යෙදුමෙන් කියවන්න

2-3. සුද‍්ධොදනවත්‍ථු අට‍්ඨකථා

2-3. සුද‍්ධොදනවත්‍ථු

2-3. සුද්ධෝදන රජුගේ කථා පුවත

උත‍්තිට‍්ඨෙති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා නිග්‍රොධාරාමෙ විහරන‍්තො පිතරං ආරබ‍්භ කථෙසි.

“උත්තිට්ඨො” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ නිග්‍රෝධාරාමයේ වැඩ සිටිය දී තමන් වහන්සේගේ පියාණන්ට දේශනා කළහ.

එකස‍්මිඤ‍්හි සමයෙ සත්‍ථා පඨමගමනෙන කපිලපුරං ගන‍්ත්‍වා ඤාතීහි කතපච‍්චුග‍්ගමනො නිග්‍රොධාරාමං පත්‍වා ඤාතීනං මානභින්‍දනත්‍ථාය ආකාසෙ රතනචඞ‍්කමං මාපෙත්‍වා තත්‍ථ චඞ‍්කමන‍්තො ධම‍්මං දෙසෙසි. ඤාතී පසන‍්නචිත‍්තා සුද‍්ධොදනමහාරාජානං ආදිං කත්‍වා වන්‍දිංසු. තස‍්මිං ඤාතිසමාගමෙ පොක‍්ඛරවස‍්සං වස‍්සි. තං ආරබ‍්භ මහාජනෙන කථාය සමුට‍්ඨාපිතාය “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි මය‍්හං ඤාතිසමාගමෙ පොක‍්ඛරවස‍්සං වස‍්සියෙවා”ති වත්‍වා වෙස‍්සන‍්තරජාතකං (ජා· 2.22.1655 ආදයො) කථෙසි.

එක් සමයක තථාගතයන් වහන්සේ කපිලවත්ථු පුරයට වැඩම කළ පළමු ගමනේ දී ඥාතීන් විසින් පිළිගැනීම් කරන ලද්දේ නිග්‍රෝධාරාමයට පැමිණ ඥාතීන්ගේ මානය බිදීම සඳහා අහසේ රුවන් සක්මන් මවා එහි සක්මනේ යෙදෙමින්ම ධර්මය දේශනා කළහ. පැහැදුන සිත් ඇති සුද්ධෝදන මහරජු ඇතුළු ඥාතීහු වැන්දාහුය. එම ඥාති සමාගමයේ දී පොකුරු වැස්සක් වැස්සේය. මෙහිදි වෙස්සන්තර ජාතකය දේශනා කළහ.

ධම‍්මදෙසනං සුත්‍වා පක‍්කමන‍්තෙසු ඤාතීසු එකොපි සත්‍ථාරං න නිමන‍්තෙසි. රාජාපි “මය‍්හං පුත‍්තො මම ගෙහං අනාගන‍්ත්‍වා කහං ගමිස‍්සතී”ති අනිමන‍්තෙත්‍වාව අගමාසි. ගන‍්ත්‍වා ච පන ගෙහෙ වීසතියා භික‍්ඛුසහස‍්සානං යාගුආදීනි පටියාදාපෙත්‍වා ආසනානි පඤ‍්ඤාපෙසි. පුනදිවසෙ සත්‍ථා පිණ‍්ඩාය පවිසන‍්තො “කිං නු ඛො අතීතබුද‍්ධා පිතු නගරං පත්‍වා උජුකමෙව ඤාතිකුලං පවිසිංසු, උදාහු පටිපාටියා පිණ‍්ඩාය චරිංසූ”ති ආවජ‍්ජෙන‍්තො “පටිපාටියා චරිංසූ”ති දිස‍්වා පඨමගෙහතො පට‍්ඨාය පිණ‍්ඩාය චරන‍්තො පායාසි. රාහුලමාතා පාසාදතලෙ නිසින‍්නාව දිස‍්වා තං පවත‍්තිං රඤ‍්ඤො ආරොචෙසි. රාජා සාටකං සණ‍්ඨාපෙන‍්තො වෙගෙන නික‍්ඛමිත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා – “පුත‍්ත, කස‍්මා මං නාසෙසි, අතිවිය තෙ පිණ‍්ඩාය චරන‍්තෙන ලජ‍්ජා උප‍්පාදිතා, යුත‍්තං නාම වො ඉමස‍්මිංයෙව නගරෙ සුවණ‍්ණසිවිකාදීහි විචරිත්‍වා පිණ‍්ඩාය චරිතුං, කිං මං ලජ‍්ජාපෙසී”ති?

ධර්ම දේශනය අසා පිටත්වූ ඥාතීන් කිසිවෙක් පසුදින දානයට ආරාධනා නොකළහ. මහරජුද මගේ පුතු මගේ ගෙට නොපැමිණ කොහියන්නදැයි සිතා ආරාධනා නොකරම ගියේය. එසේ ගොස් භික්ෂූන් විසි දහසකට කැඳබත් ආදිය පිළියෙළ කර අසුන් ද පැනවීය. දෙවන දිනයේ බුදුන් පිඬු සිඟා වඩින්නේ - පෙර බුදුවරු තම නගරයට වැඩමවා ඥාතීන්ගේ නිවෙස්වලට වැඩියේද නැතහොත් පිණ්ඩපාතයේ වැඩම කළේදැයි විමසා බලා ගෙපිළිවෙලින් ඒ බුදුවරු පිඬුසිඟා වැඩිය බව දිවැසින් බලා පළමු ගෙයි සිට පිඬු පිණිස වඩින්නේ රාහුල මව (යසෝදරා දේවිය) මතුමහලේ සිටිමින් මෙය දැක එම පුවත රජුට දන්වා සිටියාය. රජතුමා සළුව සදමින්ම වේගයෙන් පිටත්වී බුදුන් වැඳ දරුව! “කිම මා විනාශ කරන්නේ ඔබ පිඬු සිඟා යනවිට මට අතිශයින් ලජ්ජා ඇතිවිය. ඔබ පෙර මේ නගරයේ රන් සිවිකා වලින් ගමන්කර දැන් ලෙස පිඬුසිඟා යාම යුතුවේදැයි ද මට ලජ්ජා ඇතිකරන්නේ ඇයි දැයි” විමසීය.

“නාහං තං, මහාරාජ, ලජ‍්ජාපෙමි, අත‍්තනො පන කුලවංසං අනුවත‍්තාමී”ති. “කිං පන, තාත, පිණ‍්ඩාය චරිත්‍වා ජීවනවංසො මම වංසො”ති? “නෙසො, මහාරාජ, තව වංසො, මම පනෙසො වංසො. අනෙකානි හි බුද‍්ධසහස‍්සානි පිණ‍්ඩාය චරිත්‍වාව ජීවිංසූ”ති වත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමා ගාථා අභාසි –

නැත, මහරජ, මම ඔබට ලජ්ජා ඇති නොකරමි. මගේම කුලවංශය අනුව මම පවතිමි. ඇයි දරුව මගේ වංශය පිඩු සිඟායයිද? නැත මහරජ ඔබේ වංශය මගේ වංශය නොවේ. මගේ වංශයේ දහස් ගණන් බුදුවරු පිඬු පිණිස හැසිරී පිණ්ඩපාතයෙන්ම යැපුනාහුයයි පවසා ධර්මය දේශනා කරමින් මේ ගාථාව පැවසුහ.

“උත‍්තිට‍්ඨෙ නප‍්පමජ‍්ජෙය්‍ය, ධම‍්මං සුචරිතං චරෙ; ධම‍්මචාරී සුඛං සෙති, අස‍්මිං ලොකෙ පරම‍්හි ච.

නැගිටිනු මැනැවි කය සිත දෙක වැර ඇතිව හැසිරෙනු කුසලයෙහි නොපමාවම බැතිව සුචරිත දහම් සළකා එයටම ගැතිව සුවසේ වෙසෙන මිනිසත් බවෙ පල සතුව

“ධම‍්මං චරෙ සුචරිතං, න නං දුච‍්චරිතං චරෙ; ධම‍්මචාරී සුඛං සෙති, අස‍්මිං ලොකෙ පරම‍්හි චා”ති.

දහමෙහිම හැසිරෙනු දුසිරිත තුරන් කර ලොවැ දහම්හිම හැසිරෙන්නා දෙලොවම වෙසේ සුවසේ.

නැගි සිටින්න. ප්‍රමාද නොවන්න සුචරිත ධර්මයේ හැසිරෙන්න. ධර්මචාරි පුද්ගලයා මෙලොව ද පරලොව ද සුවසේ පසුවනු ඇත.

සුචරිත ධර්මයේ යෙදෙන්න. දුශ්චරිතයෙන් වළකින්න. දැහැමියා මෙලොව ද පරලොව ද සුවසේ පසුවේ.

තත්‍ථ උත‍්තිට‍්ඨෙති උට‍්ඨහිත්‍වා පරෙසං ඝරද‍්වාරෙ ඨත්‍වා ගහෙතබ‍්බපිණ‍්ඩෙ. නප‍්පමජ‍්ජෙය්‍යාති පිණ‍්ඩචාරිකවත‍්තඤ‍්හි හාපෙත්‍වා පණීතභොජනානි පරියෙසන‍්තො උත‍්තිට‍්ඨෙ පමජ‍්ජති නාම, සපදානං පිණ‍්ඩාය චරන‍්තො පන න පමජ‍්ජති නාම. එවං කරොන‍්තො උත‍්තිට‍්ඨෙ නප‍්පමජ‍්ජෙය්‍ය. ධම‍්මන‍්ති අනෙසනං පහාය සපදානං චරන‍්තො තමෙව භික‍්ඛාචරියධම‍්මං සුචරිතං චරෙ. සුඛං සෙතීති දෙසනාමත‍්තමෙතං, එවං පනෙතං භික‍්ඛාචරියධම‍්මං චරන‍්තො ධම‍්මචාරී ඉධ ලොකෙ චතූහි ඉරියාපථෙහි සුඛං විහරතීති අත්‍ථො. න නං දුච‍්චරිතන‍්ති වෙසියාදිභෙදෙ අගොචරෙ චරන‍්තො භික‍්ඛාචරියධම‍්මං දුච‍්චරිතං චරති නාම. එවං අචරිත්‍වා ධම‍්මං චරෙ සුචරිතං, න නං දුච‍්චරිතං චරෙ. සෙසං වුත‍්තත්‍ථමෙව.

තත්ථ උත්තිට්ඨනි - එහි උතිතිට්ඨ යනු අයගේ ගෙදොර සිට ගෙපිළිවෙළින් යනුවෙන් ගත යුතුය. නප්පමජ්‍ජෙය්‍ය යනු පිඬුසිඟා යාම අර ප්‍රනීත ආහාර සොයා යාමයි. ඒ සඳහා ප්‍රමාදයේ යෙදීමයි. ගෙපිළිවෙළින් පිඬුසිගා යාම ප්‍රමාද නොවීමකි. ධම්මං යනු ගෙපිළිවෙළින් ගොස් එම භික්ෂු චරියා ධර්මය සුචරිතයේ යෙදීමකි. මෙහිලා භික්‍ෂු චර්යා ධර්මය කරන්නේ එම ධර්මචාරි තැනැත්තා සිව් ඉරියාපථයන් සැපසේ විහරණය කරයි යන අර්ථයි න නං දුච්චරිතං වරෙ - යනු වෙසඟනන් වෙසෙන ගෙවල අගෝවර ස්ථානයන්හි හැසිර භික්‍ෂු චරිය ධර්මය නරක ලෙස හැසිරීමයි එලෙස නොහැසිරී ධර්මයේ හැසිරෙන අයුරු පවසන ලද්දේය. රජතුමාට පවසන්නේ අධර්මයෙන් නොව ධාර්මිකව රජකිරීම සැපගෙන දීමට හේතුවන බවය.

දෙසනාවසානෙ රාජා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි, සම‍්පත‍්තානම‍්පි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

මේ දෙසුම අවසානයේදී රජු සෝවාන් ඵලයේ පිහිටි අතර පැමිණි පිරිසට සාර්ථක දෙසුමක් වූ බවයි.

සුද‍්ධොදනවත්‍ථු දුතියං.