යෙදුමෙන් කියවන්න

14. සන‍්තතිමහාමත‍්තවත්‍ථු අට‍්ඨකථා

14. සන‍්තතිමහාමත‍්තවත්‍ථු

14. සන්තති මහ ඇමැත්තාගේ කථා පුවත.

අලඞ‍්කතො චෙපීති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සන‍්තතිමහාමත‍්තං ආරබ‍්භ කථෙසි.

“අලඞ්කතො වෙපි” යන මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටියදී සන්තති මහා ඇමතියන් ඇරබ දේශනා කළහ.

සො හි එකස‍්මිං කාලෙ රඤ‍්ඤො පසෙනදිකොසලස‍්ස පච‍්චන‍්තං කුපිතං වූපසමෙත්‍වා ආගතො. අථස‍්ස රාජා තුට‍්ඨො සත‍්ත දිවසානි රජ‍්ජං දත්‍වා එකං නච‍්චගීතකුසලං ඉත්‍ථිං අදාසි. සො සත‍්ත දිවසානි සුරාමදමත‍්තො හුත්‍වා සත‍්තමෙ දිවසෙ සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතො හත්‍ථික‍්ඛන්‍ධවරගතො න‍්හානතිත්‍ථං ගච‍්ඡන‍්තො සත්‍ථාරං පිණ‍්ඩාය පවිසන‍්තං ද‍්වාරන‍්තරෙ දිස‍්වා හත්‍ථික‍්ඛන්‍ධවරගතොව සීසං චාලෙත්‍වා වන්‍දිත්‍වා පක‍්කාමි.

මේ සන්තති මහ ඇමතිවරයා එක් අවස්ථාවක පසේනදී රජුගේ ප්‍රත්‍යන්තයේ ඇතිවූ කුපිතවීමක් සන්සිඳවා පැමිණියේය. මේ නිසා රජු සතුටුවුයේ දින හතක් රාජ්‍ය දී ගායනයට හා නැටීමට දක්ෂ එක් ස්ත්‍රියක් ද දුන්නේය. ඔහු දින හතක් සුරාදාමයෙන් මත්ව හත්වැනි දිනයේ සියලු අලංකාරයෙන් සැරසුනේ ඇතෙකු පිටනැග නාන තොටට යන්නේ පිඬු පිණිස පිවිසෙන බුදුරජාණන් වහන්සේ දොරටුව අසල සිටිනු දැක ඇතුපිට සිටියදීම හිස සලා ගෞරව දක්වා ගියේය.

සත්‍ථා සිතං කත්‍වා “කො නු ඛො, භන‍්තෙ, සිතපාතුකරණෙ හෙතූ”ති ආනන්‍දත්‍ථෙරෙන පුට‍්ඨො සිතකාරණං ආචික‍්ඛන‍්තො ආහ – “පස‍්සානන්‍ද, සන‍්තතිමහාමත‍්තං, අජ‍්ජ සබ‍්බාභරණපටිමණ‍්ඩිතොව මම සන‍්තිකං ආගන‍්ත්‍වා චතුප‍්පදිකගාථාවසානෙ අරහත‍්තං පත්‍වා සත‍්තතාලමත‍්තෙ ආකාසෙ නිසීදිත්‍වා පරිනිබ‍්බායිස‍්සතී”ති. මහාජනො ථෙරෙන සද‍්ධිං කථෙන‍්තස‍්ස සත්‍ථු වචනං අස‍්සොසි. තත්‍ථ මිච‍්ඡාදිට‍්ඨිකා චින‍්තයිංසු – “පස‍්සථ සමණස‍්ස ගොතමස‍්ස කිරියං, මුඛප‍්පත‍්තමෙව භාසති, අජ‍්ජ කිර එස එවං සුරාමදමත‍්තො යථාලඞ‍්කතොව එතස‍්ස සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා පරිනිබ‍්බායිස‍්සති, අජ‍්ජෙව තං මුසාවාදෙන නිග‍්ගණ‍්හිස‍්සාමා”ති. සම‍්මාදිට‍්ඨිකා චින‍්තෙසුං – “අහො බුද‍්ධානං මහානුභාවතා, අජ‍්ජ බුද‍්ධලීළඤ‍්චෙව සන‍්තතිමහාමත‍්තලීළඤ‍්ච දට‍්ඨුං ලභිස‍්සාමා”ති.

බුදුරජාණන් වහන්සේ සිනා පහළ කොට, සිටියදී ආනන්ද හිමියෝ ස්වාමීනි කුමක් නිසා සිනා පහළ කළේ දැයි විමසූහ. එයට හේතු පැහැදිලි කරන බුදුහු ආනන්ද සන්තති මහ ඇමති අද සියළු ආබරණවලින් සැරසී මා වෙත පැමිණ සිව්පද ගාථාවක් අවසන රහත් වී තල් ගස් හතක් පමණ අහසට නැගී සිට පිරිනිවන් පාන්නේ යයි සිනා පහළ කළ බව පැවසුහ. මහජනයා බුදුන් හා ආනන්ද තෙරුන් අතර පැවති කථාව අසා - මිථ්‍යාදෘෂ්ටික අය සිතූහ. බලන්න භවත් ගෞතමයන්ගේ ක්‍රියාව කටට ආවක්ම කිසයි. අදම ඔහු බොරුවෙන් ගරහමුයි පැවසුහ. සම්‍යක්දෘෂ්ටික අය මෙසේ සිතූහ. අහෝ බුදුන්ගේ මහානුභාවනාව අද බුද්ධලීලාව ද සන්තති මහ ඇමතිගේ ලීලාව දක්නට ලබමුයි සිතූහ.

සන‍්තතිමහාමත‍්තොපි න‍්හානතිත්‍ථෙ දිවසභාගං උදකකීළං කීළිත්‍වා උය්‍යානං ගන‍්ත්‍වා ආපානභූමියං නිසීදි. සාපි ඉත්‍ථී රඞ‍්ගමජ‍්ඣං ඔතරිත්‍වා නච‍්චගීතං දස‍්සෙතුං ආරභි. තස‍්සා සරීරලීළාය දස‍්සනත්‍ථං සත‍්තාහං අප‍්පාහාරතාය තං දිවසං නච‍්චගීතං දස‍්සයමානාය අන‍්තොකුච‍්ඡියං සත්‍ථකවාතා සමුට‍්ඨාය හදයමංසං කන‍්තිත්‍වා අගමංසු. සා තඞ‍්ඛණඤ‍්ඤෙව මුඛෙන චෙව අක‍්ඛීහි ච විවටෙහි කාලමකාසි.

සන්නති මහ ඇමති ද නානතොට දී දිවා කාලයේ ජල ක්‍රීඩාවේ යෙදී උයනට ගොස් අවන්හල භූමියේ වාඩිවිය. ඒ ස්ත්‍රිය ද රඟ මඩලට බැස නැටුම් වැයුම් ගැයුම් දක්වන්නට පටන් ගත්තීය. ඇගේ ශරීර ලීලාව දැක්වීම සඳහා දින හතක් අල්ප ආහාර ගැනීම නිසා එදවස නැටුම් ගැයුම් වැයුම් දක්වන්නේ කුස තුළ පැසෙන වායුව නැගී හදය මාංසය ඇඹරී ගියහ. ඇය එකෙනෙහි කට ද දෑස් ද විවර වී (මුඛය හා ඇස්) විවර වීම මිය ගියාය.

සන‍්තතිමහාමත‍්තො “උපධාරෙථ න”න‍්ති වත්‍වා “නිරුද‍්ධා, සාමී”ති ච වුත‍්තමත‍්තෙයෙව බලවසොකෙන අභිභූතො තඞ‍්ඛණඤ‍්ඤෙවස‍්ස සත‍්තාහං පීතසුරා තත‍්තකපාලෙ උදකබින්‍දු විය පරික‍්ඛයං අගමාසි. සො “න මෙ ඉමං සොකං අඤ‍්ඤෙ නිබ‍්බාපෙතුං සක‍්ඛිස‍්සන‍්ති අඤ‍්ඤත්‍ර තථාගතෙනා”ති බලකායපරිවුතො සායන‍්හසමයෙ සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා එවමාහ – “භන‍්තෙ, ‘එවරූපො මෙ සොකො උප‍්පන‍්නො, තං මෙ තුම‍්හෙ නිබ‍්බාපෙතුං සක‍්ඛිස‍්සථා’ති ආගතොම‍්හි, පටිසරණං මෙ හොථා”ති. අථ නං සත්‍ථා “සොකං නිබ‍්බාපෙතුං සමත්‍ථස‍්සෙව සන‍්තිකං ආගතොසි. ඉමිස‍්සා හි ඉත්‍ථියා ඉමිනාව ආකාරෙන මතකාලෙ තව රොදන‍්තස‍්ස පග‍්ඝරිතඅස‍්සූනි චතුන‍්නං මහාසමුද‍්දානං උදකතො අතිරෙකතරානී”ති වත්‍වා ඉමං ගාථමාහ –

සන්තති මහ ඇමති ඇය ගැන සොයා බලන්නැයි කී විට ස්වාමීනි ඇය මිය ගියා යයි පැවසූ විට බලවත් ශෝකයෙන් මඩනා ලදුයේ එකෙනෙහිම දින හතක් බොන ලද රා රත්වූ කබලක ජලබිදු මෙන් සිඳී ගියේය. හේ මගේ ශෝකය නිවාලන්නට බුදුන් හැර කිසිවෙකුටත් නොහැකියයි බලකායද පිරිවරා ගෙන හැන්දෑවේ බුදුන් වෙත ගොස් වැඳ මෙසේ පැවසුවේය. ස්වාමීනි මෙතරම් දරුණු ශෝකයක් ඇතිවුණි. එය නිවීමට ඔබ වහන්සේට හැකිවන්නේ යයි සිතා ආවෙමි. මට පිළිසරණවනු මැනවැයි පැවසීය. අනතුරුව බුදුරජාණන් වහන්සේ ශෝකය නිවා දැමීම දක්ෂයා වෙතම ආවේ යයි පවසා මෙම කාන්තාව මේ ආකාරයෙන්ම මීට පෙර ආත්මවලදී ද මියගිය විට ඔබ විසින් හෙළු කඳුළු සිව්මහා සයුරු ජලයට වඩා වැඩි යයි පවසා මේ ගාථාව දේශනා කළහ.

“යං පුබ‍්බෙ තං විසොසෙහි, පච‍්ඡා තෙ මාහු කිඤ‍්චනං; මජ‍්ඣෙ චෙ නො ගහෙස‍්සසි, උපසන‍්තො චරිස‍්සසී”ති. (සු· නි· 955, 1105; චූළනි· ජතුකණ‍්ණිමාණවපුච‍්ඡානිද‍්දෙස 68);

යමෙක් පෙර වියැලේද පසුව එය දුකකැයි කියති මධ්‍යම අවස්ථාවේදී එය නොගනීද එනිසාම උපශාන්තව හැසිරෙන්නේය.

ගාථාපරියොසානෙ සන‍්තතිමහාමත‍්තො අරහත‍්තං පත්‍වා අත‍්තනො ආයුසඞ‍්ඛාරං ඔලොකෙන‍්තො තස‍්ස අප‍්පවත‍්තනභාවං ඤත්‍වා සත්‍ථාරං ආහ – “භන‍්තෙ, පරිනිබ‍්බානං මෙ අනුජානාථා”ති. සත්‍ථා තෙන කතකම‍්මං ජානන‍්තොපි “මුසාවාදෙන නිග‍්ගණ‍්හනත්‍ථං සන‍්නිපතිතා මිච‍්ඡාදිට‍්ඨිකා ඔකාසං න ලභිස‍්සන‍්ති, ‘බුද‍්ධලීළඤ‍්චෙව සන‍්තතිමහාමත‍්තලීළඤ‍්ච පස‍්සිස‍්සාමා’ති සන‍්නිපතිතා සම‍්මාදිට‍්ඨිකා ඉමිනා කතකම‍්මං සුත්‍වා පුඤ‍්ඤෙසු ආදරං කරිස‍්සන‍්තී”ති සල‍්ලක‍්ඛෙත්‍වා “තෙන හි තයා කතකම‍්මං මය‍්හං කථෙහි, කථෙන‍්තො ච භූමියං ඨිතො අකථෙත්‍වා සත‍්තතාලමත‍්තෙ ආකාසෙ ඨිතො කථෙහී”ති ආහ. සො “සාධු, භන‍්තෙ”ති සත්‍ථාරං වන්‍දිත්‍වා එකතාලප‍්පමාණං උග‍්ගම‍්ම ඔරොහිත්‍වා පුන සත්‍ථාරං වන්‍දිත්‍වා උග‍්ගච‍්ඡන‍්තො පටිපාටියා සත‍්තතාලප‍්පමාණෙ ආකාසෙ පල‍්ලඞ‍්කෙන නිසීදිත්‍වා “සුණාථ මෙ, භන‍්තෙ, පුබ‍්බකම‍්ම”න‍්ති වත්‍වා ආහ –

ගාථාව අවසානයේ සන්තති මහාමාත්‍යයා රහත්බවට පත්ව තමන්ගේ ආයුසංස්ඛාරය බලන්නේ එය නොපවත්නා බව දැන බුදුන්ට මෙසේ පැවසීය. ස්වාමීනි මට පිරිනිවන් පෑමට අනුදැන වදාරන්න. බුදුරජාණන් වහන්සේ ඔහු විසින් කරන ලද කර්මය දන්නේ මුසාවෙන් ගැරහූ නිග්‍රහ කිරීම පිණිස පැමිණි එක්රැස්වූ මිථ්‍යාදෘෂ්ටිකයන්ට අවකාශයක් නොදීමටත්, බලන්නට රැස්වූ සම්‍යක්දෘෂ්ටිකයෝ මේ ඇමති විසින් කළ කර්මය අසා පින් කිරීමේ ආදරය කැමැත්ත දියුණු කරතියි සලකා එසේ නම් ඔබ විසින් කළ කර්මය මට පවසන්නැයි කියමින් බිම සිට නොකියා තල් ගස් හතක් උසට අහසට නැගී කියන්නැයි පැවසුහ. හේ ස්වාමීනි යහපතැයි බුදුන් වැඳ එක් තල් ගසක් පමණට නැගී බැස නැවත බුදුන් වැඳ උඩට නැගෙන්නේ පිළිවෙලින් තල් ගස් හතක් උසට නැගී අහසේ පලක් බැඳ වාඩිවී ස්වාමීනි මගේ පෙර කර්මය අසන්නැයි පැවසීය.

ඉතො එකනවුතිකප‍්පෙ විපස‍්සීසම‍්මාසම‍්බුද‍්ධකාලෙ අහං බන්‍ධුමතිනගරෙ එකස‍්මිං කුලෙ නිබ‍්බත‍්තිත්‍වා චින‍්තෙසිං – “කිං නු ඛො පරෙසං ඡෙදං වා පීළං වා අකරණකම‍්ම”න‍්ති උපධාරෙන‍්තො ධම‍්මඝොසකකම‍්මං දිස‍්වා තතො පට‍්ඨාය තං කම‍්මං කරොන‍්තො මහාජනං සමාදපෙත්‍වා “පුඤ‍්ඤානි කරොථ, උපොසථදිවසෙසු උපොසථං සමාදියථ, දානං දෙථ, ධම‍්මං සුණාථ, බුද‍්ධරතනාදීහි සදිසං අඤ‍්ඤං නාම නත්‍ථි, තිණ‍්ණං රතනානං සක‍්කාරං කරොථා”ති උග‍්ඝොසෙන‍්තො විචරාමි. තස‍්ස මය‍්හං සද‍්දං සුත්‍වා බුද‍්ධපිතා බන්‍ධුමතිමහාරාජා මං පක‍්කොසාපෙත්‍වා, “තාත, කිං කරොන‍්තො විචරසී”ති පුච‍්ඡිත්‍වා, “දෙව, තිණ‍්ණං රතනානං ගුණං පකාසෙත්‍වා මහාජනං පුඤ‍්ඤකම‍්මෙසු සමාදපෙන‍්තො විචරාමී”ති වුත‍්තෙ, “කත්‍ථ නිසින‍්නො විචරසී”ති මං පුච‍්ඡිත්‍වා “පදසාව, දෙවා”ති මයා වුත‍්තෙ, “තාත, න ත්‍වං එවං විචරිතුං අරහසි, ඉමං පුප‍්ඵදාමං පිලන්‍ධිත්‍වා අස‍්සපිට‍්ඨෙ නිසින‍්නොව විචරා”ති මය‍්හං මුත‍්තාදාමසදිසං පුප‍්ඵදාමං දත්‍වා දන‍්තං අස‍්සං අදාසි. අථ මං රඤ‍්ඤා දින‍්නපරිහාරෙන තථෙව උග‍්ඝොසෙත්‍වා විචරන‍්තං පුන රාජා පක‍්කොසාපෙත්‍වා, “තාත, කිං කරොන‍්තො විචරසී”ති පුච‍්ඡිත්‍වා “තදෙව, දෙවා”ති වුත‍්තෙ, “තාත, අස‍්සොපි තෙ නානුච‍්ඡවිකො, ඉධ නිසීදිත්‍වා විචරා”ති චතුසින්‍ධවයුත‍්තරථං අදාසි. තතියවාරෙපි මෙ රාජා සද‍්දං සුත්‍වා පක‍්කොසාපෙත්‍වා, “තාත, කිං කරොන‍්තො විචරසී”ති පුච‍්ඡිත්‍වා “තදෙව, දෙවා”ති වුත‍්තෙ, “තාත, රථොපි තෙ නානුච‍්ඡවිකො”ති මය‍්හං මහන‍්තං භොගක‍්ඛන්‍ධං මහාපසාධනඤ‍්ච දත්‍වා එකඤ‍්ච හත්‍ථිං අදාසි. ස‍්වාහං සබ‍්බාභරණපටිමණ‍්ඩිතො හත්‍ථික‍්ඛන්‍ධෙ නිසින‍්නො අසීති වස‍්සසහස‍්සානි ධම‍්මඝොසකකම‍්මං අකාසිං, තස‍්ස මෙ එත‍්තකං කාලං කායතො චන්‍දනගන්‍ධො වායති, මුඛතො උප‍්පලගන්‍ධො වායති. ඉදං මයා කතකම‍්මන‍්ති.

මෙයින් අනු එක් කල්පයකට පෙර විපස්සී බුද්ධ කාලයේ දී මම බන්ධුමතී නුවර එක් කුලයක ඉපිද මෙසේ සිතුවෙමි. අන් අය සිඳීම හෝ පෙළීම නොකර ක්‍රියාවක් ඇත්දැයි සිතමින් ධර්මය කියාදීම දැක එතැන් පටන් ධර්ම ඝෝෂා පවත්වමින් මහජනයා සතුටු කොට පින් කරමි. බුද්ධාදී රත්නත්‍රය සමාන වෙනත් රත්නයක් නැතැයි රත්නත්‍රයට සත්කාර කරමු. යනුවෙන් ඝෝෂා කරමින් හැසිරුනෙමි. ඒ මගේ හඬ අසා බුදුරජාණන් වහන්සේගේ පියාණෝ “බන්ධුමතී මහරජ” මා කැඳවා දරුවා කුමක් කරමින් හැසිරෙන්නේදැයි විමසා දේවියනි! තෙරුවන්හි ගුණය ප්‍රකාශ කරමින් මහජනයා පිංකම්හි සමාදන් කරවමින් යොදවමින් හැසිරෙමියි කී කල කොහිසිට හැසිරෙන්නේදැයි විමසා පයින් ගමන් කරමින් යයි කීවිට දරුව ඔබට මෙසේ ගමන් කිරීම සුදුසු නොවේ යයි පවසා මේ මල්දම ගෙන පැළඳ අසුපිට නැගී හැසිරෙන්නැයි කියා මට මුතුදමක් සමාන මල්දමක් දී අශ්වයෙක් ද දුන්නේය. ඉක්බිති මා රජතුමා දුන් යානයෙන් එලෙසම ඝෝෂා කොට හැසිරෙන්නේ නැවත ද රජතුමා කථාකොට දරුව කුමක් කරමින් හැසිරෙන්නේදැයි විමසා පෙරසේම කරන බව පැවසු විට දරුව ඔබට රථයද සුදුසු නොවේයයි පවසා මහත් වස්තුවද, සියළු අභරණින් සැරසූ එක් ඇතෙක් ද දුන්නේය. ඒ මම සියළු අභරණින් සැරසූ ඇතුපිට වාඩි වී අවුරුදු අසූදහසක් ධර්මය හඬනගා කීමි ඒ මගේ සිරුරෙන් එපමණ කලක් සඳුන් සුවඳ පැතිරුනි. මුවින් උපුල් සුවඳ හමයි. මේ මවිසින් කරන ලද කර්මයයි.

එවං සො අත‍්තනො පුබ‍්බකම‍්මං කථෙත්‍වා ආකාසෙ නිසින‍්නොව තෙජොධාතුං සමාපජ‍්ජිත්‍වා පරිනිබ‍්බායි. සරීරෙ අග‍්ගිජාලා උට‍්ඨහිත්‍වා මංසලොහිතං ඣාපෙසි, සුමනපුප‍්ඵානි විය ධාතුයො අවසිස‍්සිංසු. සත්‍ථා සුද‍්ධවත්‍ථං පසාරෙසි, ධාතුයො තත්‍ථ පතිංසු. තා පත‍්තෙ පක‍්ඛිපිත්‍වා චතුමහාපථෙ ථූපං කාරෙසි “මහාජනො වන්‍දිත්‍වා පුඤ‍්ඤභාගී භවිස‍්සතී”ති. භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං, “ආවුසො, සන‍්තතිමහාමත‍්තො ගාථාවසානෙ අරහත‍්තං පත්‍වා අලඞ‍්කතපටියත‍්තොයෙව ආකාසෙ නිසීදිත්‍වා පරිනිබ‍්බුතො, කිං නු ඛො එතං ‘සමණො’ති වත‍්තුං වට‍්ටති උදාහු බ්‍රාහ‍්මණො”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ, “භික‍්ඛවෙ, මම පුත‍්තං ‘සමණො’තිපි වත‍්තුං වට‍්ටති, ‘බ්‍රාහ‍්මණො’තිපි වත‍්තුං වට‍්ටතියෙවා”ති වත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

මෙලෙස ඔහු විසින් පෙර භවයේදී කරන ලද කර්මය කියා අහසේ සිටියදීම තේජෝධාතුවට සමවැදී පිරිනිවන් පෑහ. සිරුරින් ගිනි ජාලා පැනනැගී මස් ලේ දැමීය. දෑසමන් මල් සේ ශාරීරික ධාතු ඉතිරි විය. බුදුහු සුදු වස්ත්‍රයක් දිගහැරීයහ. ශාරීරික ධාතු ඒ සුදුවතට වැටුණි. එම ධාතු පාත්‍රයේ තබාගෙන සතරමඟ වීථිවල ස්තූප කළහ. මහජනයා වන්දනාමාන කොට පින් රැස් කළහ. මේ පිළිබඳ කථාවක් ධම්සභා මණ්ඩපයේ දී ඇති කළහ. සන්තති මහ ඇමති බුදුන්ගෙන් බණ අසා අවසානයේ රහත් බවට පත්ව අලංකාර වස්ත්‍රයෙන්ම සැරසී සිට අහසේදීම පිරිනිවන් පෑවේය. කිම ඔහු ශ්‍රමණයෙක් කීමට වටී ද නැතහොත් බ්‍රාහ්මණයෙක් කීමට වටීද? යනුවෙනි බුදුරජාණන් වහන්සේ එහි පැමිණ මා ඒමට පළමු කිනම් කථාවකින් යුතුව සිටියේ දැයි විමසා මෙවැනි කථාවකින් යුක්තව උනුම්හයි කී කල්හී මහණෙනි ! මගේ පුත්‍රයන් ශ්‍රමණයන් වීමට වටනේ යයි කියා ධර්මය දෙසීම සඳහා මේ ගාථාව වදාළහ.

අලඞ‍්කතො චෙපි සමං චරෙය්‍ය, සන‍්තො දන‍්තො නියතො බ්‍රහ‍්මචාරී; සබ‍්බෙසු භූතෙසු නිධාය දණ‍්ඩං, සො බ්‍රාහ‍්මණො සො සමණො ස භික‍්ඛූ”ති.

නොයෙක් අගනා සළු පිලින් හා රන් රිදීයෙන් බැබළුණත් සාන්තව සිට රකින ඇත්තා බුදු සසුන් බඹසර උසස් සියළු දඬු හා අවිමුගුරු හැර විතැන් වේවිද යුද්දයෙන් ඔහුම මහණෙකි. ඔහුම බමුණෙකි. ඔහුම තවුසෙකි යයි කියත්

තත්‍ථ අලඞ‍්කතොති වත්‍ථාභරණෙහි පටිමණ‍්ඩිතො. තස‍්සත්‍ථො – වත්‍ථාලඞ‍්කාරාදීහි අලඞ‍්කතො චෙපි පුග‍්ගලො කායාදීහි සමං චරෙය්‍ය, රාගාදිවූපසමෙන සන‍්තො ඉන්‍ද්‍රියදමනෙන දන‍්තො චතුමග‍්ගනියමෙන නියතො සෙට‍්ඨචරියාය බ්‍රහ‍්මචාරී කායදණ‍්ඩාදීනං ඔරොපිතතාය සබ‍්බෙසු භූතෙසු නිධාය දණ‍්ඩං. සො එවරූපො බාහිතපාපත‍්තා බ්‍රාහ‍්මණොතිපි සමිතපාපත‍්තා සමණොතිපි භින‍්නකිලෙසත‍්තා භික‍්ඛූතිපි වත‍්තබ‍්බොයෙවාති.

එහි අලඞ්කතො - අගනා වස්ත්‍රවලින් මනාව සැරසීමයි. එහි අර්ථය වස්ත්‍රාදියෙන් සැරසීමයි. සමංචරෙය - රාගාදී ව්‍යුපසමනයයි. සන්තො - සන්සුන් බවයි. කෙලෙස් තුනී කිරීමට තැත් කිරීමයි. දන්තො - දැමුණු බවයි. හික්ම වූ ඉඳුරන් ඇති බවයි. නියතො - සෝවාන් ආදී සතරමග නියමයෙන් නියම වු ඉපදීමයි. බ්‍රහ්මචාරී - ශ්‍රේෂ්ඨ චර්යාවයි. සබ්බෙසු භූතෙසු - සියළු දඬුවම් සත්ත්වයින්ට හිංසා පීඩා කිරීම වැළැක්වීමයි. බ්‍රාහ්මණො මෙවැනි වු සියලු පාපයන්ගෙන් වෙන්වූ තැනැත්තායි. සමණො - සියළු පව් සන්සිද වූ පුද්ගලයායි. භික්ඛු - සියළු කෙලෙස් ප්‍රහාණය කළ තැනැත්තායි. යනුවෙන් කියන ලදී.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනාවසානයේ දී බොහෝ දෙනා සෝවාන් ආදී ඵලයන්ට පැමිණුනාහු වෙති.

සන‍්තතිමහාමත‍්තවත්‍ථු නවමං.