5. අභයරාජකුමාරවත්ථු අට්ඨකථා
5. අභයරාජකුමාරවත්ථු
5. අභය රාජ කුමරුගේ කථා පුවත
එථ පස්සථිමං ලොකන්ති ඉමං ධම්මදෙසනං සත්ථා වෙළුවනෙ විහරන්තො අභයරාජකුමාරං ආරබ්භ කථෙසි.
“එථ පස්සථිමං ලොකංති” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටිය දී අභය රාජ කුමරු නිමිති කරගෙන දේශනා කළහ.
තස්ස කිර පච්චන්තං වූපසමෙත්වා ආගතස්ස පිතා බිම්බිසාරො තුස්සිත්වා එකං නච්චගීතකුසලං නාටකිත්ථිං දත්වා සත්තාහං රජ්ජමදාසි. සො සත්තාහං ගෙහා බහි අනික්ඛන්තොව රජ්ජසිරිං අනුභවිත්වා අට්ඨමෙ දිවසෙ නදීතිත්ථං ගන්ත්වා න්හත්වා උය්යානං පවිසිත්වා සන්තතිමහාමත්තො විය තස්සා ඉත්ථියා නච්චගීතං පස්සන්තො නිසීදි.
අභය රාජකුමාරයා පසල් දනව්වක ඇති වූ අරගලයක් සංසිඳවා පැමිණිවිට බිම්බිසාර පියරජු සතුටු වී නැටීම ගී ගැයීම ආදියෙහි දක්ෂ නිළියක් දී දින හතක් රාජ්‍ය ශ්රීය විදීමට අවස්ථාව සලසා දුනි. මේ කුමරු දින හතක් ගෙයින් බැහැර නොවී රාජ ශ්‍රී අනුභව කරමින් සිට අටවැනි දින ගංතෙරට ගොස් ස්නානය කර උයනට පිවිසී සන්තති මහ ඇමති සේ එම ස්ත්‍රියගේ නෘත්‍ය ගීත ආස්වාද ලබමින් සිටියේය.
සාපි තඞ්ඛණඤ්ඤෙව සන්තතිමහාමත්තස්ස නාටකිත්ථී විය සත්ථකවාතානං වසෙන කාලමකාසි. කුමාරො තස්සා කාලකිරියාය උප්පන්නසොකො “න මෙ ඉමං සොකං ඨපෙත්වා සත්ථාරං අඤ්ඤො නිබ්බාපෙතුං සක්ඛිස්සතී”ති සත්ථාරං උපසඞ්කමිත්වා, “භන්තෙ, සොකං මෙ නිබ්බාපෙථා”ති ආහ. සත්ථා තං සමස්සාසෙත්‍වා “තයා හි, කුමාර, ඉමිස්සා ඉත්ථියා එවමෙව මතකාලෙ රොදන්තෙන පවත්තිතානං අස්සූනං අනමතග්ගෙ සංසාරෙ පමාණං නත්ථී”ති වත්වා තාය දෙසනාය සොකස්ස තනුභාවං ඤත්වා, “කුමාර, මා සොචි, බාලජනානං සංසීදනට්ඨානමෙත”න්ති වත්වා ඉමං ගාථමාහ –
ඇයද එකෙණෙහි සන්තති මහා ඇමතිගේ නිළිය ලෙසටම බලවත් වාත රෝගයක් ඇති වී කළුරිය කළාය. කුමරු ඇය මිය යාමේ ශෝකයෙන් පෙළිමේ ශෝකය බුදුන් හැර වෙනත් කෙනෙකුට නිවාලිය නොහැකියයි. සිතා බුදුන් වෙත පැමිණියේය. පැමිණ ස්වාමීනි මගේ ශෝකය නිවා දෙන්නැයි ඉල්ලා සිටියේය. බුදුහු ඔහු සිත සනසා කුමාරය ඔබ මේ ස්ත්‍රිය නිසා මෙබඳුම මරණවලින් ඇඬූ කඳුළු ප්‍රමාණයක් නැතැයි පවසා කුමාරය නොතැවෙන්න. බාල අඥාන ජනයන්ගේ හැඩීම ශෝක කිරීම් ප්‍රයෝජනයක් නැතැයි පවසා මෙම ගාථාව දෙසූහ.
“එථ පස්සථිමං ලොකං, චිත්තං රාජරථූපමං; යත්ථ බාලා විසීදන්ති, නත්ථි සඞ්ගො විජානත”න්ති.
මේ අත්බව සිරුර - විසිතුරු දෙයින් සැරසු මහරජුගේ රියමන් - දිලිසෙමින් බබළන්නේ එය මමය මාගෙයි - ඇලුම් කරනා පුඟුලා සසර සැරි සරමින් - විපතට පත්වන්නේ
යම් ආත්ම භාවයක අණුවනයෝ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ගැලේද නුවණැත්තවුන්ට රාගාදී සංයෝගයක් නැත. විසිතුරුවු රාජ රථයක් බඳු මේ ආත්මභාවය බලන්න.
තත්ථ තෙ පස්සථාති රාජකුමාරමෙව සන්ධායාහ. ඉමං ලොකන්ති ඉමං ඛන්ධලොකාදිසඞ්ඛාතං අත්තභාවං. චිත්තන්ති සත්තරතනාදිවිචිත්තං රාජරථං විය වත්ථාලඞ්කාරාදිචිත්තිතං. යත්ථ බාලාති යස්මිං අත්තභාවෙ බාලා එවං විසීදන්ති. විජානතන්ති විජානන්තානං පණ්ඩිතානං එත්ථ රාගසඞ්ගාදීසු එකොපි සඞ්ගො නත්ථීති අත්ථො.
එහි එථපස්සථ - යනු රාජකුමාරයාටම පැවසීමයි ඉමංලොකං මේ ස්ඛන්ධ ධාතු ආදී ලෝකය සංඛ්‍යාත ආත්මය චිත්තං යනු සප්ත රත්නවලින් විසිතුරු කරන ලද රජුගේ වාහනය සේ වස්ත්‍ර ආභරණවලින් විසිතුරු වීමයි. යත්ථබාලා යම් ආත්ම භාවයක අනුවණයෝම ඇලි සිටිති. විජාන තන්ති - නුවණ ඇති පඩිවරු එහි රාගාදි වශයෙන් ඇල්මක් නැත. යන අර්ථයි
දෙසනාවසානෙ රාජකුමාරො සොතාපත්තිඵලෙ පතිට්ඨහි, සම්පත්තානම්පි සාත්ථිකා ධම්මදෙසනා අහොසීති.
මේ දෙසුම කෙළවර අභයරාජ කුමරු සෝවාන් ඵලයේ පිහිටියේය. පැමිණි අයටද සාර්ථක දෙසුමක් විය.
අභයරාජකුමාරවත්ථු චතුත්ථං.