යෙදුමෙන් කියවන්න

8. පෙසකාරධීතාවත්‍ථු අට‍්ඨකථා

8. පෙසකාරධීතාවත්‍ථු

8. පේසකාර දුවනිය පිළිබඳ කථා පුවත

අන්‍ධභූතොති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා අග‍්ගාළවෙ චෙතියෙ විහරන‍්තො එකං පෙසකාරධීතරං ආරබ‍්භ කථෙසි.

“අන්ධ භූතාති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ අග්ගාලව චෛත්‍යස්ථානයේ වැඩසිටියදී එක් පේශකාර දුවනියක් අරමුණු කොට පැවසුහ.

එකදිවසඤ‍්හි ආළවිවාසිනො සත්‍ථරි ආළවිං සම‍්පත‍්තෙ නිමන‍්තෙත්‍වා දානං අදංසු. සත්‍ථා භත‍්තකිච‍්චාවසානෙ අනුමොදනං කරොන‍්තො “අද‍්ධුවං මෙ ජීවිතං, ධුවං මෙ මරණං, අවස‍්සං මයා මරිතබ‍්බමෙව, මරණපරියොසානං මෙ ජීවිතං, ජීවිතමෙව අනියතං, මරණං නියතන‍්ති එවං මරණස‍්සතිං භාවෙථ. යෙසඤ‍්හි මරණස‍්සති අභාවිතා, තෙ පච‍්ඡිමෙ කාලෙ ආසීවිසං දිස‍්වා භීතඅදණ‍්ඩපුරිසො විය සන‍්තාසප‍්පත‍්තා භෙරවරවං රවන‍්තා කාලං කරොන‍්ති. යෙසං පන මරණස‍්සති භාවිතා, තෙ දූරතොව ආසීවිසං දිස‍්වා දණ‍්ඩකෙන ගහෙත්‍වා ඡඩ‍්ඩෙත්‍වා ඨිතපුරිසො විය පච‍්ඡිමෙ කාලෙ න සන‍්තසන‍්ති, තස‍්මා මරණස‍්සති භාවෙතබ‍්බා”ති ආහ. තං ධම‍්මදෙසනං සුත්‍වා අවසෙසජනා සකිච‍්චප‍්පසුතාව අහෙසුං. එකා පන සොළසවස‍්සුද‍්දෙසිකා පෙසකාරධීතා “අහො බුද‍්ධානං කථා නාම අච‍්ඡරියා, මයා පන මරණස‍්සතිං භාවෙතුං වට‍්ටතී”ති රත‍්තින්‍දිවං මරණස‍්සතිමෙව භාවෙසි. සත්‍ථාපි තතො නික‍්ඛමිත්‍වා ජෙතවනං අගමාසි. සාපි කුමාරිකා තීණි වස‍්සානි මරණස‍්සතිං භාවෙසියෙව.

එක් දිනක් අලව් නුවර වැසියෝ බුදුහු අලව් නුවරට පැමිණි පසුව ආරාධනා කර දානයක් පිරිනැමුහ. බුදුරජාණන් වහන්සේ දන්වළදා අවසන අනුමෝදනා කරමින් ජීවිතය ස්ථීර නොවේ. මරණය ස්ථිරය. අප විසින් අවශ්‍යයෙන්ම මරණයට පත්විය යුතුය. මගේ ජීවිතය මරණයෙන් කෙළවර වේ. ජීවත් වීම නියත නොවේ. මරණය නියතය. යනුවෙන් මරණ සතිය වඩන්න. යම් කෙනෙක් මරණ සතිය නොවඩන ලද්දේද? ඔවුන් පසුකලෙක ආශිර්විෂයෙකු දැක බිය වූ පුරුෂයෙක් ලෙසට සන්තාපයට පත්ව බියකරු හඬ නංවමින් කළුරිය කරති. යම් කෙනෙක් මරණ සතිය වඩන ලද්දේද ඔවුහු නාගයෙකු දුරදිම දැක දණ්ඩකින් ගෙන විසිකරන පුද්ගලයෙක් සේ අවසන් කාලයේදී ත්‍රස්ත නොවෙති. එනිසා මරණ සති භාවනාව වැඩිය යුතුයයි පැවසූහ. මෙම ධර්ම දේශනය අසා අනෙක් ජනයා තම කටයුතුවල යෙදෙමින්ම සිටියහ. නමුත් එක් සොළොස් වියැති පේෂකාර දුවනියක් අහෝ බුද්ධ දේශනය නම් කෙතරම් ආශ්චර්ය ද, මවිසින් මරණ සතිය වැඩිය යුතුයයි සිතා දිවා රාත්‍රි මරණ සති භාවනාව වැඩුවාය. බුදුරජාණන් වහන්සේද අග්ගාලව චෛත්‍ය ස්ථානයෙන් නික්මී දෙව්රමට වැඩම කළහ. එම යුවතිය ද අවුරුදු තුනක් මරණ සතිය ම වැඩුවාය.

අථෙකදිවසං සත්‍ථා පච‍්චූසසමයෙ ලොකං ඔලොකෙන‍්තො තං කුමාරිකං අත‍්තනො ඤාණජාලස‍්ස අන‍්තොපවිට‍්ඨං දිස‍්වා “කිං නු ඛො භවිස‍්සතී”ති උපධාරෙන‍්තො “ඉමාය කුමාරිකාය මම ධම‍්මදෙසනාය සුතදිවසතො පට‍්ඨාය තීණි වස‍්සානි මරණස‍්සති භාවිතා, ඉදානාහං තත්‍ථ ගන‍්ත්‍වා ඉමං කුමාරිකං චත‍්තාරො පඤ‍්හෙ පුච‍්ඡිත්‍වා තාය විස‍්සජ‍්ජෙන‍්තියා චතූසු ඨානෙසු සාධුකාරං දත්‍වා ඉමං ගාථං භාසිස‍්සාමි. සා ගාථාවසානෙ සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිස‍්සති, තං නිස‍්සාය මහාජනස‍්සාපි සාත්‍ථිකා ධම‍්මදෙසනා භවිස‍්සතී”ති ඤත්‍වා පඤ‍්චසතභික‍්ඛුපරිවාරො ජෙතවනා නික‍්ඛමිත්‍වා අනුපුබ‍්බෙන අග‍්ගාළවවිහාරං අගමාසි. ආළවිවාසිනො “සත්‍ථා ආගතො”ති සුත්‍වා තං විහාරං ගන‍්ත්‍වා නිමන‍්තයිංසු. තදා සාපි කුමාරිකා සත්‍ථු ආගමනං සුත්‍වා “ආගතො කිර මය‍්හං පිතා, සාමි, ආචරියො පුණ‍්ණචන්‍දමුඛො මහාගොතමබුද‍්ධො”ති තුට‍්ඨමානසා “ඉතො මෙ තිණ‍්ණං සංවච‍්ඡරානං මත්‍ථකෙ සුවණ‍්ණවණ‍්ණො සත්‍ථා දිට‍්ඨපුබ‍්බො, ඉදානිස‍්ස සුවණ‍්ණවණ‍්ණං සරීරං දට‍්ඨුං මධුරොජඤ‍්ච වරධම‍්මං සොතුං ලභිස‍්සාමී”ති චින‍්තෙසි.

එක් දිනක උදැසන බුදුරජාණන් වහන්සේ ලොව බලන්නේ එම කුමරිය තමන් වහන්සේගේ ඥාණ දැලට හසුවුවාය. මෙසේ දැක කුමක් වන්නේදැයි සිහිකරන්නේ මෙම කුමරිය විසින් මගේ ධර්මදේශනයෙන් පසුව වසර තුනක් මරණ සති භාවනාව පුරුදු කරන ලද්දේය. දැන් මම ඇය වෙතගොස් ඇගෙන් ප්‍රශ්න හතරක් විමසා ඒවාට ඇය පිළිතුරු දුන්විට සිව්වරක් සාධුකාර මෙම ගාථාව පවසන්නෙමි. ගාථාව අවසන ඇය සෝවාන් ඵලයේ පිහිටන්නේ යයිද එහියාම මහජනතාවටද සාර්ථක දේශනයක් වන්නේ යයි දැන පන්සියයක් භික්ෂූන් පිරිවරා දෙමින් නික්මී පිළිවෙලින් අග්ගාල විහාරයට වැඩම කළහ. අලෙවි ගම් වැසියෝ බුදුන් වැඩම කළහයි අසා විහාරයට ගොස් ආරාධනා කළහ. ඒ කුමරියද බුදුන්ගේ ආගමනය අසා මගේ පියා මගේ ස්වාමී වූ ආචාර්යන් වහන්සේ පුන්සඳවන් මුහුණ ඇති ගෞතම බුදුපියාණන් වහන්සේ වැඩම කළේ යයි සතුටු සිත් ඇතිව මෙයට වසර තුනකට පෙර දුටු ඒ රන්වන් බුදුරජාණන් වහන්සේගේ රන්වන් සිරුර දැකීමටත් මිහිරි උතුම් ධර්මය ඇසීමට ලැබෙන්නේ යයි සිතුවාය.

පිතා පනස‍්සා සාලං ගච‍්ඡන‍්තො ආහ – “අම‍්ම, පරසන‍්තකො මෙ සාටකො ආරොපිතො, තස‍්ස විදත්‍ථිමත‍්තං අනිට‍්ඨිතං, තං අජ‍්ජ නිට‍්ඨාපෙස‍්සාමි, සීඝං මෙ තසරං වට‍්ටෙත්‍වා ආහරෙය්‍යාසී”ති. සා චින‍්තෙසි – “අහං සත්‍ථු ධම‍්මං සොතුකාමා, පිතා ච මං එවං ආහ. කිං නු ඛො සත්‍ථු ධම‍්මං සුණාමි, උදාහු පිතු තසරං වට‍්ටෙත්‍වා හරාමී”ති? අථස‍්සා එතදහොසි “පිතා මං තසරෙ අනාහරියමානෙ පොථෙය්‍යපි පහරෙය්‍යපි, තස‍්මා තසරං වට‍්ටෙත්‍වා තස‍්ස දත්‍වා පච‍්ඡා ධම‍්මං සොස‍්සාමී”ති පීඨකෙ නිසීදිත්‍වා තසරං වට‍්ටෙසි.

මෙහිදී ඇගේ පියා ද එදින වැඩට පිටත් වෙමින් දියණියනි අන් කෙනෙකුට දිය යුතු සළුවක් විවීමට පටන් ගෙන ඇත. වියතක් පමණ තව ඉතිරිවී තිබේ. එය අදම අවසන් කරන්නෙමි. ඉක්මනින් නූල් ඔතා ගෙන එන්නැයි පැවසුවේය. ඇය මෙසේ සිතුවාය. මම බුදුබණ අසනු කැමතිය. පියා ද තසරය ගැන කිවේය. මම බණ අසමිද? නැතහොත් නූල් ඔතා ගෙනයන්නේද නූල් පන්දුව ගෙන ගියේ නැත්නම් පියා මට තලන්නේය. පහරදෙන්නේය. ඒ නිසා නූල් පන්දුව ඔතා ගෙන ගොස් ඔහුට දී පසුව ධර්මය අසන්නෙමියි. පුටුවක වාඩිවී නූල් පන්දුව එතුවාය.

ආළවිවාසිනොපි සත්‍ථාරං පරිවිසිත්‍වා පත‍්තං ගහෙත්‍වා අනුමොදනත්‍ථාය අට‍්ඨංසු. සත්‍ථා “යමහං කුලධීතරං නිස‍්සාය තිංසයොජනමග‍්ගං ආගතො, සා අජ‍්ජාපි ඔකාසං න ලභති. තාය ඔකාසෙ ලද‍්ධෙ අනුමොදනං කරිස‍්සාමී”ති තුණ‍්හීභූතො අහොසි. එවං තුණ‍්හීභූතම‍්පි සත්‍ථාරං සදෙවකෙ ලොකෙ කොචි කිඤ‍්චි වත‍්තුං න විසහති. සාපි ඛො කුමාරිකා තසරං වට‍්ටෙත්‍වා පච‍්ඡියං ඨපෙත්‍වා පිතු සන‍්තිකං ගච‍්ඡමානා පරිසපරියන‍්තෙ ඨත්‍වා සත්‍ථාරං ඔලොකයමානාව අට‍්ඨාසි. සත්‍ථාපි ගීවං උක‍්ඛිපිත්‍වා තං ඔලොකෙසි. සා ඔලොකිතාකාරෙනෙව අඤ‍්ඤාසි – “සත්‍ථා එවරූපාය පරිසාය මජ‍්ඣෙ නිසීදිත්‍වාව මං ඔලොකෙන‍්තො මමාගමනං පච‍්චාසීසති, අත‍්තනො සන‍්තිකං ආගමනමෙව පච‍්චාසීසතී”ති. සා තසරපච‍්ඡිං ඨපෙත්‍වා සත්‍ථු සන‍්තිකං අගමාසි. කස‍්මා පන නං සත්‍ථා ඔලොකෙසීති? එවං කිරස‍්ස අහොසි “එසා එත‍්තොව ගච‍්ඡමානා පුථුජ‍්ජනකාලකිරියං කත්‍වා අනියතගතිකා භවිස‍්සති, මම සන‍්තිකං ආගන‍්ත්‍වා ගච‍්ඡමානා සොතාපත‍්තිඵලං පත්‍වා නියතගතිකා හුත්‍වා තුසිතවිමානෙ නිබ‍්බත‍්තිස‍්සතී”ති. තස‍්සා කිර තං දිවසං මරණතො මුත‍්ති නාම නත්‍ථි. සා ඔලොකිතසඤ‍්ඤාණෙනෙව සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා ඡබ‍්බණ‍්ණරංසීනං අන‍්තරං පවිසිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. තථාරූපාය පරිසාය මජ‍්ඣෙ නිසීදිත්‍වා තුණ‍්හීභූතං සත්‍ථාරං වන්‍දිත්‍වා ඨිතක‍්ඛණෙයෙව තං ආහ – “කුමාරිකෙ, කුතො ආගච‍්ඡසී”ති? “න ජානාමි, භන‍්තෙ”ති. “කත්‍ථ ගමිස‍්සසී”ති? “න ජානාමි, භන‍්තෙ”ති. “න ජානාසී”ති? “ජානාමි, භන‍්තෙ”ති. “ජානාසී”ති? “න ජානාමි, භන‍්තෙ”ති. ඉති නං සත්‍ථා චත‍්තාරො පඤ‍්හෙ පුච‍්ඡි. මහාජනො උජ‍්ඣායි – “අම‍්භො, පස‍්සථ, අයං පෙසකාරධීතා සම‍්මාසම‍්බුද‍්ධෙන සද‍්ධිං ඉච‍්ඡිතිච‍්ඡිතං කථෙසි, නනු නාම ඉමාය ‘කුතො ආගච‍්ඡසී’ති වුත‍්තෙ ‘පෙසකාරගෙහතො’ති වත‍්තබ‍්බං. ‘කහං ගච‍්ඡසී’ති වුත‍්තෙ ‘පෙසකාරසාල’න‍්ති වත‍්තබ‍්බං සියා”ති.

අලව් වාසිද බුදුන්ට දන් පිළිගන්වා පාත්‍රයගෙන අනුමෝදනය ඇසීමට වාඩිවීසිටියහ. බුදුරජාණන් වහන්සේද, මම යම් කුල දුවක් නිසා තිස්යොදුන් මග ගෙවාගෙන මෙහි පැමිණියේද අදත් ඇයට අවකාශ නො ලැබෙන්නේය ඇයට ඉඩ අවකාශ ලැබුනවිට ධර්ම දේශනය කරනෙමියි නිහඩව සිටියා මෙලෙස නිහඩව සිටින විට දෙවියන් සහිත ලොව කිසිවෙකුටත් කිසිවක් කියන්නට නො හැකිය. ඒ කුමාරිකාවද පන්දුව නූල්මත පැසක තබා පියා සමීපයට යන්න - පිරිස් කෙළවරට ගොස් බුදුන් දෙස බලමින්ම සිටියාය. බුදුරජාණන් වහන්සේද ගෙල ඔසවා ඇය දෙස බැලුහ. ඇය බලාසිටින අයුරින්ම දැනගත්තාය. බුදුහු මෙබඳු පිරිසක් අතර සිටියදී මදෙස බලන්නේ මගේ ගමන අපේක්ෂා කරති. ඇය නූල් පන්දුව ඇති පැස තබා බුදුන් වෙතට ගියාය. බුදුරජාණන් වහන්සේ ඇය දෙස බැලුවේ කුමක් වෙයිද? උන්වහන්සේට මෙබඳු අදහසක් ඇතිවිය. ඇය මෙසේ යාමෙන් පුහුදුන් කෙනෙක් ලෙසට කළුරිය කොට අනියත ගතික වන්නීය. මා වෙත පැමිණ යන්නේ නම් ඇය සෝවාන් ඵලයට පත්ව ඒකාන්ත ගතිකව මරණයෙන් පසුව තුසිත දෙව්ලොව උපදින්නීය. ඇගේ එදින මරණයෙන් මිදීමක් නැත. ඇය බුදුන් බැලු පමණින් බුදුන් වෙත එළඹ ෂඞ්වර්ණ රශ්මිය අතරට පිවිස වැඳ එකත් පසෙක සිටියාය. එබඳු පිරිසක් අතර වාඩිවී නිහඩට සිටි තථාගතයන් වහන්සේ වැඳ සිටි අවස්ථාවේදීම බුදුරජාණන් වහන්සේ මෙලෙස විමසූහ. දැරිය කොහි සිට ආවේද? ස්වාමීනි නොදනිමි. කොහියන්නේද? ස්වාමීනි නොදනිමි. නොදන්නේද? දනිමි ස්වාමීනි. නො එසේනම් දන්නේද? නොදනිමි ස්වාමීනි. මේලෙසට බුදුහු ප්‍රශ්න හතරක් විමසුහ. මහජනයා ඝෝෂා කළහ. අපොයි බලන්න මේ පේශකාර දුවණිය සම්මා සම්බුදුන් වහන්සේ සමග කැමති කැමති ලෙස කථාකරයි. කොහිසිට ආවේදැයි විමසුවිට පේසකාර ගෙයි සිටයයි කිවයුතුය. කොහි යන්නේදැයි විමසුවිට පේශකාර ශාලාවට යයි පැවසිය යුතුය.

සත්‍ථා මහාජනං නිස‍්සද‍්දං කත්‍වා, “කුමාරිකෙ, ත්‍වං කුතො ආගච‍්ඡසී”ති වුත‍්තෙ “කස‍්මා න ජානාමීති වදෙසී”ති පුච‍්ඡි. භන‍්තෙ, තුම‍්හෙ මම පෙසකාරගෙහතො ආගතභාවං ජානාථ, “කුතො ආගතාසී”ති පුච‍්ඡන‍්තා පන “කුතො ආගන‍්ත්‍වා ඉධ නිබ‍්බත‍්තාසී”ති පුච‍්ඡථ. අහං පන න ජානාමි “කුතො ච ආගන‍්ත්‍වා ඉධ නිබ‍්බත‍්තාම‍්හී”ති. අථස‍්සා සත්‍ථා “සාධු සාධු, කුමාරිකෙ, මයා පුච‍්ඡිතපඤ‍්හොව තයා විස‍්සජ‍්ජිතො”ති පඨමං සාධුකාරං දත්‍වා උත‍්තරිම‍්පි පුච‍්ඡි – “කත්‍ථ ගමිස‍්සසීති පුන පුට‍්ඨා කස‍්මා ‘න ජානාමී’ති වදෙසී”ති? භන‍්තෙ, තුම‍්හෙ මං තසරපච‍්ඡිං ගහෙත්‍වා පෙසකාරසාලං ගච‍්ඡන‍්තිං ජානාථ, “ඉතො ගන‍්ත්‍වා කත්‍ථ නිබ‍්බත‍්තිස‍්සසී”ති පුච‍්ඡථ. අහඤ‍්ච ඉතො චුතා න ජානාමි “කත්‍ථ ගන‍්ත්‍වා නිබ‍්බත‍්තිස‍්සාමී”ති. අථස‍්සා සත්‍ථා “මයා පුච‍්ඡිතපඤ‍්හොයෙව තයා විස‍්සජ‍්ජිතො”ති දුතියං සාධුකාරං දත්‍වා උත‍්තරිම‍්පි පුච‍්ඡි – “අථ කස‍්මා ‘න ජානාසී’ති පුට‍්ඨා ‘ජානාමී’ති වදෙසී”ති? “මරණභාවං ජානාමි, භන‍්තෙ, තස‍්මා එවං වදෙමී”ති. අථස‍්සා සත්‍ථා “මයා පුච‍්ඡිතපඤ‍්හොයෙව තයා විස‍්සජ‍්ජිතො”ති තතියං සාධුකාරං දත්‍වා උත‍්තරිම‍්පි පුච‍්ඡි – “අථ කස‍්මා ‘ජානාසී’ති පුට‍්ඨා ‘න ජානාමී’ති වදෙසී”ති. මම මරණභාවමෙව අහං ජානාමි, භන‍්තෙ, “රත‍්තින්‍දිවපුබ‍්බණ‍්හාදීසු පන අසුකකාලෙ නාම මරිස‍්සාමී”ති න ජානාමි, තස‍්මා එවං වදෙමීති. අථස‍්සා සත්‍ථා “මයා පුච‍්ඡිතපඤ‍්හොයෙව තයා විස‍්සජ‍්ජිතො”ති චතුත්‍ථං සාධුකාරං දත්‍වා පරිසං ආමන‍්තෙත්‍වා “එත‍්තකං නාම තුම‍්හෙ ඉමාය කථිතං න ජානාථ, කෙවලං උජ‍්ඣායථෙව. යෙසඤ‍්හි පඤ‍්ඤාචක‍්ඛු නත්‍ථි, තෙ අන්‍ධා එව. යෙසං පඤ‍්ඤාචක‍්ඛු අත්‍ථි, තෙ එව චක‍්ඛුමන‍්තො”ති වත්‍වා ඉමං ගාථමාහ –

බුදුහු මහජනයා නිහඩකරවා දැරිය ඔබ කොහිසිට ආවේදැයි විමසුවිට ඇයි නොදන්නා බව පැවසුවේ. ස්වාමීනි ඔබ වහන්සේ විමසුවේ කොහි සිට අවුත් මේ භවයේ උපන්නේදැයි යනුවෙනි, ස්වාමීනි මම කොහේසිට අවුත් මෙහි උපන්නේදැයි නොදනිමි. ඉක්බිති බුදුරජාණන් වහන්සේ සාධු - සාධු කුමාරිකාවන් ! ඉතා හොඳයි මවිසින් අසන ලද ප්‍රශ්නයටම ඔබ විසින් පිළිතුරු දෙන ලදී. යනුවෙන් සාධුකාර දී තවදුරටත් විමසුහ. කොහි යන්නේදැයි විමසුවිට නොදනිමියි පැවසුවේ කුමක් හෙයින්ද? ස්වාමීනි ඔබ වහන්සේ මා නූල් පන්දුව ගෙන පේශකාර ශාලාවට යන බව දැන සිටිති. එහෙත් ඔබ වහන්සේ මෙයින් පසු කොහි උපදින්නේදැයි විමසුහ. මම ද මෙයින් චුතව කොහේ උපදින්නේදැයි නොදන්නෙමි. තථාගතයන් වන්සේ මවිසින් අසන ලද්දටම ඔබ පිළිතුරු දුන්නායයි දෙවැනිවරද සාධුකාර දුන්හ. ඊළඟට මම ඔබ නොදන්නේදැයි විමසුවිට දන්නේ යයි පිළිතුරු දුන්නේ කුමක් හෙයින්දැයි විමසුහ. ස්වාමීනි මම මරණයට පත්වන බව දනිමි එනිසා එලෙස පිළිතුරු දුනිමි. එසේ නම් ඔබ දන්නේ දැයි විමසු විට නොදන්නෙමියි පැවසුවේද ස්වාමීනි මම මැරෙන බව දනිමි. එහෙත් රාත්‍රියේද දවල් කාලයේද අසවල් කාලයේදැයි නොදනිමි. එනිසා නොදන්නාබව පැවසීමි. අනතුරුව බුදුරජාණන් වහන්සේ මවිසින් ඇසු සියළු ප්‍රශ්නවලට නුඹ විසින් පිළිතුරු දුන්නේ යයි සිව්වැනි වරද සාධුකාර දී පිරිස ඇමතූහ. මෙපමණකින් නුඹලා මැය කියූ දේවල් නොදනිමු. එසේ නොදැනම තේරුම් නොගෙනම ඝෝෂා කළහ. යමෙකුට ප්‍රඥාව නැතිනම් ඔවුන් අන්ධයින් වැන්න. යමෙකුට ප්‍රඥා ඇස තිබේ. ඔවුන් ඇස් ඇත්තෝමයයි කියා මේ ගාථාව පැවසුහ.

“අන්‍ධභූතො අයං ලොකො, තනුකෙත්‍ථ විපස‍්සති; සකුණො ජාලමුත‍්තොව, අප‍්පො සග‍්ගාය ගච‍්ඡතී”ති.

පුහුදුන් අතර ඇතී වැඩිදෙන බාලයෝ වෙතී බැලිය යුතු සත්‍යය දෙසද ඔහු නොබලතී ටික දෙනෙකි සුගතියට යන්නේ දැලෙන් මිදෙනා කුරුල්ලන් සේ.

අන්ධ වු මේ ලොව කවරෙක්නම් විශේෂයෙන් බලත්ද දැලෙන් මිඳුන පක්ෂීන් මෙන් ඉතා අල්ප දෙනෙක් දිව සම්පත් ලබති.

තත්‍ථ අන්‍ධභූතො අයං ලොකොති අයං ලොකියමහාජනො පඤ‍්ඤාචක‍්ඛුනො අභාවෙන අන්‍ධභූතො. තනුකෙත්‍ථාති තනුකො එත්‍ථ, න බහු ජනො අනිච‍්චාදිවසෙන විපස‍්සති. ජාලමුත‍්තොවාති යථා ඡෙකෙන සාකුණිකෙන ජාලෙන ඔත්‍ථරිත්‍වා ගය‍්හමානෙසු වට‍්ටකෙසු කොචිදෙව ජාලතො මුච‍්චති. සෙසා අන‍්තොජාලමෙව පවිසන‍්ති. තථා මරණජාලෙන ඔත්‍ථටෙසු සත‍්තෙසු බහූ අපායගාමිනො හොන‍්ති, අප‍්පො කොචිදෙව සත‍්තො සග‍්ගාය ගච‍්ඡති, සුගතිං වා නිබ‍්බානං වා පාපුණාතීති අත්‍ථො.

මෙහි අයං ලොකොති - මේ ලෞකික සාමාන්‍ය ජනයා ප්‍රඥා ඇස නොමැති නිසා අන්ධභූතො තනුකෙත්ථ යනු බොහෝ දෙනා අනිච්චාදී වශයෙන් නොබලයි. විපස්සති ජාලමුත්තොවා යනු යම් දක්‍ෂ පක්‍ෂියෙක් දැලෙන් ගැලවීයයි සසර දැලින් කිසිවෙක් මිදේ අනෙක් අය දැලේ සිරවී සිටිති. ස්වල්ප දෙනෙක් ස්වර්ගයට යති. තව කෙනෙක් නිවනට පත්වේ.

දෙසනාවසානෙ කුමාරිකා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි, මහාජනස‍්සාපි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

මේ දෙසුම අවසානයේ කුමාරිකාව සෝවාන් ඵලයේ පිහිටියාය. මහජනයාට ද දෙසුම සාර්ථක විය.

සාපි තසරපච‍්ඡිං ගහෙත්‍වා පිතු සන‍්තිකං අගමාසි, සොපි නිසින‍්නකොව නිද‍්දායි. තස‍්සා අසල‍්ලක‍්ඛෙත්‍වාව තසරපච‍්ඡිං උපනාමෙන‍්තියා තසරපච‍්ඡි වෙමකොටියං පටිහඤ‍්ඤිත්‍වා සද‍්දං කුරුමානා පති. සො පබුජ‍්ඣිත්‍වා ගහිතනිමිත‍්තෙනෙව වෙමකොටිං ආකඩ‍්ඪි. වෙමකොටි ගන‍්ත්‍වා තං කුමාරිකං උරෙ පහරි, සා තත්‍ථෙව කාලං කත්‍වා තුසිතභවනෙ නිබ‍්බත‍්ති. අථස‍්සා පිතා තං ඔලොකෙන‍්තො සකලසරීරෙන ලොහිතමක‍්ඛිතෙන පතිත්‍වා මතං අද‍්දස. අථස‍්ස මහාසොකො උප‍්පජ‍්ජි. සො “න මම සොකං අඤ‍්ඤො නිබ‍්බාපෙතුං සක‍්ඛිස‍්සතී”ති රොදන‍්තො සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා තමත්‍ථං ආරොචෙත්‍වා, “භන‍්තෙ, සොකං මෙ නිබ‍්බාපෙථා”ති ආහ. සත්‍ථා තං සමස‍්සාසෙත්‍වා “මා සොචි, උපාසක. අනමතග‍්ගස‍්මිඤ‍්හි සංසාරෙ තව එවමෙව ධීතු මරණකාලෙ පග‍්ඝරිතඅස‍්සු චතුන‍්නං මහාසමුද‍්දානං උදකතො අතිරෙකතර”න‍්ති වත්‍වා අනමතග‍්ගකථං කථෙසි. සො තනුභූතසොකො සත්‍ථාරං පබ‍්බජ‍්ජං යාචිත්‍වා ලද‍්ධූපසම‍්පදො න චිරස‍්සෙව අරහත‍්තං පාපුණීති.

ඇයද නූල් පන්දුව ගෙන පියා වෙත ගියාය. ඇගේ පියාද වාඩි වී සිටිමින්ම නිදා සිටියේය. ඇයත් ඒ ගැන නොසිතාම නූල් පන්දුව ළං කළාය එම නූල් පන්දුවේ කෙළවර ඇති කැගසමින් වැටුනි. ඔහු අවදි වී ගන්නා ලද නිමිත්ත අනුවම පන්දුව ඇද්දේය. ලී කෙළවර ගොස් ඇගේ උරපත්තේ වැදුනි. එනිසා ඇය එහිම මියගොස් ඇද වැටුනි. අනතුරුව ඇගේ පියා මෙය බලා මුළු සිරුර ලෙසින් වැරි වැටෙනු දැක මහා ශෝකයක් ඇතිවුනි. කිසිවෙකුටත් මගේ ශෝකය නිවන්නට නොහැකියයි ඇඬමින් බුදුවෙත ගොස් මේ ප්‍රවෘත්තිය පැවසුවේය. ස්වාමීනි මගේ ශෝකය නිවන්නැයි අයැද සිටියේය. බුදුන් වහන්සේ ඔහු සනසා ශෝක නොකරන්න. කෙළවරක් නොමැති මේ සසර ඔබගේ දුවනියන්ගේ මරණය නිසා හැඬු කඳුලු මේ සිව් මහසයුරේ ජලයටත් වඩා අධිකයයි දේශනාකර සසර ස්වභාවය පැවසුහ. මේ දැඩි සොව නිසාම ඔහු බුදුන්වෙත පැවිදි වී පසුව උපසම්පදාව ද ලබා නොබෝ දිනකින්ම අරහත්වයට පත්විය.

පෙසකාරධීතාවත්‍ථු සත‍්තමං.