යෙදුමෙන් කියවන්න

2. උපනන්‍දසක්‍යපුත‍්තත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

2. උපනන්‍දසක්‍යපුත‍්තත්‍ථෙරවත්‍ථු

2. ශාක්‍ය පුත්‍ර උපනන්ද තෙරුන්ගේ කථා පුවත.

අත‍්තානමෙව පඨමන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො උපනන්‍දං සක්‍යපුත‍්තං ආරබ‍්භ කථෙසි.

“අත්තානමෙව පඨමං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී ශාක්‍ය පුත්‍ර උපනන්ද තෙරුන් නිමිති කරගෙන දෙසුහ.

සො කිර ථෙරො ධම‍්මකථං කථෙතුං ඡෙකො. තස‍්ස අප‍්පිච‍්ඡතාදිපටිසංයුත‍්තං ධම‍්මකථං සුත්‍වා බහූ භික‍්ඛු තං තිචීවරෙහි පූජෙත්‍වා ධුතඞ‍්ගානි සමාදියිංසු. තෙහි විස‍්සට‍්ඨපරික‍්ඛාරෙ සොයෙව ගණ‍්හි. සො එකස‍්මිං අන‍්තොවස‍්සෙ උපකට‍්ඨෙ ජනපදං අගමාසි. අථ නං එකස‍්මිං විහාරෙ දහරසාමණෙරා ධම‍්මකථිකපෙමෙන, “භන‍්තෙ, ඉධ වස‍්සං උපෙථා”ති වදිංසු. “ඉධ කිත‍්තකං වස‍්සාවාසිකං ලබ‍්භතී”ති පුච‍්ඡිත්‍වා තෙහි “එකෙකො සාටකො”ති වුත‍්තෙ තත්‍ථ උපාහනා ඨපෙත්‍වා අඤ‍්ඤං විහාරං අගමාසි.

එම තෙරුන් ධර්ම දේශනයෙහි දක්ෂයෙක් විය. උන්වහන්සේගේ අප්පිච්ඡතාදී ගුණ කථා අසා බොහෝ දෙන තුන් සිවුරුවලින් පුජාකර ධූතාංග සමාදන්වූහ. ඔවුන් විසින් අතභරණ ලද පිරිකර ඔහුම ගත්තේය. ඔහු වස්කාලය ඇතුළත උපකට්ඨ (නියමිත) ජනපදයට වැඩම කළේය. ඉක්බිති එක් විහාරයක තරුණ සාමණේරවරු ව්‍යක්ත ධර්ම දේශකයෙක් නිසා මෙහි වස් සමාදන් වෙතැයි පැවසුහ. මෙහි කොපමණ වස් සිවුරු ලැබේදැයි විමසූවිට එක සළුවකැයි පැවසුයෙන් එහි පාවහන් තබා අනෙක් ආවාසයකට වැඩියේය.

දුතියං විහාරං ගන‍්ත්‍වා “ඉධ කිං ලබ‍්භතී”ති පුච‍්ඡිත්‍වා “ද‍්වෙ සාටකා”ති වුත‍්තෙ කත‍්තරයට‍්ඨිං ඨපෙසි. තතියං විහාරං ගන‍්ත්‍වා “ඉධ කිං ලබ‍්භතී”ති පුච‍්ඡිත්‍වා “තයො සාටකා”ති වුත‍්තෙ තත්‍ථ උදකතුම‍්බං ඨපෙසි. චතුත්‍ථං විහාරං ගන‍්ත්‍වා “ඉධ කිං ලබ‍්භතී”ති පුච‍්ඡිත්‍වා “චත‍්තාරො සාටකා”ති වුත‍්තෙ “සාධු ඉධ වසිස‍්සාමී”ති තත්‍ථ වස‍්සං උපගන‍්ත්‍වා ගහට‍්ඨානඤ‍්චෙව භික‍්ඛූනඤ‍්ච ධම‍්මකථං කථෙසි. තෙ නං බහූහි වත්‍ථෙහි චෙව චීවරෙහි ච පූජෙසුං. සො වුට‍්ඨවස‍්සො ඉතරෙසුපි විහාරෙසු සාසනං පෙසෙත්‍වා “මයා පරික‍්ඛාරස‍්ස ඨපිතත‍්තා වස‍්සාවාසිකං ලද‍්ධබ‍්බං, තං මෙ පහිණන‍්තූ”ති සබ‍්බං ආහරාපෙත්‍වා යානකං පූරෙත්‍වා පායාසි.

දෙවන විහාරයේ දී කොපමණ සළු ලැබේදැයි විමසුවිට සළු දෙකක් යයි පැවසුවිට සැරයටිය එහි තැබීය. තුන්වැනි ආවාසයට ගොස් මෙහි කොතෙක් සළු ලැබේයි සළු තුනෙකැයි පැවසූවිට, දිය කළයක් තැබුවේය. හතරවැනි විහාරයට ගොස් කොපමණ ලැබේදැයි විමසා සළු හතරකැයි පැවසුවිට හොඳයි මෙහි වස් වසමියි. එහි වස් සමාදන්වී. ගිහි පැවිදි දෙපිරිසටම ධර්මදේශනා කළහ. ඔවුහු බොහෝ වස්ත්‍ර හා සිවුරු පූජා කළහ. ඔහු වස් සමාදන් වූ අනෙක් විහාරවලට ද ලියුම් යවා මගේ පරිෂ්කාර තැබූ හෙයින් වස්සාවාසිකය ලැබිය යුතුයයි ඒවා මට එවන්නැයි සියල්ල ගෙන්වාගෙන ගැලක තබා පුරවා යැවීය.

අථෙකස‍්මිං විහාරෙ ද‍්වෙ දහරභික‍්ඛූ ද‍්වෙ සාටකෙ එකඤ‍්ච කම‍්බලං ලභිත්‍වා “තුය‍්හං සාටකා හොන‍්තු, මය‍්හං කම‍්බලො”ති භාජෙතුං අසක‍්කොන‍්තා මග‍්ගසමීපෙ නිසීදිත්‍වා විවදන‍්ති. තෙ තං ථෙරං ආගච‍්ඡන‍්තං දිස‍්වා, “භන‍්තෙ, තුම‍්හෙ නො භාජෙත්‍වා දෙථා”ති වදිංසු. තුම‍්හෙයෙව භාජෙථාති. න සක‍්කොම, භන‍්තෙ, තුම‍්හෙයෙව නො භාජෙත්‍වා දෙථාති. තෙන හි මම වචනෙ ඨස‍්සථාති. ආම, ඨස‍්සාමාති. “තෙන හි සාධූ”ති තෙසං ද‍්වෙ සාටකෙ දත්‍වා “අයං ධම‍්මකථං කථෙන‍්තානං අම‍්හාකං පාරුපනාරහො”ති මහග‍්ඝං කම‍්බලං ආදාය පක‍්කාමි. දහරභික‍්ඛූ විප‍්පටිසාරිනො හුත්‍වා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා තමත්‍ථං ආරොචෙසුං. සත්‍ථා “න, භික‍්ඛවෙ, ඉදානෙව තුම‍්හාකං සන‍්තකං ගහෙත්‍වා තුම‍්හෙ විප‍්පටිසාරිනො කරොති, පුබ‍්බෙපි අකාසියෙවා”ති වත්‍වා අතීතං ආහරි –

මේ අතර එක් තරුණ භික්ෂු දෙනමක් සළු දෙකක් හා පලසක් ලැබ බෙදා ගැනීමට නොහැකිව වාදකරමින් සිට බෙදා දෙන්නැයි ඉල්ලා සිටියහ. ඔබම බෙදාගන්නැයි පැවසීය. ස්වාමීනි නොහැකිය ඔබවහන්සේ බෙදා දෙන්නැයි ඉල්ලා සිටියහ. එසේ නම් මගේ වචනය පිළිගන්නේද? එසේය සිටිමුයයි කීවිට එසේ නම් යහපතැයි කියා එම සාමණේර භික්ෂූන් දෙනමට සාටක දෙක දී මම ධර්මකථික නිසා පොරෝණය මට සුදුසු යයි කියා වටිනා කම්බිලිය ගෙන ගියේය. විපිළිසරවූ තරුණ භික්ෂූන් බුදුන් වෙත ගොස් මේ කරුණු දැක්වූහ. බුදුරජාණන් වහන්සේ මහණෙනි දැන් පමණක් නොව පෙර ද ඔබ විපිළිසර කළේ යයි අතීත කථාව ගෙනහැර දැක්වුහ.

අතීතස‍්මිං අනුතීරචාරී ච ගම‍්භීරචාරී චාති ද‍්වෙ උද‍්දා මහන‍්තං රොහිතමච‍්ඡං ලභිත්‍වා “මය‍්හං සීසං හොතු, තව නඞ‍්ගුට‍්ඨ”න‍්ති විවාදාපන‍්නා භාජෙතුං අසක‍්කොන‍්තා එකං සිඞ‍්ගාලං දිස‍්වා ආහංසු – “මාතුල, ඉමං නො භාජෙත්‍වා දෙහී”ති. අහං රඤ‍්ඤා විනිච‍්ඡයට‍්ඨානෙ ඨපිතො, තත්‍ථ චිරං නිසීදිත්‍වා ජඞ‍්ඝවිහාරත්‍ථාය ආගතොම‍්හි, ඉදානි මෙ ඔකාසො නත්‍ථීති. මාතුල, මා එවං කරොථ, භාජෙත්‍වා එව නො දෙථාති. මම වචනෙ ඨස‍්සථාති. ඨස‍්සාම, මාතුලාති. “තෙන හි සාධූ”ති සො සීසං ඡින්‍දිත්‍වා එකමන‍්තෙ අකාසි, නඞ‍්ගුට‍්ඨං එකමන‍්තෙ. කත්‍වා ච පන, “තාතා, යෙන වො අනුතීරෙ චරිතං, සො නඞ‍්ගුට‍්ඨං ගණ‍්හාතු. යෙන ගම‍්භීරෙ චරිතං, තස‍්ස සීසං හොතු. අයං පන මජ‍්ඣිමො ඛණ‍්ඩො මම විනිච‍්ඡයධම‍්මෙ ඨිතස‍්ස භවිස‍්සතී”ති තෙ සඤ‍්ඤාපෙන‍්තො –

ඇත අතීතයේ අනුතීරවාරී ද ගම්භීරවාරි ද යන දියබල්ලෝ දෙදෙනෙක් මහත්වූ රතුපාට මාළුවෙක් ගෙන මට ඔළුව පෙදෙස වේවා ඔබට වල්ල පෙදෙස වේවායි වාදකරගනිමින් බෙදාගැනීමට නොහැකිව එක් සිවලෙක් දැක මෙසේ කීවාහුය. මාමේ මෙය අපට බෙදා දෙන්න එසේ පැවසුවිට මේ සිවලා මම රජුගේ විනිශ්චයකරුවෙකි. එහි බොහෝ වේලාවක් වාඩිවී සිට ශරීර සුවය සඳහා ඇවිදීමට ආවෙමි. දැන් වේලාවෙක් නෑ යනුවෙන් පැවසුවේය. එවිට දියබල්ලෝ දෙදෙනා මාමේ එසේ නොකරන්න. අපට බෙදා දෙන්නැයි පැවසුහ. එසේනම් මගේ වචනයේ පිහිටන්නේදැයි විමසා එය අපි ඔබේ වචනය පිළිගන්නෙමු යයි පැවසුවිට ඔහු යහපතැයි පවසා හිස සිඳ දමා එක පැත්තකට ද වලිගය තවත් පැත්තකටද දමා යමෙක් අනුතීරේ හැසිරේද ඔහුට නගුට ද ගම්භීරේ හැසිරේද ඔහුට හිසද වේවා. මම විනිශ්චය කළ නිසා මැද කොටසද වේවායි පැවසිය.

“අනුතීරචාරි නඞ‍්ගුට‍්ඨං, සීසං ගම‍්භීරචාරිනො; අච‍්චායං මජ‍්ඣිමො ඛණ‍්ඩො, ධම‍්මට‍්ඨස‍්ස භවිස‍්සතී”ති. (ජා· 1.7.33) –

අනුතීරවාරිට නගුටයි, ගමභීරවාරිට හිසයි, ධර්ම විනිශ්චය දුන් තැනැත්තාට ශරීරයේ මැද කොටසයි.

ඉමං ගාථං වත්‍වා මජ‍්ඣිමඛණ‍්ඩං ආදාය පක‍්කාමි. තෙපි විප‍්පටිසාරිනො තං ඔලොකෙත්‍වා අට‍්ඨංසු.

මෙම ගාථාව කියා මාළුවාගේ මැද කොටස ගෙන නරියා ගියේය. ඔවුන් දෙදෙනා විපිළිසරට පත්ව බලමින් සිටියහ.

සත්‍ථා ඉමං අතීතං දස‍්සෙත්‍වා “එවමෙස අතීතෙපි තුම‍්හෙ විප‍්පටිසාරිනො අකාසියෙවා”ති තෙ භික‍්ඛූ සඤ‍්ඤාපෙත්‍වා උපනන්‍දං ගරහන‍්තො, “භික‍්ඛවෙ, පරං ඔවදන‍්තෙන නාම පඨමමෙව අත‍්තා පතිරූපෙ පතිට‍්ඨාපෙතබ‍්බො”ති වත්‍වා ඉමං ගාථමාහ –

බුදුහු මේ අතීත කථාව පෙන්වාදී ලෙස තොප අතීතයේ ද විපළිසරට පත්වීය. යනුවෙන් එම භික්ෂූන් දෙනමට පැහැදිලි කර දී උපනන්ද තෙරුන්ට ගර්හා කරන්නේ මහණෙනි අන් අයට අවවාද කරන්න විසින් පළමුව තමන් සුදුසු සාධාරණත්වයේ පිහිටා අන් අයට දෙවනුව අවවාද කළයුතුයයි පවසා මේ ගාථාව දේශනා කළහ.

“අත‍්තානමෙව පඨමං, පතිරූපෙ නිවෙසයෙ; අථඤ‍්ඤමනුසාසෙය්‍ය, න කිලිස‍්සෙය්‍ය පණ‍්ඩිතො”ති.

නිවැරදි වී තමන් - සාදාරණව සිතමින් අනුන් හට ඔවදන් - දීම උගතුම ගතියයි.

තමන් පළමුව ආදර්ශමත් බැව්හි පිහිටා සිට අන් අයට අවවාද කරන නුවණැති භික්ෂුව කිළිටි බවට පත් නොවන්නේය. ඔවාදෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට

තත්‍ථ පතිරූපෙ නිවෙසයෙති අනුච‍්ඡවිකෙ ගුණෙ පතිට‍්ඨාපෙය්‍ය. ඉදං වුත‍්තං හොති – යො අප‍්පිච‍්ඡතාදිගුණෙහි වා අරියවංසපටිපදාදීහි වා පරං අනුසාසිතුකාමො, සො අත‍්තානමෙව පඨමං තස‍්මිං ගුණෙ පතිට‍්ඨාපෙය්‍ය. එවං පතිට‍්ඨාපෙත්‍වා අථඤ‍්ඤං තෙහි ගුණෙහි අනුසාසෙය්‍ය. අත‍්තානඤ‍්හි තත්‍ථ අනිවෙසෙත්‍වා කෙවලං පරමෙව අනුසාසමානො පරතො නින්‍දං ලභිත්‍වා කිලිස‍්සති නාම, තත්‍ථ අත‍්තානං නිවෙසෙත්‍වා අනුසාසමානො පරතො පසංසං ලභති, තස‍්මා න කිලිස‍්සති නාම. එවං කරොන‍්තො පණ‍්ඩිතො න කිලිස‍්සෙය්‍යාති.

එහි ප‍්‍තිරූපෙ නිවෙසයෙ - යනු සුදුසු ගුණයේ පිහිටීමයි. මෙසේ කියන ලදී. අල්පේච්ඡතා ආදී ගුණයන්හි මෙන්ම, අරියවංස ප්‍රතිපදාවේ පිහිටිය යුතුය. එසේ පිහිටා සිට අථ අඤඤං එම ගුණයෙහි, අනුසාසෙය්‍ය - තමන් වනාහි එවැනි ගුණයන්හි නොපිහිටා හුදෙක් ගුණයන්හි අනුන් පිහිටුවීමට අවවාද අනුශාසනා කරන්නේනම් අන් අයගෙන් නින්දා අපවාද ලැබ කිළිටිබවට පත්වේ. එසේ නොමැති පළමුව තමන් ගුණයෙහි පිහිටා අනුන්ට අනුශාසනා කරන්නෝ අනුන්ගේත් ප්‍රශංසාව ලබති. එහෙයින් කිලිස්සෙය්‍ය නුවණැත්ත තම ගුණයන්ට අන් අය පවසන නිසා කිළිටි නොවේමය.

දෙසනාවසානෙ තෙ භික‍්ඛූ සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිංසු, මහාජනස‍්සාපි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

දේශනාවසානයේ ඒ භික්ෂු දෙනම සෝවාන් ඵලයෙහි පිහිටියහ. බොහෝ දෙනාට දේශනය සාර්ථක විය.

උපනන්‍දසක්‍යපුත‍්තත්‍ථෙරවත්‍ථු දුතියං.