යෙදුමෙන් කියවන්න

2. සිරිමාවත්‍ථු අට‍්ඨකථා

2. සිරිමාවත්‍ථු

2. දෙවැනි සිරිමා පුවත

පස‍්ස චිත‍්තකතන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො සිරිමං ආරබ‍්භ කථෙසි.

“පස්ස විතත්කත” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ සිටිය දී සිරිමා අබිසරුලිය නිමිති කරගෙන දේශනා කළහ.

සා කිර රාජගහෙ අභිරූපා ගණිකා. එකස‍්මිං පන අන‍්තොවස‍්සෙ සුමනසෙට‍්ඨිපුත‍්තස‍්ස භරියාය පුණ‍්ණකසෙට‍්ඨිස‍්ස ධීතාය උත‍්තරාය නාම උපාසිකාය අපරජ‍්ඣිත්‍වා තං පසාදෙතුකාමා තස‍්සා ගෙහෙ භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං කතභත‍්තකිච‍්චං සත්‍ථාරං ඛමාපෙත්‍වා තං දිවසං දසබලස‍්ස භත‍්තානුමොදනං සුත්‍වා –

ඇය රජගහනුවර සිටි රූමත් වෙසඟනක වුවාය. එක් කාලයක සුමන සිටු පුතුගේ භාර්යාව වුවාය. පුණ්ණක සිටුදියණිය වන උත්තරා උපාසිකාවට ඇය වරදක් කොට උරණ වී සිට, පසුව ඇය සමා කරවාගෙන පහදනු සඳහා, ඇගේ නිවසේ භික්ෂු සංඝයා සමග කරන ලද බත්කිසට අනතුරුව බුදුන් සමාකරවා එදවස බුදුරදුන්ගේ භුත්තානුමෝදනය අසා

“අක‍්කොධෙන ජිනෙ කොධං, අසාධුං සාධුනා ජිනෙ; ජිනෙ කදරියං දානෙන, සච‍්චෙනාලිකවාදින”න‍්ති. (ජා· 1.2.2; ධ· ප· 223) –

ක්‍රෝධය කෝප නොවීමෙන්ද - යහපත් බවින් අයහපතද ලෝභය දානයෙන්ද, සත්‍යයෙන් අසත්‍යයද ජයගන්න.

ගාථාපරියොසානෙ සොතාපත‍්තිඵලං පාපුණි. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරකථා පන කොධවග‍්ගෙ අනුමොදනගාථාවණ‍්ණනායමෙව ආවිභවිස‍්සති. එවං සොතාපත‍්තිඵලං පත‍්තා පන සිරිමා දසබලං නිමන‍්තෙත්‍වා පුනදිවසෙ මහාදානං දත්‍වා සඞ‍්ඝස‍්ස අට‍්ඨකභත‍්තං නිබද‍්ධං දාපෙසි. ආදිතො පට‍්ඨාය නිබද‍්ධං අට‍්ඨ භික‍්ඛූ ගෙහං ගච‍්ඡන‍්ති. “සප‍්පිං ගණ‍්හථ, ඛීරං ගණ‍්හථා”තිආදීනි වත්‍වා තෙසං පත‍්තෙ පූරෙති. එකෙන ලද‍්ධං තිණ‍්ණම‍්පි චතුන‍්නම‍්පි පහොති. දෙවසිකං සොළසකහාපණපරිබ‍්බයෙන පිණ‍්ඩපාතො දීයති. අථෙකදිවසං එකො භික‍්ඛු තස‍්සා ගෙහෙ අට‍්ඨකභත‍්තං භුඤ‍්ජිත්‍වා තියොජනමත්‍ථකෙ එකං විහාරං අගමාසි. අථ නං සායං ථෙරුපට‍්ඨානෙ නිසින‍්නං පුච‍්ඡිංසු – “ආවුසො, කහං භික‍්ඛං ගහෙත්‍වා ආගතොසී”ති. සිරිමාය අට‍්ඨකභත‍්තං මෙ භුත‍්තන‍්ති. මනාපං කත්‍වා දෙති, ආවුසොති. “න සක‍්කා තස‍්සා භත‍්තං වණ‍්ණෙතුං, අතිවිය පණීතං කත්‍වා දෙති, එකෙන ලද‍්ධං තිණ‍්ණම‍්පි චතුන‍්නම‍්පි පහොති, තස‍්සා පන දෙය්‍යධම‍්මතොපි දස‍්සනමෙව උත‍්තරිතරං. සා හි ඉත්‍ථී එවරූපා ච එවරූපා චා”ති තස‍්සා ගුණෙ වණ‍්ණෙසි.

මෙම ගාථා දේශනයෙන් සෝවාන් ඵලයට පත්වුනි. මෙය කෙටි අදහසයි. විස්තර කථා ක්‍රෝධ වර්ගයේ අනුමෝදනා වර්ණනාවේ සඳහන් වේ. මෙලෙස සෝවාන්ඵලයට පත් සිරිමා අභිසාරිකාව දෙවන දිනට බුදුරජාණන් වහන්සේට ආරාධනා කර මහදන් දී සංඝයා වහන්සේලාට සළාක අට බතක් නිතර පුජා කළාය. මුල පටන්ම නිතර භික්ෂූන් අටනමක් නිතර යති. ගිතෙල් ගන්න. දී කිරි ගන්නැයි මේ ආදිය කියා උන්වහන්සේලාගේ පාත්‍රය පුරවයි. එක් නමක් ලබන පිණ්ඩ දානය තුන්, හතර දෙනෙකුට ප්‍රමාණවත් වේ. දිනපතා කහවණු සොළසක් වියදම් කරමින් පිණ්ඩපාතය දෙනු ලැබේ. ඉක්බිති එක් දිනක් එක් භික්ෂුවක් ඇගේ නිවසේ අටනමකට දෙන ආහාර පිණ්ඩදානය වළදා යොදුන් තුනක් පමණ දුර විහාරස්ථානයකට වැඩම කළේය. අනතුරුව සවස තෙරුන්ට උවටැන් කරන්නෝ ඇවැත්නි කොහින් භික්‍ෂාව ගෙන වැඩම කළේද යනුවෙන් විමසුහ සිරිමා - උපාසිකාවගේ අට්ඨක බත් වැළඳු බව උන්වහන්සේ පැවසුහ. ඇවැත්නි එම දානය මනාපයෙන් දෙන්නක්ද? ඇයගේ දානය වර්ණනා කළ නොහැකිය. ඉතාම ප්‍රණීත ලෙස දානය දෙති. එක් භික්ෂුවක් ලබන දානය තුන් හතර දෙනෙකුටම ප්‍රමාණවත් වේ. ඇගේ දාන වස්තූන් දැකීමට උත්තරිතර වේ. එම කාන්තාව මේ මේ ආකාර යයි ඇගේ ගුණ කියයි.

අථෙකො භික‍්ඛු තස‍්සා ගුණකථං සුත්‍වා අදස‍්සනෙනෙව සිනෙහං උප‍්පාදෙත්‍වා “මයා ගන‍්ත්‍වා තං දට‍්ඨුං වට‍්ටතී”ති අත‍්තනො වස‍්සග‍්ගං කථෙත්‍වා තං භික‍්ඛුං ඨිතිකං පුච‍්ඡිත්‍වා “ස‍්වෙ, ආවුසො, තස‍්මිං ගෙහෙ ත්‍වං සඞ‍්ඝත්‍ථෙරො හුත්‍වා අට‍්ඨකභත‍්තං ලභිස‍්සසී”ති සුත්‍වා තඞ‍්ඛණඤ‍්ඤෙව පත‍්තචීවරං ආදාය පක‍්කන‍්තොපි පාතොව අරුණෙ උග‍්ගතෙ සලාකග‍්ගං පවිසිත්‍වා ඨිතො සඞ‍්ඝත්‍ථෙරො හුත්‍වා තස‍්සා ගෙහෙ අට‍්ඨකභත‍්තං ලභි. යො පන භික‍්ඛු හිය්‍යො භුඤ‍්ජිත්‍වා පක‍්කාමි, තස‍්ස ගතවෙලායමෙව අස‍්සා සරීරෙ රොගො උප‍්පජ‍්ජි. තස‍්මා සා ආභරණානි ඔමුඤ‍්චිත්‍වා නිපජ‍්ජි. අථස‍්සා දාසියො අට‍්ඨකභත‍්තං ලභිත්‍වා ආගතෙ භික‍්ඛූ දිස‍්වා ආරොචෙසුං. සා සහත්‍ථා පත‍්තෙ ගහෙත්‍වා නිසීදාපෙතුං වා පරිවිසිතුං වා අසක‍්කොන‍්තී දාසියො ආණාපෙසි – “අම‍්මා පත‍්තෙ ගහෙත්‍වා, අය්‍යෙ, නිසීදාපෙත්‍වා යාගුං පායෙත්‍වා ඛජ‍්ජකං දත්‍වා භත‍්තවෙලාය පත‍්තෙ පූරෙත්‍වා දෙථා”ති.

අනතුරුව එක් භික්ෂුවක් ඇගේ ගුණ කථාව අසා නොදැකම ඇය කෙරෙහි ස්නේහයෙන් බැඳුනි. එසේ ස්නේහයක් උපදවා ගෙන මා ඇය වෙත ගොස් දැකිය යුතු යයි තමන්ගේ වස් ප්‍රමාණය කියා එම භික්ෂුව සිටින බව දැන ඇවැත්නි හෙට එම නිවසේ ඔබ වහන්සේ සංඝථෙර වී බත් අටක් ලබන්නේයයි අසා එම අවස්ථාවේදීම පා සිවුරු ගෙන පිටත් වූයේද අළුයම අරුණ නැගෙනවිට සලාකයේ මුලට පැමිණ සිටියේ සංඝ ස්ථවිර බවට පත්වී ඇගේ නිවසේ දී අට්ඨක බත් ලැබුවේය. යම් භික්ෂුවක් ඊයේ වළදා පිටත්වීද එම භික්ෂුව ගිය අවස්ථාවේදී ඇගේ සිරුරේ ආබාධයක් හටගත්තේය. එනිසා ආභරණ ගලවා තබා වැතිරුණාය. අනතුරුව අටකොටස් බත ලැබ වැඩමකළා වූ භික්ෂූන් දැක සේවිකාවෝ ඇයට දැනුම් දුන්හ. එවිට ඇය - පාත්‍රය සියතින් ගෙන වාඩිකරවීමට හෝ දානය පිළිගැනීවීමට නොහැකිව දාසින්ට අණ කළෝය. යෙහෙළියෙනි ! තෙරුන්ගෙන් පාත්‍රය ලබාගෙන වාඩිකරවා - කැඳ පානයට දි කැවිලි වර්ග පිළිගන්වා බත් වළදන අවස්ථාවේදී පාත්‍රය පුරවා දෙන්නැයි කිවාය.

තා “සාධු, අය්‍යෙ”ති භික‍්ඛූ පවෙසෙත්‍වා යාගුං පායෙත්‍වා ඛජ‍්ජකං දත්‍වා භත‍්තවෙලාය භත‍්තස‍්ස පත‍්තෙ පූරෙත්‍වා තස‍්සා ආරොචයිංසු. සා “මං පරිග‍්ගහෙත්‍වා නෙථ, අය්‍යෙ, වන්‍දිස‍්සාමී”ති වත්‍වා තාහි පරිග‍්ගහෙත්‍වා භික‍්ඛූනං සන‍්තිකං නීතා වෙධමානෙන සරීරෙන භික‍්ඛූ වන්‍දි. සො භික‍්ඛු තං ඔලොකෙත්‍වා චින‍්තෙසි – “ගිලානාය තාව එවරූපා අයං එතිස‍්සා රූපසොභා, අරොගකාලෙ පන සබ‍්බාභරණපටිමණ‍්ඩිතාය ඉමිස‍්සා කීදිසී රූපසම‍්පත‍්තී”ති. අථස‍්ස අනෙකවස‍්සකොටිසන‍්නිචිතො කිලෙසො සමුදාචරි, සො අඤ‍්ඤාණී හුත්‍වා භත‍්තං භුඤ‍්ජිතුං අසක‍්කොන‍්තො පත‍්තමාදාය විහාරං ගන‍්ත්‍වා පත‍්තං පිධාය එකමන‍්තෙ ඨපෙත්‍වා චීවරං පත්‍ථරිත්‍වා නිපජ‍්ජි.

ඈලා ආර්යාවනි යහපතැයි කියා භික්ෂූන් වහන්සේ ගෙතුළට කැඳවා කැඳ පොවා කැවිලි වර්ග පිළිගන්වා බත් වළදන අවස්ථාවේ දී පාත්‍රය බතින් පුරවා ඇයට (සිරිමා අබිසාරිකාවට) දැනුම් දුන්හ. ඇය මාව වත්තන් කරගෙන ආර්යන් වහන්සේලා වෙත වඳින්නට ගෙන යන ලෙසට කීවාය. ඈලා විසින් භික්ෂූන් වෙත ගෙන යන ලද්දී වෙවුලන ගතින් භික්ෂූන් වැන්දාය. එම භික්ෂුව - වර්ෂ කෝටි ගණනක සිට රැස් කළ කෙලෙස් ඇත්තේ උකටලීව බත් අනුභව කළ නොහැකිව පාත්‍රය ගෙන විහාරයට ගොස් පාත්‍රය වසා තබා සිවුරු කොන අතුරා වැදහොත්තේය. ඉක්බිති එක් මිත්‍ර වූ භික්ෂුවක් ඇවිටිලි කළේ ද වළදවන්නට නොහැකි විය. එම භික්ෂුව නිරාහාර වූවෙක් විය.

අථ නං එකො සහායකො භික‍්ඛු යාචන‍්තොපි භොජෙතුං නාසක‍්ඛි. සො ඡින‍්නභත‍්තො අහොසි. තං දිවසමෙව සායන‍්හසමයෙ සිරිමා කාලමකාසි. රාජා සත්‍ථු සාසනං පෙසෙසි – “භන‍්තෙ, ජීවකස‍්ස කනිට‍්ඨභගිනී, සිරිමා, කාලමකාසී”ති. සත්‍ථා තං සුත්‍වා රඤ‍්ඤො සාසනං පහිණි “සිරිමාය ඣාපනකිච‍්චං නත්‍ථි, ආමකසුසානෙ තං යථා කාකසුනඛාදයො න ඛාදන‍්ති, තථා නිපජ‍්ජාපෙත්‍වා රක‍්ඛාපෙථා”ති. රාජාපි තථා අකාසි. පටිපාටියා තයො දිවසා අතික‍්කන‍්තා, චතුත්‍ථෙ දිවසෙ සරීරං උද‍්ධුමායි, නවහි වණමුඛෙහි පුළවා පග‍්ඝරිංසු, සකලසරීරං භින‍්නං සාලිභත‍්තචාටි විය අහොසි. රාජා නගරෙ භෙරිං චරාපෙසි – “ඨපෙත්‍වා ගෙහරක‍්ඛකෙ දාරකෙ සිරිමාය දස‍්සනත්‍ථං අනාගච‍්ඡන‍්තානං අට‍්ඨ කහාපණානි දණ‍්ඩො”ති. සත්‍ථු සන‍්ති කඤ‍්ච පෙසෙසි – “බුද‍්ධප‍්පමුඛො කිර භික‍්ඛුසඞ‍්ඝො සිරිමාය දස‍්සනත්‍ථං ආගච‍්ඡතූ”ති.

එදිනම සවස සිරිමා වෛශ්‍යාව අභාවප්‍රාප්ත වූවාය. රජතුමා බුදුන් වෙත පණිවුඩයක් යැවුවේය. ස්වාමීනි ! ජීවක වෛද්‍යවරයාගේ නැගණිය වු සිරිමාව කළුරිය කළාය. යනුවෙන් එහි සඳහන් විය. බුදුරජාණන් වහන්සේ මේ කරුණු දැන රජුට පණිවුඩයක් යැවුහ. එහි සඳහන් වුයේ සිරිමා දේහය- ආදාහන කිරීමෙන් පලක් නැත. ඇගේ සිරුර අමුසොහොනට ගෙනගොස් බලු කපුටු ආදීන්ට කෑමට නොහැකි ලෙසට මෘත ශරීරය ආරක්‍ෂා කරන්න යනුවෙනි. රජතුමා ද එලෙස කළේය. පිළිවෙළින් මරණයට පත්වී දින තුනක් ගත විය. සතරවැනි දින සිරුර ඉදිමුනි. නව දොරෙහි සැරව වැගුරුනි. මුළු සිරුර බිඳුන බත් සැළියක් සේ වීය. රජු නගරයේ ගෘහ ආරක්ෂකයින් හා ළදරුවන් හැර සියළුදෙන එන ලෙසටත් - සිරිමා වෛශ්‍යාවගේ මෘත සිරුර බැලීමට නොඑන අයට කහවණු අටක් දඩ නියමකරන බවත් නියම කර අණ බෙර ලැබිය. බුදුරජාණන් වහන්සේ වෙතද බුදුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා සිරිමාගේ මෘත ශරීරය නරඹන්නට එන්නැයි පණිවිඩ යැවීය.

සත්‍ථා භික‍්ඛූනං ආරොචෙසි – “සිරිමාය දස‍්සනත්‍ථං ගමිස‍්සාමා”ති. සොපි දහරභික‍්ඛු චත‍්තාරො දිවසෙ කස‍්සචි වචනං අග‍්ගහෙත්‍වා ඡින‍්නභත‍්තොව නිපජ‍්ජි. පත‍්තෙ භත‍්තං පූතිකං ජාතං, පත‍්තෙ මලං උට‍්ඨහි. අථ නං සො සහායකො භික‍්ඛු උපසඞ‍්කමිත්‍වා, “ආවුසො, සත්‍ථා සිරිමාය දස‍්සනත්‍ථං ගච‍්ඡතී”ති ආහ. සො තථා ඡාතජ‍්ඣත‍්තොපි “සිරිමා”ති වුත‍්තපදෙයෙව සහසා උට‍්ඨහිත්‍වා “කිං භණසී”ති ආහ. “සත්‍ථා සිරිමං දට‍්ඨුං ගච‍්ඡති, ත්‍වම‍්පි ගමිස‍්සසී”ති වුත‍්තෙ, “ආම, ගමිස‍්සාමී”ති භත‍්තං ඡඩ‍්ඩෙත්‍වා පත‍්තං ධොවිත්‍වා ථවිකාය පක‍්ඛිපිත්‍වා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං අගමාසි. සත්‍ථා භික‍්ඛුසඞ‍්ඝපරිවුතො එකපස‍්සෙ අට‍්ඨාසි, භික‍්ඛුනිසඞ‍්ඝොපි රාජපරිසාපි උපාසකපරිසාපි උපාසිකාපරිසාපි එකෙකපස‍්සෙ අට‍්ඨංසු .

බුදුහු භික්ෂූන්ට දන්වා ලුහ. ඒ තරුණ භික්ෂුව ද දින හතරක් කිසිවෙකුගේ වදන් නොපිළිගෙන නිරාහාරව නිදාසිටියේ ය. පාත්‍රයේ බත් කුණු විය. පාත්‍රයේ මලකඩ ද මතුවිය. අනතුරුව ඔහු වෙත එළඹ ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ සිරිමාගේ මළ සිරුර බැලීම සඳහා යයි පැවසුහ. ඔහු එසේ නිදාගෙනම සිරිමා යන වචනය ඇසුන විගස වහා නැගිට කුමක් කියත්දැයි විමසීය. බුදුහු සිරිමා දකින්නට වඩිනා බවත් යන්නේදැයි විමසුවිට ඔව් මමත් යන්නෙමියි බත් විසිකර පාත්‍රය සෝදා පැසේ දමාගෙන භික්ෂූන් සමග පිටත්විය. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් පිරිවරාගෙන එකත් පසෙක සිටියේය. භික්ෂු භික්ෂුණි සංඝයා පිරිවරාගෙන සිටි අතර අනෙක්පස උපාසක උපාසිකා පිරිස් සිටියහ.

සත්‍ථා රාජානං පුච‍්ඡි – “කා එසා, මහාරාජො”ති. භන‍්තෙ, ජීවකස‍්ස භගිනී, සිරිමා, නාමාති. සිරිමා, එසාති. ආම, භන‍්තෙති. තෙන හි නගරෙ භෙරිං චරාපෙහි “සහස‍්සං දත්‍වා සිරිමං ගණ‍්හන‍්තූ”ති. රාජා තථා කාරෙසි. එකොපි ‘හ’න‍්ති වා ‘හු’න‍්ති වා වදන‍්තො නාම නාහොසි. රාජා සත්‍ථු ආරොචෙසි – “න ගණ‍්හන‍්ති, භන‍්තෙ”ති. තෙන හි, මහාරාජ, අග‍්ඝං ඔහාරෙහීති. රාජා “පඤ‍්චසතානි දත්‍වා ගණ‍්හන‍්තූ”ති භෙරිං චරාපෙත්‍වා කඤ‍්චි ගණ‍්හනකං අදිස‍්වා “අඩ‍්ඪතෙය්‍යානි සතානි, ද‍්වෙ සතානි, සතං, පණ‍්ණාසං, පඤ‍්චවීසති කහාපණෙ, දස කහාපණෙ, පඤ‍්ච කහාපණෙ, එකං කහාපණං අඩ‍්ඪං, පාදං, මාසකං, කාකණිකං දත්‍වා සිරිමං ගණ‍්හන‍්තූ”ති භෙරිං චරාපෙසි. කොචි තං න ඉච‍්ඡි. “මුධාපි ගණ‍්හන‍්තූ”ති භෙරිං චරාපෙසි. ‘හ’න‍්ති වා ‘හු’න‍්ති වා වදන‍්තො නාම නාහොසි. රාජා “මුධාපි, භන‍්තෙ, ගණ‍්හන‍්තො නාම නත්‍ථී”ති ආහ. සත්‍ථා “පස‍්සථ, භික‍්ඛවෙ, මහාජනස‍්ස පියං මාතුගාමං, ඉමස‍්මිංයෙව නගරෙ සහස‍්සං දත්‍වා පුබ‍්බෙ එකදිවසං ලභිංසු, ඉදානි මුධා ගණ‍්හන‍්තොපි නත්‍ථි, එවරූපං නාම රූපං ඛයවයප‍්පත‍්තං, පස‍්සථ, භික‍්ඛවෙ, ආතුරං අත‍්තභාව”න‍්ති වත්‍වා ඉමං ගාථමාහ –

බුදුහු රජුන් ගෙන් විමසුවේය. මහරජ මැය කිනම් තැනැත්තියක්ද? ස්වාමීනි ඇය ජීවකගේ සොහොයුරි වු “සිරිමා”ය. මැය සිරිමාවද? එසේය ස්වාමීනි, එසේ නම් සිරිමා දහසක් දී ගන්නැයි අණ බෙර යවන්නැයි පැවසුහ. රජු එසේ කළේය. එකෙකුදු හා - හුම්- යන ශබ්දයක් නොකළේය. රජතුමා බුදුන්ට කිසිවෙක් නොගත්තේයයි පැවසීය. එසේ නම් මහරජ වටිනාකම අඩු කරන්නැයි පැවසුහ. රජු සිරිමාවගේ සිරුර පන්සියයකට ගන්නැයි අණබෙර ලැවීය. කිසිවෙක් නොගන්නා බව දැක තුන් සියයකට ගන්නැයි ඉල්ලීය. අනතුරුව කහවණු විස්ස - දහය - පහ - පසුව එක් කහවණුවකට ද මිල කළේය. අඩකට - පාදයකට - මසකට හෝ ගැනීමට අකමැතිවිය. නොමිලයේ ගන්නැයි බෙර ලැවීය. කිසිවෙකුගේ හා හුවක් නැතිවිය. රජු ස්වාමීනි නොමිලයේ ගන්නෝ ද නැතැයි පැවසීය. බුදුරජාණන් වහන්සේ මහණෙනි බලන්න. මහජනයාට ප්‍රියවු මේ කාන්තාව දිනකට මසුදහසක් ගෙවා පහස ලැබුහ. දැන් නොමිලයේ ගන්නෙක් ද නැත. මෙබඳු රුව ක්‍ෂය වීමට වැයවීමට පත්වී අනතුරව සිරුර බලන්නැයි මේ ගාථාව පැවසුහ.

“පස‍්ස චිත‍්තකතං බිම‍්බං, අරුකායං සමුස‍්සිතං; ආතුරං බහුසඞ‍්කප‍්පං, යස‍්ස නත්‍ථි ධුවං ඨිතී”ති.

දහසක් ගෙවා දිනකට ඇය ළගම වැටී විසිතුරු ලෙසට සැරසුණු මේ සිරුරෙ ගැටී කුණු වී සැරව නවදොරකින් ගලන හැටී නරඹනු මැනැවි - අනිසය සිහි කරනු වටී.

තත්‍ථ චිත‍්තකතන‍්ති කතචිත‍්තං, වත්‍ථාභරණමාලාලත‍්තකාදීහි විචිත‍්තන‍්ති අත්‍ථො. බිම‍්බන‍්ති දීඝාදියුත‍්තට‍්ඨානෙසු දීඝාදීහි අඞ‍්ගපච‍්චඞ‍්ගෙහි සණ‍්ඨිතං අත‍්තභාවං. අරුකායන‍්ති නවන‍්නං වණමුඛානං වසෙන අරුභූතං කායං.

මෙහි චිත්තකතං යනු වස්ත්‍රාභරණ මල්ලතු ආදීන්ගෙන් විසිතුරු කරන ලද යන අරුතයි. බිම්බන්ති - දීර්ඝ ආදී ඒ ඒ තැන ආ ප්‍රත්‍ය ඇත්තා වූ අරුකායං නව දොරටුවකින් කුණු වෑහෙන්නා වූ නමුත් සිත් ඇඳ බැඳගන්නා වූ මේ සිරුරේ තිර බවක් නැත.

සමුස‍්සිතන‍්ති තීහි අට‍්ඨිසතෙහි සමුස‍්සිතං. ආතුරන‍්ති සබ‍්බකාලං ඉරියාපථාදීහි පරිහරිතබ‍්බතාය නිච‍්චගිලානං. බහුසඞ‍්කප‍්පන‍්ති මහාජනෙන බහුධා සඞ‍්කප‍්පිතං. යස‍්ස නත්‍ථි ධුවං ඨිතීති යස‍්ස ධුවභාවො වා ඨිතිභාවො වා නත්‍ථි, එකන‍්තෙන භෙදනවිකිරණවිද‍්ධංසනධම‍්මමෙවෙතං, ඉමං පස‍්සථාති අත්‍ථො.

සමුස්සිතං - ඇට කැබලි තුන්සියයකින් යුතු ආතුරං සෑම කල්හිම ඉරියව් පරිහරණයේ දී නිතර නිතර රෝගාබාධයන්ට ගොදුරු වන්නාවූ බහුසඬකප්ප - මහ ජනයා බොහෝ සේ රූප කායෙහි බැදී යන්නාවූ - යස්සනත්ථි ධූවංඨිති - යනු යමක් කෙරෙහි ස්ථාවරව හෝ ස්ථිර බවක් නැත ද ඒකාන්තයෙන් බිදෙන විසිරෙන වැනසී යන ස්වභාවය බලන්න. යන අරුතයි.

දෙසනාවසානෙ චතුරාසීතියා පාණසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසි, සොපි භික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහීති.

දේශනාව අවසානයේ අසුහාර දහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය විය. ඉහත කි භික්ෂුවද සෝවාන් ඵලයෙහි පිහිටියේය

සිරිමාවත්‍ථු දුතියං.