3. උත්තරාථෙරීවත්ථු අට්ඨකථා
3. උත්තරාථෙරීවත්ථු
3. උත්තරී තෙරණියගේ කථා පුවත
පරිජිණ්ණමිදන්ති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො උත්තරාථෙරිං නාම භික්ඛුනිං ආරබ්භ කථෙසි.
“පිරිජිණ්ණ මිතුං” යන මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටිය දී උත්තර නම් භික්ෂුණියක් නිමිති කරගෙන දේශනා කළහ.
ථෙරී කිර වීසවස්සසතිකා ජාතියා පිණ්ඩාය චරිත්වා ලද්ධපිණ්ඩපාතා අන්තරවීථියං එකං භික්ඛුං දිස්වා පිණ්ඩපාතෙන ආපුච්ඡිත්වා තස්ස අපටික්ඛිපිත්වා ගණ්හන්තස්ස සබ්බං දත්වා නිරාහාරා අහොසි. එවං දුතියෙපි තතියෙපි දිවසෙ තස්සෙව භික්ඛුනො තස්මිංයෙව ඨානෙ භත්තං දත්වා නිරාහාරා අහොසි, චතුත්ථෙ දිවසෙ පන පිණ්ඩාය චරන්තී එකස්මිං සම්බාධට්ඨානෙ සත්ථාරං දිස්වා පටික්කමන්තී ඔලම්බන්තං අත්තනො චීවරකණ්ණං අක්කමිත්වා සණ්ඨාතුං අසක්කොන්තී පරිවත්තිත්වා පති. සත්ථා තස්සා සන්තිකං ගන්ත්වා, “භගිනි, පරිජිණ්ණො තෙ අත්තභාවො න චිරස්සෙව භිජ්ජිස්සතී”ති වත්වා ඉමං ගාථමාහ –
තෙරණිය අවුරුදු විසි හතක්ම පිඩුසිගා ලබන ලද පිණ්ඩපාත ඇත්තී - අතුරු වීථියේ දී එක් භික්ෂු නමක් දැක පිණ්ඩපාතය දෙන්නදැයි විමසා ප්රතික්ෂේප නොකළ බව නිසා සියළු දෙය දී නිරාහාරව සිටියාය. මෙලෙස දෙවැනි දිනයේදී ද තුන්වැනි දිනයේදී ද එම භික්ෂූන් වහන්සේම එම ස්ථානයේදීම බත් දන් දී නිරාහාරව සිටියාය. සිව්වැනි දිනයේදී ඇය පිඩුපිණිස යන්නේ එක් බාධා සහිත තැනක දී බුදුරජාණන් වහන්සේ දැක අයිනකට එල්ලෙන තම සිවුරු කොණ පෑගී සිටගෙන සිටීමට නොහැකිව පෙරළී වැටුණාය. බුදුරජාණන් වහන්සේ ඇය වෙත වැඩමකරවා සොහොයුරිය ඔබේ ආත්මභාවය (සිරුර) දිරාගොස්ය නොබෝ කලකින්ම බිදෙන්නේයයි පවසා මෙම ගාථාව දේශනා කළහ.
“පරිජිණ්ණමිදං රූපං, රොගනීළං පභඞ්ගුරං; භිජ්ජති පූතිසන්දෙහො, මරණන්තඤ්හි ජීවිත”න්ති.
ලස්සණ දැකුම්කළු මේ සුදු සිරුර ඔබේ රෝදුක්වලට නිතරම ඉඩ තබනු ලැබේ කුණුවන, දිරන, බිඳෙන ගති එමට තිබේ එය මරණයෙන් කෙළවර වෙයි සිතනු ඉබේ
තස්සත්ථො – භගිනි ඉදං තව සරීරසඞ්ඛාතං රූපං මහල්ලකභාවෙන පරිජිණ්ණං, තඤ්ච ඛො සබ්බරොගානං නිවාසට්ඨානට්ඨෙන රොගනීළං, යථා ඛො පන තරුණොපි සිඞ්ගාලො “ජරසිඞ්ගාලො”ති වුච්චති, තරුණාපි ගළොචීලතා “පූතිලතා”ති වුච්චති, එවං තදහුජාතං සුවණ්ණවණ්ණම්පි සමානං නිච්චං පග්ඝරණට්ඨෙන පූතිතාය පභඞ්ගුරං, සො එස පූතිකො සමානො තව දෙහො භිජ්ජති, න චිරස්සෙව භිජ්ජිස්සතීති වෙදිතබ්බො. කිං කාරණා? මරණන්තඤ්හි ජීවිතං යස්මා සබ්බසත්තානං ජීවිතං මරණපරියොසානමෙවාති වුත්තං හොති.
මෙහි අරුත - නැගණිය ඉදං ඔබගේ සිරුර නම්වූ රූපං රූපය මහළු බැවින් පරිජිණ්ණං - දිරා යයි. මෙම සිරුර සියළු රෝගාබාධයන්ට වාසස්ථාන වන බැවින් රොගනිඩ්ඪං නම් වේ. යම්සේ තරුණ වූ හිවලෙක් වූ ජරසිඟාල නමින් ද තරුණ වූද රසකිඳ වැල තිලතා නමින් ද හැදින්වෙයි. එමෙන්ම එදින උපන් රන්වන් වු රුව වැගිරෙන හෙයින් පුතිකාය නම් පභඬගුරං - මේ කුණුකය ඔබේ සිරුරට සමාන වේ භිජ්ජති නොබෝ කලකින්ම බිඳෙන්නේය. යනුවෙන් දැනගත යුතුය. කුමක් නිසාද? මරණන්තං හි ජීවිතං එහෙයින් සියළු සත්ත්වයින්ගේම ජීවිත කාලය මරණයෙන් කෙළවර වේ යන වදන කියන ලදී.
දෙසනාවසානෙ සා ථෙරී සොතාපත්තිඵලං පත්තා, මහාජනස්සාපි සාත්ථිකා ධම්මදෙසනා අහොසීති.
දහම් දෙසුම අවසානයේ එම තෙරණිය සෝවාන් ඵලයට පත්වූවාය. මහජනයාටද ඉතා සාර්ථක දම්දෙසුමක් වීය.
උත්තරාථෙරීවත්ථු තතියං.