4. පඤ්චසතවිපස්සකභික්ඛුවත්ථු අට්ඨකථා
4. පඤ්චසතවිපස්සකභික්ඛුවත්ථු
4. විදර්ශනා ධූරී පන්සියයක් භික්ෂූන් වහන්සේලා පිළිබඳ කථා පුවත
යථා පුබ්බුළකන්ති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො පඤ්චසතෙ විපස්සකෙ භික්ඛූ ආරබ්භ කථෙසි.
“යථා බුබ්බුලකංති” - යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම සිටිය දී පන්සියයක් වූ විපස්සනාධූරි භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ.
තෙ කිර සත්ථු සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා අරඤ්ඤං පවිසිත්වා ඝටෙන්තා වායමන්තා අප්පවිසෙසා “විසෙසෙත්වා කම්මට්ඨානං ගහෙස්සාමා”ති සත්ථු සන්තිකං ආගච්ඡන්තා අන්තරාමග්ගෙ මරීචිකම්මට්ඨානං භාවෙන්තාව ආගමිංසු. තෙසං විහාරං පවිට්ඨක්ඛණෙයෙව දෙවො වස්සි. තෙ තත්ථ තත්ථ පමුඛෙසු ඨත්වා ධාරාවෙගෙන උට්ඨහිත්වා භිජ්ජන්තෙ පුබ්බළකෙ දිස්වා “අයම්පි අත්තභාවො උප්පජ්ජිත්වා භිජ්ජනත්ථෙන පුබ්බුළකසදිසොයෙවා”ති ආරම්මණං ගණ්හිංසු. සත්ථා ගන්ධකුටියං නිසින්නොව තෙ භික්ඛූ ඔලොකෙත්වා තෙහි සද්ධිං කථෙන්තො විය ඔභාසං ඵරිත්වා ඉමං ගාථමාහ –
එම භික්ෂූන් වහන්සේලා බුදුන්ගෙන් කර්මස්ථාන ලබාගෙන අරණ්‍යයට පිවිස වෙහෙසමින් උත්සාහ දරමින් විශේෂත්වයකට නොපැමිණ විශේෂ කමටහන් ගන්නෙමුයි බුදුන් වෙත එළඹෙන අතරමග මිරිගුව පිළිබඳව කමටහන් වඩමින්ම පැමිණියහ. උන්වහන්සේලා විහාරයට පිවිසි කෙනෙහිම මහ වැස්සක් වැටුනි. එම භික්ෂූන් ඒ ඒ තැන ඉදිරිපස සිට වැසිධාරා වේගයෙන් හටගත් දිය බුබුළු දැක මේ අපේ සිරුරද ඇති වී නැති වන්නේ යයි ද එනිසාම දියබුබුළුවලට සමාන යයිද අරමුණු කරගත්හ. බුදුරජාණන් වහන්සේ ගඳ කිළියේ සිටියදීම එම භික්ෂූන් බලා ඔවුන් හා කථාකරන්නේ ආලෝකයක් විහිදුවා මේ ගාථාව දේශනා කළහ.
“යථා පුබ්බුළකං පස්සෙ, යථා පස්සෙ මරීචිකං; එවං ලොකං අවෙක්ඛන්තං, මච්චුරාජා න පස්සතී”ති.
ඇතිව නැති වී යන - දිය බුබුළයේ අත්බැව් මිරිගුවක් ලෙස දිස්වේ - නොතිරයැ දකින නුවණින් යුතු අය පසුපස - මාරයා නැත එන්නේ.
තත්ථ මරීචිකන්ති මයූඛං. තෙ හි දූරතොව ගෙහසණ්ඨානාදිවසෙන උපට්ඨිතාපි උපගච්ඡන්තානං අගය්හූපගා රිත්තකා තුච්ඡකාව. තස්මා යථා උප්පජ්ජිත්වා භිජ්ජනත්ථෙන පුබ්බුළකං රිත්තතුච්ඡාදිභාවෙනෙව පස්සෙය්ය, එවං ඛන්ධාදිලොකං අවෙක්ඛන්තං මච්චුරාජා න පස්සතීති අත්ථො.
එහි මරිචිකං යනු මායාවකි - මුලාවකි. දියබුබුලක් ලෙසට සිරුර ගැන සිතා - මිරිගුවක් ලෙසට සිතා මේ ආත්මභාව සංඛ්‍යාත ලොව ගැන බලන්නේ මාරයා නොබලන තත්ත්වයට පත්වේ. තත්ථ මරීචික්නති එහි මිරිගුවයි. එය දුරසිට බලන විට පෙනේ. ළඟට යන විට හිස් බවද නොමැති බවද මායාවක් බවද පැහැදිලි වේ. එලෙසම ඇති වී නැතිවී යන ස්වභාවය බුබුලක බුබුලක - දියබුබුල වැන්න. හිස්බව තුච්ඡ බව බලන්න. මේ ලෙසට පඤ්චස්කන්ධ ආදී ලෝකයද විමසා සසඳා බලනවිට අවෙක්ඛන්තං මච්චුරාජස්ස න පස්සතී මාරයාට නොපෙනෙන තත්ත්වයට පත්විය හැකිය.
දෙසනාවසානෙ තෙ භික්ඛූ ඨිතට්ඨානෙයෙව අරහත්තං පාපුණිංසූති.
මෙම දෙසුම අවසානයේදී එම භික්ෂුහු සිටි ස්ථානයේම අරහත්වයට පත්වුහ.
පඤ්චසතවිපස්සකභික්ඛුවත්ථු තතියං.