිංසකුමාරොති නාමං කරිංසු. තස‍්ස කනිට‍්ඨභාතා චන්‍දකුමාරො නාම අහොසි. තෙසං මාතරි කාලකතාය රාජා අඤ‍්ඤං අග‍්ගමහෙසිට‍්ඨානෙ ඨපෙසි. සාපි පුත‍්තං විජායි, සූරියකුමාරොතිස‍්ස නාමං කරිංසු. තං දිස‍්වා රාජා තුට‍්ඨො “පුත‍්තස‍්ස තෙ වරං දම‍්මී”ති ආහ. සාපි ඛො, “දෙව, ඉච‍්ඡිතකාලෙ ගණ‍්හිස‍්සාමී”ති වත්‍වා පුත‍්තස‍්ස වයප‍්පත‍්තකාලෙ රාජානං ආහ – “දෙවෙන මය‍්හං පුත‍්තස‍්ස ජාතකාලෙ වරො දින‍්නො, ඉදානි මෙ පුත‍්තස‍්ස රජ‍්ජං දෙහී”ති. රාජා “මම ද‍්වෙ පුත‍්තා අග‍්ගික‍්ඛන්‍ධා විය ජලන‍්තා විචරන‍්ති, න සක‍්කා තස‍්ස රජ‍්ජං දාතු”න‍්ති පටික‍්ඛිපිත්‍වාපි තං පුනප‍්පුනං යාචමානමෙව දිස‍්වා “අයං මෙ පුත‍්තානං අනත්‍ථම‍්පි කරෙය්‍යා”ති පුත‍්තෙ පක‍්කොසාපෙත්‍වා, “තාතා, අහං සූරියකුමාරස‍්ස ජාතකාලෙ වරං අදාසිං, ඉදානිස‍්ස මාතා රජ‍්ජං යාචති, අහං තස‍්ස න දාතුකාමො, තස‍්ස මාතා තුම‍්හාකං අනත්‍ථම‍්පි කරෙය්‍ය, ගච‍්ඡථ තුම‍්හෙ, අරඤ‍්ඤෙ වසිත්‍වා මමච‍්චයෙනාගන‍්ත්‍වා රජ‍්ජං ගණ‍්හථා”ති උය්‍යොජෙසි.
අතීතයේදී බරණැස් රජුගේ බිසවගේ කුස බෝසතාණෝ පිළිසිඳ ගත්හ. ඔහුට නම් තබන දින මහිංසාසක කුමාර යයි නම් තැබුහ. ඔහුගේ කණිටු සොහොයුරු චන්දන කුමාර නම් විය. ඔවුන්ගේ මවු කළුරිය කළ කල්හි රජු අන් බිසවක අගමෙහෙසුන් තනතුරේ තැබීය. ඇය පුතෙකු බිහි කළාය. ඔහුට සූර්ය කුමාර යන නම කළහ. ඔහු දැක රජු සතුටුවූයේ පුතා වෙනුවෙන් වරයක් දෙමියි පැවසුවේය. ඇය කැමති කාලයක එය ගන්නෙමියි කියා කල් දී පුතු වැඩිවියට පැමිණි කල රජුට මෙසේ පැවසුවාය. මහරජ පුතු ඉපදුණ විට වරයක් දෙන ලදී. දැන් මගේ පුතුට රාජ්‍ය දෙන්නැයි කීවාය. මගේ පුතුන් දෙදෙනා ගිනි කඳන් සේ දිලෙමින් හැසිරෙති එනිසා ඔහුට රාජ්‍ය දීම කළ නොහැකියයි ප්‍රතික්ෂේප කළේය. එහෙත් නැවත නැවත ඇය ආයාචනා කරද්දී මේ තැනැත්තිය මගේ පුතුන්ට අනර්ථයක්ම කරනු ඇතැයි සිතා පුතුන් දෙදෙනා කැඳවා දරුවනි මම සූර්ය කුමාර උපන් දින වාරයක් දෙන ලදී. දැන් ඔහුගේ මව රාජ්‍ය ඔහුට ඉල්ලයි. මම ඔහුට රාජ්‍ය දීමට කැමති නොවෙමි. එහෙත් ඔහුගේ මව නුඹලාට අනතුරක් කරනු ඇත. ඒනිසා තෙපි ආරණ්‍යයට ගොස් මගේ ඇවෑමෙන් පැමිණ රාජ්‍ය ගන්නැයි උනන්දු කළේය.
තෙ පිතරං වන්‍දිත්‍වා පාසාදා ඔතරන‍්තෙ රාජඞ‍්ගණෙ කීළමානො සූරියකුමාරො දිස‍්වා තං කාරණං ඤත්‍වා තෙහි සද‍්ධිං නික‍්ඛමි. තෙසං හිමවන‍්තං පවිට‍්ඨකාලෙ බොධිසත‍්තො මග‍්ගා ඔක‍්කම‍්ම අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ නිසීදිත්‍වා සූරියකුමාරං ආහ – “තාත, එතං සරං ගන‍්ත්‍වා න‍්හත්‍වා ච පිවිත්‍වා ච අම‍්හාකම‍්පි පදුමිනිපණ‍්ණෙහි උදකං ආහරා”ති. සො පන සරො වෙස‍්සවණ‍්ණස‍්ස සන‍්තිකා එකෙන දකරක‍්ඛසෙන ලද‍්ධො හොති. වෙස‍්සවණ‍්ණො ච තං ආහ – “ඨපෙත්‍වා දෙවධම‍්මජානනකෙ යෙ ච අඤ‍්ඤෙ ඉමං සරං ඔතරන‍්ති, තෙ ඛාදිතුං ලභසී”ති. තතො පට‍්ඨාය සො තං සරං ඔතිණ‍්ණොතිණ‍්ණෙ දෙවධම‍්මෙ පුච‍්ඡිත්‍වා අජානන‍්තෙ ඛාදති, සූරියකුමාරොපි තං සරං අවීමංසිත්‍වාව ඔතරි, තෙන ච “දෙවධම‍්මෙ ජානාසී”ති පුච‍්ඡිතො “දෙවධම‍්මා නාම චන්‍දිමසූරියා”ති ආහ. අථ නං “ත්‍වං දෙවධම‍්මෙ න ජානාසී”ති උදකං පවෙසෙත්‍වා අත‍්තනො භවනෙ ඨපෙසි. බොධිසත‍්තොපි තං චිරායන‍්තං දිස‍්වා චන්‍දකුමාරං පෙසෙසි. සොපි තෙන “දෙවධම‍්මෙ ජානාසී”ති පුච‍්ඡිතො “දෙවධම‍්මා නාම චතස‍්සො දිසා”ති ආහ. දකරක‍්ඛසො තම‍්පි උදකං පවෙසෙත්‍වා තත්‍ථෙව ඨපෙසි.
ඔවුන් පියාට වැඳ ප්‍රාසාදයෙන් බැස යන කළ රජ මිදුලේ ක්‍රීඩා කරමින් සිටි සූර්ය කුමාරයා දැක ඒ කරුණ දැන ඔවුන් සමගම නික්ම ගියේය. ඔවුන් හිමවතට පිවිසි අවස්ථාවේ දී බෝසතාණන් වහන්සේ මගින් බැස එක්තරා ගසක් මුල වාඩි වී සූරිය කුමාරයාට මෙසේ කීවේය. දරුව - එක් විලකට ගොස් නාගෙන ජලය බී අපටද නෙළුම් කොළවල ජලය ගෙන එන්න යනුවෙනි. එම විල වෛශ්‍රවණ සමීපයේ එක් ජල රකුසෙක් විසින් අරක් ගත්තේ වෙයි. වෙස්සවණ යක්ෂයාද ඔහුට මෙසේ කියා තිබුණි. දේවධර්මය දන්නවුන් හැර අනෙක් අය මේ විලට බැස්සවිට ඔබට ආහාරයට ගත හැකිය. එතැන් සිට මේ රකුසා විලට බැස්ස අයගෙන් දේවධර්මය විමසා නොදන්නා අය භක්ෂණය කරයි. සූර්ය කුමාරයාද එය නොවිමසාම විලට බැස්සේය. එහිදී දේවධර්මය දනීදැයි විමසා සිටියේ. දේවධර්මය නම් හිරු සඳුයි පැවසුවේය. එසේනම් ඔබ දේවධර්මය නොදනීයයි ජලය තුළට ගෙන ගොස් තම වාසභවනෙහි තැබීය. බෝසතාණෝද ඔහු ප්‍රමාද බව දැන චන්ද්‍ර කුමරු යැවීය. ඔහුගෙන්ද දේවධර්මය විමසුවිට දේවධර්මය නම් සතර දිසා යයි පැවසුවේය. ජල රකුසාද ඔහුම ගෙන ගොස් එහිම තැබීය.
බොධිසත‍්තො තස‍්මිම‍්පි චිරායන‍්තෙ “අන‍්තරායෙන භවිතබ‍්බ”න‍්ති සයං ගන‍්ත්‍වා ද‍්වින‍්නම‍්පි ඔතරණපදංයෙව දිස‍්වා “අයං සරො රක‍්ඛසපරිග‍්ගහිතො”ති ඤත්‍වා ඛග‍්ගං සන‍්නය‍්හිත්‍වා ධනුං ගහෙත්‍වා අට‍්ඨාසි. රක‍්ඛසො තං අනොතරන‍්තං දිස‍්වා වනකම‍්මිකපුරිසවෙසෙනාගන‍්ත්‍වා ආහ – “භො පුරිස, ත්‍වං මග‍්ගකිලන‍්තො, කස‍්මා ඉමං සරං ඔතරිත්‍වා න‍්හත්‍වා ච පිවිත්‍වා ච භිසමුලාලං ඛාදිත්‍වා පුප‍්ඵානි පිලන්‍ධිත්‍වා න ගච‍්ඡසී”ති. බොධිසත‍්තො තං දිස‍්වාව “එස සො යක‍්ඛො”ති ඤත්‍වා “තයා මෙ භාතරො ගහිතා”ති ආහ. ආම, මයා ගහිතාති. කිං කාරණාති? අහං ඉමං සරං ඔතිණ‍්ණොතිණ‍්ණෙ ලභාමීති. කිං පන සබ‍්බෙව ලභසීති? දෙවධම‍්මජානනකෙ ඨපෙත්‍වා අවසෙසෙ ලභාමීති. අත්‍ථි පන තෙ දෙවධම‍්මෙහි අත්‍ථොති? ආම, අත්‍ථීති. අහං කථෙස‍්සාමීති. තෙන හි කථෙහීති. න සක‍්කා කිලිට‍්ඨෙන ගත‍්තෙන කථෙතුන‍්ති. යක‍්ඛො බොධිසත‍්තං න‍්හාපෙත්‍වා පානීයං පායෙත්‍වා අලඞ‍්කරිත්‍වා අලඞ‍්කතමණ‍්ඩපමජ‍්ඣෙ පල‍්ලඞ‍්කං ආරොපෙත්‍වා සයමස‍්ස පාදමූලෙ නිසීදි. අථ නං බොධිසත‍්තො “සක‍්කච‍්චං සුණාහී”ති වත්‍වා ඉමං ගාථමාහ –
බෝසත් තෙම ඔහුද ප්‍රමාදය නිසා අනතුරක් යයි සිතා තමන් ගොස් දෙදෙනාම විලට බසින ලද පාසටහන් දැක මේ විල ජල රකුසෙකුගේ ස්ථානයක් යයි දැන කඩුව අමෝරාගෙන දුන්න ගෙන සිටියේය. රකුසා ඔහු නොබසින බව දැන වනවර මිනිසෙකුගේ වෙසින් පැමිණ, එම්බා පුරුෂය නුඹ ගමන් විඩාවට පත්වුයේ කුමක් නිසා මෙම විලට බැස නා දිය පානය කොට නෙළුඹුදැල් කා නෙළුම් මල් පැළද නොයන්නේ කුමක් නිසාදැයි විමසීය. බෝසතාණන් වහන්සේ ඔහු දැක මේ රකුසෙකැයි දැන නුඹ විසින් මගේ සොහොයුරන් ගන්නා ලද දැයි විමසුවේය. ඔව් මා විසින් ගන්නා ලද්දෙමි. කුමක් නිසාදැයි විමසීය. මේ විලට බසින්නන් ගැනීමේ අයිතිය මට ඇත. කෙසේද ඔබ සියල්ලන්වම ලබයිද? නැත දේවධර්මය දන්නවුන් හැර අනෙක් අය ගනිමි. කී කල ඔබට දේව ධර්මයෙන් ප්‍රයෝජනයක් ඇත්දැයි වීමසීය. ඔව් මට අර්ථයක් ඇතැයි පැවසූවිට මම දේවධර්මය දනිමියි කීය. එසේ නම් කියව කිළිටි සිරුරෙන් යුතුව දේවධර්මය කිව නොහැකියයි පැවසුවිට රකුසා විසින් බෝසතුන් නාවා පැන් පොවා අලංකාර කොට සරසන ලද මණ්ඩපයක පළඟක් නගා හිඳුවා තමන් පාමුල සිටියේය. අනතුරුව බෝසත් තෙම හොඳින් අහගන්නැයි මේ ගාථාව පැවසූහ.
“හිරිඔත‍්තප‍්පසම‍්පන‍්නා, සුක‍්කධම‍්මසමාහිතා; සන‍්තො සප‍්පුරිසා ලොකෙ, දෙවධම‍්මාති වුච‍්චරෙ”ති. (ජා· 1.1.6);
ලජ්ජාව සහ බිය නැතහොත් හිරි ඔතප් දෙක දෙවියන් අතර රැඳි දහමයි කියති පඬුවෝ
යක‍්ඛො ඉමං ධම‍්මදෙසනං සුත්‍වා පසන‍්නො බොධිසත‍්තං ආහ – “පණ‍්ඩිත, අහං තෙ පසන‍්නො, එකං භාතරං දම‍්මි, කතරං ආනෙමී”ති? “කනිට‍්ඨං ආනෙහී”ති. පණ‍්ඩිත, ත්‍වං කෙවලං දෙවධම‍්මෙ ජානාසියෙව, න පන තෙසු වත‍්තසීති. කිං කාරණාති? යස‍්මා ජෙට‍්ඨං ඨපෙත්‍වා කනිට‍්ඨං ආහරාපෙන‍්තො ජෙට‍්ඨාපචායිකකම‍්මං න කරොසීති, දෙවධම‍්මෙ චාහං යක‍්ඛ ජානාමි, තෙසු ච වත‍්තාමි.
රකුසා දහම් දෙසුම අසා පැහැදී බෝසතුන්ට කීවේ ඤාණවන්තය, මම තා කෙරෙහි පැහැදුනේ වෙමි. එක සොහොයුරෙක් ගෙන එමි. කණිටු සොහොයුරා ගෙන එන්නැයි කීවේය. නුවණැත්තාණනි, ඔබ හුදෙක් දේවධර්මය දන්නේ මුත් එසේ නොපවතින්නේ කුමක් නිසාදැයි විමසීය. යම් හෙයකින් ජ්‍යෙෂ්ඨ සොහොයුරා තබා බාලයා ගෙන එන්නේ නම් ජ්‍යෙෂ්ඨ උපකාරක කර්මය නොකරන්නේ වෙයි. යක්ෂය - මම දේවධර්මය දනිමි. ඒ දහම අනුගමනය ද කරමි.
මයඤ‍්හි එතං නිස‍්සාය ඉමං අරඤ‍්ඤං පවිට‍්ඨා. එතස‍්ස හි අත්‍ථාය අම‍්හාකං පිතරං එතස‍්ස මාතා රජ‍්ජං යාචි, අම‍්හාකං පන පිතා තං වරං අදත්‍වා අම‍්හාකං අනුරක‍්ඛණත්‍ථාය අරඤ‍්ඤෙ වාසං අනුජානි, සො කුමාරො අනිවත‍්තිත්‍වා අම‍්හෙහි සද‍්ධිං ආගතො. “තං අරඤ‍්ඤෙ එකො යක‍්ඛො ඛාදී”ති වුත‍්තෙපි න කොචි සද‍්දහිස‍්සති. තෙනාහං ගරහභයභීතො තමෙවාහරාපෙමීති. යක‍්ඛො බොධිසත‍්තස‍්ස පසීදිත්‍වා “සාධු පණ‍්ඩිත, ත්‍වමෙව දෙවධම‍්මෙ ජානාසි, දෙවධම‍්මෙසු ච වත‍්තසී”ති ද‍්වෙ භාතරො ආනෙත්‍වා අදාසි. අථ නං බොධිසත‍්තො යක‍්ඛභාවෙ ආදීනවං කථෙත්‍වා පඤ‍්චසු සීලෙසු පතිට‍්ඨාපෙසි. සො තෙන සුසංවිහිතාරක‍්ඛො තස‍්මිං අරඤ‍්ඤෙ වසිත්‍වා පිතරි කාලකතෙ යක‍්ඛං ආදාය බාරාණසිං ගන‍්ත්‍වා රජ‍්ජං ගහෙත්‍වා චන්‍දකුමාරස‍්ස උපරජ‍්ජං, සූරියකුමාරස‍්ස සෙනාපතිට‍්ඨානං දත්‍වා යක‍්ඛස‍්ස රමණීයෙ ඨානෙ ආයතනං කාරාපෙත්‍වා යථා සො ලාභග‍්ගප‍්පත‍්තො හොති, තථා අකාසි.
අපි මේ තැනැත්තා නිසා කැලයට ආවෙමු. මොහුගේ මව මොහුට මොහු නිසා රාජ්‍ය ඉල්ලුවාය. අපේ පියා ඔහුට රාජ්‍ය නොදී අපව ආරක්ෂා කරනු සඳහා වන වාසය අනුමත කළේය. ඒ කුමරු ද නොනැවතී අප සමඟම ආවේය. ඔහු වනයේ දී එක් යකෙක් කෑවේ යයි කීවිට දී කිසිවෙක් අදහන්නේ නැත. එනිසා ගැරවීම් ලැබීමේ බියෙන් ඔහුව අවශ්‍ය බව පැවසුවේය. යක්ෂයා බෝසතුන් කෙරෙහි පැහැදී යහපති. ඤාණවන්තය. ඔබ දේවධර්මය දන්නේ යයි සොහොයුරන් දෙදෙනාම ගෙනවුත් දුන්නේය. අනතුරුව බෝසතුන් යක්ෂභාවයේ ආදීනව පෙන්වා දී පන්සිල්හි පිහිටුවීය. ඔවුන් යක්ෂයා විසින් මැනවින් ආරක්ෂා කරන ලද්දේ ඒ වනයෙහි වාසය කොට පියා මිය ගියවිට යක්ෂයා ද සමග බරණැසට ගොස් රාජ්‍ය ලබාගෙන චන්ද්‍ර කුමරුට යුව රජ තනතුරද සූර්ය කුමරුට සේනාපති තනතුරද දී යක්ෂයාට රමණීය ස්ථානයක ආයතනයක් කරවා ඔහුට ලාභ ලැබෙන ලෙසට කටයුතු යොදවා ලීය.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි “තදා රක‍්ඛසො බහුභණ‍්ඩිකභික‍්ඛු අහොසි, සූරියකුමාරො ආනන්‍දො, චන්‍දකුමාරො සාරිපුත‍්තො, මහිංසකුමාරො පන අහමෙවා”ති. එවං සත්‍ථා ජාතකං කථෙත්‍වා “එවං ත්‍වං, භික‍්ඛු, පුබ‍්බෙ දෙවධම‍්මෙ ගවෙසමානො හිරිඔත‍්තප‍්පසම‍්පන‍්නො විචරිත්‍වා ඉදානි චතුපරිසමජ‍්ඣෙ ඉමිනා නීහාරෙන ඨත්‍වා මම පුරතො ‘අප‍්පිච‍්ඡොම‍්හී’ති වදන‍්තො අයුත‍්තං අකාසි. න හි සාටකපටික‍්ඛෙපාදිමත‍්තෙන සමණො නාම හොතී”ති වත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –
බුදුහු මේ දම් දෙසුම ගෙන හැර දක්වා ජාතක දේශනය සැසඳ වුහ. එදා රකුසා බහු භණ්ඩික වීය. සූර්ය කුමාර ආනන්ද විය. චන්ද්‍ර කුමරු සැරියුත් මහතෙරුන්ය. මහිංසාසක කුමාර නම් මමම වේදැයි මෙසේ බුදුහු ජාතකය දේශනා කර මහණෙනි මෙසේ පෙර දේවධර්මය සොයමින් ලජ්ජා බිය ඇතිව හැසිරී. දැන් සිව්වණක් පිරිස් මැද මේ අයුරින් සිට මා ඉදිරිපිටදී අල්පේච්ඡ යයි කියමින් අයුතු දෙයක් කළේය. සළුපිලි ප්‍රතික්ෂේප කිරීමෙන්ම ශ්‍රමණයෙක් නොවේ යයි කියා අනුපිළිවෙල සම්බන්ධ කර දහම් දෙසමින් මේ ගාථාව පැවසුහ.
“න නග‍්ගචරියා න ජටා න පඞ‍්කා, නානාසකා ථණ‍්ඩිලසායිකා වා; රජොජල‍්ලං උක‍්කුටිකප‍්පධානං, සොධෙන‍්ති මච‍්චං අවිතිණ‍්ණකඞ‍්ඛ”න‍්ති.
නිරුවත්ව ඉඳුමෙන් - ජටා ගෙන හිස බැඳුමෙන් සිරුරේ මඩ ගෑමෙන් - බඩ ගින්නේ ඉඳීමෙන් උක්කුටිකව ඉඳන් - බලු ඈ වෙස් ගැනීමෙන් පිරිසිදු නොවේ කිසිවෙක් - මහණෙක්ද නොම වේමැයි.
නොනැසු සැක ඇති සත්ත්වයා නග්නව හැසිරෙමින් තපස් රැක සැකය ශුද්ධ නොකරති. ජටාවෙන් ද ඇඟ මඩ තැවරීමෙන් ද ආහාර නොගැනීමෙන් ද බිම වැතිරීමෙන්ද සියළඟ වූ දුලිගාගෙන කරන තපසින් ද උක්කුටිකව හිඳ වෑයම් කිරීමෙන් ද සැකය ශුද්ධ නොකරති.
තත්‍ථ නානාසකාති න අනසකා, භත‍්තපටික‍්ඛෙපකාති අත්‍ථො. ථණ‍්ඩිලසායිකාති භූමිසයනා. රජොජල‍්ලන‍්ති කද‍්දමලෙපනාකාරෙන සරීරෙ සන‍්නිහිතරජො. උක‍්කුටිකප‍්පධානන‍්ති උක‍්කුටිකභාවෙන ආරද‍්ධවීරියං. ඉදං වුත‍්තං හොති – යො හි මච‍්චො “එවං අහං ලොකනිස‍්සරණසඞ‍්ඛාතං සුද‍්ධිං පාපුණිස‍්සාමී”ති ඉමෙසු නග‍්ගචරියාදීසු යං කිඤ‍්චි සමාදාය වත‍්තෙය්‍ය, සො කෙවලං මිච‍්ඡාදස‍්සනඤ‍්චෙව වඩ‍්ඪෙය්‍ය, කිලමථස‍්ස ච භාගී අස‍්ස. න හි එතානි සුසමාදින‍්නානිපි අට‍්ඨවත්‍ථුකාය කඞ‍්ඛාය අවිතිණ‍්ණභාවෙන අවිතිණ‍්ණකඞ‍්ඛං මච‍්චං සොධෙන‍්තීති.
එහි නානාසකාති - ආහර නොගන්තෝයි ආහාර බත් ප්‍රතික්ෂේප කරන යන අර්ථයයි. ථණ්ඩිලසායිකා. භූමීයේ වැතිරගෙන සිටින අයයි. රජොව ජල්ලං මඩවැතිරගත් දූවිලි වැකුණ අයයි. උක්කුටිකප්පධාන - උක්කුටිකයෙක් වෙර වඩන්නෝයි යම් මනුෂ්‍යයෙක් මෙසේ මම ලෝක නිස්සරණ සංඛ්‍යාත සුද්ධිය ලබවැයි මේ නිරුවත් චර්යාවන්හි යම් දෙයක් සමාදන්ව පවතීද ඔහු හුදෙක් මිත්ථ්‍යා දර්ශනයක් මෙන්ම ක්ලාන්ත බවක්ම ලබයි. මේ සුසමාදින්න නම් අෂ්ට වස්තුක වූ සැකයෙන් තොර නොවු මිනිසා සෝධනයට පත් නොවේ.
දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.
දෙසුම් අවසාන බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.
බහුභණ‍්ඩිකභික‍්ඛුවත්‍ථු අට‍්ඨමං.