යෙදුමෙන් කියවන්න

4. සම‍්බහුලඅධිමානිකභික‍්ඛුවත්‍ථු අට‍්ඨකථා

4. සම‍්බහුලඅධිමානිකභික‍්ඛුවත්‍ථු

4. හතර වැනි අධිමානක කථා පුවත

යානිමානීති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සම‍්බහුලෙ අධිමානිකෙ භික‍්ඛූ ආරබ‍්භ කථෙසි.

“යානි මානි” යන මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී අධිමානික (අධිකමානය ඇති) භික්ෂූන් සත්සියයක් දෙන නිමිති කරගෙන දේශනා කළහ.

පඤ‍්චසතා කිර භික‍්ඛූ සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා අරඤ‍්ඤං පවිසිත්‍වා ඝටෙන‍්තා වායමන‍්තා ඣානං නිබ‍්බත‍්තෙත්‍වා “කිලෙසානං අසමුදාචාරෙන පබ‍්බජිතකිච‍්චං නො නිප‍්ඵන‍්නං, අත‍්තනා පටිලද‍්ධගුණං සත්‍ථු ආරොචෙස‍්සාමා”ති ආගමිංසු.

පන්සියයක් භික්ෂූන් වහන්සේලා බුදුන්වෙතින් කර්මස්ථාන ලබාගෙන අරඤ්ඤයට පිවිස මහත් උත්සාහයෙන් වෙහෙසී. ධ්‍යානයක් උපදවාගෙන කෙලෙස් නොමැති හෙයින් අපගේ පැවිදිවීමේ අරමුණු ඉටු වූයේ යයි තමන් ලද ගුණය බුදුරදුන්ට දන්වමු යයි පැමිණියාහුය.

සත්‍ථා තෙසං බහිද‍්වාරකොට‍්ඨකං පත‍්තකාලෙයෙව ආනන්‍දත්‍ථෙරං ආහ – “ආනන්‍ද, එතෙසං භික‍්ඛූනං පවිසිත්‍වා මයා දිට‍්ඨෙන කම‍්මං නත්‍ථි, ආමකසුසානං ගන‍්ත්‍වා තතො ආගන‍්ත්‍වා මං පස‍්සන‍්තූ”ති. ථෙරො ගන‍්ත්‍වා තෙසං තමත්‍ථං ආරොචෙසි. තෙ “කිං අම‍්හාකං ආමකසුසානෙනා”ති අවත්‍වාව “දීඝදස‍්සිනා බුද‍්ධෙන කාරණං දිට‍්ඨං භවිස‍්සතී”ති ආමකසුසානං ගන‍්ත්‍වා තත්‍ථ කුණපානි පස‍්සන‍්තා එකාහද‍්වීහපතිතෙසු කුණපෙසු ආඝාතං පටිලභිත්‍වා තං ඛණං පතිතෙසු අල‍්ලසරීරෙසු රාගං උප‍්පාදයිංසු, තස‍්මිං ඛණෙ අත‍්තනො සකිලෙසභාවං ජානිංසු. සත්‍ථා ගන්‍ධකුටියං නිසින‍්නොව ඔභාසං ඵරිත්‍වා තෙසං භික‍්ඛූනං සම‍්මුඛෙ කථෙන‍්තො විය “නප‍්පතිරූපං නු ඛො, භික‍්ඛවෙ, තුම‍්හාකං එවරූපං අට‍්ඨිසඞ‍්ඝාතං දිස‍්වා රාගරතිං උප‍්පාදෙතු”න‍්ති වත්‍වා ඉමං ගාථමාහ –

බුදුරජාණන් වහන්සේ ආවාසයෙන් පිටත දොරටුවේදීම ආනන්ද තෙරුන්ට මේ පැමිණි භික්ෂූන් - ආරාමය තුළට පිවිස මා දැකීමෙන් ප්‍රයෝජනයක් නැත. අමුසොහොනට ගොස් අවුත් අනතුරුව මා දකිත්වායි පැවසුහ. තෙරුන් ගොස් එම භික්ෂූන්ට මේ කරුණ දැනුම් දුන්හ. එම භික්ෂූන් අපට අමුසොහොනකින් කවර ප්‍රයෝජනයක් දැයි නොකියා දුරදිග දකින බුදුරජාණන් වහන්සේ විසින් කරුණක් දක්නට ඇතැයි අමුසොහොනට ගොස් එහි මළකුණු බලන්නේ දින එකක් දින දෙකක් ගතවූ පිළිකුල් සහගත මළකුණු දැක අප්‍රසාදයක් ද එවේලේ ගෙනත් දමන ලද අළුත් මළ සිරුරු දැක ඇලීමක් ඇතිකර ගත්හ. එකෙනෙහි තමන් කෙලෙස් සහිත බව තේරුම් ගත්හ. බුදුහු ගඳකිළියේ සිටම ආලෝකයක් පතුරුවා ඔවුන් ඉදිරියේ කථාකරන ලෙසට මහණෙනි ! තොපට සුදුසු නොවේ. මෙබඳු සම්මස් ඇටවලින් සැදුන සිරුරක් දැක රාග රති ඉපදවීමට සුදුසු නැතැයි පවසා මෙම ගාථාව දේශනා කළහ.

“යානිමානි අපත්‍ථානි, අලාබූනෙව සාරදෙ; කාපොතකානි අට‍්ඨීනි, තානි දිස‍්වාන කා රතී”ති.

සරත් කල විසි කළ - හිස් ලබු කබල් වැනි වූ පරෙවි පැහැ ඇති ඇට - දැක කවුරු එහි ඇලෙතිද

තත්‍ථ අපත්‍ථානීති ඡඩ‍්ඩිතානි. සාරදෙති සරදකාලෙ වාතාතපපහතානි තත්‍ථ තත්‍ථ විප‍්පකිණ‍්ණඅලාබූනි විය. කාපොතකානීති කපොතකවණ‍්ණානි. තානි දිස‍්වානාති තානි එවරූපානි අට‍්ඨීනි දිස‍්වා තුම‍්හාකං කා රති, නනු අප‍්පමත‍්තකම‍්පි කාමරතිං කාතුං න වට‍්ටතියෙවාති අත්‍ථො.

එහි අපත්ථානීති - විසිකරන ලද සාරදෙ සරත් කාලයේ සුළං වැසි අව්වෙන් තැවුන ඒ ඒ තැන විසුරුවා දමන ලද ලබුකබල් වැනි කාපොතකානී පරෙවි පාට ඇති තානිදිස්වානාති මෙබඳු ඇට කැබලි දැක ඔබට කවර ඇල්මක්ද මෙබඳු මිනී දැක ඔබම ඇල්මක් ඇතිකර ගැනීම සුදුසු නොවේ.

දෙසනාවසානෙ තෙ භික‍්ඛූ යථාඨිතාව අරහත‍්තං පත්‍වා භගවන‍්තං අභිත්‍ථවමානා ආගන‍්ත්‍වා වන්‍දිංසූති.

මෙම දේශනාව අවසන එම භික්ෂූන් සිටිලෙසම රහත් බවට පත්ව බුදුන් වහන්සේට ස්තුති කරමින් වැන්දාහුය.

සම‍්බහුලඅධිමානිකභික‍්ඛුවත්‍ථු චතුත්‍ථං.