යෙදුමෙන් කියවන්න

4. කුමාරකස‍්සපමාතුථෙරීවත්‍ථු අට‍්ඨකථා

4. කුමාරකස‍්සපමාතුථෙරීවත්‍ථු

4. කුමාර කාශ්‍යප මාතාවගේ කථා පුවත.

අත‍්තා හි අත‍්තනො නාථොති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කුමාරකස‍්සපත්‍ථෙරස‍්ස මාතරං ආරබ‍්භ කථෙසි.

“අත්තාහි අත්තනෝ නාථො’ යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ සැවත දෙව්රම් වෙහෙර වැඩසිටිය දී කුමාර කාශ්‍යප තෙරුන්ගේ මෑණියන් අරමුණු කරගෙන දේශනා කළහ.

සා කිර රාජගහනගරෙ සෙට‍්ඨිධීතා විඤ‍්ඤුතං පත‍්තකාලතො පට‍්ඨාය පබ‍්බජ‍්ජං යාචි. අථ සා පුනප‍්පුනං යාචමානාපි මාතාපිතූනං සන‍්තිකා පබ‍්බජ‍්ජං අලභිත්‍වා වයප‍්පත‍්තා පතිකුලං ගන‍්ත්‍වා පතිදෙවතා හුත්‍වා අගාරං අජ‍්ඣාවසි. අථස‍්සා න චිරස‍්සෙව කුච‍්ඡිස‍්මිං ගබ‍්භො පතිට‍්ඨහි. සා ගබ‍්භස‍්ස පතිට‍්ඨිතභාවං අජානිත්‍වාව සාමිකං ආරාධෙත්‍වා පබ‍්බජ‍්ජං යාචි. අථ නං සො මහන‍්තෙන සක‍්කාරෙන භික‍්ඛුනුපස‍්සයං නෙත්‍වා අජානන‍්තො දෙවදත‍්තපක‍්ඛිකානං භික‍්ඛුනීනං සන‍්තිකෙ පබ‍්බාජෙසි.

ඇය රජගහනුවර සිටුදුවක්ව ඉපිද යමක් තේරුම් ගැනීමට හැකි තත්ත්වයට පැමිණි තැන් සිටම පැවිද්ද ඉල්ලා සිටියාය. මේ අතර ඇගේ දෙමාපියන් ඉදිරියේ නැවත නැවතද ඉල්ලා සිටියත් පැවිදිවීමට අවස්ථාව නොලැබුණි. වැඩිවියට පත්ව පතිකුලයට ගොස් සැමියාගේ නිවසේ පතිනිය වී වාසය කළාය. මේ අතර වැඩිකල් නොගොස්ම ඇගේ කුස තුළ දරුගැබක් පිහිටියේය. ඇය ගැබ පිහිටි බව නොදැන සැමියාගෙන් පැවිද්දට අවසර ඉල්ලීය. පැවිදිවීමට අවස්ථාව ලබාගත්තාය. එම සැමියා මහත් සත්කාරයෙන් භික්ෂුණී සංඝයා වෙත පමුණුවා නොදැනුවත්වම දෙව්දත් තෙරුන්ගේ පක්ෂයේ භික්ෂුණීන් වෙත පැවිදී කරවීය.

අපරෙන සමයෙන භික‍්ඛුනියො තස‍්සා ගබ‍්භිනිභාවං ඤත්‍වා තාහි “කිං ඉද”න‍්ති වුත‍්තා නාහං, අය්‍යෙ, ජානාමි “කිමෙතං”, සීලං වත මෙ අරොගමෙවාති. භික‍්ඛුනියො තං දෙවදත‍්තස‍්ස සන‍්තිකං නෙත්‍වා “අයං භික‍්ඛුනී සද‍්ධාපබ‍්බජිතා, ඉමිස‍්සා මයං ගබ‍්භස‍්ස පතිට‍්ඨිතභාවං ජානාම, කාලං න ජානාම, කිං දානි කරොමා”ති පුච‍්ඡිංසු. දෙවදත‍්තො “මා මය‍්හං ඔවාදකාරිකානං භික‍්ඛුනීනං අයසො උප‍්පජ‍්ජතූ”ති එත‍්තකමෙව චින‍්තෙත්‍වා “උප‍්පබ‍්බාජෙථ න”න‍්ති ආහ. තං සුත්‍වා සා දහරා මා මං, අය්‍යෙ, නාසෙථ, නාහං දෙවදත‍්තං උද‍්දිස‍්ස පබ‍්බජිතා, එථ, මං සත්‍ථු සන‍්තිකං ජෙතවනං නෙථාති. තා තං ආදාය ජෙතවනං ගන‍්ත්‍වා සත්‍ථු ආරොචෙසුං. සත්‍ථා “තස‍්සා ගිහිකාලෙ ගබ‍්භො පතිට‍්ඨිතො”ති ජානන‍්තොපි පරවාදමොචනත්‍ථං රාජානං පසෙනදිකොසලං මහාඅනාථපිණ‍්ඩිකං චූළඅනාථපිණ‍්ඩිකං විසාඛාඋපාසිකං අඤ‍්ඤානි ච මහාකුලානි පක‍්කොසාපෙත්‍වා උපාලිත්‍ථෙරං ආණාපෙසි – “ගච‍්ඡ, ඉමිස‍්සා දහරාය භික‍්ඛුනියා චතුපරිසමජ‍්ඣෙ කම‍්මං පරිසොධෙහී”ති. ථෙරො රඤ‍්ඤො පුරතො විසාඛං පක‍්කොසාපෙත්‍වා තං අධිකරණං පටිච‍්ඡාපෙසි. සා සාණිපාකාරං පරික‍්ඛිපාපෙත්‍වා අන‍්තොසාණියං තස‍්සා හත්‍ථපාදනාභිඋදරපරියොසානානි ඔලොකෙත්‍වා මාසදිවසෙ සමානෙත්‍වා “ගිහිභාවෙ ඉමාය ගබ‍්භො ලද‍්ධො”ති ඤත්‍වා ථෙරස‍්ස තමත්‍ථං ආරොචෙසි. අථස‍්සා ථෙරො පරිසමජ‍්ඣෙ පරිසුද‍්ධභාවං පතිට‍්ඨාපෙසි. සා අපරෙන සමයෙන පදුමුත‍්තරබුද‍්ධස‍්ස පාදමූලෙ පත්‍ථිතපත්‍ථනං මහානුභාවං පුත‍්තං විජායි.

පසු අවස්ථාවක දී භික්ෂුණීහු ඇගේ ගර්භණීභාවය දැනගෙන, මේ කුමක් නිසා සිදුවීදැයි විමසා සිටියහ. ඇය ආර්යාවනි මම නොදනිමි මගේ සීලයට හානියක් නොවීයයි පැවසුවාය. අනෙක් භික්ෂුණීන් ඇය දෙව්දත් තෙරුන් වෙත ගෙනගොස් මේ භික්ෂුණිය ශ්‍රද්ධාවෙන් පැවිදි වූ තැනැත්තියකි. මැය ගැබිනියක බව දනිමු. එහෙත් කාලය නොදනිමු. දැන් කුමක් කරන්නදැයි විමසුහ. දෙව්දත් තෙරුන් මගේ අවවාදයේ පිහිටන භික්ෂුණීන්ට අපකීර්තියක් සිදුවේ යයි පවසා ඒ ගැන පමණක් සිතා ඇය උපැවිදි කරන්නැයි පැවසීය. එම තීරණය අසා මේ ගැබිණි භික්ෂුණීය ආර්යවනි මාව නොනසවයි ද මම දේවදත්ත වෙනුවෙන් පැවිදි නොවු නිසා බුදුන් වෙත දෙව්රමට ගෙන යන්නැයි ඉල්ලා සිටියාය. එම භික්‍ෂුණීහු ඇය සමග ගොස් දෙව්රම් වෙහෙරේ දී බුදුරදුන්ට දන්වා සිටියහ. බුදුරජාණන් වහන්සේ ඇය ගිහිව සිටියදී මේ ගර්භය පිහිටිබව දැන අන් අයගේ චෝදනාවෙන් ගලවා ගැනීම සඳහා - පසේ නදී කෝසල, අනාථ පිණ්ඩික සිටුතුමා සුළු අනේපිඬු සිටුතුමා, විසාඛා උපාසිකාව සහ අනෙක් බලවත් කුලවල අය ද කැඳවා උපාලි තෙරුන් ඇණවීය. යව මේ සිව් පිරිස මැඳ ඇය පිළිබඳව විනිශ්චයක් කොට ඇගේ පිරිසිදු බව සනාථ කරන්නැයි නියම කළහ. උපාලි තෙරුන්වහන්සේ කොසොල් රජු ඉදිරියේ විසාඛාව කැඳවා ඇයට ඇය පරීක්ෂා කිරීමට නියම කළහ. එතුමිය වටතිර ඇද ඇයව පරික්ෂා කරමින් අත්පා නැබ. උදරය ආදිය පරික්ෂාකර බලා දින මාස පිළිබඳව තීරණය කර ඇය ගිහිව සිටියදී ගැබ පිහිටිය එකක් බව තිරණය කර තෙරුන්ට ඇගේ නිරවද්‍ය බව පැවසුවාය. මෙහිදී අධිකරණ විනිශ්චය කළ තෙරුන් වහන්සේ විසින් පිරිස මැද ප්‍රකාශ කළහ. ඒ අනුව ඇගේ පවිත්‍රත්වය ප්‍රසිද්ධියට භාජනවුණි. අනතුරුව ඇය දරු ගැබ මුහුකුරා ගිය පසු පදුමුත්තර බුදුන් පාමුල කරන ලද ප්‍රාර්ථනය අනුව මහත් ආනුභාව ඇති පුතණු කෙනෙකුන් බිහි කළාය.

අථෙකදිවසං රාජා භික‍්ඛුනුපස‍්සයසමීපෙන ගච‍්ඡන‍්තො දාරකසද‍්දං සුත්‍වා “කිං ඉද”න‍්ති පුච‍්ඡිත්‍වා, “දෙව, එකිස‍්සා භික‍්ඛුනියා පුත‍්තො ජාතො, තස‍්සෙස සද‍්දො”ති වුත‍්තෙ තං කුමාරං අත‍්තනො ඝරං නෙත්‍වා ධාතීනං අදාසි. නාමග‍්ගහණදිවසෙ චස‍්ස කස‍්සපොති නාමං කත්‍වා කුමාරපරිහාරෙන වඩ‍්ඪිතත‍්තා කුමාරකස‍්සපොති සඤ‍්ජානිංසු. සො කීළාමණ‍්ඩලෙ දාරකෙ පහරිත්‍වා “නිම‍්මාතාපිතිකෙනම‍්හා පහටා”ති වුත‍්තෙ රාජානං උපසඞ‍්කමිත්‍වා, “දෙව, මං ‘නිම‍්මාතාපිතිකො’ති වදන‍්ති, මාතරං මෙ ආචික‍්ඛථා”ති පුච‍්ඡිත්‍වා රඤ‍්ඤා ධාතියො දස‍්සෙත්‍වා “ඉමා තෙ මාතරො”ති වුත‍්තෙ “න එත‍්තිකා මෙ මාතරො, එකාය මෙ මාතරා භවිතබ‍්බං, තං මෙ ආචික‍්ඛථා”ති ආහ. රාජා “න සක‍්කා ඉමං වඤ‍්චෙතු”න‍්ති චින‍්තෙත්‍වා, තාත, තව මාතා භික‍්ඛුනී, ත්‍වං මයා භික‍්ඛුනුපස‍්සයා ආනීතොති. සො තාවතකෙනෙව සමුප‍්පන‍්නසංවෙගො හුත්‍වා, “තාත, පබ‍්බාජෙථ ම”න‍්ති ආහ. රාජා “සාධු, තාතා”ති තං මහන‍්තෙන සක‍්කාරෙන සත්‍ථු සන‍්තිකෙ පබ‍්බාජෙසි. සො ලද‍්ධූපසම‍්පදො කුමාරකස‍්සපත්‍ථෙරොති පඤ‍්ඤායි. සො සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා අරඤ‍්ඤං පවිසිත්‍වා වායමිත්‍වා විසෙසං නිබ‍්බත‍්තෙතුං අසක‍්කොන‍්තො “පුන කම‍්මට‍්ඨානං විසෙසෙත්‍වා ගහෙස‍්සාමී”ති සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා අන්‍ධවනෙ විහාසි.

ඉක්බිති එක් දිනක් කොසොල් රජු භික්ෂුණි ආරාමය අසලින් යද්දී දරුවකුගේ ශබ්දය අසා මේ ළදරු හඬ කුමක්දැයි විමසා දේවයන් වහන්ස ඒ භික්ෂුණියට දරුවෙක් ලැබුනේ යයි පැවසුවිට එම කුමරු රජු ගෙන ගොස් කිරිමවුවරුන්ට භාරකළේය. නම් තබන දින ඔහුට කස්සප යයි නම් තබා කුමාරයෙක් ලෙසට වැඩුන නිසා කුමාරකස්සප නමින් හැඳින්වුණි. ඔහු සෙල්ලම් කරනවිට අනෙක් ළමයින්ට පහරදුන් විට මව පියා නැති එකා අපට තැලුවේයි ඔවුන් කී කල්හී, ඔහු රජු වෙත එළඹ දේවයනි අනාථයයි කියා පවසති. එබැවින් මගේ මව කවුදැයි කියන්නැයි ඉල්ලා සිටියේය. කොසොල් රජු මේ ඔබේ මවුවරුන් යයි කිරිමවුවරු පෙන්වීය නැත දේවයනි මෙයින් එක් අයෙක් මගේ මව විය යුතුමය. එනිසා ඒ මගේ එකම මව කියන්නැයි පැවසුවිට මොහු රැවටීම අපහසුයයි සිතා දරුව ඔබේ මව භික්ෂුණියකි. මම මෙහෙණවරින් ඔබ රැගෙන ආවෙමියි පැවසුවේය. ඔහු එතෙනින්ම සංවේගයට පත්ව දේවයනි පියාණෙනි ! මා පැවිදි කරවන්නැයි ඉල්ලා සිටිය නිසා රජු දරුව ඉතා යහපතියි මහත් උත්සවයකින් ඒ කුමරු බුදුන් වෙත පැවිදි කරවීය. උපසම්පදාවද ලත් පසුව කුමාර කාශ්‍යප තෙරුන් යයි ප්‍රසිද්ධ විය. හේ බුදුන් වෙතින් කර්මස්ථාන ඉගෙන ආරඤ්ඤාවාසීව උත්සාහ කර අධිගම්‍යයක් ලබා ගැනීමට නොහැකිව නැවත කමටහන් ලබාගන්නෙමියි බුදුන්වෙත ගොස් අන්ධ වනයේ වාසය කළහ.

අථ නං කස‍්සපබුද‍්ධකාලෙ එකතො සමණධම‍්මං කත්‍වා අනාගාමිඵලං පත්‍වා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තභික‍්ඛු බ්‍රහ‍්මලොකතො ආගන‍්ත්‍වා පන‍්නරස පඤ‍්හෙ පුච‍්ඡිත්‍වා “ඉමෙ පඤ‍්හෙ ඨපෙත්‍වා සත්‍ථාරං අඤ‍්ඤො බ්‍යාකාතුං සමත්‍ථො නාම නත්‍ථි, ගච‍්ඡ, සත්‍ථු සන‍්තිකෙ ඉමෙසං අත්‍ථං උග‍්ගණ‍්හා”ති උය්‍යොජෙසි. සො තථා කත්‍වා පඤ‍්හවිස‍්සජ‍්ජනාවසානෙ අරහත‍්තං පාපුණි.

අනතුරුව කාශ්‍යප බුද්ධ කාලයේදී එකට මහණ දම් පිරූ අනාගාමී ඵලයට පත්වු බඹලොව උපත ලද භික්ෂුවක් බඹලොවින් පැමිණ ප්‍රශ්න පහළොවක් විමසා මේ ප්‍රශ්න බුදුන්හැර වෙනත් කෙනෙකුට විසඳිය නොහැකියයි පවසා බුදුන් වෙත ගොස් ඉගෙන ගන්නැයි උනන්දු කළේය. ඔහු එලෙසම බුදුන් වෙත ගොස් ප්‍රශ්න විසදුම් අවසානයේ දී රහත්වුහ.

තස‍්ස පන නික‍්ඛන‍්තදිවසතො පට‍්ඨාය ද‍්වාදස වස‍්සානි මාතුභික‍්ඛුනියා අක‍්ඛීහි අස‍්සූනි පවත‍්තිංසු. සා පුත‍්තවියොගදුක‍්ඛිතා අස‍්සුතින‍්තෙනෙව මුඛෙන භික‍්ඛාය චරමානා අන‍්තරවීථියං ථෙරං දිස‍්වාව, “පුත‍්ත, පුත‍්තා”ති විරවන‍්තී තං ගණ‍්හිතුං උපධාවමානා පරිවත‍්තිත්‍වා පති. සා ථනෙහි ඛීරං මුඤ‍්චන‍්තෙහි උට‍්ඨහිත්‍වා අල‍්ලචීවරා ගන‍්ත්‍වා ථෙරං ගණ‍්හි. සො චින‍්තෙසි – “සචායං මම සන‍්තිකා මධුරවචනං ලභිස‍්සති, විනස‍්සිස‍්සති. ථද‍්ධමෙව කත්‍වා ඉමාය සද‍්ධිං සල‍්ලපිස‍්සාමී”ති. අථ නං ආහ – “කිං කරොන‍්තී විචරසි, සිනෙහමත‍්තම‍්පි ඡින්‍දිතුං න සක‍්කොසී”ති. සා “අහො කක‍්ඛළා ථෙරස‍්ස කථා”ති චින‍්තෙත්‍වා “කිං වදෙසි, තාතා”ති වත්‍වා පුනපි තෙන තථෙව වුත‍්තා චින‍්තෙසි – “අහං ඉමස‍්ස කාරණා ද‍්වාදස වස‍්සානි අස‍්සූනි සන්‍ධාරෙතුං න සක‍්කොමි, අයං පනෙවං ථද‍්ධහදයො, කිං මෙ ඉමිනා”ති පුත‍්තසිනෙහං ඡින්‍දිත්‍වා තංදිවසමෙව අරහත‍්තං පාපුණි.

මේ කුමාර කාශ්‍යප තෙරුන් නික්මෙන දින සිට දොළොස් වසක් මව් භික්ෂුණියගේ නෙතින් කඳුලින් වැගුරුනි. ඇය පුතුගේ වියෝ දුකින් කඳුළු වැගුරුන මුහුණින් යුතුව පිඬුසිඟා වඩින්නී දිනක් පුතුදැක අතුරු පාරක පුත - පුත - යනුවෙන් අමතමින් යන්නී පය පැකිලී වැටුණාය. ඇගේ පියවුරුවලින් කිරි වැගිරෙමින්ම සෙනෙහසින් ගැළවුන සිවුරද අල්ලාගෙන දුවගොස් තෙරුන්ගේ අතින් අල්ලාගත්තේය. තෙරුන් වහන්සේ මෙලෙස සිතූහ. ඉදින් මම ඇය මිහිරි වචන නොදුනොත් ඇගේ සෙනෙහස වැනසේ. තදබවක් පෙන්වාම ඇය සමග කථාකරමියි සිතා මෙසේ පැවසුවේය. මොකද මේ කරන්නේ තවත් ස්නේහය නැතිකරගන්න බැරිවුණාද? යනුවෙන් තදින් විමසුවිට - අහෝ තෙරුන් මෙලෙස කථාකරයි. පුත කුමක් කියන්නේද? දෙවැනි වරද තෙරුන් දැඩිලෙසම කථා කළෙන් මව මේ ලෙස සිතුවාය. මම අවුරුදු දොළහක් මේ පුතු නිසා කඳුළු නොහෙලා සිටීමට නොහැකි වීමි. මොහු තද හදවත් ඇත්තෙකි. මට මොහුගෙන් කවර ප්‍රයෝජනයක්ද පුත්‍ර ප්‍රේමය සිඳදමා එදිනම රහත් වූවාය.

අපරෙන සමයෙන ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං – “ආවුසො, දෙවදත‍්තෙන එවං උපනිස‍්සයසම‍්පන‍්නො කුමාරකස‍්සපො ච ථෙරී ච නාසිතා, සත්‍ථා පන තෙසං පතිට‍්ඨා ජාතො, අහො බුද‍්ධා නාම ලොකානුකම‍්පකා”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව අහං ඉමෙසං පච‍්චයො පතිට‍්ඨා ජාතො, පුබ‍්බෙපි නෙසං අහං පතිට‍්ඨා අහොසිංයෙවා”ති වත්‍වා –

පසුකාලයක දී ධර්මසභාවේ දී කථාවක් ඇතිවුණි මේ දෙව්දත් තෙරුන් මෙපමණ උපනිශ්‍රය සම්පන්නවූ කුමාර කාශ්‍යප තෙරුන් හා මව නසා දමන ලදි. බුදුරජාණන් වහන්සේ ඔවුන්ට පිහිටවූහ. බුදුවරුනම් ලොවට අනුකම්පා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේ දභා මණ්ඩපයට වැඩමකරවා මහණෙනි මා එන්නට පළමු ඔබ කවර කථාවකින් සිටියේදැයි විමසුහ. මේ ප්‍රවෘත්තිය යයි පැවසුහ මහණෙනි දැන් පමණක් නොව මොවුන්ට මම පෙරද පිහිටවීමී.

“නිග්‍රොධමෙව සෙවෙය්‍ය, න සාඛමුපසංවසෙ; නිග්‍රොධස‍්මිං මතං සෙය්‍යො, යඤ‍්චෙ සාඛස‍්මි ජීවිත”න‍්ති. (ජා· 1.1.12; 1.10.81) –

නිග්‍රෝධ නම් මුවාවම ඇසුරු කරන්න. සේවනය කරන්න. සාබ මුවා වෙත නොයන්න. ඔහු සේවනය නොකරන්න. සාඛ මුවා සමීපයේ ජීවත්වීමට වඩා නිග්‍රෝධ මුවා ළඟ මරණය යහපත්ය.

ඉමං නිග්‍රොධජාතකං විත්‍ථාරෙන කථෙත්‍වා “තදා සාඛමිගො දෙවදත‍්තො අහොසි, පරිසාපිස‍්ස දෙවදත‍්තපරිසා, වාරප‍්පත‍්තා මිගධෙනු ථෙරී අහොසි, පුත‍්තො කුමාරකස‍්සපො, ගබ‍්භිනීමිගියා ජීවිතං පරිච‍්චජිත්‍වා ගතො නිග්‍රොධමිගරාජා පන අහමෙවා”ති ජාතකං සමොධානෙත්‍වා පුත‍්තසිනෙහං ඡින්‍දිත්‍වා ථෙරියා අත‍්තනාව අත‍්තනො පතිට‍්ඨානකතභාවං පකාසෙන‍්තො, “භික‍්ඛවෙ, යස‍්මා පරස‍්ස අත‍්තනි ඨිතෙන සග‍්ගපරායණෙන වා මග‍්ගපරායණෙන වා භවිතුං න සක‍්කා, තස‍්මා අත‍්තාව අත‍්තනො නාථො, පරො කිං කරිස‍්සතී”ති වත්‍වා ඉමං ගාථමාහ –

මෙම නිග්‍රෝධ ජාතකය විස්තර වශයෙන් දේශනාකර එකල ශාඛාමිග දෙව්දත් විය. ඒ පිරිස දෙව්දත්ගේ පිරිසවිය. මරණයට වාරය පැමිණි මුවදෙන තෙරණියයි. එදා මරණයට මුහුණ දී සිටි, මිග ධෙනුව කුමාර කාශ්‍යප මාතාවයි. ඇයට ජීවිතය ලබා දී මරණයට යොමු වු නිග්‍රෝධ මිග රාජයන් මම වෙමි. ජාතකය සසඳා දරු සෙනහස සිඳි ථේරීය තමන්ට තමන්ම පිහිට බව ඔප්පු කළාය. මහණෙනි යමෙකුට ලොව් ලොව්තුරා සැප ලබා දීමට වෙනත් කෙනෙකුට පිහිට විය නොහැකි බවත්, තමන්ට පිහිට තමන්ම බවත් අන් අය විසින් කළ යුත්තක් නැති බවත් පෙන්වා මේ ගාථාව දෙසුහ.

“අත‍්තා හි අත‍්තනො නාථො, කො හි නාථො පරො සියා; අත‍්තනා හි සුදන‍්තෙන, නාථං ලභති දුල‍්ලභ”න‍්ති.

තමන් හිසට තම අතමය සෙවනැල්ල අනුන් බලා සිටියොත් වේ වැනසිල්ල කළ හොත් මනා කොට සය ඉඳුරන් මෙල්ල ලැබ ගත හැකිය ලොව්තුරු අම සැනසිල්ල

තත්‍ථ නාථොති පතිට‍්ඨා. ඉදං වුත‍්තං හොති – යස‍්මා අත‍්තනි ඨිතෙන අත‍්තසම‍්පන‍්නෙන කුසලං කත්‍වා සග‍්ගං වා පාපුණිතුං, මග‍්ගං වා භාවෙතුං, ඵලං වා සච‍්ඡිකාතුං සක‍්කා. තස‍්මා හි අත‍්තාව අත‍්තනො පතිට‍්ඨා හොති, පරො කො නාම කස‍්ස පතිට‍්ඨා සියා. අත‍්තනා එව හි සුදන‍්තෙන නිබ‍්බිසෙවනෙන අරහත‍්තඵලසඞ‍්ඛාතං දුල‍්ලභං නාථං ලභති. අරහත‍්තඤ‍්හි සන්‍ධාය ඉධ “නාථං ලභති දුල‍්ලභ”න‍්ති වුත‍්තං.

තත්ථ නාථො මෙහි නාථ - නම් පිහිටයි. තමන් විසින්ම අර්ථවත් කුසල් කර ස්වර්ගයට හෝ පැමිනෙන්නේ. මාර්ගයන් ලබන්නට හෝ ඵලයක් සාක්ෂාත් කරන්නට හෝ හැකිවන්නේය. එහෙයින් තමා මැ තමාට පිහිට වන්නේය. කෙසේ නම් වෙනත් අයකු පිහිට වන්නේද? නොවේමැය. සුනෙත්න - මැනවින් දැමුන තැනැත්තා අරිහත් ඵලය නම් වූ දුල්ලභං නාථං ලභති - අරිහත් භාවය සදහා - “නාථං ලභති දුල්ලභං” යන්න කියන ලදී.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ඵල ආදියට පත්වුහ.

කුමාරකස‍්සපමාතුථෙරීවත්‍ථු චතුත්‍ථං.