7. ලාළුදායිත්ථෙරවත්ථු අට්ඨකථා
7. ලාළුදායිත්ථෙරවත්ථු
7. ලාලුදායි තෙරුන්ගේ කථා පුවත
අප්පස්සුතායන්ති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො ලාළුදායිත්ථෙරං ආරබ්භ කථෙසි.
“අප්පස්සුතා යං” යන මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වාසය කරන අතරතුරදී ලාළුදායී තෙරුන් නිමිති කරගෙන දේශනා කළ සේක.
සො කිර මඞ්ගලං කරොන්තානං ගෙහං ගන්ත්වා “තිරොකුට්ටෙසු තිට්ඨන්තී”තිආදිනා (ඛු· පා· 7.1; පෙ· ව· 14) නයෙන අවමඞ්ගලං කථෙති, අවමඞ්ගලං කරොන්තානං ගෙහං ගන්ත්වා තිරොකුට්ටාදීසු කථෙතබ්බෙසු “දානඤ්ච ධම්මචරියා චා”තිආදිනා (ඛු· පා· 5.7; සු· නි· 266) නයෙන මඞ්ගලගාථා වා “යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා”ති රතනසුත්තං (ඛු· පා· 6.3; සු· නි· 226) වා කථෙති. එවං තෙසු තෙසු ඨානෙසු “අඤ්ඤං කථෙස්සාමී”ති අඤ්ඤං කථෙන්තොපි “අඤ්ඤං කථෙමී”ති න ජානාති. භික්ඛූ තස්ස කථං සුත්වා සත්ථු ආරොචෙසුං – “කිං, භන්තෙ, ලාළුදායිස්ස මඞ්ගලාමඞ්ගලට්ඨානෙසු ගමනෙන, අඤ්ඤස්මිං කථෙතබ්බෙ අඤ්ඤමෙව කථෙතී”ති. සත්ථා “න, භික්ඛවෙ, ඉදානෙවෙස එවං කථෙති, පුබ්බෙපි අඤ්ඤස්මිං කථෙතබ්බෙ අඤ්ඤමෙව කථෙසී”ති වත්වා අතීතං ආහරි –
මෙම තෙරණුවෝ මංගල කටයුතු කරන නිවෙස්වලට ගොස් තිරොකුඩ්ඩේසු තිට්ඨින්තී ආදී මියගියවුන් පිළිබඳ අවමංගල කථා කියති. අවමඟුල් පවතින නිවෙස්වලට ගොස් තිරොකුඩ්ඩේසු ආදිය කියයුතු තැන්වල ”දානංච ධම්මචරියා” ආදී මංගල කථා රතන සූත්‍රය වැනි කරුණු ද පවසති. ඒ ඒ තැන්වලට ගොස් කිය යුතු දෙයට වඩා වෙනත් දෙයක් කියති. මෙබඳු නොගැළපෙන දෑ කියන නිසා භික්ෂූන් වහන්සේලා මේ තෙරුන්ගේ කථා අසා බුදුන්වහන්සේට දැනුම් දුන්හ. ස්වාමීනි මේ ලාළුදායි තෙරුන් සමග මංගල අවමගුල් ඇති ස්ථානවලට යාමෙන් කවර ප්‍රයෝජනයක්ද? කිවයුතු දෙය වෙනුවට වෙනත් දෙයක්ම කියයි, මෙයට පිළිතුරු දෙන තථාගතයන් වහන්සේ, මහණෙනි මේ තැනැත්තා දැන් පමණක් නොව පෙරද එකක් කිවයුතු තැන අනෙකක්ම කීවේයි කියා, අතීතය ගෙනහැර දැක්වුහ.
අතීතෙ කිර බාරාණසියං අග්ගිදත්තස්ස නාම බ්රාහ්මණස්ස පුත්තො සොමදත්තකුමාරො නාම රාජානං උපට්ඨහි. සො රඤ්ඤා පියො අහොසි මනාපො. බ්රාහ්මණො පන කසිකම්මං නිස්සාය ජීවති. තස්ස ද්වෙයෙව ගොණා අහෙසුං. තෙසු එකො මතො. බ්රාහ්මණො පුත්තං ආහ – “තාත, සොමදත්ත, රාජානං මෙ යාචිත්වා එකං ගොණං ආහරා”ති. සොමදත්තො “සචාහං රාජානං යාචිස්සාමි, ලහුභාවො මෙ පඤ්ඤායිස්සතී”ති චින්තෙත්වා “තුම්හෙයෙව, තාත, රාජානං යාචථා”ති වත්වා “තෙන හි, තාත, මං ගහෙත්වා යාහී”ති වුත්තො චින්තෙසි – “අයං බ්රාහ්මණො දන්ධපඤ්ඤො අභික්කමාදිවචනමත්තම්පි න ජානාති, අඤ්ඤස්මිං වත්තබ්බෙ අඤ්ඤමෙව වදති, සික්ඛාපෙත්වා පන නං නෙස්සාමී”ති. සො තං ආදාය බීරණත්ථම්භකං නාම සුසානං ගන්ත්වා තිණකලාපෙ බන්ධිත්වා “අයං රාජා, අයං උපරාජා, අයං සෙනාපතී”ති නාමානි කත්වා පටිපාටියා පිතු දස්සෙත්වා “තුම්හෙහි රාජකුලං ගන්ත්වා එවං අභික්කමිතබ්බං, එවං පටික්කමිතබ්බං, එවං නාම රාජා වත්තබ්බො, එවං නාම උපරාජා, රාජානං පන උපසඞ්කමිත්වා ‘ජයතු භවං, මහාරාජා’ති වත්වා එවං ඨත්වා ඉමං ගාථං වත්වා ගොණං යාචෙය්යාථා”ති ගාථං උග්ගණ්හාපෙසි –
අතීතයේදී බරණැස “අග්ගිදත්ත” නම් බ්‍රාහ්මණයාගේ පුතා “සෝමදත්ත” කුමරු රජුට උපට්ඨාන කළේය. ඔහු රජුට ප්‍රිය මනාප වීය. පිය බමුණා කෘෂිකර්මයෙන් ජීවත් වෙයි. මේ බමුණාට ගොනුන් දෙදෙනෙක් වුහ. ඔවුන් දෙදෙනාගෙන් එකෙක් මිය ගියේය. බ්‍රාහ්මණයා තම පුතාට මෙසේ කීවේය. “දරුව සෝමදත්ත රජුන්ගෙන් ඉල්ලාගෙන මට ගොනෙක් අරගෙන එන්න” කියා. සෝමදත්ත ඉදින් මම රජුගෙන් ගොනෙක් ඉල්ලන්නේ නම් මගේ ලඝුබව මතුවන්නේ යයි සිතා පියාණනි ඔබම රජුගෙන් ඉල්ලා ගන්නැයි කීවේය. මෙලෙස කියා සිටියදී එසේනම් දරුව මා ගෙන ගොස් රජු වෙත පමුණුවන්නැයි කීවේය. මෙසේ කීවිට පුතා මේ බ්‍රාහ්මණයා (පියා) අනුවණයෙකි. ඉදිරියට යන්න පස්සට යන්න ආදී වචනයක්වත් දන්නේ නැත. කිවයුතු දෙය වෙනුවට වෙනත් දෙයක් කියනු ඇත. ඔහුට පුහුණුවක් දී රජු ඉදිරියට ගෙන යන මැයි සිතා බමුණා බීරණත්ථමභක නම් සොහොනට ගෙන ගොස් තණබිම් බැඳ තබා මේ රජුය. මේ යුවරජුය, මේ හමුදාපතිය යනුවෙන් නම්කර පිළිවෙළින් පියාට පෙන්වා දී ඔබ රාජසභාවට ගොස් මෙලෙස ඇතුළුවිය යුතුය. මෙසේ පිටවිය යුතුය, මේ ලෙසට රජුට කථාකළ යුතුය. මේ ලෙස යුවරජුට කථාකළ යුතුය. රජුවෙත එළඹ “ජයතු භවං මහරජ ඔබ දිනේවා” යනු වෙන් සුබපතා මෙසේ සිට මේ ගාථාව කියා ගොනෙක් ඉල්ලා ගන්නැයි ඉගැන්වීය.
“ද්වෙ මෙ ගොණා මහාරාජ, යෙහි ඛෙත්තං කසාමසෙ; තෙසු එකො මතො දෙව, දුතියං දෙහි ඛත්තියා”ති.
“දෙව මෙගොණා මහාරාජ” - මහරජ මගේ ගොනුන් දෙදෙනෙක් කුඹුරේ සී සෑහ එකෙක් මියගියේය. එනිසා මට ගොනෙක් ලබා දෙන්න.
සො හි සංවච්ඡරමත්තෙන තං ගාථං පගුණං කත්වා පගුණභාවං පුත්තස්ස ආරොචෙත්වා “තෙන හි, තාත, කඤ්චිදෙව පණ්ණාකාරං ආදාය ආගච්ඡථ, අහං පුරිමතරං ගන්ත්වා රඤ්ඤො සන්තිකෙ ඨස්සාමී”ති වුත්තෙ “සාධු, තාතා”ති පණ්ණාකාරං ගහෙත්වා සොමදත්තස්ස රඤ්ඤො සන්තිකෙ ඨිතකාලෙ උස්සාහප්පත්තො රාජකුලං ගන්ත්වා රඤ්ඤා තුට්ඨචිත්තෙන කතපටිසම්මොදනො, “තාත, චිරස්සං වත ආගතත්ථ, ඉදමාසනං නිසීදිත්වා වදථ, යෙනත්ථො”ති වුත්තෙ ඉමං ගාථමාහ –
ඒ බමුණා අවුරුද්දක් පමණ එම ගාථාව ප්‍රගුණ කොට එහි ප්‍රගුණ බව පුතාට පෙන්වා (පාඩම්දී) එසේ නම් දරුව මට කිසියම් පඬුරක් අරගෙන එන්න. මම පළමුව ගොස් රජුගේ සමීපයේ සිටින්නෙමියි කී විට හොඳයි පියාණනි පඬුරක් ගෙනත් දුන්විට එය රැගෙන සෝමදත්ත රජු සමීපයේ සිටි විට උත්සාහයෙන් රජ කුලයට ගොස් රජු විසින් සතුටු සිතින් පිළිසඳර කථා කොට දරුව පැමිණ බොහෝ කල් මෙනි, මේ අසුනේ වාඩීවී කියන්න කුමක් නිසා පැමිණියේදැයි පවසන්න. මේ ගාථාව කිවේය.
“ද්වෙ මෙ ගොණා මහාරාජ, යෙහි ඛෙත්තං කසාමසෙ; තෙසු එකො මතො දෙව, දුතියං ගණ්හ ඛත්තියා”ති.
“මහරජ මගේ ගොනුන් දෙදෙනෙක් කුඹුරු සීසෑවෝය. මහරජ ඉන් එකෙක් මියගියේය. මහරජ දෙවැන්නා ගන්න.”
රඤ්ඤා “කිං වදෙසි, තාත, පුන වදෙහී”ති වුත්තෙපි තමෙව ගාථං ආහ. රාජා තෙන විරජ්ඣිත්වා කථිතභාවං ඤත්වා සිතං කත්වා, “සොමදත්ත, තුම්හාකං ගෙහෙ බහූ මඤ්ඤෙ ගොණා”ති වත්වා “තුම්හෙහි දින්නා බහූ භවිස්සන්ති, දෙවා”ති වුත්තෙ බොධිසත්තස්ස තුස්සිත්වා බ්රාහ්මණස්ස සොළස ගොණෙ අලඞ්කාරභණ්ඩකං නිවාසගාමඤ්චස්ස බ්රහ්මදෙය්යං දත්වා මහන්තෙන යසෙන බ්රාහ්මණං උය්යොජෙසීති.
රජතුමා දරුව කුමක් කියන්නේ ද නැවත කියන්නැයි පැවසූවිට එලෙසම ගාථාව කීවේය. රජු ඔහු විසින් වරදවමින් කී බව දැන සිනාසී. සෝමදත්ත ඔබගේ නිවසේ බොහෝ ගොනුන් වෙත්දැයි කරුණු විමසා අනතුරුව බෝසතුන්ට සතුටු වී බමුණාට ගොනුන් දහසයක්ද අලංකාර භාණ්ඩද නිවසක් හා බ්‍රහ්මදෙය්‍ය වස්තු ද දී මහත් කීර්තියෙන් බමුණා උනනන්දු කළේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “තදා රාජා ආනන්දො අහොසි, බ්රාහ්මණො ලාළුදායී, සොමදත්තො පන අහමෙවා”ති ජාතකං සමොධානෙත්වා “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපෙස අත්තනො අප්පස්සුතතාය අඤ්ඤස්මිං වත්තබ්බෙ අඤ්ඤමෙව වදති. අප්පස්සුතපුරිසො හි බලිබද්දසදිසො නාම හොතී”ති වත්වා ඉමං ගාථමාහ –
බුදුහු මේ දේශනය ගෙනහැර දක්වා එදා රජු ආනන්ද ස්ථවිරයන් විය. බ්‍රාහ්මණයා ලාළුදායි තෙරුන් විය සෝමදත්ත මමම වීමි යි ජාතක දෙසුම ගළපා මහණෙනි දැන් පමණක් නොව පෙර ද මොහු තමන්ගේ අපහසුතාව නිසා කටයුතු දෙය වෙනුවට වෙනත් දෙයක්ම කියයි. අල්ප දැනුම ඇත්තා ගවයෙකු වැනි යයි පවසන මේ ගාථාව වදාළහ.
“අප්පස්සුතායං පුරිසො, බලිබද්දොව ජීරති; මංසානි තස්ස වඩ්ඪන්ති, පඤ්ඤා තස්ස න වඩ්ඪතී”ති.
සිරුර අලි මහතට -මස් ගොඩම ලොකුවන්නේ වියළි කල හරක්මෙන් දිවිසරති - උන්ගේ නුවණ නොවැඩේ
තත්ථ අප්පස්සුතායන්ති එකස්ස වා ද්වින්නං වා පණ්ණාසකානං. අථ වා පන වග්ගානං සබ්බන්තිමෙන පරිච්ඡෙදෙන එකස්ස වා ද්වින්නං වා සුත්තන්තානං වාපි අභාවෙන අප්පස්සුතො අයං. කම්මට්ඨානං පන උග්ගහෙත්වා අනුයුඤ්ජන්තො බහුස්සුතොව.
එහි දී අප්පස්සුත නම් - පණ්ණසකයක (50හේ කොටස්) අතුරෙන් පණ්ණසකයක් හෝ දෙකක්, වර්ග එකක් හෝ දෙකක්, අවම වශයෙන් සූත්‍ර දෙකක් හෝ එකක් හෝ නොදැන සිටින භික්ෂුව අල්පශ්‍රැත - අසාදැනගත් දැනුම නැති තැනැත්තෙකි. කර්මස්ථාන ඉගෙන එහි යෙදෙන තැනැත්තා බහුශ්‍රැත නම් වේ.
බලිබද්දොව ජීරතීති යථා හි බලිබද්දො ජීරමානො වඩ්ඪමානො නෙව මාතු, න පිතු, න සෙසඤාතකානං අත්ථාය වඩ්ඪති, අථ ඛො නිරත්ථකමෙව ජීරති, එවමෙවං අයම්පි න උපජ්ඣායවත්තං කරොති, න ආචරියවත්තං, න ආගන්තුකවත්තාදීනි, න භාවනාරාමතං අනුයුඤ්ජති, නිරත්ථකමෙව ජීරති, මංසානි තස්ස වඩ්ඪන්තීති යථා බලිබද්දස්ස “යුගනඞ්ගලාදීනි වහිතුං අසමත්ථො එසො”ති අරඤ්ඤෙ විස්සට්ඨස්ස තත්ථෙව විචරන්තස්ස ඛාදන්තස්ස පිවන්තස්ස මංසානි වඩ්ඪන්ති, එවමෙව ඉමස්සාපි උපජ්ඣායාදීහි විස්සට්ඨස්ස සඞ්ඝං නිස්සාය චත්තාරො පච්චයෙ ලභිත්වා උද්ධවිරෙචනාදීනි කත්වා කායං පොසෙන්තස්ස මංසානි වඩ්ඪන්ති, ථූලසරීරො හුත්වා විචරති. පඤ්ඤා තස්සාති ලොකියලොකුත්තරා පනස්ස පඤ්ඤා එකඞ්ගුලමත්තාපි න වඩ්ඪති, අරඤ්ඤෙ පන ගච්ඡලතාදීනි විය ඡ ද්වාරානි නිස්සාය තණ්හා චෙව නවවිධමානො ච වඩ්ඪතීති අත්ථො.
බලිවද්දොව - ජීරති - යම් සේ මස් වැඩෙන්නේ මව පියා - සෙසු ඤාතීන්ගේ ප්‍රයෝජනය සඳහා නොවැඩේ. ප්‍රයෝජනයක් නොමැතිවම වැඩේ. එලෙසම මෙතෙම උපාධ්‍යාය වත් නොකරයි. ගුරුවරයාගේ වතාවත් නොපුරයි. අගන්තුක වතාවක්ද නොකරන ඔහු භාවනානුයෝගීව පසුවෙතැයි පවසමින් නිර්ථක ලෙස වැඩේ. “මංසාති තස්ස වඩ්ඪනතී” - යම්සේ ගොනුන් වියගහ නගුල් උසුලන්නට නොහැක්කා සේම වනයේ අත්හැර දැමු ගවයාගේ මස් වැඩේ. එලෙසම වතාවත් නොකර අචාර්ය උපාධ්‍යායන්ට ලැබෙන සිවුපසය හොඳින් වළදා මහත් සිරුරු ඇතිව හැසිරේ. “පඤ්ඤාති” ලෝකය ලෝකෝතර ඤාණය එක අඟලක් හෝ නොවැඩේ. “නවඩ්ඪති” - වනයේ ගස් වැල් ආදිය මෙන් ඔහුගේ සදොර නිසා තණ්හාව ද නවවිධ මානයද වැඩේ යන අරුතයි.
දෙසනාවසානෙ මහාජනො සොතාපත්තිඵලාදීනි පාපුණීති.
මේ දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලවලට පත්වුහ.
ලාළුදායිත්ථෙරවත්ථු සත්තමං.