යෙදුමෙන් කියවන්න

12. අනාථපිණ‍්ඩකපුත‍්තකාලවත්‍ථු අට‍්ඨකථා

12. අනාථපිණ‍්ඩකපුත‍්තකාලවත්‍ථු

12. අනේපිඬු සිටුගේ කාල නම් පුතණුවන් පිළිබඳ කථා පුවත

පථබ්‍යා එකරජ‍්ජෙනාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කාලං නාම අනාථපිණ‍්ඩිකස‍්ස පුත‍්තං ආරබ‍්භ කථෙසි.

“පථව්‍යා එක රජ්ජෙන” යන මෙම ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සැවත ජේතවනාරාමයේ වැඩසිටිය දි අනේ පිඬු සිටුවරයාගේ පුත් කාල නම් සිටුපුතා නිමිති කරගෙන දෙසුහ.

සො කිර තථාවිධස‍්ස සද‍්ධාසම‍්පන‍්නස‍්ස සෙට‍්ඨිනො පුත‍්තො හුත්‍වා නෙව සත්‍ථු සන‍්තිකං ගන‍්තුං, න ගෙහං ආගතකාලෙ දට‍්ඨුං, න ධම‍්මං සොතුං, න සඞ‍්ඝස‍්ස වෙය්‍යාවච‍්චං කාතුං ඉච‍්ඡති. පිතරා “මා එවං, තාත, කරී”ති වුත‍්තොපි තස‍්ස වචනං න සුණාති. අථස‍්ස පිතා චින‍්තෙසි – “අයං එවරූපං දිට‍්ඨිං ගහෙත්‍වා විචරන‍්තො අවීචිපරායණො භවිස‍්සති, න ඛො පනෙතං පතිරූපං, යං මයි පස‍්සන‍්තෙ මම පුත‍්තො නිරයං ගච‍්ඡෙය්‍ය. ඉමස‍්මිං ඛො පන ලොකෙ ධනදානෙන අභිජ‍්ජනකසත‍්තො නාම නත්‍ථි, ධනෙන නං භින්‍දිස‍්සාමී”ති. අථ නං ආහ – “තාත, උපොසථිකො හුත්‍වා විහාරං ගන‍්ත්‍වා ධම‍්මං සුත්‍වා එහි, කහාපණසතං තෙ දස‍්සාමී”ති.

මේ සිටුවර පුතා ඉතා ශ්‍රද්ධාවත් සිටුවරයාගේ පුතා වුවත් බුදුන් වෙත යාමටත් සිටු මැදුරට වැඩමකළ විට භික්ෂූන් දැකීමට හෝ ධර්මය ඇසීමටත් සංඝයා වහන්සේට වතාවත් කිරීමටත් කැමති නොවීය. පියා විසින් දරුව මෙසේ නොකරන්නැයි පැවසුවද ඔහුගේ වචනය පිළිගත්තේ නැත. ඇහුම්කම් නොදෙයි. මේ නිසා පියා මෙසේ සිතුවේය. මෙබඳු දෘෂ්ටියක් ඇතිව හැසිරීමෙන් අවීචි පරායණ වන්නේය. මෙය මට සුදුසු නොවේ. මා බලා සිටියදී මගේ පුතු නිරයට යාම නොගැළපෙයි. මෙලොව ධනය දීමෙන් නොකළ හැකි දෙයක් හෝ කෙනෙක් නම් නැත. ධනය දීමෙන් වෙනස් කරමියි ඉක්බිති සිටුවරයා ඔහුට මෙසේ කීවේය. දරුව පෙහෙවස් සමාදන්වී විහාරයට ගොස් ධර්මය අසා එන්න ඔබට කහවණු සියයක් දෙන්නෙමි.

දස‍්සථ, තාතාති. දස‍්සාමි, පුත‍්තාති. සො යාවතතියං පටිඤ‍්ඤං ගහෙත්‍වා උපොසථිකො හුත්‍වා විහාරං අගමාසි. ධම‍්මස‍්සවනෙන පනස‍්ස කිච‍්චං නත්‍ථි, යථාඵාසුකට‍්ඨානෙ සයිත්‍වා පාතොව ගෙහං අගමාසි. අථස‍්ස පිතා “පුත‍්තො මෙ උපොසථිකො අහොසි, සීඝමස‍්ස යාගුආදීනි ආහරථා”ති වත්‍වා දාපෙසි. සො “කහාපණෙ අග‍්ගහෙත්‍වා න භුඤ‍්ජිස‍්සාමී”ති ආහටාහටං පටික‍්ඛිපි. අථස‍්ස පිතා පීළං අසහන‍්තො කහාපණභණ‍්ඩං දාපෙසි. සො තං හත්‍ථෙන ගහෙත්‍වාව ආහාරං පරිභුඤ‍්ජි.

පියාණනි, ඔබ දෙන්නේද දෙන්නෙමි පුත- ඔහු තෙවරක්ම ප්‍රතිඥා ගෙන පෙහෙවස් සමාදන් වීමට විහාරයට ගියේය. ඔහුට ධර්මය ඇසීමෙන් ප්‍රයෝජනයක් නැත. පහසු ඇති තැනක නිදාගෙන උදයේම නිවසට ගියේය. අනතුරුව පිය සිටුවරයා මගේ පුතා පෙහෙවස් සමාදන් වී යයි වහ වහා ඔහුට කැඳ ආදිය දෙන්නැයි කියා දුනි. හේ කහවණු නොගෙන ආහාර නොගනිමියි ගෙන ආ සියළු දේ ප්‍රතික්‍ෂේප කළේය. අනතුරුව පියාණන් පීඩාව අකමැති වන්නේ කහවණු පොදිය දුන්නේය. ඔහු එය අතින් ගෙනම ආහාර ගත්තේත්ය.

අථ නං පුනදිවසෙ සෙට‍්ඨි, “තාත, කහාපණසහස‍්සං තෙ දස‍්සාමි, සත්‍ථු පුරතො ඨත්‍වා එකං ධම‍්මපදං උග‍්ගණ‍්හිත්‍වා ආගච‍්ඡෙය්‍යාසී”ති පෙසෙසි. සොපි විහාරං ගන‍්ත්‍වා සත්‍ථු පුරතො ඨත්‍වාව එකමෙව පදං උග‍්ගණ‍්හිත්‍වා පලායිතුකාමො අහොසි. අථස‍්ස සත්‍ථා අසල‍්ලක‍්ඛණාකාරං අකාසි. සො තං පදං අසල‍්ලක‍්ඛෙත්‍වා උපරිපදං උග‍්ගණ‍්හිස‍්සාමීති ඨත්‍වා අස‍්සොසියෙව. උග‍්ගණ‍්හිස‍්සාමීති සුණන‍්තොව කිර සක‍්කච‍්චං සුණාති නාම. එවඤ‍්ච කිර සුණන‍්තානං ධම‍්මො සොතාපත‍්තිමග‍්ගාදයො දෙති. සොපි උග‍්ගණ‍්හිස‍්සාමීති සුණාති, සත්‍ථාපිස‍්ස අසල‍්ලක‍්ඛණාකාරං කරොති. සො “උපරිපදං උග‍්ගණ‍්හිස‍්සාමී”ති ඨත්‍වා සුණන‍්තොව සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාසි.

අනතුරුව දෙවැනි දිනයේදී සිටුතුමා පුත ඔබට කහවණු දහසක් දෙන්නෙමියි බුදුන් ඉදිරියේ සිට එක දහම් පදයක් ඉගෙන එන්නැයි යැවීය. ඔහුද විහාරයට ගොස් බුදුන් ඉදිරියේ සිට එකම පදයක් ඉගෙන පළා යාමට සිතුවේය. ඉක්බිති තථාගතයන් වහන්සේ සිහියේ නොරඳන ලෙසට කටයුතු යෙදිය. ඔහු පළමු පදය නොසලකා දෙවැනි පදය ගන්නෙමියි. සිතා ඇසුවේය. ගනිමියි සලකා සිටිම සකසා මැනවින් ඇසීමක් නම් වෙයි. මෙලෙස අසන විට සෝවාන් ආදී මාර්ග ඵලයන් ලබා දෙයි. හෙතෙමේද උගනිමියි ඇහුම්කන් දෙයි. ශාස්තෲන් වහන්සේද, ඔහුට මතක නො සිටින සේම කරයි. හෙතෙම මතු පදයම උගනිමියි අසත්ම, සෝවාන් පෙලෙහි පිහිටියේය.

සො පුනදිවසෙ බුද‍්ධප‍්පමුඛෙන භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිංයෙව සාවත්‍ථිං පාවිසි. මහාසෙට‍්ඨි තං දිස‍්වා “අජ‍්ජ මම පුත‍්තස‍්ස ආකාරො රුච‍්චතී”ති චින‍්තෙසි. තස‍්සපි එතදහොසි – “අහො වත මෙ පිතා අජ‍්ජ සත්‍ථු සන‍්තිකෙ කහාපණෙ න දදෙය්‍ය, කහාපණකාරණා මය‍්හං උපොසථිකභාවං පටිච‍්ඡාදෙය්‍යා”ති. සත්‍ථා පනස‍්ස හිය්‍යොව කහාපණස‍්ස කාරණා උපොසථිකභාවං අඤ‍්ඤාසි.

ප්‍රමුඛ සංඝයා සමගම සැවතට පිවිසියේය. මහ සිටුවරයා එය දැක අද මගේ පුතුගේ ස්වරූපය ප්‍රියවේ. යයි සිතුවේය. ඔහුටද මෙසේ සිතුනි. අහෝ මගේ පියා අද බුදුන් ඉදිරියේ කහවණු නොදේද? කහවණු නිසා මම පෙහෙවස් සමාදන් වූ ආකාරය පවසයිද එහෙත් බුදුපියාණන් වහන්සේ බෙහෙවින් කහවණු නිසාම ඔහු පෙහෙවස් සමාදන් වු ආකාරය දැනගත්හ.

මහාසෙට‍්ඨි, බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස යාගුං දාපෙත්‍වා පුත‍්තස‍්සපි දාපෙසි. සො නිසීදිත්‍වා තුණ‍්හීභූතොව යාගුං පිවි, ඛාදනීයං ඛාදි, භත‍්තං භුඤ‍්ජි. මහාසෙට‍්ඨි සත්‍ථු භත‍්තකිච‍්චාවසානෙ පුත‍්තස‍්ස පුරතො සහස‍්සභණ‍්ඩිකං ඨපාපෙත්‍වා, “තාත, මයා තෙ ‘සහස‍්සං දස‍්සාමී’ති වත්‍වා උපොසථං සමාදාපෙත්‍වා විහාරං පහිතො. ඉදං තෙ සහස‍්ස”න‍්ති ආහ. සො සත්‍ථු පුරතො කහාපණෙ දිය්‍යමානෙ දිස‍්වා ලජ‍්ජන‍්තො “අලං මෙ කහාපණෙහී”ති වත්‍වා, “ගණ‍්හ, තාතා”ති වුච‍්චමානොපි න ගණ‍්හි. අථස‍්ස පිතා සත්‍ථාරං වන්‍දිත්‍වා, “භන‍්තෙ, අජ‍්ජ මෙ පුත‍්තස‍්ස ආකාරො රුච‍්චතී”ති වත්‍වා “කිං, මහාසෙට‍්ඨී”ති වුත‍්තෙ “මයා එස පුරිමදිවසෙ ‘කහාපණසතං තෙ දස‍්සාමී’ති වත්‍වා විහාරං පෙසිතො. පුනදිවසෙ කහාපණෙ අග‍්ගහෙත්‍වා භුඤ‍්ජිතුං න ඉච‍්ඡි, අජ‍්ජ පන දිය්‍යමානෙපි කහාපණෙ න ඉච‍්ඡතී”ති ආහ. සත්‍ථා “ආම, මහාසෙට‍්ඨි, අජ‍්ජ තව පුත‍්තස‍්ස චක‍්කවත‍්තිසම‍්පත‍්තිතොපි දෙවලොකබ්‍රහ‍්මලොකසම‍්පත‍්තීහිපි සොතාපත‍්තිඵලමෙව වර”න‍්ති වත්‍වා ඉමං ගාථමාහ –

මහ සිටුවරයා බුද්ධ ප්‍රමුඛ සංඝයාට කැඳ පිළිගන්වා පුතුට ද ප්‍රදානය කරවීය. ඔහු වාඩිවී නිහඩව කැඳ පානය කළේය. කෑ යුතු දෑ කා බත්ද අනුභව කළේය. මහසිටුවරයා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් පිරිනමා අවසානයේ පුතණුවන් ඉදිරියේ දහසක් බැඳි පියල්ල තබා දරුව මම ඔබට කහවණු දහසක් දෙන්නෙමියි කියා පෙහෙවස් සමාදන් කරවා විහාරයට යවන ලද්දේය. මේ ඒ පොරොන්දු වූ දහස ගන්නැයි පැවසුවේය. පුතා බුදුන් ඉදිරියේ කහවණු දෙන විට ලජ්ජාවූයේ මට කහවණුවලින් වැඩක් නැතැයි පවසා ගන්නැයි බලකරද්දීත් නොගත්තේය. අනතුරුව පියා බුදුන් වැද ස්වාමීනි අද මගේ පුතාගේ රූපය ප්‍රසන්න යැයි කියා මහ සිටුවරය හේතුව කුමක්දැයි ප්‍රශ්න කළ විට ස්වාමීනි මොහු පළමුදින කහවණු සියයක් දෙමියි කියා විහාරයට යැවුවිට - පසුදින කහවණු අතට ගන්නා තුරු ආහාර නොගත්තේය. අද මම දෙන විටද නොගනී. එසේය සිටුවරය. අද ඔබේ පුතුට සක්විති සම්පත දෙලොව බඹලොව සම්පත්තියටත් වඩා සෝවාන් ඵලයම ශ්‍රේෂ්ඨ යයි පවසා මේ ගාථාව දේශනා කළහ.

“පථබ්‍යා එකරජ‍්ජෙන, සග‍්ගස‍්ස ගමනෙන වා; සබ‍්බලොකාධිපච‍්චෙන, සොතාපත‍්තිඵලං වර”න‍්ති.

මහ පොළව අදිපති -අගරජ කමට වැඩියෙන් දෙදෙලොව අදිපති සක් දෙවි කමට වැඩියෙන් සෝවාන් ඵලයම - උතුම්මයැ සව් සත්නට

“මේ මහ පොළවේ අධිපති රාජ්‍යයන් දිව්‍යලෝක ගමනටත් මුළු ලොවම අධිපති බවටත් වඩා සෝවාන් ඵලය වඩාත් වැදගත් වේ.”

තත්‍ථ පථබ්‍යා එකරජ‍්ජෙනාති චක‍්කවත‍්තිරජ‍්ජෙන. සග‍්ගස‍්ස ගමනෙන වාති ඡබ‍්බීසතිවිධස‍්ස සග‍්ගස‍්ස අධිගමනෙන. සබ‍්බලොකාධිපච‍්චෙනාති න එකස‍්මිං එත‍්තකෙ ලොකෙ නාගසුපණ‍්ණවෙමානිකපෙතෙහි සද‍්ධිං, සබ‍්බස‍්මිං ලොකෙ ආධිපච‍්චෙන. සොතාපත‍්තිඵලං වරන‍්ති යස‍්මා එත‍්තකෙ ඨානෙ රජ‍්ජං කාරෙත්‍වාපි නිරයාදීහි අමුත‍්තොව හොති, සොතාපන‍්නො පන පිහිතාපායද‍්වාරො හුත්‍වා සබ‍්බදුබ‍්බලොපි අට‍්ඨමෙ භවෙ න නිබ‍්බත‍්තති, තස‍්මා සොතාපත‍්තිඵලමෙව වරං උත‍්තමන‍්ති අත්‍ථො.

එහි පථව්‍යා එකරජ්ජෙ යනු - සක්විති රාජ්‍යයයි. සග්ගස්සගමනෙන සවර්ග ගමණ විසිහය ආකාර හෝ දිව්‍යලෝක ගමන අදහස් කරයි. සබ්බලෝකාධිපච්චේන සවර්ග - නාග - සුපර්ණ - වෛමානික ප්‍රේත ලොව සමග සියළු ලොව අධිපති බවට වඩා සොතාපතති ඵලං වරං - සෝවාන් ඵලය උසස් බව රජ තනතුරු ලැබුණද නිරය උපත නොවැළකෙයි. සෝවාන් වූ විට අටවැනි භවයක් ඇති නොවේමය ඒ නිසා උතුම්මය.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනය අවසන බොහෝදෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.

අනාථපිණ‍්ඩකපුත‍්තකාලවත්‍ථු එකාදසමං.

ලොකවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

ලෝක වර්ග වර්ණනාව නිමි.

තෙරසමො වග‍්ගො.

දහතුන් වැනි වර්ගය නිමාවිය