යෙදුමෙන් කියවන්න

15-16. පිලොතිකතිස‍්සත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

15-16. පිලොතිකතිස‍්සත්‍ථෙරවත්‍ථු

15-16. පිලෝතික ථෙරි පුවත

හිරීනිසෙධොති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො පිලොතිකත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.

“හිරිනිසෙධෝති” - යන මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවත් නුවර දෙව්රම වැඩ සිටිය දී පිලෝතික තෙරුන් ඇරඹ දේශනා කළහ.

එකස‍්මිඤ‍්හි සමයෙ ආනන්‍දත්‍ථෙරො එකං පිලොතිකඛණ‍්ඩනිවත්‍ථං කපාලං ආදාය භික‍්ඛාය චරන‍්තං දාරකං දිස‍්වා “කිං තෙ එවං විචරිත්‍වා ජීවනතො පබ‍්බජ‍්ජා න උත‍්තරිතරා”ති වත්‍වා, “භන‍්තෙ, කො මං පබ‍්බාජෙස‍්සතී”ති වුත‍්තෙ “අහං පබ‍්බාජෙස‍්සාමී”ති තං ආදාය ගන‍්ත්‍වා සහත්‍ථා න‍්හාපෙත්‍වා කම‍්මට‍්ඨානං දත්‍වා පබ‍්බාජෙසි. තඤ‍්ච පන නිවත්‍ථපිලොතිකඛණ‍්ඩං පසාරෙත්‍වා ඔලොකෙන‍්තො පරිස‍්සාවනකරණමත‍්තම‍්පි ගය‍්හූපගං කඤ‍්චි පදෙසං අදිස‍්වා කපාලෙන සද‍්ධිං එකිස‍්සා රුක‍්ඛසාඛාය ඨපෙසි. සො පබ‍්බජිත්‍වා ලද‍්ධූපසම‍්පදො බුද‍්ධානං උප‍්පන‍්නලාභසක‍්කාරං පරිභුඤ‍්ජමානො මහග‍්ඝානි චීවරානි අච‍්ඡාදෙත්‍වා විචරන‍්තො ථූලසරීරො හුත්‍වා උක‍්කණ‍්ඨිත්‍වා “කිං මෙ ජනස‍්ස සද‍්ධාදෙය්‍යං නිවාසෙත්‍වා විචරණෙන, අත‍්තනො පිලොතිකමෙව නිවාසෙස‍්සාමී”ති තං ඨානං ගන‍්ත්‍වා පිලොතිකං ගහෙත්‍වා “අහිරික නිල‍්ලජ‍්ජ එවරූපානං වත්‍ථානං අච‍්ඡාදනට‍්ඨානං පහාය ඉමං පිලොතිකඛණ‍්ඩං නිවාසෙත්‍වා කපාලහත්‍ථො භික‍්ඛාය චරිතුං ගච‍්ඡසී”ති තං ආරම‍්මණං කත්‍වා අත‍්තනාව අත‍්තානං ඔවදි, ඔවදන‍්තස‍්සෙව පනස‍්ස චිත‍්තං සන‍්නිසීදි. සො තං පිලොතිකං තත්‍ථෙව පටිසාමෙත්‍වා නිවත‍්තිත්‍වා විහාරමෙව ගතො. සො කතිපාහච‍්චයෙන පුනපි උක‍්කණ‍්ඨිත්‍වා තථෙව වත්‍වා නිවත‍්ති, පුනපි තථෙවාති. තං එවං අපරාපරං විචරන‍්තං දිස‍්වා භික‍්ඛූ “කහං, ආවුසො, ගච‍්ඡසී”ති පුච‍්ඡන‍්ති. සො “ආචරියස‍්ස සන‍්තිකං ගච‍්ඡාමාවුසො”ති වත්‍වා එතෙනෙව නීහාරෙන අත‍්තනො පිලොතිකඛණ‍්ඩමෙව ආරම‍්මණං කත්‍වා අත‍්තානං නිසෙධෙත්‍වා කතිපාහෙනෙව අරහත‍්තං පාපුණි. භික‍්ඛූ ආහංසු – “කිං, ආවුසො, න දානි ආචරියස‍්ස සන‍්තිකං ගච‍්ඡසි, නනු අයං තෙ විචරණමග‍්ගො”ති. ආවුසො, ආචරියෙන සද‍්ධිං සංසග‍්ගෙ සති ගතොම‍්හි, ඉදානි පන මෙ ඡින‍්නො සංසග‍්ගො, තෙනස‍්ස සන‍්තිකං න ගච‍්ඡාමීති. භික‍්ඛූ තථාගතස‍්ස ආරොචෙසුං – “භන‍්තෙ, පිලොතිකත්‍ථෙරො අඤ‍්ඤං බ්‍යාකරොතී”ති. කිමාහ, භික‍්ඛවෙති? ඉදං නාම, භන‍්තෙති. තං සුත්‍වා සත්‍ථා “ආම, භික‍්ඛවෙ, මම පුත‍්තො සංසග‍්ගෙ සති ආචරියස‍්ස සන‍්තිකං ගතො, ඉදානි පනස‍්ස සංසග‍්ගො ඡින‍්නො, අත‍්තනාව අත‍්තානං නිසෙධෙත්‍වා අරහත‍්තං පත‍්තො”ති වත්‍වා ඉමා ගාථා අභාසි –

එක දිනෙක ආනන්ද තෙරුන් එක් රෙදි කැබැල්ලක් ඇඳ කබලක් අතින් ගෙන ඇවිද යන දරුවෙකු දැක ඔබ මෙසේ ඇවිදිමින් ජීවත් වෙනවාට වඩා පැවිදිබව උත්තරීතර නොවේදැයි විමසු විට - ස්වාමීනි කවර කෙනෙක් නම් මා පැවිදි කරන්නේදැයි පැවසු කල්හි මම පැවිදි කරන්නෙමියි ඔහු රැගෙන ගොස් සියතින් නාවා කර්මස්ථානයක් දී පැවිදි කළහ. ඔහු වනාහි තමන් පළමු ඇදිවත දිගුකර විචාරා බලන්නේ පෙරහනක් කිරීමට තරම් වු දෙයක්වත් ගැනීමට කිසි පෙදෙසක් නොදැක කබල සමඟ වස්ත්‍රය එක් ගස් අත්තක තැබුවේය. ඔහුද පැවිදිව ලබන ලද උපසම්පදා ඇත්තේ බුදුන් වෙනුවෙන් ලැබෙන ලාභසත්කාර පරිභෝග කරමින් වටිනා සිවුරු ඇඳ පැළඳ තරවූ සිරුරක් ඇතිව හැසිරෙන්නේ කළකිරී මහජනයා ශ්‍රද්ධාවෙන් දෙන දේ පරිභෝග කිරීමෙන් කවර ප්‍රයෝජනයක්දයි සිතා මගේම ඇඳුම් අදිමියි. එතැනට ගොස් වස්ත්‍රය ගෙන තමන්ටම අවවාද කරගනිමින්. ලජ්ජා නැත්ත, මෙබදු වටිනා සිවුරු අඳින තැන අත්හැර මේ රෙදි කැබැල්ල හැඳ කබල අතට ගෙන සිඟමනේ යාම ගැන සිතයිද? එම අරමුණ කොට තමන් තමන්ටම අවවාද දී සිත සනසාගෙන එම රෙදිකඩ එතනම තබා නැවත විහාරයටම ගියේ දින කීපයකට පසුද නැවත ද කළකිරී එසේ කියා නැවතුනි. මෙසේ නැවත නැවත යනු දැක භික්ෂූන් වහන්සේලා ඇවැත්නි කොහේ යන්නේ දැයි විමසති. එවිට ආචාර්යවහන්සේ ළඟට යමියි කියා මේ අයුරින් තමන්ගේ රෙදිකඩට අරමුණු කොට ආත්මය නිශේධනය කොට දින කීපයකින්ම රහත් බවට පත්වුනි. භික්ෂූන් වහන්සේලා ඇයි ඇවැත්නි දැන් ආචාර්ය වහන්සේ වෙත නොයන්නේද? මේ ඔබේ විවෘත (පළපුරුදු) මාර්ගය නේදැයි විමසුහ. එහිදී ඇවැත්නි ගුරුවරයා සමඟ ඇලීම ඇතිවිටම එහි ගියෙමි දැන් මගේ සංසර්ගය සිඳ ඇත්තෙමි. (එකට ඇසුර) දැන් උන් වහන්සේ වෙත නොයමි. භික්ෂූන් වහන්සේලා මේ කථා පුවත තථාගතයන් වහන්සේට දැන්වුහ. ස්වාමීනි පිලෝතික තෙරුන් අනෙකක් කියයි. මහණෙනි කුමක් කියයිද? ස්වාමීනි මෙයයි පැවසුවිට එසේය ඇවැත්නි මගේ පුත්‍රයා (රහත් භික්ෂුව) ඇල්මක් ඇති විට ගුරුවරයා ළඟට ගියේය. දැන් ඔහුගේ ඇලීම සිඳ දවා ඇත. තමාම තමා වළක්වා රහත් බවට පත්වූයේ යයි පවසා මේ ගාථාව පැවසුහ.

“හිරීනිසෙධො පුරිසො, කොචි ලොකස‍්මිං විජ‍්ජති; යො නිද‍්දං අපබොධෙති, අස‍්සො භද්‍රො කසාමිව.

“කස පහර වළකන උතුම් අසෙකු ලෙස යම් කෙනෙක් නින්දාව දුරුකර ගනීද ලජ්ජාවෙන් අකුශලයන් දුරුකරන කිසියම් පුද්ගලයෙක් ලොව ඇත.”

“අස‍්සො යථා භද්‍රො කසානිවිට‍්ඨො, ආතාපිනො සංවෙගිනො භවාථ;

කසපහර වළකා - ලජ්ජවෙන් ම හික්මුණු අසෙකු මෙන් ඒ තෙම සිටී දුරුකොට ඇලුම් සසරේ

සද‍්ධාය සීලෙන ච වීරියෙන ච, සමාධිනා ධම‍්මවිනිච‍්ඡයෙන ච;

ලැබ කස පහර ලජ්ජාවෙන් නොවන පමා අස් පැටවෙකු වගේ සිත කය වචන දමා

සම‍්පන‍්නවිජ‍්ජාචරණා පතිස‍්සතා, ජහිස‍්සථ දුක‍්ඛමිදං අනප‍්පක”න‍්ති.

විරියද සමාදිය විදසුන් නුවණ යොමා සැදැහෙන් සුසිල් වත් වී ලද යුතුය අමා

කසයෙන් තලන ලද උතුම් අයෙකුසේ වීර්ය ඇත්තේ ද සසර කළකිරීම ඇත්තේද වෙව්. ශ්‍රද්ධාවෙන්ද සීලයෙන්ද වීර්යයෙන්ද සමාධියෙන් ද විදර්ශනා ප්‍රඥාවෙන්ද සම්පූර්ණ වූ විද්‍යාචරණ ඇතිව සිහියෙන් යුතුව බොහෝ වු මේ සසර දුක දුරුකරමි.

තත්‍ථ අන‍්තො උප‍්පන‍්නං අකුසලවිතක‍්කං හිරියා නිසෙධෙතීති හිරීනිසෙධො. කොචි ලොකස‍්මින‍්ති එවරූපො පුග‍්ගලො දුල‍්ලභො, කොචිදෙව ලොකස‍්මිං විජ‍්ජති. යො නිද‍්දන‍්ති අප‍්පමත‍්තො සමණධම‍්මං කරොන‍්තො අත‍්තනො උප‍්පන‍්නං නිද‍්දං අපහරන‍්තො බුජ‍්ඣතීති අපබොධෙති. කසාමිවාති යථා භද්‍රො අස‍්සො අත‍්තනි පතමානං කසං අපහරති, අත‍්තනි පතිතුං න දෙති. යො එවං නිද‍්දං අපබොධෙති, සො දුල‍්ලභොති අත්‍ථො.

එහි තමා තුළ උපන් අකුශල විතර්ක ලජ්ජා නැති කරයි යනුවෙන් හීරීනිසෙධො නම් වේ. කොචි ලෝකස්මිං යනු මෙබඳු දුර්ලභ කිසිවෙක් ලොව විද්‍යාමාන වේ. යො නින්දති - අප්‍රමාදීව ධර්ම කරන තැනැත්තා තමන්ට ඇතිවූ නින්දාව බැහැර කරමින් අවබෝධ කර ගනිමුයි අපබොධති කසාම්වාති යම්සේ යහපත් අශ්වයා තමා කෙරෙහි වැටෙන කස පහර දුරුකරයි. තම සිරුරට වැදෙන්නට ඉඩ නොදේ. යමෙක් එසේම නින්දාවක් ලැබීමට ඉඩ නොතබයි ද එවැන්නෝ දුර්ලභය. යන අරුතයි.

දුතියගාථාය අයං සඞ‍්ඛෙපත්‍ථො – “භික‍්ඛවෙ, යථා භද්‍රො අස‍්සො පමාදමාගම‍්ම කසාය නිවිට‍්ඨො, අහම‍්පි නාම කසාය පහටො”ති අපරභාගෙ ආතප‍්පං කරොති, එවං තුම‍්හෙපි ආතාපිනො සංවෙගිනො භවථ, එවංභූතා ලොකියලොකුත‍්තරාය දුවිධාය සද‍්ධාය ච චතුපාරිසුද‍්ධිසීලෙන ච කායිකචෙතසිකවීරියෙන ච අට‍්ඨසමාපත‍්තිසමාධිනා ච කාරණාකාරණජානනලක‍්ඛණෙන ධම‍්මවිනිච‍්ඡයෙන ච සමන‍්නාගතා හුත්‍වා තිස‍්සන‍්නං වා අට‍්ඨන‍්නං වා විජ‍්ජානං, පඤ‍්චදසන‍්නඤ‍්ච චරණානං සම‍්පත‍්තියා සම‍්පන‍්නවිජ‍්ජාචරණා. උපට‍්ඨිතසතිතාය පතිස‍්සතා හුත්‍වා ඉදං අනප‍්පකං වට‍්ටදුක‍්ඛං පජහිස‍්සථාති.

දෙවන ගාථාවේ මේ සංක්ෂේප අරුතයි. මහණෙනි යම්සේ යහපත් තරුණ අශ්වයා ප්‍රමාදයට පැමිණ කසයෙන් පහර නැවත්වීද මමද එලෙස කසයෙන් පහර ලදුයේ පසුකලෙක එලවන්නේය යි සංවේගයට පත් වේද? මෙසේ සිතා එලෙස තෙපිද කෙලෙස් තවව්. හැගුම්බර වව්. මෙලෙස ලෞකික ලෝකෝත්තර දශවිධවූ ශ්‍රද්ධාවෙන් ද සිටි පිරිසිදු සිල්වලින් ද කායික චෛතසික වීර්යයෙන්ද යුතුව අෂ්ට සමාපත්ති ඤාණයෙන් කරුණු නොකරුණු දන්නා ලක්ෂණය ධර්ම විනිශ්චයෙන් ද යුතුව ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා පසළොස් වර්ණ ධර්ම සම්පත්තියෙන් යුක්තව විද්‍යා චරණයන්ගෙන් යුතුව එළඹ සිටි සිහියෙන් මේ අපමණ සසර දුක දුරු කරව්

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ඵලයට පත්වුහ.

පිලොතිකතිස‍්සත්‍ථෙරවත්‍ථු දසමං.