යෙදුමෙන් කියවන්න

11. අසදිසදානවත්‍ථු අට‍්ඨකථා

11. අසදිසදානවත්‍ථු

11. අසදිස දානය පිළිබඳ වූ කථා පුවත

න වෙ කදරියාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අසදිසදානං ආරබ‍්භ කථෙසි.

“නවෙ කදරියා” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී අසදෘෂ දානය පිරිනැමීම පිළිබඳව දේශනා කළහ.

එකස‍්මිඤ‍්හි සමයෙ සත්‍ථා චාරිකං චරිත්‍වා පඤ‍්චසතභික‍්ඛුපරිවාරො ජෙතවනං පාවිසි. රාජා විහාරං ගන‍්ත්‍වා සත්‍ථාරං නිමන‍්තෙත්‍වා පුනදිවසෙ ආගන‍්තුකදානං සජ‍්ජෙත්‍වා “දානං මෙ පස‍්සන‍්තූ”ති නාගරෙ පක‍්කොසි. නාගරා ආගන‍්ත්‍වා රඤ‍්ඤො දානං දිස‍්වා පුනදිවසෙ සත්‍ථාරං නිමන‍්තෙත්‍වා දානං සජ‍්ජෙත්‍වා “අම‍්හාකම‍්පි දානං, දෙවො, පස‍්සතූ”ති රඤ‍්ඤො පහිණිංසු. රාජා තෙසං දානං දිස‍්වා “ඉමෙහි මම දානතො උත‍්තරිතරං කතං, පුන දානං කරිස‍්සාමී”ති පුනදිවසෙපි දානං සජ‍්ජෙසි. නාගරාපි තං දිස‍්වා පුනදිවසෙ සජ‍්ජයිංසු. එවං නෙව රාජා නාගරෙ පරාජෙතුං සක‍්කොති, න නාගරා රාජානං. අථ ඡට‍්ඨෙ වාරෙ නාගරා සතගුණං සහස‍්සගුණං වඩ‍්ඪෙත්‍වා යථා න සක‍්කා හොති “ඉදං නාම ඉමෙසං දානෙ නත්‍ථී”ති වත‍්තුං, එවං දානං සජ‍්ජයිංසු. රාජා තං දිස‍්වා “සචාහං ඉමෙසං දානතො උත‍්තරිතරං කාතුං න සක‍්ඛිස‍්සාමි, කිං මෙ ජීවිතෙනා”ති උපායං චින‍්තෙන‍්තො නිපජ‍්ජි. අථ නං මල‍්ලිකා දෙවී උපසඞ‍්කමිත්‍වා, “කස‍්මා, මහාරාජ, එවං නිපන‍්නොසි, කෙන තෙ ඉන්‍ද්‍රියානි කිලන‍්තානි වියා”ති පුච‍්ඡි. රාජා ආහ – “න දානි ත්‍වං, දෙවි, ජානාසී”ති. “න ජානාමි, දෙවා”ති. සො තස‍්සා තමත්‍ථං ආරොචෙසි.

එක් දිනක් බුදුරජාණන් වහන්සේ චාරිකාවේ යෙදී පන්සියයක් භික්ෂූන් පිරිවරාගෙන දෙව්රම් වෙහෙරට පිවිසියහ. රජතුමා විහාරයට ගොස් බුදුන්ට ආරාධනාකර දෙවන දිනයේ ආගන්තුක දානය සාදා මගේ දානය ඇවිත් බලන්නැයි නගර වැසියන් කැඳවීය. නුවර වැස්සෝ අවුත් රජුගේ දානය දැක දෙවන දිනය සඳහා බුදුන්ට ආරාධනා කර දානය සකසා අප දෙන දානය රජතුමා දකීවායි රජුට පණිවිඩ යැවුහ. රජතුමා නාගරිකයන්ගේ දානය දැක බලා - මෙම දානය මගේ දානයට වඩා උතුම් යයි නැවත දානයක් දෙන්නෙමියි ඊළග දින දානයක් සුදානම් කළේය. එය බලා නාගරිකයෝද නැවත දානයක් සුදානම් කළහ. මෙලෙසින් රජුට නුවරුන් පරාජය කිරීමට නොහැකිවිය. හයවැනි වාරයේදී නුවර වැස්සෝ සියදහස් ගුණයෙන් වැඩිකර වඩා උතුම් දාන පිරිනැමුහ. රජු මේ දාන දැක මොවුන්ට වඩා වැඩිදාන පිරිනැමීමට නොහැකිය මගේ ජිවිතයෙන් වැඩක් නැතැයි සිතුවේය. මෙලෙස කලකිරි උපායක් සිතමින් නිදාගත්තේය. මේ අතර මල්ලිකා දේවිය පැමිණ ඇය මහරජ මෙලෙස වැතිරී සිටින්නේ ඇයි ! ඔබ කලාන්ත වී මෙන් සිටින්නේ කුමක් නිසාදැයි විමසුවාය. රජතුමා දේවිය ඔබ නොදනීද මම දන්නේ නැත දේවයනි. ඔහු ඇයට සිදුවූ දෙය පැවසුවේය.

අථ නං මල‍්ලිකා ආහ – “දෙව, මා චින‍්තයි, කහං තයා පථවිස‍්සරො රාජා නාගරෙහි පරාජියමානො දිට‍්ඨපුබ‍්බො වා සුතපුබ‍්බො වා, අහං තෙ දානං සංවිදහිස‍්සාමී”ති. ඉතිස‍්ස අසදිසදානං සංවිදහිතුකාමතාය එවං වත්‍වා, මහාරාජ, සාලකල්‍යාණිපදරෙහි පඤ‍්චන‍්නං භික‍්ඛුසතානං අන‍්තො ආවට‍්ටෙ නිසීදනමණ‍්ඩපං කාරෙහි, සෙසා බහිආවට‍්ටෙ නිසීදිස‍්සන‍්ති. පඤ‍්ච සෙතච‍්ඡත‍්තසතානි කාරෙහි, තානි ගහෙත්‍වා පඤ‍්චසතා හත්‍ථී පඤ‍්චන‍්නං භික‍්ඛුසතානං මත්‍ථකෙ ධාරයමානා ඨස‍්සන‍්ති. අට‍්ඨ වා දස වා රත‍්තසුවණ‍්ණනාවායො කාරෙහි, තා මණ‍්ඩපමජ‍්ඣෙ භවිස‍්සන‍්ති. ද‍්වින‍්නං ද‍්වින‍්නං භික‍්ඛූනං අන‍්තරෙ එකෙකා ඛත‍්තියධීතා නිසීදිත්‍වා ගන්‍ධෙ පිසිස‍්සති, එකෙකා ඛත‍්තියධීතා බීජනං ආදාය ද‍්වෙ ද‍්වෙ භික‍්ඛූ බීජමානා ඨස‍්සති, සෙසා ඛත‍්තියධීතරො පිසෙ පිසෙ ගන්‍ධෙ හරිත්‍වා සුවණ‍්ණනාවාසු පක‍්ඛිපිස‍්සන‍්ති, තාසු එකච‍්චා ඛත‍්තියධීතරො නීලුප‍්පලකලාපෙ ගහෙත්‍වා සුවණ‍්ණනාවාසු පක‍්ඛිත‍්තගන්‍ධෙ ආලොළෙත්‍වා වාසං ගාහාපෙස‍්සන‍්ති. නාගරානඤ‍්හිනෙව ඛත‍්තියධීතරො අත්‍ථි, න සෙතච‍්ඡත‍්තානි, න හත්‍ථිනො ච. ඉමෙහි කාරණෙහි නාගරා පරාජිස‍්සන‍්ති, එවං කරොහි, මහාරාජාති. රාජා “සාධු, දෙවි, කල්‍යාණං තෙ කථිත”න‍්ති තාය කථිතනියාමෙන සබ‍්බං කාරෙසි. එකස‍්ස පන භික‍්ඛුනො එකො හත්‍ථි නප‍්පහොසි. අථ රාජා මල‍්ලිකං ආහ – “භද‍්දෙ, එකස‍්ස භික‍්ඛුනො එකො හත්‍ථි නප‍්පහොති, කිං කරිස‍්සාමා”ති. “කිං, දෙව, පඤ‍්ච හත්‍ථිසතානි නත්‍ථී”ති? “අත්‍ථි, දෙවි, අවසෙසා දුට‍්ඨහත්‍ථිනො, තෙ භික‍්ඛූ දිස‍්වාව වෙරම‍්භවාතා විය චණ‍්ඩා හොන‍්තී”ති. “දෙව, අහං එකස‍්ස දුට‍්ඨහත්‍ථිපොතකස‍්ස ඡත‍්තං ගහෙත්‍වා තිට‍්ඨනට‍්ඨානං ජානාමී”ති. “කත්‍ථ නං ඨපෙස‍්සාමා”ති? “අය්‍යස‍්ස අඞ‍්ගුලිමාලස‍්ස සන‍්තිකෙ”ති. රාජා තථා කාරෙසි. හත්‍ථිපොතකො වාලධිං අන‍්තරසත්‍ථිම‍්හි පක‍්ඛිපිත්‍වා උභො කණ‍්ණෙ පාතෙත්‍වා අක‍්ඛීනි නිමිලෙත්‍වා අට‍්ඨාසි. මහාජනො “එවරූපස‍්ස නාම චණ‍්ඩහත්‍ථිනො අයමාකාරො”ති හත්‍ථිමෙව ඔලොකෙසි.

අනතුරුව මල්ලිකා දේවිය මෙසේ පැවසුවාය - දේවයනි නොසිතන්න. පෘථවිශ්වර වූ ඔබ නාගරිකයින්ට පරාජය වීමක් අසන්න දකින්න ලැබෙයිද? මම ඔබතුමන්ගේ දානය සංවිධානය කරන්නෙමි. අනතුරුව අසදෘෂ දානය සංවිධානය කරමින් සල් ලෑලිවලින් පන්සියයක් භික්ෂූන්ට වැඩසිටීම සඳහා රවුමට අසුන් පනවන්න. පන්සියයක් කුඩ තබන්නැයි පැවසුවාය. මේ කුඩ පන්සියයක් ඇතුන් විසින් දරණු ඇත. මැණික්මය වූ හෝ රන්මය වූ නැව් අටක් හෝ දහයක් කරවන්න. ඒවා මණ්ඩපය මැද තබනු ලැබේ. භික්ෂූන් වහන්සේලා දෙනමක් අතර ක්‍ෂත්‍රිය කන්‍යාවක් වාඩිකරවා සුවඳ අඹරනු ඇත. එක් එක් ක්‍ෂත්‍රිය කන්‍යාවක් විජිනි පතක් ගෙන පවන් සලනු ඇත. අනෙක් ක්‍ෂත්‍රිය දුවණිවරු ඇඹරූ සුවඳ නැවට දමනු ලැබේ. ඔවුන් අතරින් එක් දුවක් නිල් උපුල් කළඹක් ගෙන රන් නෞකාවල දමන ලද. සුවඳ කුඩු කළඹ සුවඳ පතුරුවති. නගරවාසීන්ට ක්‍ෂත්‍රිය දුවණිවරු නැත. සුදු කුඩද නැත. ඇතුන්ද නැත. මෙම කරුණු නිසා නුවර වැසියෝ පරාජයට පත්වෙති. ඔබ විසින් යහපත් දෙයක්ම කියනලදී. ඔබ කිව් අයුරින්ම සියල්ල කරමි. මෙලෙස සුදානම් කරන අතර එක් භික්ෂුවකට ඇතෙක් මදිවිය. කුමක් කියන්නේද? ඇතුන් පන්සියයක් නැතිද? දේවිය ඇතුන් ඇත. එනමුත් අනෙක් ඇතුන් සැඩපරුෂය. ඔවුන් භික්ෂූන් වහන්සේලා දැක වේරම්භ වාතය සේ සැඩවන්නෝය. දේවයනි. මම එක් සැඩ පරුෂ ඇතෙක් සේසත දරමින් තැබියයුතු තැනක් දනිමි. ඒ කොහිද දේවිය. අංගුලිමාල ආර්යන් වහන්සේ ළඟයයි පැවසුවාය. රජතුමා එසේ තැබවීය. ඇත් පෝතකයා වලිගය කලවා අතර රුවාගෙන දෙකන් පොලාගෙන ඇස් වසා ගෙන සිටියේය. මහජනයා මෙබඳු සැඩ ඇතුන්ට නියම ආකාරයයි ඇතා දෙසම බලාසිටියහ.

රාජා බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං පරිවිසිත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා, “භන‍්තෙ, යං ඉමස‍්මිං දානග‍්ගෙ කප‍්පියභණ‍්ඩං වා අකප‍්පියභණ‍්ඩං වා, සබ‍්බං තං තුම‍්හාකමෙව දම‍්මී”ති ආහ. තස‍්මිං පන දානෙ එකදිවසෙනෙව පරිච‍්චත‍්තං චුද‍්දසකොටිධනං හොති. සත්‍ථු පන සෙතච‍්ඡත‍්තං නිසීදනපල‍්ලඞ‍්කො ආධාරකො පාදපීඨිකාති චත‍්තාරි අනග‍්ඝානෙව. පුන එවරූපං කත්‍වා බුද‍්ධානං දානං නාම දාතුං සමත්‍ථො නාහොසි, තෙනෙව තං “අසදිසදාන”න‍්ති පඤ‍්ඤායි. තං කිර සබ‍්බබුද‍්ධානං එකවාරං හොතියෙව, සබ‍්බෙසං පන ඉත්‍ථීයෙව සංවිදහති.

රජතුමා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට වළඳවා දමා බුදුන්ට වැඳ ස්වාමීනි! මේ දානයේ කැප භාණ්ඩ හෝ අකැප භාණ්ඩ හෝ සියල්ල ඔබවහන්සේට පුජා කරමියි පැවසුවේය. මෙම දානයේදී එකදිනකට වැය කළ මුදල කෝටි දාහතරක් විය. බුදුරජාණන් වහන්සේට පැනවූ සේසත වාඩිවන පුටුව මේසය පා පීඨය යන මේ භාණ්ඩ හතර ඉතා අධික වටිනාකමක් විය. එනිසාම අසදිස දාන නමින්ම ප්‍රසිද්ධවිය. එබඳු දානයක් බුදුවරුන්ට එක්වරක් පමණක් පවතී. සියල්ලම ස්ත්‍රීන් විසින් ම සංවිධානය කෙරෙති.

රඤ‍්ඤො පන කාළො ච ජුණ‍්හො චාති ද‍්වෙ අමච‍්චා අහෙසුං. තෙසු කාළො චින‍්තෙසි – “අහො රාජකුලස‍්ස පරිහානි, එකදිවසෙනෙව චුද‍්දසකොටිධනං ඛයං ගච‍්ඡති, ඉමෙ ඉමං දානං භුඤ‍්ජිත්‍වා ගන‍්ත්‍වා නිපන‍්නා නිද‍්දායිස‍්සන‍්ති, අහො නට‍්ඨං රාජකුල”න‍්ති. ජුණ‍්හො චින‍්තෙසි – “අහො රඤ‍්ඤො දානං සුදින‍්නං. න හි සක‍්කා රාජභාවෙ අට‍්ඨිතෙන එවරූපං දානං දාතුං, සබ‍්බසත‍්තානං පත‍්තිං අදෙන‍්තො නාම නත්‍ථි, අහං පනිදං දානං අනුමොදාමී”ති.

මේ කොසොල් රජතුමාට කාල හා ප්‍රේහ යනුවෙන් ඇමතිවරු දෙදෙනෙක් සිටියහ. ඒ දෙදෙනා අතරින් “කාල” මෙලෙස සිතුවේය. අහෝ රාජ කුලයේ පරිහානිය සිදුවේ. එක් දිනකට කෝටි දාහතරක් වැයවේ. මෙම භික්ෂූන් මේ දානය වළදා ගොස් වැතිරි නිදාගන්නාහුය. අහෝ රාජකුලය වැනසේ. යනුවෙනි. “ජුණ්හ” මෙසේ සිතුවේය. අහෝ රජුගේ දානය රජ නොවන කෙනෙකුට මෙබඳු දානයක් සියළු සත්ත්වයන්ට ප්‍රාප්ති දෙන්නේ නම් නැත. එනිසා මම මේ දානයේ පිං අනුමෝදන් වෙමියි යනුවෙනි.

සත්‍ථු භත‍්තකිච‍්චාවසානෙ රාජා අනුමොදනත්‍ථාය පත‍්තං ගණ‍්හි. සත්‍ථා චින‍්තෙසි – “රඤ‍්ඤා මහොඝං පවත‍්තෙන‍්තෙන විය මහාදානං දින‍්නං, අසක‍්ඛි නු ඛො මහාජනො චිත‍්තං පසාදෙතුං, උදාහු නො”ති. සො තෙසං අමච‍්චානං චිත‍්තාචාරං ඤත්‍වා “සචෙ රඤ‍්ඤො දානානුච‍්ඡවිකං අනුමොදනං කරිස‍්සාමි, කාළස‍්ස මුද‍්ධා සත‍්තධා ඵලිස‍්සති, ජුණ‍්හො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිස‍්සතී”ති ඤත්‍වා කාළෙ අනුකම‍්පං පටිච‍්ච එවරූපං දානං දත්‍වා ඨිතස‍්ස රඤ‍්ඤො චතුප‍්පදිකං ගාථමෙව වත්‍වා උට‍්ඨායාසනා විහාරං ගතො. භික‍්ඛූ අඞ‍්ගුලිමාලං පුච‍්ඡිංසු – “න කිං නු ඛො, ආවුසො, දුට‍්ඨහත්‍ථිං ඡත‍්තං ධාරෙත්‍වා ඨිතං දිස‍්වා භායී”ති? “න භායිං, ආවුසො”ති. තෙ සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා ආහංසු – “අඞ‍්ගුලිමාලො, භන‍්තෙ, අඤ‍්ඤං බ්‍යාකරොසී”ති. සත්‍ථා “න, භික‍්ඛවෙ, අඞ‍්ගුලිමාලො භායති. ඛීණාසවඋසභානඤ‍්හි අන‍්තරෙ ජෙට‍්ඨකඋසභා මම පුත‍්තසදිසා භික‍්ඛූ න භායන‍්තී”ති වත්‍වා බ්‍රාහ‍්මණවග‍්ගෙ ඉමං ගාථමාහ –

බුදුරජාණන් වහන්සේ දන් වළදා අවසානයේ අනුමෝදනය කරමියි පාත්‍රය ගත්හ. බුදුරජාණන් වහන්සේ මෙලෙස සිතූහ. මහරජ මහා සැඩ පහරක් මෙන් මහා දානයක් දෙන ලදී. මහජනයාට සිත ප්‍රසාදයට පත්වීමට හේතු වීද නොවීදැයි විමසා බලමින් ඇමතිවරු දෙදෙනාගේ සිත් ස්වභාය දැන ඉදින් රජුන්ගේ දානයට සුදුසු අනුමෝදනයක් කරන්නේ නම් කාල ඇමතිගේ හිස සක්කඩකට පැලේ. ජුණ්හ ඇමති සෝවාන් ඵලයට පත්වන්නේ යයි දැන - කාල කෙරෙහි අනුකම්පාවෙන් මෙතරම් මහත් දානයක් පිරිනැමු රජුට සතර පද ගාථාවක් පමණක් පවසා අසුනින් නැගිට විහාරයට වැඩමකළේ භික්ෂූන් විසින් අංගුලිමාල තෙරුන් විමසුහ. ඇවැත්නි. දුෂ්ටවූ ඇතා ජත්‍රය දරා සිටියදී ඔබ වහන්සේට බියක් ඇති නොවුවේද? නැහැ ඇවැත්නි මට බියක් ඇති නොවීය. එම භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ස්වාමීනි අංගුලිමාල තෙරුන් අනෙක් කරුණක් පවසන්නේ යයි පැවසුහ. මහණෙනි ! අංගුලිමාල බිය නොවේ රහත් උතුමෙකි. උතුම් වෘෂභ රාජයන් අතර ජ්‍යෙෂ්ඨ වෘෂභයා සමානව මගේ පුත් අංගුලිමාල බිය නොවේයි පවසා බ්‍රාහ්මණ වර්ගයේ මේ ගාථාව පැවසුහ.

“උසභං පවරං වීරං, මහෙසිං විජිතාවිනං; අනෙජං න‍්හාතකං බුද‍්ධං, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණ”න‍්ති. (ධ· ප· 422; සු· නි· 651);

තැති ගැන්මක් නොමැති උතුම් වෙර හා තෙද ඇති දිනු සතුරන් ඇති කෙළෙස් මල සෝදා හැරී සිව්සස් දහම් දත් රහතන් වහන්සේ බමුණෙකු වේය අරුතින්

ආජානීය වෘෂභ රාජයකු වැනි උතුම්වූ වීරිය වක්වූ මහර්ෂි වු මරුන් දිනු තෘෂ්ණා රහිත කෙළෙස්මල ශෝධා හල චතුරාර්යයට මුණිවරයා පත් බ්‍රාහ්මණයෙකැයි මම පවසමි.

රාජාපි දොමනස‍්සප‍්පත‍්තො “එවරූපාය නාම පරිසාය දානං දත්‍වා ඨිතස‍්ස මය‍්හං අනුච‍්ඡවිකං අනුමොදනං අකත්‍වා ගාථමෙව වත්‍වා සත්‍ථා උට‍්ඨායාසනා ගතො. මයා සත්‍ථු අනුච‍්ඡවිකං දානං අකත්‍වා අනනුච‍්ඡවිකං කතං භවිස‍්සති, කප‍්පියභණ‍්ඩං අදත්‍වා අකප‍්පියභණ‍්ඩං වා දින‍්නං භවිස‍්සති, සත්‍ථාරා මෙ කුපිතෙන භවිතබ‍්බං. එවඤ‍්හි අසදිසදානං නාම, දානානුරූපං අනුමොදනං කාතුං වට‍්ටතී”ති විහාරං ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එතදවොච –

රජුද දොම්නසට පත්ව මෙබඳු පිරිසකට දන්දී සිටි මට සුදුසු අනුමෝදනයක් නොකොට ගාථාවක් පමණක් පවසා නැගිට යන ලදී මවිසින් බුදුන්ට සුදුසු දානයක් නොකොට නුසුදුසු කථාවක් වන්නේය. කැප වු භාණ්ඩ නොදී අකැප භාණ්ඩ හෝ දෙන ලද්දේදැයි බුදුන් වහන්සේ මා කෙරෙහි කුපිතවුයේ වන්නේ යැයි ද සිව් කෙනෙකුන්ට දානයට අනුරූපව අනුමෝදනා කිරීම වටීයයි විහාරයට ගොස් බුදුන් වැඳ මෙලෙස පැවසීය.

“කිං නු ඛො මෙ, භන‍්තෙ, දාතබ‍්බයුත‍්තකං දානං න දින‍්නං, උදාහු දානානුරූපං කප‍්පියභණ‍්ඩං අදත්‍වා අකප‍්පියභණ‍්ඩමෙව දින‍්න”න‍්ති. “කිමෙතං, මහාරාජා”ති? “න මෙ තුම‍්හෙහි දානානුච‍්ඡවිකා අනුමොදනා කතා”ති? “මහාරාජ, අනුච‍්ඡවිකමෙව තෙ දානං දින‍්නං. එතඤ‍්හි අසදිසදානං නාම, එකස‍්ස බුද‍්ධස‍්ස එකවාරමෙව සක‍්කා දාතුං, පුන එවරූපං නාම දානං දුද‍්දද”න‍්ති. “අථ කස‍්මා, භන‍්තෙ, මෙ දානානුරූපං අනුමොදනං න කරිත්‍ථා”ති?

ස්වාමීනි ඇයි මවිසින් යුතු දානයක් නොදෙන ලද්දේද නොඑසේනම් නොදිය යුතු අකැපවු දේ දෙන ලද්දේද ඇයි මහරජ මම ඔබට සුදුසු වු අනුමෝදනයක් කරන ලදී ඔබ විසින් සුදුසු ම දානයක් දෙනලදී මෙබඳු අසදිස දානයක් බුදු කෙනෙක්ට ලැබෙන්නේ එක් වරක් පමණි. නැවත මෙබඳු දානයක් පිරිනැමීම අපහසුය. එසේ නම් ස්වාමීනි දානයට සුදුසු අනුමෝදනයක් නොකරන ලද්දේ කුමක් හෙයින්ද?

“පරිසාය අසුද‍්ධත‍්තා, මහාරාජා”ති. “කො නු ඛො, භන‍්තෙ, පරිසාය දොසො”ති? අථස‍්ස සත්‍ථා ද‍්වින‍්නම‍්පි අමච‍්චානං චිත‍්තාචාරං ආරොචෙත්‍වා කාළෙ අනුකම‍්පං පටිච‍්ච අනුමොදනාය අකතභාවං ආචික‍්ඛි. රාජා “සච‍්චං කිර තෙ, කාළ, එවං චින‍්තිත”න‍්ති පුච‍්ඡිත්‍වා “සච‍්ච”න‍්ති වුත‍්තෙ “තව සන‍්තකං අග‍්ගහෙත්‍වා මම පුත‍්තදාරෙහි සද‍්ධිං මයි අත‍්තනො සන‍්තකං දෙන‍්තෙ තුය‍්හං කා පීළා. ගච‍්ඡ, භො, යං තෙ මයා දින‍්නං, තං දින‍්නමෙව හොතු, රට‍්ඨතො පන මෙ නික‍්ඛමා”ති තං රට‍්ඨා නීහරිත්‍වා ජුණ‍්හං පක‍්කොසාපෙත්‍වා “සච‍්චං කිර තෙ එවං චින‍්තිත”න‍්ති පුච‍්ඡිත්‍වා “සච‍්ච”න‍්ති වුත‍්තෙ, “සාධු, මාතුල, පසන‍්නොස‍්මි, ත්‍වං මම පරිජනං ගහෙත්‍වා මයා දින‍්නනියාමෙනෙව සත‍්ත දිවසානි දානං දෙහී”ති සත‍්තාහං රජ‍්ජං නිය්‍යාදෙත්‍වා සත්‍ථාරං ආහ –

මහරජ පිරිස අපිරිසිදු හෙයිනි. ස්වාමීනි පිරිසේ කවර වරදක්ද මෙසේ විමසුවිට බුදුහු ඇමතිවරු දෙදෙනාගේ අදහස් සිතුවිලි දන්වා කාල කෙරෙහි අනුකම්පාවෙන් අනුමෝදනා දේශනය නොකළ බව පැවසුහ. රජතුමා කාල ඇමතිගෙන් මෙලෙස සිතුවේදැයි විමසා සත්‍යය බව පැවසුවිට ඔබ අයත් දේ නොගෙන මගේ අඹුදරුවන් සමග මා සතු දේ දෙනවිට ඔබට කවර පීඩාවක්ද? ම විසින් දෙන ලද දෙය එලෙසම වේවා මගේ රටින් පිටව යන්නයි. ඔහු රටින් පිටුවහල්කර ජුණ්හ ඇමති කැඳවා ඔබ මෙලෙස සිතීම සත්‍යක් දැයි විමසා සැබෑ බව පැවසුවිට තොප කෙරෙහි මම පැහැදුනෙමි. ඔබ මගේ සේවකයින් පරිවාර ජනයා සමග මම දෙන ලද ක්‍රමයෙන්ම සත් දිනක් දන් දෙන්න යයි සත් දිනකට රාජ්‍යය පවරාදී බුදුන්ට මෙසේ පැවසුවේය.

“පස‍්සථ, භන‍්තෙ, බාලස‍්ස කරණං, මයා එවං දින‍්නදානෙ පහාරමදාසී”ති. සත්‍ථා “ආම, මහාරාජ, බාලා නාම පරස‍්ස දානං අනභිනන්‍දිත්‍වා දුග‍්ගතිපරායණා හොන‍්ති, ධීරා පන පරෙසම‍්පි දානං අනුමොදිත්‍වා සග‍්ගපරායණා එව හොන‍්තී”ති වත්‍වා ඉමං ගාථමාහ –

ස්වාමීනි බලන්න අඥානයන්ගේ ස්වභාවය මා විසින් මෙලෙස දෙන ලද දානයට පහර ගැසීය. එසේය මහරජ අනුවණයෝ නම් අන් අයගේ දන්දීමට අසතුටුවී දුගති පරායන වෙති. උතුමෝ නම් අන් අයගේ දානයද අනුමෝදන් වී වර්ග පරායන වෙතියි පවසා මෙම ගාථාව දේශනා කළහ.

“න වෙ කදරියා දෙවලොකං වජන‍්ති, බාලා හවෙ නප‍්පසංසන‍්ති දානං; ධීරො ච දානං අනුමොදමානො, තෙනෙව සො හොති සුඛී පරත්‍ථා”ති.

ලෝහී අය කිසි දින දෙලොව නොයති අනුවණයෝ කිසිදා දානය ප්‍රශංසා නොකරති. නුවණැත්තෝ දානය අනුමෝදන් වී අන් අයගේ පිනෙන් පරලොව දී සුවය ලබති.

පරලොව සුව ලබා සැනසෙති නුවණ ඇත්තෝ දන් නො දෙන ඉසුරෝ දෙව් ලොව නොයති මසුරෝ

තත්‍ථ කදරියාති ථද‍්ධමච‍්ඡරිනො. බාලාති ඉධලොකපරලොකං අජානනකා. ධීරොති පණ‍්ඩිතො. සුඛී පරත්‍ථාති තෙනෙව සො දානානුමොදනපුඤ‍්ඤෙන පරලොකෙ දිබ‍්බසම‍්පත‍්තිං අනුභවමානො සුඛී හොතීති.

එහි කදරියානි - තද මසුරු අයයි. බාලාති මෙලොව පරලොව නොදන්නා අයයි. ධීරොති නුවණැති අයයි. සුඛී පරත්ථාති - දන් අනුමෝදන් වන පිනෙන් පරලොව දිව්‍ය සම්පත් අනුමෝදන්ව සුවයට පත්වෙති.

දෙසනාවසානෙ ජුණ‍්හො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි, සම‍්පත‍්තපරිසායපි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසි, ජුණ‍්හොපි සොතාපන‍්නො හුත්‍වා සත‍්තාහං රඤ‍්ඤා දින‍්නනියාමෙනෙව දානං අදාසීති.

දේශනය අවසන ඒ ජුණ්හ ඇමති සෝවාන් ඵලයට පත්විය. පැමිණි පිරිසද යහපතට පත්වූහ. ජුණ්හද සෝවාන් ඵලයට පත්ව සත්දිනක් රජතුමා දෙන ලද ආකාරයටම දන් දුන්නේය.

අසදිසදානවත්‍ථු දසමං.