3. දෙවොරොහණවත්ථු අට්ඨකථා
3. දෙවොරොහණවත්ථු
3. යමක පාටි හාරිය කථා පුවත
යෙ ඣානපසුතා ධීරාති ඉමං ධම්මදෙසනං සත්ථා සඞ්කස්සනගරද්වාරෙ බහූ දෙවමනුස්සෙ ආරබ්භ කථෙසි. දෙසනා පන රාජගහෙ සමුට්ඨිතා.
“යෙඣාන පසුතා ධීරා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ සංකස්ස නගර වාරයේ දී බොහෝ දෙවි මිනිසුන් නිමිති කරගෙන දේශනා කළහ.
එකස්මිඤ්හි සමයෙ රාජගහසෙට්ඨි පරිස්සයමොචනත්ථඤ්චෙව පමාදෙන ගලිතානං ආභරණාදීනං රක්ඛණත්ථඤ්ච ජාලකරණ්ඩකං පරික්ඛිපාපෙත්වා ගඞ්ගාය උදකකීළං කීළි. අථෙකො රත්තචන්දනරුක්ඛො ගඞ්ගාය උපරිතීරෙ ජාතො ගඞ්ගොදකෙන ධොතමූලො පතිත්වා තත්ථ තත්ථ පාසාණෙසු සංභජ්ජමානො විප්පකිරි. තතො එකා ඝටප්පමාණා ඝටිකා පාසාණෙහි ඝංසියමානා උදකඌමීහි පොථියමානා මට්ඨා හුත්වා අනුපුබ්බෙන වුය්හමානා සෙවාලපරියොනද්ධා ආගන්ත්වා තස්ස ජාලෙ ලග්ගි. සෙට්ඨි “කිමෙත”න්ති වත්වා “රුක්ඛඝටිකා”ති සුත්වා තං ආහරාපෙත්වා “කිං නාමෙත”න්ති උපධාරණත්ථං වාසිකණ්ණෙන තච්ඡාපෙසි. තාවදෙව අලත්තකවණ්ණං රත්තචන්දනං පඤ්ඤායි. සෙට්ඨි පන නෙව සම්මාදිට්ඨි න මිච්ඡාදිට්ඨි, මජ්ඣත්තධාතුකො. සො චින්තෙසි – “මය්හං ගෙහෙ රත්තචන්දනං බහු, කිං නු ඛො ඉමිනා කරිස්සාමී”ති. අථස්ස එතදහොසි – “ඉමස්මිං ලොකෙ ‘මයං අරහන්තො මයං අරහන්තො’ති වත්තාරො බහූ, අහං එකං අරහන්තම්පි න පස්සාමි. ගෙහෙ භමං යොජෙත්වා පත්තං ලිඛාපෙත්වා සික්කාය ඨපෙත්වා වෙළුපරම්පරාය සට්ඨිහත්ථමත්තෙ ආකාසෙ ඔලම්බාපෙත්වා ‘සචෙ අරහා අත්ථි, ඉමං ආකාසෙනාගන්ත්වා ගණ්හාතූ’ති වක්ඛාමි. යො තං ගහෙස්සති, තං සපුත්තදාරො සරණං ගමිස්සාමී”ති. සො චින්තිතනියාමෙනෙව පත්තං ලිඛාපෙත්වා වෙළුපරම්පරාය උස්සාපෙත්වා “යො ඉමස්මිං ලොකෙ අරහා, සො ආකාසෙනාගන්ත්වා ඉමං පත්තං ගණ්හාතූ”ති ආහ.
මෙම දේශනය රජගහ නුවරදී ඇතිවිය. එක් අවදියක රජගහනුවර සිටුවරයා පිරිසට ඇතිවන උවදුරු දුරුකරනු සඳහාත් ප්‍රමාදයෙන් ගැලවී යන ආභරණ ආදිය රැක ගැනීම සඳහාත් දැලක් බැඳ ගංගාවේ ජලක්‍රීඩාවේ යෙදුනි. මේ අතර ගංගාවේ ආරම්භක ප්‍රදේශයේ ගං ඉවුරේ හටගෙන තිබු රත්සඳුන් ගසක මුල් සේදී ගඟට වැටී අතු කැඩී බිඳී ගල් වල ගැටී ජල රළ නිසා ඔපමට්ටම් වී පාත්‍රයක් මෙන් රවුමට සැදී ජලයේ පාවෙමින් දිය සෙවල බැඳී අවුත් ගඟ හරහා දමා තුබු ආරක්ෂක දැලේ රැඳුනි. සිටුවරයා මේ කුමක්දැයි කියා (දැව) ලීගැටයකැයි දැනගෙන එය ගෙන්වා ගෙන කුමක්දැයි තේරුම් ගැනීමට පිහිතුඩකින් ඇස බැලීය. එකෙනෙහි ලාකඩ පැහැයෙන් රත්සඳුන් බව හඳුනා ගත්තේය. මේ සිටුවරයා සම්යදෘෂ්ටිකද මිත්‍යදෘෂ්ටික ද නොවේ. මධ්‍යම අදහස් ඇත්තෙකි. ඔහු මෙසේ සිතුවේය. මගේ නිවසේ රත් සඳුන් බහුලව ඇත. මෙයින් කුමක් කරම්ද? ඔහුට මෙබඳු අදහසක් ඇතිවිය. මෙලොව අපි රහත් වෙමු. අපි රහතන් වෙමුයි. බොහෝ දෙනා පවසති. මම එක රහත් නමක් හෝ නොදනිමි. ගෙට ගෙන ගොස් පාත්‍රයක් ලියවා පසුම්බියක දමා උණගස් බැඳ හැටරියනක් උස අහසේ එල්ලා ඉදින් රහත්වරු සිටීනම් මෙය අහසින් අවුත් ගන්නැයි කියමි. යමෙක් එලෙස ලබාගන්නම් දූ දරුවන් සමග සරණකොට යන්නෙමි. ඔහු සිතු ලෙසටම කළේය.
ඡ සත්ථාරො “අම්හාකං එස අනුච්ඡවිකො, අම්හාකමෙව නං දෙහී”ති වදිංසු. සො “ආකාසෙනාගන්ත්වා ගණ්හථා”ති ආහ. අථ ඡට්ඨෙ දිවසෙ නිගණ්ඨො නාටපුත්තො අන්තෙවාසිකෙ පෙසෙසි – “ගච්ඡථ, සෙට්ඨිං එවං වදෙථ – ‘අම්හාකං ආචරියස්සෙව අනුච්ඡවිකොයං, මා අප්පමත්තකස්ස කාරණා ආකාසෙනාගමනං කරි, දෙහි කිර මෙ තං පත්ත’”න්ති. තෙ ගන්ත්වා සෙට්ඨිං තථා වදිංසු. සෙට්ඨි “ආකාසෙනාගන්ත්වා ගණ්හිතුං සමත්ථොව ගණ්හාතූ”ති ආහ. නාටපුත්තො සයං ගන්තුකාමො අන්තෙවාසිකානං සඤ්ඤං අදාසි – “අහං එකං හත්ථඤ්ච පාදඤ්ච උක්ඛිපිත්වා උප්පතිතුකාමො විය භවිස්සාමි, තුම්හෙ මං, ‘ආචරිය, කිං කරොථ, දාරුමයපත්තස්ස කාරණා පටිච්ඡන්නං අරහත්තගුණං මහාජනස්ස මා දස්සයිත්ථා’ති වත්වා මං හත්ථෙසු ච පාදෙසු ච ගහෙත්වා ආකඩ්ඪන්තා භූමියං පාතෙය්යාථා”ති. සො තත්ථ ගන්ත්වා සෙට්ඨිං ආහ, “මහාසෙට්ඨි, මය්හං අයං පත්තො අනුච්ඡවිකො, අඤ්ඤෙසං නානුච්ඡවිකො, මා තෙ අප්පමත්තකස්ස කාරණා මම ආකාසෙ උප්පතනං රුච්චි, දෙහි මෙ පත්ත”න්ති. භන්තෙ, ආකාසෙ උප්පතිත්වාව ගණ්හථාති. තතො නාටපුත්තො “තෙන හි අපෙථ අපෙථා”ති අන්තෙවාසිකෙ අපනෙත්වා “ආකාසෙ උප්පතිස්සාමී”ති එකං හත්ථඤ්ච පාදඤ්ච උක්ඛිපි. අථ නං අන්තෙවාසිකා, “ආචරිය, කිං නාමෙතං කරොථ, ඡවස්ස ලාමකස්ස දාරුමයපත්තස්ස කාරණා පටිච්ඡන්නගුණෙන මහාජනස්ස දස්සිතෙන කො අත්ථො”ති තං හත්ථපාදෙසු ගහෙත්වා ආකඩ්ඪිත්වා භූමියං පාතෙසුං. සො සෙට්ඨිං ආහ – “ඉමෙ, මහාසෙට්ඨි, උප්පතිතුං න දෙන්ති, දෙහි මෙ පත්ත”න්ති. උප්පතිත්වා ගණ්හථ, භන්තෙති. එවං තිත්ථියා ඡ දිවසානි වායමිත්වාපි තං පත්තං න ලභිංසුයෙව.
ෂට් ශාස්තෘවරු මෙය අපට සුදුසුය. මෙය අපටම දෙන්නැයි කීහ. සිටුවරයා අහසින් පැමිණ ගන්නැයි පැවසුවේය. නිඝණ්ඨනාථ පුත්ත මෙය ගනු කැමතිව හයවැනි දින අතවැසියන් යැවීය. අහසින් ගමන් කිරීම අප්රමාදීන්ගේ කාර්යයකි - අපේ ආචාර්යන් වහන්සේට මෙය සුදුසුය. එනිසා මේ පාත්‍රය දෙන්නැයි ඉල්වීය. එහි දී සිටුවරයා අහසින් පැමිණ ගන්නැයි පැවසීය. නාථ පුත්ත ගනු කැමතිව අන්තේවාසිකයින්ට මෙසේ පැවසුහ. මම එක් අතක් හා පයක් ඔසවා අහසට නැගෙනු කැමැතෙක් ලෙසට අඟවන්නෙමි. තෙපි ආචාර්යන් වහන්ස කුමක් කරවුද? දැව පාත්‍රයක් නිසා සඟවා සිටින අර්හත්වය මහජනයාට නොදක්වව් කියමින් මගේ අත්පාවලින් අල්ලා ගෙන ඇද බිම දමන්නැයි පැවසීය. ඔහු එහි ගොස් සිටුවරයාට මෙසේ කීවේය. මහසිටුවරය ! මෙම පාත්‍රය මට මිස අන් අයට සුදුසු නොවේ. මෙය ප්‍රමාද කිරිමට කරුණක් නොවේ. මට අහසට නැගීමට කැමැත්ත දෙන්න. සිටුවරයා ස්වාමීනි අහසට නැගීම ගන්නැයි පැවසුවේය. ඔහු එක් පාදයක් හා අතක් එසවීය අනතුරුව අතවැසියෝ ආචාර්යයන් වහන්ස කුමක් කරමුද? නොවටිනා මේ ලී පාත්‍රය වෙනුවෙන් වසාගෙන සිටින ඔබේ ගුණ මහ ජනයාට ප්‍රදර්ශනය කිරීමෙන් කවර ප්‍රයෝජනයක්ද? යනුවෙන් පවසා අත්පාවලින් ඇද බිම දැමුහ. ඔහු සිටුවරයාට - මහ සිටුතුමණි! මොවුන් මට අහසට නැගීමට නොදෙති. මට පාත්‍රය දෙන්නැයි කිවේය. ස්වාමීනි අහසට නැගී ගන්නැයි සිටුවරයා පැවසුවේය. මෙලෙස දින හයක්ම තීර්ථකයෝ උත්සාහ කොටත් පාත්‍රය නොලැබුණහ.
සත්තමෙ දිවසෙ ආයස්මතො මහාමොග්ගල්ලානස්ස ච ආයස්මතො පිණ්ඩොලභාරද්වාජස්ස ච “රාජගහෙ පිණ්ඩාය චරිස්සාමා”ති ගන්ත්වා එකස්මිං පිට්ඨිපාසාණෙ ඨත්වා චීවරං පාරුපනකාලෙ ධුත්තකා කථං සමුට්ඨාපෙසුං “අම්භො පුබ්බෙ ඡ සත්ථාරො ලොකෙ ‘මයං අරහන්තම්හා’ති විචරිංසු., රාජගහසෙට්ඨිනො පන අජ්ජ සත්තමො දිවසො පත්තං උස්සාපෙත්වා ‘සචෙ අරහා අත්ථි, ආකාසෙනාගන්ත්වා ගණ්හාතූ’ති වදන්තස්ස, එකොපි ‘අහං අරහා’ති ආකාසෙ උප්පතන්තො නත්ථි. අජ්ජ නො ලොකෙ අරහන්තානං නත්ථිභාවො ඤාතො”ති. තං කථං සුත්වා ආයස්මා මහාමොග්ගල්ලානො ආයස්මන්තං පිණ්ඩොලභාරද්වාජං ආහ –
හත්වන දිනයේ ආයුෂ්මත් මොග්ගල්ලාන ද ආයුෂ්මත් පිණ්ඩල භාරද්වාජ තෙරුන් ද රජගහ නුවර පිඬු පිණිස පිටත් වෙමුයි ගොස් එක් ගල් තලාවක සිට සිවුරු පොරවන විට ධූතයන්ගේ කථාවක් පැතිරුනි. පින්වත්නි! පෙර ශාස්තෘවරු සදෙනෙක් අපි රහතුන් වෙමුයි හැසිරුනහ. රජගහ සිටුවරයා පාත්‍රයක් ඔසවා තබා දින හතක් ගතවීත් අහසින් පැමිණ එකද රහත් කෙනෙක් එය නොගත්තේය. අද රහතන් වහන්සේලා ලොව නොමැති බව දැන ගත්තෙමු” මෙම කථාව අසා ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ආයුෂ්මත් පිණ්ඩාල භාරද්වාජ තෙරුන්ට කීහ -
“සුතං තෙ, ආවුසො භාරද්වාජ, ඉමෙසං වචනං, ඉමෙ බුද්ධස්ස සාසනං පරිග්ගණ්හන්තා විය වදන්ති. ත්වඤ්ච මහිද්ධිකො මහානුභාවො, ගච්ඡ තං පත්තං ආකාසෙන ගන්ත්වා ගණ්හාහී”ති. ආවුසො මහාමොග්ගල්ලාන, ත්වං ඉද්ධිමන්තානං අග්ගො, ත්වං එතං ගණ්හාහි, තයි පන අග්ගණ්හන්තෙ අහං ගණ්හිස්සාමීති. “ගණ්හාවුසො”ති වුත්තෙ ආයස්මා පිණ්ඩොලභාරද්වාජො අභිඤ්ඤාපාදකං චතුත්ථජ්ඣානං සමාපජ්ජිත්වා උට්ඨාය තිගාවුතං පිට්ඨිපාසාණං පාදන්තෙන පටිච්ඡාදෙන්තො තුලපිචු විය ආකාසෙ උට්ඨාපෙත්වා රාජගහනගරස්ස උපරි සත්තක්ඛත්තුං අනුපරියායි. සො තිගාවුතපමාණස්ස නගරස්ස පිධානං විය පඤ්ඤායි. නගරවාසිනො “පාසාණො නො අවත්ථරිත්වා ගණ්හාතී”ති භීතා සුප්පාදීනි මත්ථකෙ කත්වා තත්ථ තත්ථ නිලීයිංසු. සත්තමෙ වාරෙ ථෙරො පිට්ඨිපාසාණං භින්දිත්වා අත්තානං දස්සෙසි. මහාජනො ථෙරං දිස්වා, “භන්තෙ පිණ්ඩොලභාරද්වාජ, තව පාසාණං දළ්හං කත්වා ගණ්හ, මා නො සබ්බෙ නාසයී”ති. ථෙරො පාසාණං පාදන්තෙන ඛිපිත්වා විස්සජ්ජෙසි. සො ගන්ත්වා යථාඨානෙයෙව පතිට්ඨාසි. ථෙරො සෙට්ඨිස්ස ගෙහමත්ථකෙ අට්ඨාසි. තං දිස්වා සෙට්ඨි උරෙන නිපජ්ජිත්වා “ඔතරථ සාමී”ති වත්වා ආකාසතො ඔතිණ්ණං ථෙරං නිසීදාපෙත්වා පත්තං ඔතාරාපෙත්වා චතුමධුරපුණ්ණං කත්වා ථෙරස්ස අදාසි. ථෙරො පත්තං ගහෙත්වා විහාරාභිමුඛො පායාසි. අථස්ස යෙ අරඤ්ඤගතා වා සුඤ්ඤාගාරගතා වා තං පාටිහාරියං නාද්දසංසු. තෙ සන්නිපතිත්වා, “භන්තෙ, අම්හාකම්පි පාටිහාරියං දස්සෙහී”ති ථෙරං අනුබන්ධිංසු. සො තෙසං තෙසං පාටිහාරියං දස්සෙත්වා විහාරං අගමාසි.
ඇවැත්නි භාරද්වාජ ! මොවුන්ගේ කථාව ඇසුවේද? මොවුන් බුදුසසුනට නිග්‍රහ කරමින් මෙන් කථාකරති. ඔබද මහා ඍද්ධි මතෙකි. මහත් ආනුභාව ඇත්තෙකි. යව් අහසින් ගොස් එම පාත්‍රය ගන්න. ආයුෂ්මුත් මුගලන් තෙරණුවනි. ඔබ වහන්සේ ඍද්ධිමතුන් අතර ශ්‍රේෂ්ඨයයි ප්‍රසිද්ධය. නුඹ එය නොගන්නේනම් මම ගන්නෙමි. ඇවැත්නි ගන්න. මෙසේ පැවසූවිට ආයුෂ්මත් පිණ්ඩාල භාරද්වාජ අභිඥා පාදක වතුර්ථ ධ්‍යාන යට සමවැදී නැගිට තුන් ගව් පමණ පැතලි ගලක් පාදාන්තයෙන් ගෙන කපු පුළුන් පිඩ ලෙස අහසේ ඔසවා රජගහ නගරය මත අහසේ හත්වරක් හැසිරුනි. උන්වහන්සේ තුන්ගව් පමණ වූ නගරයේ පියනක් මෙන් දක්නට ලැබුනි. නගරවාසීන් ගල්තලාව අපව මැඩගනීයයි බියෙන් කුළු ආදිය හිස තබා ඒ ඒ තැන්වල සැඟ වුණාහුය. හත්වැනිවර තෙරුන් පැතලි ගල පලා තමන් දැක්වීය. මහජනයා තෙරුන් දැක ස්වාමීනි පිණ්ඩල භාරද්වාජ ගල දැඩිකොට ගන්න අප සියලු දෙන නොනසන්නයි කීහ. තෙරුන් ගල්තලාව පා කෙළවරින් විසීකර දැමුවිට තිබුතැනම පිහිටියේය. තෙරුන්වහන්සේ, සිටුවරයාගේ ගේ මතුයේ වැඩසිටියහ. ඒ දැක සිටුවරයා දණ්ඩ නමස්කාරයෙන් වැඳවැටී ස්වාමිනි වඩින්නැයි ආරාධනා කොට අහසින් බට තෙරුන් වාඩි කරවා පාත්‍රය බිමට ගෙන චතුමධුර පුරවා තෙරුන්ට පිළිගැන්වීය. තෙරුන් පාත්‍රය ගෙන විහාරය දෙසට පිය නැගුහ. ආරණ්‍යගත වූත් ශුණ්යගාර ගතව සිටියාවුත් අය මේ ප්රාතිහාර්යය නොදුටුවහ. ඔවුන් රැස්වී ස්වාමීනි අපට ද ප්රාතිහාර්යය දක්වන්නැයි තෙරුන් පසුපස ගියහ. තෙරුන් වහන්සේ ඒ ඒ අයට ප්රාතිහාර්යයන් දක්වා විහාරයට වැඩම කළහ.
සත්ථා තං අනුබන්‍ධිත්‍වා උන්නාදෙන්තස්ස මහාජනස්ස සද්දං සුත්වා, “ආනන්ද, කස්සෙසො සද්දො”ති පුච්ඡිත්වා, “භන්තෙ, පිණ්ඩොලභාරද්වාජෙන ආකාසෙ උප්පතිත්වා චන්දනපත්තො ගහිතො, තස්ස සන්තිකෙ එසො සද්දො”ති සුත්වා භාරද්වාජං පක්කොසාපෙත්වා “සච්චං කිර තයා එවං කත”න්ති පුච්ඡිත්වා “සච්චං, භන්තෙ”ති වුත්තෙ, “කස්මා තෙ, භාරද්වාජ, එවං කත”න්ති ථෙරං ගරහිත්වා තං පත්තං ඛණ්ඩාඛණ්ඩං භෙදාපෙත්වා භික්ඛූනං අඤ්ජනපිසනත්ථාය දාපෙත්වා පාටිහාරියස්ස අකරණත්ථාය සාවකානං සික්ඛාපදං (චූළව· 252) පඤ්ඤාපෙසි.
බුදුරජාණන් වහන්සේ පසුපසින් එන මේ ජනතාවගේ උසස් නාදය අසා ආනන්ද තෙරුන්ගෙන් මේ ශබ්දය කාගේ දැයි විමසුහ. ස්වාමීනි, පිණ්ඩල භාරද්වාජ තෙරුන් විසින් අහසට පැන නැගී සඳුන් පාත්‍රය ගන්නා ලදී. උන්වහන්ගේ වටා සිටින පිරිස මෙලෙස උසස් හඩ ඇති කරයි. බුදුරජාණන් වහන්සේ තෙරුන් කැඳවා මෙය සත්‍යයදැයි ඔබ විසින් පාත්‍රය ගත්තේදැයි විමසුහ. එසේය ස්වාමීනි පැවසු විට ඇයි භාරද්වාජ එසේ කළේ තෙරුන්ට ගර්හාකොට එම පාත්‍රය කැබලිකර භික්ෂූන්ට අදුන් වශයෙන් ගැනීමට දී ශික්ෂාපදයක් පැනවූහ.
තිත්ථියා “සමණො කිර ගොතමො තං පත්තං භෙදාපෙත්වා පාටිහාරියස්ස අකරණත්ථාය සාවකානං සික්ඛාපදං පඤ්ඤාපෙසී”ති සුත්වා “සමණස්ස ගොතමස්ස සාවකා පඤ්ඤත්තං සික්ඛාපදං ජීවිතහෙතුපි නාතික්කමන්ති, සමණොපි ගොතමො තං රක්ඛිස්සතෙව. ඉදානි අම්හෙහි ඔකාසො ලද්ධො”ති නගරවීථීසු ආරොචෙන්තා විචරිංසු “මයං අත්තනො ගුණං රක්ඛන්තා පුබ්බෙ දාරුමයපත්තස්ස කාරණා අත්තනො ගුණං මහාජනස්ස න දස්සයිම්හා, සමණස්ස ගොතමස්ස සාවකා පත්තකමත්තස්ස කාරණා අත්තනො ගුණං මහාජනස්ස දස්සෙසුං. සමණො ගොතමො අත්තනො පණ්ඩිතතාය පත්තං භෙදාපෙත්වා සික්ඛාපදං පඤ්ඤාපෙසි, ඉදානි මයං තෙනෙව සද්ධිං පාටිහාරියං කරිස්සාමා”ති.
තීර්ථකයෝ - ගෞතමයන් තෙරුන්ට ගර්හාකර පාත්‍රය බිඳදමා ප්රාතිහාර්යය නොදක්වන්නට ශික්ෂාපදයක් පැනවුහ. මෙම ශික්ෂාපදය ජීවිතය ගියත් නොකඩති. එනිසා භවත් ගෞතමයන් ද එය රකිනු ඇත. දැන් අපට අවකාශ ලැබේයයි නගර විථි ආදියෙහි ප්‍රචාරය කරමින් හැසිරුනහ. අපි තමන්ගේ ගුණය රකිමින් පෙර දාරුමය පාත්‍රය නිසා තමන්ගේ ගුණය මහජනයාට නො දැක්වුනු භවත් ගෞතමයෝද තමන්ගේ පාණ්ඩිත්ය්ය නිසා ඒ පාත්‍රය බිඳ දමා සිබපදයන් පැනවූහ. අපි ඔහු සමග ප්රාතිහාර්ය කරන්නෙමු.
රාජා බිම්බිසාරො තං කථං සුත්වා සත්ථු සන්තිකං ගන්ත්වා “තුම්හෙහි කිර, භන්තෙ, පාටිහාරියස්ස අකරණත්ථාය සාවකානං සික්ඛාපදං පඤ්ඤත්ත”න්ති? “ආම, මහාරාජා”ති. ඉදානි තිත්ථියා “තුම්හෙහි සද්ධිං පාටිහාරියං කරිස්සාමා”ති වදන්ති, කිං ඉදානි කරිස්සථාති? “තෙසු කරොන්තෙසු කරිස්සාමි, මහාරාජා”ති. නනු තුම්හෙහි සික්ඛාපදං පඤ්ඤත්තන්ති. නාහං, මහාරාජ, අත්තනො සික්ඛාපදං පඤ්ඤාපෙසිං, තං මමෙව සාවකානං පඤ්ඤත්තන්ති. තුම්හෙ ඨපෙත්වා අඤ්ඤත්ථ සික්ඛාපදං පඤ්ඤත්තං නාම හොති, භන්තෙති. තෙන හි, මහාරාජ, තමෙවෙත්ථ පටිපුච්ඡාමි, “අත්ථි පන තෙ, මහාරාජ, විජිතෙ උය්යාන”න්ති. “අත්ථි, භන්තෙ”ති. “සචෙ තෙ, මහාරාජ, උය්යානෙ මහාජනො අම්බාදීනි ඛාදෙය්ය, කිමස්ස කත්තබ්බ”න්ති? “දණ්ඩො, භන්තෙ”ති. “ත්වං පන ඛාදිතුං ලභසී”ති? “ආම, භන්තෙ, මය්හං දණ්ඩො නත්ථි, අහං අත්තනො සන්තකං ඛාදිතුං ලභාමී”ති. “මහාරාජ, යථා තව තියොජනසතිකෙ රජ්ජෙ ආණා පවත්තති, අත්තනො උය්යානෙ අම්බාදීනි ඛාදන්තස්ස දණ්ඩො නත්ථි, අඤ්ඤෙසං අත්ථි, එවං මමපි චක්කවාළකොටිසතසහස්සෙ ආණා පවත්තති, අත්තනො සික්ඛාපදපඤ්ඤත්තියා අතික්කමො නාම නත්ථි, අඤ්ඤෙසං පන අත්ථි, කරිස්සාමහං පාටිහාරිය”න්ති. තිත්ථියා තං කථං සුත්වා “ඉදානම්හා නට්ඨා, සමණෙන කිර ගොතමෙන සාවකානංයෙව සික්ඛාපදං පඤ්ඤත්තං, න අත්තනො. සයමෙව කිර පාටිහාරියං කත්තුකාමො, කිං නු ඛො කරොමා”ති මන්තයිංසු.
බිම්බිසාර රජු මේ කථාව අසා බුදුන්වෙත ගොස් ස්වාමීනි ඔබ වහන්සේ ශ්රාවකයින්ට ප්රාතිහාර්ය නොකරන ලෙසට සිඛ පදයක් පැනවුවේද? මහරජ එසේය. දැන් තීර්ථකයෝ ඔබ වහන්සේ සමග ප්රාතිහාර්ය කරන්නෙමුයි කියති. දැන් කුමක් කරන්නහුද? ඔවුන් කරන්නේ නම් මම ද කරමි. මහරජු ! ඔබවහන්සේ ශික්ෂාපදයක් පනවා තිබෙනවා නේද? නෑ මහරජ මට ශික්ෂාපදයක් පනවා නැත. එය මගේ ශ්රාවකයින්ට පනවන ලද්දකි. ස්වාමීනි ! ඔබ වහන්සේ අත්හැර සිට පදයක් පනවන ලද්දේද? එසේ නම් මහරජ ඔබෙන් පැනයක් පෙරළා අසමි. මහරජ ඔබේ උයනේ අඹ ආදී පළතුරු මහජනයා අනුභව කරන්නම් කුමක් කරන්නේද? දඩුවම් පමුණුවමි. එසේනම් ඔබට අඹ කන්නට ලැබේද? එසේය ස්වාමීනි මට දඩුවම් නැත. මට මා සතුදේ අනුභව කිරීමට ලැබේ. මහරජ යම්සේ ඔබ ගේ තුන්යොදුන් පමණවු රාජ්‍යයේ ආඥාව පවතිද තමන්ගේ උයනේ අඹ ආදිය කෑවාට දඩුවම් නැත්ද? අන් අයට දඩුවම් ලැබේද? එලෙසම කෙළ ලක්ෂයක් සක්වල මගේ ආඥාව පවතී අන් අයට මෙන් ආඥාව ඇතිකළ මට ප්රඥප්තිය ඉක්මවා යාමක් සිදුනොවේ. මම ප්රාතිහාර්ය දක්වන්නෙමි. තීර්ථකයෝ මේ කථාව අසා දැන් අපි විනාශයට පත්වෙමු. ගෞතමයන් විසින් ශ්රාවකයින්ට පමණක් ශික්ෂාපද පනවා තිබේ. තමන්ට නොවේ. තමන්ම ප්රාතිහාර්ය කරනු කැමතිය. කුමක් කරමුදැයි මන්ත්‍රණය කළහ.
රාජා සත්ථාරං පුච්ඡි – “භන්තෙ, කදා පාටිහාරියං කරිස්සථා”ති. “ඉතො චතුමාසච්චයෙන ආසාළ්හිපුණ්ණමායං, මහාරාජා”ති. “කත්ථ කරිස්සථ, භන්තෙ”ති ? “සාවත්ථිං නිස්සාය, මහාරාජා”ති. “කස්මා පන සත්ථා එවං දූරට්ඨානං අපදිසී”ති? “යස්මා තං සබ්බබුද්ධානං මහාපාටිහාරියකරණට්ඨානං, අපිච මහාජනස්ස සන්නිපාතනත්ථායපි දූරට්ඨානමෙව අපදිසී”ති. තිත්ථියා තං කථං සුත්වා “ඉතො කිර චතුන්නං මාසානං අච්චයෙන සමණො ගොතමො සාවත්ථියං පාටිහාරියං කරිස්සති, ඉදානි තං අමුඤ්චිත්වාව අනුබන්ධිස්සාම, මහාජනො අම්හෙ දිස්වා ‘කිං ඉද’න්ති පුච්ඡිස්සති. අථස්ස වක්ඛාම ‘මයං සමණෙන ගොතමෙන සද්ධිං පාටිහාරියං කරිස්සාමා’ති වදිම්හා. සො පලායති, මයමස්ස පලායිතුං අදත්වා අනුබන්ධාමා”ති. සත්ථා රාජගහෙ පිණ්ඩාය චරිත්වා නික්ඛමි. තිත්ථියාපිස්ස පච්ඡතොව නික්ඛමිත්වා භත්තකිච්චට්ඨානෙ වසන්ති. වසිතට්ඨානෙ පුනදිවසෙ පාතරාසං කරොන්ති. තෙ මනුස්සෙහි “කිමිද”න්ති පුච්ඡිතා හෙට්ඨා චින්තිතනියාමෙනෙව ආරොචෙසුං. මහාජනොපි “පාටිහාරියං පස්සිස්සාමා”ති අනුබන්ධි.
රජු බුදුන්ගෙන් විමසූහ. ස්වාමිනි කවර දිනෙක දක්වමුද? මෙයින් සිව්මසක් ගියතැන ඇසළ පුණු මාසයේදි, ස්වාමීනි, කොතැන්හිද? මහරජ සැවැත් නුවරදී කුමක් හෙයින් මෙපමණ දුරදී පවත්වත්ද සියලුම බුදුවරු මහා ප්රාතිහාර්යය දක්වන තැනයි. එමෙන්ම රැස්වන මහාජනයාට දුර සිටම දැකිය හැකිය. තීර්ථකයෝ ඒ කථාව අසා මෙයින් සිවුමසකට පසුව භවත් ගෞතමයන් සැවැත්නුවර ප්රාතිහාර්ය කරත්යයි කියා දැන් ඔහු වෙන් නොකරම ලුහුබඳිමු. එවිට මහජනයා අප දැක මේ කුමක්දැයි විමසති. එවිට අපි භවත් ගෞතමයන් සමග ප්රාතිහාර්යය දක්වන්නෙමුයි පවසමු. එවිට ඔහු පළායන්නේය. අපි ඔහුට පළායාමට නොදී ලුහුබඳිනෙමුයි පවසමු. බුදුරජාණන් වහන්සේ රජගහනුවර පිඬු පිණිස හැසිරී පිටත්වුහ. තීර්ථකයෝ ද පසුපසින් පැමිණ දන් වළඳන තැනට එති. වසන තැන දෙවනදා උදේ ආහාරය ගනිති. මහජනයා මේ කුමක්දැයි විමසනවිට මුලින් කී ලෙසටම කියති. මහජනයා ද ප්රාතිහාර්ය දකිමුයි ලුහු බැන්දාහුය.
සත්ථා අනුපුබ්බෙන සාවත්ථිං පාපුණි. තිත්ථියාපි තෙන සද්ධිංයෙව ගන්ත්වා උපට්ඨාකෙ සමාදපෙත්වා සතසහස්සං ලභිත්වා ඛදිරථම්භෙහි මණ්ඩපං කාරෙත්වා නීලුප්පලෙහි ඡාදාපෙත්‍වා “ඉධ පාටිහාරියං කරිස්සාමා”ති නිසීදිංසු. රාජා පසෙනදි කොසලො සත්ථාරං උපසඞ්කමිත්වා, “භන්තෙ, තිත්ථියෙහි මණ්ඩපො කාරිතො, අහම්පි තුම්හාකං මණ්ඩපං කරිස්සාමී”ති. “අලං, මහාරාජ, අත්ථි මය්හං මණ්ඩපකාරකො”ති. “භන්තෙ, මං ඨපෙත්වා කො අඤ්ඤො කාතුං සක්ඛිස්සතී”ති? “සක්කො, දෙවරාජා”ති. “කහං පන, භන්තෙ, පාටිහාරියං කරිස්සථා”ති? “කණ්ඩම්බරුක්ඛමූලෙ, මහාරාජා”ති. තිත්ථියා “අම්බරුක්ඛමූලෙ කිර පාටිහාරියං කරිස්සතී”ති සුත්වා අත්තනො උපට්ඨාකානං ආරොචෙත්වා යොජනබ්භන්තරෙ ඨානෙ අන්තමසො තදහුජාතම්පි අම්බපොතකං උප්පාටෙත්වා අරඤ්ඤෙ ඛිපාපෙසුං.
බුදුරජාණන් වහන්සේ පිළිවෙළින් සැවැත් නුවරට වැඩම කළහ. තීර්ථකයෝද ඒ සමගම ගොස් උපස්ථායකයින් පහදවා ලක්ෂයක් උපයා කිහිරි කොටවලින් මණ්ඩපයක් කර නිල් උපුල් වලින් වසා මෙහි ප්රාතිහාර්ය දක්වන්නෙමුයි වාඩිගත්හ. පසේ නදි කෝසල රජු බුදුන්වෙත එළඹ ස්වාමීනි තීර්ථකයන් විසින් මණ්ඩපයක් කරවන ලදී. මම ද තොපට මණ්ඩපයක් කරවමි. මහරජ වැඩක් නැත. මට මණ්ඩප කරන්නෙක් ඇත. ස්වාමීනි මම හැර වෙනත් කිසිවෙක් අන් කවරෙක් නම් මණ්ඩපයක් කරන්නට හැකිවන්නේද? මහරජ ඇයි සක් දෙව්රජ ස්වාමීනි කොහිදී ප්රාතිහාර්ය දක්වන්නේද? මහරජ ගණ්ඩබ්බ රුක් මුලදීය. සර්වඥයන් වහන්සේ අඹ ගසක් යට ප්රාතිහාර්ය දක්වන්යයි අසා තීර්ථයකයෝ තමන්ගේ දායකයින්ට දන්වා යොදුනක් ඇතුළත අන්තිම වශයෙන් එදා හටගත් අඹ පැළ ද උදුරා දමා කැලයට විසි කළහ.
සත්ථා ආසාළ්හිපුණ්ණමදිවසෙ අන්තොනගරං පාවිසි. රඤ්ඤොපි උය්යානපාලො කණ්ඩො නාම එකං පිඞ්ගලකිපිල්ලිකෙහි කතපත්තපුටස්ස අන්තරෙ මහන්තං අම්බපක්කං දිස්වා තස්ස ගන්ධරසලොභෙන සම්පතන්තෙ වායසෙ පලාපෙත්වා රඤ්ඤො ඛාදනත්ථාය ආදාය ගච්ඡන්තො අන්තරාමග්ගෙ සත්ථාරං දිස්වා චින්තෙසි – “රාජා ඉමං අම්බං ඛාදිත්වා මය්හං අට්ඨ වා සොළස වා කහාපණෙ දදෙය්ය, තං මෙ එකත්තභාවෙපි ජීවිතවුත්තියා නාලං. සචෙ පනාහං සත්ථු ඉමං දස්සාමි, අවස්සං තං මෙ දීඝකාලං හිතාවහං භවිස්සතී”ති. සො තං අම්බපක්කං සත්ථු උපනාමෙසි.
බුදුරජාණන් වහන්සේ ඇසළ මාසයේ පුණු පොහෝදින ඇතුළු නගරයට පිවිසියහ. රජුගේ ගණ්ඩ නම් උයන්පල්ලා එක් තඹවන් පැහැයෙන් යුතු දිඹි ගොටුවක ඇතුළත මහත් අඹගෙඩියක් දැක එහි සුවඳ රස ලෝභයෙන් පැමිණි කපුටන් පළවා හැර රජුට පිරිනැමීම සඳහා ගෙනයමින් සිටියදී අතරමගදී බුදුන් දැක මෙසේ සිතුවේය. රජතුමා මේ අඹගෙඩිය අනුභවකර මට කහවණු අටක් හෝ සොළසක් දෙනු ඇත. එය ඒකාන්තයෙන් ජීවිතය පවත්වා ගැනීමට ප්‍රමාණවත් නොවේ. ඉදින් මම බුදුරජාණන් වහන්සේට දෙන්නම් අවශ්‍යයෙන්ම එය අප්‍රමාණ කාලයක් හිත සුව පිණිස වන්නේ ය. ඔහු එය බුදුරජාණන් වහන්සේ පිරිනැමීය.
සත්ථා ආනන්දත්ථෙරං ඔලොකෙසි. අථස්ස ථෙරො චතුමහාරාජදත්තියං පත්තං නීහරිත්වා හත්ථෙ ඨපෙසි. සත්ථා පත්තං උපනාමෙත්වා අම්බපක්කං පටිග්ගහෙත්වා තත්ථෙව නිසීදනාකාරං දස්සෙසි. ථෙරො චීවරං පඤ්ඤාපෙත්වා අදාසි. අථස්ස තස්මිං නිසින්නෙ ථෙරො පානීයං පරිස්සාවෙත්වා අම්බපක්කං මද්දිත්වා පානකං කත්වා අදාසි. සත්ථා අම්බපානකං පිවිත්වා කණ්ඩං ආහ – “ඉමං අම්බට්ඨිං ඉධෙව පංසුං වියූහිත්වා රොපෙහී”ති. සො තථා අකාසි. සත්ථා තස්ස උපරි හත්ථං ධොවි. හත්ථෙ ධොවිතමත්තෙයෙව නඞ්ගලසීසමත්තක්ඛන්ධො හුත්වා උබ්බෙධෙන පණ්ණාසහත්ථො අම්බරුක්ඛො උට්ඨහි. චතූසු දිසාසු එකෙකා, උද්ධං එකාති පඤ්ච මහාසාඛා පණ්ණාසහත්ථා අහෙසුං. සො තාවදෙව පුප්ඵඵලසඤ්ඡන්නො හුත්වා එකෙකස්මිං ඨානෙ පරිපක්කඅම්බපිණ්ඩිධරො අහොසි. පච්ඡතො ආගච්ඡන්තා භික්ඛූ අම්බපක්කානි ඛාදන්තා එව ආගමිංසු. රාජා “එවරූපො කිර අම්බරුක්ඛො උට්ඨිතො”ති සුත්වා “මා නං කොචි ඡින්දී”ති ආරක්ඛං ඨපෙසි. සො පන කණ්ඩෙන රොපිතත්තා කණ්ඩම්බරුක්ඛොත්වෙව පඤ්ඤායි. ධුත්තකාපි අම්බපක්කානි ඛාදිත්වා “හරෙ දුට්ඨතිත්ථියා ‘සමණො කිර ගොතමො කණ්ඩම්බරුක්ඛමූලෙ පාටිහාරියං කරිස්සතී’ති තුම්හෙහි යොජනබ්භන්තරෙ තදහුජාතාපි අම්බපොතකා උප්පාටාපිතා, කණ්ඩම්බො නාම අය”න්ති වත්වා තෙ උච්ඡිට්ඨඅම්බට්ඨීහි පහරිංසු.
බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් දෙස බැලුහ. අනතුරුව සිව්වරම් දෙවි රජවරුන් පිරිනැමූ පාත්‍රය ගෙන අතේ තැබූහ. බුදුහු පාත්‍රය එළවා අඹ ගෙඩිය පිළිගෙන එහිම වාඩිවීමේ අදහසක් දැක්වීය. ආනන්ද තෙරුන් සිවුර නව ආසනයක් ලෙසට පැනවුහ. ඉක්බිති තෙරුන් පැන් පෙරා එම අඹගෙඩිය මිරිකා පානයක් කර පිරිනැමීය. බුදුරජාණන් වහන්සේ ගණ්ඩබ්බ හට මෙසේ කීවේය. මේ අඹ ඇටය මෙහිම පස් ඈත් කොට සාරා රෝපණය කරන්න. ඔහු එසේ කළේය. බුදුහු එම තැනට අත සෝදා හළහ. එසේ සේදූ විටම නලිඟුසක් පමණ උසට නැගී උසින් රියන් පනහක් උසට අඹ රුකක් ඇතිවුනි. සතර දිසාවන්ට එකිනෙකට උස් විශාල අතු පහක් ඇතිවිය. එම අතු ද රියන් පනහක් දිගට පැතිරුනි. එම ගස මල් ගෙඩි වලින් යුක්තවී, එක් තැනක හොඳින් පැසුන අඹ පොකුරක් ඇතිවිය. පසුපස වඩින භික්ෂූන් අඹගෙඩි වළඳමින්ම වැඩම කළහ. රජතුමා මෙබඳු අඹ ගසක් ඇතිවීයයි අසා එය කිසිවෙක් නොකපන්නයි. ආරක්ෂාව යෙදීය. එම ගස ගණ්ඩ නම් උයන් පල්ලා විසින් රෝපිත නිසා ගණ්ඩබ්බ නමින් හැඳින්වුනි. ධුර්තයෝ ද අඹගෙඩි කා අරේ දුෂ්ට - තීර්ථකයන් ගෞතමයන් ගණ්ඩබ්බ රුක්මුල ප්රාතිහාර්ය දක්වන්නේයයි තෙපි යොදුනක් දුර එදින හටගත් අඹ පැළද උගුලුවා දමන ලදී. ගණ්ඩබ්බ නම් මේ යයි කියා ඔවුන් විසින් කන ලද ගෙඩිවල ඇට වලින් දමා ගැසුහ.
සක්කො වාතවලාහකං දෙවපුත්තං ආණාපෙසි “තිත්ථියානං මණ්ඩපං වාතෙහි උප්පාටෙත්වා උක්කාරභූමියං ඛිපාපෙහී”ති. සො තථා අකාසි. සූරියම්පි දෙවපුත්තං ආණාපෙසි “සූරියමණ්ඩලං නිකඩ්ඪන්තො තාපෙහී”ති. සො තථා අකාසි. පුන වාතවලාහකං ආණාපෙසි “වාතමණ්ඩලං උට්ඨාපෙන්තො යාහී”ති. සො තථා කරොන්තො තිත්ථියානං පග්ඝරිතසෙදසරීරෙ රජොවට්ටියා ඔකිරි. තෙ තම්බමත්තිකසදිසා අහෙසුං. වස්සවලාහකම්පි ආණාපෙසි “මහන්තානි බින්දූනි පාතෙහී”ති. සො තථා අකාසි. අථ නෙසං කායො කබරගාවිසදිසො අහොසි. තෙ නිගණ්ඨා ලජ්ජමානා හුත්වා සම්මුඛසම්මුඛට්ඨානෙනෙව පලායිංසු. එවං පලායන්තෙසු පුරාණකස්සපස්ස උපට්ඨාකො එකො කස්සකො “ඉදානි මෙ අය්යානං පාටිහාරියකරණවෙලා, ගන්ත්වා පාටිහාරියං පස්සිස්සාමී”ති ගොණෙ විස්සජ්ජෙත්වා පාතොව ආභතං යාගුකුටඤ්චෙව යොත්තකඤ්ච ගහෙත්වා ආගච්ඡන්තො පුරාණං තථා පලායන්තං දිස්වා, භන්තෙ, අජ්ජ ‘අය්යානං පාටිහාරියං පස්සිස්සාමී’ති ආගච්ඡාමි, තුම්හෙ කහං ගච්ඡථා”ති. කිං තෙ පාටිහාරියෙන, ඉමං කුටඤ්ච යොත්තඤ්ච දෙහීති. සො තෙන දින්නං කුටඤ්ච යොත්තඤ්ච ආදාය නදීතීරං ගන්ත්වා කුටං යොත්තෙන අත්තනො ගීවාය බන්ධිත්වා ලජ්ජන්තො කිඤ්චි අකථෙත්වා රහදෙ පතිත්වා උදකපුබ්බුළෙ උට්ඨාපෙන්තො කාලං කත්වා අවීචිම්හි නිබ්බත්ති.
සක්දෙවිරජ සුළං දෙවිඳුන්ට (වාත වළාහක) අණ කළේය. තීර්ථකයින්ගේ මණ්ඩපය සුළගින් උඩට ඔසවා දමා කුණු වලකට හෙලන ලෙසට නියම කළේය. වායු දෙවියා එලෙස කළේය. සුර්ය දෙවියන්ට ද දැඩිලෙස රශ්මි විහිදුවන ලෙසට නියෝග කළේය. ඔහු ද එලෙස කළේය. නැවත වායු දෙවියන්ට දැඩි සුළඟක් ම වන්නැයි නියෝග කළේය. එසේ කරන විට දාඩිය වැකුණ සිරුරු දුවිලිවලින් වැසී ගියේ ය. ඔවුහු තඹවන් පැහැ ඇත්තෝ වුහ. වැසිවළාහක දෙවියන් ද අණ ලැබ ඉතාමහත් වැහි බිඳු හෙළීය. අනතුරුව ඔවුන්ගේ ශරීර කබර ගොයින් මෙන් විය. ඒ නිවටුන් ලජ්ජාවට පත්ව ඉඩ ඇති තැන් තැන්වලින් පළා ගියහ. මෙසේ පළායන අතර පුර්ණ කාශ්‍යපගේ දායක ගොවියෙක් දැන් මගේ ආර්යන් ප්රාතිහාර්ය දක්වන වෙලාව යයි ගොස් ප්රාතිහාර්යය බලන්නෙමියි ගොනුන් මුදාහැර උදේම ගෙනෙන ලද කැඳ මුට්ටිය හා ලණුවද ගෙන එනවිට අතරමග පළායන පූර්ණ කස්සප දැක ස්වමීනි මම වහන්සේලාගේ ප්රාතිහාර්යය බලන්නෙමියි ආවෙමි. තෙපි කොහි යම්ද? ඔය මුට්ටියත් කඹයත් දෙවයි කියා අරගෙන ගංතෙරට ගොස් ඒ මුට්ටිය කඹයෙන් ගෙලේ බැඳගෙන ලජ්ජාවෙන් කිසිවක් නොකර දියට පැන දිය බුබුලු නංවමින් කලුරිය කොට අවීචියෙහි උපන්නේ ය.
සක්කො ආකාසෙ රතනචඞ්කමං මාපෙසි. තස්ස එකා කොටි පාචීනචක්කවාළමුඛවට්ටියං අහොසි, එකා පච්ඡිමචක්කවාළමුඛවට්ටියං. සත්ථා සන්නිපතිතාය ඡත්තිංසයොජනිකාය පරිසාය වඩ්ඪමානකච්ඡායාය “ඉදානි පාටිහාරියකරණවෙලා”ති ගන්ධකුටිතො නික්ඛමිත්වා පමුඛෙ අට්ඨාසි. අථ නං ඝරණී නාම ඉද්ධිමන්තී එකා අනාගාමිඋපාසිකා උපසඞ්කමිත්වා, “භන්තෙ, මාදිසාය ධීතරි විජ්ජමානාය තුම්හාකං කිලමනකිච්චං නත්ථි, අහං පාටිහාරියං කරිස්සාමී”ති ආහ. “කථං ත්වං කරිස්සසි, ඝරණී”ති? “භන්තෙ, එකස්මිං චක්කවාළගබ්භෙ මහාපථවිං උදකං කත්වා උදකසකුණිකා විය නිමුජ්ජිත්වා පාචීනචක්කවාළමුඛවට්ටියං අත්තානං දස්සෙස්සාමි, තථා පච්ඡිමඋත්තරදක්ඛිණචක්කවාළමුඛවට්ටියං, තථා මජ්ඣෙ”. මහාජනො මං දිස්වා “කා එසා”ති වුත්තෙ වක්ඛති “ඝරණී නාමෙසා, අයං තාව එකිස්සා ඉත්ථියා ආනුභාවො, බුද්ධානුභාවො පන කීදිසො භවිස්සතී”ති. එවං තිත්ථියා තුම්හෙ අදිස්වාව පලායිස්සන්තීති. අථ නං සත්ථා “ජානාමි තෙ ඝරණී එවරූපං පාටිහාරියං කාතුං සමත්ථභාවං, න පනායං තවත්ථාය බද්ධො මාලාපුටො”ති වත්වා පටික්ඛිපි. සා “න මෙ සත්ථා අනුජානාති, අද්ධා මයා උත්තරිතරං පාටිහාරියං කාතුං සමත්ථො අඤ්ඤො අත්ථී”ති එකමන්තං අට්ඨාසි. සත්ථාපි “එවමෙව තෙසං ගුණො පාකටො භවිස්සතීති එවං ඡත්තිංසයොජනිකාය පරිසාය මජ්ඣෙ සීහනාදං නදිස්සතී”ති මඤ්ඤමානො අපරෙපි පුච්ඡි – “තුම්හෙ කථං පාටිහාරියං කරිස්සථා”ති. තෙ “එවඤ්ච එවඤ්ච කරිස්සාම, භන්තෙ”ති සත්ථු පුරතො ඨිතාව සීහනාදං නදිංසු. තෙසු කිර චූළඅනාථපිණ්ඩිකො “මාදිසෙ අනාගාමිඋපාසකෙ පුත්තෙ විජ්ජමානෙ සත්ථු කිලමනකිච්චං නත්ථී”ති චින්තෙත්වා “අහං, භන්තෙ, පාටිහාරියං කරිස්සාමී”ති වත්වා “කථං කරිස්සසී”ති පුට්ඨො “අහං, භන්තෙ, ද්වාදසයොජනිකං බ්රහ්මත්තභාවං නිම්මිනිත්වා ඉමිස්සා පරිසාය මජ්ඣෙ මහාමෙඝගජ්ජිතසදිසෙන සද්දෙන බ්රහ්මඅප්ඵොටනං නාම අප්ඵොටෙස්සාමී”ති. මහාජනො “කිං නාමෙසො සද්දො”ති පුච්ඡිත්වා “චූළඅනාථපිණ්ඩිකස්ස කිර බ්රහ්මඅප්ඵොටනසද්දො නාමා”ති වක්ඛති. තිත්ථියා “ගහපතිකස්ස කිර තාව එසො ආනුභාවො, බුද්ධානුභාවො කීදිසො භවිස්සතී”ති තුම්හෙ අදිස්වාව පලායිස්සන්තීති. සත්ථා “ජානාමි තෙ ආනුභාව”න්ති තස්සපි තථෙව වත්වා පාටිහාරියකරණං නානුජානි.
ශක්‍රයා අහසේ රුවන් සක්මනක් මැවීය. එහි එක් කෙළවරක් බටහිර සක්වල ක්ෂිතිජයේ කෙළවර විය. එක කෙළවරක් නැගෙනහිර කෙළවර ක්ෂිතිජයේ විය. තථාගතයන් වහන්සේ එක් රැස් යොදුන් තිස් හයක් දුර වැඩෙන සෙවනැල්ලේ දැන් ප්රාතිහාර්ය දැක්වීමට දැන් වේලාවයයි ගඳකිලියෙන් නික්මී ඉදිරියේ සිටිය හ. අනතුරුව සෘද්ධිමත් අනාගාමී ඵලයට පත් ඝරණි නම්වූ උපාසිකාව පැමිණ - “ස්වාමීනි ! මා බඳු දුවණියක් සිටිය දී ඔබ වහන්සේ වෙහෙසට පත්වීමෙන් ඵලයක් නැත. මම ප්රාතිහාර්ය දක්වන්නෙමි” පැවසුවාය. ඝරණිය ඔබ කෙසේ කරන්නේද? ස්වාමීනි මම සක්වල ගැබ මහපොළව ජලය දක්වා දියකාවකු ලෙස කිමිදී නැගෙනහිර දිසාවේ මගේ ආත්මය (මා) දක්වන්නෙමි. එලෙසම බටහිර. දිගන්තයේද එලෙසට උතුරු දකුණු දිසාවන්හිද එසේම මැද ද කිමිදෙමි. ඇය කවරෙක්දැයි විමසුවිට ඇය ඝරණියයි මෙබඳු ගැහැණියකගේ ආනුභාව මෙතෙක් නම් බුද්ධානුභාවය කෙතෙක්ද එවිට තීර්ථකයෝ ඔබවහන්සේ නොදැකම පළායති. ඉක්බිති තථාගතයන් වහන්සේ ඝරණිය මෙබඳු ප්රාතිහාර්ය පෑමේ ඔබගේ දක්ෂතාවය මම දනිමි. මේ ප්රාතිහාර්ය පෑම ඔබ සඳහා ඔබට සම්බන්ධ නොවේයයි පවසා ප්‍රතික්ෂේප කළහ. ඇය බුදුහු මගේ ප්රාතිහාර්ය පෑම අනුමත නොකරයි. ඒකාන්තයෙන් මට වඩා වැඩි ප්රාතිහාර්ය පෑමේ දක්ෂයෙක් කෙනෙක් සිටිනු ඇතැයි සිතමින් එකත් පසෙක සිටියාය. බුදුරජාණන් වහන්සේ ද මෙලෙස මොවුන්ගේ ගුණය ප්‍රකට වන්නේයයි. මෙසේ සතිස් යොදුන් වූ පිරිස මැද සිංහනාද කරන්නේ යයි හඟිමින් නැවතද විචාළේය. තෙපි කෙසේ ප්රාතිහාර්ය පාන්නේද ඕ තොමෝ ස්වාමීනි මෙසේ කරන්නෙමියි පෙර කී පරිද්දෙන්ම කියා සිංහනාද කළාය. කියා ඔවුන් අතර චූල අනාථ පිණ්ඩික ද මා හා සමාන අනාගාමී වූ උපාසක පුතෙක් සිටිය දී බුදුන්වහන්සේ කලාන්ත කිරීමක් නැතැයි සිතා ස්වාමීනි මම ප්රාතිහාර්යක් කරන්නෙමියි කියනවිට කෙසේ කරන්නේ දැයි විමසුවිට ස්වාමිනි මම යොදුන් දොළසක් වූ බ්‍රහ්ම ආත්ම භාවයක් මවා මේ පිරිස මැද මහා මේඝ ගර්ජනා හා සමාන ශබ්දයෙන් ක්‍රම සමාන අත්පොළසන් නම් අත්පුඩි ගසන්නෙමි. මහජනයා මේ කිනම් ශබ්දයක්දැයි අසා චුල්ල අනාථ පිණ්ඩික ක්‍රම අත්පුඩි ශබ්දයයි කියති. තීර්ථකයෝ ගෘහ පතියාට මෙබඳු අනුභාවයයි තථාගතයන් වහන්සේගේ බුද්ධානුභාවය කෙබඳු වන්නේද? ඔබ වහන්සේ නොදැකම පළා යන්නේය. බුදුරජාණන් වහන්සේ ඔබගේ ආනුභාව දනිමි. ඔහුටද එසේම කියා ප්රාතිහාර්ය පෑමට අනුමත නොකළහ.
අථෙකා පටිසම්භිදප්පත්තා සත්තවස්සිකා චීරසාමණෙරී කිර නාම සත්ථාරං වන්දිත්වා “අහං, භන්තෙ, පාටිහාරියං කරිස්සාමී”ති ආහ. “කථං කරිස්සසි චීරෙ”ති? “භන්තෙ, සිනෙරුඤ්ච චක්කවාළපබ්බතඤ්ච හිමවන්තඤ්ච ආහරිත්වා ඉමස්මිං ඨානෙ පටිපාටියා ඨපෙත්වා අහං හංසසකුණී විය තතො තතො නික්ඛමිත්වා අසජ්ජමානා ගමිස්සාමි, මහාජනො මං දිස්වා ‘කා එසා’ති පුච්ඡිත්වා ‘චීරසාමණෙරී’ති වක්ඛති. තිත්ථියා ‘සත්තවස්සිකාය තාව සාමණෙරියා අයමානුභාවො, බුද්ධානුභාවො කීදිසො භවිස්සතී’ති තුම්හෙ අදිස්වාව පලායිස්සන්තී”ති. ඉතො පරං එවරූපානි වචනානි වුත්තානුසාරෙනෙව වෙදිතබ්බානි. තස්සාපි භගවා “ජානාමි තෙ ආනුභාව”න්ති වත්වා පාටිහාරියකරණං නානුජානි.
ඉක්බිති එක් පටිසම්භිදාලාභී වයසින් සත්වසක් වු චීර සාමණේරිය බුදුන් වැඳ ස්වාමීනි මම ප්රාතිහාර්ය කරන්නෙමියි පැවසුවාය කෙසේ කරන්නේදැයි විමසුහ. ස්වාමීනි, මහාමේරුව ද සක්වල පර්වතය ද හිමාලය ද ගෙනවුත් මෙතැන පිළිවෙළින් තබා මම හංස ධේනුවක් මෙන් ඒ ඒ තැනින් නික්මී නොගැවී යන්නෙමි. මහජනයා මේ කවුදැයි විමසා චීර සමණේරියයි දැනගත්තේ තීර්ථකයෝ වයස හතක් වූ සාමණේරියක ගේ ආනුභාව මෙතෙක් නම් බුද්ධානු භාවය කෙබඳු වන්නේදැයි ඔබවහන්සේ නොදැකම පළායති. මෙයින් පසුව රූප හා වචන කියන ලද පරිදි දතයුතුය. ඇයට ඔබේ ආනුභාව දනිමියි පවසා ප්රාතිහාර්ය දැක්වීමට අවසර නුදුන්හ.
අථෙකො පටිසම්භිදප්පත්තො ඛීණාසවො චුන්දසාමණෙරො නාම ජාතියා සත්තවස්සිකො සත්ථාරං වන්දිත්වා “අහං භගවා පාටිහාරියං කරිස්සාමී”ති වත්වා “කථං කරිස්සසී”ති පුට්ඨො ආහ – “අහං, භන්තෙ, ජම්බුදීපස්ස ධජභූතං මහාජම්බුරුක්ඛං ඛන්ධෙ ගහෙත්වා චාලෙත්වා මහාජම්බුපෙසියො ආහරිත්වා ඉමං පරිසං ඛාදාපෙස්සාමි, පාරිච්ඡත්තකකුසුමානි ච ආහරිත්වා තුම්හෙ වන්දිස්සාමී”ති. සත්ථා “ජානාමි තෙ ආනුභාව”න්ති තස්ස පාටිහාරියකරණං පටික්ඛිපි.
අනතුරුව සිව්පිළිසිඹියා පත් අර්හත් සත්හැවිරිදිව චුන්ද සාමණේරයන් බුදුන්වැඳ ස්වාමීනි මම ප්රාතීහාර්ය දක්වන්නෙමියි පැවසුහ. කෙසේ දැයි විමසුවිට ස්වාමීනි මම ජම්බු ද්විපයට කොඩියක් වැනි වු මහදඹ ගස සොල්වා මහ දඹ ගෙඩි ගෙනවුත් මේ පිරිසට කන්නට දෙන්නෙමි. පරසතු රුකේ මල් ගෙනවිත් ඔබවහන්සේ පුදමි. බුදුහු දනිමි ඔබේ ආනුභාව යයි පවසා ඒ ප්රාතිහාර්යය ද ප්‍රතික්ෂේප කළෝය.
අථ උප්පලවණ්ණා ථෙරී සත්ථාරං වන්දිත්වා “අහං, භන්තෙ, පාටිහාරියං කරිස්සාමී”ති වත්වා “කථං කරිස්සසී”ති පුට්ඨා ආහ – “අහං, භන්තෙ, සමන්තා ද්වාදසයොජනිකං පරිසං දස්සෙත්වා ආවට්ටතො ඡත්තිංසයොජනාය පරිසාය පරිවුතො චක්කවත්තිරාජා හුත්වා ආගන්ත්වා තුම්හෙ වන්දිස්සාමී”ති. සත්ථා “ජානාමි තෙ ආනුභාව”න්ති තස්සාපි පාටිහාරියකරණං පටික්ඛිපි.
අනතුරුව උප්පලවණ්ණා තෙරණිය ප්රාතිහාර්ය දක්වන්ට විමසා කරන පිළිවෙත විමසුවිට යොදුන් තිස්හයක් දුර විහිදී ජනතාව පිරිවරා සක්විති රජවී පැමිණ ඔබවහන්සේගේ පා වඳිමි [missing trans]
අථ මහාමොග්ගල්ලානත්ථෙරො භගවන්තං වන්දිත්වා “අහං, භන්තෙ, පාටිහාරියං කරිස්සාමී”ති වත්වා “කථං කරිස්සසී”ති පුට්ඨො ආහ – “අහං, භන්තෙ, සිනෙරුපබ්බතරාජානං දන්තන්තරෙ ඨපෙත්වා මාසසාසපබීජං විය ඛාදිස්සාමී”ති. “අඤ්ඤං කිං කරිස්සසී”ති? “ඉමං මහාපථවිං කටසාරකං විය සංවෙල්ලිත්වා අඞ්ගුලන්තරෙ නික්ඛිපිස්සාමී”ති. “අඤ්ඤං කිං කරිස්සසී”ති? “මහාපථවිං කුලාලචක්කං විය පරිවත්තෙත්වා මහාජනං පථවොජං ඛාදාපෙස්සාමී”ති. “අඤ්ඤං කිං කරිස්සසී”ති? “වාමහත්ථෙ පථවිං කත්වා ඉමෙ සත්තෙ දක්ඛිණහත්ථෙන අඤ්ඤස්මිං දීපෙ ඨපෙස්සාමී”ති. “අඤ්ඤං කිං කරිස්සසී”ති? “සිනෙරුං ඡත්තදණ්ඩං විය කත්වා මහාපථවිං උක්ඛිපිත්වා තස්සුපරි ඨපෙත්වා ඡත්තහත්ථො භික්ඛු විය එකහත්ථෙනාදාය ආකාසෙ චඞ්කමිස්සාමී”ති. සත්ථා “ජානාමි තෙ ආනුභාව”න්ති තස්සපි පාටිහාරියකරණං නානුජානි. සො “ජානාති මඤ්ඤෙ සත්ථා මයා උත්තරිතරං පාටිහාරියං කාතුං සමත්ථ”න්ති එකමන්තං අට්ඨාසි.
අනතුරුව මහමුගලන් තෙරණුවෝ බුදුන් වැඳ ස්වාමීනි ප්රාතිහාර්ය කරන්නෙමි යි. පවසා කෙසේ කරන්නේදැයි විමසුවිට මහමේරු පර්වත රාජයා දත් අතර තබා මද ඇට ලෙසට කපා දමමි. වෙන කුමක් කරන්නේද? මේ මහපොළොව - කලාළයක් ලෙස වෙලා ඇඟිලි අතර තබමි. වෙන කුමක් කරන්නේද? මහපොළව කුඹල් සකක් සේ කරකවා පෙරළා පඨවි ඹජය (පැණි) මහජනයාට කවනෙමි. අන්කුමක් කරන්නේද? වමත පඨවිය තබා දකුණතින් මේ සත්ත්වයින් දකුණතින් ගෙන අනෙක් දිවයිනක තබනෙමි. වෙනත් මොනවා කරන්නේද? මහමේරුව කුඩ මිටක් සේ ගෙන මහපොළව ඔසවා ඒ මත තබා කුඩයක් අතින්ගත් භික්ෂුව ලෙසට එක අතකින් ගෙන අහසේ සක්මන් කරන්නෙමි. බුදුහු ඔබේ ආනුභාවය දනිමියි. පවසා උන් වහන්සේගේ ප්රාතිහාර්ය පෑමද අනුමත නොකළහ. අනතුරුව තථාගතයන් වහන්සේ මගේ කුසලතාව දන්නේ යයි සිතා එකත් පසෙක වැඩසිටියහ.
අථ නං සත්ථා “නායං මොග්ගල්ලානං තවත්ථාය බද්ධො බාලාපුටො. අහඤ්හි අසමධුරො, මම ධුරං අඤ්ඤො වහිතුං සමත්ථො නාම නත්ථි. අනච්ඡරියමෙතං, යං ඉදානි මම ධුරං වහිතුං සමත්ථො නාම භවෙය්ය. අහෙතුකතිරච්ඡානයොනියං නිබ්බත්තකාලෙපි මම ධුරං අඤ්ඤො වහිතුං සමත්ථො නාම නාහොසියෙවා”ති වත්වා “කදා පන, භන්තෙ”ති ථෙරෙන පුට්ඨො අතීතං ආහරිත්වා –
අනතුරු තථාගතයන් වහන්සේ මොග්ගල්ලාන මේ මල්ගොටුව ඔබට බැඳුනේ නොවේ. මම වනාහි අසම ධූරය. මගේ ධූරය දැරීමට සමත් වෙනස් කිසිවෙක් නැත. මගේ ධූරය දැරීමට සමත් කෙනෙක් ඇතිවන්නේ නම් එය ආශ්චර්යයකි. අහේතුක තිරවච්ඡාන යෝනියක උපන් කාලයේද මගේ ධූරය ඉසිලීමට සමත් කිසිවෙක් නොවීයයි පවසා කවර දිනෙක කවර දාදැයි විමසුවිට අතීත පුවත තථාගතයන් වහන්සේ පෙන්වා දුන්හ.
“යතො යතො ගරු ධුරං, යතො ගම්භීරවත්තනී; තදාස්සු කණ්හං යුඤ්ජන්ති, ස්වාස්සු තං වහතෙ ධුර”න්ති. –
“යම් යම් සේ වඩා බර ගැඹුරුවේද? එවිට කණ්හ යොදන්නැයි ඔහු ධූරය උසුලනු ඇත”
ඉදං කණ්හඋසභජාතකං (ජා· 1.1.29) විත්ථාරෙත්වා පුන තමෙව වත්ථුං විසෙසෙත්වා දස්සෙන්තො –
මේ කණ්හ වෘෂභ ජාතකය විස්තර කර නැවත එහි අර්ථය විශේෂ කොට දක්වමින්
“මනුඤ්ඤමෙව භාසෙය්ය, නාමනුඤ්ඤං කුදාචනං; මනුඤ්ඤං භාසමානස්ස, ගරුං භාරං උදද්ධරි; ධනඤ්ච නං අලාභෙසි, තෙන චත්තමනො අහූ”ති. –
“වහාම වචනයම කියන්නේය. අමනාප වදනක් කිසිදා නැත. මනාපවු ප්‍රියවචන කියන විට වඩාත් බර ඉසිලීමි. සතුටු සිතින් ධනය ද ලබාදුන්නේ වෙයි.”
ඉදං නන්දිවිසාලජාතකං විත්ථාරෙත්වා කථෙසි. කථෙත්වා ච පන සත්ථා රතනචඞ්කමං අභිරුහි, පුරතො ද්වාදසයොජනිකා පරිසා අහොසි තථා පච්ඡතො ච උත්තරතො ච දක්ඛිණතො ච. උජුකං පන චතුවීසතියොජනිකාය පරිසාය මජ්ඣෙ භගවා යමකපාටිහාරියං අකාසි.
මේ නන්දිවිශාල ජාතකය විස්තරකර පැවසුහ. මෙසේ ද පවසා තථාගතයන් වහන්සේ රුවන් සක්මනට බැසගත්හ. ඉදිරියෙන් දොළොස් යොදුනක් පිරිස විය. එසේ පසුපසින් ද උතුරු දෙසින් ද දකුණු දෙසින් ද පිරිස එතරම් සිටියහ. ඍජුලෙස - ඉදිරියෙන් යොදුන් විසිහතරක් ඒ පිරිස මැද භාග්‍යවතුන් වහන්සේ යමක පටිහාරිය කළහ.
තං පාළිතො තාව එවං වෙදිතබ්බං (පටි· ම· 1.116) – කතමං තථාගතස්ස යමකපාටිහාරියෙ ඤාණං? ඉධං තථාගතො යමකපාටිහාරියං කරොති අසාධාරණං සාවකෙහි, උපරිමකායතො අග්ගික්ඛන්ධො පවත්තති, හෙට්ඨිමකායතො උදකධාරා පවත්තති. හෙට්ඨිමකායතො අග්ගික්ඛන්ධො පවත්තති, උපරිමකායතො උදකධාරා පවත්තති. පුරත්ථිමකායතො, පච්ඡිමකායතො; පච්ඡිමකායතො, පුරත්ථිමකායතො; දක්ඛිණඅක්ඛිතො, වාමඅක්ඛිතො; වාමඅක්ඛිතො, දක්ඛිණඅක්ඛිතො; දක්ඛිණකණ්ණසොතතො, වාමකණ්ණසොතතො; වාමකණ්ණසොතතො, දක්ඛිණකණ්ණසොතතො; දක්ඛිණනාසිකාසොතතො, වාමනාසිකාසොතතො; වාමනාසිකාසොතතො, දක්ඛිණනාසිකාසොතතො; දක්ඛිණඅංසකූටතො, වාමඅංසකූටතො; වාමඅංසකූටතො, දක්ඛිණඅංසකූටතො; දක්ඛිණහත්ථතො, වාමහත්ථතො; වාමහත්ථතො, දක්ඛිණහත්ථතො; දක්ඛිණපස්සතො, වාමපස්සතො; වාමපස්සතො, දක්ඛිණපස්සතො; දක්ඛිණපාදතො, වාමපාදතො; වාමපාදතො, දක්ඛිණපාදතො; අඞ්ගුලඞ්ගුලෙහි, අඞ්ගුලන්තරිකාහි; අඞ්ගුලන්තරිකාහි, අඞ්ගුලඞ්ගුලෙහි; එකෙකලොමකූපතො අග්ගික්ඛන්ධො පවත්තති, එකෙකලොමතො උදකධාරා පවත්තති. එකෙකලොමතො අග්ගික්ඛන්ධො පවත්තති, එකෙකලොමකූපතො උදකධාරා පවත්තති ඡන්නං වණ්ණානං නීලානං පීතකානං ලොහිතකානං ඔදාතානං මඤ්ජෙට්ඨානං පභස්සරානං. භගවා චඞ්කමති, බුද්ධනිම්මිතො තිට්ඨති වා නිසීදති වා සෙය්යං වා කප්පෙති…පෙ… නිම්මිතො සෙය්යං කප්පෙති, භගවා චඞ්කමති වා තිට්ඨති වා නිසීදති වා. ඉදං තථාගතස්ස යමකපාටිහාරියෙ ඤාණන්ති.
එය පාලි භාෂාවෙන් මෙසේ දතයුතුයි - ඒ තථාගතයන් වහන්සේගේ යමක ප්රාතිහාර්ය ඥාණය කෙසේද? ශ්‍රාවකයන්ට අසාධාරණවූ එම කෙසේ ද යනු සිරුරේ උඩ කොටසින් ගිනි කඳක් පවත්වයි. සිරුරේ යට කොටසින් දියකඳක් නිකුත් කරයි. සිරුරේ උඩකොටසින් ගිනිකඳක් ද යට කොටසින් ජල කඳක් ද නිකුත් කරයි. ශරීරයේ ඉදිරි කොටසින් ද පසුපසින්ද දකුණු ඇසින් ද වම් ඇසින්ද - දකුණු කණින්ද - වම් කණින් ද - දකුණු නැහැයෙන් ද - වම් නැහැයෙන් ද දකුණු අංශ යෙන් ද - වම් අංශයෙන් ද දකුණු අතින් ද - වම් අතින් ද - දකුණු පසින් ද වම්පසින් ද දකුණු පාදයෙන් ද වම් පාදයෙන් ද ඇඟිලිවලින් ද - ඇඟිලි අතරින් ද - එක් එක් රෝමකූපයකින් - ගිනිකඳක් ද ජලකඳක්ද මුළු සිරුරෙහි - නීල පීත - ලෝහිත - ඔදාන මාජේෂ්ඨ ප්‍රභාස්වර රශ්මි ධාරා විහිදුවමින් සක්මන් කළහ. නිර්මිත බුද්ධ රූපය සිටී ද - වාඩිවී ද - සයනය කරයි ද බුදුන් කරන ලෙසින්ම එම බුදුරුව අනුගමනය කරයි. මෙය බුදුන්ගේ යමක ප්රාතිහාර්ය ඥාණයයි.
ඉදං පන පාටිහාරියං භගවා තස්මිං චඞ්කමෙ චඞ්කමිත්වා අකාසි. තස්ස තෙජොකසිණසමාපත්තිවසෙන උපරිමකායතො අග්ගික්ඛන්ධො පවත්තති, ආපොකසිණසමාපත්තිවසෙන හෙට්ඨිමකායතො උදකධාරා පවත්තති. න පන උදකධාරාය පවත්තනට්ඨානතො අග්ගික්ඛන්ධො පවත්තති, අග්ගික්ඛන්ධස්ස පවත්තනට්ඨානතො උදකධාරා පවත්තතීති දස්සෙතුං “හෙට්ඨිමකායතො උපරිමකායතො”ති වුත්තං. එසෙව නයො සබ්බපදෙසු. අග්ගික්ඛන්ධො පනෙත්ථ උදකධාරාය අසම්මිස්සො අහොසි, තථා උදකධාරා අග්ගික්ඛන්ධෙන. උභයම්පි කිර චෙතං යාව බ්රහ්මලොකා උග්ගන්ත්වා චක්කවාළමුඛවට්ටියං පතති. “ඡන්නං වණ්ණාන”න්ති වුත්තා පනස්ස ඡබ්බණ්ණරංසියො ඝටෙහි ආසිඤ්චමානං විලීනසුවණ්ණං විය යන්තනාලිකතො නික්ඛන්තසුවණ්ණරසධාරා විය ච එකචක්කවාළගබ්භතො උග්ගන්ත්වා බ්රහ්මලොකං ආහච්ච පටිනිවත්තිත්වා චක්කවාළමුඛවට්ටිමෙව ගණ්හිංසු. එකචක්කවාළගබ්භං වඞ්කගොපානසිකං විය බොධිඝරං අහොසි එකාලොකං.
බුදුහු මෙම ප්රාතිහාර්යය එදා ගණ්ඩබ්බ වනයේදී සිදුකළහ. උන්වහන්සේගේ තේජෝ කසින සමාපත්ති වශයෙන් උඩුකයින් ගිනි කඳක් ද - ආපෝකසින සමාපත්තියෙන් යටිකයින් දියකඳක් ද පවත්වති. දියදහරා පිටවන තැනින් ගිනිජාල නිමෙන්නේ නොවේ. සියළු ප්‍රදේශයන්හි ජල - ගිනි - ධාරා මිශ්රම නො පවතී. මෙම ජල - ගිනි ජාලා බ්‍රහ්ම ලෝකය දක්වාම ගමන්කර චක්‍රවාට මුවවිට පැවතුනි. ෂඩ් වර්ණය කළයකින් වත්කරන දියකළ රන් දියරයක් ඇතිවිය. යන්ත්‍ර නාලයකින් නික්මෙන රස ධාරාවක් මෙන් එක් සක්වල ගැබකින් නික්ම උඩට ගොස් බඹලොව හැපී නැවතුනි. නැවත චක්‍රවාට ගැබින් උඩට ගොස් මුවවැටියේම ගැසුනි. එක් සක්වල ගැබක් එක් වහළ මුදුනක් සේ බෝධි ඝරයක් වීය. එකම ආලෝකයක් විය.
තංදිවසං සත්ථා චඞ්කමිත්වා පාටිහාරියං කරොන්තො අන්තරන්තරා මහාජනස්ස ධම්මං කථෙසි. කථෙන්තො ච ජනං නිරස්සාසං අකත්වා තස්ස අස්සාසවාරං දෙති. තස්මිං ඛණෙ මහාජනො සාධුකාරං පවත්තෙසි. තස්ස සාධුකාරපවත්තනකාලෙ සත්ථා තාවමහතියා පරිසාය චිත්තං ඔලොකෙන්තො එකෙකස්ස සොළසන්නං ආකාරානං වසෙන චිත්තාචාරං අඤ්ඤාසි. එවං ලහුකපරිවත්තං බුද්ධානං චිත්තං. යො යො යස්මිඤ්ච ධම්මෙ යස්මිඤ්ච පාටිහීරෙ පසන්නො, තස්ස තස්ස අජ්ඣාසයවසෙනෙව ධම්මඤ්ච කථෙසි, පාටිහීරඤ්ච අකාසි. එවං ධම්මෙ දෙසියමානෙ පාටිහීරෙ ච කරියමානෙ මහාජනස්ස ධම්මාභිසමයො අහොසි.
එදවස බුදුහු සක්මන් කරමින් ප්රාතිහාර්ය පාන්නේ. අතරතුර මහජනයාට ධර්මකථා පැවසුහ. මෙලෙස දේශනා කරමින් ද ජනයාට ආශ්වාශයට ඉඩදී එකෙනෙහි මහජනයා සාධුකාර පැවැත්විය. ඒ සාධුකාර දෙන අවස්ථාවේ දි තථාගතයන් වහන්සේ මහා ජන පිරිසේ සිත් විමසා බලන්නේ එකිනෙකාගේ සිත සොළොස් ආකාරයෙන් සිත් හසර දැනගත්හ. මෙලෙස ඉතා ඉක්මනින් බුදුන්ගේ පෙරළෙන සිත යම් යම් කෙනෙක් යම් ධර්මයක් යම් ප්රාතිහාර්යක් ප්‍රියකරයි ද ඔවු නොවුන්ගේ අවශ්‍යතා වශයෙන් ධර්මය දේශනා කිරීම ද දැක්විම ද කළහ. මෙලෙස ධර්ම දේශනා කිරීමෙන් ද ප්රාතිහාර්ය කිරීමෙන් ද මහත් ධර්මාවබෝධයක් සිදුවිය.
සත්ථා පන තස්මිං සමාගමෙ අත්තනො මනං ගහෙත්වා අඤ්ඤං පඤ්හං පුච්ඡිතුං සමත්ථං අදිස්වා නිම්මිතබුද්ධං මාපෙසි. තෙන පුච්ඡිතං පඤ්හං සත්ථා විස්සජ්ජෙසි, සත්ථාරා පුච්ඡිතං සො විස්සජ්ජෙසි. භගවතො චඞ්කමනකාලෙ නිම්මිතො ඨානාදීසු අඤ්ඤතරං කප්පෙසි, නිම්මිතස්ස චඞ්කමනකාලෙ භගවා ඨානාදීසු අඤ්ඤතරං කප්පෙසි. තමත්ථං දස්සෙතුං “නිම්මිතො චඞ්කමති වා”තිආදි වුත්තං. එවං කරොන්තස්ස සත්ථු පාටිහාරියං දිස්වා ධම්මකථං සුත්වා තස්මිං සමාගමෙ වීසතියා පාණකොටීනං ධම්මාභිසමයො අහොසි.
තථාගතයන් වහන්සේ මේ රැස්වීමේ දී තමන්ගේ සිත්ගෙන අනෙක් ප්‍රශ්නයක් විමසීමට පටන් කෙනෙක් නොදැක බුද්ධ කායක් නිර්මාණය කළහ. එම නියමිත බුදුගෙන් විමසු ප්‍රශ්නවලට තථාගතයන් වහන්සේ පිළිතුරු දුන්හ. බුදුන් සක්මන් කරන අතර බුදුරජාණන් වහන්සේ ඉඩ සලසා නියමිත බුදුරුව ද සක්මන් කරයි. මේ ලෙස කරනවිට බුදුන්ගේ ධර්මය අසා ප්රාතිහාර්ය ද දැක ප්රාණකෝටියකට ධර්මාභිසමය වීය.
සත්ථා පාටිහීරං කරොන්තොව “කත්ථ නු ඛො අතීතබුද්ධා ඉදං පාටිහීරං කත්වා වස්සං උපෙන්තී”ති ආවජ්ජෙත්වා “තාවතිංසභවනෙ වස්සං උපගන්ත්වා මාතු අභිධම්මපිටකං දෙසෙන්තී”ති දිස්වා දක්ඛිණපාදං උක්ඛිපිත්වා යුගන්ධරමත්ථකෙ ඨපෙත්වා ඉතරං පාදං උක්ඛිපිත්වා සිනෙරුමත්ථකෙ ඨපෙසි. එවං අට්ඨසට්ඨියොජනසතසහස්සට්ඨානෙ තයො පදවාරා අහෙසුං, ද්වෙ පාදඡිද්දානි. සත්ථා පාදං පසාරෙත්වා අක්කමීති න සල්ලක්ඛෙතබ්බං. තස්ස හි පාදුක්ඛිපනකාලෙයෙව පබ්බතා පාදමූලං ආගන්ත්වා සම්පටිච්ඡිංසු, සත්ථාරා අක්කමනකාලෙ තෙ පබ්බතා උට්ඨාය සකට්ඨානෙයෙව අට්ඨංසු. සක්කො සත්ථාරං දිස්වා චින්තෙසි – “පණ්ඩුකම්බලසිලාය මඤ්ඤෙ සත්ථා ඉමං වස්සාවාසං උපෙස්සති, බහූනඤ්ච දෙවතානං උපකාරො භවිස්සති, සත්ථරි පනෙත්ථ වස්සාවාසං උපගතෙ අඤ්ඤා දෙවතා හත්ථම්පි ඨපෙතුං න සක්ඛිස්සන්ති. අයං ඛො පන පණ්ඩුකම්බලසිලා දීඝතො සට්ඨියොජනා, විත්ථාරතො පණ්ණාසයොජනා, පුථුලතො පන්නරසයොජනා, සත්ථරි නිසින්නෙපි තුච්ඡං භවිස්සතී”ති. සත්ථා තස්ස අජ්ඣාසයං විදිත්වා අත්තනො සඞ්ඝාටිං සිලාසනං පටිච්ඡාදයමානං ඛිපි. සක්කො චින්තෙසි – “චීවරං තාව පටිච්ඡාදයමානං ඛිපි, සයං පන පරිත්තකෙ ඨානෙ නිසීදිස්සතී”ති. සත්ථා තස්ස අජ්ඣාසයං විදිත්වා නීචපීඨකං මහාපංසුකූලිකො විය පණ්ඩුකම්බලසිලං අන්තොචීවරභොගෙයෙව කත්වා නිසීදි. මහාජනොපි තංඛණඤ්ඤෙව සත්ථාරං ඔලොකෙන්තො නාද්දස, චන්දස්ස අත්ථඞ්ගමිතකාලො විය සූරියස්ස ච අත්ථඞ්ගමිතකාලො විය අහොසි. මහාජනො –
බුදුරජාණන් වහන්සේ ප්රාතිහාර්ය දක්වමින්ම අතීත බුදුවරු කවර තැනක වස් සමාදන්වීදැයි ආවර්ජනා කරන්නේ තාවතිංස භවනයේ දී වස් සමාදන් වූ බව සිහිපත් කොට තාවතිංස භවනයේදී වස් සමාදන් වී මවු දෙවියන්ට අභිධර්මපිටකය දේශනා කළ බව දැක දකුණු පාදය ඔසවා යුගාන්ධර පර්වතය තබා අනෙක් පාදය ඔසවා මහමෙර මත තැබුහ. මෙලෙස - යොදුන් සැටඅට ලක්ෂයක් දුර ත්‍රිපද වික්‍රමයෙන් කළහ. පියවර දෙක අතර බුදුහු පා දිගහැර පයතැබීයයි නොසැලකිය යුතුය. උන්වහන්සේ පාතබන විට පර්වතය පාමුලට පැමිණ එය පිළිගත්තේ ය. මෙලෙසට යොදුන් හැට අට ලක්ෂයක් දුර පාද තුනකින් (ත්‍රිපද වික්‍රමයෙන්) ඉටුකළහ. සක්දෙවිඳු බුදුන් දැක මෙලෙස සිතූහ. පාණ්ඩුකම්බල ශෛලාසනයේ බුදුහු මේ වස්කාලය වැඩසිටින සේක. බොහෝ දෙවියන්ට උපකාර වන්නේ ය. බුදුරජාණන් වහන්සේ වස් සමාදන් වන විට අනෙක් දෙවියන්ට අත තැබීමට පවා නොහැකි වන්නේ ය මේ පඬුපුල් අස්න දිගින් යොදුන් හැටකි. පළලින් යොදුන් පනහකි. ඝනකමින් යොදුන් පනහකි. බුදුන් වාඩිවු විට හිස් වූයේ වන්නේ ය. බුදුහු සක් දෙවිදුගේ මේ අදහස දැනගෙන තමන්වහන්සේගේ සඟල සිවුර ගල්තලාව වසමින් හෙලුවෝය. ශක්රදේවේන්ද්ර මෙසේ සිතුවේ ය. සිවුර අස්න වසමින් හෙළුවේ ය. උන්වහන්සේ ඉතා සුළු තැනක වාඩිගනු ඇත. බුදුහු ඔහුගේ ඒ අදහස දැන කුඩාපුවත මහා පාංශකූලය දැමුයේ - පඬුපුල් අන වසාසිටින සේ අතුරා සිවුර මතම වැඩසිටිය හ. මහජනයා මේ අතර බුදුන් නොදැක හඳ අවරට ගියාසේ හිරු බැසගියා සේ අඳුරු සහිත විය. මහජනයා -
“ගතො නු චිත්තකූටං වා, කෙලාසං වා යුගන්ධරං; න නො දක්ඛෙමු සම්බුද්ධං, ලොකජෙට්ඨං නරාසභ”න්ති. –
“ලෝකයේ ශ්‍රේෂ්ඨ වූ ජ්‍යෙෂ්ඨ වූ තථාගතයන් වහන්සේ චිත්‍රකූට පර්වතයට කෛලාස කූටයට හෝ යුගන්ධර පර්වතයට වැඩම කළෝ ද දක්නට නැතැ”යි පවසමින් -
ඉමං ගාථං වදන්තො පරිදෙවි. අපරෙ “සත්ථා නාම පවිවෙකරතො, සො ‘එවරූපාය මෙ පරිසාය එවරූපං පාටිහීරං කත’න්ති ලජ්ජාය අඤ්ඤං රට්ඨං වා ජනපදං වා ගතො භවිස්සති, න දානි තං දක්ඛිස්සාමා”ති පරිදෙවන්තා ඉමං ගාථමාහංසු –
මෙම ගාථාව කියමින් හැඬුහ. අනෙක් අය බුදුරජාණන් වහන්සේ විවේකයට කැමතිය. උන්වහන්සේ මෙබඳු පිරිසක් අතර මෙබඳු ප්රාතිහාර්ය කරන ලද්දේ යයි ලජ්ජාවෙන් අනෙක් රටකට ජනපදයකට හෝ යන්නට ඇත ඉතින් අපට දක්නට නොලැබේ යයි හඬමින් මේ ගාථාව පවසමින්
“පවිවෙකරතො ධීරො, නිමං ලොකං පුනෙහිති; න නො දක්ඛෙමු සම්බුද්ධං, ලොකජෙට්ඨං නරාසභ”න්ති.
පවිවෙක රතො ධීරො - නයිමං ලොකං පුනෙහිති න නො දක්ඛෙම සම්බුද්ධං - ලොක ජෙටඨං නරා සභං
විවේකයෙහි යෙදෙන තථාගතයන් වහන්සේ නැවත ලොවට නොඑන්නේ ය. ලෝක ජ්‍යෙෂ්ඨ උතුම් සම්බුදුන් වහන්සේ නැවත නොදකින්නෙමු.
තෙ මහාමොග්ගල්ලානං පුච්ඡිංසු – “කහං, භන්තෙ, සත්ථා”ති? සො සයං ජානන්තොපි “පරෙසම්පි ගුණා පාකටා හොන්තූ”ති අජ්ඣාසයෙන “අනුරුද්ධං පුච්ඡථා”ති ආහ. තෙ ථෙරං තථා පුච්ඡිංසු – “කහං, භන්තෙ, සත්ථා”ති? තාවතිංසභවනෙ පණ්ඩුකම්බලසිලායං වස්සං උපගන්ත්වා මාතු අභිධම්මපිටකං දෙසෙතුං ගතොති. “කදා ආගමිස්සති, භන්තෙ”ති? “තයො මාසෙ අභිධම්මපිටකං දෙසෙත්වා මහාපවාරණදිවසෙ”ති. තෙ “සත්ථාරං අදිස්වා න ගමිස්සාමා”ති තත්ථෙව ඛන්ධාවාරං බන්ධිංසු. ආකාසමෙව කිර නෙසං ඡදනං අහොසි. තාය ච මහතියා පරිසාය සරීරනිඝංසො නාම න පඤ්ඤායි, පථවී විවරං අදාසි, සබ්බත්ථ පරිසුද්ධමෙව භූමිතලං අහොසි.
ඔවුහු මහ මුගලන් තෙරුන්ගෙන් විමසූහ. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ කොහිද? උන්වහන්සේ තමන් වහන්සේ දැනගෙන සිටිය ද අන් අයගේ ද ගුණ ප්‍රකට වේවායි සිතමින් අනුරුද්ධ තෙරුන්ගෙන් විමසන ලෙසට පැවසූහ. ඔවුහු තථාගතයන් වහන්සේ කොහිදැයි අනුරුද්ධ තෙරුන්ගෙන් විමසූහ. උන්වහන්සේ තාවතිංස භවනේ පණ්ඩුකම්බල ශෛලාසනයේ වස් සමාදන්වී මාතෘ දිව්‍යරාජයාට අභිධර්ම පිටකය දේශනා කිරීමට ගිය බව අනුරුද්ධ හිමියෝ දැනුම් දුන්හ. අනතුරුව ස්වාමීනි උන්වහන්සේ කවරදිනක ආපසු වඩිත්දැයි විමසුහ. තුන් මසක් අභිධර්මය දේශනා කර මහා පවාරණය කරන දින ආපසු වඩිනබව පැවසුහ. ඔවුහු බුදුන් නොදැක නොයන්නෙමු යි එහිම කඳවුරු බැඳගත්හ. ඔවුන්ට වහලය වුයේ අහසයි. එතරම් මහත් පිරිසකට සිරුර පීඩාවක් නොවිය. පොළොතලය විවරවිය. හැමතැනම පොළව පිරිසිදු විය.
සත්ථා පඨමමෙව මොග්ගල්ලානත්ථෙරං අවොච – “මොග්ගල්ලාන, ත්වං එතිස්සාය පරිසාය ධම්මං දෙසෙය්යාසි, චූළඅනාථපිණ්ඩිකො ආහාරං දස්සතී”ති. තස්මා තං තෙමාසං චූළඅනාථපිණ්ඩිකොව තස්සා පරිසාය යාපනං යාගුභත්තං ඛාදනීයං තම්බුලතෙලගන්ධමාලාපිලන්ධනානි ච අදාසි. මහාමොග්ගල්ලානො ධම්මං දෙසෙසි, පාටිහාරියදස්සනත්ථං ආගතාගතෙහි පුට්ඨපඤ්හෙ ච විස්සජ්ජෙසි. සත්ථාරම්පි මාතු අභිධම්මදෙසනත්ථං පණ්ඩුකම්බලසිලායං වස්සං උපගතං දසසහස්සචක්කවාළදෙවතා පරිවාරයිංසු. තෙන වුත්තං –
තථාගතයන් වහන්සේ පළමුව මේ මහා ජනකායට ධර්මදේශනා කරන්නැයි පැවසුහ. චූල අනාථපිණ්ඩික ද ආහාර දෙනු ඇත. මේ නිසා ඒ තෙමස තුළ චූල අනාථපිණ්ඩික සිටුවරයා ද මෙතරම් පිරිසට යැපිම සඳහා කැඳ බත් කළයුතු ද බුලත් සුවඳ දැ මල් ආභරණ ආදිය පිරිණැමුහ. මහමුගලන් තෙරුන් වහන්සේ පිරිසට ධර්මය දේශනා කළහ. ප්රාතිහාර්ය නැරඹීමට පැමිණි අය විසින් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ද දුන්හ. බුදුරදුන් ද පඬුපුල් අස්නේ වස් සමාදන් වුයේ දසදහසක් සක්වල දෙවියෝ පිරිවරාගත්හ.
“තාවතිංසෙ යදා බුද්ධො, සිලායං පණ්ඩුකම්බලෙ; පාරිච්ඡත්තකමූලම්හි, විහාසි පුරිසුත්තමො.
“යම් දිනෙක තථාගතයන් වහන්සේ පණ්ඩුකම්බල ශෛලාසනයේ පරසතු රුක් මුල වැඩ සිටියදී දසදහසක් සක්වල දෙවිවරු එක්වී බුදුරදුන් සේවනය කළහ.
“දසසු ලොකධාතූසු, සන්නිපතිත්වාන දෙවතා; පයිරුපාසන්ති සම්බුද්ධං, වසන්තං නාගමුද්ධනි.
“න කොචි දෙවො වණ්ණෙන, සම්බුද්ධස්ස විරොචති; සබ්බෙ දෙවෙ අතික්කම්ම, සම්බුද්ධොව විරොචතී”ති. (පෙ· ව· 317-319);
කවර දෙවියෙක් හෝ පැහැයෙන් බුදුන් තරම් බැබලුනේ නැත. සියළු දෙවියන් අභිභවා බුදුරජාණන් වහන්සේ බැබලුනහ.
එවං සබ්බා දෙවතා අත්තනො සරීරප්පභාය අභිභවිත්වා නිසින්නස්ස පනස්ස මාතා තුසිතවිමානතො ආගන්ත්වා දක්ඛිණපස්සෙ නිසීදි. ඉන්දකොපි දෙවපුත්තො ආගන්ත්වා දක්ඛිණපස්සෙයෙව නිසීදි, අඞ්කුරො වාමපස්සෙ නිසීදි. සො මහෙසක්ඛාසු දෙවතාසු සන්නිපතන්තීසු අපගන්ත්වා ද්වාදසයොජනිකෙ ඨානෙ ඔකාසං ලභි, ඉන්දකො තත්ථෙව නිසීදි. සත්ථා තෙ උභොපි ඔලොකෙත්වා අත්තනො සාසනෙ දක්ඛිණෙය්යපුග්ගලානං දින්නදානස්ස මහප්ඵලභාවං ඤාපෙතුකාමො එවමාහ –
මෙලෙස සියළු දෙවියන්ගේ ශරීර ප්‍රභාව යටකොට බුදුන් වැඩ සිටින විට මාතෘ දෙවියා තුසිත භවනයෙන් පැමිණ දකුණු පස වාඩිවිය. ඉන්ද්‍ර දෙවියා ද පැමිණ දකුණු පැත්තෙන්ම වාඩිවිය. අංකුර දෙවි වම් පස වාඩිවිය. ඔහු මහේ ශාක්‍ය දෙවියන් රැස් වන විට වෙවී ගොස් යොදුන් දොළසක් ඇති ස්ථානයක ඉඩ ලබාගත්තේ ය. ඉන්ද්‍ර දෙවියා ද එහිම වාඩිවිය. බුදුරජාණන් වහන්සේ මේ දෙදෙනාම දැක තම ශාසනයේ දන්දුන් පුද්ගලයන්ට දුන් දානයේ මහත් ඵල භාවය දැනුවත් කරනු කැමතිව මෙසේ පැවසුහ.
“අඞ්කුර, තයා දීඝමන්තරෙ දසවස්සසහස්සපරිමාණකාලෙ ද්වාදසයොජනිකං උද්ධනපන්තිං කත්වා මහාදානං දින්නං, ඉදානි මම සමාගමං ආගන්ත්වා ද්වාදසයොජනිකෙ ඨානෙ ඔකාසං ලභි, කිං නු ඛො එත්ථ කාරණ”න්ති? වුත්තම්පි චෙතං –
[missing trans]
“ඔලොකෙත්වාන සම්බුද්ධො, අඞ්කුරඤ්චාපි ඉන්දකං; දක්ඛිණෙය්යං සම්භාවෙන්තො, ඉදං වචනමබ්රවි.
අඞකුර හා ඉන්ද්‍ර දෙවියන් බලා දක්ෂිණාව අගය කරමින් මේ වදන පැවසුහ.
“මහාදානං තයා දින්නං, අඞ්කුර දීඝමන්තරෙ; අතිදූරෙ නිසින්නොසි, ආගච්ඡ මම සන්තිකෙ”ති. (පෙ· ව· 321-322);
අඞ්කුර ඔබ දිගුකලක් මහදන් දෙන ලද්දේ ය මා සමීපයට පැමිණ ඉතා දුර සිටින්නේ ය.
සො සද්ධො පථවීතලං පාපුණි. සබ්බාපි නං සා පරිසා අස්සොසි. එවං වුත්තෙ –
මේ ශබ්දය පොළොතලයට පැමිණියේ ය. ඒ සියළු පිරිස ඇසුවේ ය.
“චොදිතො භාවිතත්තෙන, අඞ්කුරො එතමබ්රවි; කිං මය්හං තෙන දානෙන, දක්ඛිණෙය්යෙන සුඤ්ඤතං.
චෝදනා ලත් අඞ්කුර දෙවියා මෙසේ පැවසීය. ඒ මගේ දානයෙන් කවර ප්‍රයෝජනයක්ද
“අයං සො ඉන්දකො යක්ඛො, දජ්ජා දානං පරිත්තකං; අතිරොචති අම්හෙහි, චන්දො තාරාගණෙ යථා”ති. (පෙ· ව· 323-324);
මේ ඉන්ද්‍ර දෙවියා සුළු දානයක් දුන්නේය. එහෙත් අපට වඩා සඳ තරු සේ වඩාත් බබළන්නේ ය.
තත්ථ දජ්ජාති දත්වා. එවං වුත්තෙ සත්ථා ඉන්දකං ආහ – “ඉන්දක, ත්වං මම දක්ඛිණපස්සෙ නිසින්නො, කස්මා අනපගන්ත්වාව නිසීදසී”ති? සො “අහං, භන්තෙ, සුඛෙත්තෙ අප්පකබීජං වපනකස්සකො විය දක්ඛිණෙය්යසම්පදං අලත්ථ”න්ති දක්ඛිණෙය්යං පභාවෙන්තො ආහ –
එහි දජ්ජා - යනු දුන්නේ ය යන අරුතයි. මෙසේ පැවසුවිට බුදුහු ඉන්ද්‍ර දෙවියාට පැවසුවේ ය. ඉන්ද්‍රය ඔබ මගේ දකුණු පස වාඩිවුයේ කුමක් හෙයින් ඉවත්ව නොගොස් වාඩිවී සිටිද? ස්වාමිනි මම යහපත් කෙතක ඉතා සුළු බිජ කොටසක් වැපුරු ගොවියෙක් වැන්න. දක්ෂිණෙය්ය සම්පත් ලැබුවෙමි. දක්ෂිණර්භයන් පැහැදිලිකරමින් පැවසීය.
“උජ්ජඞ්ගලෙ යථා ඛෙත්තෙ, බීජං බහුම්පි රොපිතං; න ඵලං විපුලං හොති, නපි තොසෙති කස්සකං.
සරුසාර නොවු කුඹුරක බොහෝකොට බීජ වැපුරුවේද විපුල අස්වැන්න නොලැබේ ගොවියා ද සතුටු නොවේ.
“තථෙව දානං බහුකං, දුස්සීලෙසු පතිට්ඨිතං; න ඵලං විපුලං හොති, නපි තොසෙති දායකං.
එලෙසම සිත් අයට පිරිනමන ලද දානය විඵුල ඵල නොවේ. දායකයා ද සතුටු නොවේ.
“යථාපි භද්දකෙ ඛෙත්තෙ, බීජං අප්පම්පි රොපිතං; සම්මා ධාරං පවෙච්ඡන්තෙ, ඵලං තොසෙති කස්සකං.
යම්සේ යහපත් කුඹුරක් අල්පවූ බීජ රෝපණය කරයි ද මැනවින් අස්වනු ලැබේ. ගොවියා ද සතුටට පත්වේ.
“තථෙව සීලවන්තෙසු, ගුණවන්තෙසු තාදිසු; අප්පකම්පි කතං කාරං, පුඤ්ඤං හොති මහප්ඵල”න්ති. (පෙ· ව· 325-328);
සිල්වත් ගුණවත් උතුමන්ට සුළු හෝ කළ උපකාරය මහත්ඵල පූණ්යයක් විය.
කිං පනෙතස්ස පුබ්බකම්මන්ති? සො කිර අනුරුද්ධත්ථෙරස්ස අන්තොගාමං පිණ්ඩාය පවිට්ඨස්ස අත්තනො ආභතං කටච්ඡුභික්ඛං දාපෙසි. තදා තස්ස පුඤ්ඤං අඞ්කුරෙන දසවස්සසහස්සානි ද්වාදසයොජනිකං උද්ධනපන්තිං කත්වා දින්නදානතො මහප්ඵලතරං ජාතං. තස්මා එවමාහ.
මොහු විසින් කරන ලද පුර්ව කර්මය කුමක් ද? ඇතුළුගම පිඬු පිණිස වැඩමකළ අනුරුද්ධ තෙරුන්ට තමා සතු හැන්දක් පමණ භික්ෂාවක් දන්දුනි. ඔහුගේ මේ කුඩා පිනෙන් දසදහසක් වර්ෂ යොදුන් දොළසක් උඩම නැග දෙන ලද දානයෙන් මහත්ඵල කරවිය. එනිසා මෙසේ පැවසුහ.
එවං වුත්තෙ සත්ථා, “අඞ්කුර, දානං නාම විචෙය්ය දාතුං වට්ටති, එවං තං සුඛෙත්තෙසු වුත්තබීජං විය මහප්ඵලං හොති. ත්වං පන න තථා අකාසි, තෙන තෙ දානං මහප්ඵලං න ජාත”න්ති ඉමමත්ථං විභාවෙන්තො –
අනතුරුව අඩ්කුර දානය නම් සකසා දියයුතුය. මෙසේ මනා කෙත වපුරණලද බීජය මෙන් මහත්ඵල වෙයි, ඔබ එලෙස නොකෙළේ ය. එනිසා ඔබේ දානය මහත්ඵල නොවීය, මේ කරුණ පැහැදිලිකරමින්
“විචෙය්ය දානං දාතබ්බං, යත්ථ දින්නං මහප්ඵලං…පෙ….
විමසා බලා දානය දිය යුතුය. යමෙකුට දීමෙන් මහත් ඵල වේදැයි විමසා දියයුතුය.
“විචෙය්ය දානං සුගතප්පසත්ථං, යෙ දක්ඛිණෙය්යා ඉධ ජීවලොකෙ; එතෙසු දින්නානි මහප්ඵලානි, බීජානි වුත්තානි යථා සුඛෙත්තෙ”ති. (පෙ· ව· 329-330) –
“තථාගතයන් වහන්සේ විමසා දෙන දානය ප්‍රශංසා කළහ. මේ ජීව ලෝකයේ දක්ෂිණාර්හයන් වෙත දෙන දානය මහප්ඵල වන්නේ යහපත් කෙතක වපුල බීජයක් මෙනි
වත්වා උත්තරිම්පි ධම්මං දෙසෙන්තො ඉමා ගාථා අභාසි –
මෙසේ පවසා තවදුරටත් ධර්මය දේශනා කරමින්
“තිණදොසානි ඛෙත්තානි, රාගදොසා අයං පජා; තස්මා හි වීතරාගෙසු, දින්නං හොති මහප්ඵලං.
තෘණ දෝෂයෙන් යුත් කෙතසේ මේ ප්‍රජාව රාගදෝෂයන්ගෙන් යුක්තය. එනිසා වීතරාගීන්ට දෙන දානය මහත්ඵල වේ.
“තිණදොසානි ඛෙත්තානි, දොසදොසා අයං පජා; තස්මා හි වීතදොසෙසු, දින්නං හොති මහප්ඵලං.
තෘණ දෝෂ කෙත සේ මේ ප්‍රජාව දොෂයෙන් යුතු වේ. එනිසා වීතදෝෂීවූ උතුමන්ට දෙන දානය මහත්ඵලවේ.
“තිණදොසානි ඛෙත්තානි, මොහදොසා අයං පජා; තස්මා හි වීතමොහෙසු, දින්නං හොති මහප්ඵලං.
තෘණ දෝෂ වූ කෙත සේ මෝහයෙන් යුතු පුජාව අතර මෝහයෙන් තොරවු උතුමන්ට දෙන දානය මහත්ඵලවේ.
“තිණදොසානි ඛෙත්තානි, ඉච්ඡාදොසා අයං පජා; තස්මා හි විගතිච්ඡෙසු, දින්නං හොති මහප්ඵල”න්ති.
තෘණ දෝෂ කෙතසේ මේ ප්‍රජාව ඉච්ඡාදෝෂයෙන් යුතුවේ. එනිසා ඉච්ඡාවන්ගෙන් තොරවු රහතුන්ට දෙනලද දානය මහත්ඵල වේ.
දෙසනාවසානෙ අඞ්කුරො ච ඉන්දකො ච සොතාපත්තිඵලෙ පතිට්ඨහිංසු, මහාජනස්සාපි සාත්ථිකා ධම්මදෙසනා අහොසීති.
මේ දෙසුම අවසානයේදි අඞ්කුර ද ඉන්ද්‍ර ද සෝවාන් ඵලයේ පිහිටියහ.
අථ සත්ථා දෙවපරිසාය මජ්ඣෙ නිසින්නො මාතරං ආරබ්භ “කුසලා ධම්මා, අකුසලා ධම්මා, අබ්යාකතා ධම්මා”ති අභිධම්මපිටකං පට්ඨපෙසි. එවං තයො මාසෙ නිරන්තරං අභිධම්මපිටකං කථෙසි. කථෙන්තො පන භික්ඛාචාරවෙලාය “යාව මමාගමනා එත්තකං නාම ධම්මං දෙසෙතූ”ති නිම්මිතබුද්ධං මාපෙත්වා හිමවන්තං ගන්ත්වා නාගලතාදන්තකට්ඨං ඛාදිත්වා අනොතත්තදහෙ මුඛං ධොවිත්වා උත්තරකුරුතො පිණ්ඩපාතං ආහරිත්වා මහාසාලමාළකෙ නිසින්නො භත්තකිච්චං අකාසි. සාරිපුත්තත්ථෙරො තත්ථ ගන්ත්වා සත්ථු වත්තං කරොති. සත්ථා භත්තකිච්චපරියොසානෙ, “සාරිපුත්ත, අජ්ජ මයා එත්තකො නාම ධම්මො භාසිතො, ත්වං අත්තනො අන්තෙවාසිකානං භික්ඛූනං වාචෙහී”ති ථෙරස්ස කථෙසි. යමකපාටිහීරෙ කිර පසීදිත්වා පඤ්චසතා කුලපුත්තා ථෙරස්ස සන්තිකෙ පබ්බජිංසු. තෙ සන්ධාය ථෙරං එවමාහ. වත්වා ච පන දෙවලොකං ගන්ත්වා නිම්මිතබුද්ධෙන දෙසිතට්ඨානතො පට්ඨාය සයං ධම්මං දෙසෙසි. ථෙරොපි ගන්ත්වා තෙසං භික්ඛූනං ධම්මං දෙසෙසි. තෙ සත්ථරි දෙවලොකෙ විහරන්තෙයෙව සත්තපකරණිකා අහෙසුං.
ඉක්බිති බුදුහු දේව සමාගමයේදී මාතෘ දෙවියන් නිමිති කරගෙන - කුසලා ධම්මා - අකුසලා ධම්මා අව්යකථා ධම්මා - යනුවෙන් අභිධර්ම පිටකය පැනවුහ. මේ අයුරින් තෙමසක් නොකඩවා අභිධර්ම පිටකය දේශනා කළහ. දේශනය පවත්වන අතර පිඬුසිඟා යන අවස්ථාවේ දී - මම එනතුරු මේ ධර්ම කොටස දේශනා කරන්නැයි නිර්මිත බුදුරුවට පවසා හිමවතට වැඩමකර නාග ලතා දැහැටි වළදා අනෝතත්ත විලෙන් මුහුණ සෝදා උතුරු කුරු ප්‍රදේශයේ පිණ්ඩපාතය රැගෙන මහාසල් මාලකයේ සිට වැළදීම කළහ. සැරියුත් තෙරණුවන් එහි ගොස් බුදුන්ට උවටැන් කළහ. බුදුහු බත්කිස අවසානයේ සැරියුත් තෙරුන් අමතා සාරිපුත්ත අද මම මෙපමණ ධර්මයක් දේශනා කළෙමි. මෙය ඔබගේ පන්සියයක් පිරිවර භික්ෂූන්ට උගන්වන්නැයි පැවසුහ. යමක ප්රාතිහාර්යයේ පැහැදී කුල පුතුන් පන්සියයක් තෙරුන්වෙත පැවිදි වුහ. ඔවුන් වෙනුවෙන් බුදුහු මෙසේ පවසා දෙව්ලොවට වැඩමකර නිර්මිත බුදුන් විසින් දේශනා කළ ස්ථානයේ සිට තමන් වහන්සේ ධර්මය දෙසුහ. සැරියුත් තෙරුන්ද ගොස් භික්ෂූන්ට ධර්මය දේශනා කරති. තථාගතයන් වහන්සේ දෙලොව වැඩසිටියදී ම සප්ත ප්රකරණ උගත්හු වූහ.
තෙ කිර කස්සපබුද්ධකාලෙ ඛුද්දකවග්ගුලියො හුත්වා එකස්මිං පබ්භාරෙ ඔලම්බන්තා ද්වින්නං ථෙරානං චඞ්කමිත්වා අභිධම්මං සජ්ඣායන්තානං සද්දං සුත්වා සරෙ නිමිත්තං අග්ගහෙසුං. තෙ “ඉමෙ ඛන්ධා නාම, ඉමා ධාතුයො නාමා”ති අජානිත්වා සරෙ නිමිත්තගහණමත්තෙනෙව තතො චුතා දෙවලොකෙ නිබ්බත්තා, එකං බුද්ධන්තරං දිබ්බසම්පත්තිං අනුභවිත්වා තතො චවිත්වා සාවත්ථියං කුලඝරෙසු නිබ්බත්තා. යමකපාටිහීරෙ උප්පන්නපසාදා ථෙරස්ස සන්තිකෙ පබ්බජිත්වා සබ්බපඨමං සත්තපකරණිකා අහෙසුං. සත්ථාපි තෙනෙව නීහාරෙන තං තෙමාසං අභිධම්මං දෙසෙසි. දෙසනාවසානෙ අසීතිකොටිසහස්සානං දෙවතානං ධම්මාභිසමයො අහොසි, මහාමායාපි සොතාපත්තිඵලෙ පතිට්ඨහි.
ඔවුහු කාශ්‍යප බුද්ධ කාලයේ දී කුඩා කිරිවවුලන් වී එක් පර්වත බෑවුමක පර්වත පාදයක එබී සිට තෙරවරුන් දෙනමක් සක්මන් කරමින් අභිධර්මය සජ්ඣායනා කරන ස්වරයේ නිමිති ගෙන ඇසුහ. ඔවුහු මේ ස්ඛන්ධය යි මේ ධාතුයි යනුවෙන් නොදැන හඩ ඇසීමෙන් පමණක්ම ඉන් චුතව දෙලෝ ඉපිද එක් බුද්ධාන්තරයක් දිව සැප විඳ සැවැත් නුවර කුලගෙවල ජනිත වී යමක ප්‍රාතිහාර්යයෙන් පැහැදි පැවිදිවුහ. පැවිදිව සියල්ලන්ට පළමුව අභිධර්මය උගෙන සප්ත ප්රකරණීකයෝ වුහ. බුදුන් ද මේ අයුරින්ම තුන්මසක් අභිධර්මය දේශනා කළහ. දෙසුම කෙළවර අසූකෝටි දහසක් දෙවියන්ට ධර්ම අවබෝධය විය. මහාමායා දෙවිතුමා ද සෝවාන් ඵලයෙහි පිහිටියහ.
සාපි ඛො ඡත්තිංසයොජනපරිමණ්ඩලා පරිසා “ඉදානි සත්තමෙ දිවසෙ මහාපවාරණා භවිස්සතී”ති මහාමොග්ගල්ලානත්ථෙරං උපසඞ්කමිත්වා ආහ – “භන්තෙ සත්ථු, ඔරොහණදිවසං සඤ්ඤාතුං වට්ටති, න හි මයං සත්ථාරං අදිස්වා ගමිස්සාමා”ති. ආයස්මා මහාමොග්ගල්ලානො තං කථං සුත්වා “සාධාවුසො”ති වත්වා තත්ථෙව පථවියං නිමුග්ගො සිනෙරුපාදං ගන්ත්වා “මං අභිරුහන්තං පරිසා පස්සතූ”ති අධිට්ඨාය මණිරතනෙන ආවුතං පණ්ඩුකම්බලසුත්තං විය පඤ්ඤායමානරූපොව සිනෙරුමජ්ඣෙන අභිරුහි. මනුස්සාපි නං “එකයොජනං අභිරුළ්හො, ද්වියොජනං අභිරුළ්හො”ති ඔලොකයිංසු. ථෙරොපි සත්ථු පාදෙ සීසෙන උක්ඛිපන්තො විය අභිරුහිත්වා වන්දිත්වා එවමාහ – “භන්තෙ, පරිසා තුම්හෙ දිස්වාව ගන්තුකාමා, කදා ඔරොහිස්සථා”ති.
ඇය ද යොදුන් තිස් හයක් පරිමණ්ඩල පිරිස් ඇතිව සත්වෙනි දින පවාරණය වන්නේ යයි මහමුගලන් තෙරුන් වෙත පැමිණ පැවසුවාය. ස්වාමීනි තථාගතයන් වහන්සේ දිව්‍ය ලෝකයෙන් වඩින දිනය සැලකිරිම වටින්නේය. මහමුගලන් තෙරණුවෝ මෙම කථාව ඇවැත්නි ! යහපතැයි කියා එහිම පොළවේ කිමිද මහමේරුවට නගින මා මහජනයා දකීවායි අදිටන් කොට මැණිකක් අමුනන නූලක් ලෙස පෙනෙන රූපය ඇතිව මහමෙර මුදුනට නැග්ගෝය. මිනිස්සු ද එක යොදුනක් දෙකක් නැද්දෙයි කියමින් බලා සිටියහ. තෙරුන් වහන්සේ ද බුදුන්ගේ පා පිට හිස තබා වැන්දාහුය. වැඳ ස්වාමීනි ඔබ වහන්සේ දැක මිස නොයමියි රැස්ව සිටින පිරිස කවදා පොළවට බසින්නේ දැයි බලා සිටිති.
“කහං පන තෙ, මොග්ගල්ලාන, ජෙට්ඨභාතිකො සාරිපුත්තො”ති. “භන්තෙ, සඞ්කස්සනගරෙ වස්සං උපගතො”ති. මොග්ගල්ලාන, අහං ඉතො සත්තමෙ දිවසෙ මහාපවාරණාය සඞ්කස්සනගරද්වාරෙ ඔතරිස්සාමි, මං දට්ඨුකාමා තත්ථ ආගච්ඡන්තු, සාවත්ථිතො සඞ්කස්සනගරද්වාරං තිංසයොජනානි, එත්තකෙ මග්ගෙ කස්සචි පාථෙය්යකිච්චං නත්ථි, උපොසථිකා හුත්වා ධුරවිහාරං ධම්මස්සවනත්ථාය ගච්ඡන්තා විය ආගච්ඡෙය්යාථාති තෙසං ආරොචෙය්යාසීති. ථෙරො “සාධු, භන්තෙ”ති ගන්ත්වා තථා ආරොචෙසි.
තථාගතයන් වහන්සේ ඔබගේ ජ්‍යෙෂ්ඨ ම සහෝදර සැරියුත් තෙර කොහේදැයි විමසුවිට පිළිතුරු දෙමින් ස්වාමීනි සංකස්ස පුර දොරටුවේ වස් සමාදන් වුහ. මොග්ගල්ලාන මම මෙයින් සත් වැනි දිනයේදී මහා පවාරණය සඳහා සංකස්ස පුර දොරටුවට බසින්නෙමි. මා දකිනු කැමැත්තෝ එතැනට පැමිණෙත්වා, සැවැත්නුවර සිට සකස්ස නගරයට යොදුන් තිහකි. මෙපමණ දුර මාර්ගයේ කිසිවෙකුටත් මාර්ග පිළිබඳ කටයුතු නැත. පෙහෙවස් සමාදන්ව විහාරයට ධර්මශ්‍රවනයට යන අයුරින් පැමිණෙන ලෙසට පැමිණෙත්වායි ඔවුන්ට දැනුම් දෙන්න. තෙරුන් ස්වාමිනි යහපතියි ගොස් එලෙසින් දැනුම් දුන්න.
සත්ථා වුට්ඨවස්සො පවාරෙත්වා සක්කස්ස ආරොචෙසි – “මහාරාජ, මනුස්සපථං ගමිස්සාමී”ති. සක්කො සුවණ්ණමයං මණිමයං රජතමයන්ති තීණි සොපානානි මාපෙසි. තෙසං පාදා සඞ්කස්සනගරද්වාරෙ පතිට්ඨහිංසු, සීසානි සිනෙරුමුද්ධනි. තෙසු දක්ඛිණපස්සෙ සුවණ්ණමයං සොපානං දෙවතානං අහොසි, වාමපස්සෙ රජතමයං සොපානං මහාබ්රහ්මානං අහොසි, මජ්ඣෙ මණිමයං සොපානං තථාගතස්ස අහොසි. සත්ථාපි සිනෙරුමුද්ධනි ඨත්වා දෙවොරොහණසමයෙ යමකපාටිහාරියං කත්වා උද්ධං ඔලොකෙසි, යාව බ්රහ්මලොකා එකඞ්ගණා අහෙසුං. අධො ඔලොකෙසි, යාව අවීචිතො එකඞ්ගණං අහොසි. දිසාවිදිසා ඔලොකෙසි, අනෙකානි චක්කවාළසතසහස්සානි එකඞ්ගණානි අහෙසුං. දෙවා මනුස්සෙ පස්සිංසු, මනුස්සාපි දෙවෙ පස්සිංසු, සබ්බෙ සම්මුඛාව පස්සිංසු.
තථාගතයන් වහන්සේ වස් පවාරණය කර සක් දෙවිඳුට දැනුම් දුන්හ. මහරජ මිනිස් පියසට යන්නෙමි. සක්දෙවිදු රන්මය - මැණික්මය හා රිදීමය ඉණිමන් තුනක් මැවීය, ඒවායේ පාද සංකස්ස නගරයේ දොරටු මුල පිහිටියහ. ඒවායේ හිස මහමේරු පර්වතයේ මුදුන්විය. ඒවායෙන් දකුණුපස රන් හිණිමග දෙවියන්ට විය. වම් පස රිදී ඉණිමග මහා බ්‍රහ්මයන්ට විය. මැද පිහිටි මැණික් ඉණිමග තථාගතයන් වහන්සේට විය. බුදුරජාණන් වහන්සේ ද මහමෙර මුදුනේ සිට දෙලොවින් බැසීමේ යමක පාටිහාරිය කොට උඩ බැලුහ. බ්‍රහ්මලෝකය දක්වාම එකම අංගනයක් වීය. යට බලනවිට අවීචි නරකයේ සිට එකම අංගනයක් විය අනෙක් දිසා අනුදිසා බැලුහ. නොයෙක් චක්‍රවාටයන් ලක්ෂයක එකම අංගනයක් වුහ. දෙවියෝ මිනිසුන් පැසසුහ. මිනිස්සු දෙවියන් පැසසුහ.
භගවා ඡබ්බණ්ණරංසියො විස්සජ්ජෙසි. තං දිවසං බුද්ධසිරිං ඔලොකෙත්වා ඡත්තිංසයොජන පරිමණ්ඩලාය පරිසාය එකොපි බුද්ධභාවං අපත්ථෙන්තො නාම නත්ථි. සුවණ්ණසොපානෙන දෙවා ඔතරිංසු, රජතසොපානෙන මහාබ්රහ්මානො ඔතරිංසු, මණිසොපානෙන සම්මාසම්බුද්ධො ඔතරි. පඤ්චසිඛො ගන්ධබ්බදෙවපුත්තො බෙලුවපණ්ඩුවීණං ආදාය දක්ඛිණපස්සෙ ඨත්වා සත්ථු ගන්ධබ්බමධුරදිබ්බවීණාය සද්දෙන පූජං කරොන්තො ඔතරි, මාතලි, සඞ්ගාහකො වාමපස්සෙ ඨත්වා දිබ්බගන්ධමාලාපුප්ඵං ගහෙත්වා නමස්සමානො පූජං කත්වා ඔතරි, මහාබ්රහ්මා ඡත්තං ධාරෙසි, සුයාමො වාලබීජනිං ධාරෙසි. සත්ථා ඉමිනා පරිවාරෙන සද්ධිං ඔතරිත්වා සඞ්කස්සනගරද්වාරෙ පතිට්ඨහි. සාරිපුත්තත්ථෙරොපි ආගන්ත්වා සත්ථාරං වන්දිත්වා යස්මා සාරිපුත්තත්ථෙරෙන තථාරූපාය බුද්ධසිරියා ඔතරන්තො සත්ථා ඉතො පුබ්බෙ න දිට්ඨපුබ්බො, තස්මා –
භාග්‍යවතුන් වහන්සේ ෂඩ් වර්ණ විහිදවූහ. එදවස බුද්ධශ්‍රීය බලා යොදුන් තිස්හයක් අවට පිරිස බුද්ධත්වය නොපැතූ එකද පුද්ගලයෙක් නොවීය. රන් ඉණිමගින් දෙවියෝ බැස්සාහුය. රිදී ඉණිමගින් බ්‍රහ්මයෝ බැස්සාහුය. මැණික් ඉණිමගින් මේ තථාගතයන් වහන්සේ බැස්සාහුය. පංචසිඛ ගාන්ධර්ව දෙවියා බේලුව පණ්ඩු විනාව ගෙන දකුණු පසින් සිට බුදුන්ට ගාන්ධර්ව පුජාව කරමින් බැස්සේය. මාතලී ද සංගාහක ද වම්පස සිට දිව්‍යමය මල් ගඳ ගෙන වඳිමින් බැස්සාහුය. මහා බ්‍රහ්මයා ඡත්රය ධරයි. සුයාමදෙව් සෙමෙර සැලීය බුදුහු මේ පිරිස් පිරිවරා ගෙන බැස සංකස්ස නුවර දොරටුවේ පිහිටියහ. සැරියුත් තෙරුන් ද පැමිණ බුදුන් වැඳ මෙයට පෙර සැරියුත් තෙරුන් ද මෙබඳු බුද්ධ ශ්‍රීයක් යුතුව වඩින බුදුන්ගේ ශෝභාමත් බවත් දැක නොසිටියහ.
“න මෙ දිට්ඨො ඉතො පුබ්බෙ, න සුතො උද කස්සචි; එවං වග්ගුවදො සත්ථා, තුසිතා ගණිමාගතො”ති. (සු· නි· 961; මහානි· 190) –
මවිසින් මෙයට පෙර දී කිසිදිනෙක මෙබඳු බුද්ධ ශ්‍රීයක් දැක හෝ අසා නැත. මෙබඳු සිරියෙන් ප්‍රියවාදී තථාගතයන් වහන්සේ තුසිත භවනයෙන් වැඩම කළහ.
ආදීහි අත්තනො තුට්ඨිං පකාසෙත්වා, “භන්තෙ, අජ්ජ සබ්බෙපි දෙවමනුස්සා තුම්හාකං පිහයන්ති, පත්ථෙන්තී”ති ආහ. අථ නං සත්ථා, “සාරිපුත්ත, එවරූපෙහි ගුණෙහි සමන්නාගතා බුද්ධා දෙවමනුස්සානං පියා හොන්තියෙවා”ති වත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
මේ ආදී ප්‍රකාශවලින් තමන් වහන්සේගේ සතුට ප්‍රකාශ කරමින් ස්වාමීනි අද සියලුම දෙවි මිනිසුන් ඔබ වහන්සේ ප්‍රියකරති. බුද්ධත්වය ප්‍රාර්ථනා කරතියි පැවසුහ. ඉක්බිති බුදුන්වහන්සේ සාරිපුත්ත ! මෙබඳු ගුණයන්ගෙන් යුතු බුදුවරු නම් දෙවි මිනිසුන්ට ප්රියවේයයි පවසා ධර්මය දේශනා කරමින් මේ ගාථාව පැවසුහ.
“යෙ ඣානපසුතා ධීරා, නෙක්ඛම්මූපසමෙ රතා; දෙවාපි තෙසං පිහයන්ති, සම්බුද්ධානං සතීමත”න්ති.
දැහැනෙහි ද නිවනෙහි ඇලුණු සම්බුදු උතුමන් කෙරෙහි තිලොවම සත්වග පිය වඩත්මැයි නිතැතින්
ධ්‍යානයෙන් යුතු නෙක්ඛම්මයේ ඇළුන ප්‍රාඥයෝ රහත්හු දෙවියෝ ද ප්‍රියකරති බුදුරජාණන් වහන්සේලා දෙවිමිනිසුන්ට ප්‍රියවන්නාහ.
තත්ථ යෙ ඣානපසුතාති ලක්ඛණූපනිජ්ඣානං ආරම්මණූපනිජ්ඣානන්ති ඉමෙසු ද්වීසු ඣානෙසු ආවජ්ජනසමාපජ්ජනඅධිට්ඨානවුට්ඨානපච්චවෙක්ඛණෙහි යුත්තප්පයුත්තා. නෙක්ඛම්මූපසමෙ රතාති එත්ථ පබ්බජ්ජා නෙක්ඛම්මන්ති න ගහෙතබ්බා, කිලෙසවූපසමනිබ්බානරතිං පන සන්ධායෙතං වුත්තං. දෙවාපීති දෙවාපි මනුස්සාපි තෙසං පිහයන්ති පත්ථෙන්ති. සතීමතන්ති එවරූපගුණානං තෙසං සතියා සමන්නාගතානං සම්බුද්ධානං. “අහො වත මයං බුද්ධා භවෙය්යාමා”ති බුද්ධභාවං ඉච්ඡමානා පිහයන්තීති අත්ථො.
එහි ඣානපසුතා - යනු ලක්ෂණ උපනිජ්ඣාන ආරම්මණ උපනිජ්ඣාන යන මේ ධ්‍යාන දෙකේ ආවර්ජන (හමුවුන අරමුණ පිළිගැනීමට ඉඩ සැලැස්වීම) සමාපජ්ජන (සමවැදීම) අධිට්ඨාන (මෙය මෙසේ වේවායි පැතීම) උට්ඨාන (උනන්දුව) ප්රත්යවේක්ෂණය කල්පනා කිරීම සිතා බැලීම, “නෙක්ඛමවුප ඝමෙරතා” මෙහි නෙක්ඛම්ම යනු - කෙලෙස් සමනය නිවන් රසය නිවනෙහි ඇලීම සඳහා කියන ලදී. දෙවාපි දෙවියෝ ද මිනිස්සු ද ඔවුන් පීහයන්ති ප්‍රිය කරති. ප්‍රාර්ථනා කරති. සතීමතං - මෙබඳු ඔවුන්ගේ සිහියෙන් යුතු බුදුන්ගේ ගුණ දැක අපි දු බුදුවන්නෙමුයි බුද්ධත්වය කැමතිවෙමින් සිටී යන අර්ථයි.
දෙසනාවසානෙ තිංසමත්තානං පාණකොටීනං ධම්මාභිසමයො අහොසි, ථෙරස්ස සද්ධිවිහාරිකා පඤ්චසතභික්ඛූ අරහත්තෙ පතිට්ඨහිංසු.
මේ දෙසුම අවසානයේ කෝටි තිහක් පමණ ප්‍රාණීන්ට ධර්මාවබෝධය සිදුවිය. සැරියුත් තෙරුන් වහන්සේගේ සද්ධිවිහාරික භික්ෂූන් පන්සියයක් රහත් ඵලයෙහි පිහිටියහ.
සබ්බබුද්ධානං කිර අවිජහිතමෙව යමකපාටිහීරං කත්වා දෙවලොකෙ වස්සං වසිත්වා සඞ්කස්සනගරද්වාරෙ ඔතරණං. තත්ථ පන දක්ඛිණපාදස්ස පතිට්ඨිතට්ඨානං අචලචෙතියට්ඨානං නාම හොති. සත්ථා තත්ථ ඨත්වා පුථුජ්ජනාදීනං විසයෙ පඤ්හං පුච්ඡි, පුථුජ්ජනා අත්තනො විසයෙ පඤ්හෙ විස්සජ්ජෙත්වා සොතාපන්නවිසයෙ පඤ්හං විස්සජ්ජෙතුං නාසක්ඛිංසු. තථා සකදාගාමිආදීනං විසයෙ සොතාපන්නාදයො, මහාමොග්ගල්ලානවිසයෙ සෙසමහාසාවකා, සාරිපුත්තත්ථෙරස්ස විසයෙ මහාමොග්ගල්ලානො, බුද්ධවිසයෙ ච සාරිපුත්තොපි විස්සජ්ජෙතුං නාසක්ඛියෙව. සො පාචීනදිසං ආදිං කත්වා සබ්බදිසා ඔලොකෙසි, සබ්බත්ථ එකඞ්ගණමෙව අහොසි. අට්ඨසු දිසාසු දෙවමනුස්සා උද්ධං යාව බ්රහ්මලොකා හෙට්ඨා භූමට්ඨා ච යක්ඛනාගසුපණ්ණා අඤ්ජලිං පග්ගහෙත්වා, “භන්තෙ, ඉධ තස්ස පඤ්හස්ස විස්සජ්ජෙතා නත්ථි, එත්ථෙව උපධාරෙථා”ති ආහංසු. සත්ථා සාරිපුත්තො කිලමති. කිඤ්චාපි හෙස –
බුදුවරු නම් යමක ප්රාතිහාර්ය කරන අතරම දෙලොවට වැඩම කොට වස් සමාදන් වී සඞ්කස්ස නගරයට බැසීම නොකඩවා සිදු කෙරෙති. එහි දී බුදුන්ගේ දකුණු පා පිහිටන තැන අචලචේතිය ස්ථාන නම් වේ. බුදුවරු එහි සිට පෘථජනාදින්ගේ ප්‍රශ්න විමසති පුහුදුන් අය තමතම දැනුම අනුව ප්‍රශ්න විසඳා ගති, ඔවුන්ට සෝවාන් මාර්ගයේ ප්‍රශ්න විසඳීමට නොහැකිවුහ. එලෙසට සකෘදාගාමින් ගේ ප්‍රශ්නවලට සෝවාන් වුවන්ට පිළිතුරු දිය නොහැකිය. මුගලන් තෙරුන්ගේ විෂය අතැත් මහතෙරවරුන්ට ද සැරියුත් තෙරුන්ගේ විෂය මුගලන් තෙරුන්ට ද බුදුන්ගේ විෂය සැරියුත් තෙරුන්ට ද විසඳිය නොහැකිය. තථාගතයන් වහන්සේ බටහිර දෙස ආදී සියළු දිසාවන් බැලුහ. හැමදෙයම එකම අංගනයක් විය. අට දිසාවන්හි දෙමිනිස්සු උඩ බ්‍රහ්මලෝක නවයක යට බුමාටු නාග සුපර්ණයෝ ඇඳිලි බැඳ ස්වාමීනි ! මෙහි මේ ප්‍රශ්නයට විසඳුමක් නැත. මෙහි මා ගැනද සලකන්නැයි කීවාහුය. බුදුහු සැරියුත් වෙහෙසට පත්වේ.
“යෙ ච සඞ්ඛාතධම්මාසෙ, යෙ ච සෙඛා පුථූ ඉධ; තෙසං මෙ නිපකො ඉරියං, පුට්ඨො පබ්රූහි මාරිසා”ති. (සු· නි· 1044; චූළනි· අජිතමාණවපුච්ඡානිද්දෙස 7) –
“යම් සංඛත ධර්මය රහත්හු බොහෝ නිසාද මේ ප්‍රාඥ ස්වභාවය විමසන ලද්දේ කියනු මැනව”
ඉමං බුද්ධවිසයෙ පුට්ඨපඤ්හං සුත්වා ‘සත්ථා මං සෙඛාසෙඛානං ආගමනපටිපදං පුච්ඡතී’ති පඤ්හෙ නික්කඞ්ඛො, ඛන්ධාදීසු පන කතරෙන නු ඛො මුඛෙන ඉමං පටිපදං කථෙන්තො ‘අහං සත්ථු අජ්ඣාසයං ගණ්හිතුං න සක්ඛිස්සාමී’ති මම අජ්ඣාසයෙ කඞ්ඛති, සො මයා නයෙ අදින්නෙ කථෙතුං න සක්ඛිස්සති, නයමස්ස දස්සාමීති නයං දස්සෙන්තො “භූතමිදං, සාරිපුත්ත, සමනුපස්සසී”ති ආහ. එවං කිරස්ස අහොසි “සාරිපුත්තො මම අජ්ඣාසයං ගහෙත්වා කථෙන්තො ඛන්ධවසෙන කථෙස්සතී”ති. ථෙරස්ස සහ නයදානෙන සො පඤ්හො නයසතෙන නයසහස්සෙන නයසතසහස්සෙන උපට්ඨාසි. සො සත්ථාරා දින්නනයෙ ඨත්වා තං පඤ්හං කථෙසි. ඨපෙත්වා කිර සම්මාසම්බුද්ධං අඤ්ඤො සාරිපුත්තත්ථෙරස්ස පඤ්ඤං පාපුණිතුං සමත්ථො නාම නත්ථි. තෙනෙව කිර ථෙරො සත්ථු පුරතො ඨත්වා සීහනාදං නදි – “අහං, භන්තෙ, සකලකප්පම්පි දෙවෙ වුට්ඨෙ ‘එත්තකානි බින්දූනි මහාසමුද්දෙ පතිතානි, එත්තකානි භූමියං, එත්තකානි පබ්බතෙ’ති ගණෙත්වා ලෙඛං ආරොපෙතුං සමත්ථො”ති. සත්ථාපි නං “ජානාමි, සාරිපුත්ත, ගණෙතුං සමත්ථභාව”න්ති ආහ. තස්ස ආයස්මතො පඤ්ඤාය උපමා නාම නත්ථි. තෙනෙවාහ –
මේ බුද්ධ විෂයේ විමසන ලද ප්රශ්නය අසා ශෛක්ෂ අශෛක්ෂයින්ගේ ආගමනය පිළිබඳව විසඳයි. ප්රශ්නයේ නිසැක ස්ඛන්ධාදීහි කාගේ මුවකින් මේ ප්‍රතිපදාව කියන්නේ මම බුදුගේ අදහස ගැනීමට නොහැකි වන්නෙමියි මගේ අදහස ගැන සැකකරයි මවිසින් න්‍යාය නොදුන්විට කථාකිරිමට නොහැකි වන්නේන්ද න්‍යාය පමණක් දක්වන්නෙමියි න්‍යාය දක්වමින් සාරිපුත්ත මෙය සිදුවීදැයි බලන ලෙසට පැවසුහ. මෙබඳු අදහසක් ඇතිවිය. සැරියුත් තෙර මගේ අදහස ගෙන කියන්නේ ස්ඛන්ධ වශයෙන් කියන්නේ යයි තෙරුන්ට න්‍යාය දක්වමින් එම ප්රශ්නය න්‍යාය සියයකින් න්‍යාය දහසකින් උවටැන් කළේය. ඔහු බුදුන් විසින් දෙන ලද න්යයෙහි පිහිටා එම ප්රශ්නය කිවේය. බුදුරදුන් හැර අනෙකෙකුට සැරියුත් තෙරුන්ට ප්‍රශ්න පැවරීමට සමතෙක් නම් නැත. එනිසාම සැරියුත් තෙරුන් බුදුන් ඉදිරිපස සිට සිංහනාද පැවැත්වූහ. ස්වාමීනි මම මුළු කල්පයක් වැස්ස වැටෙන විට මෙපමණ වැහිබිඳු මුහුදට වැටුනි. මෙපමණ බිමට වැටුනි. මෙපමණ පර්වතයට වැටුනි යයි ගණනය කර ලියා දක්වන්නට සමත් වෙමි. බුදුන් ද මම එය දනිමි සාරිපුත්ත යයි පැවසුහ. මේ සැරියුත් තෙරුන්ගේ ප්‍රඥාවට උපමා නැත.
“ගඞ්ගාය වාලුකා ඛීයෙ, උදකං ඛීයෙ මහණ්ණවෙ; මහියා මත්තිකා ඛීයෙ, න ඛීයෙ මම බුද්ධියා”ති.
“ගඟක වැලි පරයා මුහුදේ දිය බිඳු පරයා පොළවේ මැටි පරයා මගේ බුද්ධියෙන් ලක්ෂණ දැක්විය හැකිය.”
ඉදං වුත්තං හොති – සචෙ හි, භන්තෙ, බුද්ධිසම්පන්නලොකනාථ, මයා එකස්මිං පඤ්හෙ විස්සජ්ජිතෙ එකං වා වාලුකං එකං වා උදකබින්දුං එකං වා පංසුඛණ්ඩං අඛිපිත්වා පඤ්හානං සතෙන වා සහස්සෙනවා සතසහස්සෙන වා විස්සජ්ජිතෙ ගඞ්ගාය වාලුකාදීසු එකෙකං එකමන්තෙ ඛිපෙය්ය, ඛිප්පතරං ගඞ්ගාදීසු වාලුකාදයො පරික්ඛයං ගච්ඡෙය්යුං, න ත්වෙව මම පඤ්හානං විස්සජ්ජනන්ති. එවං මහාපඤ්ඤොපි හි භික්ඛු බුද්ධවිසයෙ පඤ්හස්ස අන්තං වා කොටිං වා අදිස්වා සත්ථාරා දින්නනයෙ ඨත්වාව පඤ්හං විස්සජ්ජෙසි. තං සුත්වා භික්ඛූ කථං සමුට්ඨාපෙසුං – “යං පඤ්හං පුට්ඨො සබ්බොපි ජනො කථෙතුං න සක්ඛි, තං ධම්මසෙනාපති සාරිපුත්තො එකකොව කථෙසී”ති. සත්ථා තං කථං සුත්වා “න ඉදානෙව සාරිපුත්තො යං පඤ්හං මහාජනො විස්සජ්ජෙතුං නාසක්ඛි, තං විස්සජ්ජෙසි, පුබ්බෙපි අනෙන විස්සජ්ජිතොයෙවා”ති වත්වා අතීතං ආහරිතුං –
ඉදින් ස්වමීනි බුදධි සම්පන්න ලෝකනාතයන් වහන්ස මම එක පැනයක් විසඳුවිට එක වැලි ඇටයක් එක ජල බිදුවක් එක පස් බිඳක් නොහැර ප්‍රශ්න සියයක් හෝ දහයක් හෝ විසඳමින් මෙසේ කියන ලදි ගඞ්ගා වැලි ආදියේ එක් එක් වැලි කැටය ගෙන එකත් පසෙක තබන්නේද එවිට ගංගා ආදීයේ වැලි අවසන් වනු ඇත. එහෙත් මගේ ප්‍රශ්න විසදීම අවසන් නොවේ. මෙලෙස මහා ප්‍රාඥවු භික්ෂුව බුදුන් විෂයෙහි තබන ලද ප්‍රශ්නයට කෙළවර හෝ අන්තය හෝ නොදැක බුදුන්විසින් දෙන ලද න්‍යායට අනුව සිට ප්‍රශ්න විසඳුවේ. මෙය අසා කථාවක් ඇතිකළහ. භික්ෂුව යම් ප්‍රශ්නයක් විමසුවේ සියලු ජනයෝ කථාකිරීමට නොහැකිවුහ. එම ධර්මය සේනාපති සාරිපුත්ත තෙරණුවෝ එකලාව පැවසුවේය. බුදුහු මෙම කථාව අසා දැන් පමණක් නොව සැරියුතෙරුන් මහජනයාට විසඳිය නොහැකි ප්‍රශ්න පෙරද විසඳුවේයයි පවසා අතීත කථාව ගෙනහැර දැක්වුහ.
“පරොසහස්සම්පි සමාගතානං, කන්දෙය්යුං තෙ වස්සසතං අපඤ්ඤා; එකොව සෙය්යො පුරිසො සපඤ්ඤො, යො භාසිතස්ස විජානාති අත්ථ”න්ති. (ජා· 1.1.99) –
දහසකට අධික වු ප්‍රඥා රහිත වූ ඔහු අවුරුදු සියයක් අඩන්නාහු නමුත් කාරණය වටහා නොගනිති. යමෙක් ප්‍රකාශිත වචනයාගේ අර්ථය දනීද. ඒ එක ප්‍රඥාවන්තයා උතුම් වේ.
ඉමං ජාතකං විත්ථාරෙන කථෙසීති.
මෙම ජාතකය විස්තර වසයෙන් දැක්වුහ.
දෙවොරොහණවත්ථු දුතියං.