9. චූළකාලඋපාසකවත්ථු අට්ඨකථා
9. චූළකාලඋපාසකවත්ථු
9. චූලකාල උපාසක පුවත
අත්තනා හි කතන්ති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො චූළකාලං උපාසකං ආරබ්භ කථෙසි.
“අත්තනාව කතන්ති” යන ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩසිටියදී චූලකාල උපාසක නිමිති කරගෙන දේශනා කරන ලද්දකි.
එකදිවසඤ්හි මහාකාලවත්ථුස්මිං වුත්තනයෙනෙව උමඞ්ගචොරා සාමිකෙහි අනුබද්ධා රත්තිං විහාරෙ ධම්මකථං සුත්වා පාතොව විහාරා නික්ඛමිත්වා සාවත්ථිං ආගච්ඡන්තස්ස තස්ස උපාසකස්ස පුරතො භණ්ඩිකං ඡඩ්ඩෙත්වා පලායිංසු. මනුස්සා තං දිස්වා “අයං රත්තිං චොරකම්මං කත්වා ධම්මං සුණන්තො විය චරති, ගණ්හථ න”න්ති තං පොථයිංසු. කුම්භදාසියො උදකතිත්ථං ගච්ඡමානා තං දිස්වා “අපෙථ, සාමි, නායං එවරූපං කරොතී”ති තං මොචෙසුං. සො විහාරං ගන්ත්වා, “භන්තෙ, අහම්හි මනුස්සෙහි නාසිතො, කුම්භදාසියො මෙ නිස්සාය ජීවිතං ලද්ධ”න්ති භික්ඛූනං ආරොචෙසි. භික්ඛූ තථාගතස්ස තමත්ථං ආරොචෙසුං. සත්ථා තෙසං කථං සුත්වා, “භික්ඛවෙ, චූළකාලඋපාසකො කුම්භදාසියො චෙව නිස්සාය, අත්තනො ච අකරණභාවෙන ජීවිතං ලභි. ඉමෙ හි නාම සත්තා අත්තනා පාපකම්මං කත්වා නිරයාදීසු අත්තනාව කිලිස්සන්ති, කුසලං කත්වා පන සුගතිඤ්චෙව නිබ්බානඤ්ච ගච්ඡන්තා අත්තනාව විසුජ්ඣන්තී”ති වත්වා ඉමං ගාථමාහ –
එක් දිනක් මහාකාල කථාවේ කියන ලද පරිදි උමං සොරු ධන හිමියන් විසින් ලුහුබඳින ලද්දේ රාත්‍රියෙහි ධර්මකථා අසා අළුයම නික්ම පැවතට යන්නා වූ උපාසකතුමා ඉදිරියේ භාණ්ඩ විසිකර පළාගියහ. මිනිස්සු එය දැක මේ තැනැත්තේ රාත්‍රි කාලයේ සොරකම් කර ධර්මයේ හැසිරෙන ලෙසට අඟවයි. මොහු ගන්නැයි කියා තලා දැමුහ. දියගෙන යන දාසීන් මේ දැක ඔහුගේ ජීවිතය බේරා ගත්හ. බුදුන්ට මේ කරුණු දැක්වුවිට ඔහුගේ මේ කථා පුවත අසා මහණෙනි චූලකාල උපාසක කළගෙන යන දාසියන් නිසාත් - තමන් නොකළ අකුශලය නිසාත් ජීවිතය ලබන ලදී. මේ අයුරින් සත්ත්වයෝ තමන්විසින් අකුශලකම් කොට නිරය ආදීහි තමන්ම කිළිටිවට පත් කුසල් කොට සුගතීන්හි ඉපිද නිවන් ලැබීමද වදාරා මේ ගාථාව වදාළහ.
“අත්තනා හි කතං පාපං, අත්තනා සංකිලිස්සති; අත්තනා අකතං පාපං, අත්තනාව විසුජ්ඣති; සුද්ධී අසුද්ධි පච්චත්තං, නාඤ්ඤො අඤ්ඤං විසොධයෙ”ති.
පව්කම් නිසා ඉඳහිටවත් තමන් කළ අවසානයට පත්වේමැයි කලින් කළ සිල්වත් දනා දස අකුසල් සිතින් හළ සම්මානයට පත්වේ උපනුපන් කල මේ ලෙස වැඩ අවැඩ දෙකරුණු තමන් සතුමය කෙනෙකු හට තවෙකෙක් පිරිසිදු කරනු බැරිවෙයි.
තස්සත්ථො – යෙන අත්තනා අකුසලකම්මං කතං හොති, සො චතූසු අපායෙසු දුක්ඛං අනුභවන්තො අත්තනාව සංකිලිස්සති. යෙන පන අත්තනා අකතං පාපං, සො සුගතිඤ්චෙව නිබ්බානඤ්ච ගච්ඡන්තො අත්තනාව විසුජ්ඣති. කුසලකම්මසඞ්ඛාතා සුද්ධි අකුසලකම්මසඞ්ඛාතා ච අසුද්ධි පච්චත්තං කාරකසත්තානං අත්තනියෙව විපච්චති. අඤ්ඤො පුග්ගලො අඤ්ඤං පුග්ගලං න විසොධයෙ නෙව විසොධෙති, න කිලෙසෙතීති වුත්තං හොති.
එහි අර්ථය අන්තයා - යම් කිසිවෙකු විසින් අකුසල කර්මය කරන්නේ වේද? හෙතෙම සතර අපායන්හි දුක් අනුභව කරන්නේ වේ. අත්තභාව සඞකිලිස්සති. - යම් කෙනෙකු වනාහි අත්තනා අකතං පාපං - තමන් විසින් අකුසල ධර්මයන් නො කරන්නේ වේද? හෙතෙම සුගතියට මෙන්ම නිවණටද පැමිනෙන්නේ අත්තනාව විසුජ්ඣති, කුසල ධර්ම සංඛ්‍යාත පිරිසිදු බව, ද අකුසල කර්ම සංඛ්‍යාත අපිරිසිදු බව ද තමන් පිළිබඳවම පවතී. අනෙක් පුද්ගලයෙක් සතු නොවේ. න විසොධය - පිරිසිදු නොකිරීමය. අනිකෙකු විසින් පිරිසිදු බවට නොපැමිණ වීමයි. නො කෙලෙසීමය යයි කියන ලදී.
දෙසනාවසානෙ චූළකාලො සොතාපත්තිඵලෙ පතිට්ඨහි, සම්පත්තපරිසායපි සාත්ථිකා ධම්මදෙසනා අහොසීති.
දේශනාවසානයෙහි චුලකාල තෙමේ සෝවාන් ඵලයෙහි පිහිටියේය. සහභාගී වු පිරිසට ධර්ම දේශනාව සාර්ථක විය.
චූළකාලඋපාසකවත්ථු නවමං.