3. පධානිකතිස්සත්ථෙරවත්ථු අට්ඨකථා
3. පධානිකතිස්සත්ථෙරවත්ථු
3. පධානික තිස්ස තෙරුන්ගේ කථා පුවත.
අත්තානඤ්චෙති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො පධානිකතිස්සත්ථෙරං ආරබ්භ කථෙසි.
“අත්තානඤ්චෙ” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටිය දී පාධානික තිස්ස තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
සො කිර සත්ථු සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා පඤ්චසතෙ භික්ඛූ ආදාය අරඤ්ඤෙ වස්සං උපගන්ත්වා, “ආවුසො, ධරමානකස්ස බුද්ධස්ස සන්තිකෙ වො කම්මට්ඨානං ගහිතං, අප්පමත්තාව සමණධම්මං කරොථා”ති ඔවදිත්වා සයං ගන්ත්වා නිපජ්ජිත්වා සුපති. තෙ භික්ඛූ පඨමයාමෙ චඞ්කමිත්වා මජ්ඣිමයාමෙ විහාරං පවිසන්ති. සො නිද්දායිත්වා පබුද්ධකාලෙ තෙසං සන්තිකං ගන්ත්වා “කිං තුම්හෙ ‘නිපජ්ජිත්වා නිද්දායිස්සාමා’ති ආගතා, සීඝං නික්ඛමිත්වා සමණධම්මං කරොථා”ති වත්වා සයං ගන්ත්වා තථෙව සුපති. ඉතරෙ මජ්ඣිමයාමෙ බහි චඞ්කමිත්වා පච්ඡිමයාමෙ විහාරං පවිසන්ති. සො පුනපි පබුජ්ඣිත්වා තෙසං සන්තිකං ගන්ත්වා තෙ විහාරා නීහරිත්වා සයං පුන ගන්ත්වා තථෙව සුපති. තස්මිං නිච්චකාලං එවං කරොන්තෙ තෙ භික්ඛූ සජ්ඣායං වා කම්මට්ඨානං වා මනසිකාතුං නාසක්ඛිංසු, චිත්තං අඤ්ඤථත්තං අගමාසි. තෙ “අම්හාකං ආචරියො අතිවිය ආරද්ධවීරියො, පරිග්ගණ්හිස්සාම න”න්ති පරිග්ගණ්හන්තා තස්ස කිරියං දිස්වා “නට්ඨම්හා, ආවුසො, ආචරියො නො තුච්ඡරවං රවතී”ති වදිංසු. තෙසං අතිවිය නිද්දාය කිලමන්තානං එකභික්ඛුපි විසෙසං නිබ්බත්තෙතුං නාසක්ඛි. තෙ වුට්ඨවස්සා සත්ථු සන්තිකං ගන්ත්වා සත්ථාරා කතපටිසන්ථාරා “කිං, භික්ඛවෙ, අප්පමත්තා හුත්වා සමණධම්මං කරිත්ථා”ති පුච්ඡිතා තමත්ථං ආරොචෙසුං. සත්ථා “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපෙස තුම්හාකං අන්තරායමකාසියෙවා”ති වත්වා තෙහි යාචිතො –
හේ බුදුන්ගෙන් කර්මස්ථාන ලබාගෙන පන්සියයක් භික්ෂු ගෙන ආරණ්‍යවාසයට ගොස්, ඇවැත්නි ජීවමාන බුදුන් වැඩසිටියදීම ඔබලා කර්මස්ථාන ලබාගෙන සිටින හෙයින් අප්‍රමාදීව ධර්ම කරන්නැයි අවවාද දී තමන් ගොස් වැතිරී නිදාගනී. එම භික්ෂූන් පළමු යාමය සක්මන් කර, මධ්‍යම යාමයේදී විහාරයට පිවිසෙති. ඔහු නිදාගෙන අවදි වූ අවස්ථාවේ දී ඔවුන් සමීපයට ගොස් කීම ඔබ වහන්සේලා වැතිරී නිදන්නෙමුයි ආවේද? වහා නික්මී ධර්මය කරන්නැයි කියා තමන් ගොස් පළමු ලෙසටම නිදාගනී. අනෙක් තෙරවරු මධ්‍යම යාමයේ ද පිටත සක්මන් කර අළුයම් වේලේ පන්සලට පිවිසෙති. අර තෙරුන් නැවත අවදී වී ඔවුන් වෙත ගොස් ඒ භික්ෂූන් ආරාමයෙන් බැහැර කොට නිදාගනී. මේ නිසා එම භික්ෂූන් වහන්සේලාට සජ්ඣායනාවක් හෝ කර්මස්ථානයක් හෝ සිහිපත් කිරිමට නොහැකිවුහ. සිත අන් අතකට ගියේය. එම භික්ෂුහු අපේ අචාර්යන් වහන්සේ ඉතා අධික ලෙස පටන් ගත් වෛර ඇතිව අප වෙහෙසවා ඔහු කරන නිදාගැනීමේ ක්‍රියාව දැක ඇවැත්නි අපි නැසුනෙමු. අපේ ගුරුවරයා හිස් තැනැත්තෙකි බොරුවට අපට කෑගසතියි කීවාහුය. එම භික්ෂූන් අතිශයින් නිදිමතින් ක්ලාන්තව එක භික්ෂුවකටද විශේෂ අධිගම්‍යයක් ලබාගැනීමට නොහැකිවිය. එම භික්ෂූන් වහන්සේලා වස් පවාරණය කිරීමෙන් අනතුරුව තථාගතයන් වහන්සේ සමීපයට ගොස් බුදුන් සමග පිළිසඳර කථාකොට අනතුරුව බුදුරජාණන් වහන්සේ කිම මහණෙනි අප්‍රමාදීව මහණ දම් පිරුවාහුදැයි විමසුහ. ඔවුහු තමන්ට සිදුවු ගැහැට පිළිබඳවත් ගුරුවරයාගේ ස්වරූපයත් පෙන්වා දුන්හ. බුදුරජාණන් වහන්සේ මහණෙනි දැන් පමණක් නොව පෙරද මේ තැනැත්තා ඔබට අනතුරක්ම, බාධාවක්ම කළේ යයි පවසා සිටිවිට එම භික්ෂූන්ගේ ආයාචනය පරිදි,
“අමාතාපිතරසංවඩ්ඪො, අනාචෙරකුලෙ වසං; නායං කාලං අකාලං වා, අභිජානාති කුක්කුටො”ති. (ජා· 1.1.119) –
මව්පියන් සමීපයේ නො වැඩුනු, ගුරුවරයකු සමීපයේ පුහුණු නොවූ මේ කුකුළා හැඬලිය යුතු කාලය හෝ නො හැඬලිය යුතු කාලය නො දනී.
ඉමං අකාලරාවිකුක්කුටජාතකං විත්ථාරෙත්වා කථෙසි.
අකාලරා වී කුක්කුට ජාතකය විස්තර කොට වදාළසේක.
“තදා හි සො කුක්කුටො අයං පධානිකතිස්සත්ථෙරො අහොසි, ඉමෙ පඤ්ච සතා භික්ඛූ තෙ මාණවා අහෙසුං, දිසාපාමොක්ඛො ආචරියො අහමෙවා”ති සත්ථා ඉමං ජාතකං විත්ථාරෙත්වා, “භික්ඛවෙ, පරං ඔවදන්තෙන නාම අත්තා සුදන්තො කාතබ්බො. එවං ඔවදන්තො හි සුදන්තො හුත්වා දමෙති නාමා”ති වත්වා ඉමං ගාථමාහ –
එදා නොකල්හි නාද කළ කුකුළා මේ පධානික තිස්ස තෙරුන් විය. මේ පන්සියයක් භික්ෂුහු ඒ තරුණයෝ වුහ. දිසාපාමොක් ආචාර්ය වුයේ මම යි. බුදුහු මෙම ජාතකය විස්තර කර මහණෙනි! අන් අයට අවවාද කරන තැනැත්තා තමා සුදනෙක් වියයුතු යයි පවසමින් මේ ගාථාව දේශනා කළහ. අන් අයට අනුශාසනා කරණුයේ තමන්ද එසේ කළ යුතුය. තමන් දමනය නොවී අන් අය දමනය කළ නොහේ.
“අත්තානඤ්චෙ තථා කයිරා, යථාඤ්ඤමනුසාසති; සුදන්තො වත දමෙථ, අත්තා හි කිර දුද්දමො”ති.
තමන් පළමුව සුදුසෙකු වී - අනුන් දෙවනුව හික්ම වියයුතු තමන් නො දැමී දුදනෙකුම වී - අනුන් සුදනන් කෙසේ කරමුද?
තස්සත්ථො – යො හි භික්ඛු “පඨමයාමාදීසු චඞ්කමිතබ්බ”න්ති වත්වා පරං ඔවදති, සයං චඞ්කමනාදීනි අධිට්ඨහන්තො අත්තානඤ්චෙ තථා කයිරා, යථාඤ්ඤමනුසාසති, එවං සන්තෙ සුදන්තො වත දමෙථාති යෙන ගුණෙන පරං අනුසාසති, තෙන අත්තනා සුදන්තො හුත්වා දමෙය්ය. අත්තා හි කිර දුද්දමොති අයඤ්හි අත්තා නාම දුද්දමො. තස්මා යථා සො සුදන්තො හොති, තථා දමෙතබ්බොති.
මෙහි අදහස යම් සේ භික්ෂුව ප්‍රථම යාමය ආදියේ සක්මන් කළ යුතු යයි පවසා අවවාද කරයි. තමන් එසේ නොකරයි. අන්තාන ඤෙච තථා කයිරා යථඤඤමනුසාසති අන් අයට උපදෙස් දෙන ලෙසට තමන් ද පිළිපැදිය යුතුය. සුදන්තො වත දම්ථොති යම් ගුණයකින් අන් අයට අවවාද කරන්නේද තමන් ද ඒ ලෙස දමනය විය යුතුය.
දෙසනාවසානෙ පඤ්ච සතාපි තෙ භික්ඛූ අරහත්තං පාපුණිංසූති.
මෙම දෙසුම අවසානයේ පන්සියයක් වූ එම භික්ෂූන් වහන්සේලා අරහත්වයට පැමිණියහ.
පධානිකතිස්සත්ථෙරවත්ථු තතියං.