යෙදුමෙන් කියවන්න

1. බොධිරාජකුමාරවත්‍ථු අට‍්ඨකථා

1. බොධිරාජකුමාරවත්‍ථු

1. බෝධිරාජ කුමරුගේ කථා පුවත

අත‍්තානඤ‍්චෙති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා භෙසකළාවනෙ විහරන‍්තො බොධිරාජකුමාරං ආරබ‍්භ කථෙසි.

“අත්තානඤේච” යන මේ දම්දෙසුම ශාස්තෲන් වහන්සේ භේසකලා වනයෙහි වැඩසිටිය දී බෝධිරාජ කුමරුන් නිමිති කරගෙන දේශනා කළහ.

සො කිර පථවීතලෙ අඤ‍්ඤෙහි පාසාදෙහි අසදිසරූපං ආකාසෙ උප‍්පතමානං විය කොකනුදං නාම පාසාදං කාරෙත්‍වා වඩ‍්ඪකිං පුච‍්ඡි – “කිං තයා අඤ‍්ඤත්‍ථාපි එවරූපො පාසාදො කතපුබ‍්බො, උදාහු පඨමසිප‍්පමෙව තෙ ඉද”න‍්ති. “පඨමසිප‍්පමෙව, දෙවා”ති ච වුත‍්තෙ චින‍්තෙසි – “සචෙ අයං අඤ‍්ඤස‍්සපි එවරූපං පාසාදං කරිස‍්සති, අයං පාසාදො අනච‍්ඡරියො භවිස‍්සති. ඉමං මයා මාරෙතුං වා හත්‍ථපාදෙ වාස‍්ස ඡින්‍දිතුං අක‍්ඛීනි වා උප‍්පාටෙතුං වට‍්ටති, එවං අඤ‍්ඤස‍්ස පාසාදං න කරිස‍්සතී”ති. සො තමත්‍ථං අත‍්තනො පියසහායකස‍්ස සඤ‍්ජීවකපුත‍්තස‍්ස නාම මාණවකස‍්ස කථෙසි. සො චින‍්තෙසි – “නිස‍්සංසයං එස වඩ‍්ඪකිං නාසෙස‍්සති, අනග‍්ඝො සිප‍්පී, සො මයි පස‍්සන‍්තෙ මා නස‍්සතු, සඤ‍්ඤමස‍්ස දස‍්සාමී”ති. සො තං උපසඞ‍්කමිත්‍වා “පාසාදෙ තෙ කම‍්මං නිට‍්ඨිතං, නො”ති පුච‍්ඡිත්‍වා “නිට‍්ඨිත”න‍්ති වුත‍්තෙ “රාජකුමාරො තං නාසෙතුකාමො අත‍්තානං රක‍්ඛෙය්‍යාසී”ති ආහ. වඩ‍්ඪකීපි “භද‍්දකං තෙ, සාමි, කතං මම ආරොචෙන‍්තෙන, අහමෙත්‍ථ කත‍්තබ‍්බං ජානිස‍්සාමී”ති වත්‍වා “කිං, සම‍්ම, අම‍්හාකං පාසාදෙ කම‍්මං නිට‍්ඨිත”න‍්ති රාජකුමාරෙන පුට‍්ඨො “න තාව, දෙව, නිට‍්ඨිතං, බහු අවසිට‍්ඨ”න‍්ති ආහ. කිං කම‍්මං නාම අවසිට‍්ඨන‍්ති? පච‍්ඡා, දෙව, ආචික‍්ඛිස‍්සාමි, දාරූනි තාව ආහරාපෙථාති. කිං දාරූනි නාමාති? නිස‍්සාරානි සුක‍්ඛදාරූනි, දෙවාති. සො ආහරාපෙත්‍වා අදාසි. අථ නං ආහ – “දෙව, තෙ ඉතො පට‍්ඨාය මම සන‍්තිකං නාගන‍්තබ‍්බං. කිං කාරණා? සුඛුමකම‍්මං කරොන‍්තස‍්ස හි අඤ‍්ඤෙහි සද‍්ධිං සල‍්ලපන‍්තස‍්ස මෙ කම‍්මවික‍්ඛෙපො හොති, ආහාරවෙලායං පන මෙ භරියාව ආහාරං ආහරිස‍්සතී”ති. රාජකුමාරොපි “සාධූ”ති පටිස‍්සුණි. සොපි එකස‍්මිං ගබ‍්භෙ නිසීදිත්‍වා තානි දාරූනි තච‍්ඡෙත්‍වා අත‍්තනො පුත‍්තදාරස‍්ස අන‍්තො නිසීදනයොග‍්ගං ගරුළසකුණං කත්‍වා ආහාරවෙලාය පන භරියං ආහ – “ගෙහෙ විජ‍්ජමානකං සබ‍්බං වික‍්කිණිත්‍වා හිරඤ‍්ඤසුවණ‍්ණං ගණ‍්හාහී”ති. රාජකුමාරොපි වඩ‍්ඪකිස‍්ස අනික‍්ඛමනත්‍ථාය ගෙහං පරික‍්ඛිපිත්‍වා ආරක‍්ඛං ඨපෙසි. වඩ‍්ඪකීපි සකුණස‍්ස නිට‍්ඨිතකාලෙ “අජ‍්ජ සබ‍්බෙපි දාරකෙ ගහෙත්‍වා ආගච‍්ඡෙය්‍යාසී”ති භරියං වත්‍වා භුත‍්තපාතරාසො පුත‍්තදාරං සකුණස‍්ස කුච‍්ඡියං නිසීදාපෙත්‍වා වාතපානෙන නික‍්ඛමිත්‍වා පලායි. සො තෙසං, “දෙව, වඩ‍්ඪකී පලායතී”ති කන්‍දන‍්තානංයෙව ගන‍්ත්‍වා හිමවන‍්තෙ ඔතරිත්‍වා එකං නගරං මාපෙත්‍වා කට‍්ඨවාහනරාජා නාම ජාතො.

මේ රාජ කුමරු පොළෝ තලයෙහි අනෙක් ප්‍රාසාදවලට අසමාන අහසේ ගුරුළෙකු මෙන් කෝකනද නම් ප්‍රාසාදයක් කරවා එය කළ වඩුවාගෙන් ඔබ මෙයට පෙර මෙබඳු ප්‍රාසාදයක් කරන ලද්දේද? නැතහොත් මේ පළමු ප්‍රාසාදය ද යනුවෙන් විමසීය. දේවයන් වහන්ස මෙය පළමුවැන්නයි. පැවසුවිට මෙසේ සිතුවේය. ඉදින් මේ වඩුවා වෙනත් කෙනෙකුට මෙබඳු ප්‍රාසාදයක් කරන්නේනම් මෙහි ඇති ආශ්චර්යමත් බව නැතිවේ. මේ වඩුවා මැරීම අත්පා කපා දැමීම ඇස් උපුටා දැමීම හෝ කළ යුතු යයි සිතුවේ, අනෙක් කෙනෙකුට මෙබඳු ප්‍රාසාදයක් කළ නොහැකිවන ලෙසටය. මෙසේ සිතා එය ඔහුගේ හිතවත් මිතුරු “සඤ්ජිතා පුත්ත” නම් රජ කුමරුට පැවසීය. මානවකයා නිසැකවම මොහු මේ දක්‍ෂ ශිල්පියා මරවන්නේ යයි සිතා, මා කෙරෙහි පැහැදුන මේ වඩු ශිල්පියා බේරා ගන්නට තොරතුරු කියන්නෙමියි සිතා වඩුවා වෙත ගොස් ප්‍රාසාදයේ නිමවීම් අවසන් දැයි විමසා නිමාකළ බව පැවසූවිට රජ කුමරු නුඹ මැරීමට සිතයි. නුඹ විසින් ආරක්ෂා විය යුතු යයි කීය. වඩුවා ඒ බව දැනුම් දීම හොඳ යයි පවසා මම කළ යුතු දේ දනිමියි පවසා රජ කුමරු වැඩ අවසාන දැයි විමසූ අවස්ථාවේදී බොහෝ කටයුතු තව ඇතැයි කීය. තව ඉතිරිව ඇත්තේ කවරේදැයි කුමරු ඇසීය. දේවයන් වහන්ස පසුව කියන්නෙමියි පවසා දැව ගෙනත් දෙන්නැයි ඉල්ලා සිටියේය. කුමක් සඳහාදැයි කුමරු විමසීය. දේවයනි. අරටු නොමැති වියළි දැව ගෙනත් දෙන්න. ඔහු ගෙන්වා දුන්නේය. දේවයනි මෙයින් පසු මා සමීපයට නොඑන්න. කුමක් නිසාද සියුම් කර්මාන්ත කරන විට අනෙක් අය හා කථාකිරීම මගේ කර්මාන්තයට බාධාවකි. කෑම වේලාවේ මගේ බිරිඳ කැම ගෙනෙනු ඇත. රජකුමරුද හොඳයයි පිළිගත්තේය. වඩුවා ද එක් කාමරයකට වී එම දැව රැස තමන්ගේ අඹු දරුවන්ට ඇතුළත වාඩිවිමට යෝග්‍ය සේ ගුරුලකුගේ ස්වරූපයට සාදා කෑම ගන්නා අවස්ථාවේදී බිරියට මෙසේ කිවේය. ගෙදර විකිණිය හැකි සියල්ල විකුණා දමා රන් රිදී පමණක් එක් රැස් කරගන්න. රජ කුමරුද වඩුවාට නික්මීමට නොහැකි ලෙසට ගෙය වටකොට ආරක්ෂාව තැබීය වඩුවාද ගුරුලු පක්‍ෂියාගේ නිමකිරීම අවසන්කර, අද සියළු දරුවන් ගෙන එන්නැයි බිරිඳට කියා උදැසන ආහාරගෙන අඹුදරුවන් ලී පක්ෂියාගේ කුස වාඩිකරවා සුළං කවුළුවෙන් නික්මී පළා ගියේය. හේ දේවයිනි වඩුවා පළා යන්නේයයි පවසමින් ගොස් හිමවත් පෙදෙසෙහි බැස, එක් නුවරක් තනාගෙන කට්ඨවාහන රජු යයි ප්‍රසිද්ධ විය.

රාජකුමාරොපි “පාසාදමහං කරිස‍්සාමී”ති සත්‍ථාරං නිමන‍්තෙත්‍වා පාසාදෙ චතුජ‍්ජාතියගන්‍ධෙහි පරිභණ‍්ඩිකං කත්‍වා පඨමඋම‍්මාරතො පට‍්ඨාය චෙලපටිකං පත්‍ථරි. සො කිර අපුත‍්තකො, තස‍්මා “සචාහං පුත‍්තං වා ධීතරං වා ලච‍්ඡාමි, සත්‍ථා ඉමං අක‍්කමිස‍්සතී”ති චින‍්තෙත්‍වා පත්‍ථරි. සො සත්‍ථරි ආගතෙ සත්‍ථාරං පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා පත‍්තං ගහෙත්‍වා “පවිසථ, භන‍්තෙ”ති ආහ. සත්‍ථා න පාවිසි, සො දුතියම‍්පි තතියම‍්පි යාචි. සත්‍ථා අපවිසිත්‍වාව ආනන්‍දත්‍ථෙරං ඔලොකෙසි. ථෙරො ඔලොකිතසඤ‍්ඤායෙව වත්‍ථානං අනක‍්කමනභාවං ඤත්‍වා තං “සංහරතු, රාජකුමාර, දුස‍්සානි, න භගවා චෙලපටිකං අක‍්කමිස‍්සති, පච‍්ඡිමජනතං තථාගතො ඔලොකෙතී”ති දුස‍්සානි සංහරාපෙසි. සො දුස‍්සානි සංහරිත්‍වා සත්‍ථාරං අන‍්තොනිවෙසනං පවෙසත්‍වා යාගුඛජ‍්ජකෙන සම‍්මානෙත්‍වා එකමන‍්තං නිසින‍්නො වන්‍දිත්‍වා ආහ – “භන‍්තෙ, අහං තුම‍්හාකං උපකාරකො තික‍්ඛත‍්තුං සරණං ගතො, කුච‍්ඡිගතො ච කිරම‍්හි එකවාරං සරණං ගතො, දුතියං තරුණදාරකකාලෙ, තතියං විඤ‍්ඤුභාවං පත‍්තකාලෙ. තස‍්ස මෙ කස‍්මා චෙලපටිකං න අක‍්කමිත්‍ථා”ති? “කිං පන ත්‍වං, කුමාර, චින‍්තෙත්‍වා චෙලානි අත්‍ථරී”ති? “සචෙ පුත‍්තං වා ධීතරං වා ලච‍්ඡාමි, සත්‍ථා මෙ චෙලපටිකං අක‍්කමිස‍්සතී”ති ඉදං චින‍්තෙත්‍වා, භන‍්තෙති. තෙනෙවාහං තං න අක‍්කමින‍්ති. “කිං පනාහං, භන‍්තෙ, පුත‍්තං වා ධීතරං වා නෙව ලච‍්ඡාමී”ති? “ආම, කුමාරා”ති. “කිං කාරණා”ති? “පුරිමකඅත‍්තභාවෙ ජායාය සද‍්ධිං පමාදං ආපන‍්නත‍්තා”ති. “කස‍්මිං කාලෙ, භන‍්තෙ”ති? අථස‍්ස සත්‍ථා අතීතං ආහරිත්‍වා දස‍්සෙසි –

රජ කුමරුද ප්‍රාසාද උත්සවය කරන්නෙමියි බුදුන්ට ආරාධනා කර අළුත් මැදුර සුවඳ වර්ග හතරකින් සුවඳවත් කොට පළමු මහලේ සිට පිරුවටයක් එලුවේය. මේ බෝධිරාජ කුමරුට දරුවන් නොමැති හෙයින් දරුවන් ඇතිවන්නේ නම් බුදුරජාණන් වහන්සේ මේ පිරුවටය පාගමින් වඩිනු ඇතැයි සිතුවේය. රජකුමරු බුදුන් වැඩමකළවිට පසඟ පිහිටුවා වැඳ ස්වාමීනි පාත්‍රය දෙන්නැයි ඉල්වාගෙන ස්වාමීනි ඇතුළුවන්නැයි පැවසීය. බුදුහු නොපිවිසී සිටියහ. ඔහු දෙවන තුන්වැනි වරද ආරාධනා කළේය. තථාගතයන් වහන්සේ නොපිවිසම ආනන්ද තෙරුන් දෙස බැලුහ. තෙරුන්වහන්සේ බැලු සංඥාවෙන්ම පාවඩ වස්ත්‍රය නොපාගන බව දැන රාජ කුමාරය පාවාඩ වස්ත්‍රය අකුලන්න තථාගතයන් වහන්සේ එය පාගා නොවඩින්නේ යයි පැවසූහ. පශ්චිම ජනතාව බුදුන් බලා සිටියදීම වස්ත්‍රය බැහැර කළේය. ඔහු පාවඩ වස්ත්‍ර අකුළුවා බුදුන් ඇතුළු නිවසට වැඩම කරවා කැඳබත් ආදියෙන් සංග්‍රහකර එකක් පසෙක වාඩිවී ස්වාමීනි මම ඔබ වහන්සේට උපකාර කරන කෙනෙක්මි. තෙවතාවක් සරණ ගිය කෙනෙක්මි. එක්වර මව්කුස සිටියදීය - දෙවන වර තරුණ අවස්ථාවේදී ද තෙවැනි වර මුහුකුරා ගිය කලද සරණ ගිය මගේ වස්ත්‍රය කුමක් හෙයින් පාවඩ වස්ත්‍රය මැඩ නොවැඩීදැයි විමසුවේය. කුමාරය ඔබ කුමක් සිතාගෙන වස්ත්‍රය ඇතුරුවේද? ස්වාමීනි මම ඉතින් පුතෙක් හෝ දුවණියක් ලැබෙන්නේ නම් තථාගතයන් වහන්සේ මැඩගෙන යන්න කියා සිතුවෙමි. එනිසා මම නොපෑගුවෙමියි බුදුහු පැවසුහ. ඇයි ස්වාමීනි පුතෙක් හෝ දුවක් මට නොලැබෙන්නේද? කුමක් නිසාද ස්වාමීනි. කුමාරය පෙර ආත්මයක දී ස්වාමී දුවණිය සමග ඇතිවූ ප්‍රමාද දෝෂයක් හේතුවෙනි. ස්වාමීනි කවර කාලයක ද අනතුරුව බුදුහු අතීත සිදුවීම පෙන්වා දුන්හ -

අතීතෙ කිර අනෙකසතා මනුස‍්සා මහතියා නාවාය සමුද‍්දං පක‍්ඛන්‍දිංසු. නාවා සමුද‍්දමජ‍්ඣෙ භිජ‍්ජි. ද‍්වෙ ජයම‍්පතිකා එකං ඵලකං ගහෙත්‍වා අන‍්තරදීපකං පවිසිංසු, සෙසා සබ‍්බෙ තත්‍ථෙව මරිංසු. තස‍්මිං ඛො පන දීපකෙ මහාසකුණසඞ‍්ඝො වසති. තෙ අඤ‍්ඤං ඛාදිතබ‍්බකං අදිස‍්වා ඡාතජ‍්ඣත‍්තා සකුණඅණ‍්ඩානි අඞ‍්ගාරෙසු පචිත්‍වා ඛාදිංසු, තෙසු අප‍්පහොන‍්තෙසු සකුණච‍්ඡාපෙ ගහෙත්‍වා ඛාදිංසු. එවං පඨමවයෙපි මජ‍්ඣිමවයෙපි පච‍්ඡිමවයෙපි ඛාදිංසුයෙව. එකස‍්මිම‍්පි වයෙ අප‍්පමාදං නාපජ‍්ජිංසු, එකොපි ච නෙසං අප‍්පමාදං නාපජ‍්ජි.

පෙර භවයක දී නොයෙක් සියගණන් මිනිස්සු මහත් නැවකින් මුහුදු ගියහ. ඒ නැව සාගරය මැදදී සිඳුනි. අඹුසැමි දෙදෙන එක් ලැල්ලක් අල්ලාගෙන කුඩා දිවයිනකට ගොඩබැස්සාහ. අනෙක් සියළුදෙන මුහුදේ ගිලී මළහ. එම දිවයිනේ මහත් පක්ෂි සමුහයක් විසූහ. මේ දෙදෙන වෙන කෑ යුතු දෙයක් නොමැති හෙයින් සාපිපාසාවෙන් යුතුව කුරුළු බිජු අඟුරුවල තම්බා කෑවාහුය. ඒවා අවසන් වු විට කුඩා කුරුළු පැටවුන් ගෙන කෑවාහුය. මෙලෙසින් පළමුවන දෙවන තෙවන අවස්ථාවලදී ද මේ දෙදෙනාම මේ පිළිබඳව සිතා අප්‍රමාදී නොවුහ.

සත්‍ථා ඉදං තස‍්ස පුබ‍්බකම‍්මං දස‍්සෙත්‍වා “සචෙ හි ත්‍වං, කුමාර, තදා එකස‍්මිම‍්පි වයෙ භරියාය සද‍්ධිං අප‍්පමාදං ආපජ‍්ජිස‍්ස, එකස‍්මිම‍්පි වයෙ පුත‍්තො වා ධීතා වා උප‍්පජ‍්ජෙය්‍ය. සචෙ පන වො එකොපි අප‍්පමත‍්තො අභවිස‍්ස, තං පටිච‍්ච පුත‍්තො වා ධීතා වා උප‍්පජ‍්ජිස‍්ස. කුමාර, අත‍්තානඤ‍්හි පියං මඤ‍්ඤමානෙන තීසුපි වයෙසු අප‍්පමත‍්තෙන අත‍්තා රක‍්ඛිතබ‍්බො, එවං අසක‍්කොන‍්තෙන එකවයෙපි රක‍්ඛිතබ‍්බොයෙවා”ති වත්‍වා ඉමං ගාථමාහ –

මේ පෙර කර්මය දක්වා ඉදින් රාජකුමාරය එක් අවස්ථාව හෝ භාර්යාව සමග අප්‍රමාදී වුයේ නම් පුතෙක් හෝ දුවක් උපදින්නට තිබුනි. දෙදෙනාගෙන් එක් අයෙක් හෝ මෙසේ නොකළෙන් දරුවෙක් නොලැබුනි. මේ නිසා තුන් වයසින් එක් වයසකදී හෝ තමන් ප්‍රවේශම් වියයුතු යයි පවසා මේ ගාථාව දෙසුහ.

“අත‍්තානඤ‍්චෙ පියං ජඤ‍්ඤා, රක‍්ඛෙය්‍ය නං සුරක‍්ඛිතං; තිණ‍්ණං අඤ‍්ඤතරං යාමං, පටිජග‍්ගෙය්‍ය පණ‍්ඩිතො”ති.

මිනිසකු සතුව පවතින තුන් විය අතර එක් වියකදී වත්පව් කළයුතු නතර තුන් විය තුළදීම පව් කළහොත් මෙම නිතර දුක් කරදර නොයෙක් පීඩා වෙයි සසර

තමා තමන්ට ප්‍රිය වේ නම් ආත්මය සුරකින්නේය බාල තරුණ මහළු අවස්ථාවලදී නුවණැත්තා අකුසලින් මිදී කුසල් කරමින් රැකෙයි.

තත්‍ථ යාමන‍්ති සත්‍ථා අත‍්තනො ධම‍්මිස‍්සරතාය දෙසනාකුසලතාය ච ඉධ තිණ‍්ණං වයානං අඤ‍්ඤතරං වයං යාමන‍්ති කත්‍වා දෙසෙසි, තස‍්මා එවමෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. සචෙ අත‍්තානං පියං ජානෙය්‍ය, රක‍්ඛෙය්‍ය නං සුරක‍්ඛිතන‍්ති යථා සො සුරක‍්ඛිතො හොති, එවං නං රක‍්ඛෙය්‍ය. තත්‍ථ සචෙ ගීහී සමානො “අත‍්තානං රක‍්ඛිස‍්සාමී”ති උපරිපාසාදතලෙ සුසංවුතං ගබ‍්භං පවිසිත්‍වා සම‍්පන‍්නාරක‍්ඛො හුත්‍වා වසන‍්තොපි, පබ‍්බජිතො හුත්‍වා සුසංවුතෙ පිහිතද‍්වාරවාතපානෙ ලෙණෙ විහරන‍්තොපි අත‍්තානං න රක‍්ඛතියෙව. ගිහී පන සමානො යථාබලං දානසීලාදීනි පුඤ‍්ඤානි කරොන‍්තො, පබ‍්බජිතො වා පන වත‍්තපටිවත‍්තපරියත‍්තිමනසිකාරෙසු උස‍්සුක‍්කං ආපජ‍්ජන‍්තො අත‍්තානං රක‍්ඛති නාම. එවං තීසු වයෙසු අසක‍්කොන‍්තො අඤ‍්ඤතරස‍්මිම‍්පි වයෙ පණ‍්ඩිතපුරිසො අත‍්තානං පටිජග‍්ගතියෙව. සචෙ හි ගිහිභූතො පඨමවයෙ ඛිඩ‍්ඩාපසුතතාය කුසලං කාතුං න සක‍්කොති, මජ‍්ඣිමවයෙ අප‍්පමත‍්තෙන හුත්‍වා කුසලං කාතබ‍්බං. සචෙ මජ‍්ඣිමවයෙ පුත‍්තදාරං පොසෙන‍්තො කුසලං කාතුං න සක‍්කොති, පච‍්ඡිමවයෙ කාතබ‍්බමෙව. එවම‍්පි කරොන‍්තෙන අත‍්තා පටිජග‍්ගිතොව හොති. එවං අකරොන‍්තස‍්ස පන අත‍්තා පියො නාම න හොති, අපායපරායණමෙව නං කරොති. සචෙ පන පබ‍්බජිතො පඨමවයෙ සජ‍්ඣායං කරොන‍්තො ධාරෙන‍්තො වාචෙන‍්තො වත‍්තපටිවත‍්තං කරොන‍්තො පමාදං ආපජ‍්ජති, මජ‍්ඣිමවයෙ අප‍්පමත‍්තෙන සමණධම‍්මො කාතබ‍්බො. සචෙ පඨමවයෙ උග‍්ගහිතපරියත‍්තියා අට‍්ඨකථං විනිච‍්ඡයං කාරණාකාරණඤ‍්ච පුච‍්ඡන‍්තො මජ‍්ඣිමවයෙ පමාදං ආපජ‍්ජති, පච‍්ඡිමවයෙ අප‍්පමත‍්තෙන සමණධම‍්මො කාතබ‍්බොයෙව. එවම‍්පි කරොන‍්තෙන අත‍්තා පටිජග‍්ගිතොව හොති. එවං අකරොන‍්තස‍්ස පන අත‍්තා පියො නාම න හොති, පච‍්ඡානුතාපෙනෙව නං තාපෙතීති.

එහි යාම යනු බුදුරජාණන් වහන්සේ ධර්මයෙහි අධිපති නිසාත් දේශනයේ දක්‍ෂතාව නිසාත් වයසේ අවස්ථා තුනෙන් එක්යාමයක හෝ යනුවෙන් දැක්වුහ. ඉදින් අන්තානං පියං - දැන ගන්නේය. රක්ඛෙය්‍යනං සුරක්ඛිතං - යම් සේ කෙනෙක් තමන් සුරකින්ද එසේම අනුන්ද රැකිය යුතුය එහි ඉදින් යම් ගිහියෙක් නම් තමා රකිනෙමියි ප්‍රාසාදයක උපරිම තලයක කාමරයක ආරක්ෂාවේද? පැවිද්දෙක් නම් හොඳින් වසන ලද ජනෙල් දොරවල් සහිත ලෙනක වාසය කළද එය තමන් නො රැක්ම වන්නේය. ගිහියෙක් නම් ශක්ති පමණකින් දාන සීලා දී පින්කම් කළ යුතුය. පැවිද්දෙක් නම් වත් පිළිවෙත් පිරිය යුතුය. යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව වීර්යය වඩා ප්‍රාප්තියට පැමිණිය යුතුය. මෙසේ තුන් වයසේ දී පින් රැස් කිරීමට නොහැකිවන්නේ නම් අන්‍යයන් අතුරින් නැණවතා තමන් ආරක්‍ෂා කරගන්නේමය. අනෙක් වයසේ දී තමන් කුසලින් රක්‍ෂිත වේ ඉදින් ගිහියෝ නම් පළමු වයසේ දී ක්‍රීඩාවෙන් පසුවී කුසල් දහම් නොකරයි නම් මධ්‍යම වයසේ දී අප්‍රමාදීව කුසල් කළ යුතුයි. ඉදින් මධ්‍යම වයසේදී අඹුදරුවන් පෝෂණය කරමින් කුසල් කිරීමට නොහැකි නම් පශ්චිම වයසේදී කුසල් කළ යුතුය. මෙසේ කිරීම තමන් පිළිදැගුම් කිරීමක්ම වන්නේය. එලෙස නොකරන්නාට තමන්ම ප්‍රිය නොවේය ඔහු එසේ ඇති විට අපායගාමී බවටම පත්වේ. ඉදින් පැවිදි වූවෙක් නම් පළමු වයසේ දී පාඩම් කරමින් මතක තබාගනිමින් කියවමින් වත් පිළිවෙත් කරමින් ප්‍රමාදවේද? මධ්‍යම වයසේ දී මහණදම් කළ යුතුමය. ඉදින් පළමු වයසේදී උගත් ධර්මය අර්ථතතා විනිශ්චය කරුණු නොකරුණු විමසමින් මධ්‍යම වයසේදීත් ප්‍රමාද වේ නම් පච්ඡිම වයසේදී මහණදම් පිරිය යුතුය. මේ ලෙස තමන් සුරක්ෂිත කරගන්නේ නම් වෙයි. මේ ලෙස නොකරන්නාට වනාහි තමා ප්‍රිය නම් නොවේ. පසුව පසුතැවිලි වීමට හේතුවේ.

දෙසනාවසානෙ බොධිරාජකුමාරො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි, සම‍්පත‍්තපරිසායපි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

දේශනාව කෙළවර රාජ කුමාරයා සෝවාන් ඵලයෙහි පිහිටියේය. පැමිණි පිරිසටද දේශනය සාර්ථක ප්‍රතිඵල විය.

බොධිරාජකුමාරවත්‍ථු පඨමං.