යෙදුමෙන් කියවන්න

5. ජනපදකල්‍යාණී රූපනන්‍දාථෙරීවත්‍ථු අට‍්ඨකථා

5. ජනපදකල්‍යාණී රූපනන්‍දාථෙරීවත්‍ථු

5. රූපනන්දා තෙරණියගේ කථා පුවත.

අට‍්ඨීනං නගරං කතන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ජනපදකල්‍යාණිං රූපනන්‍දාථෙරිං ආරබ‍්භ කථෙසි.

“අට්ඨිනං නගරං කතං” යන මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩසිටිය දී ජනපද කල්‍යාණීනම් වූ රූප නන්දා තෙරණිය නිමිති කරගෙන දේශනා කළහ.

සා කිර එකදිවසං චින‍්තෙසි – “මය‍්හං ජෙට‍්ඨභාතිකො රජ‍්ජසිරිං පහාය පබ‍්බජිත්‍වා ලොකෙ අග‍්ගපුග‍්ගලො බුද‍්ධො ජාතො, පුත‍්තොපිස‍්ස රාහුලකුමාරො පබ‍්බජිතො, භත‍්තාපි මෙ පබ‍්බජිතො, මාතාපි මෙ පබ‍්බජිතා, අහම‍්පි එත‍්තකෙ ඤාතිජනෙ පබ‍්බජිතෙ ගෙහෙ කිං කරිස‍්සාමි, පබ‍්බජිස‍්සාමා”ති. සා භික‍්ඛුනුපස‍්සයං ගන‍්ත්‍වා පබ‍්බජි ඤාතිසිනෙහෙනෙව, නො සද‍්ධාය, අභිරූපතාය පන රූපනන්‍දාති පඤ‍්ඤායි.

ඕ එක්දිනක් මගේ වැඩිමහළු සහෝදරයා රජ සිරි සැප අත්හැර පැවිදි වී ලොව ශ්‍රේෂ්ඨ පුද්ගල වූ බුදුබවට පත්වූහ. උන්වහන්සේගේ පුත් රාහුලද පැවිදි විය. මගේ ස්වාමියා ද පැවිදි විය. මගේ මව ද පැවිදි වුවාය. මෙපමණ ඤාතීන් පැවිදි වී සිටියදි මම ගිහිවැ සිට කුමක් කරම්ද, පැවිදි වන්නෙමියි සිතුවාය. මෙලෙස සිතා භික්ෂුණී අරමට ගොස් පැවිදි වුවාය. පැවිදි වුයේ තනිවූ නිසා මිස ශ්‍රද්ධාවෙන් නොවේ. ශෝභාවත් රූපය නිසා ඇය රූපනන්දා නමින් ප්‍රසිද්ධ වුවාය.

“සත්‍ථා කිර ‘රූපං අනිච‍්චං දුක‍්ඛං අනත‍්තා, වෙදනා… සඤ‍්ඤා… සඞ‍්ඛාරා… විඤ‍්ඤාණං අනිච‍්චං දුක‍්ඛං අනත‍්තා’ති වදෙතී”ති සුත්‍වා සා එවං දස‍්සනීයෙ පාසාදිකෙ මමපි රූපෙ දොසං කථෙය්‍යාති සත්‍ථු සම‍්මුඛීභාවං න ගච‍්ඡති. සාවත්‍ථිවාසිනො පාතොව දානං දත්‍වා සමාදින‍්නුපොසථා සුද‍්ධුත‍්තරාසඞ‍්ගා ගන්‍ධමාලාදිහත්‍ථා සායන‍්හසමයෙ ජෙතවනෙ සන‍්නිපතිත්‍වා ධම‍්මං සුණන‍්ති. භික‍්ඛුනිසඞ‍්ඝොපි සත්‍ථු ධම‍්මදෙසනාය උප‍්පන‍්නච‍්ඡන්‍දො විහාරං ගන‍්ත්‍වා ධම‍්මං සුණාති. ධම‍්මං සුත්‍වා නගරං පවිසන‍්තො සත්‍ථු ගුණකථං කථෙන‍්තොව පවිසති.

බුදුරජාණන් වහන්සේ රූපය අනිත්‍යය දුකය. අනාත්ම යයි යනුවෙන් දේශනා කරතියි අසා ඇය මෙබදු දර්ශනීය වූ ප්‍රසාදජනක වූ මගේ රූපයේද දොස් කියන්නේ යයි බුදුන් හමුවට නොයන්නීය. සැවැත් නුවරවාසීහු උදේම දන් දී පෙහෙවස් සමාදන්ව සුදුවත් උතුරු සළුකොට භික්ෂුණි සංඝයාද සුවඳ මල් ආදිය ගත් අත් ඇතිව සවස දෙව්රමට එකතු වී ධර්මය අසති. භික්ෂුණි සංඝයාද බුදුන්ගේ ධර්මය අසනු කැමතිව විහාරයට ගොස් බණ අසති. බණ අසා නගරයට ඇතුල් වන්නේ බුදුගුණ කියමීන්ම ඇතුළු වෙති.

චතුප‍්පමාණිකෙ හි ලොකසන‍්නිවාසෙ අප‍්පකාව තෙ සත‍්තා, යෙසං තථාගතං පස‍්සන‍්තානං පසාදො න උප‍්පජ‍්ජති. රූපප‍්පමාණිකාපි හි තථාගතස‍්ස ලක‍්ඛණානුබ්‍යඤ‍්ජනපටිමණ‍්ඩිතං සුවණ‍්ණවණ‍්ණං සරීරං දිස‍්වා පසීදන‍්ති, ඝොසප‍්පමාණිකාපි අනෙකානි ජාතිසතානි නිස‍්සාය පවත‍්තං සත්‍ථු ගුණඝොසඤ‍්චෙව අට‍්ඨඞ‍්ගසමන‍්නාගතං ධම‍්මදෙසනාඝොසඤ‍්ච සුත්‍වා පසීදන‍්ති, ලූඛප‍්පමාණිකාපිස‍්ස චීවරාදිලූඛතං පටිච‍්ච පසීදන‍්ති, ධම‍්මප‍්පමාණිකාපි “එවරූපං දසබලස‍්ස සීලං, එවරූපො සමාධි, එවරූපා පඤ‍්ඤා, භගවා සීලාදීහි ගුණෙහි අසමො අප‍්පටිපුග‍්ගලො”ති පසීදන‍්ති. තෙසං තථාගතස‍්ස ගුණං කථෙන‍්තානං මුඛං නප‍්පහොති.

ලොව වෙසෙන සතුන්ගෙන් හතරෙන් එකෙන් ස්වල්ප දෙනෙක්ම බුදුන් දැක සතුටු නොවෙති. රූපය ප්‍රමාණය කොට ඇති බුදුරජාණන් වහන්සේගේ අසූ අනු ව්‍යඤ්ඡන ලක්‍ෂණයන්ගෙන් යුතුවු රන්වන් වූ ශරීරය දැක. පැහැදෙති. හඩම ප්‍රමාණය කරගත් අය නොයෙක් ජාති සියගණනක් නිසා පවතින බුදුන්ගේ ගුණ ඝෝෂාව කරුණු අටකින් සමන්විත ධර්ම දේශනා ඝෝෂාවද අසා පැහැදෙති. රළු බවට පැහැදෙන්නෝ චීවර ආදී රළු දේ දැක පැහැදෙති. ධර්ම ප්‍රමාණයෙන් පැහැදෙන්නෝ දශබලධාරීන් වහන්ගේ සීලය මෙබඳුය සමාධිය මෙබඳුය. ප්‍රඥාව මෙබඳුය. භාග්‍යවතුන් වහන්සේගේ සීලාදී ගුණ වශයෙන් අසමසමය, ඒහා සමාන වෙනත් අයකු නැත්තේය ආදී වශයෙන්, ඔවුන්ගේ මුව නොසෑහෙන තරම් බුදුගුණ කියති.

රූපනන්‍දා භික‍්ඛුනීනඤ‍්චෙව උපාසිකානඤ‍්ච සන‍්තිකා තථාගතස‍්ස ගුණකථං සුත්‍වා චින‍්තෙසි – “අතිවිය මෙ භාතිකස‍්ස වණ‍්ණං කථෙන‍්තියෙව. එකදිවසම‍්පි මෙ රූපෙ දොසං කථෙන‍්තො කිත‍්තකං කථෙස‍්සති. යංනූනාහං භික‍්ඛුනීහි සද‍්ධිං ගන‍්ත්‍වා අත‍්තානං අදස‍්සෙත්‍වාව තථාගතං පස‍්සිත්‍වා ධම‍්මමස‍්ස සුණිත්‍වා ආගච‍්ඡෙය්‍ය”න‍්ති. සා “අහම‍්පි අජ‍්ජ ධම‍්මස‍්සවනං ගමිස‍්සාමී”ති භික‍්ඛුනීනං ආරොචෙසි.

රූපනන්දා - භික්ෂුණීන්ගෙන් මෙන්ම උපාසිකා වන්ගෙන් ද බුදුගුණ අසා මෙසේ සිතුවාය. මගේ සොහොයුරාගේ ගුණ කථනය අතිශයෙන් සිදුවෙයි. එක දිනක් හෝ මගේ රූපයේ දොස් කීමෙන් කුමක් වේද? යම් සේ භික්ෂුණින් සමග ගොස් මම නොපෙනෙන ලෙසට ශාලාවට ඇතුළු වී ධර්මය අසා එන්නෙමියි සිතා ඇය - මමද අද එන්නෙමියි බණ අසන්නට යන්නෙමියි භික්ෂුණීන්ට දැනුම් දුන්නාය.

භික‍්ඛුනියො “චිරස‍්සං වත රූපනන්‍දාය සත්‍ථු උපට‍්ඨානං ගන‍්තුකාමතා උප‍්පන‍්නා, අජ‍්ජ සත්‍ථා ඉමං නිස‍්සාය විචිත්‍රධම‍්මදෙසනං නානානයං දෙසෙස‍්සතී”ති තුට‍්ඨමානසා තං ආදාය නික‍්ඛමිංසු. සා නික‍්ඛන‍්තකාලතො පට‍්ඨාය “අහං අත‍්තානං නෙව දස‍්සෙස‍්සාමී”ති චින‍්තෙසි. සත්‍ථා “අජ‍්ජ රූපනන්‍දා මය‍්හං උපට‍්ඨානං ආගමිස‍්සති, කීදිසී නු ඛො තස‍්සා ධම‍්මදෙසනා සප‍්පායා”ති චින‍්තෙත්‍වා “රූපගරුකා එසා අත‍්තභාවෙ බලවසිනෙහා, කණ‍්ටකෙන කණ‍්ටකුද‍්ධරණං විය රූපෙනෙවස‍්සා රූපමදනිම‍්මදනං සප‍්පාය”න‍්ති සන‍්නිට‍්ඨානං කත්‍වා තස‍්සා විහාරං පවිසනසමයෙ එකං පන අභිරූපං ඉත්‍ථිං සොළසවස‍්සුද‍්දෙසිකං රත‍්තවත්‍ථනිවත්‍ථං සබ‍්බාභරණපටිමණ‍්ඩිතං බීජනිං ගහෙත්‍වා අත‍්තනො සන‍්තිකෙ ඨත්‍වා බීජයමානං ඉද‍්ධිබලෙන අභිනිම‍්මිනි. තං ඛො පන ඉත්‍ථිං සත්‍ථා චෙව පස‍්සති රූපනන්‍දා ච. සා භික‍්ඛුනීහි සද‍්ධිං විහාරං පවිසිත්‍වා භික‍්ඛුනීනං පිට‍්ඨිපස‍්සෙ ඨත්‍වා පඤ‍්චපතිට‍්ඨිතෙන සත්‍ථාරං වන්‍දිත්‍වා භික‍්ඛුනීනං අන‍්තරෙ නිසින‍්නා පාදන‍්තතො පට‍්ඨාය සත්‍ථාරං ඔලොකෙන‍්තී ලක‍්ඛණවිචිත‍්තං අනුබ්‍යඤ‍්ජනසමුජ‍්ජලං බ්‍යාමප‍්පභාපරික‍්ඛිත‍්තං සත්‍ථු සරීරං දිස‍්වා පුණ‍්ණචන්‍දසස‍්සිරිකං මුඛං ඔලොකෙන‍්තී සමීපෙ ඨිතං ඉත්‍ථිරූපං අද‍්දස. සා තං ඔලොකෙත්‍වා අත‍්තභාවං ඔලොකෙන‍්තී සුවණ‍්ණරාජහංසියා පුරතො කාකීසදිසං අත‍්තානං අවමඤ‍්ඤි. ඉද‍්ධිමයරූපං දිට‍්ඨකාලතො පට‍්ඨායෙව හි තස‍්සා අක‍්ඛීනි භමිංසු. සා “අහො ඉමිස‍්සා කෙසා සොභනා, අහො නලාටං සොභන”න‍්ති සබ‍්බෙසං සාරීරප‍්පදෙසානං රූපසිරියා සමාකඩ‍්ඪිතචිත‍්තා තස‍්මිං රූපෙ බලවසිනෙහා අහොසි.

භික්ෂුනීන් වහන්සේලා මෙසේ සිතූහ. බොහෝ කලකින් රූපනන්දා බුදුන්ට උවටැන් කිරීමට යනු කැමැත්තී වුවාය. බුදුරජාණන් වහන්සේ අද ඇය වෙනුවෙන් කවරාකාර ධර්මයක් දේශනා කරන්නැයි එය කෙතරම් ඇයට ගැළපෙන්නේදැයි සිතා ගියහ. බුදුන් වහන්සේ ද ඇය රූපය පිළිබඳව ඇති බලවත් ස්නේහය කටුවෙන් කටුවක් ගලවන්නාසේම රූපයෙන්ම රූපය පිළිබඳ මදය රූපයෙන්ම නැති කරනු ඇතැයි සනිටුහන් කරගෙන විහාරයට වැඩම කළහ. ඇය විහාරයට පිවිසෙන අවස්ථාවේ දී එක් සොළොස් වියැති අභිරූපි යුවතියක් රතුපාට වස්ත්‍රයක් හැඳ පෙරවා සියළු අලංකාර අභරණවලින් සැරසී විජිනි පතක් ගෙන බුදුන් වෙතම සිට පවන් සලන ස්වරූපයක් සෘද්ධි බලයෙන් මවා බුදුන්ට ද රූපනන්දාට ද පෙනෙන සේ දැක්වූහ. රූපනන්දා භික්ෂුණීන් සමග විහාරයට ඇතුළුවී භික්ෂුණීන්ගේ පිටුපස සිට පසඟ පිහිටුවා බුදුන් වැඳ භික්ෂුනීන් වහන්සේලා මැදට වී සිටියාය. එලෙස සිටින අතර පාදාන්තයේ සිට බුදුන් බලන්නේ උන්වහන්සේගේ මහාපුරුෂ ලක්‍ෂණයන්ගෙන් යුත් අනු ව්‍යඤ්ජනයන්ගෙන් බබළන ව්‍යාමප්‍රභාවෙන් වටකරන ලද බුදුන්ගේ සිරුර දැක පුන් සඳක් බඳු ශෝභාවන් මුහුණ බලන්නේ ආසන්නයේ සිටි ස්ත්‍රී රුපය දුටුවාය. ඇය ඒ ස්ත්‍රීරුව බලන්නී තමන් ගේ රුව පිළිබඳව සිතන්නේ ඇගේ රුව අනුව තමන් රාජ හංසියක ඉදිරියේ කෙවිඩක සේ තමන්ටම අවමානයක් ඇතිවිය. ඍද්ධියෙන් මවන ලද රූපය දුටුතැන් සිට මාගේ ඇහිබැම හා ඇස් සැලුනි. ඇය මෙසේ සිතුවාය අහෝ මැගේ කෙස් ශෝභනය නළල් තලය ශෝභාමත්ය. මුළු සිරුරේ ශෝභාමත්බව රූසිරින් අඳනා ලද සිත නිසා ඇගේ රුව කෙරෙහි බලවත් බැඳීමක් ඇතිවිය.

සත්‍ථා තස‍්සා තත්‍ථ අභිරතිං ඤත්‍වා ධම‍්මං දෙසෙන‍්තොව තං රූපං සොළසවස‍්සුද‍්දෙසිකභාවං අතික‍්කමිත්‍වා වීසතිවස‍්සුද‍්දෙසිකං කත්‍වා දස‍්සෙසි. රූපනන්‍දා ඔලොකෙත්‍වා “න වතිදං රූපං පුරිමසදිස”න‍්ති ථොකං විරත‍්තචිත‍්තා අහොසි. සත්‍ථා අනුක‍්කමෙනෙව තස‍්සා ඉත්‍ථියා සකිං විජාතවණ‍්ණං මජ‍්ඣිමිත්‍ථිවණ‍්ණං ජරාජිණ‍්ණමහල‍්ලිකිත්‍ථිවණ‍්ණඤ‍්ච දස‍්සෙසි. සාපි අනුපුබ‍්බෙනෙව “ඉදම‍්පි අන‍්තරහිතං, ඉදම‍්පි අන‍්තරහිත”න‍්ති ජරාජිණ‍්ණකාලෙ තං විරජ‍්ජමානා ඛණ‍්ඩදන‍්තිං පලිතසිරං ඔභග‍්ගං ගොපානසිවඞ‍්කං දණ‍්ඩපරායණං පවෙධමානං දිස‍්වා අතිවිය විරජ‍්ජි. අථ සත්‍ථා තං බ්‍යාධිනා අභිභූතං කත්‍වා දස‍්සෙසි.

බුදුහු ඇගේ බලවත් ඇල්ම දැනගෙන ධර්ම දේශනය කරමින්ම ඇගේ රුව සොළොස්විය ඉක්මවා විසිවයස් බවට පත්කළහ. දැන් මේ රුව මුලින් තිබු තරම්ම නැත. ටිකක් වෙනස් වූයේ යයි සිතුවාය. බුදුහු අනුපිළිවෙලින් එම ස්ත්‍රීයගේ රූපය වෙනස්කොට මධ්‍යම වයසේ කෙනෙකුගේ රූප ස්වභාවයෙන් පසුව ජරාජීර්ණ මැහැලි ස්ත්‍රියකගේ ස්වභාවයෙන් ද දැක්වීය. ඇය ද අනුපිළිවෙලින් මෙය අන්ත රහිතය. දිරාගිය කල එය නොඇලෙන්නේ වැටුන දත් ඇති පැසුන කෙස් ඇති නැවුන අත්පා ඇතිව සැරයටියට බරවී වෙවුලන සිරුරකින් යුතුව පෙනුම දැක අතිශයින් කළකිරුණි. අනතුරුව බුදුහු රෝගයෙන් පෙළෙන තැනැත්තියක ලෙසට දැක්වුහ.

සා තඞ‍්ඛණඤ‍්ඤෙව දණ‍්ඩඤ‍්ච තාලවණ‍්ටඤ‍්ච ඡඩ‍්ඩෙත්‍වා මහාවිරවං විරවමානා භූමියං පතිත්‍වා සකෙ මුත‍්තකරීසෙ නිමුග‍්ගා අපරාපරං පරිවත‍්ති. රූපනන්‍දා තම‍්පි දිස‍්වා අතිවිය විරජ‍්ජි. සත්‍ථාපි තස‍්සා ඉත්‍ථියා මරණං දස‍්සෙසි. සා තඞ‍්ඛණංයෙව උද‍්ධුමාතකභාවං ආපජ‍්ජි, නවහි වණමුඛෙහි පුබ‍්බවට‍්ටියො චෙව පුළවා ච පග‍්ඝරිංසු, කාකාදයො සන‍්නිපතිත්‍වා විලුම‍්පිංසු. රූපනන්‍දාපි තං ඔලොකෙත්‍වා “අයං ඉත්‍ථී ඉමස‍්මිංයෙව ඨානෙ ජරං පත‍්තා, බ්‍යාධිං පත‍්තා, මරණං පත‍්තා, ඉමස‍්සාපි මෙ අත‍්තභාවස‍්ස එවමෙව ජරාබ්‍යාධිමරණානි ආගමිස‍්සන‍්තී”ති අත‍්තභාවං අනිච‍්චතො පස‍්සි. අනිච‍්චතො දිට‍්ඨත‍්තා එව පන දුක‍්ඛතො අනත‍්තතො දිට‍්ඨොයෙව හොති. අථස‍්සා තයො භවා ආදිත‍්තා ගෙහා විය ගීවාය බද‍්ධකුණපං විය ච උපට‍්ඨහිංසු, කම‍්මට‍්ඨානාභිමුඛං චිත‍්තං පක‍්ඛන්‍දි. සත්‍ථා තාය අනිච‍්චතො දිට‍්ඨභාවං ඤත්‍වා “සක‍්ඛිස‍්සති නු ඛො සයමෙව අත‍්තනො පතිට‍්ඨං කාතු”න‍්ති ඔලොකෙන‍්තො “න සක‍්ඛිස‍්සති, බහිද‍්ධා පච‍්චයං ලද‍්ධුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා තස‍්සා සප‍්පායවසෙන ධම‍්මං දෙසෙන‍්තො ආහ –

ඇය එකෙනෙහිම සැරයටිය ද තල් අත්ත ද විසිකර මහ හඬින් විලාප දෙමින් බිම පතිත වී තමන්ගේම මළ මුත්‍රවල ගැලී ඒ මේ අත පෙරලුනි. මෙය බලා සිටින රූපනන්දා බලවත් කළකිරීමට පත්වූවාය. බුදුහු ඇය මියගිය අයුරු මවා පෙන්නුහ. ඇය එකෙනෙහිම ඉදිමී ගිය බවටත් නව දොරින් කුණු සැරව වැගිරෙන අයුරු දැක්වුණි. කවුඩු ආදින් පැමිණ සිරුර සිදුරු කර කඩා දැමුහ. රූපනන්දා ද එයබලා මෙම ස්ත්‍රිය මෙතැනදීම ජරා - ව්‍යාධි - මරණ තත්ත්වයට පත්වූවාය. මටද මේ ආත්මභාවයේදීම මේ ජරා ව්‍යාධි මරණ එන්නේය. මෙසේ තමා පිළිබඳව අනිත්‍යතාව බැලුවාය මෙලෙස අනිත්‍යතාව බැලීම යනු දුක් වශයෙන් ද අනාත්ම වශයෙන් ද සැලකීමක් වේ. ඉක්බිති ඇගේ තුන් භවය දැල්වී ගියාක් බඳුවිය. ගිහිගෙයි වාසය ගෙලබැදි සර්පයෙක් කුණපයක් බඳුවිය. කර්මස්ථානයට අභිමුඛ වූ සිත ඇති විය. බුදුහු ඇයගේ සිත අනිත්‍යතාවයට නැඹුරුවූ බව දැන ඇයට තමන්ට පිහිට කොට ගතහැකිදැයි බලන්නේ නොහැකි වේ. බාහිර උපකාර ඇයට අවශ්‍යවේ. දැන ඇයට උපයෝගීවන ධර්මයක් දේශනා කරමින් නන්ද තෙරුන්ට දේශනා කළ කරුණු රූප නන්දාට ඉදිරිපත් කරමින්

“ආතුරං අසුචිං පූතිං, පස‍්ස නන්‍දෙ සමුස‍්සයං; උග‍්ඝරන‍්තං පග‍්ඝරන‍්තං, බාලානං අභිපත්‍ථිතං.

ලස්සනට බබළන - මේ කය අපිරිසිදු වේ අසුචියෙන්, සැරවෙන් -ලෙයින් හා මළ මූයෙන් මේ සිරුර මැනැවැයි - පිළිදගිති අනුවණයෝ

“යථා ඉදං තථා එතං, යථා එතං තථා ඉදං; ධාතුතො සුඤ‍්ඤතො පස‍්ස, මා ලොකං පුනරාගමි; භවෙ ඡන්‍දං විරාජෙත්‍වා, උපසන‍්තො චරිස‍්සතී”ති. –

දුගඳ හමනා නිතරම - සිරුර තිර නැත නැගනියේ ධාතු වසයෙන් හා - හිස්වසයෙන් ද බලමින් බවයෙන් එතෙර වන්නට - සිත යෙදුම කළ යුතු වේ

ආතුර වූ අපිරිසිදු වූ - දුගද හමන්නා වූ මේ සිරුර නන්දා බලන්න සැරව වැගිරෙන අපිරිසිදුව, මේ සිරුර අඤාණයෝ ඇළුම් කරති. මෙය යම්සේද එය එසේය. එය එසේ වේ. මේ සිරුර ධාතු වශයෙන්ද හිස් වශයෙන් ද බලන්න - එසේ තේරුම්ගෙන මෙලොවට නැවත නොඑන්න. භවය පිළිබඳව කැමැත්ත දුරුකොට උපශාන්ත වුවක් ලෙස හැසිරෙන්න.

ඉත්‍ථං සුදං භගවා නන්‍දං භික‍්ඛුනිං ආරබ‍්භ ඉමා ගාථායො අභාසිත්‍ථාති. නන්‍දා දෙසනානුසාරෙන ඤාණං පෙසෙත්‍වා සොතාපත‍්තිඵලං පාපුණි. අථස‍්සා උපරි තිණ‍්ණං මග‍්ගඵලානං විපස‍්සනාපරිවාසත්‍ථාය සුඤ‍්ඤතාකම‍්මට‍්ඨානං කථෙතුං, “නන්‍දෙ, මා ‘ඉමස‍්මිං සරීරෙ සාරො අත්‍ථී’ති සඤ‍්ඤං කරි. අප‍්පමත‍්තකොපි හි එත්‍ථ සාරො නත්‍ථි, තීණි අට‍්ඨිසතානි උස‍්සාපෙත්‍වා කතං අට‍්ඨිනගරමෙත”න‍්ති වත්‍වා ඉමං ගාථමාහ –

බුදුරජාණන් වහන්සේ නන්දා තෙරණියන්ට මෙම ගාථා පවසා නන්දා තෙරණිය දේශනය අනුව ඤාණය දල්වා සෝවාන් ඵලයට පැමිණිය. අනතුරුව ඇය මත්තෙහි මාර්ග ඵලයන්ට අනතුරුව විදර්ශනා සඳහා කර්මස්ථාන කියන්නට - නන්දාවනි මේ සිරුරේ සාරයක් ඇතැයි නොසිතන්න. අල්පමාත්‍රයක් හෝ මේ සිරුරේ සාරයක් නැත. ඇටකැබලි තුන්සියයකින් ඔසවන ලද මෙම සිරුර ඇටකැබලි වලින් කරන ලද නගරයත් වන්නැයි කියා මේ ගාථාව පැවසුහ.

“අට‍්ඨීනං නගරං කතං, මංසලොහිතලෙපනං; යත්‍ථ ජරා ච මච‍්චු ච, මානො මක‍්ඛො ච ඔහිතො”ති.

නව සියයක් තිබේ සිරුරක මස් වැදැලී තුන් සියයක්ම එකතුව ඇත ඇට කැබලී ලෙඩබව මහළු බව මරණය ඇත බැදිලි මෙය නුවරක්ය හුදු විදුලියකින් බැබලී.

තස‍්සත්‍ථො – යථෙව හි පුබ‍්බණ‍්ණාපරණ‍්ණාදීනං ඔදහනත්‍ථාය කට‍්ඨානි උස‍්සාපෙත්‍වා වල‍්ලීහි බන්‍ධිත්‍වා මත‍්තිකාය විලිම‍්පෙත්‍වා නගරසඞ‍්ඛාතං බහිද‍්ධා ගෙහං කරොන‍්ති, එවමිදං අජ‍්ඣත‍්තිකම‍්පි තීණි අට‍්ඨිසතානි උස‍්සාපෙත්‍වා න‍්හාරුවිනද‍්ධං මංසලොහිතලෙපනං තචපටිච‍්ඡන‍්නං ජීරණලක‍්ඛණාය ජරාය මරණලක‍්ඛණස‍්ස මච‍්චුනො ආරොහසම‍්පදාදීනි පටිච‍්ච මඤ‍්ඤනලක‍්ඛණස‍්ස මානස‍්ස සුකතකාරණවිනාසනලක‍්ඛණස‍්ස මක‍්ඛස‍්ස ච ඔදහනත්‍ථාය නගරං කතං. එවරූපො එව හි එත්‍ථ කායිකචෙතසිකො ආබාධො ඔහිතො, ඉතො උද‍්ධං කිඤ‍්චි ගය‍්හූපගං නත්‍ථීති.

එහි අර්ථය ගෙයක් නගරයක් කැමති අයෙක් ලී දඬු ඔසවා පරාල බැඳ මැටි ඔබා නගර සංඛ්‍යාත වු බැහැරින් ගෙයක් කරන්නේය. එසේම ඇතුළත ඇට තුන්සියයක් ඔසවා. ඒවා නහරවලින් බැඳ තබා මස්, ලේ තවරා සමකින් වසා දිරණ ස්වභාවයෙන්, ජරාවට පත්වන භාවයෙන් මරණභාවයෙන් මාරයා විසින් ගන්නා ලද මේ සිරුර පිළිබඳව ආරෝග්‍ය නිසාද, රූපවත් බව නිසාද යහපතකැයි සිතා මානය ඇති කිරීම නගරකෙතං මෙබඳු වූ මේ රූපයේ ගත යුතු කිසිවක් නැත කායික චෛතසික ආබාධ වලින් ඔසවන මේ ශරීරයේ ගත යුතු කිසිවක් නැත.

දෙසනාවසානෙ සා ථෙරී අරහත‍්තං පාපුණි, මහාජනස‍්සාපි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

දේශනාවසානයේ නන්දා තෙරණිය අර්හත් ඵලයට පැමිණියාය. මහාජනයාටද දේශනාව සාර්ථක දේශනයක් වූයේය.

ජනපදකල්‍යාණී රූපනන්‍දාථෙරීවත්‍ථු පඤ‍්චමං.