යෙදුමෙන් කියවන්න

1. දහරභික‍්ඛුවත්‍ථු අට‍්ඨකථා

1. දහරභික‍්ඛුවත්‍ථු

1. නමින් ප්‍රසිද්ධ නැති ළාබාල භික්ෂුවගේ කථා පුවත

හීනං ධම‍්මන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං දහරභික‍්ඛුං ආරබ‍්භ කථෙසි.

“හීනං ධම්මන්ති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී එක්තරා තරුණ භික්ෂූන් වහන්සේ නමක් නිමිති කරගෙන දේශනා කළහ.

අඤ‍්ඤතරො කිර ථෙරො දහරභික‍්ඛුනා සද‍්ධිං පාතොව විසාඛාය ගෙහං අගමාසි. විසාඛාය ගෙහෙ පඤ‍්චසතානං භික‍්ඛූනං ධුවයාගු නිච‍්චපඤ‍්ඤත‍්තා හොති. ථෙරො තත්‍ථ යාගුං පිවිත්‍වා දහරභික‍්ඛුං නිසීදාපෙත්‍වා සයං අඤ‍්ඤං ගෙහං අගමාසි. තෙන ච සමයෙන විසාඛාය පුත‍්තස‍්ස ධීතා අය්‍යිකාය ඨානෙ ඨත්‍වා භික‍්ඛූනං වෙය්‍යාවච‍්චං කරොති. සා තස‍්ස දහරස‍්ස උදකං පරිස‍්සාවෙන‍්තී චාටියං අත‍්තනො මුඛනිමිත‍්තං දිස‍්වා හසි, දහරොපි තං ඔලොකෙත්‍වා හසි. සා තං හසමානං දිස‍්වා “ඡින‍්නසීසො හසතී”ති ආහ.

එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ළාබාල භික්ෂුවක් සමග අළුයම විශාඛාවගේ ගෙට වැඩම කළේය. විශාඛාවගේ නිවසේ පන්සියයක් භික්ෂූන් වහන්සේලාට කැඳ නිතර සකස් කර තිබේ. තෙරුන් වහන්සේ කැඳ පානය කර ළාබාල භික්ෂුව එහි වාඩිකරවා වෙනත් නිවසකට වැඩම කළේය. මේ කාලයේදී විශාඛාවගේ පුතෙකුගේ දුවණියක් ආර්යාවගේ තනතුරේ සිටිමින් භික්ෂූන් වහන්සේලාට වතාවත් කරයි. ඇය ඒ කුඩා භික්ෂුවට ජල භාජනයක් පිරිනමන්නට සුදානම් වෙද්දී දිය සැළියේ තම මුහුණ පිළිඹිබුව දැක සිනාසුණාය. දහර භික්ෂුවද එය දැක සිනාසුණේය. ඇය එම කුඩා භික්ෂුව සිනාසෙනු දැක මේ හිස මුඩු කළ තැනැත්තා මට සිනාසෙන්නේ යයි කීවාය.

අථ නං දහරො “ත්‍වං ඡින‍්නසීසා, මාතාපිතරොපි තෙ ඡින‍්නසීසා”ති අක‍්කොසි. සා රොදමානා මහානසෙ අය්‍යිකාය සන‍්තිකං ගන‍්ත්‍වා “කිං ඉදං, අම‍්මා”ති වුත‍්තෙ තමත්‍ථං ආරොචෙසි. සා දහරස‍්ස සන‍්තිකං ආගන‍්ත්‍වා, “භන‍්තෙ, මා කුජ‍්ඣි, න එතං ඡින‍්නකෙසනඛස‍්ස ඡින‍්නනිවාසනපාරුපනස‍්ස මජ‍්ඣෙ ඡින‍්නකපාලං ආදාය භික‍්ඛාය චරන‍්තස‍්ස අය්‍යස‍්ස අගරුක”න‍්ති ආහ. දහරො ආම, උපාසිකෙ, ත්‍වං මම ඡින‍්නකෙසාදිභාවං ජානාසි, ඉමිස‍්සා මං “ඡින‍්නසීසො”ති කත්‍වා අක‍්කොසිතුං වට‍්ටිස‍්සතීති. විසාඛා නෙව දහරං සඤ‍්ඤාපෙතුං අසක‍්ඛි, නපි දාරිකං. තස‍්මිං ඛණෙ ථෙරො ආගන‍්ත්‍වා “කිමිදං උපාසිකෙ”ති පුච‍්ඡිත්‍වා තමත්‍ථං සුත්‍වා දහරං ඔවදන‍්තො ආහ – “අපෙහි, ආවුසො, නායං ඡින‍්නකෙසනඛවත්‍ථස‍්ස මජ‍්ඣෙ ඡින‍්නකපාලං ආදාය භික‍්ඛාය චරන‍්තස‍්ස අක‍්කොසො, තුණ‍්හී හොහී”ති. ආම, භන‍්තෙ, කිං තුම‍්හෙ අත‍්තනො උපට‍්ඨායිකං අතජ‍්ජෙත්‍වා මං තජ‍්ජෙථ, මං “ඡින‍්නසීසො”ති අක‍්කොසිතුං වට‍්ටිස‍්සතීති. තස‍්මිං ඛණෙ සත්‍ථා ආගන‍්ත්‍වා “කිං ඉද”න‍්ති පුච‍්ඡි. විසාඛා ආදිතො පට‍්ඨාය තං පවත‍්තිං ආරොචෙසි. සත්‍ථා තස‍්ස දහරස‍්ස සොතාපත‍්තිඵලූපනිස‍්සයං දිස‍්වා “මයා ඉමං දහරං අනුවත‍්තිතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා විසාඛං ආහ – “කිං පන විසාඛෙ තව දාරිකාය ඡින‍්නකෙසාදිමත‍්තකෙනෙව මම සාවකෙ ඡින‍්නසීසෙ කත්‍වා අක‍්කොසිතුං වට‍්ටතී”ති? දහරො තාවදෙව උට‍්ඨාය අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා, “භන‍්තෙ, එතං පඤ‍්හං තුම‍්හෙව සුට‍්ඨු ජානාථ, අම‍්හාකං උපජ‍්ඣායො ච උපාසිකා ච සුට‍්ඨු න ජානන‍්තී”ති ආහ. සත්‍ථා දහරස‍්ස අත‍්තනො අනුකුලභාවං ඤත්‍වා “කාමගුණං ආරබ‍්භ හසනභාවො නාම හීනො ධම‍්මො, හීනඤ‍්ච නාම ධම‍්මං සෙවිතුං පමාදෙන සද‍්ධිං සංවසිතුං න වට‍්ටතී”ති වත්‍වා ඉමං ගාථමාහ –

මෙහිදී සාමණේර භික්ෂුව ඔබත් ඔබගේ දෙමාපියන්ද හිස මුඩුකළ තට්ටයෝ යයි අපහාස ලෙස කීවේය. එවිට ඇය හඬද්දී මිත්තණිය වෙත ගොස් ඇය කරුණු විමසන විට සිදුවුදේ දැනුම් දුන්නාය. විශාඛාව ඒ සාමණේරයන් වෙත ගොස් ස්වාමීනි නොකිපෙන්න. කෙස් - රැවුල් - නිය සිඳ කපන ලද සිවුරු පෙරවන තෙරවරුන් මැද සිඳින ලද පාත්‍රයක් ගෙන පිඬුසිගා යන ආර්යයන් වහන්සේලාට අගෞරව කළා නොවේ. යයි පැවසුවාය. එසේය මහා උපාසිකාව ඔබ - මගේ කෙස් - රැවුල් - නිය කපා ඇතිබව දනී නමුත් මැය විසින් මගේ මුඩුහිස ගැන කියා මට අපහාස කිරීමට වටින්නේද? විශාඛාවන්ට සාමණේරයන්ද - දැරියද දැනුවත් කිරිමට නොහැකි විය. මෙම මෙහොතේ ගුරුහිමියන් පැමිණ ඇයි උපාසිකාවනි විමසා සිදුවු දෙය දැනගෙන සාමණේරයන්ට අවවාද කරමින් මෙසේ පැවසුහ. ඇවැත්නි පිටවී යන්න. හිස මුඩුකර පාත්‍රයන් ගෙන කඩකළ රෙදිවලින් මැසු සිවුරක් ඇඳ පිඩු සිඟා යන්නාට ආක්‍රෝශයක් නොවේ. නිහඩවන්න ස්වාමීනි - ඔබවහන්සේ ඇයි ඔබගේ උපස්ථායිකාවට තර්ජනය නොකර මට තර්ජනය කරන්නෙ, මට මේ ලෙසින් හිස මුඩු කළ තැනැත්තාය යි අපහාස කිරීම වටින්නේද? මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ පැමිණ විශාඛාවගෙන් විමසා සියල්ල මුල පටන් දැනගෙන සාමණේරයන්ගේ සෝවාන් ඵලයට හේතු සම්පත් ඇති බව දැන සාමණේර භික්ෂුවගේ පැත්ත ගෙන විශාඛාවට මෙලෙස පැවසුහ. ඇයි විශාඛාවනි ! ඔබේ දැරියට හිසමුඩුකළ මගේ ශ්‍රාවකයින්ට අපහාස කිරීම වටින්නේද? දහර වූ සාමණේර භික්ෂුව නැගිට ඇඳිලිබැඳ ස්වාමීනි මේ ගැටලුව ඔබවහන්සේ හොඳින් දන්නේ ය. මගේ උපාධ්‍යායන් වහන්සේද මහා උපාසිකාවද හොඳින් නො දන්නාහයි. පැවසීය බුදුරජාණන් වහන්සේ දහර සාමණේරයන් තමන්ට අනුකූලබව දැන කාමගුණයන් පිළිබඳ සිනාසීමනම් පහත්ය මේ සිනාසීම් ආදී පහත් ක්‍රියා ඇසුරු කළ යුතු නොවේ. ප්‍රමාදයෙන් කල් ගත කිරීමද සුදුසු නොවේ යයි පවසමින් මේ ගාථාව දේශනා කළහ.

“හීනං ධම‍්මං න සෙවෙය්‍ය, පමාදෙන න සංවසෙ; මිච‍්ඡාදිට‍්ඨිං න සෙවෙය්‍ය, න සියා ලොකවඩ‍්ඪනො”ති.

නො සෙවියුතුමය සුවය පස්කම් නොපැවතිය යුතුමය පමාවෙන් ඉවත හළ යුතු වැරදි දැක්මන් නොදික් කළයුතු සසර පැවතුම්

තත්‍ථ හීනං ධම‍්මන‍්ති පඤ‍්චකාමගුණං ධම‍්මං. සො හි හීනො ධම‍්මො න අන‍්තමසො ඔට‍්ඨගොණාදීහිපි පටිසෙවිතබ‍්බො. හීනෙසු ච නිරයාදීසු ඨානෙසු නිබ‍්බත‍්තාපෙතීති හීනො නාම, තං න සෙවෙය්‍ය. පමාදෙනාති සතිවොස‍්සග‍්ගලක‍්ඛණෙන පමාදෙනාපි න සංවසෙ. න සෙවෙය්‍යාති මිච‍්ඡාදිට‍්ඨිම‍්පි න ගණ‍්හෙය්‍ය. ලොකවඩ‍්ඪනොති යො හි එවං කරොති, සො ලොකවඩ‍්ඪනො නාම හොති. තස‍්මා එවං අකරණෙන න සියා ලොකවඩ‍්ඪනොති.

එහි හීනං ධම්මන්ති - යන පඤ්චකාම ගුණ ධර්මයි මේ පහත් ධර්ම නම් යටත් පිරිසයෙන් ඔටුවන් ගොනුන් ආදීන් විසින් ද සේවනය නොකළ යුතුය හීන ධර්ම නම් නිරය ආදී ස්ථානයන්හි උපදවන නිසා හීන වේ. නසෙවෙය්‍ය නොසෙවිය යුතුය. පමාදෙන සිහියෙන් නොසිටීම ප්‍රමාදයයි නසංවසෙ එය සේවනය නොකළ යුතුය. මිච්ඡාදිට්ඨිති ඒ මිථ්‍යාදෘෂ්ටියත් නොගත යුතුය. ලොකවද්ධනො යමෙක් වනාහි එසේ කරන්නේ නම් හෙතෙමේ ලෝකවර්ධන නම් වේ. සසර දික් කරන්නෙක් වේ. තස්මා එවං අකරණෙන නසියා ලොකවඩ්ඪනොති එහෙයින් ලෞකික ලෝකය වැඩෙන දෙයින් බැහැර වී ලෝකෝත්තර දේ සෙවිය යුතුය.

දෙසනාවසානෙ සො දහරො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි, සම‍්පත‍්තානම‍්පි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

මේ දෙසුම අවසානයේ ඒ ළාබාල සාමණේරයන් සෝවාන් ඵලයෙහි පිහිටියේය. එතැනට පැමිණි අයටද ධර්ම දේශනය සාර්ථක විය.

දහරභික‍්ඛුවත්‍ථු පඨමං.