යෙදුමෙන් කියවන්න

7. සඞ‍්ඝභෙදපරිසක‍්කනවත්‍ථු අට‍්ඨකථා

7. සඞ‍්ඝභෙදපරිසක‍්කනවත්‍ථු

7. සංඝභේදය ඇතිකරලීමේ කථා පුවත.

සුකරානීති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො සඞ‍්ඝභෙදපරිසක‍්කනං ආරබ‍්භ කථෙසි.

“සුකරානි” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩසිටිය දී සංඝභේද කිරිම අරභයා දේශනා කළහ.

එකදිවසඤ‍්හි දෙවදත‍්තො සඞ‍්ඝභෙදාය පරිසක‍්කන‍්තො ආයස‍්මන‍්තං ආනන්‍දං පිණ‍්ඩාය චරන‍්තං දිස‍්වා අත‍්තනො අධිප‍්පායං ආරොචෙසි. තං සුත්‍වා ථෙරො සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා භගවන‍්තං එතදවොච – “ඉධාහං, භන‍්තෙ, පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය රාජගහං පිණ‍්ඩාය පාවිසිං. අද‍්දසා ඛො මං, භන‍්තෙ, දෙවදත‍්තො රාජගහෙ පිණ‍්ඩාය චරන‍්තං. දිස‍්වා යෙනාහං තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා මං එතදවොච – ‘අජ‍්ජතග‍්ගෙ දානාහං, ආවුසො ආනන්‍ද, අඤ‍්ඤත්‍රෙව භගවතා අඤ‍්ඤත්‍ර භික‍්ඛුසඞ‍්ඝෙන උපොසථං කරිස‍්සාමි සඞ‍්ඝකම‍්මඤ‍්චා’ති. අජ‍්ජ භගවා දෙවදත‍්තො සඞ‍්ඝං භින්‍දිස‍්සති, උපොසථඤ‍්ච කරිස‍්සති සඞ‍්ඝකම‍්මානි චා”ති. එවං වුත‍්තෙ සත්‍ථා –

එක් දිනක් දෙව්දත් තෙර සංඝභේදයට උත්සාහ කරමින් පිඬු සිඟා වඩින ආනන්ද තෙරුන් වහන්සේ දැක තම අදහස දන්වා සිටියේය. මෙය අසා දැනගත් ආනන්ද තෙරුන් බුදුන් වෙත ගොස් මෙසේ පැවසුහ. ස්වාමීනි මම හවස් වේලාවේ දී සිවුරු හැඳ පෙරගෙන පාත්‍රය ගෙන රජගහ නුවර පිඬු සිඟා වැඩියෙමි. ස්වාමීනි එහිදී රජගහනුවර පිඩුසිඟායන දෙව්දත් තෙරුන් දැක දෙව්දත් තෙරුන් මා වෙත එළඹීයේය. එළඹ මට මෙසේ කිවේය. ඇවැත්නි අද පටන් මම භාග්‍යවතුන්ගෙන් බැහැරව භික්ෂු සංඝයා සමග උපෝසථය කරමි. සංඝ කර්ම ද කරන්නෙමි. ස්වාමීනි අද දෙව්දත් තෙර සංඝයා බිඳවන්නේය උපෝසථය කරයි සංඝ කර්මය ද කරන්නේය. මෙසේ දන්වා සිටිවිට තථාගතයන් වහන්සේ යහපත්ය.

“සුකරං සාධුනා සාධු, සාධු පාපෙන දුක‍්කරං; පාපං පාපෙන සුකරං, පාපමරියෙහි දුක‍්කර”න‍්ති. (උදා· 48) –

සත්පුරුසයන්හට - හොඳ දේ කරනු පහසුයි ඔහුට නපුරක් කරන්නට කිසිදා සිත් නොදේමැයි පව්කාරයා නිති - කරනුයෙ පව් පිරීමයි අරිය මහා සඟනට - පකම් නො කළ හැකිමැයි

ඉමං උදානං උදානෙත්‍වා, “ආනන්‍ද, අත‍්තනො අහිතකම‍්මං නාම සුකරං, හිතකම‍්මමෙව දුක‍්කර”න‍්ති වත්‍වා ඉමං ගාථමාහ –

මෙම උදානය ප්‍රකාශකොට ආනන්දය තමාට අහිතවූ ක්‍රියාවන් කිරීම පහසුය. හිත පිණිස පවතින දේ කිරීම දුෂ්කරයයි පවසා මෙම ගාථාව පැවසුහ.

“සුකරානි අසාධූනි, අත‍්තනො අහිතානි ච; යං වෙ හිතඤ‍්ච සාධුඤ‍්ච, තං වෙ පරමදුක‍්කර”න‍්ති.

රටටම අහිත දේ - කරනට බොහොම පහසුයි අමාරුම දේ නම් යහපත් දේ කිරීමයි අයහපත පහසුය හිත දෙනුයේද එයටය යහපත අපහසුමය හිත නොයෙදෙන්නේ එහිමය

තස‍්සත්‍ථො – යානි කම‍්මානි අසාධූනි සාවජ‍්ජානි අපායසංවත‍්තනිකත‍්තායෙව අත‍්තනො අහිතානි ච හොන‍්ති, තානි සුකරානි. යං පන සුගතිසංවත‍්තනිකත‍්තා අත‍්තනො හිතඤ‍්ච අනවජ‍්ජත්‍ථෙන සාධුඤ‍්ච සුගතිසංවත‍්තනිකඤ‍්චෙව නිබ‍්බානසංවත‍්තනිකඤ‍්ච කම‍්මං, තං පාචීනනින‍්නාය ගඞ‍්ගාය උබ‍්බත‍්තෙත්‍වා පච‍්ඡාමුඛකරණං විය අතිදුක‍්කරන‍්ති.

එහි අරුත යම් කර්මයක් අසාධුනි - අයහපත්ද ඒ වැරදි දෙය අපායේ වැටීමට හේතුවේ. අත්තනො අහිතානීච - තමන්ට අහිතදේ කිරීම පහසුය. යම් දෙයක් සුගතිය සඳහා හේතුවේද තමන්ට හිතකර වේද - නිවන් සුව සඳහා හේතුවේද එම කර්මය බටහිරට ගලායන ගංගාවක පසුපසට පටිසෝතයට පිහිනා යාමක් සේ ඉතා දුෂ්කරය

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයට පත්වූහ.

සඞ‍්ඝභෙදපරිසක‍්කනවත්‍ථු සත‍්තමං.