17. සුඛසාමණෙරවත්ථු අට්ඨකථා
17. සුඛසාමණෙරවත්ථු
17. සුඛ සාමණේර කථා පුවත
උදකඤ්හි නයන්තීති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො සුඛසාමණෙරං ආරබ්භ කථෙසි.
“උදකං භි නයන්ති” - යන මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වැඩ සිටියදී “සුඛ” සාමණේරයන් වහන්සේ නිමිතිකරගෙන දේශනාකළහ.
අතීතස්මිඤ්හි බාරාණසිසෙට්ඨිනො ගන්ධකුමාරො නාම පුත්තො අහොසි. රාජා තස්ස පිතරි කාලකතෙ තං පක්කොසාපෙත්වා සමස්සාසෙත්‍වා මහන්තෙන සක්කාරෙන තස්සෙව සෙට්ඨිට්ඨානං අදාසි. සො තතො පට්ඨාය ගන්ධසෙට්ඨීති පඤ්ඤායි. අථස්ස භණ්ඩාගාරිකො ධනගබ්භද්වාරං විවරිත්වා, “සාමි, ඉදං තෙ එත්තකං පිතු ධනං, එත්තකං පිතාමහාදීන”න්ති නීහරිත්වා දස්සෙසි. සො තං ධනරාසිං ඔලොකෙත්වා ආහ – “කිං පන තෙ ඉමං ධනං ගහෙත්වා න ගමිංසූ”ති.
අතීතයේ බරණැස සිටු වරයාට ගන්ධ කුමාර නම් පුතෙක් සිටියේය. රජතුමා ඔහුගේ පියා අභාවප්රාප්තවූ විට ඔහු කැඳවා සනසා මහත් සත්කාරයෙන් ඔහුටම සිටුතනතුර දුන්නේය. ඔහු එතැන්සිට ගන්ධ සිටුතුමායි ප්‍රසිද්ධ විය. අනතුරුව භාණ්ඩාගාරික තැන භාණ්ඩාගාරයේ දොරවල් විවෘත කොට පෙන්වීය. ස්වාමීනි ඔබගේ පියාසන්තක ධනය මෙපමණ ඇත - මුතුන් මිත්තන්ගේ ධනය මෙපමණයිද වෙනකොට දැක්වීය. ඔහු එම ධන රැස දැක කීම මෙපමණ ධනය ඔවුන් හැර නොගියහයි පැවසීය.
“සාමි, ධනං ගහෙත්වා ගතා නාම නත්ථි. අත්තනා කතං කුසලාකුසලමෙව හි ආදාය සත්තා ගච්ඡන්තී”ති. සො චින්තෙසි – “තෙ බාලතාය ධනං සණ්ඨාපෙත්වා පහාය ගතා, අහං පනෙතං ගහෙත්වාව ගමිස්සාමී”ති. එවං පන චින්තෙන්තො “දානං වා දස්සාමි, පූජං වා කරිස්සාමී”ති අචින්තෙත්වා “ඉදං සබ්බං ඛාදිත්වාව ගමිස්සාමී”ති චින්තෙසි. සො සතසහස්සං විස්සජ්ජෙත්වා ඵලිකමයං න්හානකොට්ඨකං කාරෙසි, සතසහස්සං දත්වා ඵලිකමයමෙව න්හානඵලකං, සතසහස්සං දත්වා නිසීදනපල්ලඞ්කං, සතසහස්සං දත්වා භොජනපාතිං, සතසහස්සමෙව දත්වා භොජනට්ඨානෙ මණ්ඩපං කාරාපෙසි, සතසහස්සං දත්වා භොජනපාතියා ආසිත්තකූපධානං කාරෙසි, සතසහස්සෙනෙව ගෙහෙ සීහපඤ්ජරං සණ්ඨාපෙසි, අත්තනො පාතරාසත්ථාය සහස්සං අදාසි, සායමාසත්ථායපි සහස්සමෙව. පුණ්ණමදිවසෙ පන භොජනත්ථාය සතසහස්සං දාපෙසි, තං භත්තං භුඤ්ජනදිවසෙ සතසහස්සං විස්සජ්ජෙත්වා නගරං අලඞ්කරිත්වා භෙරිං චරාපෙසි – “ගන්ධසෙට්ඨිස්ස කිර භත්තභුඤ්ජනාකාරං ඔලොකෙන්තූ”ති.
ස්වාමීනි ධනය නම් රැගෙන යන්නෝ නම් නැත. තම තමන් කළ කුශල කර්මයන්ම සත්ත්වයෝ රැගෙන යන්නෝය. ඔහු මෙසේ සිතුවේය. මම නම් මේ ධනය අරගෙනම යන්නෙමි. මෙලෙස සිතා දාන හෝ දෙමි පින් කම් හෝ කරමියි නො සිතා මේ සියල්ල පරිභෝග කරමි යන්නම සිතුවේය. ඔහු ලක්ෂයක් වියදම් කොට පළිගුමය නාන කොටුවක් කළේය. ලක්ෂයක් වියදම් කොට පළිගුමය නාහන ඵලකයක් - ලක්ෂයක් දී වාඩිවන ආසනයක් කරවීය, ලක්ෂයක් දී ආහාර ගන්නා භාජනයක්ද පැන් ගන්නා භාජන තබන තැනක්ද කරවීය. ලක්ෂයක් වියදම් කර මැදුරේ සීමැදුරු කවුළුවක් ද සැදවීය. තමන්ගේ උදේ ආහාරය සඳහා දහසක් දුන්නේය. රාත්‍රී ආහාරයටද දහසක්ම දුන්නේය. පසළොස්වක් දිනට නම් ආහාර සඳහා ලක්ෂයක් දුන්නේය. ඒ බත වළදන දින ලක්ෂයක් වියදම් කර නගරය අලංකාර කොට අණ බෙර ගැස්සවීය. ගන්ධ සිටුවරයා ආහාරය ගන්නා ආකාරය බලන්න කියා අණ බෙර ලෑමෙන්
මහාජනො මඤ්චාතිමඤ්චෙ බන්ධිත්වා සන්නිපති. සොපි සතසහස්සග්ඝනකෙ න්හානකොට්ඨකෙ සතසහස්සග්ඝනකෙ ඵලකෙ නිසීදිත්වා සොළසහි ගන්ධොදකඝටෙහි න්හත්වා තං සීහපඤ්ජරං විවරිත්වා තස්මිං පල්ලඞ්කෙ නිසීදි. අථස්ස තස්මිං ආසිත්තකූපධානෙ තං පාතිං ඨපෙත්වා සතසහස්සග්ඝනකං භොජනං වඩ්ඪෙසුං. සො නාටකපරිවුතො එවරූපාය සම්පත්තියා තං භොජනං භුඤ්ජති. අපරෙන සමයෙන එකො ගාමිකමනුස්සො අත්තනො පරිබ්බයාහරණත්ථං දාරුආදීනි යානකෙ පක්ඛිපිත්වා නගරං ගන්ත්වා සහායකස්ස ගෙහෙ නිවාසං ගණ්හි. තදා පන පුණ්ණමදිවසො හොති. “ගන්ධසෙට්ඨිනො භුඤ්ජනලීළං ඔලොකෙන්තූ”ති නගරෙ භෙරිං චරාපෙසි.
මහජනයා ඇඳක් පිට ඇඳක් තබා බැඳ රැස්වුහ. සිටුපුත්රයාද ලක්ෂ ගණනක් වටිනා දියකොටුවේ ලක්ෂ ගණනක් වටිනා පළගේ වාඩිවී සුවඳකළ පැන් කළ දහසකින් හා ඒ සීහපඤ්ජරය - (සිව්මැදුරු කවුළුව) ඇර එම පළගෙහි වාඩිවිය ඉක්බිති එහි තබන ලද කුහරයේ භාජනය තබා ආහාර බෙදුහ. ඔහු නළුවන් පිරිවරා මෙබදු සම්පතින් ඒ භෝජනය අනුභාවකරයි. ඊට පසු එක් දිනෙක එක් ගම්වැසි මිනිසෙක් තමාගේ වියදම උපයාගනු සඳහා දර ආදිය රථයක තබාගෙන නුවරට ගොස් මිතුරෙකුගේ නිවසක නැවතුනි. එදින පසළොස්වක දිනයකි. ගන්ධ සිටුවරයා ආහර ගැනීමේ ලීලාව බලන්නයි නගරයේ අණබෙර ලැවුහ.
අථ නං සහායකො ආහ – “සම්ම, ගන්ධසෙට්ඨිනො තෙ භුඤ්ජනලීළං දිට්ඨපුබ්බ”න්ති. “න දිට්ඨපුබ්බං, සම්මා”ති. “තෙන හි එහි, ගච්ඡාම, අයං නගරෙ භෙරී චරති, එතස්ස මහාසම්පත්තිං පස්සාමා”ති නගරවාසී ජනපදවාසිං ගහෙත්වා අගමාසි. මහාජනොපි මඤ්චාතිමඤ්චෙ අභිරුහිත්වා පස්සති. ගාමවාසී භත්තගන්ධං ඝායිත්වාව නගරවාසිං ආහ – “මය්හං එතාය පාතියා භත්තපිණ්ඩෙ පිපාසා ජාතා”ති. සම්ම, මා එතං පත්ථයි, න සක්කා ලද්ධුන්ති. සම්ම, අලභන්තො න ජීවිස්සාමීති. සො තං පටිබාහිතුං අසක්කොන්තො පරිසපරියන්තෙ ඨත්වා “පණමාමි තෙ, සාමී”ති තික්ඛත්තුං මහාසද්දං නිච්ඡාරෙත්වා “කො එසො”ති වුත්තෙ අහං, සාමීති. “කිමෙත”න්ති. “අයං එකො ගාමවාසී තුම්හාකං පාතියං භත්තපිණ්ඩෙ පිපාසං උපාදෙසි, එකං භත්තපිණ්ඩං දාපෙථා”ති. “න සක්කා ලද්ධු”න්ති. “කිං, සම්ම, සුතං තෙ”ති? “සුතං මෙ, අපිච ලභන්තො ජීවිස්සාමි, අලභන්තස්ස මෙ මරණං භවිස්සතී”ති. සො පුනපි විරවි –
අනතුරුව ඒ මිත්‍රයා මෙසේ පැවසීය. ගන්ධ සිටුවරයාගේ ආහාර ගැනීම දැක තිබේද? යහළුව දැක නැත. එසේනම් එන්න බලමුයි ඔහු නගරයේ බෙර හසුරුවයි. මහ සම්පත් බලමුයි නුවර වැස්සෝ ජනපදවාසීන් ද රැගෙන ගියහ. මහජනයා ඇඳන්පිට ඇඳන් බැඳ නැගී බලති. ගම්වැසි ජනයා බත් සුවඳ ආඝ්‍රාණය කොට නුවර වැස්සන්ට කීහ. මට මේ තලියෙන් බත් පිඬක් කන්නට ආශාවක් ඇතිවිය. යහළුව මෙසේ ප්‍රාර්ථනා නොකරන්න එය ලබාගන්නට නොහැකිය. යහළුව ඉදින් නොලබන්නේනම් ජීවිතය නොරැකෙන්නේ ය. ඔහුට ඒ පුද්ගලයා වළකාලන්නට නොහැකි විය. පිරිස කෙළවර සිටි ඔහු ස්වාමීනි මම ඔබට වඳිමියි තෙවරක් මහා හඬින් කීය. මේ කවුදැයි විමසූවිට ස්වාමීනි මම ඇයි මේ යයි විමසුවිට - මේ එක් ගම් වැසියෙකි. ඔබගේ භාජනයෙන් බත් පිඬක් ලැබීමේ ආශා ඇතිකරගත් අයෙකි. එක් බත් පිඬක් දෙනු මැනව. ලබන්නට නොහැකියයි පැවසුවිට කිම යහළුව ඇසුවේද? ලැබුනොත් ජීවත්වෙමි. නොලැබුනොත් මාගේ මරණය සිදුවන්නේය. හේ නැවත ද විලාප නැගීය.
“අයං කිර, සාමි, අලභන්තො මරිස්සති, ජීවිතමස්ස දෙථා”ති. අම්භො භත්තපිණ්ඩො නාම සතම්පි අග්ඝති, සතද්වයම්පි අග්ඝති. යො යො යාචති, තස්ස තස්ස දදමානො අහං කිං භුඤ්ජිස්සාමීති? සාමි, අයං අලභන්තො මරිස්සති, ජීවිතමස්ස දෙථාති. න සක්කාව මුධා ලද්ධුං, යදි පන අලභන්තො න ජීවති, තීණි සංවච්ඡරානි මම ගෙහෙ භතිං කරොතු, එවමස්ස භත්තපාතිං දාපෙස්සාමීති. ගාමවාසී තං සුත්වා “එවං හොතු, සම්මා”ති සහායකං වත්වා පුත්තදාරං පහාය “භත්තපාතිඅත්ථාය තීණි සංවච්ඡරානි භතිං කරිස්සාමී”ති සෙට්ඨිස්ස ගෙහං පාවිසි. සො භතිං කරොන්තො සබ්බකිච්චානි සක්කච්චං අකාසි. ගෙහෙ වා අරඤ්ඤෙ වා රත්තිං වා දිවා වා සබ්බානි කත්තබ්බකම්මානි කතානෙව පඤ්ඤායිංසු. “භත්තභතිකො”ති ච වුත්තෙ සකලනගරෙපි පඤ්ඤායි. අථස්ස දිවසෙ පරිපුණ්ණෙ භත්තවෙය්යාවටිකො “භත්තභතිකස්ස, සාමි, දිවසො පුණ්ණො, දුක්කරං තෙන කතං තීණි සංවච්ඡරානි භතිං කරොන්තෙන, එකම්පි කම්මං න කොපිතපුබ්බ”න්ති ආහ.
ස්වාමීනි මොහු මැරෙන්නේය ඔහුට ජීවත්වීමට ඉඩ දෙන්න. එම්බල ! බත් පිඩක් සියයක් වටී. දෙසියක් වටී. යම් යම් කෙනෙක් ඉල්ලයිද ඒ ඒ අයට දීමෙන් අප කුමක් අනුභව කරමුද? ස්වාමීනි මෙය නොලැබෙන්නේ මැරෙන්නේ ය. ඔහුට ජීවිතය දෙන්න. නැවත නොලබන්නේනම් ජීවත් නොවේ. වසර තුනක් මගේ ගෙයි බැලමෙහෙ කරනු. එවිට ඔහුට බත් පත දෙන්නෙමි. ගම්වැසියෝ එය අසා එසේ වේවායි යාළුවාට කියා අඹු දරුවන් අත්හැර - බත් පතක් වෙනුවෙන් අවුරුදු තුනක් සේවාකම් කරන්නෙමියි සිටුවරයාගේ ගෙට පිවිසියේය. හේ බැලමෙහෙ කරමින් සියලු කටයුතු හොඳින් කළේය. නිවසේ හෝ වනයේ හෝ දවල් හෝ රාත්‍රී හෝ කළ යුතු සියළු කටයුතු කළා සේ පෙනුණි. බත් බැලයා යයි මුළු නුවරම ප්‍රකට විය. ඉක්බිති දිනය පිරුණ විට සේවකයා කීවේය. සේවකයාගේ නියමිත දිනය පිරුනි. ඔහු විසින් දුෂ්කරවූ දෙයක් කරන ලදී. වසර තුනක් බැලමෙහෙ කරන්නා එක ක්රියාවකදු නොපිරි හෙලා කරන ලදී.
අථස්ස සෙට්ඨි අත්තනො සායපාතරාසත්ථාය ද්වෙ සහස්සානි, තස්ස පාතරාසත්ථාය සහස්සන්ති තීණි සහස්සානි දාපෙත්වා ආහ – “අජ්ජ මය්හං කත්තබ්බං පරිහාරං තස්සෙව කරොථා”ති. වත්වා ච පන ඨපෙත්වා එකං චින්තාමණිං නාම පියභරියං අවසෙසජනම්පි “අජ්ජ තමෙව පරිවාරෙථා”ති වත්වා සබ්බසම්පත්තිං තස්ස නිය්යාදෙසි. සො සෙට්ඨිනො න්හානොදකෙන තස්සෙව කොට්ඨකෙ තස්මිං ඵලකෙ නිසින්නො න්හත්වා තස්සෙව නිවාසනසාටකෙ නිවාසෙත්වා තස්සෙව පල්ලඞ්කෙ නිසීදි. සෙට්ඨිපි නගරෙ භෙරිං චරාපෙසි – “භත්තභතිකො ගන්ධසෙට්ඨිස්ස ගෙහෙ තීණි සංවච්ඡරානි භතිං කත්වා පාතිං ලභි, තස්ස භුඤ්ජනසම්පත්තිං ඔලොකෙන්තූ”ති. මහාජනො මඤ්චාතිමඤ්චෙ අභිරුහිත්වා පස්සති, ගාමවාසිස්ස ඔලොකිතොලොකිතට්ඨානං කම්පනාකාරප්පත්තං අහොසි. නාටකා පරිවාරෙත්වා අට්ඨසුං, තස්ස පුරතො භත්තපාතිං වඩ්ඪෙත්වා ඨපයිංසු. අථස්ස හත්ථධොවනවෙලාය ගන්ධමාදනෙ එකො පච්චෙකබුද්ධො සත්තමෙ දිවසෙ සමාපත්තිතො වුට්ඨාය “කත්ථ නු ඛො අජ්ජ භික්ඛාචාරත්ථාය ගච්ඡාමී”ති උපධාරෙන්තො භත්තභතිකං අද්දස. අථ සො “අයං තීණි සංවච්ඡරානි භතිං කත්වා භත්තපාතිං ලභි, අත්ථි නු ඛො එතස්ස සද්ධා, නත්ථී”ති උපධාරෙන්තො “අත්ථී”ති ඤත්වා “සද්ධාපි එකච්චෙ සඞ්ගහං කාතුං න සක්කොන්ති, සක්ඛිස්සති නු ඛො මෙ සඞ්ගහං කාතු”න්ති චින්තෙත්වා “සක්ඛිස්සති චෙව මම ච සඞ්ගහකරණං නිස්සාය මහාසම්පත්තිං ලභිස්සතී”ති ඤත්වා චීවරං පාරුපිත්වා පත්තමාදාය වෙහාසං අබ්භුග්ගන්ත්වා පරිසන්තරෙන ගන්ත්වා තස්ස පුරතො ඨිතමෙව අත්තානං දස්සෙසි.
ඉක්බිති සිටුවරයා තමාගේ උදේ ආහාරය සඳහා දෙදහසක්ද රාත්‍රී ආහාරය සඳහා දහසක් දැයි තුන් දහසක්දී මෙසේ කීවේය. අද මට කළයුතු සේවය (මෙහෙය) ඔහුටම කරන්න. මෙසේද කියා එක් සිතුමිණි රුවනක් නම් ප්‍රිය භාර්යාවයි. අවශේෂ ජනයා අද ඔහුව පිරිවරා ගන්නැයි කියා සියලු සම්පත් පවරා දුනි. ඔහු (ගැමියා) සිටුවරයාගේ නාන ජලයෙන් එම ජල කොටුවේ සිට ස්නානය කර ඔහුගේම නාන ඇඳුම් ඇද එම අසුනේ වාඩිවිය. සිටුවරයාද නුවර අණබෙර වාදනය කරවා බත් බැලයා සිටුවරයාගේ නිවසේ වසර තුනක් බැලමෙහෙ කොට බත් පත ලැබුවේය. ඔහුගේ ආහාර අනුභව සම්පත්තිය බලන්න. මිනිස්සු - ඇඳන් මත ඇඳන් තබා නැග බලති. බැලු බැලු තැන කම්පන ස්වරූපයක් දක්නට ලැබුනි. නළුවන් පිරිවරා සිටියහ. ඔහු අත බත් බඳුන වඩා තැබුහ. ඉක්බිති ඔහු අත සෝදන වේලාවේ ගන්ධමාන පර්වතයේ එක් පසේ බුදුවරයාණ නමක් සත් දිනක් සමවතින් නැගිට අද කොහි පිඬුපිණිස යන්නේදැයි සිහිකරමින් බත් බැලයා දුටුවහ. ඉක්බිති ඔහුට මෙබඳු අදහසක් වීය. මේ තැනැත්තා වසර තුනක් බැල මෙහෙකර බඳුනක් ලැබුවේය. මොහුට ශ්‍රද්ධාව ඇත්තේදැයි සිහිපත් කරන්නේ ඇති බව දැන ඇතැම් අයට ශ්‍රද්ධාව ඇතද සංග්‍රහ කරන්නට නොහැකි වෙති. මොහුට සංග්‍රහ කරන්නට හැකිවන්නේදැයි විමසා ඔහුට හැකිවන්නේ යයි ද මට සංග්‍රහ කර මහා සම්පත් ලබන්නේයයි දැන සිවුර පෙරවා පාත්‍රය ගෙන අහසට පැන නැගී පිරිස් අතරින් පැමිණ ඔහු ඉදිරියේ සිටිමින් තමන් පෙනෙන්නට සැලැස්වීය.
සො පච්චෙකබුද්ධං දිස්වා චින්තෙසි – “අහං පුබ්බෙ අදින්නභාවෙන එකිස්සා භත්තපාතියා අත්ථාය තීණි සංවච්ඡරානි පරගෙහෙ භතිං අකාසිං, ඉදානි මෙ ඉදං භත්තං එකං රත්තින්දිවං රක්ඛෙය්ය, සචෙ පන නං අය්යස්ස දස්සාමි, අනෙකානිපි කප්පකොටිසහස්සානි රක්ඛිස්සති, අය්යස්සෙව නං දස්සාමී”ති. සො තීණි සංවච්ඡරානි භතිං කත්වා ලද්ධභත්තපාතිතො එකපිණ්ඩම්පි මුඛෙ අට්ඨපෙත්වා තණ්හං විනොදෙත්වා සයමෙව පාතිං උක්ඛිපිත්වා පච්චෙකබුද්ධස්ස සන්තිකං ගන්ත්වා පාතිං අඤ්ඤස්ස හත්ථෙ දත්වා පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා පාතිං වාමහත්ථෙන ගහෙත්වා දක්ඛිණහත්ථෙන තස්ස පත්තෙ භත්තං ආකිරි. පච්චෙකබුද්ධො භත්තස්ස උපඩ්ඪසෙසකාලෙ පත්තං හත්ථෙන පිදහි. අථ නං සො ආහ – “භන්තෙ, එකොව පටිවිසො න සක්කා ද්විධා කාතුං, මා මං ඉධලොකෙන සඞ්ගණ්හථ, පරලොකෙන සඞ්ගහමෙව කරොථ, සාවසෙසං අකත්වා නිරවසෙසමෙව දස්සාමී”ති. අත්තනො හි ථොකම්පි අනවසෙසෙත්වා දින්නං නිරවසෙසදානං නාම, තං මහප්ඵලං හොති. සො තථා කරොන්තො සබ්බං දත්වා පුන වන්දිත්වා ආහ – “භන්තෙ, එකං භත්තපාතිං නිස්සාය තීණි සංවච්ඡරානි මෙ පරගෙහෙ භතිං කරොන්තෙන දුක්ඛං අනුභූතං, ඉදානි මෙ නිබ්බත්තනිබ්බත්තට්ඨානෙ සුඛමෙව හොතු, තුම්හෙහි දිට්ඨධම්මස්සෙව භාගී අස්ස”න්ති. පච්චෙකබුද්ධො “එවං හොතු, චින්තාමණි විය තෙ සබ්බකාමදදො මනොසඞ්කප්පා පුණ්ණචන්දො විය පූරෙන්තූ”ති අනුමොදනං කරොන්තො –
ඔහු පසේ බුදුන් දැක මෙසේ සිතුවේය. මම පෙර නොදුන් බැවින් මෙපමණ බත් පතක් සඳහා වසර තුනක් අන් අයගේ ගෙදරක බැලමෙහෙ කළෙමි. දැන් මේ බතින් එක් දිනක් රැකෙමි. ඉදින් මම මෙය ආර්යන් වහන්සේට දෙන්නේනම් නොයෙක් කල්ප කොටි දහස් ගණනාවක් මාව රකින්නේය. ආර්යයන් වහන්සේටම එය දෙමියි වසර තුනක් බැලමෙහෙ කර ලැබු බතින් එක් පිඩක් හෝ කටේ නොතබා තෘෂ්ණාව දුරුකොට තමන්ම භාජනය ඔසවා පසේ බුදුන් වෙත ගොස් භාජනය අනෙකකුගේ අත තබා පසඟ පිහිටුවා වැඳ භාජනය වම් අතින් ගෙන දකුණතින් උන්වහන්සේගේ පාත්‍රයේ බත් හෙලීය. පසේ බුදුහු බත් අඩක් ඉතිරි වු පාත්‍රය අතින් වැසුහ. ඉක්බිති ඔහු බුදුන්ට මෙසේ කීවේය. ස්වාමීනි එක් කොටසකින් දෙකක් කරන්නට නොහැකිය. මට මෙලොවින් සංග්‍රහ නොකරන්න පරලොවින් සංග්‍රහ කරන්න. කිසිවක් ඉතිරි නොකර සියල්ලම දෙමි. තමන්ට ටිකක් හෝ ඉතිරි නොකර දීම නිරවසේස දානය නම් වෙයි. එය මහත්ඵල වන්නේය. ඔහු මෙසේ කර නැවතද මෙසේ කීවේය. ස්වාමීනි මම එක් බත් පතක් නිසා වසර තුනක් බැලමෙහෙ කළෙමි. ඒ නිසා දුක් වින්දෙමි. මේ නිසා මේ දානයෙන් උපන් සියළු තැන යහපතක්ම වේවා. ඔබ වහන්සේට මෙලොව ප්රතිඵලම වේවා. පසේ බුදුවරයන් වහන්සේ එසේ වේවා සිතුමිණ සේ සියළු කැමති දේ දෙන මැණික සේද සිතේ අදහස් සියල්ල පුන් සඳ සේ ද සපිරේවායි අනුමෝදන් කරන්නේ
“ඉච්ඡිතං පත්ථිතං තුය්හං, සබ්බමෙව සමිජ්ඣතු; සබ්බෙ පූරෙන්තු සඞ්කප්පා, චන්දො පන්නරසො යථා.
සිතන පතන දේ ඔබට ලැබේවා පුන් සඳ සේ සව් ඉසුරු වැඩේවා
“ඉච්ඡිතං පත්ථිකං තුය්හං, ඛිප්පමෙව සමිජ්ඣතු; සබ්බෙ පූරෙන්තු සඞ්කප්පා, මණි ජොතිරසො යථා”ති. –
කැමති කැමති හැම දෙයම ලැබේවා සියලුම අදහස් නීති සපිරේවා සිතුමිණි රුවනක් අත ඇත්තෙකු සේ සිතන පතන හැම දෙයින් පිරේවා
වත්වා “අයං මහාජනො යාව ගන්ධමාදනපබ්බතගමනා මං පස්සන්තො තිට්ඨතූ”ති අධිට්ඨාය ආකාසෙන ගන්ධමාදනං අගමාසි.
මෙසේ දේශනා කර - මම ගන්ධමාන පර්වතයට යනතුරු මේ මහ ජනතාව බලාසිටීවායි අදිටන් කොට අහසින් ගන්ධමාන පර්වතයට වැඩම කළහ.
මහාජනොපි නං පස්සන්තොව අට්ඨාසි. සො තත්ථ ගන්ත්වා තං පිණ්ඩපාතං පඤ්චසතානං පච්චෙකබුද්ධානං විභජිත්වා අදාසි. සබ්බෙ අත්තනො පහොනකං ගණ්හිංසු. “අප්පො පිණ්ඩපාතො කථං පහොසී”ති න චින්තෙතබ්බං. චත්තාරි හි අචින්තෙය්යානි (අ· නි· 4.77) වුත්තානි, තත්රායං පච්චෙකබුද්ධවිසයොති. මහාජනො පච්චෙකබුද්ධානං පිණ්ඩපාතං විභජිත්වා දිය්යමානං දිස්වා සාධුකාරසහස්සානි පවත්තෙසි, අසනිසතනිපාකසද්දො විය අහොසි. තං සුත්වා ගන්ධසෙට්ඨි චින්තෙසි – “භත්තභතිකො මයා දින්නසම්පත්තිං ධාරෙතුං නාසක්ඛි මඤ්ඤෙ, තෙනායං මහාජනො පරිහාසං කරොන්තො සන්නිපතිතො නදතී”ති. සො තප්පවත්තිජානනත්ථං මනුස්සෙ පෙසෙසි. තෙ ආගන්ත්වා “සම්පත්තිධාරකා නාම, සාමි, එවං හොන්තූ”ති වත්වා තං පවත්තිං ආරොචෙසුං. සෙට්ඨි තං සුත්වාව පඤ්චවණ්ණාය පීතියා ඵුට්ඨසරීරො හුත්වා “අහො දුක්කරං තෙන කතං, අහං එත්තකං කාලං එවරූපාය සම්පත්තියා ඨිතො කිඤ්චි දාතුං නාසක්ඛි”න්ති තං පක්කොසාපෙත්වා “සච්චං කිර තයා ඉදං නාම කත”න්ති පුච්ඡිත්වා “ආම, සාමී”ති වුත්තෙ, “හන්ද, සහස්සං ගහෙත්වා තව දානෙ මය්හම්පි පත්තිං දෙහී”ති ආහ. සො තථා අකාසි. සෙට්ඨිපිස්ස සබ්බං අත්තනො සන්තකං මජ්ඣෙ භින්දිත්වා අදාසි.
මහජනයා ද උන්වහන්සේ දෙස බලමින් සිටියහ. උන්වහන්සේ එහි ගොස් එම පිණ්ඩපාත දානය. පන්සියයක් පසේ බුදුවරුන්ට බෙදා දුන්නේය. සියල්ලෝ තම තමන්ට ප්‍රමාණවත් තරම් ගත්හ. අල්ප වූ පිණ්ඩපාතය කෙසේ ප්‍රමාණවත් වේදැයි නොසිතිය යුතුය. අචින්තේය කරුණු සතරකි. එලෙසම පසේ බුද්ධ විෂය ද අචින්තේය මහජනයා පසේ බුදුවරුන්ට බෙදා දෙනු දැක සාධුකාර දහසක් පැවැත්වුහ. හෙණ සියයක් වැටෙන සේ මහ හඬ විය. මේ අසා ගන්ධ සිටුවරයා සිතුවේය බත්බැලයා මා දුන් සම්පත් දරනු නොහැකි විය. එනිසා මහජනයා අපහාස කරමින් එක්රැස්වී කෑගසති. ඔහු එම පුවත දැනගනු සඳහා මිනිසුන් යැවීය. ඔවුන් පැමිණ සම්පත් දරන්නෝනම් එලෙස වේවායි සිතා නාදකරන බව පැවසූහ. සිටුවරයා එය අසා පස්වණක් ප්‍රීතියෙන් ස්පර්ශ වූ ශරීර ඇතිව අහෝ දුෂ්කරවු දෙයක් විය. මම මෙපමණ කලක් මෙබඳු සම්පතකින් කිසිවක් දෙන්නට නොහැකි වීයයි ඔහුව කැඳවා ඔබ මෙබඳු දෙයක් කළා සැබෑදැයි විමසා එසේය ස්වාමීනි යයි කීවිට දහසක් ගෙන ඔබේ දානයේ පිං මට දෙන්නැයි කීවේය. ඔහු එසේ කළේය. සිටුවරයාද තමා සතු සියල්ල දෙකට බෙදා දුන්නේය.
චතස්සො හි සම්පදා නාම – වත්ථුසම්පදා, පච්චයසම්පදා, චෙතනාසම්පදා, ගුණාතිරෙකසම්පදාති. තත්ථ නිරොධසමාපත්තිරහො අරහා වා අනාගාමී වා දක්ඛිණෙය්යො වත්ථුසම්පදා නාම. පච්චයානං ධම්මෙන සමෙන උප්පත්ති පච්චයසම්පදා නාම. දානතො පුබ්බෙ දානකාලෙ පච්ඡා භාගෙති තීසු කාලෙසු චෙතනාය සොමනස්සසහගතඤාණසම්පයුත්තභාවො චෙතනාසම්පදා නාම. දක්ඛිණෙය්යස්ස සමාපත්තිතො වුට්ඨිතභාවො ගුණාතිරෙකසම්පදා නාමාති. ඉමස්ස ච ඛීණාසවො පච්චෙකබුද්ධො දක්ඛිණෙය්යා, භතිං කත්වා ලද්ධභාවෙන පච්චයො ධම්මතො උප්පන්නො, තීසු කාලෙසු පරිසුද්ධා චෙතනා, සමාපත්තිතො වුට්ඨිතමත්තො පච්චෙකබුද්ධො ගුණාතිරෙකොති චතස්සොපි සම්පදා නිප්ඵන්නා. එතාසං ආනුභාවෙන දිට්ඨෙව ධම්මෙ මහාසම්පත්තිං පාපුණන්ති. තස්මා සො සෙට්ඨිනො සන්තිකා සම්පත්තිං ලභි. අපරභාගෙ ච රාජාපි ඉමිනා කතකම්මං සුත්වා තං පක්කොසාපෙත්වා සහස්සං දත්වා පත්තිං ගහෙත්වා තුට්ඨමානසො මහන්තං භොගක්ඛන්ධං දත්වා සෙට්ඨිට්ඨානං අදාසි. භත්තභතිකසෙට්ඨීතිස්ස නාමං අකාසි.
සතර සම්පදානම් - වත්ථු සම්පදා - පච්චය සම්පදා චේතනා සම්පදා ගුණාතිරේක සම්පදා එහි නිරෝධ සමවතින් නැගිසිටි අරහත් හෝ අනාගාමී හෝ දක්ෂිණාව පිදිය යුතු උතුමා වත්ථු සම්පදා නම් වෙයි. ප්‍රත්‍යයන්ගේ ධර්මයෙන් සමයෙන් උපන් ප්‍රත්‍ය සම්පදාව නමි. දානයට පෙරද - දන්දෙන අතරද දානයෙන් පසුවද අවස්ථා තුනේදී පිරිසිදු චේතනාවෙන් සොම්නස් සහගත ඤාණ සම්පයුත්තභාවය චේතනා සම්පදා නමි. දක්ෂිණාව සඳහා සමාපත්තියෙන් නැගීසිටි බව - ගුණාතිරේක සම්පදා නම් වේ. මෙහිදී ක්ෂිණාශ්රව හෝ පසේ බුදුබව දක්ෂිණේය නම් බැලමෙහෙ කොට ලැබූ නිසා ප්‍රත්‍යය ධර්මයෙන් දෙය වෙයි. මුල - මැද - අග තුන්කල්හි පිරිසිදු වු සිත චේතනා සම්පදා නම් මේ සතර සම්පත් නිපන් මේ ආනුභාවයෙන් මෙලොව දීම මහා සම්පත් පැමිණෙති. එනිසාම ඒ සිටුවරයාගෙන් සම්පත් ලැබුණි. ඉන් පසුව රජු ද මොහු විසින් කරන ලද කර්මය අසා කැඳවා දහසක් දී පිං ගෙන සතුටු සිතින් මහත් භෝග සම්පත් දී සිටු තනතුරක් දුන්නේය. හේ භත්ත භතික සෙට්ඨි නමින් ප්‍රකට විය.
සො ගන්ධසෙට්ඨිනා සද්ධිං සහායො හුත්වා එකතො ඛාදන්තො පිවන්තො යාවතායුකං ඨත්වා තතො චුතො දෙවලොකෙ නිබ්බත්තිත්වා එකං බුද්ධන්තරං දිබ්බසම්පත්තිං අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං සාරිපුත්තත්ථෙරස්සූපට්ඨාකකුලෙ පටිසන්ධිං ගණ්හි. අථස්ස මාතා ලද්ධගබ්භපරිහාරා කතිපාහච්චයෙන “අහො වතාහං පඤ්චසතෙහි භික්ඛූහි සද්ධිං සාරිපුත්තත්ථෙරස්ස සතරසභොජනං දත්වා කාසායවත්ථනිවත්ථා සුවණ්ණසරකං ආදාය ආසනපරියන්තෙ නිසින්නා තෙසං භික්ඛූනං උච්ඡිට්ඨාවසෙසකං පරිභුඤ්ජෙය්ය”න්ති දොහළිනී හුත්වා තථෙව කත්වා දොහළං පටිවිනොදෙසි. සා සෙසමඞ්ගලෙසුපි තථාරූපමෙව දානං දත්වා පුත්තං විජායිත්වා නාමග්ගහණදිවසෙ “පුත්තස්ස මෙ, භන්තෙ, සික්ඛාපදානි දෙථා”ති ථෙරං ආහ. ථෙරො “කිමස්ස නාම”න්ති පුච්ඡි. “භන්තෙ, පුත්තස්ස මෙ පටිසන්ධිග්ගහණතො පට්ඨාය ඉමස්මිං ගෙහෙ කස්සචි දුක්ඛං නාම න භූතපුබ්බං, තෙනෙවස්ස සුඛකුමාරොති නාමං භවිස්සතී”ති වුත්තෙ තදෙවස්ස නාමං ගහෙත්වා සික්ඛාපදානි අදාසි.
ඔහු ගන්ධ සිටුවරයා සමග මිත්‍රවී එකට අනුභව කරන්නේ කමින් බොමින් නිදමින් දිවි ඇති තෙක් සිට ඉන් චුතවූයේ දෙලොව ඉපිද එක් බුද්ධාන්තරයක් දිව්‍යමය සම්පත් අනුභව කර මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවත් නුවර සැරියුත් තෙරුන්ට උවටැන් කරන කුලයක ප්රතිසන්ධි ගත්තේය. ඉක්බිති ඔහුගේ මව ලබන ලද ගබ් පෙළහර ඇත්තේ දින කීපයකින් මෙබඳු දොළදුකක් ඇතිවිය. පන්සියයක් භික්ෂූන් සමග සැරියුත් මහ තෙරුන්ට සියගණන් රස බොජුනක් දී කහපාට වතත් ඇඳගෙන රන් බදුනක් ගෙන භික්ෂූන් වහන්සේලාගේ අසුන් කෙළවර හිඳ එම භික්ෂූන් වහන්සේලා ඉතිරිකරන ලද. (ඉඳුල් බත් කන්නෙමියි) යන දොළදුක ඇතිව - එසේම කර දොළදුක දුරු කර ගත්තාය. ඇය සෙසු මංගල අවස්ථාවල දීද එලෙසම දන් දී දරුවකු බිහිකර නම් දෙන දිනයේ දී ස්වාමීනි මගේ පුතුට සික්ඛාපද දෙන්නැයි තෙරුන්ට පැවසුවාය. තෙරුන් වහන්සේ මොහුගේ නම කුමක්දැයි විමසුහ. ස්වාමීනි මේ දරුවා පිළිසඳගත් තැන්සිට මේ නිවසේ කිසිවෙකුටත් දුකක් නම් නොවීය. එනිසා මොහුට සුබුම කුමාර යන නම යෙදිය යුතු යයි පැවසුවිට එම නම යොදා පන්සිල් පද දුන්නේය.
තදා එවඤ්චස්ස මාතු “නාහං මම පුත්තස්ස අජ්ඣාසයං භින්දිස්සාමී”ති චිත්තං උප්පජ්ජි. සා තස්ස කණ්ණවිජ්ඣනමඞ්ගලාදීසුපි තථෙව දානං අදාසි. කුමාරොපි සත්තවස්සිකකාලෙ “ඉච්ඡාමහං, අම්ම, ථෙරස්ස සන්තිකෙ පබ්බජිතු”න්ති ආහ. සා “සාධු, තාත, නාහං තව අජ්ඣාසයං භින්දිස්සාමී”ති ථෙරං නිමන්තෙත්වා භොජෙත්වා, “භන්තෙ, පුත්තො මෙ පබ්බජිතුං ඉච්ඡති, ඉමාහං සායන්හසමයෙ විහාරං ආනෙස්සාමී”ති ථෙරං උය්යොජෙත්වා ඤාතකෙ සන්නිපාතෙත්වා “පුත්තස්ස මෙ ගිහිකාලෙ කත්තබ්බං කිච්චං අජ්ජෙව කරිස්සාමා”ති වත්වා පුත්තං අලඞ්කරිත්වා මහන්තෙන සිරිසොභග්ගෙන විහාරං නෙත්වා ථෙරස්ස නිය්යාදෙසි. ථෙරොපි තං, “තාත, පබ්බජ්ජා නාම දුක්කරා, සක්ඛිස්සසි අභිරමිතු”න්ති වත්වා “කරිස්සාමි වො, භන්තෙ, ඔවාද”න්ති වුත්තෙ කම්මට්ඨානං දත්වා පබ්බාජෙසි.
එදින මවට මම පුතුගේ අදහස නොබිඳිමියි සිතක් ඇතිවිය. ඇය ඔහුගේ කන විදින මංගල අවස්ථාවලදී ද එසේම දන් දුන්නාය. කුමරුද වයස අවුරුදු හතේ දී මෑණියනි මම තෙරුන් ළඟ පැවිදි වීමට කැමති යයි පැවසුවේය. හොඳයි දරුව මම ඔබගේ ප්‍රාර්ථනය නොබිඳිමියි තෙරුන්ට ආරාධනා කොට ස්වාමීනි මගේ පුතු පැවිදි වීමට කැමතියි මම ඔහු සවස විහාරයට ගෙන එන්නෙමියි පැවසුවාය. තෙරුන් වහන්සේ උනන්දුකර ඤාතීන්ට දැනුම්දී රැස්කරවා මගේ පුතුට ගිහිකාලයේ කළ යුතු වතාවන් අදම කරමියි කියා පුතු සරසා මහත් සිරිසරින් යුතුව විහාරයට ගෙන ගොස් තෙරුන්ට පාවා දුන්නාය. තෙරුන් වහන්සේ ද දරුව පැවිදිවීම නම් දුෂ්කරය. පැවිදිවීමට කැමතිදැයි විමසුවෝය. ස්වාමීනි ඔබ වහන්සේගේ අවවාද රකිමි. පැවසුවට කමටහනක් දී පැවිදි කළහ.
මාතාපිතරොපිස්ස පබ්බජ්ජාය සක්කාරං කරොන්තා අන්තොවිහාරෙයෙව සත්තාහං බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස සතරසභොජනං දත්වා සායං අත්තනො ගෙහං අගමංසු. අට්ඨමෙ දිවසෙ සාරිපුත්තත්ථෙරො භික්ඛුසඞ්ඝෙ ගාමං පවිට්ඨෙ විහාරෙ කත්තබ්බකිච්චං කත්වා සාමණෙරං පත්තචීවරං ගාහාපෙත්වා ගාමං පිණ්ඩාය පාවිසි. සාමණෙරො අන්තරාමග්ගෙ මාතිකාදීනි දිස්වා පණ්ඩිතසාමණෙරො විය පුච්ඡි. ථෙරොපි තස්ස තථෙව බ්යාකාසි. සාමණෙරො තානි කාරණානි සුත්වා “සචෙ තුම්හෙ අත්තනො පත්තචීවරං ගණ්හෙය්යාථ, අහං නිවත්තෙය්ය”න්ති වත්වා ථෙරෙන තස්ස අජ්ඣාසයං අභින්දිත්වා, “සාමණෙර, දෙහි මම පත්තචීවර”න්ති පත්තචීවරෙ ගහිතෙ ථෙරං වන්දිත්වා නිවත්තමානො, “භන්තෙ, මය්හං ආහාරං ආහරමානො සතරසභොජනං ආහරෙය්යාථා”ති ආහ. කුතො තං ලභිස්සාමීති? අත්තනො පුඤ්ඤෙන අලභන්තො මම පුඤ්ඤෙන ලභිස්සථ, භන්තෙති. අථස්ස ථෙරො කුඤ්චිකං දත්වා ගාමං පිණ්ඩාය පාවිසි. සොපි විහාරං ආගන්ත්වා ථෙරස්ස ගබ්භං විවරිත්වා පවිසිත්වා ද්වාරං පිධාය අත්තනො කායෙ ඤාණං ඔතාරෙත්වා නිසීදි.
ඔහුගේ දෙමාපියෝ පැවිදි තැනැත්තාට සත්කාර කරන්නේ ඇතුළු විහාරයේම දින හතක් බුද්ධ ප්රමුඛ භික්ෂු සංඝයාට සියගණනින් රස ආහර දී සවස තමන්ගේ ගෙට ගියහ. අටවැනි දින සැරියුත් තෙරුන් භික්ෂු සංඝයා ගමට පිවිසිවිට විහාරයේ කළයුතු වතාවත් කොට සාමණේර ලවා පා සිවුරු ගෙන්වාගෙන ගමට පිඬු පිණිස නික්මුණහ. අතරමගදී සාමණේරයන් වහන්සේ දියාලුවන් ආදීන් දැක පණ්ඩිත සාමණේරයන් ලෙසට නොයෙක් ප්‍රශ්න විමසුහ. තෙරුන් වහන්සේ ද එලෙසටම විසඳුහ. සාමණේරයන් මම කරුණු අසා ඉදින් ඔබ වහන්සේගේ පාසිවුරු මගෙන් ගන්නේ නම් මම නවතින්නෙමියි කියා තෙරුන්වහන්සේ ඔහුගේ අදහස නොබිඳ පාසිවුරු ගෙනෙන්නැයි ලබාගෙන සිටි විට තෙරුන් වැඳ නවතිමින් ස්වාමීනි මට ආහාර ගෙනෙන විට සත රස ආහාර ගෙනත් දෙන්නැයි පැවසුවේය. මම කොහින් ලබන්නේද? තමන් වහන්සේගේ පිනෙන් නොලැබෙන බව පැවසුවිට තමන්ගේ පිනෙන් ලැබෙන බව පැවසුවේය. ඉක්බිති තෙරුන් වහන්සේ යතුර දි ගමට පිඬු පිණිස වැඩම කළහ. ඒ සාමණේරයන් වහන්සේ විහාරයට අවුත් තෙරුන්ගේ කාමරය විවරකර - නැවත දොර වසා තමන්ගේ සිරුර පිළිබඳ ඤාණයට බැස වාඩිවිය.
තස්ස ගුණතෙජෙන සක්කස්ස ආසනං උණ්හාකාරං දස්සෙසි. සක්කො “කිං නු ඛො එත”න්ති ඔලොකෙන්තො සාමණෙරං දිස්වා “සුඛසාමණෙරො අත්තනො උපජ්ඣායස්ස පත්තචීවරං දත්වා ‘සමණධම්මං කරිස්සාමී’ති නිවත්තො, මයා තත්ථ ගන්තුං වට්ටතී”ති චින්තෙත්වා චත්තාරො මහාරාජෙ පක්කොසාපෙත්වා “ගච්ඡථ, තාතා, විහාරස්සූපවනෙ දුස්සද්දකෙ සකුණෙ පලාපෙථා”ති උය්යොජෙසි. තෙ තථා කත්වා සාමන්තා ආරක්ඛං ගණ්හිංසු. චන්දිමසූරියෙ “අත්තනො විමානානි ගහෙත්වා තිට්ඨථා”ති ආණාපෙසි. තෙපි තථා කරිංසු. සයම්පි ආවිඤ්ඡනට්ඨානෙ ආරක්ඛං ගණ්හි. විහාරො සන්නිසින්නො නිරවො අහොසි. සාමණෙරො එකග්ගචිත්තෙන විපස්සනං වඩ්ඪෙත්වා තීණි මග්ගඵලානි පාපුණි. ථෙරො “සාමණෙරෙන ‘සතරසභොජනං ආහරෙය්යාථා’ති වුත්තං, කස්ස නු ඛො ඝරෙ සක්කා ලද්ධු”න්ති ඔලොකෙන්තො එකං අජ්ඣාසයසම්පන්නං උපට්ඨාකතුලං දිස්වා තත්ථ ගන්ත්වා, “භන්තෙ, සාධු වො කතං අජ්ජ ඉධාගච්ඡන්තෙහී”ති තෙහි තුට්ඨමානසෙහි පත්තං ගහෙත්වා නිසීදාපෙත්වා යාගුඛජ්ජකං දත්වා යාව භත්තකාලං ධම්මකථං යාචිතො තෙසං සාරණීයධම්මකථං කථෙත්වා කාලං සල්ලක්ඛෙත්වා දෙසනං නිට්ඨාපෙසි. අථස්ස සතරසභොජනං දත්වා තං ආදාය ගන්තුකාමං ථෙරං දිස්වා “භුඤ්ජථ, භන්තෙ, අපරම්පි තෙ දස්සාමා”ති ථෙරං භොජෙත්වා පුන පත්තපූරං අදංසු. ථෙරො තං ආදාය “සාමණෙරො මෙ ඡාතො”ති තුරිතතුරිතො විහාරං පායාසි. තං දිවසං සත්ථා පාතොව නික්ඛමිත්වා ගන්ධකුටියං නිසින්නොව ආවජ්ජෙසි – “අජ්ජ සුඛසාමණෙරො උපජ්ඣායස්ස පත්තචීවරං දත්වා ‘සමණධම්මං කරිස්සාමී’ති නිවත්තො, නිප්ඵන්නං නු ඛො තස්ස කිච්ච”න්ති. සො තිණ්ණංයෙව මග්ගඵලානං පත්තභාවං දිස්වා උත්තරිපි උපධාරෙන්තො “සක්ඛිස්සතායං අජ්ජ අරහත්තං පාපුණිතුං, සාරිපුත්තො පන ‘සාමණෙරො මෙ ඡාතො’ති වෙගෙන භත්තං ආදාය නික්ඛමති, සචෙ ඉමස්මිං අරහත්තං අප්පත්තෙ භත්තං ආහරිස්සති, ඉමස්ස අන්තරායො භවිස්සති, මයා ගන්ත්වා ද්වාරකොට්ඨකෙ ආරක්ඛං ගණ්හිතුං වට්ටතී”ති චින්තෙත්වා ගන්ධකුටිතො නික්ඛමිත්වා ද්වාරකොට්ඨකෙ ඨත්වා ආරක්ඛං ගණ්හි.
ඔහුගේ ගුණ තේජසින් ශක්‍ර දේවේන්ද්රයාගේ අසුන උණුසුම් විය. සක්දෙවිඳු මේ කුමක් දැයි විමසන්නේ සාමණේරයන් දක සුඛ සාමණේරතුමාගේ උපාධ්‍යයන් වහන්සේට පා සිවුරු දී සමණ දහම් කරන්නට විධි නැවතුනි. මා විසින් එහි යායුතු වෙයි. සිතා සතර වරම් මහ රජවරු කැඳවා දරුවනි යන්න. විහාරය ආසන්න වනයේ නරක ශබ්ද කරන පක්ෂීන් පළවා හරින්නැයි උනන්දු කළේය. ඔවුන් එසේ කොට හාත්පස ආරක්ෂාව සැළසුහ. සඳ හිරු දෙදෙනා තමන්ගේ විමානවලට වී සිටින්නැයි අණ කළේය. ඔවුන්ද එසේ කළහ. තමන් ද ස්ථානයේ සිට ආරක්ෂාව සැළසිය. විහාරයේ සිටි සාමණේරයන් වහන්සේ එකග සිතින් විදසුන් වඩා මාර්ග ඵලයන්ට පත්වුනි. සාමණේරයන් වහන්සේ සතරස භෝජනය ගෙන ඒමට තෙරුන්ට කී හෙයින් කාගේ නිවසින් ලබාගත හැකිදැයි බලන්නේ එක් යහපත් අපේක්ෂා ඇති කුලයක් දැක එහි ගොස් ස්වාමීනි ඔබ වහන්සේ විසින් යහපතක් කරන ලදී. අද අපේ නිවසට වඩින්නැයි කියා සතුටු සිතින් පාත්‍රය ගෙන වඩා හිඳුවා කැඳ කැවිලි ආදිය දී දානය වළඳන තෙක් ධර්ම කථාවක් ඉල්ලා සිටියෙන් සිහි කටයුතු දැහැමි කථාවක් කර කාලය ගැන සලකා දේශනය නිමාකළහ. ඉක්බිති උන්වහන්සේට සතරස භෝජනය පිළිගන්වා සිටි විට එය රැගෙන යනු කැමති බව දැන තෙරුන් වහන්සේට ස්වාමීනි මෙහි සිට වළඳන්න. පසුව ගෙනයාම සඳහා දෙන්නෙමැයි කියා තෙරුන්ට වැළඳවීය නැවත දෙවනුව පාත්‍රය පුරා සතරස භෝජනය බෙදුහ. තෙරුන් වහන්සේ එය ලබාගෙන සාමණේරයන් කුසගින්නේ සිටින්නේයයි සිතා වහවහා වැඩම කළහ. එදවස බුදුරජාණන් වහන්සේ උදැසනම නික්මී ගඳකිළියේ සිටිමින්ම ආවර්ජනා කළහ. අද සුඛ සාමණේරයන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේට පාත්‍ර සිවුරු දී මහණ දම් කරන්නෙමියි නැවතුනේ ඔහු කාර්යය සම්පූර්ණ වූවේ දැයි බලන්නේ මාර්ගඵල තුනට පත්වූ බව දැක අද දින ඔහුට රහත් වීමට හැකිදැයි තවදුරටත් විමසුවේ රහත් බවට පත්වන බව දැන බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරුන් දානය ලබාගෙන වහ වහා විහාරය බලා එන බව දැන රහත් වීමට පෙර බාධාවක් වන නිසා තමන් වහන්සේ කල් ඇතිව ගොස් දොරකඩ සිටිය යුතුයයි සිතා ගඳකිළියෙන් නික්ම ගොස් සාමණේරයන් සිටි ආරාමය දොරටුවේ සිට ආරක්ෂාව සැලසූහ.
ථෙරොපි භත්තං ආහරි. අථ නං හෙට්ඨා වුත්තනයෙනෙව චත්තාරො පඤ්හෙ පුච්ඡි. පඤ්හවිස්සජ්ජනාවසානෙ සාමණෙරො අරහත්තං පාපුණි. සත්ථා ථෙරං ආමන්තෙත්වා “ගච්ඡ, සාරිපුත්ත, සාමණෙරස්ස තෙ භත්තං දෙහී”ති ආහ. ථෙරො ගන්ත්වා ද්වාරං ආකොටෙසි. සාමණෙරොපි නික්ඛමිත්වා උපජ්ඣායස්ස වත්තං කත්වා “භත්තකිච්චං කරොහී”ති වුත්තෙ ථෙරස්ස භත්තෙන අනත්ථිකභාවං ඤත්වා සත්තවස්සිකකුමාරො තඞ්ඛණඤ්ඤෙව අරහත්තං පත්තො නීචාසනට්ඨානං පච්චවෙක්ඛන්තො භත්තකිච්චං කත්වා පත්තං ධොවි. තස්මිං කාලෙ චත්තාරො මහාරාජානො ආරක්ඛං විස්සජ්ජෙසුං. චන්දිමසූරියාපි විමානානි මුඤ්චිංසු. සක්කොපි ආවිඤ්ඡනට්ඨානෙ ආරක්ඛං විස්සජ්ජෙසි. සූරියො නභමජ්ඣං අතික්කන්තොයෙව පඤ්ඤායි.
සැරියුත් තෙරුන් වහන්සේ ද සතරස භෝජනය රැගෙන වැඩම කළහ. පෙර කී ලෙසටම ප්‍රශ්න සතර විසඳා අවසන සාමණ්රයන් වහන්සේ අර්හත්වයට පත්විය බුදුහු සැරියුත් තෙරුන් අමතා සැරියුත් යන්න. සාමණ්රයන්ට බත් දෙන්න යයි පැවසුහ. තෙරුන් වහන්සේ ගොස් දොරට තට්ටු කළහ. සාමණෙර නික්මී උපාධ්‍යයන් වහන්සේට වතාවත්කර බත් කිස කරන්නැයි කී කල තෙරුන්ට දානය අනවශ්‍ය බව දැන සත් වයස් වු කුමරු එකෙනෙහිම රහත්බවට පත්වුයේ නිවන ප්රත්යවේක්ෂා කරමින් බත්කිස කර පාත්‍රය සේදුවේය. එම අවස්ථාවේදී සතර වරම් රජවරු ආරක්ෂාව විසරවුහ. හිරු අහස් මැද පසුකරව - සවස් කාලය දැක්වීය.
භික්ඛූ “සායන්හො පඤ්ඤායති, සාමණෙරෙන ච ඉදානෙව භත්තකිච්චං කතං, කිං නු ඛො අජ්ජ පුබ්බණ්හො බලවා ජාතො, සායන්හො මන්දො”ති වදිංසු. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා, “භන්තෙ, අජ්ජ පුබ්බණ්හො බලවා ජාතො, සායන්හො මන්දො, සාමණෙරෙන ච ඉදානෙව භත්තකිච්චං කතං, අථ ච පන සූරියො නභමජ්ඣං අතික්කන්තොයෙව පඤ්ඤායතී”ති වුත්තෙ, “භික්ඛවෙ, එවමෙවං හොති පුඤ්ඤවන්තානං සමණධම්මකරණකාලෙ. අජ්ජ හි චත්තාරො මහාරාජානො සාමන්තා ආරක්ඛං ගණ්හිංසු, චන්දිමසූරියා විමානානි ගහෙත්වා අට්ඨංසු, සක්කො ආවිඤ්ඡනකෙ ආරක්ඛං ගණ්හි, අහම්පි ද්වාරකොට්ඨකෙ ආරක්ඛං ගණ්හිං, අජ්ජ සුඛසාමණෙරො මාතිකාය උදකං හරන්තෙ, උසුකාරෙ උසුං උජුං කරොන්තෙ, තච්ඡකෙ චක්කාදීනි කරොන්තෙ දිස්වා අත්තානං දමෙත්වා අරහත්තං පත්තො”ති වත්වා ඉමං ගාථමාහ –
භික්ෂූන් වහන්සේලා “සවස් භාගය ඇතිවිය. සාමණේරයන් වහන්සේ ද දැන් බත්කිස නිමවීය. කුමක් නිසා අද දිවාකාලය වැඩි වීද?” ආදී වශයෙන් කථා කළහ. බුදුහු පැමිණ මහණෙනි මා පැමිණීමට පෙර කිනම් කථාවකින් යුතුව සිටින්නේදැයි විමසුහ. භික්ෂූන් වහන්සේලා පිළිතුරු දෙමින් ස්වාමීනි අද පෙරවරුව බලවත්විය. (වැඩිවිය) සවස් කාලය අඩුවිය. සාමණේරයන් වහන්සේ දන් වළදා අවසන්විය. එමෙන්ම හිරුද මධ්‍යහනයෙන් නික්මී තිබෙනු දක්නට ලැබෙයි. යනුවෙන් පැවසුවිට මහණෙනි එසේ සිදුවේ. පින්වත් අය මහණ දම් කරනවිට අද සතරවරම් රජවරු හාත්පස ආරක්ෂාව සැලසුහ. සඳ හිරු දෙදෙන විමන්වලට වී සිටියහ. සක්දෙව් රජ දොර අගුලු වෙත ආරක්ෂාව ගත්හ. මම ද දොර කොටුවේ සිට ආරක්ෂාව සැලසිමි. අද සුඛ සාමණේරයන් වහන්සේ දියාලුවෝ ජලය ගෙන යන අයුරුත් වඩුවෝ ලී ඇද අරින අයුරින් - හිවඩුවෝ හි ඇද අරින අයුරින්ද වඩුවා ඇද නැති රිය සක හදන අයුරින් දැක බලා තම සිත දමනය කර රහත් බවට පත්වී යයි පවසා මේ ගාථාව පැවසුහ.
“උදකඤ්හි නයන්ති නෙත්තිකා, උසුකාරා නමයන්ති තෙජනං; දාරුං නමයන්ති තච්ඡකා, අත්තානං දමයන්ති සුබ්බතා”ති.
ගොවියෝ දිය ගෙනෙති තමනට රිසි තැනට හීයේ ඇද හරී කම්මල්කරු යසට වඩුවෝ ලී නමති සක හසුරන ලෙසට දමනය කරයි සිත සද්දන සිව්මගට
දිය ඇලි කපන්නෝ කැමති තැනට ජලය ගෙනයති. හී වඩුවෝ කැමතිලෙස හීය ඇද යවති වඩුවෝ දැව රිසිසේ නවාගනිති. සුචච වුවෝ තම සිත සුදුසු ලෙස හසුරුවා ගනිති.
තත්ථ සුබ්බතාති සුවදා, සුඛෙන ඔවදිතබ්බා අනුසාසිතබ්බාති අත්ථො. සෙසං හෙට්ඨා වුත්තනයමෙව.
එහි - සුබ්බතා -යනු සුවසේ අවවාද අසන අනුශාසනා පිළිගන්නා අයයි. ඉතිරිය පෙර කී පරිදිය.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයට පත්වූහ.
සුඛසාමණෙරවත්ථු එකාදසමං.
දණ්ඩවග්ගවණ්ණනා නිට්ඨිතා.
දහවැනි වර්ගය නිමි.
දසමො වග්ගො.
දසවැනි දණ්ඩ වර්ගය නිමියේය.