යෙදුමෙන් කියවන්න

7. අඞ‍්ගුලිමාලත්‍ථෙරවත්‍ථු අට‍්ඨකථා

7. අඞ‍්ගුලිමාලත්‍ථෙරවත්‍ථු

7. අංගුලිමාල තෙරුන්ගේ කථා පුවත

යස‍්ස පාපන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඞ‍්ගුලිමාලත්‍ථෙරං ආරබ‍්භ කථෙසි. වත්‍ථු අඞ‍්ගුලිමාලසුත‍්තන‍්තවසෙනෙව (ම· නි· 2.347 ආදයො) වෙදිතබ‍්බං.

“යස්ස පාපන්ති” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩසිටියදී අංගුලිමාල තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.

ථෙරො පන සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිත්‍වා අරහත‍්තං පාපුණි. අථ ඛො ආයස‍්මා අඞ‍්ගුලිමාලො රහොගතො පටිසල‍්ලීනො විමුත‍්තිසුඛපටිසංවෙදී. තායං වෙලායං ඉමං උදානං උදානෙසි –

අංගුලිමාල කථා පුවත සුත්‍රයේ සඳහන් පරිදි දැනගත යුතුය. අංගුලිමාල තෙරුන් බුදුන් වෙත පැවිදි වී රහත් බවට පත්වූයේ අනතුරුව උන්වහන්සේ රහසිගතව හුදකලාව විමුක්ති සුවය විඳිමින් සිටියදි මේ උදානය පැවසුහ.

“යො ච පුබ‍්බෙ පමජ‍්ජිත්‍වා, පච‍්ඡා සො නප‍්පමජ‍්ජති; සොමං ලොකං පභාසෙති, අබ‍්භා මුත‍්තොව චන්‍දිමා”ති. –

“යම් කෙනෙක් මුලදී ප්‍රමාද වෙමින් සිට පසුව ප්‍රමාද නොවේද? ඔහු මෙලොව ආලෝකමත් කරන්නේ වළාවකින් නික්මෙන ප්‍රභාමත් සඳක් මෙනි.”

ආදිනා නයෙන උදානං උදානෙත්‍වා අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බුතො. භික‍්ඛූ “කහං නු ඛො, ආවුසො, ථෙරො උප‍්පන‍්නො”ති ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං? සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා, “භන‍්තෙ, අඞ‍්ගුලිමාලත්‍ථෙරස‍්ස නිබ‍්බත‍්තට‍්ඨානකථායා”ති වුත‍්තෙ “පරිනිබ‍්බුතො ච, භික‍්ඛවෙ, මම පුත‍්තො”ති. “භන‍්තෙ, එත‍්තකෙ මනුස‍්සෙ මාරෙත්‍වා පරිනිබ‍්බුතො”ති? “ආම, භික‍්ඛවෙ, සො පුබ‍්බෙ එකං කල්‍යාණමිත‍්තං අලභිත්‍වා එත‍්තකං පාපමකාසි, පච‍්ඡා පන කල්‍යාණමිත‍්තපච‍්චයං ලභිත්‍වා අප‍්පමත‍්තො අහොසි. තෙනස‍්ස තං පාපකම‍්මං කුසලෙන පිහිත”න‍්ති වත්‍වා ඉමං ගාථමාහ –

මේ අයුරින් උදානය ප්‍රකාශ කර අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑහ. මේ අතර ධම්සභා මණ්ඩපයේදී ඇවැත්නි අඟුල්මල් තෙර කොහි උපන්නේ දැයි කථාවක් ඉපිදවුහ. බුදුන් වැඩමකර මහණෙනි මම පැමිණීමට පෙර කිනම් කථාවකින් යුතුව සිටියෝදැයි ප්‍රශ්න කළහ. එම භික්ෂූන් වහන්සේලා ස්වාමීනි අඟුල්මල් තෙරුන් උපන් ස්ථානය පිළිබඳවයයි පැවසුවිට - මහණෙනි මගේ පුතු පිරිනිවන් පෑවේයයි පැවසුහ. ස්වාමීනි ! මෙපමණ මිනිසුන් ඝාතනය කර උන්වහන්සේ පිරිනිවන් පෑවේදැයි ප්‍රශ්න කළහ. එසේය මහණෙනි. ඔහු පෙර එක් කල්‍යාණ මිත්‍රයෙක් නොලැබී මෙපමණ පව් කළේය. පසුව කල්‍යාණ මිත්‍ර සේවනය ලැබ අප්‍රමාදී විය. එනිසා ඔහුගේ පාපකර්මය කුශලබලයෙන් වැසී ගියේයයි පවසා මේ ගාථාව පැවසුහ.

“යස‍්ස පාපං කතං කම‍්මං, කුසලෙන පිධීයති; සොමං ලොකං පභාසෙති, අබ‍්භා මුත‍්තොව චන්‍දිමා”ති.

අකුසලයන් ඇතත් පෙරදී කරන ලද පසුකල කුසල් කළහොත් ඉන් මිදෙන ලද අවබෝදයෙන් පසු සිව්සස් අමත පද බබළයි වලාවෙන් ගිලිහුණු ලෙසට සඳ

යම් කෙනෙක් කරන ලද පාපකර්මය කුසලයෙන් වසයිද ඔහු මෙලොව වළාවෙන් මිදීගිය හදසේ ප්‍රභාමත් වේ.

තත්‍ථ කුසලෙනාති අරහත‍්තමග‍්ගං සන්‍ධාය වුත‍්තං. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

එහි දී කුසලෙන සඳහා කියන ලදී. අරහත් මාර්ග ය. සෙස්ස පෙර කියන ලද අයුරින් දතයුතුය.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

මේ දෙසුම අවසන බොහෝදෙන සෝවාන් ආදී මාර්ගඵලයන්ට පත්වුහ.

අඞ‍්ගුලිමාලත්‍ථෙරවත්‍ථු ඡට‍්ඨං.