10. අත්තදත්ථත්ථෙරවත්ථු අට්ඨකථා
10. අත්තදත්ථත්ථෙරවත්ථු
10. අත්තදත්ත තෙරුන්ගේ කථා පුවත
අත්තදත්ථන්ති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො අත්තදත්ථත්ථෙරං ආරබ්භ කථෙසි.
“අත්ථ දත්ථංති” මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවත් නුවර දෙව්රම් වෙහෙර වැඩ සිටියදී අත්තදත්ථ තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
සත්ථාරා හි පරිනිබ්බානකාලෙ, “භික්ඛවෙ, අහං ඉතො චතුමාසච්චයෙන පරිනිබ්බායිස්සාමී”ති වුත්තෙ උප්පන්නසංවෙගා සත්තසතා පුථුජ්ජනා භික්ඛූ සත්ථු සන්තිකං අවිජහිත්වා “කිං නු ඛො, ආවුසො, කරිස්සාමා”ති සම්මන්තයමානා විචරන්ති. අත්තදත්ථත්ථෙරො පන චින්තෙසි – “සත්ථා කිර චතුමාසච්චයෙන පරිනිබ්බායිස්සති, අහඤ්චම්හි අවීතරාගො, සත්ථරි ධරමානෙයෙව අරහත්තත්ථාය වායමිස්සාමී”ති. සො භික්ඛූනං සන්තිකං න ගච්ඡති. අථ නං භික්ඛූ “කස්මා, ආවුසො, ත්වං නෙව අම්හාකං සන්තිකං ආගච්ඡසි, න කිඤ්චි මන්තෙසී”ති වත්වා සත්ථු සන්තිකං නෙත්වා “අයං, භන්තෙ, එවං නාම කරොතී”ති ආරොචයිංසු. සො සත්ථාරාපි “කස්මා එවං කරොසී”ති වුත්තෙ “තුම්හෙ කිර, භන්තෙ, චතුමාසච්චයෙන පරිනිබ්බායිස්සථ, අහං තුම්හෙසු ධරන්තෙසුයෙව අරහත්තප්පත්තියා වායමිස්සාමී”ති. සත්ථා තස්ස සාධුකාරං දත්වා, “භික්ඛවෙ, යස්ස මයි සිනෙහො අත්ථි, තෙන අත්තදත්ථෙන විය භවිතුං වට්ටති. න හි ගන්ධාදීහි පූජෙන්තා මං පූජෙන්ති, ධම්මානුධම්මපටිපත්තියා පන මං පූජෙන්ති. තස්මා අඤ්ඤෙනපි අත්තදත්ථසදිසෙනෙව භවිතබ්බ”න්ති වත්වා ඉමං ගාථමාහ –
බුදුරජාණන් වහන්සේ විසින් පිරිණිවන් පෑමට සමීප කාලයේ දී මහණෙනි මම මෙයින් මාස හතරකින් පිරිනිවන්නෙමියි පැවසූවිට උපන් සංවේග ඇතිව භික්ෂූන් හත් සියයක් බුදුන් සමීපයේ විසීම අත්හැර ඇවැත්නි අපි කුමක් කරන්නමෝදැයි කතිකා කරමින් හැසිරෙති. අත්තදත්ථ තෙරුන් වනාහි මෙසේ සිතූහ. බුදුන් වහන්සේ මාස හතරකට පසුව පිරිණිවන් පාන්නාහ. මමද විරාගී වු බුදුන්වහන්සේ ජීවත්ව සිටියදීම අර්හත්වය සඳහා උත්සාහ කරන්නෙමි. උන්වහන්සේ භික්ෂූන් වහන්සේන්වෙත නොයයි. එහිදී භික්ෂූන් වහන්සේලා ඇවැත්නි ඇයි ඔබවහන්සේ අප වෙත නොඒමටත් කිසිවක් කථා නොකිරීමටත් හේතුව කුමක්ද? මෙසේ කියා බුදුන්වෙත ගෙන ගොස් මෙසේ පැවසුහ ස්වාමීනි මේ අත්තදස්ථ තෙරුන් මේ ලෙස හැසිරෙයි. යනුවෙන් පැවසුවිට උන්වහන්සේ - බුදුන්ට කරුණු දක්වමින් ස්වාමීනි ඔබ වහන්සේ සිව්මසකින් පිරිණිවන් පානහෙයින් මම ඔබවහන්සේ සිටියදීම අරහත් වීමට උත්සාහ කරන්නෙමි. බුදුහු උන්වහන්සේට සාධුකාර දී මහණෙනි මට ස්නේහ ඇත්තෝ අත්තදත්ථ තෙරුන් මෙන් වීමම වටියි. සුවඳ දුම් මල් ආදියෙන් මා සිඳිම මට පුජා කිරිමක් නොවේ. ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ යෙදීම මට පුජා කිරීමක් වන්නේ ය. එනිසා අනෙක් භික්ෂූන් විසින්ද අත්තදත්ථ තෙරුන් ලෙසට විය යුතුයයි පවසා මෙම ගාථාව දේශනා කළහ.
“අත්තදත්ථං පරත්ථෙන, බහුනාපි න හාපයෙ; අත්තදත්ථමභිඤ්ඤාය, සදත්ථපසුතො සියා”ති.
තමනට බොහො ඇතත් - කටයුතු අනුන් සඳහා අතපසු කෙරුම තම වැඩ - නොකළ යුතුමය උතුමෝ අත්වැඩ ද පර වැඩ - වෙසෙසින් හැදින ගතයුතු
තස්සත්ථො – ගිහිභූතා තාව කාකණිකමත්තම්පි අත්තනො අත්ථං සහස්සමත්තෙනාපි පරස්ස අත්ථෙන න හාපයෙ. කාකණිකමත්තෙනාපි හිස්ස අත්තදත්ථොව ඛාදනීයං වා භොජනීයං වා නිප්ඵාදෙය්ය, න පරත්ථො. ඉදං පන එවං අකථෙත්වා කම්මට්ඨානසීසෙන කථිතං, තස්මා “අත්තදත්ථං න හාපෙමී”ති භික්ඛුනා නාම සඞ්ඝස්ස උප්පන්නං චෙතියපටිසඞ්ඛරණාදිකිච්චං වා උපජ්ඣායාදිවත්තං වා න හාපෙතබ්බං. ආභිසමාචාරිකවත්තඤ්හි පූරෙන්තොයෙව අරියඵලාදීනි සච්ඡිකරොති, තස්මා අයම්පි අත්තදත්ථොව. යො පන අච්චාරද්ධවිපස්සකො “අජ්ජ වා සුවෙ වා”ති පටිවෙධං පත්ථයමානො විචරති, තෙන උපජ්ඣායවත්තාදීනිපි හාපෙත්වා අත්තනො කිච්චමෙව කාතබ්බං. එවරූපඤ්හි අත්තදත්ථමභිඤ්ඤාය “අයං මෙ අත්තනො අත්ථො”ති සල්ලක්ඛෙත්වා, සදත්ථපසුතො සියාති තස්මිං සකෙ අත්ථෙ උය්යුත්තපයුත්තො භවෙය්‍යාති.
එහි අර්ථය - ගිහියෙක් වශයෙන් අනුන්ට දහසක් වටිනා ප්‍රයෝජන නිසා තමන්ට වන්නා වූ දෙවියට හමාරක් පමණ වූ ප්රයෝජනයද අත් නොහළ යුතුය. තමන්ට වැඩදායක දේ අත් නො හැරීමය. කෑ යුතු පිය යුතු දේ නිපදවීම පරාර්ථය නො වන්නේය. එවැනි දේ වශයෙන් නොව මෙය වදාරා ඇත්තේ කර්මස්ථාන වශයෙනි. එබැවින් භික්ෂුවක් විසින් චෛත්‍ය ප්‍රතිසංස්කරණාදිය උපාධ්‍යාය වත් ආදිය නො පිරිහෙළා, ආභිසමාචාරික වත් ආදිය පුරමින් සතර ආර්ය ඵලයන් ලබා ගැනීම සඳහා අද අදම ප්‍රතිවේධ ධර්ම පිරිය යුතුය. සතර ආර්ය ඵලයන් ලබා ගැනිම සඳහා අද අදම ප්‍රතිවේධ ධර්ම පුරමින් හැසිරෙන්නා විසින් උපාධ්‍යය වත් ආදිය බැහැර කොට හෝ තම කෘත්‍යයම කළ යුතුයි. අත්තදත්ථ මහි ඤ්ඤාය තම ශුභ සිද්ධියම සලකමින්, “සදත්ථපසුතො සියා” ස්වකීය අර්ථය සඳහා කය සිත දෙකින්ම වෙර වෑයම් දැරිය යුතු වන්නේය.
දෙසනාවසානෙ සො ථෙරො අරහත්තෙ පතිට්ඨහි, සම්පත්තභික්ඛූනම්පි සාත්ථිකා ධම්මදෙසනා අහොසීති.
දේශනාව අවසානයේ එම තෙරුන් අත් ඵලයෙහි පිහිටියේය. සහභාගී වූ භික්ෂූන්ටද ධර්ම දේශනාව සාර්ථක වුයේය.
අත්තදත්ථත්ථෙරවත්ථු දසමං.
අත්තවග්ගවණ්ණනා නිට්ඨිතා.
දොළොස්වැනි අත්තවර්ගය නිමියේය.
ද්වාදසමො වග්ගො.