යෙදුමෙන් කියවන්න

9. තිංසභික‍්ඛුවත්‍ථු අට‍්ඨකථා

9. තිංසභික‍්ඛුවත්‍ථු

9. භික්ෂූන් තිස්නමක් පිළිබඳ කථා පුවත

හංසාදිච‍්චපථෙති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො තිංස භික‍්ඛූ ආරබ‍්භ කථෙසි.

“හංසාදිච්චපථෙ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී භික්ෂූන් තිස්නමක් නිමිති කර ගෙන දේශනා කළහ.

එකස‍්මිඤ‍්හි දිවසෙ තිංසමත‍්තා දිසාවාසිකා භික‍්ඛූ සත්‍ථාරං උපසඞ‍්කමිංසු. ආනන්‍දත්‍ථෙරො සත්‍ථු වත‍්තකරණවෙලාය ආගන‍්ත්‍වා තෙ භික‍්ඛූ දිස‍්වා “සත්‍ථාරා ඉමෙහි සද‍්ධිං පටිසන්‍ථාරෙ කතෙ වත‍්තං කරිස‍්සාමී”ති ද‍්වාරකොට‍්ඨකෙ අට‍්ඨාසි. සත්‍ථාපි තෙහි සද‍්ධිං පටිසන්‍ථාරං කත්‍වා තෙසං සාරණීයධම‍්මං කථෙසි. තං සුත්‍වා තෙ සබ‍්බෙපි අරහත‍්තං පත්‍වා උප‍්පතිත්‍වා ආකාසෙන අගමිංසු. ආනන්‍දත්‍ථෙරො තෙසු චිරායන‍්තෙසු සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා, “භන‍්තෙ, ඉදානෙව තිංසමත‍්තා භික‍්ඛූ ආගතා, තෙ කුහි”න‍්ති පුච‍්ඡි. “ගතා, ආනන්‍දා”ති. “කතරෙන මග‍්ගෙන, භන‍්තෙ”ති? “ආකාසෙනානන්‍දා”ති. “කිං පන තෙ, භන‍්තෙ, ඛීණාසවා”ති? “ආමානන්‍ද, මම සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා අරහත‍්තං පත‍්තා”ති. තස‍්මිං පන ඛණෙ ආකාසෙන හංසා ආගමිංසු. සත්‍ථා “යස‍්ස ඛො පනානන්‍ද, චත‍්තාරො ඉද‍්ධිපාදා සුභාවිතා, සො හංසා විය ආකාසෙන ගච‍්ඡතී”ති වත්‍වා ඉමං ගාථමාහ –

එක් දිනක් ප්‍රාදේශිය දිසාවාසී භික්ෂූන් වහන්සේලා තිස් නමක් බුදුන් වෙත පැමිණියහ. ආනන්ද තෙරුන් බුදුන්ට උවටැන් කරන අවස්ථාවේදී පැමිණි එම භික්ෂූන් දැක බුදුරජාණන් වහන්සේ මේ අය සමග පිළිසඳර කථා කළ කල්හි වතාවත් කරමියි දොරටුවේ සිටියහ. බුදුරජාණන් වහන්සේද පිළිසඳර කථාකොට ඔවුන්ට සිහිකටයුතු ධර්ම කථාවක් පැවසුහ. එම කථාව අසා සියල්ලෝම රහත්බවට පත්ව ඉහළ අහසට නැග අහසින් වැඩම කළහ. ආනන්ද තෙරණුවෝ උන්වහන්සේලා ප්‍රමාදවෙනු දැක. බුදුන් වෙත එළඹ ස්වාමීනි මෙතැනට භික්ෂූන් තිස්නමක් පමණ පැමිණියහ. එම භික්ෂූන් කොහිදැයි විමසුහ. ආනන්ද ඔවුන් ගියහ. ස්වාමීනි මොන පාරෙන්ද? ආනන්ද ආකාශ මාර්ගයෙන් ඇයි ස්වාමීනි උන් වහන්සේලා රහත්හුද? එසේය ආනන්ද මගෙන් බණ අසා රහත්වුහ. එම අවස්ථාවේදීම හංසරැහන් අහසින් පියඹා ගියහ. ආනන්ද යම්කෙනෙක් මැනවින් සතර සෘද්ධිපාද වඩන ලද්දේද ඔහු හංසයින් ලෙස අහසින් යන්නේ යයි පවසා මෙම ගාථාව දෙසුහ.

“හංසාදිච‍්චපථෙ යන‍්ති, ආකාසෙ යන‍්ති ඉද‍්ධියා; නීයන‍්ති ධීරා ලොකම‍්හා, ජෙත්‍වා මාරං සවාහිනි”න‍්ති.

රණහංසයෝ පියඹායති අහස් කුස රහතුන් අහස් ගැබ යති ලැබ එර්දි බල නුවණැත්තෝ දිනා ගෙන ලොව නිවන් රස පරදා මරුන් මෙලොවින් යති උසස් ලෙස

“හංසයෝ අහසේ යති. ඍද්ධිමත්හුද අහසින් යති. ශ්‍රේෂ්ඨයෝ ලොව දිනා මරසෙනග පරදවා ලොවින් එතර වෙති.”

තස‍්සත්‍ථො – ඉමෙ හංසා ආදිච‍්චපථෙ ආකාසෙ ගච‍්ඡන‍්ති. යෙසං ඉද‍්ධිපාදා සුභාවිතා, තෙපි ආකාසෙ යන‍්ති ඉද‍්ධියා. ධීරා පණ‍්ඩිතා සවාහිනිං මාරං ජෙත්‍වා ඉමම‍්හා වට‍්ටලොකා නීයන‍්ති, නිබ‍්බානං පාපුණන‍්තීති අත්‍ථො.

එහි අරුත ඉමෙහංසා ආදිච්චපථෙ මෙම හංසයෝ අහසින් පියඹා යති යම් කෙනෙක් ඍද්ධිපාද මැනවින් වඩන ලද්දේද ඔවුන්ද ආකාසෙ යන්ති ඉද්ධියා - ඍද්ධි බලයෙන් අහසින් ගමන් කරති. ධීරාපි - නුවණැත්තෝ සේනා සහිත මාරයා පරාජය කොට - මේ සංසාර වට්ටයෙන් නික්මයති. නිවණට පැමිණෙති යන අරුතයි

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනය කෙළවර බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පත් වුහ.

තිංසභික‍්ඛුවත්‍ථු අට‍්ඨමං.