4. එරකපත්තනාගරාජවත්ථු අට්ඨකථා
4. එරකපත්තනාගරාජවත්ථු
4. ඒරක පත්ත නා රජුගේ කථා පුවත
කිච්ඡො මනුස්සපටිලාභොති ඉමං ධම්මදෙසනං සත්ථා බාරාණසියං උපනිස්සාය සත්තසිරීසකරුක්ඛමූලෙ විහරන්තො එරකපත්තං නාම නාගරාජං ආරබ්භ කථෙසි.
“කිච්ඡො මනුස්ස පටිලාභොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ බරණැස මහ රුක් සතක් අතරින් එක් රුක් මුලක වැඩ සිටියදී ඒරක පත්ත” නම් නා රජු නිමිති කරගෙන දේශනා කළහ.
සො කිර පුබ්බෙ කස්සපබුද්ධසාසනෙ දහරභික්ඛු හුත්වා ගඞ්ගාය නාවං අභිරුය්හ ගච්ඡන්තො එකස්මිං එරකගුම්බෙ එරකපත්තං ගහෙත්වා නාවාය වෙගසා ගච්ඡමානායපි න මුඤ්චි, එරකපත්තං ඡිජ්ජිත්වා ගතං. සො “අප්පමත්තකං එත”න්ති ආපත්තිං අදෙසෙත්වා වීසති වස්සසහස්සානි අරඤ්ඤෙ සමණධම්මං කත්වාපි මරණකාලෙ එරකපත්තෙන ගීවාය ගහිතො විය ආපත්තිං දෙසෙතුකාමොපි අඤ්ඤං භික්ඛුං අපස්සමානො “අපරිසුද්ධං මෙ සීල”න්ති උප්පන්නවිප්පටිසාරො තතො චවිත්වා එකරුක්ඛදොණිකනාවප්පමාණො නාගරාජා හුත්වා නිබ්බත්ති, එරකපත්තොත්වෙවස්ස නාමං අහොසි. සො නිබ්බත්තක්ඛණෙයෙව අත්තභාවං ඔලොකෙත්වා “එත්තකං නාම කාලං සමණධම්මං කත්වා අහෙතුකයොනියං මණ්ඩූකභක්ඛට්ඨානෙ නිබ්බත්තොම්හී”ති විප්පටිසාරී අහොසි. සො අපරභාගෙ එකං ධීතරං ලභිත්වා මජ්ඣෙ ගඞ්ගාය උදකපිට්ඨෙ මහන්තං ඵලං උක්ඛිපිත්වා ධීතරං තස්මිං ඨපෙත්වා නච්චාපෙත්වා ගායාපෙසි. එවං කිරස්ස අහොසි – “අද්ධා අහං ඉධ ඉමිනා උපායෙන බුද්ධෙ උප්පන්නෙ තස්ස උප්පන්නභාවං සුණිස්සාමී”ති. යො මෙ ගීතස්ස පටිගීතං ආහරති, තස්ස මහන්තෙන නාගභවනෙන සද්ධිං ධීතරං දස්සාමීති අන්වඩ්ඪමාසං උපොසථදිවසෙ තං ධීතරං ඵණෙ ඨපෙසි. සා තත්ථ ඨිතා නච්චන්තී –
හේ වනාහි පෙර කස්සප සම්මා සම්බුද්ධ ශාසනයෙහි තරුණ භික්ෂුවක් ලෙස සිටියදී ගංගාවක නැවක නැගී වඩින අතර ඒරක නම් වූ තණ පඳුරක කොළයක් අල්ලාගෙන සිටිය දී සැඩ පහරින් වේගයෙන් වයන විටද එය අත් නොහළේය. ඒරක පඳුරත් කඩාගෙන ගියේ, ස්වල්ප මාත්‍ර වු එම නැවත දේශනා මගින් ශුද්ධ නොකොට වර්ෂ විසිදහසක් කල් අරණ්‍යයේ මහණ දම් කරද අපවත්වන විට ඒරක පඳුරේ ගැනිම මහ බරක්ම සිතා (කොළයේ ගෙලින් ගත්තා සේම) ඇවත දෙසීමට කැමති වුවත් අනෙක් තෙරනමක් නොදැක - මගේ ශීලය පිරිසිදු නොවේයයි උපන් විපිළිසර ඇත්තේ ඉන් චුත වී ඒරක ගසක නැවක් (ඔරුවක්) පමණ නාගරාජයෙක් වී උපන්නේ ය. ඔහුගේ නමද “ඒරක පත්ත” නම් විය. ඔහු උපන් කෙනෙහි ආත්මභාවය බලා මෙපමණ කලක් මහණ දම් පුරා අහේතුක ආත්මභාවයක මැඩියන් කන ස්ථානයක උපන්නේ යයි විපිළිසර විය ඔහු පසුකලෙක එක් දුවක ලැබ ගඟමැද දියමත මහ පෙනය ඔසවා දුවණිය ඒ පෙනය මත නටවමින් ගායනා කළේය. ඔහුට මෙබඳු අදහසක් විය. ඒකාන්තයෙන් මම මේ උපායෙන් බුදුන් උපන්විට ඔහුගේ උපන්බව අසන්නෙමි. යමෙක් මගේ ගීයට පිළිතුරු ගීයක් පටන්ගනීද ඔහුට මහත් සම්පත් සමග මේ දුවණිය දෙනෙක් අඩ වසකට වරක් පෙහෙවස් දින ඒ දියණිය පෙනයේ තබයි. ඇය එහි සිට නටමින් මේ ගාථාව කීවාය.
“කිංසු අධිප්පතී රාජා, කිංසු රාජා රජ්ජිස්සරො; කථංසු විරජො හොති, කථං බාලොති වුච්චතී”ති. –
කුමක් හෙයින් රජ අධිපතිවේ ද කුමකින් රජ ප්‍රධාන රජෙක් වේද? කෙලෙස රජස් නැත්තෙක් වෙයිද? කෙලෙසක අඥානයෙක් යයි කියනු ලැබේද?
ඉමං ගීතං ගායති.
මෙය ගීයක් ලෙසට ගායනා කරයි.
සකලජම්බුදීපවාසිනො “නාගමාණවිකං ගණ්හිස්සාමා”ති ගන්ත්වා අත්තනො අත්තනො පඤ්ඤාබලෙන පටිගීතං කත්වා ගායන්ති. සා තං පටික්ඛිපති. තස්සා අන්වඩ්ඪමාසං ඵණෙ ඨත්වා එවං ගායන්තියාව එකං බුද්ධන්තරං වීතිවත්තං. අථ අම්හාකං සත්ථා ලොකෙ උප්පජ්ජිත්වා එකදිවසං පච්චූසකාලෙ ලොකං වොලොකෙන්තො එරකපත්තං ආදිං කත්වා උත්තරමාණවං නාම අත්තනො ඤාණජාලස්ස අන්තො පවිට්ඨං දිස්වා “කිං නු ඛො භවිස්සතී”ති ආවජ්ජෙන්තො “අජ්ජ එරකපත්තස්ස ධීතරං ඵණෙ ඨපෙත්වා නච්චාපනදිවසො, අයං උත්තරමාණවො මයා දින්නං පටිගීතං ගණ්හන්තොව සොතාපන්නො හුත්වා තං ආදාය නාගරාජස්ස සන්තිකං ගමිස්සති. සො තං සුත්වා ‘බුද්ධො උප්පන්නො’ති ඤත්වා මම සන්තිකං ආගමිස්සති, අහං තස්මිං ආගතෙ මහාසමාගමෙ ගාථං කථෙස්සාමි, ගාථාපරියොසානෙ චතුරාසීතියා පාණසහස්සානං ධම්මාභිසමයො භවිස්සතී”ති අද්දස. සො තත්ථ ගන්ත්වා බාරාණසිතො අවිදූරෙ සත්ත සිරීසකරුක්ඛා අත්ථි, තෙසු එකස්ස මූලෙ නිසීදි. ජම්බුදීපවාසිනො ගීතපටිගීතං ආදාය සන්නිපතිංසු. සත්ථා අවිදූරෙ ඨානෙ ගච්ඡන්තං උත්තරමාණවං දිස්වා “එහි, උත්තරා”ති ආහ. “කිං, භන්තෙ”ති? “ඉතො තාව එහී”ති. අථ නං ආගන්ත්වා වන්දිත්වා නිසින්නං ආහ “කහං ගච්ඡසී”ති? “එරකපත්තස්ස ධීතු ගායනට්ඨාන”න්ති. “ජානාසි පන ගීතපටිගීත”න්ති? “ජානාමි, භන්තෙ”ති. “වදෙහි තාව න”න්ති? අථ නං අත්තනො ජානනනියාමෙනෙව වදන්තං “න උත්තරං එතං පටිගීතං, අහං තෙ පටිගීතං දස්සාමි, ආදාය නං ගමිස්සසී”ති. “සාධු, භන්තෙ”ති. අථ නං සත්ථා, උත්තර, ත්වං නාගමාණවිකාය ගීතකාලෙ –
මුළු දඹදිව් වැසියෝ නාග කන්‍යාව ගන්නෙමි සිතා ගොස් තම තමන්ගේ ඥාණ ශක්තියෙන් ප්‍රතිගීත කොට ගායනා කරති. ඇය එය ප්‍රතික්ෂේප කරයි මෙලෙස අඩමසක් පෙනයේ සිට ගායනා කරන්නේ එක් බුද්ධාන්තරයක් ඉක්මගියේය. අනතුරුව බුදුන් ලොව පහළ වී එක් දිනක ඉතා උදැසන ලොව බලන්නේ ඒරකපත්ත ආදිකොට උත්තර මානවකයා තමන්ගේ ඤාණ ජාලයට පිවිසි අයුරු දැක කුමක් වන්නේදැයි ආවර්ජනා කරන්නේ අද ඒරක පත්ත නාරජ තම දුව පෙනයේ තබා නටන දිනයයි. මේ උත්තර මානවක මම දුන් ගීතය ගයන්නේ සෝවාන් වී එය ගෙන නාරජු සමීපයට යන්නේය. ඔහු එම ගාථාව අසා බුදුන් උපන්බව දැන මා සමීපයට එන්නේය. මම ඔහු පැමිණිවිට මහා සමාගමයේදී ගාථාවක් කියන්නෙමි. ගාථාව කෙළවර අසුහතර දහසක් ප්‍රාණීන් ධර්මාවබෝධය ලබන්නේය යයි දුටහ. බුදුහු එතනට ගොස් බරණැසට නොදුරේ මහරි රුක් සතක් ඇති තැන ස්ථායෙන් එකක් මුලට ගොස් වැඩසිටියහ. දඹදිව් වැස්සෝ ප්රතිගී ගෙන රැවුවාහුය. බුදුහු නොදුරෙන් ගමන් කරමින් සිටි උත්තර මානවකයා දැක උත්තර යයි ඇමතූහ. ඇයි ස්වාමීනි ! උත්තර මෙහි එන්න. අනතුරුව ඔහු පැමිණ නමස්කාර කර වාඩි වූ ඔහුට ඔබ කොහි යන්නේද? ඒරක පත්තගේ දුවණිය ගායනා කරන ස්ථානයට යමිය පැවසීය. ඔබ ගීතයට ප්‍රති ගීතය දන්නේද? ස්වාමීනි දනිමි. එසේ නම් එය කියන්න. අනතුරුව ඔහු දන්නා පමණින් කියනවිට උත්තරට මෙය ප්‍රතිගීතය නොවේ. මම ඔබට ප්‍රතිගීතය දෙමි. මෙය ගෙන යන්න. හොඳයි ස්වාමීනි, නාග මානවිකාව ගයනවිට
“ඡද්වාරාධිප්පතී රාජා, රජ්ජමානො රජ්ජිස්සරො; අරජ්ජං විරජො හොති, රජ්ජං බාලොති වුච්චතී”ති. –
“ඡද්වාරාධිපති රාජා - රජ්ජ මනො රජිස්සරො අරඤ්ඤං විරජො හොති - රජ්ජං බාලොති වුච්චති”
ඉමං පටිගීතං ගායෙය්යාසීති ආහ.
මේ ප්‍රති ගීතය ගයන්න.
මාණවිකාය ගීතස්ස අත්ථො – කිංසු අධිප්පතී රාජාති කිං අධිප්පති රාජා නාම හොති? කිංසු රාජා රජ්ජිස්සරොති කථං පන රාජා රජ්ජිස්සරො නාම හොති? කථංසු විරජො හොතීති කථං නු ඛො සො රාජා විරජො නාම හොතීති?
මානවිකාවගේ ගීතයේ අර්ථය නම් කිංසුඅධිපති රාජාති - අධිපති රජු නම් කවුද? කිංසු රාජා රජිස්සරොති කථං පන රාජා රජිස්සරො නාමහෝති ප්‍රධාන රජු වන්නේ කෙලෙසද? කෙසේනම් විරජ නම් වේද?
පටිගීතස්ස පන අත්ථො – ඡද්වාරාධිප්පතී රාජාති යො ඡන්නං ද්වාරානං අධිප්පති, එකද්වාරෙපි රූපාදීහි අනභිභූතො, අයං රාජා නාම. රජ්ජමානො රජ්ජිස්සරොති යො පන තෙසු ආරම්මණෙසු රජ්ජති, සො රජ්ජමානො රජ්ජිස්සරො නාම. අරජ්ජන්ති අරජ්ජමානො පන විරජො නාම හොති. රජ්ජන්ති රජ්ජමානො බාලොති වුච්චතීති.
පටිගීතයේ අදහස - ඡද්වාරාධිපති - යමෙක් ෂඩ්ඉන්ද්රියන්ට අධිපති වේද? ෂට් ද්වාරාදියෙන් එකම ධර්මමපද අටුවාව දොරටුවකින්වත් රූපාදී අරමුණුවලින් යටත් නොවේද මොහු රජ නම් වේ. රජිස්සරනම් යමෙක් වනාහි ඒ අරමුණු ඇලේද, ඔහු ඇලෙන බැවින් රජිස්සර නම් වේ. අරජ්ජං - නො ඇලෙන තැනැත්තා විරජ නම් වේ. රූපාදී රජස්හි ඇලෙන තැනැත්තා බාලයා යයි කියනු ලැබේ.
එවමස්ස සත්ථා පටිගීතං දත්වා, උත්තර, තයා ඉමස්මිං ගීතෙ ගායිතෙ ඉමස්ස ගීතස්ස ඉමං පටිගීතං ගායිස්සති –
මෙලෙස - ඔහුට ප්‍රතිගීතය දී උත්තර ඔබ මේ ගීය ගැයූ පසු මේ ගිතයට මේ ප්‍රතිගීතය ඇය විසින් ගයන්නේය -
“කෙනස්සු වුය්හති බාලො, කථං නුදති පණ්ඩිතො; යොගක්ඛෙමී කථං හොති, තං මෙ අක්ඛාහි පුච්ඡිතො”ති.
“කෙනස්සු වුයිහති බාලො - කථං නුදති පණ්ඩිතො යොගක්ඛෙමි කථං හොති - තං මෙ අක්ඛායි පුව්ජිතො”
අථස්ස ත්වං ඉදං පටිගීතං ගායෙය්යාසි –
එවිට ඔබ මේ ප්‍රතිගීතය ගයන්න -
“ඔඝෙන වුය්හති බාලො, යොගා නුදති පණ්ඩිතො; සබ්බයොගවිසංයුත්තො, යොගක්ඛෙමීති වුච්චතී”ති.
“ඔඝෙන වුය්හති බාලො, යොගා නුදති පණ්ඩිතො; සබ්බයොගවිසංයුත්තො, යොගක්ඛෙමීති වුච්චතී”
තස්සත්ථො – “කාමොඝාදිනා චතුබ්බිධෙන ඔඝෙන බාලො වුය්හති, තං ඔඝං පණ්ඩිතො සම්මප්පධානසඞ්ඛාතෙන යොගෙන නුදති. සො සබ්බෙහි කාමයොගාදීහි විසංයුත්තො යොගක්ඛෙමී නාම වුච්චතී”ති.
මෙහි අර්ථය :- කාමඔඝ ආදී සතරාකාර ඕඝයෙන් ගිලෙන, පාවෙන තැනැත්තා බාලයා නම් වේ. (ගිලේ) එම ඕඝය නුවණැත්තා සම්‍යක් ප්‍රධන් වීර්යසංඛ්යාත යෝගයෙන් ජයගනී. ඔහු සියළු කාමයෝග ආදී යෙන් වෙන්වූයේ යොගකඛෙමි නමින් හඳුන්වයි.
උත්තරො ඉමං පටිගීතං ගණ්හන්තොව සොතාපත්තිඵලෙ පතිට්ඨහි. සො සොතාපන්නො හුත්වා තං ගාථං ආදාය ගන්ත්වා, “අම්භො, මයා ගීතපටිගීතං ආහටං, ඔකාසං මෙ දෙථා”ති වත්වා නිරන්තරං ඨිතස්ස මහාජනස්ස ජණ්ණුනා අක්කමන්තො අගමාසි. නාගමාණවිකා පිතු ඵණෙ ඨත්වා නච්චමානා “කිංසු අධිප්පතී රාජා”ති ගීතං ගායති? උත්තරො “ඡද්වාරාධිප්පතී රාජා”ති පටිගීතං ගායි. පුන නාගමාණවිකා “කෙනස්සු වුය්හතී”ති තස්ස ගීතං ගායති? අථස්සා පටිගීතං ගායන්තො උත්තරො “ඔඝෙන වුය්හතී”ති ඉමං ගාථමාහ. නාගරාජා තං සුත්වාව බුද්ධස්ස උප්පන්නභාවං ඤත්වා “මයා එකං බුද්ධන්තරං එවරූපං පදං නාම න සුතපුබ්බං, උප්පන්නො වත, භො, ලොකෙ බුද්ධො”ති තුට්ඨමානසො නඞ්ගුට්ඨෙන උදකං පහරි, මහාවීචියො උට්ඨහිංසු, උභො තීරානි භිජ්ජිංසු. ඉතො චිතො ච උසභමත්තෙ ඨානෙ මනුස්සා උදකෙ නිමුජ්ජිංසු. සො එත්තකං මහාජනං ඵණෙ ඨපෙත්වා උක්ඛිපිත්වා ථලෙ පතිට්ඨපෙසි. සො උත්තරං උපසඞ්කමිත්වා “කහං, සාමි, සත්ථා”ති පුච්ඡි. “එකස්මිං රුක්ඛමූලෙ නිසින්නො, මහාරාජා”ති. සො “එහි, සාමි, ගච්ඡාමා”ති උත්තරෙන සද්ධිං අගමාසි. මහාජනොපි තෙන සද්ධිංයෙව ගතො. නාගරාජා ගන්ත්වා ඡබ්බණ්ණරංසීනං අන්තරං පවිසිත්වා සත්ථාරං වන්දිත්වා රොදමානො අට්ඨාසි. අථ නං සත්ථා ආහ – “කිං ඉදං, මහාරාජා”ති? “අහං, භන්තෙ, තුම්හාදිසස්ස බුද්ධස්ස සාවකො හුත්වා වීසති වස්සසහස්සානි සමණධම්මං අකාසිං, සොපි මං සමණධම්මො නිද්ධාරෙතුං නාසක්ඛි. අප්පමත්තකං එරකපත්තඡින්දනමත්තං නිස්සාය අහෙතුකපටිසන්ධිං ගහෙත්වා උරෙන පරිසක්කනට්ඨානෙ නිබ්බත්තොස්මි, එකං බුද්ධන්තරං නෙව මනුස්සත්තං ලභාමි, න සද්ධම්මස්සවනං, න තුම්හාදිසස්ස බුද්ධස්ස දස්සන”න්ති සත්ථා තස්ස කථං සුත්වා, “මහාරාජ, මනුස්සත්තං නාම දුල්ලභමෙව, තථා සද්ධම්මස්සවනං, තථා බුද්ධුප්පාදො, ඉදං කිච්ඡෙන කසිරෙන ලබ්භතී”ති වත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
උත්තර ද මේ පිළිතුරු ගීය ගයමින් සිටියදීම සෝවාන් ඵලයේ පිහිටියේය. ඔහු සෝවාන් වී එම ගාථාව ගෙන එහි ගොස් පින්වතිය - මම ප්‍රතිගීත ගෙනආමි. මට අවකාශයක් (ඉඩක්) දෙන්න. යයි කියා නිතර ගැවසීගත් ජනයා අතර ඔවුන් පාගමින් ගියේය. නාග මානවිකාවිය ද පියාගේ පෙනයේ සිට නටමින් කිංසු ආධිපතී රාජා යන ගීය ගායනා කළාය. එවිට උත්තර ජද්වාරාධිපති - යන ගීය ගායනා කළේය නැවත - නා මෙණෙවිය - කෙනස්සු වුයිහති - යන ගීතය ගායනා කළාය. එහි පිළිතුරුගීය ගැයීය. උත්තර එයට පිළිතුරු වශයෙන් ඔඝෙනවුයිහති යන පිළිතුරු ගීය කීවේය. නා රජු එය අසා බුදුන් උපන් බව දැන මවිසින් එක් බුද්ධාන්තරයක් මෙබඳු පදයක් නො ඇසුවෙමි. බුදුලොව පහළවීයයි සතුටින් වලිගයෙන් ජලයට පහර දුන්නේය. මහා රළක් ඇතිවිය. ගංගාවේ ඉවුරු දෙකම බිඳීගියේය. ඔබ මොබ ගවයෙක් තරම් උසට ජලයේ මිනිස්සු ගිලී ගියහ. ඔහු එපමණ මහජනයා පෙනයේ තබා උඩට නැගී ගොඩබිම තැබුහ. ඔහු උත්තර සමීපයට පැමිණ ස්වාමීනි බුදුන් වහන්සේ කොහිදැයි විමසුවේය. මහරජ එක් මහරි ගසක් මුල වැඩසිටිති. පැවසීය. එන්න ස්වාමීනි කියා උත්තර සමගම ගියේය. මහජනයා ඔහු සමගම ගියෝය. නා රජු ෂඩ්වර්ණ රශ්මි අතරට පිවිස බුදුන් වැඳ අඩමින් සිටියේය. අනතුරුව බුදුරජාණෝ මේ කුමක්ද මහරජයයි විමසුහ. ස්වාමීනි මම ඔබ වහන්සේ සමාන බුදු කෙනෙකුන් ළඟ ශ්‍රාවකයෙක් ලෙසට විසිදහසක් අවුරුදු මහණදම් පිරුවෙමි. මට ධර්මය නිමකරන්නට නොහැකිවිය. ප්‍රමාදයකින් ඒරක කොළයක් කැඩීම් පමණකින් අහේතුක ප්‍රතිසන්ධියක් ගෙන බඩගාගෙන යන ස්ථානයක උපනෙමි. එක් බුද්ධාන්තරයක් මනුෂ්‍ය ආත්මභාවයක් නො ලැබීමි. ධර්මය ඇසීමක් නොවීය. ඔබවහන්සේ වැනි බුදුකෙනෙකුගේ දැකීමක් නොවීය. බුදුහු ඔහුගේ කථාව අසා මහරජ මනුෂ්‍ය ආත්මය යනු ඉතා දුලබය, බණ ඇසීම ද එසේමය. බුද්ධෝත්පාදය ද දුර්ලභය මෙය ඉතා දුකසේ අපහසුවෙන් ලැබිය යුතුයයි කියා ධර්මය දේශනා කළේ මේ ගාථාව පැවසුහ.
“කිච්ඡො මනුස්සපටිලාභො, කිච්ඡං මච්චාන ජීවිතං; කිච්ඡං සද්ධම්මස්සවනං, කිච්ඡො බුද්ධානමුප්පාදො”ති.
මිනිස් බව ලැබුවද, එය රැක දිවි ගෙවීමද සඳහම් ඇසීමද, බුදු කෙනෙකු ඉපදීමද දුලබ දේවල් මෙන් උසස් කටයුතු සතර වේ මැයි
මනුෂ්‍යත්වයක් ලැබීම අපහසුය. මිනිස් ජීවිතය අපහසුය. ධර්මය ඇසීම ද දුර්ලභය. බුදුවරුන්ගේ පහළවීම ද දුලබය.
තස්සත්ථො – මහන්තෙන හි වායාමෙන මහන්තෙන කුසලෙන ලද්ධත්තා මනුස්සත්තපටිලාභො නාම කිච්ඡො දුල්ලභො. නිරන්තරං කසිකම්මාදීනි කත්වා ජීවිතවුත්තිං ඝටනතොපි පරිත්තට්ඨායිතායපි මච්චානං ජීවිතං කිච්ඡං. අනෙකෙසුපි කප්පෙසු ධම්මදෙසකස්ස පුග්ගලස්ස දුල්ලභතාය සද්ධම්මස්සවනම්පි කිච්ඡං. මහන්තෙන වායාමෙන අභිනීහාරස්ස සමිජ්ඣනතො සමිද්ධාභිනීහාරස්ස ච අනෙකෙහිපි කප්පකොටිසහස්සෙහි දුල්ලභුප්පාදතො බුද්ධානං උප්පාදොපි කිච්ඡොයෙව, අතිවිය දුල්ලභොති.
මෙහි අරුත මහත් උත්සාහයෙන් මහත් කුශලයෙන් ලැබියයුතු නිසා මනුෂ්යත්ම ප්‍රතිලාභය නම් කිච්ඡො දුල්ලභො - කෘත්‍යය අපහසුය. දුලබය. නිතර කෘෂි කර්මාන්තාදිය කොට ජීවිත වෘත්තිය සකසා ගැනීම නිසා මච්චානං ජීවිතං කිච්ඡං ජීවිතය අපහසුය. නොයෙක් කල්පවල ධර්මය දේශනා කරන පුද්ගලයන්ගේ අඩුබව නිසා දුර්ලභ නිසා සද්ධම්ම සවණම්පි කිච්ඡං - ධර්මය ඇසීම ද අපහසුය මහත් ව්‍යායාමයෙන් - අභිනීහාර සමෘද්ධියෙන් සමෘද්ධිමත් වු අභිනීහාරයෙන් අපමණ කෝටි දහස් කල්පයකින් බුද්ධොත්පාදය දුර්ලභය. කිච්ඡ නම් - අතිශයින්ම දුර්ලභය. බුද්ධානං උප්පාදො කෘත්‍යයන් අතුරෙන් අතිශය දුර්ලභ කෘත්‍යයයි.
දෙසනාවසානෙ චතුරාසීතියා පාණසහස්සානං ධම්මාභිසමයො අහොසි. නාගරාජාපි තංදිවසං සොතාපත්තිඵලං ලභෙය්ය, තිරච්ඡානගතත්තා පන නාලත්ථ. සො යෙසු පටිසන්ධිගහණතචජහනවිස්සට්ඨනිද්දොක්කමනසජාතියාමෙථුනසෙවනචුතිසඞ්ඛාතෙසු පඤ්චසු ඨානෙසු නාගසරීරමෙව ගහෙත්වා කිලමන්ති, තෙසු අකිලමනභාවං පත්වා මාණවරූපෙනෙව විචරිතුං ලභතීති.
දේශනයේ කෙළවර අසුහතර දහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය විය. නාරජුද එදින සෝවාන් ඵලයට පත්වන්නට තිබුනි. තිරිසන් ගතිය නිසා එය නොලැබුනි. ඔහු හම හැව ඇරිම - නිදා ගැනීම මෙථුන සේවනය - චුතිය යන අවස්ථා පහේදි නාග සිරුරම ගෙන පීඩාවට පත්වේ. එම නොමැතිවිට තරුණයෙකුගේ රූපයෙන් හැසිරිමට අවස්ථාව ලැබේ.
එරකපත්තනාගරාජවත්ථු තතියං.