10. චිඤ්චමාණවිකාවත්ථු අට්ඨකථා
10. චිඤ්චමාණවිකාවත්ථු
10. චිඤ්චා මානවිකාව පිළිබඳ කථා පුවත
එකං ධම්මන්ති ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො චිඤ්චමාණවිකං ආරබ්භ කථෙසි.
“එකං ධම්මං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී චිඤ්ච මානවිකාව නිමිති කරගෙන දේශනා කළහ.
පඨමබොධියඤ්හි දසබලස්ස පුථුභූතෙසු සාවකෙසු අප්පමාණෙසු දෙවමනුස්සෙසු අරියභූමිං ඔක්කන්තෙසු පත්ථටෙ ගුණසමුදයෙ මහාලාභසක්කාරො උදපාදි. තිත්ථියා සූරියුග්ගමනෙ ඛජ්ජොපනකසදිසා අහෙසුං හතලාභසක්කාරා. තෙ අන්තරවීථියං ඨත්වා “කිං සමණො ගොතමොව බුද්ධො, මයම්පි බුද්ධා, කිං තස්සෙව දින්නං මහප්ඵලං, අම්හාකම්පි දින්නං මහප්ඵලමෙව, අම්හාකම්පි දෙථ සක්කරොථා”ති එවං මනුස්සෙ විඤ්ඤාපෙන්තාපි ලාභසක්කාරං අලභිත්වා රහො සන්නිපතිත්වා “කෙන නු ඛො උපායෙන සමණස්ස ගොතමස්ස මනුස්සානං අන්තරෙ අවණ්ණං උප්පාදෙත්වා ලාභසක්කාරං නාසෙය්යාමා”ති චින්තයිංසු.
ප්‍රථම බෝධියේ දීම දශබලධාරීන් වහන්සේට ඇති වූ පෘථුල ශ්‍රාවක පිරිස නිසාද ආර්ය භූමියට පත් දෙව් මිනිසුන් නිසාද, ඇති වු මුනිගුණ සමුදාය නිසාද, ගුණ කීර්තනය නිසාද මහත් ලාභ සත්කාර උපන්හ. තීර්ථකයෝ සුර්යයා පායන විට කලාමැදිරියන් සේ වූහ. ලාභසත්කාර නැති ව තීර්ථකයෝ වීථිය මැද වාඩිගෙන කිම භවත් ගෞතමයන් පමණක්ද බුද්ධ වුයේ අපිදු බුදුන් වෙමු. එනිසා ඔහුට පමණක් නොව අපට දුන් දෙයද මහත්පල වන්නේය. අපට ද දන් දෙන්න. අපට ද සත්කාර කරන්න. යනුවෙන් මිනිසුන් දැනුවත් කළද ලාභ සත්කාර නොලැබ රහස් තැනක එක් රැස්වී කවර උපායකින් භවත් ගෞතමයන්ට මිනිසුන් අතර අපහාසයක් කර අපකීර්තියක් ඇතිකර ලැබෙන ලාභ සත්කාර නැති කරවයි නිගමනය කළහ.
තදා සාවත්ථියං චිඤ්චමාණවිකා නාමෙකා පරිබ්බාජිකා උත්තමරූපධරා සොභග්ගප්පත්තා දෙවච්ඡරා විය. අස්සා සරීරතො රස්මියො නිච්ඡරන්ති. අථෙකො ඛරමන්තී එවමාහ – “චිඤ්චමාණවිකං පටිච්ච සමණස්ස ගොතමස්ස අවණ්ණං උප්පාදෙත්වා ලාභසක්කාරං නාසෙස්සාමා”ති. තෙ “අත්ථෙකො උපායො”ති සම්පටිච්ඡිංසු. අථ සා තිත්ථියාරාමං ගන්ත්වා වන්දිත්වා අට්ඨාසි, තිත්ථියා තාය සද්ධිං න කථෙසුං. සා “කො නු ඛො මෙ දොසො”ති යාවතතියං “වන්දාමි, අය්යා”ති වත්වා, “අය්යා, කො නු ඛො මෙ දොසො, කිං මයා සද්ධිං න කථෙථා”ති ආහ. “භගිනි, සමණං ගොතමං අම්හෙ විහෙඨයන්තං හතලාභසක්කාරෙ කත්වා විචරන්තං න ජානාසී”ති? “න ජානාමි, අය්යා, කිං පනෙත්ථ මයා කත්තබ්බ”න්ති. “සචෙ ත්වං, භගිනි, අම්හාකං සුඛමිච්ඡසි, අත්තානං පටිච්ච සමණස්ස ගොතමස්ස අවණ්ණං උප්පාදෙත්වා ලාභසක්කාරං නාසෙහී”ති.
එකල සැවැත් නුවර චිඤ්චා නම් වූ පරිබ්‍රාජක රූමත් දෙවඟනකට සමානවු මෙනෙවියක් සිටියාය. ඇගේ සිරුරින් රශ්මිය විහිදේ අනතුරුව රළුවූ ස්වභාව ඇති එකෙක් චිඤ්චා මානවිකාව නිමිති කරගෙන භවත් ගෞතමයන්ට අවමන් කොට ලාභ නසා දමමුයි කතිකා කරගන්න. මෙය අර්ථවත් උපායකැයි ඔහු කල්පනා කළහ. මේ වනවිට ඇය තීර්ථකාරාමයට ගොස් වැඳසිටියාය. තීර්ථකයෝ ඇය සමග කථානොකළහ. ඕ තොමෝ මගේ කිසියම් දෝෂයක් වරදක් ඇත්දැයි සිතා ආර්යන් වහන්ස තුන්වරක් වැන්දාය. ඇය හා කථා නොකළහ. ආර්යන් වහන්ස මගේ කවර වරදක්ද ඇයි මා හා කථා කරන්නේ නැත්තේ මෙලෙසින් ප්‍රශ්න කළ විට පිළිතුරු දෙමින් සොහොයුරිය ශ්‍රමණ ගෞතමයන් අපව පෙළෙමින් ලාභසත්කාර නැතිකරමින් හැසිරෙන අයුරු නොදන්නේද? නොදනිමි ආර්යයන් වහන්ස, අප විසින් කුමක් කරමුද? ඉදින් නැගණිය අපට සැප කැමතීනම් ඔබ නිසා ගෞතමයන්ට අපකීර්තියක් උපදවා ලාභ සත්කාර වසා දමන්න.
සා “සාධු, අය්යා, මය්හංවෙසො භාරො, මා චින්තයිත්ථා”ති වත්වා පක්කමිත්වා ඉත්ථිමායාසු කුසලතාය තතො පට්ඨාය සාවත්ථිවාසීනං ධම්මකථං සුත්වා ජෙතවනා නික්ඛමනසමයෙ ඉන්දගොපකවණ්ණං පටං පාරුපිත්වා ගන්ධමාලාදිහත්ථා ජෙතවනාභිමුඛී ගච්ඡති. “ඉමාය වෙලාය කුහිං ගච්ඡසී”ති වුත්තෙ, “කිං තුම්හාකං මම ගමනට්ඨානෙනා”ති වත්වා ජෙතවනසමීපෙ තිත්ථියාරාමෙ වසිත්වා පාතොව “අග්ගවන්දනං වන්දිස්සාමා”ති නගරා නික්ඛමන්තෙ උපාසකජනෙ ජෙතවනස්ස අන්තොවුට්ඨා විය හුත්වා නගරං පවිසති. “කුහිං වුට්ඨාසී”ති වුත්තෙ, “කිං තුම්හාකං මම වුට්ඨට්ඨානෙනා”ති වත්වා මාසද්ධමාසච්චයෙන පුච්ඡියමානා ජෙතවනෙ සමණෙන ගොතමෙන සද්ධිං එකගන්ධකුටියා වුට්ඨාම්හීති. පුථුජ්ජනානං “සච්චං නු ඛො එතං, නො”ති කඞ්ඛං උප්පාදෙත්වා තෙමාසචතුමාසච්චයෙන පිලොතිකාහි උදරං වෙඨෙත්වා ගබ්භිනිවණ්ණං දස්සෙත්වා උපරි රත්තපටං පාරුපිත්වා “සමණං ගොතමං පටිච්ච ගබ්භො උප්පන්නො”ති අන්ධබාලෙ සද්දහාපෙත්වා අට්ඨනවමාසච්චයෙන උදරෙ දාරුමණ්ඩලිකං බන්ධිත්වා උපරි පටං පාරුපිත්වා හත්ථපාදපිට්ඨියො ගොහනුකෙන කොට්ටාපෙත්වා උස්සදෙ දස්සෙත්වා කිලන්තින්ද්රියා හුත්වා සායන්හසමයෙ තථාගතෙ අලඞ්කතධම්මාසනෙ නිසීදිත්වා ධම්මං දෙසෙන්තෙ ධම්මසභං ගන්ත්වා තථාගතස්ස පුරතො ඨත්වා, “මහාසමණ, මහාජනස්ස තාව ධම්මං දෙසෙසි, මධුරො තෙ සද්දො, සම්ඵුසිතං දන්තාවරණං. අහං පන තං පටිච්ච ගබ්භං ලභිත්වා පරිපුණ්ණගබ්භා ජාතා, නෙව මෙ සූතිඝරං ජානාසි, සප්පිතෙලාදීනි සයං අකරොන්තො උපට්ඨාකානම්පි අඤ්ඤතරං කොසලරාජානං වා අනාථපිණ්ඩිකං වා විසාඛං උපාසිකං වා ‘ඉමිස්සා චිඤ්චමාණවිකාය කත්තබ්බයුත්තකං කරොහී’ති න වදෙසි, අභිරමිතුංයෙව ජානාසි, ගබ්භපරිහාරං න ජානාසී”ති ගූථපිණ්ඩං ගහෙත්වා චන්දමණ්ඩලං දූසෙතුං වායමන්තී විය පරිසමජ්ඣෙ තථාගතං අක්කොසි. තථාගතො ධම්මකථං ඨපෙත්වා සීහො විය අභිනදන්තො, “භගිනි, තයා කථිතස්ස තථභාවං වා විතථභාවං වා අහමෙව ච ත්වඤ්ච ජානාමා”ති ආහ. “ආම, මහාසමණ, තයා ච මයා ච ඤාතභාවෙනෙතං ජාත”න්ති.
හොඳයි ආර්යයන් මට එහි වගකීම භාරයි. ඒ ගැන නොසිතන්නැයි කියා ගොස් ස්ත්‍රීහු මායම් පෑමට දක්ෂ නිසා එදින සිට සැවැත් නුවරවාසීන් ධර්ම කථා අසා දෙමින් නික්ම යන අවස්ථාවේ දී රතිඳුගොව්වන්ගේ පාටින් සළුවක් පොරවා ගෙන සුවඳ වර්ග මල් ආදිය ගත් අතින් දෙව්රම් වෙහෙර දෙසට යන්නීය. මේ වෙලාවේ කොහේ යන්නේදැයි ප්‍රශ්න කළ විට ඔබලාට මොකද? මම යන තැනින් වැඩක් තිබේයි කියා දෙව්රම අසල තීර්ථක ආරාමයක සිට අළුයම උතුම් වූ වන්දනාව වඳිනෙමුයි නාගරිකයෝ දෙව්රමට යන අවස්ථාවේදී උපාසක ජනයාට දෙව්රම ඇතුළේ සිට එන්නියක ලෙසට අඟවා නගරයට ඇතුළුවෙයි. කොහි සිටියේදැයි විමසු විට මම සිටි තැන් නුඹලාට මොකටදැයි කියා මාස එක හමාරක් පමණ ගිය විට එසේ අසන අයට මම දෙව්රම ගන්ධ කුටියේ බුදු එකට සිටියෙමියි පවසයි. පුහුදුන් අයට මෙය ඇත්තක්ද? නැත්දැයි සැකයක් ඇති කරවීය. තෙමසක් සිවුමසක් ගතවුවිට රෙදිවලින් බඩ ඔතා ගැබිණියකගේ ස්වරූපය දක්වමින් උඩින් රතුපාටක් පෙරවාගෙන ගෞතමයන් නිසා දරුගැබක් ඇතිවි යයි. අඳබාලයන් ග්‍රහණය කරගෙන අට මසක් නව මසක් ගතවූවිට උදරයේ දර මිටියක් බැඳ ඒ මත තවත් සළුවක් පෙරවාගෙන අත් පා පිට ගොන් හත්තකින් තලා උඩට නෙරා ඇති ලෙසට දක්වා උඩින් සළුවක් පෙරවාගෙන ක්ලාන්ත වූ රූපයක් පෙන්වමින් සවස් යාමයේ තථාගතයන් වහන්සේ අලංකාර ධර්මාසනයේ වැඩහිඳ ධර්මය දේශනා කරමින් සිටින අතර ධම්සභා මණ්ඩපයට ගොස් බුදුන් ඉදිරියේ සිට මහා ශ්‍රමණය මහජනයාට ඔබ ධර්මය පමණක් දේශනා කරයි. ඔබේ හඩ බොහෝ මිහිරිය, මැනවින් දත් පිහිටා තිබේ. මම ඔබනිසා දරුගැබක් පිහිටා දැන් එය මෝරා ඇත. ඇයි මට තිඹිරිගෙයක් නොදනීද? කොසොල් රජු හෝ, අනේපිඩු සිටු හෝ විශාඛා උපාසිකාව හෝ කැඳවා, මේ කාන්තාවට අවශ්‍ය කටයුතු කාර්යයන් ඉටුකරන ලෙස කියයි, ගැබ් පෙරහැර සකස් කරන ලෙස කියන්නයි, තෙල් ගිතෙල් ආදි ගැබ් පෙළහරට අවශ්‍ය දේ නොදනීද? මේ ලෙස අසුරු පිඬක් ගෙන සඳමඩල නැති කරනලෙසට උත්සහ කරන්නියක සේ පිරිස මැද බුදුරජාණන් වහන්සේට අපහාස කළාය. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනය නවතා සිංහයෙකු ලෙසට හඩනගමින් නැගණිය, ඔබ කීදෙහි සත්‍යය බව හෝ බොරු බව මමත් ඔබත් පමණක් දනිමු යනුවෙන් පැවසුහ. එසේය මහා ශ්‍රමණය ඔබ හා මම පමණක් දන්නා බව කවරෙක් නො දනීද?
තස්මිං ඛණෙ සක්කස්ස ආසනං උණ්හාකාරං දස්සෙසි. සො ආවජ්ජමානො “චිඤ්චමාණවිකා තථාගතං අභූතෙන අක්කොසතී”ති ඤත්වා “ඉදං වත්ථුං සොධෙස්සාමී”ති චතූහි දෙවපුත්තෙහි සද්ධිං ආගමි. දෙවපුත්තා මූසිකපොතකා හුත්වා දාරුමණ්ඩලිකස්ස බන්ධනරජ්ජුකෙ එකප්පහාරෙනෙව ඡින්දිංසු, පාරුතපටං වාතො උක්ඛිපි, දාරුමණ්ඩලිකං පතමානං තස්සා පාදපිට්ඨියං පති, උභො අග්ගපාදා ඡිජ්ජිංසු. මනුස්සා “ධී කාළකණ්ණි, සම්මාසම්බුද්ධං අක්කොසී”ති සීසෙ ඛෙළං පාතෙත්වා ලෙඩ්ඩුදණ්ඩාදිහත්තා ජෙතවනා නීහරිංසු. අථස්සා තථාගතස්ස චක්ඛුපථං අතික්කන්තකාලෙ මහාපථවී භිජ්ජිත්වා විවරමදාසි, අවීචිතො අග්ගිජාලා උට්ඨහි. සා කුලදත්තියං කම්බලං පාරුපමානා විය ගන්ත්වා අවීචිම්හි නිබ්බත්ති.
මේ අවස්ථාවේදී සක්දෙවිඳුගේ අසුන උණුවිය. ඔහු විමසා බලන්නේ චිඤ්චා බුදුන්ට අභූත චෝදනා කරන්නේ යයි දැන මෙය පිරිසිදු කරමියි දෙතුන් හතර දෙනෙක් සමග පැමිණියේය. දෙතුන් සිව්දෙන මී පැටවුන් සිව් දෙනෙකු වී දර මිටිය බැදී රැහැනත් සමග එකවරම කපාදැමුහ. පෙරවාසිටි සළුව සුළගින් එසවුනි. ලිහුණු දරමිටිය ඇගේ පාපිට පතිත විය. පා දෙකේම ඇඟිලි කැඩුනි. මිනිස්සු නින්දිත කාලකන්ණිය බුදුන්ට අපහාස කරන්නේයැයි හිසට කෙළගසා ගල් දඬු ආදියෙන් පහර දී දෙමින් නෙරපා හැරූහ. ඉක්බිති බුදුන්ගේ ඇහමුවෙන් ඉවත් වී යන විට මහපොළව විවර වී අවීචියෙන් ගිනි දළු මතුවී දැඩි කම්බලයක් පෙරවන්නා සේ ගිනිදළු වලින් වෙලී අවිචියේ උපත ලැබීය.
අඤ්ඤතිත්ථියානං ලාභසක්කාරො පරිහායි, දසබලස්ස භිය්යොසොමත්තාය වඩ්ඪි. පුනදිවසෙ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං, “ආවුසො, චිඤ්චමාණවිකා එවං උළාරගුණං අග්ගදක්ඛිණෙය්යං සම්මාසම්බුද්ධං අභූතෙන අක්කොසිත්වා මහාවිනාසං පත්තා”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි එසා මං අභූතෙන අක්කොසිත්වා විනාසං පත්තායෙවා”ති වත්වා –
අන්‍ය තීර්ථකයන්ගේ ලාභ සත්කාර පිරිහුනි. බුදුරජාණන් වහන්සේට ලාභ වැඩි විය. දෙවන දින දසභාවේදී කථාවක් උපති. ඇවැත්නි චිඤ්චා මානවිකාව මෙලෙස උදාරගුණ ඇති අග දක්ෂිණාර්ථ වූ සම්මා සම්බුදුන්ට අමූලික වු බොරුවෙන් අපහාස නින්දා කර මහා විනාශයකට පත්වූවාය. මෙලෙස කථා කරමින් සිටියදී තථාගතයන් වහන්සේ පැමිණ මා පැමිණිමට පෙර කිනම් කථාවකින් යුතුව සිටියාහුදැයි විමසුහ. මේ සිදුවීමයයි පැවසු විට මහණෙනි මැය දැන් පමණක් නොව පෙරද මට අභූත චෝදනා වෙන් අපහාසකර විනාශයට පත්වූවායි පවසා මේ ගාථාව පැවසුහ.
“නාදට්ඨා පරතො දොසං, අණුං ථූලානි සබ්බසො; ඉස්සරො පණයෙ දණ්ඩං, සාමං අප්පටිවෙක්ඛියා”ති. –
රජු අන් අය පිළිබඳ ලොකු කුඩා කවර දොෂයක් හෝ හැම අයුරින් නොදැක නො විමසා තමා මැ පරීක්ෂා නොකර දඩුවම් නො පමුණුවන්නේය.
ඉමං ද්වාදසනිපාතෙ මහාපදුමජාතකං (ජා· 1.12.106) විත්ථාරෙත්වා කථෙසි –
මේ දොළොස් වැනි නිපාතයේ දී මහපදුම ජාතකය විස්තර කර දේශනා කළහ.
තදා කිරෙසා මහාපදුමකුමාරස්ස බොධිසත්තස්ස මාතු සපත්තී රඤ්ඤො අග්ගමහෙසී හුත්වා මහාසත්තං අසද්ධම්මෙන නිමන්තෙත්වා තස්ස මනං අලභිත්වා අත්තනාව අත්තනි විප්පකාරං කත්වා ගිලානාලයං දස්සෙත්වා “තව පුත්තො මං අනිච්ඡන්තිං ඉමං විප්පකාරං පාපෙසී”ති රඤ්ඤො ආරොචෙසි. රාජා කුද්ධො මහාසත්තං චොරපපාතෙ ඛිපි.
එකල මේ චිඤ්චා බෝධිසත්ව මහා පදුම කුමාරයා ගේ පියාගේ දෙවැනි බිරිඳ හා අගමෙහෙසිය වී බෝසතුන්ට අසද්ධර්මයෙන් ආරාධනාකර ඔහුගේ සිත් එකගකරවා ගැනීමට නොහැකිව තමන් තමන්ටම විනාශයක් කර ගිලන්වූ බව පෙන්වා ඔබේ පුතා මම අකමැතිව මේ විපතට හෙලී යයි (බොරුගොතා) රජුට දැන්වුවාය. රජු කිපී මහසත් චෝර පබ්බතයෙන් හෙලීය.
අථ නං පබ්බතකුච්ඡියං අධිවත්ථා දෙවතා පටිග්ගහෙත්වා නාගරාජස්ස ඵණගබ්භෙ පතිට්ඨපෙසි. නාගරාජා තං නාගභවනං නෙත්වා උපඩ්ඪරජ්ජෙන සම්මානෙසි. සො තත්ථ සංවච්ඡරං වසිත්වා පබ්බජිතුකාමො හිමවන්තප්පදෙසං පත්වා පබ්බජිත්වා ඣානාභිඤ්ඤායො නිබ්බත්තෙසි. අථ නං එකො වනචරකො දිස්වා රඤ්ඤො ආරොචෙසි. රාජා තස්ස සන්තිකං ගන්ත්වා කතපටිසන්ථාරො සබ්බං තං පවත්තිං ඤත්වා මහාසත්තං රජ්ජෙන නිමන්තෙත්වා තෙන “මය්හං රජ්ජෙන කිච්චං නත්ථි, ත්වං පන දස රාජධම්මෙ අකොපෙත්වා අගතිගමනං පහාය ධම්මෙන රජ්ජං කාරෙහී”ති ඔවදිතො උට්ඨායාසනා රොදිත්වා නගරං ගච්ඡන්තො අන්තරාමග්ගෙ අමච්චෙ පුච්ඡි – “අහං කං නිස්සාය එවං ආචාරසම්පන්නෙන පුත්තෙන වියොගං පත්තො”ති? “අග්ගමහෙසිං නිස්සාය, දෙවා”ති. රාජා තං උද්ධංපාදං ගහෙත්වා චොරපපාතෙ ඛිපාපෙත්වා නගරං පවිසිත්වා ධම්මෙන රජ්ජං කාරෙසි. තදා මහාපදුමකුමාරො සත්ථා අහොසි, මාතු සපත්තී චිඤ්චමාණවිකාති.
පර්වත කුහරයක වැසි දෙවියෙක් පිළිගෙන නා රාජයාගේ පෙන මතුවේ තැබීය නා ඔහු නා ලොවට ගෙන ගොස් රාජ්‍යයෙන් අඩක් දී පිදීය. ඔහු නා ලොව වසරක් වාසයකර පැවිදි වෙනු කැමතිව හිමාල ප්‍රදේශයට ගොස් පැවිදිවී ධ්‍යාන අභිඥා ඇතිකර ගත්තේය. අනතුරුව එක් වනචර පුද්ගලයෙක් ඔහු දැක රජුට ඒ පිළිබඳව දැන්වීය. රජු ඔහු වෙත ගොස් පිළිසඳර කථාකොට සියලු ප්‍රවෘත්තිය දැනගෙන බෝධිසත්ත්වයන්ට රාජ්‍යය බාරගන්නට නියම කළේය. එහි දී බෝසත් පුතණුවන් මට රාජ්‍යයෙන් වැඩ නැත. නුඹ දසරාජ ධර්මයන් අවුනොකර අගති ගමනය අත්හැර ධර්මයෙන් රාජ්‍යය කරන්නැයි අවවාද දුන්පසුව රජු අසුනෙන් නැගිට වඩා වැළපී නුවරට යන්නේ අතර මගදී ඇමතියන්ගෙන් විමසුවේය. මම කවුරු නිසා මෙබඳු ආචාර සම්පන්නයාගෙන් වියෝගයට පත්වුවේ දැයි දේවයන් වහන්ස ඔබතුමාගේ අගබිසව නිසාය. රජු ඇය හිස යටට සිටින සේ දෙපසින් අල්ලා චෝර පබතයෙන් හෙලා නුවරට පිවිස ධර්මයෙන් රාජ්‍යය කළේය. එදා මහාපදුම කුමරු බෝසතුන් විය. සපත්නී මව (කුඩම්මා) චිඤ්චි මානවිකා වුවාය.
සත්ථා ඉමමත්ථං පකාසෙත්වා, “භික්ඛවෙ, එකං ධම්මඤ්හි සච්චවචනං පහාය මුසාවාදෙ පතිට්ඨිතානං විස්සට්ඨපරලොකානං අකත්තබ්බපාපකම්මං නාම නත්ථී”ති වත්වා ඉමං ගාථමාහ –
බුදුහු මේ එකම අර්ථය ප්‍රකාශ කොට මහණෙනි එකම ධර්මය වන සත්‍යය අත්හැර බොරු කියන්නන් පරලොව නසාගෙන නොකළහැකි කිසිදු පාපකර්මයක් නම් නැතැයි මේ ගාථාව දේශනා කළහ.
“එකං ධම්මං අතීතස්ස, මුසාවාදිස්ස ජන්තුනො; විතිණ්ණපරලොකස්ස, නත්ථි පාපං අකාරිය”න්ති.
පරලොවක් නොසිතා ඇත්ත සගවන බොරුම කියනා මහ දනන්හට නොකළ හැකි වෙන පව්කමක් නැත.
එකම වාක් සත්‍යය ධර්මය ඉක්මවා බොරු කියන, හරණ ලද පරලෝඇති සත්වයා විසින් කළ නොහැකි වූ පාපයක් නැත.
තත්ථ එකං ධම්මන්ති සච්චං. මුසාවාදිස්සාති යස්ස දසසු වචනෙසු එකම්පි සච්චං නත්ථි, එවරූපස්ස මුසාවාදිනො. විතිණ්ණපරලොකස්සාති විස්සට්ඨපරලොකස්ස. එවරූපො හි මනුස්සසම්පත්තිං දෙවසම්පත්තිං අවසානෙ නිබ්බානසම්පත්තින්ති ඉමා තිස්සොපි සම්පත්තියො න පස්සති. නත්ථි පාපන්ති තස්ස එවරූපස්ස ඉදං නාම පාපං අකත්තබ්බන්ති නත්ථි.
එහි දී එකං ධම්මං - යනු සත්‍යයයි. මුසාවාදිස්ස යනු යමෙකුගේ වචන දහයක එකම සත්‍යයක් නැත්ද මෙබඳු බොරු කියන්නා විතිණ්ණපරලො කස්ස අත්හරණ ලද පරලොව ඇති එනම් මනුෂ්‍ය සම්පත්තිය - දෙලොව අවසානයේ නිබ්බාණ සම්පත්තිය යන සම්පත් තුනම නොලබයි. මෙබඳු බරපතල වෙනත් පවක් නැත.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනය කෙළවර බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පත් වුහ.
චිඤ්චමාණවිකාවත්ථු නවමං.