යෙදුමෙන් කියවන්න

5-7. ආනන්‍දත්‍ථෙරපඤ‍්හවත්‍ථු අට‍්ඨකථා

5-7. ආනන්‍දත්‍ථෙරපඤ‍්හවත්‍ථු

5-7. ආනන්ද තෙරුන්ගේ උපොසථ ප්‍රශ්න පුවත

සබ‍්බපාපස‍්ස අකරණන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ආනන්‍දත්‍ථෙරස‍්ස පඤ‍්හං ආරබ‍්භ කථෙසි.

“සබ්බ පාපස්ස අකරණං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ජේතවන විහාරස්ථානයේ වැඩසිටිය දී ආනන්ද තෙරුන්ගේ ප්‍රශ්නයක් අරමුණු කරගෙන දේශනා කළහ.

ථෙරො කිර දිවාට‍්ඨානෙ නිසින‍්නො චින‍්තෙසි – “සත්‍ථාරා සත‍්තන‍්නං බුද‍්ධානං මාතාපිතරො ආයුපරිච‍්ඡෙදො බොධි සාවකසන‍්නිපාතො අග‍්ගසාවකසන‍්නිපාතො අග‍්ගසාවකඋපට‍්ඨාකොති ඉදං සබ‍්බං කථිතං, උපොසථො පන අකථිතො, කිං නු ඛො තෙසම‍්පි අයමෙව උපොසථො, අඤ‍්ඤො”ති? සො සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා තමත්‍ථං පුච‍්ඡි. යස‍්මා පන තෙසං බුද‍්ධානං කාලභෙදොව අහොසි, න කථාභෙදො. විපස‍්සී සම‍්මාසම‍්බුද‍්ධො හි සත‍්තමෙ සත‍්තමෙ සංවච‍්ඡරෙ උපොසථං අකාසි. එකදිවසං දින‍්නොවාදොයෙව හිස‍්ස සත‍්තන‍්නං සංවච‍්ඡරානං අලං හොති. සිඛී චෙව වෙස‍්සභූ ච ඡට‍්ඨෙ ඡට‍්ඨෙ සංවච‍්ඡරෙ උපොසථං කරිංසු, කකුසන්‍ධො කොණාගමනො ච සංවච‍්ඡරෙ සංවච‍්ඡරෙ. කස‍්සපදසබලො ඡට‍්ඨෙ ඡට‍්ඨෙ මාසෙ උපොසථං අකාසි. එකදිවසං දින‍්නොවාදො එව හිස‍්ස ඡන‍්නං මාසානං අලං අහොසි. තස‍්මා සත්‍ථා තෙසං ඉමං කාලභෙදං ආරොචෙත්‍වා “ඔවාදගාථා පන නෙසං ඉමායෙවා”ති වත්‍වා සබ‍්බෙසං එකමෙව උපොසථං ආවි කරොන‍්තො ඉමා ගාථා අභාසි –

තෙරුන් වහන්සේ දිවා ස්ථානයේ සිටිමින් මෙසේ සිතූහ. බුදුරජාණන් වහන්සේ විසින් සම්බුදුවරයන්ගේ දෙමාපියෝ, ආයුෂ ප්‍රමාණය, බෝධිය, ශ්‍රාවක සන්නිපාත, අග්‍රශ්‍රාවකයින්, උපස්ථායක, මේ සියල්ල පවසා තිබේ. උපොසථය කියා නැත. මෙයට හේතුව කුමක්ද? ඒ උතුමන්ගේ මේ උපෝසථයද අනෙකක්දැයි උන්වහන්සේ බුදුන්වෙත එළඹ මේ කරුණ විමසුහ. යම් සේ ඒ බුදුවරයින්ගේ කාලභේදය පමණක් ද ගාථා භේදයක් නොවීද? විපස්සි බුදුරජාණන් වහන්සේ වසර හතකට වරක් උපෝසථය කළහ. එක් දිනෙක දෙනලද අවවාදය වසර 7කට යෝග්‍ය වේ. සිබි හා වෙස්සභූ බුදුවරු වසර 6කට වරක් උපොසථය කළහ. කකුසඳ කෝණාගම බුදුවරු වසරක් පාසා ද කාශ්‍යප බුදුහු මාස 6කට වරක් උපෝසථය කළහ. එක් දිනෙක දෙන ලද අවවාදය මාස හයකට ප්‍රමාණවත්වීය. මේ නිසා බුදුරජාණන් වහන්සේ කාල ප්‍රභේද පවසා සියල්ලගේ උපෝසථ එකම උපෝසථයක් කරමින් මේ ගාථාව පැවසුහ.

“සබ‍්බපාපස‍්ස අකරණං, කුසලස‍්ස උපසම‍්පදා; සචිත‍්තපරියොදපනං, එතං බුද‍්ධාන සාසනං.

නො කරනු පවක් දිවි හිමියෙන් කිසි විටෙක රැස් කළ මැනවි දස කුසලම හැම දිනක පිරිසිදු කරනු සිත - සිතිවිලි හැම තැනක බුදු අනුසසුන මෙය පිහිටනු මැන සිතක

“ඛන‍්තී පරමං තපො තිතික‍්ඛා, නිබ‍්බානං පරමං වදන‍්ති බුද‍්ධා; න හි පබ‍්බජිතො පරූපඝාතී, න සමණො හොති පරං විහෙඨයන‍්තො.

තවුසන්ගේ ගුණය ඉවසුම නමැති දෙයයි නිවනම සුවය බව තුන්බුදුවරුම කියයි අන් පණ නසන්නා පිරිවැජියකුද සැකයි වයිරය සිත ඇතොත් ඔහු මහණෙකුද නොවෙයි

“අනූපවාදො අනූපඝාතො, පාතිමොක‍්ඛෙ ච සංවරො; මත‍්තඤ‍්ඤුතා ච භත‍්තස‍්මිං, පන‍්තඤ‍්ච සයනාසනං; අධිචිත‍්තෙ ච ආයොගො, එතං බුද‍්ධාන සාසන”න‍්ති.

දෑ කුල බෙයින් අන් අය පහතට නොහෙළා පාමොක් දෙසා සංවර සීලය රැකලා වැඩිපුර නොකා සමවත් මග පල ලබලා සැනසුම, මහණකම බව ඇත බුදුහිමි දෙසලා

සියළු පව් නොකිරීම කුසල් රැස් කිරිම තම සිත පිරිසිදුව තබාගැනීම මෙය බුදුවරුන්ගේ අනුශාසනයයි

ඉවසීම පරම තපසයි. බුදුවරු නිවන පරම සුවය ලෙසට දක්වති. පැවිදිවරු අන්අය ඝාතනය නොකරති අන් අයට හිංසා කිරිම පැවිද්දෝ නොකරති.

චෝදනා නැගීම පරපණ නැසීම නොකරති. ප්‍රාතිමෝක්ෂ සංවරය, භෝජනයේ ප්‍රමාණය දැනගැනීම විචික්ත සෙනසුන් ඇසුර අධිචිත්තය වැඩිමේ ගති බුදුන්ගේ අනුශාසනයයි.

තත්‍ථ සබ‍්බපාපස‍්සාති සබ‍්බස‍්ස අකුසලකම‍්මස‍්ස. උපසම‍්පදාති අභිනික‍්ඛමනතො පට‍්ඨාය යාව අරහත‍්තමග‍්ගා කුසලස‍්ස උප‍්පාදනඤ‍්චෙව උප‍්පාදිතස‍්ස ච භාවනා. සචිත‍්තපරියොදපනන‍්ති පඤ‍්චහි නීවරණෙහි අත‍්තනො චිත‍්තස‍්ස වොදාපනං. එතං බුද‍්ධාන සාසනන‍්ති සබ‍්බබුද‍්ධානං අයමනුසිට‍්ඨි.

එහි සබ්බපාපස්සති - සියළු අකුශල කර්මයි. උපසම්පදා - අභිනිෂ්ක්‍රමණයේ සිට අර්හත් මග දක්වා කුසල් ඉපදවීම. උපන් කුසල වැඩීම අදහස් කෙරේ. අනුපවාදෝ - යනු උපවාද රහිත වීම ම අනුපවාදයයි. අනුපඝාතො යනු අනුන්ට පහර නොදීමම අනුපඝාතයයි. සචිත්ත පරියොදපනං පංචනීවරණයන් දුරුකොට තමන්ගේ සිත තුළ පිරිසිදුකම ඇතිකරලීමයි. එතං බුද්ධාන සාසනං - මෙය සියළු බුදුවරයාගේ අනුශාසනයයි.

ඛන‍්තීති යා එසා තිතික‍්ඛාසඞ‍්ඛාතා ඛන‍්තී නාම, ඉදං ඉමස‍්මිං සාසනෙ පරමං උත‍්තමං තපො. නිබ‍්බානං පරමං වදන‍්ති බුද‍්ධාති බුද‍්ධා ච පච‍්චෙකබුද‍්ධා ච අනුබුද‍්ධා චාති ඉමෙ තයො බුද‍්ධා නිබ‍්බානං උත‍්තමන‍්තී වදන‍්ති. න හි පබ‍්බජිතොති පාණිආදීහි පරං අපහනන‍්තො විහෙඨෙන‍්තො පරූපඝාතී පබ‍්බජිතො නාම න හොති. න සමණොති වුත‍්තනයෙනෙව පරං විහෙඨයන‍්තො සමණොපි න හොතියෙව .

ඛන්ති - යම් ඒ ඉවසීම සංඛ්‍යාත ක්ෂාන්තිය පරමං උතුම් තපො තපසයි නිබ්බාණං පරමං වදන්ති බුද්ධො බුදු පසේ බුදු අනුබුදු යන තුන් බුදුවරු නිවන උතුම් යයි පවසති. නහි පබ්බජිතො - පැවිදි අය අත් ආදියෙන් පරං අන් අය උපහනන්තො වෙහෙසට පත් නොකරති. සාතනය නොකරති. පරූපඝාති අන් අයට උපවාද නොකරති. ඝාතනය නොකරති. සමණො - ශ්‍රමණයෝද පෙර කී අයුරින් අනුන් වෙහෙසට පත් නොකරති.

අනූපවාදොති අනූපවාදනඤ‍්චෙව අනූපවාදාපනඤ‍්ච. අනූපඝාතොති අනූපඝාතනඤ‍්චෙව අනූපඝාතාපනඤ‍්ච. පාතිමොක‍්ඛෙති ජෙට‍්ඨකසීලෙ. සංවරොති පිදහනං. මත‍්තඤ‍්ඤුතාති මත‍්තඤ‍්ඤුභාවො පමාණජානනං. පන‍්තන‍්ති විවිත‍්තං. අධිචිත‍්තෙති අට‍්ඨසමාපත‍්තිසඞ‍්ඛාතෙ අධිචිත‍්තෙ. ආයොගොති පයොගකරණං. එතන‍්ති එතං සබ‍්බෙසං බුද‍්ධානං සාසනං. එත්‍ථ හි අනූපවාදෙන වාචසිකං සීලං කථිතං, අනූපඝාතෙන කායිකසීලං, “පාතිමොක‍්ඛෙ ච සංවරො”ති සීලං කථිතං, අනූපඝාතෙන කායිකසීලං, “පාතිමොක‍්ඛෙ ච සංවරො”ති ඉමිනා පාතිමොක‍්ඛසීලඤ‍්චෙව ඉන්‍ද්‍රියසංවරඤ‍්ච, මත‍්තඤ‍්ඤුතාය ආජීවපාරිසුද‍්ධි චෙව පච‍්චයසන‍්නිසිතසීලඤ‍්ච, පන‍්තසෙනාසනෙන සප‍්පායසෙනාසනං, අධිචිත‍්තෙන අට‍්ඨ සමාපත‍්තියො. එවං ඉමාය ගාථාය තිස‍්සොපි සික‍්ඛා කථිතා එව හොන‍්තීති.

[missing trans] පාතිමොක්ඛ යනු - ජ්‍යෙෂ්ඨ සීලයයි සංවරොති සංවරය නම් වසා තැබීමයි මත්තඤ්ඤතා - මාත්‍රඥතාව නම් පමණ දැනගැනීමයි. පන්තං යනු විවේකයයි. අධිචිත්ත යනු අෂ්ඨසමාපත්ති සංඛ්‍යාත අධි විත්තයයි. ආයොගො - පයොගකරණයයි. අනුපවාදන නම් වාචසික සීලයයි. අනුපඝාත කායික සීලයයි. පාති මොක්ඛෙව සංවර නම් ප්‍රාතිමෝක්ෂ සීලය මෙන්ම ඉන්ද්‍රිය සංවරයයි. පමණ දැනීම සුදුසු සෙනසුන් ඇසුර අධිචිත්ත නම් අෂ්ඨ සමාපත්තියි මෙයින් ත්‍රිශික්ෂා කියැවේ.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දෙසුම අවසන බොහෝදෙන සෝවාන් ආදී ඵලයන්ට පත්වූහ.

ආනන්‍දත්‍ථෙරපඤ‍්හවත්‍ථු චතුත්‍ථං.