යෙදුමෙන් කියවන්න

10-11. මහාධනසෙට‍්ඨිපුත‍්තවත්‍ථු අට‍්ඨකථා

10-11. මහාධනසෙට‍්ඨිපුත‍්තවත්‍ථු

10-11. මහධන සිටුපුතුගේ කථා පුවත

අචරිත්‍වාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ඉසිපතනෙ මිගදායෙ විහරන‍්තො මහාධනසෙට‍්ඨිපුත‍්තං ආරබ‍්භ කථෙසි.

“අචරිත්වා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ඉසිපතනාරාමයේ වැඩ සිටිය දී මහාධන සිටුතුමා අරමුණු කරගෙන දේශනා කළහ.

සො කිර බාරාණසියං අසීතිකොටිවිභවෙ කුලෙ නිබ‍්බත‍්ති. අථස‍්ස මාතාපිතරො චින‍්තෙසුං – “අම‍්හාකං කුලෙ මහාභොගක‍්ඛන්‍ධො, පුත‍්තස‍්ස නො හත්‍ථෙ ඨපෙත්‍වා යථාසුඛං පරිභොගං කරිස‍්සාම, අඤ‍්ඤෙන කම‍්මෙන කිච‍්චං නත්‍ථී”ති. තං නච‍්චගීතවාදිතමත‍්තමෙව සික‍්ඛාපෙසුං. තස‍්මිංයෙව නගරෙ අඤ‍්ඤස‍්මිං අසීතිකොටිවිභවෙ කුලෙ එකා ධීතාපි නිබ‍්බත‍්ති. තස‍්සාපි මාතාපිතරො තථෙව චින‍්තෙත්‍වා තං නච‍්චගීතවාදිතමත‍්තමෙව සික‍්ඛාපෙසුං. තෙසං වයප‍්පත‍්තානං ආවාහවිවාහො අහොසි. අථ නෙසං අපරභාගෙ මාතාපිතරො කාලමකංසු.

මහධන සිටුපුත් තෙම බරණැස අසූකෙළක් ධනය ඇති කුලයක උපන්නේ ය. ඔහුගේ දෙමාපියෝ මේ ලෙස සිතූහ. අපගේ කුලයේ මහාභෝග සමුහය පරිභෝග කරණු මිස අනෙක් කටයුත්තකින් ප්‍රයෝජනයක් නැත. එනිසා මේ සිටු පුතුට ගීත වාදනය පමණක්ම ඉගැන්වුහ. දෙමාපියන් මහළු වයසට පත්වන විට පුතුට ආවාහයක්ද කරදෙන ලදී. අනතුරුව ටික කලකින් දෙමාපියෝ කළුරිය කළහ.

ද‍්වෙඅසීතිකොටිධනං එකස‍්මිංයෙව ගෙහෙ අහොසි. සෙට‍්ඨිපුත‍්තො දිවසස‍්ස තික‍්ඛත‍්තුං රඤ‍්ඤො උපට‍්ඨානං ගච‍්ඡති. අථ තස‍්මිං නගරෙ ධුත‍්තා චින‍්තෙසුං – “සචායං සෙට‍්ඨිපුත‍්තො සුරාසොණ‍්ඩො භවිස‍්සති, අම‍්හාකං ඵාසුකං භවිස‍්සති, උග‍්ගණ‍්හාපෙම නං සුරාසොණ‍්ඩභාව”න‍්ති. තෙ සුරං ආදාය ඛජ‍්ජකමංසෙ චෙව ලොණසක‍්ඛරා ච දුස‍්සන‍්තෙ බන්‍ධිත්‍වා මූලකන්‍දෙ ගහෙත්‍වා තස‍්ස රාජකුලතො ආගච‍්ඡන‍්තස‍්ස මග‍්ගං ඔලොකයමානා නිසීදිත්‍වා තං ආගච‍්ඡන‍්තං දිස‍්වා සුරං පිවිත්‍වා ලොණසක‍්ඛරං මුඛෙ ඛිපිත්‍වා මූලකන්‍දං ඩංසිත්‍වා “වස‍්සසතං ජීව සාමි, සෙට‍්ඨිපුත‍්ත, තං නිස‍්සාය මයං ඛාදනපිවනසමත්‍ථා භවෙය්‍යාමා”ති ආහංසු. සො තෙසං වචනං සුත්‍වා පච‍්ඡතො ආගච‍්ඡන‍්තං චූළූපට‍්ඨාකං පුච‍්ඡි – “කිං එතෙ පිවන‍්තී”ති. එකං පානකං, සාමීති. මනාපජාතිකං එතන‍්ති. සාමි, ඉමස‍්මිං ජීවලොකෙ ඉමිනා සදිසං පාතබ‍්බයුත‍්තකං නාම නත්‍ථීති. සො “එවං සන‍්තෙ මයාපි පාතුං වට‍්ටතී”ති ථොකං ථොකං ආහරාපෙත්‍වා පිවති. අථස‍්ස නචිරස‍්සෙව තෙ ධුත‍්තා පිවනභාවං ඤත්‍වා තං පරිවාරයිංසු. ගච‍්ඡන‍්තෙ කාලෙ පරිවාරො මහා අහොසි. සො සතෙනපි සතද‍්වයෙනපි සුරං ආහරාපෙත්‍වා පිවන‍්තො ඉමිනා අනුක‍්කමෙනෙව නිසින‍්නට‍්ඨානාදීසු කහාපණරාසිං ඨපෙත්‍වා සුරං පිවන‍්තො “ඉමිනා මාලා ආහරථ, ඉමිනා ගන්‍ධෙ, අයං ජනො ජුතෙ ඡෙකො, අයං නච‍්චෙ, අයං ගීතෙ, අයං වාදිතෙ. ඉමස‍්ස සහස‍්සං දෙථ, ඉමස‍්ස ද‍්වෙ සහස‍්සානී”ති එවං විකිරන‍්තො නචිරස‍්සෙව අත‍්තනො සන‍්තකං අසීතිකොටිධනං ඛෙපෙත්‍වා “ඛීණං තෙ, සාමි, ධන”න‍්ති වුත‍්තෙ කිං භරියාය මෙ සන‍්තකං නත්‍ථීති. අත්‍ථි, සාමීති. තෙන හි තං ආහරථාති. තම‍්පි තථෙව ඛෙපෙත්‍වා අනුපුබ‍්බෙන ඛෙත‍්තආරාමුය්‍යානයොග‍්ගාදිකම‍්පි අන‍්තමසො භාජනභණ‍්ඩකම‍්පි අත්‍ථරණපාවුරණනිසීදනම‍්පි සබ‍්බං අත‍්තනො සන‍්තකං වික‍්කිණිත්‍වා ඛාදි. අථ නං මහල‍්ලකකාලෙ යෙහිස‍්ස කුලසන‍්තකං ගෙහං වික‍්කිණිත්‍වා ගහිතං, තෙ තං ගෙහා නීහරිංසු. සො භරියං ආදාය පරජනස‍්ස ගෙහභිත‍්තිං නිස‍්සාය වසන‍්තො කපාලඛණ‍්ඩං ආදාය භික‍්ඛාය චරිත්‍වා ජනස‍්ස උච‍්ඡිට‍්ඨකං භුඤ‍්ජිතුං ආරභි.

අසූ දෙකෝටියක් ධනය තිබුන එම නගරයේ කුල දුවක් ඇතිවිය. ඇගේද දෙමාපියෝ එලෙසම සිතා නැටුම් ගැයුම් පමණක්ම ඉගැන්වුහ. ඔවුන් දෙදෙන වැඩිවියට පත්වුවිට විවාහ වූහ. අනතුරුව එම දෙමාපියන්ද පරලොව ගියහ. දෙ අසූ කෝටියක් වු ධනය එකම ගෙයි තැබුනි. සිටුපුත් තෙම දිනකට තෙවරක් රාජ සේවය සඳහා යයි. මේ අතර නගරයේ ධූර්තයෝ - මේ සිටුපුත් සුරාලෝලී කෙනෙක් වන්නේ නම් අපට පහසු වන්නේය. ඔහුට සුරාලෝලි බව ඇතිකරනෙමුයි ඔවුන් සුරාගෙන බදින ලද මස්ද ලුණු හා හකුරු ද දසරුවේ බැඳගෙන අලයක් (පුලුස්සා) ගෙන එම රාජ කුලයෙන් ආපසු එමින් සිටින මග රැක බලාසිට සිටුකුමරුට රා පොවා ලුණු හා හකුරු කටට දමා පුලුස්සන ලද අලය සපා සිටුපුත්‍රය සියවසක් ජීවත් වන්නැයි සිටුපුත්‍රය ඔබ නිසා අපට කෑමට බීම ලැබෙන්නේ යයි කීවාහුය. හේ ඔවුන්ගේ වදන් අසා පසුපස එන්නා වූ සුළු සේවකයාගෙන් විමසුවේය. මේවා බොන්නද? ඔහු ස්වාමීනි. එක්වරක් බොන්න. සුරා ඉතා ප්‍රියමනාපය. ස්වාමිනි. මෙලොව මේ හා සමවූ පානය කළ යුතු වෙන දෙයක් නැත. ඔහු ද මම ද පානය කිරීම වටී යයි කියමින් ටික ටික ගෙන්වාගෙන බොයි. අනතුරුව නොබෝ කලකින් එම සුරාධූර්තයෝ බොන බව දැන ඔහු පිරිවරා ගත්හ. කල්ගතවන විට පිරිවර බොහෝ විය. ඔහු සියයකින් ද කහවණු දහසකින් ද සුරා ගෙන්වාගෙන බොන්නේ පිළිවෙලින් හුන්තැන කහවණු ගොඩගසා රාබොමින් මේ මල් ගෙන එන්න මේ සුවඳ දැ ගෙන්වන්න. මේ ජනයා සූදුවෙහි දක්‍ෂය මේ ජනයා නැටීමේ දක්‍ෂයෙකි මේ තැනැත්තා ගීතයෙහි වාදනයෙහි දක්‍ෂය මොහුට දහසක් දෙන්න. මොහුට දෙදහසක් දෙන්න. මේ ලෙසින් වියදම් කරන්නේ නොබෝ දිනකින්ම තමා සතු අසූකෙළක් ධනය වැය කොට ස්වාමීනි ධනය අවසන් වී යයි පැවසූ විට ඇයි මගේ බිරිඳ සතු ධනය නැත්දැයි විමසා ඇති බව පැවසු විට ඒවාද ගෙන්වා ගෙන ඒවාද එලෙසම වැය කොට පිළිවෙළින් ආරාම උයන් වතු සියල්ල විකුණා පිළිවෙළින් භාජන පොරෝණ හා ඇඳ පුටු පවා විකුණා සුරාවට වැය කළේය. අන්තිමට තම නිවස පවා විකුණා දමා පාරට බසින්නට සිදුවිය. හේ බිරිඳ සමග අන් අයගේ ගෙවල්වල අගපිල්වල වාසය කරමින් මැටි කබලක් ගෙන පිඬු පිණිස හැසිරි ඉඳුල් බත් කන්නට විය.

අථ නං එකදිවසං ආසනසාලාය ද‍්වාරෙ ඨත්‍වා දහරසාමණෙරෙහි දිය්‍යමානං උච‍්ඡිට‍්ඨකභොජනං පටිග‍්ගණ‍්හන‍්තං දිස‍්වා සත්‍ථා සිතං පාත්‍වාකාසි. අථ නං ආනන්‍දත්‍ථෙරො සිතකාරණං පුච‍්ඡි. සත්‍ථා සිතකාරණං කථෙන‍්තො “පස‍්සානන්‍ද, ඉමං මහාධනසෙට‍්ඨිපුත‍්තං ඉමස‍්මිං නගරෙ ද‍්වෙඅසීතිකොටිධනං ඛෙපෙත්‍වා භරියං ආදාය භික‍්ඛාය චරන‍්තං.

එක් දිනක් ආපන ශාලාවේ දොරටුව සිට කුඩා සාමණේර හිමිවරු විසින් දෙන ඉඳුල් බත් පිළිගන්නා අයුරු දැක බුදුන් වහන්සේ සිනා පහළ කළහ. එය දුටු ආනන්ද තෙරුන් සිනා පහළ කිරිමට හේතු විමසුහ. එයට හේතු දැක්වු බුදුරජාණන් වහන්සේ ආනන්ද බලන්න මේ මහධන සිටුපුත් තෙම මෙ නගරයේම දෙඅසූකෙළක් ධනය විනාශකර භාර්යාවත් සමග අනුන්ගෙන් සිඟා කන අයුරු

සචෙ හි අයං පඨමවයෙ භොගෙ අඛෙපෙත්‍වා කම‍්මන‍්තෙ පයොජයිස‍්ස, ඉමස‍්මිංයෙව නගරෙ අග‍්ගසෙට‍්ඨි අභවිස‍්ස. සචෙ පන නික‍්ඛමිත්‍වා පබ‍්බජිස‍්ස, අරහත‍්තං පාපුණිස‍්ස, භරියාපිස‍්ස අනාගාමිඵලෙ පතිට‍්ඨහිස‍්ස. සචෙ මජ‍්ඣිමවයෙ භොගෙ අඛෙපෙත්‍වා කම‍්මන‍්තෙ පයොජයිස‍්ස, දුතියසෙට‍්ඨි අභවිස‍්ස, නික‍්ඛමිත්‍වා පබ‍්බජන‍්තො අනාගාමී අභවිස‍්ස. භරියාපිස‍්ස සකදාගාමිඵලෙ පතිට‍්ඨහිස‍්ස. සචෙ පච‍්ඡිමවයෙ භොගෙ අඛෙපෙත්‍වා කම‍්මන‍්තෙ පයොජයිස‍්ස, තතියසෙට‍්ඨි අභවිස‍්ස, නික‍්ඛමිත්‍වා පබ‍්බජන‍්තොපි සකදාගාමී අභවිස‍්ස, භරියාපිස‍්ස සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිස‍්ස. ඉදානි පනෙස ගිහිභොගතොපි පරිහීනො සාමඤ‍්ඤතොපි. පරිහායිත්‍වා ච පන සුක‍්ඛපල‍්ලලෙ කොඤ‍්චසකුණො විය ජාතො”ති වත්‍වා ඉමා ගාථා අභාසි –

ඉදින් මේ තැනැත්තා පළමු වයසේ දී සම්පත් විනාශකර නොගෙන කර්මාන්තයෙහි යෙදවූයේ නම් මොහුට අග සිටුවරයා වන්නට තිබුනි. ඉදින් ගිහිගෙහි නික්ම පැවිදි වූයේ නම් අර්හත් වන්නට තිබුනි. ඔහුගේ බිරිය ද අනාගාමී වන්නට තිබුනි. ඉදින් මධ්‍යම වයසේ දී භෝග සම්පත් විනාශ නොකර කර්මාන්තයෙහි යෙදෙව්වේ නම් දෙවැනි සිටුවරයා වන්නට තිබුනි. ගිහිගෙයින් නික්ම පැවිදි වුයේ නම් අනාගාමී වන්නට තිබුනි. භාර්යාවටද සකෘදාගාමි ඵලයට පත්වන්නට තිබුනි. ඉදින් පශ්චිම වයසේ දී කර්මාන්තයෙහි යෙදෙව්වේ නම් තුන්වන සිටු තනතුරටද, පැවිදි වුයේනම් සකෘදාගාමි වන්නට ද තිබුනි. භාර්යාවද සෝවාන් වන්නට තිබුනි දැන් මොවුන් දෙදෙන ගිහි සම්පත්වලින්ද පැවිදි සම්පතින්ද පිරිහී වියලුනු මඩ ගොඩක කොස්වා ලිහිණියෙකු සේ වැනසී යයි පවසා මේ ගාථාව දේශනා කළහ.

“අචරිත්‍වා බ්‍රහ‍්මචරියං, අලද‍්ධා යොබ‍්බනෙ ධනං; ජිණ‍්ණකොඤ‍්චාව ඣායන‍්ති, ඛීණමච‍්ඡෙව පල‍්ලලෙ.

නො සොයා ධනය රැකියා කොට තරුණ වියේ නො ලබා දහම් ඇස පැවිදිව මැඳුම් වියේ පතිනිය සමග සිඟමින් යන පැසුළු වියේ කොස්ලිහිණියෙකු වැනි කුඩ මසු නොමැති දියේ

“අචරිත්‍වා බ්‍රහ‍්මචරියං, අලද‍්ධා යොබ‍්බනෙ ධනං; සෙන‍්ති චාපාතිඛීණාව, පුරාණානි අනුත්‍ථුන”න‍්ති.

යොවුන්විය බඹසර නොරැක දනයද නොසොයා කෙළි දෙලෙන් මත් වී සිට අද සිගා කන්නේ දුන්නකින් විදලු හීයක් වැන්න වනමැද

“යොවුන් වියේදී බ්‍රහ්මචරියාවේ නොහැසිරි ධනය නොලැබ මසුන් නැති වියලී මඩ වගුරක මහළු කොස්වා ලිහිණියෙකු සේ තැවේ.

බ්‍රහ්මචරියාවේ නොයෙදී යොවුන් වියේදී ධනය නො ලැබ මැදුම් වියේදි බ්‍රහ්මචරියා වේ නොහැසිරී පෙර කළ දැය සිහි කරමින් සුසුම් ලමින් හොවිත්.

තත්‍ථ අචරිත්‍වාති බ්‍රහ‍්මචරියවාසං අවසිත්‍වා. යොබ‍්බනෙති අනුප‍්පන‍්නෙ වා භොගෙ උප‍්පාදෙතුං උප‍්පන‍්නෙ වා භොගෙ රක‍්ඛිතුං සමත්‍ථකාලෙ ධනම‍්පි අලභිත්‍වා. ඛීණමච‍්ඡෙති තෙ එවරූපා බාලා උදකස‍්ස අභාවා ඛීණමච‍්ඡෙ පල‍්ලලෙ පරික‍්ඛීණපත‍්තා ජිණ‍්ණකොඤ‍්චා විය අවඣායන‍්ති. ඉදං වුත‍්තං හොති – පල‍්ලලෙ උදකස‍්ස අභාවො විය හි ඉමෙසං වසනට‍්ඨානස‍්ස අභාවො, මච‍්ඡානං ඛීණභාවො විය ඉමෙසං භොගානං අභාවො, ඛීණපත‍්තානං කොඤ‍්චානං උප‍්පතිත්‍වා ගමනාභාවො විය ඉමෙසං ඉදානි ජලථලපථාදීහි භොගෙ සණ‍්ඨාපෙතුං අසමත්‍ථභාවො. තස‍්මා තෙ ඛීණපත‍්තා කොඤ‍්චා විය එත්‍ථෙව බජ‍්ඣිත්‍වා අවඣායන‍්තීති. චාපාතිඛීණාවාති චාපතො අතිඛීණා, චාපා විනිමුත‍්තාති අත්‍ථො. ඉදං වුත‍්තං හොති – යථා චාපා විනිමුත‍්තා සරා යථාවෙගං ගන‍්ත්‍වා පතිතා, තං ගහෙත්‍වා උක‍්ඛිපන‍්තෙ අසති තත්‍ථෙව උපචිකානං භත‍්තං හොන‍්ති, එවං ඉමෙපි තයො වයෙ අතික‍්කන‍්තා ඉදානි අත‍්තානං උද‍්ධරිතුං අසමත්‍ථතාය මරණං උපගමිස‍්සන‍්ති. තෙන වුත‍්තං – “සෙන‍්ති චාපාතිඛීණාවා”ති. පුරාණානි අනුත්‍ථුනන‍්ති “ඉති අම‍්හෙහි ඛාදිතං ඉති පීත”න‍්ති පුබ‍්බෙ කතානි ඛාදිතපිවිතනච‍්චගීතවාදිතාදීනි අනුත්‍ථුනන‍්තා සොචන‍්තා අනුසොචන‍්තා සෙන‍්තීති.

එහි - අචරිත්වා යනු බ්‍රහ්මචරියාවේ නොයෙදී යොබ්බනෙ ඇති නොවු භෝග ඉපදවීමටද උපන්ධන ධාන්‍ය ආරක්ෂා කිරිමට සමත් කාලය - ධනම්පි ධනයද නොලැබ බීණමච්ඡෙති ඒ එබඳු වු අඥානයා ජලය නැති නිසා මාළු නැති මඩවගුරේ ජරාවට පත්වූ කොස්වා ලිහිණියෙකුගේ තැවීමට පත්වේ. පල්ලලෙ මෙසේ කියන ලද මඩෙහි ජලය නැතිවු සේ මේ භෝග සම්පත් නොමැති නිසා මත්‍යසයන් නැති මේ භෝග අභාවය නිසා ජරා වූ කොස්වා ලිහිණියන්ගේ ගමන් භාවය වේ. ජල ඵල ආදියේ භෝග රැකගැනීමට නොහැකි සේ එනිසා ජලය නැති වගුරේ බලාසිටින කොස්වා ළිහිණියන් වැන්න. චාපාතිඛිත්තාචාති - යම් සේ වේගයෙන් ගිය ඊතලය වැදී ආපසු ඇදගත්විට ඇතිවන තුවාලයන් සේ එලෙසම බාල තරුණ මහලු තුන් වියේදීම සම්පත් නොලැබුනවිට ඊතල පහරින් මියයන්නා සේ නිර්ථකම මියයාමට හේතුවේ - සෙන්ති චාපාතිඛිත්තතාවාතා. “පුරාණානි අනුත්ථන්නති” - පෙර මෙබඳු දේ කෑවෙමි. මෙබඳු දේ බීවෙමි ලෙස පෙර කල කී දේ සිහිකරමින් තැවෙමින් සිටිති.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනය අවසන බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පැමිණියහ.

මහාධනසෙට‍්ඨිපුත‍්තවත්‍ථු නවමං.

ජරාවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

ජරා වර්ග වර්ණනාව අවසානයි

එකාදසමො වග‍්ගො.

එකොළොස් වැනි වර්ගයයි.