යෙදුමෙන් කියවන්න

6. දෙවදත‍්තවත්‍ථු අට‍්ඨකථා

6. දෙවදත‍්තවත්‍ථු

6. දේවදත්ත කථා පුවත

යස‍්ස අච‍්චන‍්තදුස‍්සීල්‍යන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො දෙවදත‍්තං ආරබ‍්භ කථෙසි.

“යස්ස අව්චන්ත දුස්සීල්‍යන්ති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩසිටියදී දෙව්දත් තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.

එකස‍්මිඤ‍්හි දිවසෙ භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං – “ආවුසො, දෙවදත‍්තො දුස‍්සීලො පාපධම‍්මො දුස‍්සීල්‍යකාරණෙන වඩ‍්ඪිතාය තණ‍්හාය අජාතසත‍්තුං සඞ‍්ගණ‍්හිත්‍වා මහන‍්තං ලාභසක‍්කාරං නිබ‍්බත‍්තෙත්‍වා අජාතසත‍්තුං පිතුවධෙ සමාදපෙත්‍වා තෙන සද‍්ධිං එකතො හුත්‍වා නානප‍්පකාරෙන තථාගතස‍්ස වධාය පරිසක‍්කතී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි දෙවදත‍්තො නානප‍්පකාරෙන මය‍්හං වධාය පරිසක‍්කතී”ති වත්‍වා කුරුඞ‍්ගමිගජාතකාදීනි (ජා· 1.2.111-2) කථෙත්‍වා, “භික‍්ඛවෙ, අච‍්චන‍්තදුස‍්සීලපුග‍්ගලං නාම දුස‍්සීල්‍යකාරණා උප‍්පන‍්නා තණ‍්හා මාලුවා විය සාලං පරියොනන්‍ධිත්‍වා සම‍්භඤ‍්ජමානා නිරයාදීසු පක‍්ඛිපතී”ති වත්‍වා ඉමං ගාථාමාහ –

එක් දිනක් භික්ෂූන් වහන්සේලා ධර්ම සභාවේදී දෙව්දත් තෙරුන් පිළිබඳව කථාවක් ඇති කළහ. ඇවැත්නි දෙව්දත් තෙර පව් කරන්නෙකි දුසිල් කරන වඩන ලද තණ්හාවෙන් අජාසත් රජු සතුටු කරගෙන මහත් ලාභ සත්කාර උපදවාගෙන අජාසත්ගේ පියාට වධ පමුණුවා ඔහු සමග එකතු වි නොයෙක් ආකාරයෙන් තථාගතයන් වහන්සේට වධ කරයි. මෙසේ කථාකරමින් සිටින අතර තථාගතයන් වහන්සේ පැමිණ මහණෙනි. ඔබ කිනම් කථාවකින් යුතුව සිටියේදැයි විමසා දෙව්දත් තෙරුන් පිළිබඳව බව දැනගත්විට මෙසේ පැවසුහ. මහණනි දෙව්දත් තෙර දැන් පමණක් නොව පෙරද නොයෙක් ආකාරයෙන් මට වධ පැමිණ වී යයි පවසා කුරුග මිග ජාතක ආදිය දේශනාකර, අනන්ත දුසිල් පුද්ගලයා, දුසිල්වත් කම නිසා ඇතිවු තණ්හාව නිසා සල් රුකක් වැළද සිටි මාළුවා වැල සල් රුක නසන්නා සේ මරණින් මතු වැඩී බැදී නිරය ආදීන්හි වැඩෙයි. පවසා මම ගාථාව දේශනා කළහ.

“යස‍්ස අච‍්චන‍්තදුස‍්සීල්‍යං, මාලුවා සාලමිවොත්‍ථතං; කරොති සො තථත‍්තානං, යථා නං ඉච‍්ඡතී දිසො”ති.

මාළුව වැළක් එතුනොත් සල් ගසක බැඳී සල් ගස මැරී යයි එහි අතු රිකිලි සිඳී නො පුරා වත් සිරිත්, අකුසල් වලම යෙදී නිවසන මහණ හට සිව් මහ නිරය මදී

තත්‍ථ අච‍්චන‍්තදුස‍්සීල්‍යන‍්ති එකන‍්තදුස‍්සීලභාවො. ගිහී වා ජාතිතො පට‍්ඨාය දස අකුසලකම‍්මපථෙ කරොන‍්තො, පබ‍්බජිතො වා උපසම‍්පන‍්නදිවසතො පට‍්ඨාය ගරුකාපත‍්තිං ආපජ‍්ජමානො අච‍්චන‍්තදුස‍්සීලො නාම. ඉධ පන යො ද‍්වීසු තීසු අත‍්තභාවෙසු දුස‍්සීලො, එතස‍්ස ගතියා ආගතං දුස‍්සීලභාවං සන්‍ධායෙතං වුත‍්තං. දුස‍්සීලභාවොති චෙත්‍ථ දුස‍්සීලස‍්ස ඡ ද‍්වාරානි නිස‍්සාය උප‍්පන‍්නා තණ‍්හා වෙදිතබ‍්බා. මාලුවා සාලමිවොත්‍ථතන‍්ති යස‍්ස පුග‍්ගලස‍්ස තං තණ‍්හාසඞ‍්ඛාතං දුස‍්සීල්‍යං යථා නාම මාලුවා සාලං ඔත්‍ථරන‍්තී දෙවෙ වස‍්සන‍්තෙ පත‍්තෙහි උදකං සම‍්පටිච‍්ඡිත්‍වා සම‍්භඤ‍්ජනවසෙන සබ‍්බත්‍ථකමෙව පරියොනන්‍ධති, එවං අත‍්තභාවං ඔත්‍ථතං පරියොනන්‍ධිත්‍වා ඨිතං. සො මාලුවාය සම‍්භඤ‍්ජිත්‍වා භූමියං පාතියමානො රුක‍්ඛො විය තාය දුස‍්සීල්‍යසඞ‍්ඛාතාය තණ‍්හාය සම‍්භඤ‍්ජිත්‍වා අපායෙසු පාතියමානො, යථා නං අනත්‍ථකාමො දිසො ඉච‍්ඡති, තථා අත‍්තානං කරොති නාමාති අත්‍ථො.

මෙහි - ඒකාන්ත දුස්ශීලභාවය ගිහියෙක් හෝ පැවිද්දෙක් උපන් තැන සිට දශ අකුශල කර්මපථයන් සිදුකොට, උපසම්පද වු දින සිට ගරුකාපත්ති ආදීන්ට පත්වීම අත්‍යන්ත දුස්සීල නම් වේ. මෙහිදී ඔහු ආත්මභාව දෙක තුනකදී ගතියෙන් පැමිණි දුසිල්බව අදහස් කෙරෙයි. දුස්සීලයාගේ දොරටු හයෙන් උපන් තෘෂ්ණාව දුසිල්බව ලෙස තේරුම් ගත යුතුය. මාළුවා සාලමිවොත්තං - සල් ගසක් වැළඳ ගෙන සිටින මාළුවා වැලක් මෙන්, දුස්ශීලභාවය ඔහු වැළද ගෙන සිටියේ සතුරෙක් සතුරාට අනර්ථ කරණු කැමති වේද, ඒ දුශ්ශීල තෙමේ තථා අත්තා නං කරොති - තමන්ටම අනර්ථ කරගනී. සල් රුකක මාලුවා වැලක් එතුන විට වැසී කාලයේ දී, ගොටු සේ උඩ බලාගත් මාලුවා පත්වල වතුර පිරි ඒ දිය බරින් සල් රුක විනාශ වේ. පුද්ගලයා වැළද සිටින දුස්ශීලභාවය ද ඒ පුද්ගලයා විනාශ කරයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනය අවසානයේ බොහෝ දෙන සෝතාපත්ති ඵලාදියට පැමිණියහ.

දෙවදත‍්තවත්‍ථු ඡට‍්ඨං.