යෙදුමෙන් කියවන්න

8-9. උදානවත්‍ථු අට‍්ඨකථා

8-9. උදානවත්‍ථු

8-9. ආනන්ද තෙරුන්ගේ උදාන ගාථා පුවත

අනෙකජාතිසංසාරන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා බොධිරුක‍්ඛමූලෙ නිසින‍්නො උදානවසෙන උදානෙත්‍වා අපරභාගෙ ආනන්‍දත්‍ථෙරෙන පුට‍්ඨො කථෙසි.

“අනෙකජාති සංසාරං” යන මේ දහම් දෙසුම ශාස්තෲන් වහන්සේ බෝරුක මුල වැඩ සිටියදී උදාන වශයෙන් ප්‍රකාශ කොට, පසු අවස්ථාවකදී ආනන්ද තෙරුන් විසින් විමසූ විට පැවසූහ.

සො හි බොධිරුක‍්ඛමූලෙ නිසින‍්නො සූරියෙ අනත්‍ථඞ‍්ගතෙයෙව මාරබලං විද‍්ධංසෙත්‍වා පඨමයාමෙ පුබ‍්බෙනිවාසපටිච‍්ඡාදකං තමං පදාලෙත්‍වා මජ‍්ඣිමයාමෙ දිබ‍්බචක‍්ඛුං විසොධෙත්‍වා පච‍්ඡිමයාමෙ සත‍්තෙසු කාරුඤ‍්ඤතං පටිච‍්ච පච‍්චයාකාරෙ ඤාණං ඔතාරෙත්‍වා තං අනුලොමපටිලොමවසෙන සම‍්මසන‍්තො අරුණුග‍්ගමනවෙලාය සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුජ‍්ඣිත්‍වා අනෙකෙහි බුද‍්ධසතසහස‍්සෙහි අවිජහිතං උදානං උදානෙන‍්තො ඉමා ගාථා අභාසි –

උන්වහන්සේ බෝරුක මුල වැඩ සිටියදී හිරු උදාවීමට පෙරම මාර පරාජය කොට පළමු යාමයේ පුර්වේනිවාසානු ස්මෘති ඥානය මතු කරගෙන මධ්‍යම යාමයේ දී දිවැස පිරිසිදු කරගෙන - පැසුලු අවස්ථාවේදී සත්ත්වයන් කෙරෙහි ලෝසතුන් කෙරෙහි මහ කරුණාවෙන් හේතු ප්‍රත්‍ය ධර්ම කෙරෙහි ඤාණයට බැස එය අනුලෝම පටිලොම වශයෙන් සිහිකරමින් අරුණ නැගෙනවිට සම්මා සම්බුද්ධත්වය පසක් කරගෙන අපමණ බුදුවරු සියදහස් ගණනක් අත්නොහළ උදානය දක්වමින් මේ ගාථාව දේශනා කළහ.

“අනෙකජාතිසංසාරං, සන්‍ධාවිස‍්සං අනිබ‍්බිසං; ගහකාරං ගවෙසන‍්තො, දුක‍්ඛා ජාති පුනප‍්පුනං.

අපමණ සසර දුක්විඳ දිවයමින් සිට අපසතු සිරුරු ගෙය සාදන විටින් විට වඩුවා සොයා යළි යළි ගිය ගමන් පිට

“ගහකාරක දිට‍්ඨොසි, පුන ගෙහං න කාහසි; සබ‍්බා තෙ ඵාසුකා භග‍්ගා, ගහකූටං විසඞ‍්ඛතං; විසඞ‍්ඛාරගතං චිත‍්තං, තණ‍්හානං ඛයමජ‍්ඣගා”ති.

හඳුනාගතිමි ඔහු “තණ්හා” නමින් සිට නැවත ගේ තනනට බැරිලෙස ඔහුට මොනවට කැණිමඩල ලී කොට කඩා බිඳ ගේ දැමිණ පොළවට

තත්‍ථ ගහකාරං ගවෙසන‍්තොති අහං ඉමස‍්ස අත‍්තභාවසඞ‍්ඛාතස‍්ස ගෙහස‍්ස කාරකං තණ‍්හාවඩ‍්ඪකිං ගවෙසන‍්තො යෙන ඤාණෙන සක‍්කා තං දට‍්ඨුං, තස‍්ස බොධිඤාණස‍්සත්‍ථාය දීපඞ‍්කරපාදමූලෙ කතාභිනීහාරො එත‍්තකං කාලං අනෙකජාතිසංසාරං අනෙකජාතිසතසහස‍්සසඞ‍්ඛාතං ඉමං සංසාරවට‍්ටං අනිබ‍්බිසං තං ඤාණං අවින්‍දන‍්තො අලභන‍්තොයෙව සන්‍ධාවිස‍්සං සංසරිං, අපරාපරං අනුවිචරින‍්ති අත්‍ථො. දුක‍්ඛා ජාති පුනප‍්පුනන‍්ති ඉදං ගහකාරකගවෙසනස‍්ස කාරණවචනං. යස‍්මා ජරාබ්‍යාධිමරණමිස‍්සිතාය ජාති නාමෙසා පුනප‍්පුනං උපගන‍්තුං දුක‍්ඛා, න ච සා තස‍්මිං අදිට‍්ඨෙ නිවත‍්තති. තස‍්මා තං ගවෙසන‍්තො සන්‍ධාවිස‍්සන‍්ති අත්‍ථො. දිට‍්ඨොසීති සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පටිවිජ‍්ඣන‍්තෙන මයා ඉදානි දිට‍්ඨොසි. පුන ගෙහන‍්ති පුන ඉමස‍්මිං සංසාරවට‍්ටෙ අත‍්තභාවසඞ‍්ඛාතං මම ගෙහං න කාහසි. සබ‍්බා තෙ ඵාසුකා භග‍්ගාති තව සබ‍්බා අවසෙසා කිලෙසඵාසුකා මයා භග‍්ගා. ගහකූටං විසඞ‍්ඛතන‍්ති ඉමස‍්ස තයා කතස‍්ස අත‍්තභාවගෙහස‍්ස අවිජ‍්ජාසඞ‍්ඛාතං කණ‍්ණිකමණ‍්ඩලම‍්පි මයා විද‍්ධංසිතං. විසඞ‍්ඛාරගතං චිත‍්තන‍්ති ඉදානි මම චිත‍්තං විසඞ‍්ඛාරං නිබ‍්බානං ආරම‍්මණකරණවසෙන ගතං අනුපවිට‍්ඨං. තණ‍්හානං ඛයමජ‍්ඣගාති තණ‍්හානං ඛයසඞ‍්ඛාතං අරහත‍්තං අධිගතොස‍්මීති.

“තත්ථ එහි ගහකාරකං ගවේසන්තොති” මම මෙම ආත්මභාව නමැති ගෙය කරන තෘෂ්ණා නැමති වඩුවා සොයමින් යම් නුවණකින් ඔහු දැක ගැනීමට හැකිවේද ඒ බෝධි ඥාණය සඳහා දීපංකර බුදුපාමුල කරන ලද අභිනීහාර ඇතිව මෙතෙක් කල් “අනෙකජාතිසංසාරං” නොයෙක් ජාති ලක්‍ෂයක් මේ සසරවට අනිබ්බිසං ඤාණ නොදැන ඤාණය නොලැබම - සන්ධාවිස්සං - සැරි සැරීමි මැරෙමින් ඉපදෙමින් සැරි සැරීමයි. “දුක්ඛාජාති පුනප්පුන්නති මේ ගේ කරන්නා සොයමින් නැවත නැවත ඉපදීම - මැරීම යන දුක් යම් හෙයකින් ජරා ව්‍යාධි මරණ මිශ්‍රව දුක නැවත නැවත ඇතිවන දුක් එය නොදුටුවිට නොනැවතේ එනිසා නොනිමෙන දුක් සොයමින් ඇවිද්දෙමි යන අර්ථය දේ. “දිට්ඨොසිති” සර්වඥතා ඥානය අවබෝධ කරගත් මවිසින් මෙය දුටුවෙමියි. “පුනගෙහන්ති” නැවත මේ සසර දුකේ ආත්මභාව සංඛ්‍යාත වූ මගේ ගෙය නැවත ඉදිකළ හැකි නොවේ. සබ්බා තෙ ඵාසුකා ඔබගේ සියළු ඉතිරි කෙලෙස් පහසුකම් මවිසින් වනසා දමන ලදී. ගහකූටං විසංඛිතනති මේ ඔබ විසින් කළ ආත්මභාව ගෙයි අවිද්‍යා සංඛ්‍යාත වූ කැණිමඩලද මවිසින් වනසා දමන ලදිමි. “විසඞඛාර ගතං චින්තනති” - දැන් මගේ සිත සංකාර රහිතවු නිවන අරමුණු වශයෙන් ගෙන තබන ලදිමි. “තණ්හානං බයමජ්‍ඣගාති” තෘෂ්ණා ක්‍ෂය වූ අර්ථය අවබෝධ කර ගතිමි.

උදානවත්‍ථු අට‍්ඨමං.