යෙදුමෙන් කියවන්න

6. සම‍්මජ‍්ජනත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

6. සම‍්මජ‍්ජනත්‍ථෙරවත්‍ථු

6. සම්මුඤ්ජනී තෙරුන් පිළිබඳ කථා පුවත

යො ච පුබ‍්බෙති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සම‍්මජ‍්ජනත්‍ථෙරං ආරබ‍්භ කථෙසි.

“යොච පුබ්බෙති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී සම්මුඤ්ජනී තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.

සො කිර පාතො වා සායං වාති වෙලං පමාණං අකත්‍වා අභික‍්ඛණං සම‍්මජ‍්ජන‍්තොව විචරති. සො එකදිවසං සම‍්මජ‍්ජනිං ගහෙත්‍වා දිවාට‍්ඨානෙ නිසින‍්නස‍්ස රෙවතත්‍ථෙරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “අයං මහාකුසීතො ජනස‍්ස සද‍්ධාදෙය්‍යං භුඤ‍්ජිත්‍වා ආගන‍්ත්‍වා නිසීදති, කිං නාමෙතස‍්ස සම‍්මජ‍්ජනිං ගහෙත්‍වා එකං ඨානං සම‍්මජ‍්ජිතුං න වට‍්ටතී”ති ආහ. ථෙරො “ඔවාදමස‍්ස දස‍්සාමී”ති චින‍්තෙත්‍වා එහාවුසොති. කිං, භන‍්තෙති? ගච‍්ඡ න‍්හත්‍වා එහීති. සො තථා අකාසි. අථ නං ථෙරො එකමන‍්තං නිසීදාපෙත්‍වා ඔවදන‍්තො ආහ – “ආවුසො, භික‍්ඛුනා නාම න සබ‍්බකාලං සම‍්මජ‍්ජන‍්තෙන විචරිතුං වට‍්ටති, පාතො එව පන සම‍්මජ‍්ජිත්‍වා පිණ‍්ඩාය චරිත්‍වා පිණ‍්ඩපාතපටික‍්කන‍්තෙන ආගන‍්ත්‍වා රත‍්තිට‍්ඨානෙ වා දිවාට‍්ඨානෙ වා නිසින‍්නෙන ද‍්වත‍්තිංසාකාරං සජ‍්ඣායිත්‍වා අත‍්තභාවෙ ඛයවයං පට‍්ඨපෙත්‍වා සායන‍්හෙ උට‍්ඨාය සම‍්මජ‍්ජිතුං වට‍්ටති, නිච‍්චකාලං අසම‍්මජ‍්ජිත්‍වා අත‍්තනොපි නාම ඔකාසො කාතබ‍්බො”ති. සො ථෙරස‍්ස ඔවාදෙ ඨත්‍වා න චිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තං තං ඨානං උක‍්ලාපං අහොසි. අථ නං භික‍්ඛූ ආහංසු – “ආවුසො සම‍්මජ‍්ජනත්‍ථෙර, තං තං ඨානං උක‍්ලාපං කස‍්මා න සම‍්මජ‍්ජසී”ති?

උන්වහන්සේ උදේ හෝ හවස හෝ වෙලාවක් නොමැතිව නිතර නිතර අතුගාමින් හැසිරෙයි උන්වහන්සේ එක් දිනක් ඉදල ගෙන දවල් කල සිටි රේවත තෙරුන් වෙත ගොස් මේ මහා කුසීත කෙනෙකි. මහජනයා ශ්‍රද්ධාවෙන් දෙන දෙය වළදා අවුත් වාඩිවී සිටියි. ඇයි මොහුට ඉදල ගෙන එක් තැනක් අතුගෑම නොවටීදැයි පැවසීය. තෙරුන් වහන්සේ මොහුට අවවාදයක් දෙන්නෙමියි සිතා ඇවැත්නි මෙහි එන්නැයි පැවසුහ. ඇයි ස්වාමීනි, යන්න ස්නානය කර එන්න. එම තෙරුන් දිය නා පැමිණියේය. අනතුරුව තෙරුන් එක තැනක වාඩිකරවා අවවාද දෙන්නේ මෙසේ කීවේය. ඇවැත්නි භික්ෂුවක් විසින් හැමවිටම අතුගගා සිටීම නො වටී අළුයම අවදී වී අතුගා පිඬුසිඟා ගොස් වළදා අවසානයේ අවුත් රාත්‍රි ස්ථාන හෝ දිවා ස්ථානයක හෝ වාඩි වී දෙතිස් කුණප ගැන කියවා තම ආත්ම භාවයේ හටගැනීමේ හැකිලීම් සිහිකර සවස භාවනාවෙන් නැගිට අතුගැම සුදුසුය. නිතර නිතර අතුනොගා තමන්ට ද අවකාශයක් තබාගත යුතුය. උන්වහන්සේ මේ අවවාදයේ පිහිටා නොබෝ දිනකින් අර්හත්වයට පත්වුහ. අනතුරුව තැන් තැන් වල කොළරොඩු එකතුවුනි. මේ නිසා භික්ෂූන් වහන්සේලා ඇවැත්නි දැන් තැනින් තැන කොළ රොඩු එකතුවී ඇත සම්මුඤ්ජනී තෙරුන් පෙරමෙන් අතු නොගාන්නේ කුමක් හෙයින්ද?

“භන‍්තෙ, මයා පමාදකාලෙ එවං කතං, ඉදානාම‍්හි අප‍්පමත‍්තො”ති. භික‍්ඛූ “අයං ථෙරො අඤ‍්ඤං බ්‍යාකරොතී”ති සත්‍ථු ආරොචෙසුං. සත්‍ථා “ආම, භික‍්ඛවෙ, මම පුත‍්තො පුබ‍්බෙ පමාදකාලෙ සම‍්මජ‍්ජන‍්තො විචරි, ඉදානි පන මග‍්ගඵලසුඛෙන වීතිනාමෙන‍්තො න සම‍්මජ‍්ජතී”ති වත්‍වා ඉමං ගාථමාහ –

එවිට සම්මුඤ්ජනී තෙරුන් ස්වාමීනි මම පෙරදින ප්‍රමාද වූ කාලයේ එසේ කළෙමි. දැන් මම අප්‍රමාදීව සිටිමි. භික්ෂූන් වහන්සේලා මේ තෙරුන් දැන් වෙනත් දෙයක් කියයි කියා බුදුන්ට දැන්වුහ බුදුරජාණන් වහන්සේ ඇත්ත මහණෙනි, මගේ පුතා පෙර ප්‍රමාද ව සිටි කාලයේදී අතුගාමින් හැසුරුනි. දැන් මාර්ග ඵල සුවයෙන් කල් යවා අතු නොගාන්නේයයි පවසා මේ ගාථාව පැවසුහ.

“යො ච පුබ‍්බෙ පමජ‍්ජිත්‍වා, පච‍්ඡා සො නප‍්පමජ‍්ජති; සොමං ලොකං පභාසෙති, අබ‍්භා මුත‍්තොව චන්‍දිමා”ති.

පමාවූවද කලින් - දිරියෙන් කෙළස් හළ පසු වළාවෙන් මිදුණු සඳසේ - බබළති රහත් උතුමෝ

යම්කෙනෙක් පෙර ප්‍රමාදවී පසුව ප්‍රමාද නොවේද වළාවෙන් මිඳුන හඳ සේ ඔහු මෙලොව ආලෝකමත් කරයි.

තස‍්සත්‍ථො – යො පුග‍්ගලො පුබ‍්බෙ වත‍්තපටිවත‍්තකරණෙන වා සජ‍්ඣායාදීහි වා පමජ‍්ජිත්‍වා පච‍්ඡා මග‍්ගඵලසුඛෙන වීතිනාමෙන‍්තො නප‍්පමජ‍්ජති, සො අබ‍්භාදීහි මුත‍්තො චන්‍දොව ඔකාසලොකං මග‍්ගඤාණෙන ඉමං ඛන්‍ධාදිලොකං ඔභාසෙති, එකාලොකං කරොතීති.

එහි අරුත නම් යම් පුද්ගලයෙක් වත් පිළිවෙත් කරමින් හෝ සජ්‍ඣායනා කිරීම් ආදියෙන් ප්‍රමාදවී පසුව මාර්ග ඵල සුවයෙන් කල් ගෙවමින් ප්‍රමාද නොවී සිටි එබඳු තැනැත්තා කළුවලාවෙන් - බැහැරවූ සඳමෙන් අවකාශ ලෝකය මාර්ග ඤාණයෙන් මේ ස්ඛන්ධ ආදී ලෝකය බබුළුවයි ආලෝක ධාරාවෙන් එකළු කරයි.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දෙසුම අවසන බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පත්වුහ.

සම‍්මජ‍්ජනත්‍ථෙරවත්‍ථු පඤ‍්චමං.