6. මල්ලිකාදෙවීවත්ථු අට්ඨකථා
6. මල්ලිකාදෙවීවත්ථු
6. මල්ලිකා දේවියගේ කථා පුවත
ජීරන්ති වෙති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො මල්ලිකං දෙවිං ආරබ්භ කථෙසි.
“පිරන්ති වෙ රාජරථා” - යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩ සිටියදී මල්ලිකා දේවිය අරමුණු කර ගෙන දේශනා කළහ.
සා කිර එකදිවසං න්හානකොට්ඨකං පවිට්ඨා මුඛං ධොවිත්වා ඔනතසරීරා ජඞ්ඝං ධොවිතුං ආරභි. තාය ච සද්ධිංයෙව පවිට්ඨො එකො වල්ලභසුනඛො අත්ථි. සො තං තථා ඔනතං දිස්වා අසද්ධම්මසන්ථවං කාතුං ආරභි. සා ඵස්සං සාදියන්තී අට්ඨාසි. රාජාපි උපරිපාසාදෙ වාතපානෙන ඔලොකෙන්තො තං දිස්වා තතො ආගතකාලෙ “නස්ස, වසලි, කස්මා එවරූපමකාසී”ති ආහ.
ඕ තොමෝ එක් දිනක් නාන කොටුවේ දී මුහුණ සෝදා සිරුර නවාගෙන කෙණ්ඩා සේදීමට පටන්ගත්තාය. ඇයත් සමගම ඇතුළුවුන එක් කීකරු සුනඛයෙක් ඇය එසේ නැමි සිටිනු දැක අසද්ධර්මසන්ථවය කරන්නට පටන් ගත්තේය. ඇය ස්පර්ශය ඉවසමින් සිටියේය. රජු ද මතුමහලේ වා කවුලුවෙන් බලමින් සිටිය දී මෙය දැක ඇය පැමිණි කල වසලිය වැනසේවා කුමක් නිසා මෙබඳු දෙයක් කළාදැයි විමසුවාය.
කිං මයා කතං, දෙවාති. සුනඛෙන සද්ධිං සන්ථවොති. නත්ථෙතං, දෙවාති. මයා සාමං දිට්ඨං, නාහං තව සද්දහිස්සාමි, නස්ස, වසලීති. “මහාරාජ, යො කොචි ඉමං කොට්ඨකං පවිට්ඨො ඉමිනා වාතපානෙන ඔලොකෙන්තස්ස එකොව ද්විධා පඤ්ඤායතී”ති අභූතං කථෙසි. දෙව, සචෙ මෙ සද්දහසි, එතං කොට්ඨකං පවිස, අහං තං ඉමිනා වාතපානෙන ඔලොකෙස්සාමීති. රාජා මූළ්හධාතුකො තස්සා වචනං සද්දහිත්වා කොට්ඨකං පාවිසි. සාපි ඛො දෙවී වාතපානෙ ඨත්වා ඔලොකෙන්තී “අන්ධබාල, මහාරාජ, කිං නාමෙතං, අජිකාය සද්ධිං සන්ථවං කරොසී”ති ආහ. “නාහං, භද්දෙ, එවරූපං කරොමී”ති ච වුත්තෙපි “මයා සාමං දිට්ඨං, නාහං තව සද්දහිස්සාමී”ති ආහ.
දේවයන් වහන්ස මා විසින් කුමක් කළේද? සුනඛයන් සමඟ සංවාසයේ යෙදුනේ නොවේදැයි පැවසුවේය. නැත දේවයන් වහන්ස, මගේ සියැසින් දුටුදේ ඔබ විශ්වාස නොකරන්නේ ! වසලිය නැසේවායි කීය. මහරජ යමෙක් මේ දිය කොටුවට පිවිසිවිට මේ වා කවුලුවෙන් බලනවිට එක් අයෙක් දෙයාකාරයට පෙනෙයි. යනුවෙන් සිදුනොවූවක් (බොරුවක්) පැවසුවාය. ඉදින් මාව විශ්වාස නොකරන්නේ නම් ඔබ මේ දියකොටුවට පිවිසෙන්න. මම කවුළුවෙන් බලාසිටිමි ඇය කීවාය. ඇය වාකවුළු දොර බලාසිටින්නී ඒ අතර ඇගේ වචනය විශ්වාස කරගෙන රජු ද දියකොටුවට පිවිසියේය. ඇය ජනේලයෙන් බලා සිට අන්ධ බාල වූ මහරජ කුමක් නිසා ඔබ කොටළුදෙනක හා සංවාසයේ යෙදුනේද? විමසුවාය. නැත සොඳුරිය මම එවැන්නක් නොකරමි. කි විට මා විසින්ද දකින ලද දෙය ඔබ නොඅදහන්නේදැයි පැවසුවේය.
තං සුත්වා රාජා “අද්ධා ඉමං කොට්ඨකං පවිට්ඨො එකොව ද්විධා පඤ්ඤායතී”ති සද්දහි. මල්ලිකා චින්තෙසි – “අයං රාජා අන්ධබාලතාය මයා වඤ්චිතො, පාපං මෙ කතං, අයඤ්ච මෙ අභූතෙන අබ්භාචික්ඛිතො, ඉදං මෙ කම්මං සත්ථාපි ජානිස්සති, ද්වෙ අග්ගසාවකාපි අසීති මහාසාවකාපි ජානිස්සන්ති, අහො වත මෙ භාරියං කම්මං කත”න්ති. අයං කිර රඤ්ඤො අසදිසදානෙ සහායිකා අහොසි. තත්ථ ච එකදිවසං කතපරිච්චාගො ධනස්ස චුද්දසකොටිඅග්ඝනකො අහොසි. තථාගතස්ස සෙතච්ඡත්තං නිසීදනපල්ලඞ්කො ආධාරකො පාදපීඨන්ති ඉමානි පන චත්තාරි අනග්ඝානෙව අහෙසුං. සා මරණකාලෙ එවරූපං මහාපරිච්චාගං නානුස්සරිත්වා තදෙව පාපකම්මං අනුස්සරන්තී කාලං කත්වා අවීචිම්හි නිබ්බත්ති.
මෙය අසා රජු ඒකාන්තයෙන් මේ කොටුවට පිවිසි කෙනෙක් දෙකක් ලෙසට පෙනේ යයි විශ්වාස කළේය. මල්ලිකා මෙසේ සිතුවාය. මේ රජු අඥාන නිසා මගේ වචනය පිළිගෙන රැවටීමට වැටුනි. මම පවක් කළෙමි මේ කර්මය බුදුරජාණන් වහන්සේ ද දැනගනු ඇත. අසූමහ ශ්රාවකයින් ද අශ්රාවකයින් ද දැනගනු ඇත. අහෝ මවිසින් බැරෑරුම් පවක් කරන ලද්දෙමි. මේ රජ අසදිස මහා දානය දීමේදී උපකාරී වීමි. එක් දිනකදී කරන ලද පරිත්‍යාගය දාහතර කෝටියක් විය. බුදුරජාණන් වහන්සේට සේසත වාඩිවන පුටුව, මේසය, හා පාද පීඨය යන මේ වැදගත් මහාර්ඝ වස්තු පූජා කළෙමි. ඇය මරණ මඤ්චකයේ දී මෙබඳු පරිත්‍යාග සිහි නොකර ඒ පව්කම සිහිපත් කරන්නී කළුරිය කොට - අවිචියේ උපන්නාය.
රඤ්ඤො පන සා අතිවිය පියා අහොසි. සො බලවසොකාභිභූතො තස්සා සරීරකිච්චං කාරෙත්වා “නිබ්බත්තට්ඨානමස්සා පුච්ඡිස්සාමී”ති සත්ථු සන්තිකං අගමාසි. සත්ථා යථා සො ආගතකාරණං න සරති, තථා අකාසි. සො සත්ථු සන්තිකෙ සාරණීයධම්මකථං සුත්වා ගෙහං පවිට්ඨකාලෙ සරිත්වා “අහං භණෙ මල්ලිකාය නිබ්බත්තට්ඨානං පුච්ඡිස්සාමීති සත්ථු සන්තිකං ගන්ත්වා පමුට්ඨො, ස්වෙ පුන පුච්ඡිස්සාමී”ති පුනදිවසෙපි අගමාසි. සත්ථාපි පටිපාටියා සත්ත දිවසානි යථා සො න සරති, තථා අකාසි. සාපි සත්තාහමෙව නිරයෙ පච්චිත්වා අට්ඨමෙ දිවසෙ තතො චුතා තුසිතභවනෙ නිබ්බත්ති. කස්මා පනස්ස සත්ථා අසරණභාවං අකාසීති? සා කිර තස්ස අතිවිය පියා අහොසි මනාපා, තස්මා තස්සා නිරයෙ නිබ්බත්තභාවං සුත්වා “සචෙ එවරූපා සද්ධාසම්පන්නා නිරයෙ නිබ්බත්තා, දානං දත්වා කිං කරිස්සාමී”ති මිච්ඡාදිට්ඨිං ගහෙත්වා පඤ්චන්නං භික්ඛුසතානං ගෙහෙ පවත්තං නිච්චභත්තං හරාපෙත්වා නිරයෙ නිබ්බත්තෙය්ය, තෙනස්ස සත්ථා සත්තාහං අසරණභාවං කත්වා අට්ඨමෙ දිවසෙ පිණ්ඩාය චරන්තො සයමෙව රාජකුලද්වාරං අගමාසි.
රජුට ඇය ඉතා ප්‍රිය විය. ඔහු බලවත් ශෝකයෙන් යුතුව ඇගේ සිරුර ආදාහනයකර ඇය උපන් තැන විමසමියි බුදුන් වෙත ගියේය. බුදුහු ඔහු ආ කරුණ අමතකවන ලෙස අදිටන් කළහ. ඔහුට බුදුන් සමීපයේ සිහිකටයුතු කථා අසා ගෙන ගිය විට සිහිකොට මම මල්ලිකාවගේ උපන් ස්ථානය විමසමියි ගොස් දෙවන දවස් අසමියි දෙවන දවස ද ගියේය. බුදුහු පිළිවෙළින් දින හතක් යන තුරු ඔහුට සිහිපත් නොවීමට සැලසුහ ඇය ද දින සතක් නිරයේ පැසි අටවන දින ඉන් චුතව තුසිත භවනෙහි උපන්නාය. බුදුහු කුමක් හෙයින් දින හතක් මේ කරුණ රජුට සිහිපත් නොවීමට පත් කළේද? ඇය වනාහි රජුට අතිශය ප්‍රිය වුවාය. එනිසා ඇය නිරයේ උපන් බව අසා ඉදින් මෙතරම් ශ්රද්ධාවත් කෙනෙක් නිරයේ උපන්නේ නම් දන් දී කුමක් කරමුද? කියා මිථ්‍යාදෘෂ්ටි ගෙන පන්සියයක් භික්ෂූන්ට ගෙදර දුන් දානය වළක්වා නරකයෙහි ඉපදේය යන අදහසිනි. මේ අදහස නිසා ඇය පිළිබඳව රජුට විමසීමට සිහිය ඇති නොවන ලෙසට යටපත් කරන ලදී. එසේ කොට අටවැනි දින බුදුහු පිඩුසිගා වඩින අතර රාජ මන්දිරය අභියසට වැඩම කළහ.
රාජා “සත්ථා ආගතො”ති සුත්වා නික්ඛමිත්වා පත්තං ආදාය පාසාදං අභිරුහිතුං ආරභි. සත්ථා පන රථසාලාය නිසීදිතුං ආකාරං දස්සෙසි. රාජා සත්ථාරං තත්ථෙව නිසීදාපෙත්වා යාගුඛජ්ජකෙන පටිමානෙත්වා වන්දිත්වා නිසින්නොව අහං, භන්තෙ, මල්ලිකාය දෙවියා නිබ්බත්තට්ඨානං පුච්ඡිස්සාමීති ගන්ත්වා පමුට්ඨො, කත්ථ නු ඛො සා, භන්තෙ, නිබ්බත්තාති. තුසිතභවනෙ, මහාරාජාති, භන්තෙ, තාය තුසිතභවනෙ අනිබ්බත්තන්තියා කො අඤ්ඤො නිබ්බත්තිස්සති, භන්තෙ, නත්ථි තාය සදිසා ඉත්ථී. තස්සා හි නිසින්නට්ඨානාදීසු “ස්වෙ තථාගතස්ස ඉදං දස්සාමි, ඉදං කරිස්සාමී”ති දානසංවිධානං ඨපෙත්වා අඤ්ඤං කිච්චමෙව නත්ථි, භන්තෙ, තස්සා පරලොකං ගතකාලතො පට්ඨාය සරීරං මෙ න වහතීති. අථ නං සත්ථා “මා චින්තයි, මහාරාජ, සබ්බෙසං ධුවධම්මො අය”න්ති වත්වා “අයං, මහාරාජ, රථො කස්සා”ති පුච්ඡි. තං සුත්වා රාජා සිරස්මිං අඤ්ජලිං පතිට්ඨාපෙත්වා “පිතාමහස්ස මෙ, භන්තෙ”ති ආහ. “අයං කස්සා”ති? “පිතු මෙ, භන්තෙ”ති. “අයං පන රථො කස්සා”ති? “මම, භන්තෙ”ති. එවං වුත්තෙ සත්ථා, “මහාරාජ, තව පිතාමහස්ස රථො තෙනෙවාකාරෙන තව පිතු රථං න පාපුණි, තව පිතු රථො තව රථං න පාපුණි, එවරූපස්ස නාම කට්ඨකලිඞ්ගරස්සාපි ජරා ආගච්ඡති, කිමඞ්ගං පන අත්තභාවස්ස. මහාරාජ, සප්පුරිසධම්මස්සෙව හි ජරා නත්ථි, සත්තා පන අජීරකා නාම නත්ථී”ති වත්වා ඉමං ගාථමාහ –
රජු බුදුන් වැඩියේ යයි අසා නික්මී පාත්‍රය ගෙන ප්‍රසාදයට නැග යාමට පටන් ගත්තේය. බුදුහු රථ ශාලාවේ වැඩසිටින ආකාරයක් දැක්වීය. රජු බුදුන් එහිම වාඩිකරවා කැඳ හා කැවිලි වර්ගවලින් සංග්‍රහ කොට වැඳ වාඩිවී ස්වාමීනි මම මල්ලිකා දේවියන්ගේ උපන්තැන විමසන්නට ගියේ අමතක විය. ස්වාමීනි ! ඇය කොතැන ඉපදුනාද? මහරජ තුසිත භවයෙහියයි පැවසුහ. රජු ස්වාමීනි ඇය තුසිත භවයේ නුපන්නානම් අන් කවරෙක් එහි ඉපදෙන්නේදැයි ස්වාමීනි ඇය හා සමාන ස්ත්‍රියක් නැත. ඇය සිටින තැන බුදුන්ට මෙය දෙමි. මෙය කරමි යනුවෙන් දානය සංවිධානය කිරීම හැර අන් දෙයක් නැත. යනුවෙන් පවසා ස්වාමීනි ඇය පරලොව ගියතැන් සිට සිරුර පමණක් නැතය පැවසුවේ. බුදුහු මහරජ එලෙස නොසිතන්න. සියල්ලන්ගේ ඒකාන්ත ධර්මය මෙයයි පවසා මහරජ මේ රථය කාගේ රථයද ස්වාමීනි සීයාගේය. මෙය කාගේද මහරජ මේ මගේ පියාගේ රථයයි. මෙම රථය කාගේද මහරජ මෙය මගේය ස්වාමීනි පැවසුවේය. මෙසේ පැවසූවිට බුදුහු මහරජ ඔබගේ සීයාගේ රථය ඒ අයුරින්ම පියාගේ රථය මෙන් නොවීය. ඔබගේ පියාගේ රථය ඔබේ රථය ස්වරූපයට නොපැමිණියේය. මෙබඳු දැවදඬු ලී කොට ආදියද දිරා යාමට පත්වේ. ආත්ම භාවයට කුමක්වේද? මහරජ සත්පුරුෂ ධර්මයට ජරාවක් නැත. සත්ත්වයෝ නම් නොදිරන්නේ නැතැයි පවසා මෙම ගාථාව දේශනා කළහ.
“ජීරන්ති වෙ රාජරථා සුචිත්තා, අථො සරීරම්පි ජරං උපෙති; සතඤ්ච ධම්මො න ජරං උපෙති, සන්තො හවෙ සබ්භි පවෙදයන්තී”ති.
මැනවින් විසිතුරු කරන ලද රාජකීය වාහන වුවද දිරායයි මැනවින් විසිතුරුකළ ශරීරයද ජරාවට පත්වේ. යහපත් පුරුෂයන්ගේ ධර්මය ජරාවට පත් නොවේ මේ කරුණ සත්පුරුෂයෝම සත්පුරුෂයන්ට ඒකාන්තයෙන් පවසා සිටිති.
මේ රිය පෙනේ පිය මුතු පුතු රජුන් සතු සොබාදහම ලෙස ඒ හැම දිරිය යුතු සපුරිස් දහම් පමණක් කර ලොවම නතු නොදිරා තිබෙන බව මහරජ සිතිය යුතු
තත්ථ වෙති නිපාතො. සුචිත්තාති සත්තහි රතනෙහි අපරෙහි ච රථාලඞ්කාරෙහි සුට්ඨු චිත්තිතා රාජූනං රථාපි ජීරන්ති. සරීරම්පීති න කෙවලං රථා එව, ඉදං සුප්පටිජග්ගිතං සරීරම්පි ඛණ්ඩිච්චාදීනි පාපුණන්තං ජරං උපෙති. සතඤ්චාති බුද්ධාදීනං පන සන්තානං නවවිධො ලොකුත්තරධම්මො ච කිඤ්චි උපඝාතං න උපෙතීති න ජරං උපෙති නාම. පවෙදයන්තීති එවං සන්තො බුද්ධාදයො සබ්භි පණ්ඩිතෙහි සද්ධිං කථෙන්තීති අත්ථො.
තත්ථ එහි වෙ යන අවධාරණ අර්ථයේ නිපාත පදයකි. ”සුවිත්තා” සප්තරත්නවලින් විවිධ අයුරින් අලංකාරයන්ගෙන් සැරසූ රාජ රථ ද දිරායත්. සරිරමජි හුදෙක් රථ කරත්ත පමණක් නොව මැනවින් පිළිදැගුම් කළ සිරුරද කැඩී බිදී ජරා බවට පත්වේ. සත්ඤචාති - බුද්ධාදීන් විසින් සත්ත්වයන්ගේ යහපත සඳහා දෙසන ලද නවවිධ ලෝකෝත්තර ධර්මය වනාහි එලෙස විනාශ නොවේ. පවෙදයන්ති - යනු බුද්ධාදී උතුමෝ සියළු සත්පුරුෂයන් පණ්ඩිතයන් සමග කරන ප්‍රකාශයයි
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
මේ දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ආදී ඵලයට පත්වූහ.
මල්ලිකාදෙවීවත්ථු ඡට්ඨං.