යෙදුමෙන් කියවන්න

1-2. මාරධීතරවත්‍ථු අට‍්ඨකථා

1-2. මාරධීතරවත්‍ථු

1-2. මාරදූවරුන් පිළිබඳ කථා පුවත

යස‍්ස ජිතන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා බොධිමණ‍්ඩෙ විහරන‍්තො මාරධීතරො ආරබ‍්භ කථෙසි. දෙසනං පන සාවත්‍ථියං සමුට‍්ඨාපෙත්‍වා පුන කුරුරට‍්ඨෙ මාගණ‍්ඩියබ්‍රාහ‍්මණස‍්ස කථෙසි.

“යස්ස ජිතං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ බෝධි මණ්ඩපයේ වැඩසිටිය දී මාර දූවරුන් ඇරබ පිහිටුවා පසුව කුරු රට මාගන්දිය බ්‍රාහ්මණයාට පැවසුහ.

කුරුරට‍්ඨෙ කිර මාගණ‍්ඩියබ්‍රාහ‍්මණස‍්ස ධීතා මාගණ‍්ඩියායෙව නාම අහොසි උත‍්තමරූපධරා. තං පත්‍ථයමානා අනෙකබ්‍රාහ‍්මණමහාසාලා චෙව ඛත‍්තියමහාසාලා ච “ධීතරං නො දෙතූ”ති මාගණ‍්ඩියස‍්ස පහිණිංසු. සොපි “න තුම‍්හෙ මය‍්හං ධීතු අනුච‍්ඡවිකා”ති සබ‍්බෙ පටික‍්ඛිපතෙව. අථෙකදිවසං සත්‍ථා පච‍්චූසසමයෙ ලොකං වොලොකෙන‍්තො අත‍්තනො ඤාණජාලස‍්ස අන‍්තො පවිට‍්ඨං මාගණ‍්ඩියබ්‍රාහ‍්මණං දිස‍්වා “කිං නු ඛො භවිස‍්සතී”ති උපධාරෙන‍්තො බ්‍රාහ‍්මණස‍්ස ච බ්‍රාහ‍්මණියා ච තිණ‍්ණං මග‍්ගඵලානං උපනිස‍්සයං අද‍්දස. බ්‍රාහ‍්මණොපි බහිගාමෙ නිබද‍්ධං අග‍්ගිං පරිචරති. සත්‍ථා පාතොව පත‍්තචීවරමාදාය තං ඨානං අගමාසි. බ්‍රාහ‍්මණො සත්‍ථු රූපසිරිං ඔලොකෙන‍්තො “ඉමස‍්මිං ලොකෙ ඉමිනා සදිසො පුරිසො නාම නත්‍ථි, අයං මය‍්හං ධීතු අනුච‍්ඡවිකො, ඉමස‍්ස මෙ ධීතරං දස‍්සාමා”ති චින‍්තෙත්‍වා සත්‍ථාරං ආහ – “සමණ, මම එකා ධීතා අත්‍ථි, අහං තස‍්සා අනුච‍්ඡවිකං පුරිසං අපස‍්සන‍්තො තං න කස‍්සචි අදාසිං, ත්‍වං පනස‍්සා අනුච‍්ඡවිකො, අහං තෙ ධීතරං පාදපරිචාරිකං කත්‍වා දාතුකාමො, යාව නං ආනෙමි, තාව ඉධෙව තිට‍්ඨාහී”ති. සත්‍ථා තස‍්ස කථං සුත්‍වා නෙව අභිනන්‍දි, න පටික‍්කොසි.

කුරු රට මාගන්දිය බ්‍රාහ්මණයාට මාගන්දි නම් දුවක් සිටියාය. ඕ අතිශය රූප සම්පන්නය. ඇය ප්‍රාර්ථනා කරමින් නොයෙක් ක්‍ෂත්‍රිය - බ්‍රාහ්මණ මහාසාල කුලවලින් ඔබේ දුවණිය අපට දෙන්නැයි පණිවිඩ යැවූහ. මාගන්දිය බ්‍රාහ්මණයා ඔබ අපේ දියණියට සුදුසු නොවේ යයි සියල්ලන් ප්‍රතික්‍ෂේප කළහ. ඉක්බිති එක් දිනක් තථාගතයන් වහන්සේ ලොව බලන්නේ තමන් වහන්සේගේ ඤාණ ජාලයට මාගන්දිය බ්‍රාහ්මණයා හා බ්‍රාහ්මණීය පිවිසුනි. ඒ දෙදෙන මාර්ග ඵලයන්ට පත්වීමේ හේතු සම්පත් දැක්කාහ. බ්‍රාහ්මණයා ද ගමෙන් පිටත නිරන්තරයෙන් ගිනිදෙවියා පුදයි. බුදුන්වහන්සේ උදයේම පාසිවුරු ගෙන එම ස්ථානයට වැඩම කළහ. බ්‍රාහ්මණයා බුදුගේ රූපශ්‍රීය බලා මෙලොව මේ තරම් සමාන පුරුෂයෙක් නම් නැත. මොහු මගේ දුවණියට ඉතා සුදුසු කෙනෙකි. මොහුට මගේ දුවණිය දෙන්නෙමියි සිතා. බුදුරජාණන් වහන්සේට පැවසීය. ශ්‍රමණය මට එක් දියණියක් සිටී. ඇයට ගැළපෙන පුරුෂයෙක් නොදුටු නිසා ඇය කිසිවෙකුට නො දුන්නෙමි. නුඹනම් ඇයට සුදුසු වේ. මම ඔබට මගේ දුවණිය පාදපරිචාරිකා කොට දෙනු කැමැත්තෙමි. මම ඇයව කැඳවාගෙන එන තුරු මෙහිම සිටින්නැයි පැවසුවේය. බුදුහු ඔහුගේ කථාව අසා සතුටු නොවීය. ප්‍රතික්‍ෂේප ද නො කළේය.

බ්‍රාහ‍්මණොපි ගෙහං ගන‍්ත්‍වා බ්‍රාහ‍්මණිං ආහ – “භොති, අජ‍්ජ මෙ ධීතු අනුච‍්ඡවිකො පුරිසො දිට‍්ඨො, තස‍්ස නං දස‍්සාමා”ති ධීතරං අලඞ‍්කාරාපෙත්‍වා ආදාය බ්‍රාහ‍්මණියා සද‍්ධිං තං ඨානං අගමාසි. මහාජනොපි කුතූහලජාතො නික‍්ඛමි. සත්‍ථා බ්‍රාහ‍්මණෙන වුත‍්තට‍්ඨානෙ අට‍්ඨත්‍වා තත්‍ථ පදචෙතියං දස‍්සෙත්‍වා අඤ‍්ඤස‍්මිං ඨානෙ අට‍්ඨාසි. බුද‍්ධානං කිර පදචෙතියං “ඉදං අසුකො නාම පස‍්සතූ”ති අධිට‍්ඨහිත්‍වා අක‍්කන‍්තට‍්ඨානෙයෙව පඤ‍්ඤායති, සෙසට‍්ඨානෙ තං පස‍්සන‍්තො නාම නත්‍ථි. බ්‍රාහ‍්මණො අත‍්තනා සද‍්ධිං ගච‍්ඡමානාය බ්‍රාහ‍්මණියා “කහං සො”ති පුට‍්ඨො “ඉමස‍්මිං ඨානෙ තිට‍්ඨාහීති තං අවච”න‍්ති ඔලොකෙන‍්තො පදවලඤ‍්ජං දිස‍්වා “ඉදමස‍්ස පද”න‍්ති දස‍්සෙසි. සා ලක‍්ඛණමන‍්තකුසලතාය “න ඉදං, බ්‍රාහ‍්මණ, කාමභොගිනො පද”න‍්ති වත්‍වා බ්‍රාහ‍්මණෙන, “භොති, ත්‍වං උදකපාතිම‍්හි සුසුමාරං පස‍්සසි, මයා සො සමණො දිට‍්ඨො ‘ධීතරං තෙ දස‍්සාමී’ති වුත‍්තො, තෙනාපි අධිවාසිත”න‍්ති වුත‍්තෙ, “බ්‍රාහ‍්මණ, කිඤ‍්චාපි ත්‍වං එවං වදෙසි, ඉදං පන නික‍්කිලෙසස‍්සෙව පද”න‍්ති වත්‍වා ඉමං ගාථමාහ –

බ්‍රාහ්මණයා ද ගෙට ගොස් බ්‍රාහ්මණියට කථා කොට පිංවතිය අද මගේ දුවණියට සැබවින්ම සුදුසු පුද්ගලයෙක් දුටුවෙමි. මම ඇය ඔහුට දෙන්නෙමි. දුව අලංකාර ලෙස සරසවා බැමිණිය සමග එතැනට ගියේය. මහජනයා ද කුතුහලෙන් යුතුව නික්මුණි. බුදුරජාණන් වහන්සේ ද බමුණා කීව ස්ථානයේ නොසිට එහි පා සලකුණු තබා අනෙක් තැනෙක වැඩසිටියහ. බුදුවරුන්ගේ පා සටහන - මෙය අසවල් තැනැත්තා දකිවායි අදිටන් කොට තැබුවිට තැබූ තැනම දක්නට ලැබෙයි. අනෙක් තැනක දකින්නේනම් නැත. බ්‍රාහ්මණයා සමග ගිය බැමිණිය ඒ පුරුෂයා කොහිදැයි විමසුවාය. මෙතැන සිටින්නයි මම ඔහුට කීවෙමි යි බමුණා පැවසීය. කියා බලන අතර පාද සටහන දැක. මේ ඔහුගේ පාසටහන යැයි දැක්වීය. ඇය ලක්‍ෂණ පාඨ පැවසීමේ දක්ෂ කෙනෙක් නිසා බ්‍රාහ්මණය මේ පා සලකුණ කාමභෝගී කෙනෙකුගේ නම් නොවන බව කියා සිටිවිට බමුණා හොඳයි වේවා, ඔබ ජලබිඳුවේ කිඹුලන් දකින තැනැත්තියකි. මම ඒ ශ්‍රමණයාටම දුවණිය දෙන්නෙමියි පැවසූවිට හොඳයි මමත් එය ඉවසන්නම් කී විට බ්‍රාහ්මණය එසේ කිවත්. මේ පා සටහන නම් නිකෙලෙස් පුද්ගලයෙකුගේ යයි කියා මේ ගාථාව පැවසුවාය.

“රත‍්තස‍්ස හි උක‍්කුටිකං පදං භවෙ, දුට‍්ඨස‍්ස හොති සහසානුපීළිතං; මූළ‍්හස‍්ස හොති අවකඩ‍්ඪිතං පදං, විවට‍්ටච‍්ඡදස‍්ස ඉදමීදිසං පද”න‍්ති. (විසුද‍්ධි· 1.45; අ· නි· අට‍්ඨ· 1.1.260-261; ධ· ප· අට‍්ඨ· 1.සාමාවතීවත්‍ථු);

“රාගී කෙනෙකුගේ පා උක්කුටිකයි. දෘෂ්ටි කෙනෙකුගේ පාසටහන වේගයෙන් තබන ලද්දකි. මුළාවූවෙකුගේ පා සටහන කැඩී ඇත. මේ පාසටහන විවරනොවී මැනවින් පිහිටියේය.”

අථ නං බ්‍රාහ‍්මණො, “භොති, මා විරවි, තුණ‍්හීභූතාව එහී”ති ගච‍්ඡන‍්තො සත්‍ථාරං දිස‍්වා “අයං සො පුරිසො”ති තස‍්සා දස‍්සෙත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා, “සමණ, ධීතරං තෙ දස‍්සාමී”ති ආහ. සත්‍ථා “න මෙ තව ධීතාය අත්‍ථො”ති අවත්‍වා, “බ්‍රාහ‍්මණ, එකං තෙ කාරණං කථෙස‍්සාමි, සුණිස‍්සසී”ති වත්‍වා “කථෙහි, භො සමණ, සුණිස‍්සාමී”ති වුත‍්තෙ අභිනික‍්ඛමනතො පට‍්ඨාය අතීතං ආහරිත්‍වා දස‍්සෙසි.

ඉක්බිති බ්‍රාහ්මණයා - භවතිය - ඝෝෂා නොකරන්න නිහඬව එන්නැයි කියා යන විට තථාගතයන් වහන්සේ දැක මේ ඒ පුරුෂයායි ඇයට පෙන්වා බුදුන් වෙත එළඹ ශ්‍රමණය මේ දුව ඔබට පෙනෙමි. පැවසුවේය. බුදුහු ඔබේ දුවගෙන් මට වැඩක් නැතැයි නොකියා බමුණ ඔබට එක් කරුණක් කියන්නෙමි. අසන්නැයි පවසා, කියන්න පින්වත අසනෙමියි පැවසුවට අභිනිෂ්ක්‍රමණයේ සිට අතීත තොරතුරු පෙන්වාදුනි.

තත්‍රායං සඞ‍්ඛෙපකථා – මහාසත‍්තො රජ‍්ජසිරිං පහාය කණ‍්ටකං ආරුය‍්හ ඡන‍්නසහායො අභිනික‍්ඛමන‍්තො නගරද‍්වාරෙ ඨිතෙන මාරෙන “සිද‍්ධත්‍ථ, නිවත‍්ත, ඉතො තෙ සත‍්තමෙ දිවසෙ චක‍්කරතනං පාතුභවිස‍්සතී”ති වුත‍්තෙ, “අහමෙතං, මාර, ජානාමි, න මෙ තෙනත්‍ථො”ති ආහ. අථ කිමත්‍ථාය නික‍්ඛමසීති? සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණත්‍ථායාති. “තෙන හි සචෙ අජ‍්ජතො පට‍්ඨාය කාමවිතක‍්කාදීනං එකම‍්පි විතක‍්කං විතක‍්කෙස‍්සසි, ජානිස‍්සාමි තෙ කත‍්තබ‍්බ”න‍්ති ආහ. සො තතො පට‍්ඨාය ඔතාරාපෙක‍්ඛො සත‍්ත වස‍්සානි මහාසත‍්තං අනුබන්‍ධි.

මේ එම දෙසුමේ සාරාංශයයි - බෝසතාණන් වහන්සේ රාජශ්‍රීය අත්හැර දමා කන්ථක අසුපිට නැගී ඡන්න ඇමති සහාය කරගෙන මහබිනික්මන් කරන්නේ නගර දොරටුවේ සිටි මාරයා විසින් “සිද්ධත්ථ නවතින්න. මෙයින් සත්වැනි දවස ඔබට සක්විති රජුට ලැබෙන වක්‍ර රත්නය පහළ වන්නේ යයි පැවසුවට මාරය මම ඔබ හඳුනමි. මට ඉන් ප්‍රයෝජනයක් නැතැයි පැවසුවේය. එසේනම් කුමක් සඳහා නික්මෙන්නේදැයි විමසුවිට - සර්වඥතා ඥාණය සඳහායයි පැවසීය. එවිට මාරයා එසේම් අද සිට කාමවිතර්ක ආදී එකම විතර්කය ඇතිකර ගන්නේ නම් ඔබට කළයුතු දේ දනිමි යි පැවසුවේය. මාරයා එතැන් සිට සත් අවුරුද්දක් වරදක් සොයමින් ලුහු බැන්දේය.

සත්‍ථාපි ඡබ‍්බස‍්සානි දුක‍්කරකාරිකං චරිත්‍වා පච‍්චත‍්තපුරිසකාරං නිස‍්සාය බොධිමූලෙ සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පටිවිජ‍්ඣිත්‍වා විමුත‍්තිසුඛං පටිසංවෙදයමානො පඤ‍්චමසත‍්තාහෙ අජපාලනිග්‍රොධමූලෙ නිසීදි. තස‍්මිං සමයෙ මාරො “අහං එත‍්තකං කාලං අනුබන්‍ධිත්‍වා ඔතාරාපෙක‍්ඛොපි ඉමස‍්ස කිඤ‍්චි ඛලිතං නාද‍්දසං, අතික‍්කන‍්තො ඉදානි එස මම විසය”න‍්ති දොමනස‍්සප‍්පත‍්තො මහාමග‍්ගෙ නිසීදි. අථස‍්ස තණ‍්හා අරතී රගාති ඉමා තිස‍්සො ධීතරො “පිතා නො න පඤ‍්ඤායති, කහං නු ඛො එතරහී”ති ඔලොකයමානා තං තථා නිසින‍්නං දිස‍්වා උපසඞ‍්කමිත්‍වා “කස‍්මා, තාත, දුක‍්ඛී දුම‍්මනොසී”ති පුච‍්ඡිංසු.

තථාගත බෝසතාණන් වහන්සේද? වසර හයක් දුෂ්කර ක්‍රියාවේ හැසිරි වෙන් වූ පුරුෂයෙකු සේ බෝමැඩ දී සර්වඥතාඥානය අවබෝධ කර විමුක්ති සුවය විඳිමින් පස්වැනි සතියේ අජපල් නුගරුක් මුල වැඩසිටියහ. මාරයා ද මම මෙතෙක් කල් ලුහුබැඳ වරදක් සොයන්නේ මොහුගේ කිසිදු කිළුටක් නොදුටුවෙමි. දැන් මාගේ විෂය අතික්‍රමණය කර ඇතැයි. දොම්නසට පත්ව මහමග වාඩිවිය. අනතුරුව ඔහුගේ - තණ්හා - රති - රගා - යන මේ දූවරු තිදෙන අපේ පියා දක්නට නැත. මේ වෙලාවේ කොහේ සිටීදැයි බලන්නේ ඔහු එසේ වාඩිවී සිටුනු දැක ළගට පැමිණ පියාණනි කුමක් හෙයින් දුක්ඛිතව දොසින් සිටීදැයි විමසුහ.

සො තාසං තමත්‍ථං ආරොචෙසි. අථ නං තා ආහංසු – “තාත, මා චින‍්තයි, මයං තං අත‍්තනො වසෙ කත්‍වා ආනෙස‍්සාමා”ති. “න සක‍්කා අම‍්මා, එස කෙනචි වසෙ කාතුන‍්ති. “තාත, මයං ඉත්‍ථියො නාම ඉදානෙව නං රාගපාසාදීහි බන්‍ධිත්‍වා ආනෙස‍්සාම, තුම‍්හෙ මා චින‍්තයිත්‍ථා”ති සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා “පාදෙ තෙ, සමණ, පරිචාරෙමා”ති ආහංසු. සත්‍ථා නෙව තාසං වචනං මනසාකාසි, න අක‍්ඛීනි උම‍්මීලෙත්‍වා ඔලොකෙසි.

ඔහු ඈලාට මේ කරුණු දැක්වීය. ඉක්බිති දූවරු පියාණනි නොසිතන්න. අපි අපේ වසඟයට ගෙන එන්නෙමුයි පැවසුහ. දරුවනි. කළ නොහැකිය. කිසිවෙකුටත් එය කළ නොහැකිය. පියාණනි !අපි ගැහැණුන් වෙමු. දැන් ඔහු රාග පාසයෙන් බැඳ ගෙන්වන්නෙමු යි කීහ. තෙපි නොසිතවු කියා බුදුවෙත එළඹ ස්වාමීනි අපි ඔබ පා පිරිවරමුයි පැවසුහ. බුදුරජාණෝ ඔහුගේ වචන සිහිනොකළහ. ඇස් දල්වා නොබැලුහ.

පුන මාරධීතරො “උච‍්චාවචා ඛො පුරිසානං අධිප‍්පායා, කෙසඤ‍්චි කුමාරිකාසු පෙමං හොති, කෙසඤ‍්චි පඨමවයෙ ඨිතාසු, කෙසඤ‍්චි මජ‍්ඣිමවයෙ ඨිතාසු, කෙසඤ‍්චි පච‍්ඡිමවයෙ ඨිතාසු, නානප‍්පකාරෙහි තං පලොභෙස‍්සාමා”ති එකෙකා කුමාරිකවණ‍්ණාදිවසෙන සතං සතං අත‍්තභාවෙ අභිනිම‍්මිනිත්‍වා කුමාරියො, අවිජාතා, සකිං විජාතා, දුවිජාතා, මජ‍්ඣිමිත්‍ථියො, මහල‍්ලකිත්‍ථියො ච හුත්‍වා ඡක‍්ඛත‍්තුං භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා “පාදෙ තෙ, සමණ, පරිචාරෙමා”ති ආහංසු. තම‍්පි භගවා න මනසාකාසි යථා තං අනුත‍්තරෙ උපධිසඞ‍්ඛයෙ විමුත‍්තොති. අථ සත්‍ථා එත‍්තකෙනපි තා අනුගච‍්ඡන‍්තියො “අපෙථ, කිං දිස‍්වා එවං වායමථ, එවරූපං නාම වීතරාගානං පුරතො කාතුං න වට‍්ටති. තථාගතස‍්ස පන රාගාදයො පහීනා. කෙන තං කාරණෙන අත‍්තනො වසං නෙස‍්සථා”ති වත්‍වා ඉමා ගාථා අභාසි –

නැවත මාරදූවරු මිනිසුන්ගේ අදහස් උස් පහත් වශයෙන් පවතී. කිසියම් කුමරියකට ප්‍රේමයක් වේ නම් කෙසේද? පළමු වයසේ (තරුණ වියේ) කෙසේද? මධ්‍යම වයසේ සිටියදී කෙසේද? පසු වයසේ සිටියදී කෙසේදැයි නොයෙක් ආකාරයෙන් බුදුන් පොළඹවමියි එක් එක් කුමරිය සියය සියය බැගින් ආත්මභාව මවා ගෙන මෙණෙවියන් ලෙස දරුවන් නොවැදූ ළඳුන්ලෙස එක් වරක් දරුවන් ලැබූ කතුන් ලෙසට දෙවරක් වැදුවන් ලෙසම මධ්‍යම වයසේ ළඳුන් ලෙස වැඩිවියට පත් ළඳුන් ලෙස සිය වතාවක් බුදුවෙත එළඹ ඔබ පා පිරිවරමුයි පැවසුහ. එයද බුදුන් සිහිනොකළහ. යම්සේ අනුත්තර උපධි සංඛ්‍යාත විමුක්තිය ලබාසිටි හෙයිනි. අනතුරුව බුදුහු මෙතරම් සුන්දර කතුන් කරා නොගිය මට මෙසේ වෑයම් කරමුද? මෙබඳු දේ රාගික අය ඉදිරියේ කිරීම වටී. බුදුවරුන් රාගාදිය ප්‍රහීණ කළ අයයි. කිනම් කරුණකින් තම වසඟයට ගෙනයන්නැයි පවසා මේ ගාථාව දෙසුහ.

“යස‍්ස ජිතං නාවජීයති, ජිතං යස‍්ස නොයාති කොචි ලොකෙ; තං බුද‍්ධමනන‍්තගොචරං, අපදං කෙන පදෙන නෙස‍්සථ.

කෙලෙසුන් නසා බුදු බව ලද කෙනෙකු විසින් දසබිම්බරක් මරු පරදා සිටිති තොසින් මර දූ වරුන් ආවත් කළඹවන රිසින් ගෙන යා හැකිද මරු වෙත මට සිලුටු බසින්

“යස‍්ස ජාලිනී විසත‍්තිකා, තණ‍්හා නත්‍ථි කුහිඤ‍්චි නෙතවෙ; තං බුද‍්ධමනන‍්තගොචරං, අපදං කෙන පදෙන නෙස‍්සථා”ති.

අරමුණු පිළිබඳව ආසා දුරින් දුරු කළ බුදු හිමි කෙනෙකු ලොව වසඟ වේවිද ඉතිරි රුවකට!

යම් කෙනෙක් දිනන ලද කෙලෙස් නපුරු කොට දිනන ලද නම් නොවේද ඒ බුදුන් විසින් දිනන ලද ලොව කිසි ක්ලේශයක් අනුව නොයේද අනන්ත ගෝචර ඇති රාගාදි පද රහිත ඒ බුදුන් කවර පදයකින් ගෙනයව්ද?

යම්කෙනෙක් කිසි භවයකට පමුණුවන්නට ජාලිනී නම් වු ද වියත්තිකා නම්වූද තෘෂ්ණාව නොවේද ඒ බුදුන් කවර පදයකින් (රාගආදී) ගෙන යමුද?

තත්‍ථ යස‍්ස ජිතං නාවජීයතීති යස‍්ස සම‍්මාසම‍්බුද‍්ධස‍්ස තෙන තෙන මග‍්ගෙන ජිතං රාගාදිකිලෙසජාතං පුන අසමුදාචරණතො නාවජීයති, දුජ‍්ජිතං නාම න හොති. නොයාතීති න උය්‍යාති, යස‍්ස ජිතං කිලෙසජාතං රාගාදීසු කොචි එකො කිලෙසොපි ලොකෙ පච‍්ඡතො වත‍්තී නාම න හොති, නානුබන්‍ධතීති අත්‍ථො. අනන‍්තගොචරන‍්ති අනන‍්තාරම‍්මණස‍්ස සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණස‍්ස වසෙන අපරියන‍්ත ගොචරං. කෙන පදෙනාති යස‍්ස හි රාගපදාදීසු එකපදම‍්පි අත්‍ථි, තං තුම‍්හෙ තෙන පදෙන නෙස‍්සථ. බුද‍්ධස‍්ස පන එකපදම‍්පි නත්‍ථි, තං අපදං බුද‍්ධං තුම‍්හෙ කෙන පදෙන නෙස‍්සථ.

එහි දී “යස්ස ජිතං නාවජීයති” යනු යම් සම්බුදු වරයෙකු ඒ ඒ මාර්ගයෙන් දිනන ලද රාගාදී කෙලෙස් නැවත ඇති නොවන සේ වේද එය නරක දිනීමක් නොවේ. නොයාති - දිනනලද ක්ලේශයන් නොයයි ලුහුබඳින්නේ නැත. අනන්තගොවරං - අනත්තා පරිමාන සර්වඥතාඥාණයට පරිජින්න නොවේ. කෙනපදෙනා - රාගයද ආදී එකදු පදයක් ඇත්නම් එයින් ගෙනයයි. බුදුන්ට එකපදයකුදු නැත. එබඳු පද රහිත බුදුන් කවර පදයකින් තෙපි ගෙනයද?

දුතියගාථාය තණ‍්හා නාමෙසා සංසිබ‍්බිතපරියොනන්‍ධනට‍්ඨෙන ජාලමස‍්සා අත්‍ථීතිපි ජාලකාරිකාතිපි ජාලූපමාතිපි ජාලිනී. රූපාදීසු ආරම‍්මණෙසු විසත‍්තතාය විසත‍්තමනතාය විසාහරතාය විසපුප‍්ඵතාය විසඵලතාය විසපරිභොගතාය විසත‍්තිකා. සා එවරූපා තණ‍්හා යස‍්ස කුහිඤ‍්චි භවෙ නෙතුං නත්‍ථි, තං තුම‍්හෙ අපදං බුද‍්ධං කෙන පදෙන නෙස‍්සථාති අත්‍ථො.

දෙවැනි ගාථාවෙන් තෘෂ්ණාව මසන ලද දැලකට උපමාකරයි. රූපා දී අරමුණුවල වැටෙන හෙයින් විසත්තිකා නම්. විෂබර විෂඵල - විෂමල් ආදියමෙන් පරිභෝග කළ නොහැකි නිසා විසත්තිකා නම් තණ්හායස්ස කුභිඤ්චි එබඳු තෘෂ්ණාව කිසි භවයකට ගෙනයාමට නොහැකිද එබඳු බුදු තොපගේ වසගයට ගෙන යා නොහැකිය.

දෙසනාවසානෙ බහූනං දෙවතානං ධම‍්මාභිසමයො අහොසි. මාරධීතරොපි තත්‍ථෙව අන‍්තරධායිංසු.

ධර්ම දේශනය කෙළවර බොහෝ දෙවියන්ට ධර්මාවබෝධය ඇතිවිය. මාරදූවරු අතුරුදහන් වූහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා, “මාගණ‍්ඩිය, අහං පුබ‍්බෙ ඉමා තිස‍්සො මාරධීතරො අද‍්දසං සෙම‍්හාදීහි අපලිබුද‍්ධෙන සුවණ‍්ණක‍්ඛන්‍ධසදිසෙන අත‍්තභාවෙන සමන‍්නාගතා, තදාපි මෙථුනස‍්මිං ඡන්‍දො නාහොසියෙව. තව ධීතු සරීරං ද‍්වත‍්තිංසාකාරකුණපපරිපූරං බහිවිචිත‍්තො විය අසුචිඝටො. සචෙ හි මම පාදො අසුචිමක‍්ඛිතො භවෙය්‍ය, අයඤ‍්ච උම‍්මාරට‍්ඨානෙ තිට‍්ඨෙය්‍ය, තථාපිස‍්සා සරීරෙ අහං පාදෙ න ඵුසෙය්‍ය”න‍්ති වත්‍වා ඉමං ගාථමාහ –

බුදුහු මේ ධර්ම දේශනය දෙසමින් මාගන්දියාට මම මේ මාර දූවරු දුටුවෙමි. සෙම් ආදී පිළිබෝධ නොවු රන් කඳක් බඳුවු ආත්මභාවයෙන් යුතු වු ආත්මභාවයෙන් යුත් ඒ දුවරු දැක සේවනයට කැමැත්තක් ඇති නොවීය. එහෙත් ඔබගේ දුව - දෙතිස් කුණප ඇති පිටතින් විසිතුරු කැළ අසූචි කළයක් වැන්න. ඉදින් මගේ පයේ අසූචි තැවරේ එහෙයින් දොරටුවේ පාපිස්නක් සේ සිටියද මගේ පයින් හෝ ස්පර්ශ නොකරමියි පවසා මේ ගාථාව පැවසුහ.

“දිස‍්වාන තණ‍්හං අරතිං රගඤ‍්ච, නාහොසි ඡන්‍දො අපි මෙථුනස‍්මිං; කිමෙවිදං මුත‍්තකරීසපුණ‍්ණං, පාදාපි නං සම‍්ඵුසිතුං න ඉච‍්ඡෙ”ති. (සු· නි· 841; මහානි· 70);

මාර දුවරු කෙරෙහිත් රාගයක් ඇතිනොවුමට මේ කුණු සිරුර විසින් ස්පර්ශ කිරීමට ද කැමති නොවෙමි.

දෙසනාවසානෙ උභොපි ජයම‍්පතිකා අනාගාමිඵලෙ පතිට‍්ඨහිංසූති.

දෙසුම කෙළවර අඹුසැමි දෙපළ අනාගාමී ඵලයේ පිහිටියහ.

මාරධීතරවත්‍ථු පඨමං.