8. කාලත්ථෙරවත්ථු අට්ඨකථා
8. කාලත්ථෙරවත්ථු
8. කාල තෙරුන් පිළිබඳ කථා පුවත.
යො සාසනන්ති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො කාලත්ථෙරං ආරබ්භ කථෙසි.
“යො සාසනංති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී කාල තෙරුන් අරමුණු කරගෙන දේශනා කළහ.
සාවත්ථියං කිරෙකා ඉත්ථී මාතුට්ඨානෙ ඨත්වා තං ථෙරං උපට්ඨහි. තස්සා පටිවිස්සකගෙහෙ මනුස්සා සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා ආගන්ත්වා “අහො බුද්ධා නාම අච්ඡරියා, අහො ධම්මදෙසනා මධුරා”ති පසංසන්ති. සා ඉත්ථී තෙසං කථං සුත්වා, “භන්තෙ, අහම්පි සත්ථු ධම්මදෙසනං සොතුකාමා”ති තස්ස ආරොචෙසි. සො “තත්ථ මා ගමී”ති තං නිවාරෙසි. සා පුනදිවසෙ පුනදිවසෙපීති යාවතතියං තෙන නිවාරියමානාපි සොතුකාමාව අහොසි. කස්මා සො පනෙතං නිවාරෙසීති? එවං කිරස්ස අහොසි – “සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා මයි භිජ්ජිස්සතී”ති. සා එකදිවසං පාතොව භුත්තපාතරාසා උපොසථං සමාදියිත්වා, “අම්ම, සාධුකං අය්යං පරිවිසෙය්යාසී”ති ධීතරං ආණාපෙත්වා විහාරං අගමාසි. ධීතාපිස්සා තං භික්ඛුං ආගතකාලෙ පරිවිසිත්වා “කුහිං මහාඋපාසිකා”ති වුත්තා “ධම්මස්සවනාය විහාරං ගතා”ති ආහ. සො තං සුත්වාව කුච්ඡියං උට්ඨිතෙන ඩාහෙන සන්තප්පමානො “ඉදානි සා මයි භින්නා”ති වෙගෙන ගන්ත්වා සත්ථු සන්තිකෙ ධම්මං සුණමානං දිස්වා සත්ථාරං ආහ, “භන්තෙ, අයං ඉත්ථී දන්ධා සුඛුමං ධම්මකථං න ජානාති, ඉමිස්සා ඛන්ධාදිපටිසංයුත්තං සුඛුමං ධම්මකථං අකථෙත්වා දානකථං වා සීලකථං වා කථෙතුං වට්ටතී”ති. සත්ථා තස්සජ්ඣාසයං විදිත්වා “ත්වං දුප්පඤ්ඤො පාපිකං දිට්ඨිං නිස්සාය බුද්ධානං සාසනං පටික්කොසසි. අත්තඝාතායෙව වායමසී”ති වත්වා ඉමං ගාථමාහ –
සැවැත් නුවර එක් ස්ත්රියක් මව ලෙසට එම තෙරුන්ට උවටැන් කරන්නීය. ඇගේ අසල්වැසි ගෙයක මිනිස්සු බුදුන් වෙතින් ධර්මය අසා අවුත් අහෝ බුදුවරුන් නම් ආශ්චර්ය වේ. ධර්ම දේශනා ඉතා මිහිරි වේ. යනුවෙන් ප්රශංසා කරති. එම ස්ත්රිය මේ බුදුගුණ අසා ස්වාමීනි මමත් බුදුන්ගේ බණ ඇසීමට කැමැත්තෙමියි උන්වහන්සේ දැනුම් දුන්නාය. එම තෙරුන් එහි නොයන්නැයි ඇය වළක්වාලීය. එහෙත් ඇය නැවත නැවත තුන්වරක් කියා වළකාලුවිට බුදුන්ගෙන් ධර්මය අසන්නට කැමති වුවාය. මේ භික්ෂුව විසින් මෙලෙස ඇය වළක්වා ලීමට කුමක් හේතුවීද? බුදුන් වෙතින් ධර්මය අසා මා කෙරේ භක්තිය බිඳෙනු ඇත. යන සිතුවිල්ල ය එහෙත් මේ උපාසිකාව එක් දිනක් අළුයම උදේ ආහාරය ගෙන පෙහෙවස් සමාදන්වී දරුව ආර්යන් වහන්සේට හොඳින් දානය දෙන්නැයි දුවණියන්ට නියමකර විහාරයට ගියාය. දුවණියද තෙරුන් පැමිණිවිට දන් දී වළදවා සිටිවිට මහ උවැසිය කොහි දැයි විමසීය. ඇය ධර්ම ශ්රවණය සඳහා විහාරයට ගියබව පැවසු විට කුසට ඩහදිය දමමින් බෙහෙවින් තැවෙමින් දැන් ඇය මා කෙරෙහි බිඳුනේයයි වේගයෙන් ගොස් - ඇය බුදුන් වෙත ධර්මය අසමින් සිටිනු දැක බුදුන්ට මෙසේ පැවසුවේය. ස්වාමීනි මැය මෝඩයි සියුම් ධර්ම කථා නොදන්නිය මැයට ස්ඛන්ධ ආයතන පිළිබඳ සියුම් කතා නොකියා දානය පිළිබඳව හෝ සීලය පිළිබඳව හෝ කියා දීම සුදුසුය. බුදුරජාණන් වහන්සේ ඔහුගේ අදහස තේරුම්ගෙන මහණ නුඹ අඥානය පව්කාර දෘෂ්ටි නිසා බුද්ධ ශාසනය අවඥාවට ලක්කරයි. තමාම නසාගැනීමට උත්සාහ කරන්නේ යයි පවසා මේ ගාථාව දේශනා කළහ.
“යො සාසනං අරහතං, අරියානං ධම්මජීවිනං; පටික්කොසති දුම්මෙධො, දිට්ඨිං නිස්සාය පාපිකං; ඵලානි කට්ඨකස්සෙව, අත්තඝාතාය ඵල්ලතී”ති.
සිව්පසය ලොබි නේ - අරහත් දහම නසන්නේ අනුවණ කමින් තම - මම බුදුන් ඔවදන හරනේ පල හැඳුනු උණගස - එයින් නැසෙනා සේ අනුවණ පැවිද්දද - අනුවණ කමින් වැනසේ.
“ආර්ය වූ ධර්ම ජීවීවූ අරහත් ශාසනය යමෙක් අඥාන පාපී වූ දෘෂ්ටි නිසා අවඥාවට භාජන කෙරේද ඇතැම් වෘක්ෂයන්හි ඵල හට ගැනීම එහි විනාශයට හේතුවන්නා සේම තමාද වැනසී යාමට හේතුවේ.
තස්සත්ථො – යො දුම්මෙධො පුග්ගලො අත්තනො සක්කාරහානිභයෙන පාපිකං දිට්ඨිං නිස්සාය “ධම්මං වා සොස්සාම, දානං වා දස්සාමා”ති වදන්තෙ පටික්කොසන්තො අරහතං අරියානං ධම්මජීවිනං බුද්ධානං සාසනං පටික්කොසති, තස්ස තං පටික්කොසනං සා ච පාපිකා දිට්ඨි වෙළුසඞ්ඛාතස්ස කට්ඨකස්ස ඵලානි විය හොති. තස්මා යථා කට්ඨකො ඵලානි ගණ්හන්තො අත්තඝාතාය ඵල්ලති, අත්තනො ඝාතත්ථමෙව ඵලති, එවං සොපි අත්තඝාතාය ඵල්ලතීති. වුත්තම්පි චෙතං –
එහි අර්ථය - සො දුම්මේධො - යම් අණුවනයෙක් තමන්ට ලැබෙන සත්කාර නැතිවේය යන බියෙන් පාපිකං දිටඨිං නිස්සාය - පාපී දෘෂ්ටින් නිසා ධර්මය හෝ අසමු - දානය හෝ දෙමුයි පවසන විට දොස් නගා ධර්මජීවි අරහත් ආර්යයන්ගේ බුදුසසුන නින්දාවට ලක්කෙරේද? කට්ඨස්සඵලානි ඔහුගේ ඒ නින්දාබස් උණ ගස් ආදියේ ඵල හටගැනීම ගසේ විනාශයට හේතුවන්නාසේම අත්ත සඤ්ඤාය ඵල්ලති තම විනාශය සඳහාම හේතුවේ මේ ලෙසට එම භික්ෂුවද තම විනාශයට එබඳු අදහස් ඇතිකරගනී. මෙසේ කියන ලද්දේ. කෙසෙල් ගස ඵල හටගැනීම විනාශයට හේතුවේ. උණගස් බට ගස් ඵල හටගැනීම විනාශයට හේතුවේ. නින්දිත පුරුෂයාට කරන සත්කාරය ඔහුගේ විනාශයට හේතුවේ.
“ඵලං වෙ කදලිං හන්ති, ඵලං වෙළුං ඵලං නළං; සක්කාරො කාපුරිසං හන්ති, ගබ්භො අස්සතරිං යථා”ති. (චූළව· 335; අ· නි· 4.68);
උණ බට කෙසෙල් පුදින්නේ විනාසෙටයි. සැප සත්කාර අනුවණයගෙ අබාවටයි
දෙසනාවසානෙ උපාසිකා සොතාපත්තිඵලෙ පතිට්ඨහි, සම්පත්තපරිසායපි සාත්ථිකා ධම්මදෙසනා අහොසීති.
මෙම දේශනය අවසානයේදී උපාසිකාව සෝවාන් ඵලයට පත්වූවාය. පැමිණි පිරිසටද සාර්ථක ප්රයෝජනවත් දේශනයක් විය.
කාලත්ථෙරවත්ථු අට්ඨමං.