යෙදුමෙන් කියවන්න

5. මහාකාලඋපාසකවත්‍ථු අට‍්ඨකථා

5. මහාකාලඋපාසකවත්‍ථු

5. මහාකාල උපාසකගේ කථා පුවත.

අත‍්තනා හි කතං පාපන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං මහාකාලං නාම සොතාපන‍්නඋපාසකං ආරබ‍්භ කථෙසි.

“අත්තනාව කතං පාපන්ති” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටිය දී, සෝවාන් වී සිටි මහාකාල නම් වූ උපාසකවරයෙක් නිමිති කරගෙන දේශනා කළහ.

සො කිර මාසස‍්ස අට‍්ඨදිවසෙසු උපොසථිකො හුත්‍වා විහාරෙ සබ‍්බරත‍්තිං ධම‍්මකථං සුණාති. අථ රත‍්තිං චොරා එකස‍්මිං ගෙහෙ සන්‍ධිං ඡින්‍දිත්‍වා භණ‍්ඩකං ගහෙත්‍වා ලොහභාජනසද‍්දෙන පබුද‍්ධෙහි සාමිකෙහි අනුබද‍්ධා ගහිතභණ‍්ඩං ඡඩ‍්ඩෙත්‍වා පලායිංසු. සාමිකාපි තෙ අනුබන්‍ධිංසුයෙව, තෙ දිසා පක‍්ඛන්‍දිංසු. එකො පන විහාරමග‍්ගං ගහෙත්‍වා මහාකාලස‍්ස රත‍්තිං ධම‍්මකථං සුත්‍වා පාතොව පොක‍්ඛරණිතීරෙ මුඛං ධොවන‍්තස‍්ස පුරතො භණ‍්ඩිකං ඡඩ‍්ඩෙත්‍වා පලායි. චොරෙ අනුබන්‍ධිත්‍වා ආගතමනුස‍්සා භණ‍්ඩිකං දිස‍්වා “ත්‍වං නො ගෙහසන්‍ධිං ඡින්‍දිත්‍වා භණ‍්ඩිකං හරිත්‍වා ධම‍්මං සුණන‍්තො විය විචරසී”ති තං ගහෙත්‍වා පොථෙත්‍වා මාරෙත්‍වා ඡඩ‍්ඩෙත්‍වා අගමිංසු.

මේ උපාසක තෙම මාසයකට දින අටක් පෙහෙවස් සමාදන්ව විහාරයේ සිට මුළු රාත්‍රියම ධර්ම කථා අසයි. එක්තරා දිනක රාත්‍රියේ සොරුන් එක් නිවසක බිත්ති සන්ධියක් බිඳ භාණ්ඩ පැහැරගෙන සිටිය දී, ලෝහ භාජන ශබ්දවීමේ හඩ අසා අවදිවූ ගෙහිමියන් විසින් ලුහුබදින්නේ ගත් ගත් භාණ්ඩ ඒ ඒ තැන දමමින් දුවන්නට වුහ. එක් සොරෙක් පන්සලට යන පාරෙන් පළා යන්නේ රාත්‍රියේ බණ අසා මහාකාල උපාසක අළුයම පොකුණු තෙර මුණ සෝදමින් සිටිතැනට භාණ්ඩ විසිකර දමා පළා යන්නේය. සොරුන් ලුහුබැඳ ආ පුරුෂයෝ විසිකරන ලද භාණ්ඩ දැක හා අපේ ගෙය බිඳ භාණ්ඩගෙන දැන් ධර්මය රකින්නෙක් ලෙසට ඉන්නේදැයි කියා හොඳට තලා පෙළා මරා විසිර ගියහ.

අථ නං පාතොව පානීයඝටං ආදාය ගතා දහරසාමණෙරා දිස‍්වා “විහාරෙ ධම‍්මකථං සුත්‍වා සයිතඋපාසකො අයුත‍්තං මරණං ලභතී”ති වත්‍වා සත්‍ථු ආරොචෙසුං. සත්‍ථා “ආම, භික‍්ඛවෙ, ඉමස‍්මිං අත‍්තභාවෙ කාලෙන අප‍්පතිරූපං මරණං ලද‍්ධං, පුබ‍්බෙ කතකම‍්මස‍්ස පන තෙන යුත‍්තමෙව ලද‍්ධ”න‍්ති වත්‍වා තෙහි යාචිතො තස‍්ස පුබ‍්බකම‍්මං කථෙසි –

අළුයම - පැන්කළ ගෙන ඒමට පොකුණට ගිය කුඩා සාණේරවරු එය දැක විහාරයේ ධර්මය අසා නිදාගත් උපාසකට අයුතු මරණයක් ලැබුවේයි බුදුන් වෙත දන්වා සිටියහ. මහණෙනි එසේය මේ ආත්ම භාවයේදී නොසුදුසු මරණයක් ලබන ලදී පෙර කරන ලද කර්මය අනුව යුතුවු මරණයක් ලබන ලදී පවසා එම භික්ෂුගේ ඉල්ලීම අනුව අතීත පුවත දේශනා කළහ.

අතීතෙ කිර බාරාණසිරඤ‍්ඤො විජිතෙ එකස‍්ස පච‍්චන‍්තගාමස‍්ස අටවිමුඛෙ චොරා පහරන‍්ති. රාජා අටවිමුඛෙ එකං රාජභටං ඨපෙසි, සො භතිං ගහෙත්‍වා මනුස‍්සෙ ඔරතො පාරං නෙති, පාරතො ඔරං ආනෙති. අථෙකො මනුස‍්සො අභිරූපං අත‍්තනො භරියං චූළයානකං ආරොපෙත්‍වා තං ඨානං අගමාසි. රාජභටො තං ඉත්‍ථිං දිස‍්වාව සඤ‍්ජාතසිනෙහො තෙන “අටවිං නො, සාමි, අතික‍්කාමෙහී”ති වුත‍්තෙපි “ඉදානි විකාලො, පාතොව අතික‍්කාමෙස‍්සාමී”ති ආහ. සො සකාලො, සාමි, ඉදානෙව නො නෙහීති. නිවත‍්ත, භො, අම‍්හාකංයෙව ගෙහෙ ආහාරො ච නිවාසො ච භවිස‍්සතීති. සො නෙව නිවත‍්තිතුං ඉච‍්ඡි. ඉතරො පුරිසානං සඤ‍්ඤං දත්‍වා යානකං නිවත‍්තාපෙත්‍වා අනිච‍්ඡන‍්තස‍්සෙව ද‍්වාරකොට‍්ඨකෙ නිවාසං දත්‍වා ආහාරං පටියාදාපෙසි. තස‍්ස පන ගෙහෙ එකං මණිරතනං අත්‍ථි. සො තං තස‍්ස යානකන‍්තරෙ පක‍්ඛිපාපෙත්‍වා පච‍්චූසකාලෙ චොරානං පවිට‍්ඨසද‍්දං කාරෙසි. අථස‍්ස පුරිසා “මණිරතනං, සාමි, චොරෙහි හට”න‍්ති ආරොචෙසුං.

පෙර බරණැස් නුවර අගනුවරින් බැහැර එක් ප්‍රත්‍යන්ත වූ පිටසර ගමක වනයට පිවිසෙන තැන සොරු කොල්ල කති මේ බව දත් රජතුමා වන මුව දොර මුරකාවල් යෙදීය. හේ මිලගෙන වන අඩවියෙන් එතරට මිනිසුන් ගෙනයයි. එතර සිට මෙතරටද ගෙනඑයි. මේ අතර එක්තරා පුරුෂයෙක් තමන්ගේ රූමත් බිරිඳ කුඩා යානයක නංවාගෙන මෙතැනට පැමිණියේය. රාජ පුරුෂයා එම රූමත් ස්ත්‍රීය දැක සිත් ඇළුනේ. එතර කරවන්නැයි ඉල්ලා සිටිවිට දැන් කාලය නොවේ අළුයම එතරට පමුණුවමියි පැවසුවේය. ස්වාමීනි දැන් කාලය සුදුසුයි දැන්මම අපව වනයෙන් එතෙර කරවන්නැයි ඉල්ලා සිටියේය. නවතින්න පින්වතුනි දැන් අපේ ගෙදරටම ඔබලා ගෙනයමි ඉඳුම් හිටුම්ද ආහාරයද ඇතැයි පැවසුවේය. ඔහු නතරවීමට කැමති නොවීය. රාජ පුරුෂයා පුරුෂයන්ට සංඥා දී යානය නවතා අකමැතිව සිටියදීම දොරටු කොටුවේ නවාතැන් දී ආහාර ද දෙවීය. ඔහුගේ ගෙදර මැණිකක් ඇත. එම මැණික කරත්තය අසල දමවා උදැසන සොරුන් පැමිණි ආකාරය දැක්වීය. ඔහුගේ පුරුෂයෝ ස්වාමීනි සොරු ඔබේ මැණික සොරකම් කරගෙන ඇතැයි දැනුම් දුන්හ.

සො ගාමද‍්වාරෙසු ආරක‍්ඛං ඨපෙත්‍වා “අන‍්තොගාමතො නික‍්ඛමන‍්තෙ විචිනථා”ති ආහ. ඉතරොපි පාතොව යානකං යොජෙත්‍වා පායාසි. අථස‍්ස යානකං සොධෙන‍්තා අත‍්තනා ඨපිතං මණිරතනං දිස‍්වා සන‍්තජ‍්ජෙත්‍වා “ත්‍වං මණිං ගහෙත්‍වා පලායසී”ති පොථෙත්‍වා “ගහිතො නො, සාමි, චොරො”ති ගාමභොජකස‍්ස දස‍්සෙසුං. සො “භතකස‍්ස වත මෙ ගෙහෙ නිවාසං දත්‍වා භත‍්තං දින‍්නං, මණිං ගහෙත්‍වා ගතො, ගණ‍්හථ නං පාපපුරිස”න‍්ති පොථාපෙත්‍වා මාරෙත්‍වා ඡඩ‍්ඩාපෙසි. ඉදං තස‍්ස පුබ‍්බකම‍්මං. සො තතො චුතො අවීචිම‍්හි නිබ‍්බත‍්තිත්‍වා තත්‍ථ දීඝරත‍්තං පච‍්චිත්‍වා විපාකාවසෙසෙන අත‍්තභාවසතෙ තථෙව පොථිතො මරණං පාපුණි.

ඔහු ගම්දොර ආරක්ෂාව තබවා ඇතුළු ගම සොයන්නැයි විධාන කළේය. අනෙක් තැනැත්තාද උදේම රථය යොදවා යැවීය. අතර මගදී රථය පරීක්ෂා කරන්නේ තමන් තැබු මැණික දැක තර්ජනය කර තෝ මැණික ගෙන පළා යන්නේ යයි තලා පෙළා දමා ස්වාමීනි සොරා අල්ලා ගත්තේ යයි ගාමභෝජකට දැක්වුහ. ඔහු මම නවාතැන් දී කෑමදී උපකාර කළ තැනැත්තා පාපියා යයි තලා පෙළා මරා විසිකළේය. මේ ඔහුගේ පෙර කළ කර්මයයි ඔහු අවිචියේ බොහෝකලක් පැසී විපාක කෙළවර ආත්මභාව සියයක් එසේම පෙළීමෙන් මරණයට පත්විය.

එවං සත්‍ථා මහාකාලස‍්ස පුබ‍්බකම‍්මං දස‍්සෙත්‍වා, “භික‍්ඛවෙ, එවං ඉමෙ සත‍්තෙ අත‍්තනා කතපාපකම‍්මමෙව චතූසු අපායෙසු අභිමත්‍ථතී”ති වත්‍වා ඉමං ගාථමාහ –

මෙසේ ශාස්තෲන් වහන්සේ මහාකාලගේ පුර්ව කර්මය වදාරා මේ සත්වයෝ තමන් විසින් කරන ලද පාප කර්මයන් නිසා සතර අපායන්හි උත්පත්තිය ලබන්නේ යයි වදාරා මෙම ගාථාව වදාළහ.

“අත‍්තනා හි කතං පාපං, අත‍්තජං අත‍්තසම‍්භවං; අභිමත්‍ථති දුම‍්මෙධං, වජිරංවස‍්මමයං මණි”න‍්ති.

තමන් කළ පාපය තමන් පසු පස ඒමය බලවත් විදුරු මිණකින් - මැණිකක් නසන්නා සේ මේ දෙක්හි නිජබිම - එකම මහ පොළව මැයි

තත්‍ථ වජිරංවස‍්මමයං මණින‍්ති වජිරංව අස‍්මමයං මණිං. ඉදං වුත‍්තං හොති – යථා පාසාණමයං පාසාණසම‍්භවං වජිරං තමෙව අස‍්මමයං මණිං අත‍්තනො උට‍්ඨානට‍්ඨානසඞ‍්ඛාතං පාසාණමණිං ඛාදිත්‍වා ඡිද‍්දං ඡිද‍්දං ඛණ‍්ඩං ඛණ‍්ඩං කත්‍වා අපරිභොගං කරොති, එවමෙව අත‍්තනා කතං අත‍්තනි ජාතං අත‍්තසම‍්භවං පාපං දුම‍්මෙධං නිප‍්පඤ‍්ඤං පුග‍්ගලං චතූසු අපායෙසු අභිමත්‍ථති කන‍්තති විද‍්ධංසෙතීති.

[missing trans] අත්තනා කතං - තමන් විසින්ම උපදවන ලද අත්ත සමඟවං පාපං දුම්මෙධං - අනුවණ පුද්ගලයා සතර අපායන්හී (වැටී) අභිමන්ථති දරුණු සේ වැඩේ. වැනසේ

දෙසනාවසානෙ සම‍්පත‍්තභික‍්ඛූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනාවසානයේ පැමිණ සිටි භික්ෂූහු සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියාහුය.

මහාකාලඋපාසකවත්‍ථු පඤ‍්චමං.