1. විසාඛාය සහායිකානං වත්‍ථු අට‍්ඨකථා
1. විසාඛාය සහායිකානං වත්‍ථු
1. විශාඛා උවසියගේ පන්සියයක් යෙහෙළියන්ගේ කථා පුවත
කො නු හාසො කිමානන්‍දොති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො විසාඛාය සහායිකායො ආරබ‍්භ කථෙසි.
“කොනුහාසො කිමානන්දො” යන මෙම ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වැඩසිටිය දී විශාඛාවගේ යෙහෙළියන් නිමිති කරගෙන දේශනා කළහ.
සාවත්‍ථියං කිර පඤ‍්චසතා කුලපුත‍්තා “එවං ඉමා අප‍්පමාදවිහාරිනියො භවිස‍්සන‍්තී”ති අත‍්තනො අත‍්තනො භරියායො විසාඛං මහාඋපාසිකං සම‍්පටිච‍්ඡාපෙසුං. තා උය්‍යානං වා විහාරං වා ගච‍්ඡන‍්තියො තාය සද‍්ධිංයෙව ගච‍්ඡන‍්ති. තා එකස‍්මිං කාලෙ “සත‍්තාහං සුරාඡණො භවිස‍්සතී”ති ඡණෙ සඞ‍්ඝුට‍්ඨෙ අත‍්තනො අත‍්තනො සාමිකානං සුරං පටියාදෙසුං. තෙ සත‍්තාහං සුරාඡණං කීළිත්‍වා අට‍්ඨමෙ දිවසෙ කම‍්මන‍්තභෙරියා නික‍්ඛන‍්තාය කම‍්මන‍්තෙ අගමංසු.
සැවැත් නුවර පන්සියයක් කුල පුත්‍රයෝ තම තමන්ගේ භාර්යාවන් පන්සියයක් අප්‍රමාදීව කටයුතු කරන අය ලෙසට හඳුන්වා විශාඛා මහා උපාසිකාවට පවරා දුන්හ. මෙම කාන්තාවෝ විශාඛාව උයනට හෝ විහාරයට යනවිට ඇය සමගම යති. මෑලා එක් අවස්ථාවක දින හතක් පුරා උත්සවය පවත්වන්නේ යයි දැනුම් දුන් පසු තම තමන්ගේ සාමි පුත්‍රයන්ට රා බීමට අවස්ථාව ලබා දුන්හ. ඔවුහු දින හතක් රා බී මධුපානෝත්සවය අවසන් කර අටවැනි දින වැඩ සඳහා යාමට අණබෙර නාදකළ විට ඔවුනොවුන්ගේ කර්මාන්ත සඳහා නික්ම ගියහ.
තාපි ඉත්‍ථියො “මයං සාමිකානං සම‍්මුඛා සුරං පාතුං න ලභිම‍්හා, අවසෙසා සුරා ච අත්‍ථි, ඉදං යථා තෙ න ජානන‍්ති, තථා පිවිස‍්සාමා”ති විසාඛාය සන‍්තිකං ගන‍්ත්‍වා “ඉච‍්ඡාම, අය්‍යෙ, උය්‍යානං දට‍්ඨු”න‍්ති වත්‍වා “සාධු, අම‍්මා, තෙන හි කත‍්තබ‍්බකිච‍්චානි කත්‍වා නික‍්ඛමථා”ති වුත‍්තෙ තාය සද‍්ධිං ගන‍්ත්‍වා පටිච‍්ඡන‍්නාකාරෙන සුරං නීහරාපෙත්‍වා උය්‍යානෙ පිවිත්‍වා මත‍්තා විචරිංසු. විසාඛාපි “අයුත‍්තං ඉමාහි කතං, ඉදානි මං ‘සමණස‍්ස ගොතමස‍්ස සාවිකා විසාඛා සුරං පිවිත්‍වා විචරතී’ති තිත්‍ථියාපි ගරහිස‍්සන‍්තී”ති චින‍්තෙත්‍වා තා ඉත්‍ථියො ආහ – “අම‍්මා අයුත‍්තං වො කතං, මමපි අයසො උප‍්පාදිතො, සාමිකාපි වො කුජ‍්ඣිස‍්සන‍්ති, ඉදානි කිං කරිස‍්සථා”ති. ගිලානාලයං දස‍්සයිස‍්සාම, අය්‍යෙති. තෙන හි පඤ‍්ඤායිස‍්සථ සකෙන කම‍්මෙනාති. තා ගෙහං ගන‍්ත්‍වා ගිලානාලයං කරිංසු. අථ තාසං සාමිකා “ඉත්‍ථන‍්නාමා ච ඉත්‍ථන‍්නාමා ච කහ”න‍්ති පුච‍්ඡිත්‍වා “ගිලානා”ති සුත්‍වා “අද‍්ධා එතාහි අවසෙසසුරා පීතා භවිස‍්සන‍්තී”ති සල‍්ලක‍්ඛෙත්‍වා තා පොථෙත්‍වා අනයබ්‍යසනං පාපෙසුං. තා අපරස‍්මිම‍්පි ඡණවාරෙ තථෙව සුරං පිවිතුකාමා විසාඛං උපසඞ‍්කමිත්‍වා, “අය්‍යෙ, උය්‍යානං නො නෙහී”ති වත්‍වා “පුබ‍්බෙපි මෙ තුම‍්හෙහි අයසො උප‍්පාදිතො, ගච‍්ඡථ, න වො අහං නෙස‍්සාමී”ති තාය පටික‍්ඛිත‍්තා “ඉදානි එවං න කරිස‍්සාමා”ති සම‍්මන‍්තයිත්‍වා පුන තං උපසඞ‍්කමිත්‍වා ආහංසු, “අය්‍යෙ, බුද‍්ධපූජං කාතුකාමාම‍්හා, විහාරං නො නෙහී”ති. ඉදානි අම‍්මා යුජ‍්ජති, ගච‍්ඡථ, පරිවච‍්ඡං කරොථාති. තා චඞ‍්කොටකෙහි ගන්‍ධමාලාදීනි ගාහාපෙත්‍වා සුරාපුණ‍්ණෙ මුට‍්ඨිවාරකෙ හත්‍ථෙහි ඔලම‍්බෙත්‍වා මහාපටෙ පාරුපිත්‍වා විසාඛං උපසඞ‍්කමිත්‍වා තාය සද‍්ධිං විහාරං පවිසමානා එකමන‍්තං ගන‍්ත්‍වා මුට‍්ඨිවාරකෙහෙව සුරං පිවිත්‍වා වාරකෙ ඡඩ‍්ඩෙත්‍වා ධම‍්මසභායං සත්‍ථු පුරතො නිසීදිංසු .
මේ ස්ත්‍රීහු ද අපගේ ස්වාමීවරුන් ඉදිරියේ සුරාපානය කළ නොහැකියයි ද ඉතිරිවු සුරා ඇති හෙයින් පානය කරමුයි කියා විශාඛාව වෙත ගොස් ආර්යාවනි උයන් නැරඹුමට යමුයි යෝජනාකර හොඳයි මෑණිවරුනි ! කළ යුතු දෑ කර පැමිණෙන්නැයි පැවසූවිට, පසුව පැමිණ විශාඛාව සමග ගොස් සැඟවී රහසිගතව සුරා පානය කර මත් වී හැසිරුනාහ. විශාඛාව ද මොවුන් විසින් අයුතු දෙයක් කරන ලදී. දැන් බුදුන්ගේ ශ්‍රාවිකා වූ විශාඛාව රා බී හැසිරෙතියි තීර්ථකයෝ ද ගර්හා කරන්නේ යයි සිතා එම ස්ත්‍රීන්ට මෙසේ කිවාය. මෑණිවරුනි ඔබලා අයුතු දෙයක් කරන ලදී. මට ද අපකීර්තියක් ඇතිවිය. ඔබලාගේ ස්වාමිවරු ද කිපෙනු ඇත. දැන් කුමක් කරමුද? ආර්යාවනි අපි ගිලන් වූ බවත් පෙන්වා සිටිමු. එසේ නම් එලෙස ගිලන් වූ බවක් පෙන්නා සිටිව්, ඈලා නිවෙස්වලට ගොස් ගිලන්වූවන් සේ සිටියහ. ඈලාගේ ස්වාමී පුත්‍රවරු - එකිනෙකාගැන විමසා සියළු දෙන ගිලන් බව අසා - මෑලා ඉතිරිවු සුරා බොන්නට ඇතැයි සලකමින් ඔවුන්ට තලා පෙළා හිංසාවන් කළහ. ඔවුන් ඊට පසුව ද මධුපාන උත්සවයක දී රාබොනු කැමතිව විශාඛාව වෙත එළඹ ආර්යාවනි අපව උයනට ගෙනයන්නැයි කියා සිටිවිට, නුඹලා පෙරදින අපකීර්තියක් ඇති කළහ. යන්න මම නම් නුඹලා ගෙනයන්නේ නැතැයි ඇය පැවසුවාය. එසේ කියා ප්‍රතික්ෂේප කළවිට මෙවර එලෙස නොකරමියි පොරොන්දු දී නැවත ඇය වෙත පැමිණ මෙලෙස කීහ. ආර්යාවනි අපි බුද්ධ පුජා කරන්නට කැමැත්තෙමු. අපව විහාරයට ගෙනයන්නැයි කිවාහුය. හොඳයි - මෑණියෙනි විහාරයට යාම වටියි. වතාවත් කරමු යනුවෙන් පැවසුවාය. ඈලා මල්ගොමුවල සුවඳ ද්‍රව්‍ය හා මල් ගෙන රා පිරුණ කළ ගෙන එක් අතකින් එල්ලාගෙන ලොකු රෙදි කඩකින් වසාගෙන විශාඛාව සමග විහාරයට ගියාහුය. විහාරයට පිවිසෙන අතරතුර අහුමුලුවට ගොස් මුට්ටි වලින් රා බී භාජන විසිකර ගොස් දම්සභා මණ්ඩපයේ දී බුදුන් ඉදිරියේ වාඩිවූහ.
විසාඛා “ඉමාසං, භන‍්තෙ, ධම‍්මං කථෙථා”ති ආහ. තාපි මදවෙගෙන කම‍්පමානසරීරා “ඉච‍්චාම, ගායාමා”ති චිත‍්තං උප‍්පාදෙසුං. අථෙකා මාරකායිකා දෙවතා “ඉමාසං සරීරෙ අධිමුච‍්චිත්‍වා සමණස‍්ස ගොතමස‍්ස පුරතො විප‍්පකාරං දස‍්සෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා තාසං සරීරෙ අධිමුච‍්චි. තාසු එකච‍්චා සත්‍ථු පුරතො පාණිං පහරිත්‍වා හසිතුං, එකච‍්චා නච‍්චිතුං ආරභිංසු. සත්‍ථා “කිං ඉද”න‍්ති ආවජ‍්ජෙන‍්තො තං කාරණං ඤත්‍වා “න ඉදානි මාරකායිකානං ඔතාරං ලභිතුං දස‍්සාමි. න හි මයා එත‍්තකං කාලං පාරමියො පූරෙන‍්තෙන මාරකායිකානං ඔතාරලාභත්‍ථාය පූරිතා”ති තා සංවෙජෙතුං භමුකලොමතො රස‍්මියො විස‍්සජ‍්ජෙසි, තාවදෙව අන්‍ධකාරතිමිසා අහොසි. තා භීතා අහෙසුං මරණභයතජ‍්ජිතා. තෙන තාසං කුච‍්ඡියං සුරා ජීරි. සත්‍ථා නිසින‍්නපල‍්ලඞ‍්කෙ අන‍්තරහිතො සිනෙරුමුද‍්ධනි ඨත්‍වා උණ‍්ණාලොමතො රස‍්මිං විස‍්සජ‍්ජෙසි, තඞ‍්ඛණංයෙව චන්‍දසහස‍්සුග‍්ගමනං විය අහොසි. අථ සත්‍ථා තා ඉත්‍ථියො ආමන‍්තෙත්‍වා “තුම‍්හෙහි මම සන‍්තිකං ආගච‍්ඡමානාහි පමත‍්තාහි ආගන‍්තුං න වට‍්ටති. තුම‍්හාකඤ‍්හි පමාදෙනෙව මාරකායිකා දෙවතා ඔතාරං ලභිත්‍වා තුම‍්හෙ හසාදීනං අකරණට‍්ඨානෙ හසාදීනි කාරාපෙසි, ඉදානි තුම‍්හෙහි රාගාදීනං අග‍්ගීනං නිබ‍්බාපනත්‍ථාය උස‍්සාහං කාතුං වට‍්ටතී”ති වත්‍වා ඉමං ගාථමාහ –
විශාඛා මහෝපාසිකාව ස්වාමීනි මෑලාට ධර්ම දේශනා කරන්නැයි පැවසුවාය. ඈලා ද සුරාමතින් යුතුව සැලෙන වැනෙන සිරුරින් නටන්නෙමු ගයන්නෙමු යයි සිතූහ. අනතුරුව මාර කායික දේවතාවියක් බුදුන් ඉදිරියේ විකාර රඟ දක්වන්නෙමියි සිතා ඈලාගේ සිරුරුවලට ආවේෂ වුවාය. එම කාන්තාවන් අතරින් එකියක්, ශාස්තෲන් වහන්සේ ඉදිරිපස - අත්පුඩි ගසා සිනාසීමට ද තව එකියක් නැටීමට ද පටන් ගත්හ. බුදුහු මේ කුමක්දැයි විමසා මාරකායික දෙව්දුවගේ ආවේශ වීම දැක මොවුන්ට මාරකායික දෙව්දුවට ඉඩදිම නුසුදුසු යයි සිතා සංවේග ඇතිකරලීම සඳහා ඌර්ණ රෝම ධාතුවෙන් රශ්මිය පිටකළහ. එකෙණෙහි අන්ධකාර මවාලුහ. මරණබියෙන් ඔවුහු බිය පත්වූහ. එනිසාම කුස තුළ රා වියළී ගියේය. බුදුහු අසුනේ සිටියදීම අතුරුදහන්ව මහමෙර මුදුනේ සිට ඌර්ණ රෝම ධාතුවෙන් රශ්මිය විහිදවුහ. එකෙනෙහි චන්ද්‍රයන් දහසක් පැයූ ලෙස ආලෝකමත් විය. අනතුරුව එම ස්ත්‍රීන් අමතා තෙපි මා ඉදිරියට එනවිට පමාවූවන් ලෙසට පැමිණීම සුදුසු නොවේ. තොපගේ ප්‍රමාදී බව නිසා මාරකායික දේවතාවියට අවස්ථාව ලැබී අනුචිත ස්ථානයේ දී සිනාසීම් ආදිය කරවුවාය. දැන් තොපගේ රාගාදි ගිනි නිවනු පිණිස උත්සාහ කිරීම වටනේ යයි පවසා මේ ගාථාව දේශනා කළහ.
“කො නු හාසො කිමානන්‍දො, නිච‍්චං පජ‍්ජලිතෙ සති; අන්‍ධකාරෙන ඔනද‍්ධා, පදීපං න ගවෙසථා”ති.
නිතර දැවෙනා තැවෙන කල්හී කොහෙද සතුටක් කවර නැටුමක් අඳුරු ලෝකෙන් එතෙර වන්නට ඇයිද පහනක් නොදල්වන්නේ
තත්‍ථ ආනන්‍දොති තුට‍්ඨි. ඉදං වුත‍්තං හොති – ඉමස‍්මිං ලොකසන‍්නිවාසෙ රාගාදීහි එකාදසහි අග‍්ගීහි නිච‍්චං පජ‍්ජලිතෙ සති කො නු තුම‍්හාකං හාසො වා තුට‍්ඨි වා? නනු එස අකත‍්තබ‍්බරූපොයෙව. අට‍්ඨවත්‍ථුකෙන හි අවිජ‍්ජාන්‍ධකාරෙන ඔනද‍්ධා තුම‍්හෙ තස‍්සෙව අන්‍ධකාරස‍්ස විධමනත්‍ථාය කිං කාරණා ඤාණප‍්පදීපං න ගවෙසථ න කරොථාති.
එහි - ආනන්දො යනු සතුටයි මෙසේ කියන ලද්දේ වේ. මෙලොව ජීවිතයේදී රාග - ආදී එකළොස් ගින්නෙන් නිතර පජ්ජලිතෙ දැවෙන විටදී කොනු ඔබලාට කිනම් සිනාවෙක් ද - සතුටක්ද? මෙබඳු දැ නොකළයුතු දැ නොවේද? අෂ්ට වස්තුක අවිද්‍යා අන්ධකාරයෙන් වෙළුනා වූ තෙපි එම අවිදු අඳුර දුරුකර ගැනීම පිණිස කුමක් නිසා නැණ පහන නොසොයව්ද? නොකරව්ද?
දෙසනාවසානෙ පඤ‍්චසතාපි තා ඉත්‍ථියො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිංසු.
ධර්ම දේශනාවසානයේ පන්සියයක් වූ ඒ ස්ත්‍රීහු සෝවාන් ඵලයෙහි පිහිටියාහුය.
සත්‍ථා තාසං අචලසද‍්ධාය පතිට‍්ඨිතභාවං ඤත්‍වා සිනෙරුමත්‍ථකා ඔතරිත්‍වා බුද‍්ධාසනෙ නිසීදි. අථ නං විසාඛා ආහ – “භන‍්තෙ, සුරා නාමෙසා පාපිකා. එවරූපා හි නාම ඉමා ඉත්‍ථියො තුම‍්හාදිසස‍්ස බුද‍්ධස‍්ස පුරතො නිසීදිත්‍වා ඉරියාපථමත‍්තම‍්පි සණ‍්ඨාපෙතුං අසක‍්කොන‍්තියො උට‍්ඨාය පාණිං පහරිත්‍වා හසනගීතනච‍්චාදීනි ආරභිංසූ”ති. සත්‍ථා “ආම, විසාඛෙ, පාපිකා එව එසා සුරා නාම. එතඤ‍්හි නිස‍්සාය අනෙකෙ සත‍්තා අනයබ්‍යසනං පත‍්තා”ති වත්‍වා “කදා පනෙසා, භන‍්තෙ, උප‍්පන‍්නා”ති වුත‍්තෙ තස‍්සා උප‍්පත‍්තිං විත්‍ථාරෙන කථෙතුං අතීතං ආහරිත්‍වා කුම‍්භජාතකං (ජා· 1.16.33 ආදයො) කථෙසීති.
බුදුහු ඔවුන් අචල ශ්‍රද්ධාවේ පිහිටි බව දැන මහමෙර මුදුනින් බැස බුද්ධාසනයෙහි වැඩ සිටියහ. අනතුරුව විශාඛාව මෙසේ පැවසුවාය ස්වාමීනි ! මේ ස්ත්‍රීහු පාපි සුරාපානය නිසා ඔබ වහන්සේ ඉදිරියේ මෙබඳු අශෝභන ලෙස හැසුරුනේ යයි පවසා ස්වාමිනි මේ සුරා කවදා ඇතිවිදැයි විමසුවාය. බුදුහු අතීත කථාව ගෙනහැර දක්වා කුම්භ ජාතකය දේශනාකළ වදාළහ.
විසාඛාය සහායිකානං වත්‍ථු පඨමං.