8-9. අනභිරතභික්ඛුවත්ථු අට්ඨකථා
8-9. අනභිරතභික්ඛුවත්ථු
8-9. උකටලී භික්ෂුව පිළිබඳ කථා පුවත
න කහාපණවස්සෙනාති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං අනභිරතභික්ඛුං ආරබ්භ කථෙසි.
“න කහාපන වස්සෙන ” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී එක් උකටලී වූ භික්ෂුවක් නිමිති කරගෙන දේශනා කළහ.
සො කිර සාසනෙ පබ්බජිත්වා ලද්ධූපසම්පදො “අසුකට්ඨානං නාම ගන්ත්වා උද්දෙසං උග්ගණ්හාහී”ති උපජ්ඣායෙන පෙසිතො තත්ථ අගමාසි. අථස්ස පිතුනො රොගො උප්පජ්ජි. සො පුත්තං දට්ඨුකාමො හුත්වා තං පක්කොසිතුං සමත්ථං කඤ්චි අලභිත්වා පුත්තසොකෙන විප්පලපන්තොයෙව ආසන්නමරණො හුත්වා “ඉදං මෙ පුත්තස්ස පත්තචීවරමූලං කරෙය්යාසී”ති කහාපණසතං කනිට්ඨස්ස හත්ථෙ දත්වා කාලමකාසි. සො දහරස්ස ආගතකාලෙ පාදමූලෙ නිපතිත්වා පවට්ටෙන්තො රොදිත්වා, “භන්තෙ, පිතා තෙ විප්පලපන්තොව කාලකතො, මය්හං පන තෙන කහාපණසතං හත්ථෙ ඨපිතං, තෙන කිං කරොමී”ති ආහ. දහරො “න මෙ කහාපණෙහි අත්ථො”ති පටික්ඛිපිත්වා අපරභාගෙ චින්තෙසි – “කිං මෙ පරකුලෙසු පිණ්ඩාය චරිත්වා ජීවිතෙන, සක්කා තං කහාපණසතං නිස්සාය ජීවිතුං, විබ්භමිස්සාමී”ති. සො අනභිරතියා පීළිතො විස්සට්ඨසජ්ඣායනකම්මට්ඨානො පණ්ඩුරොගී විය අහොසි. අථ නං දහරසාමණෙරා “කිං ඉද”න්ති පුච්ඡිත්වා “උක්කණ්ඨිතොම්හී”ති වුත්තෙ ආචරියුපජ්ඣායානං ආචික්ඛිංසු. අථ නං තෙ සත්ථු සන්තිකං නෙත්වා සත්ථු දස්සෙසුං. සත්ථා “සච්චං කිර ත්වං උක්කණ්ඨිතො”ති පුච්ඡිත්වා, “ආම, භන්තෙ”ති වුත්තෙ “කස්මා එවමකාසි, අත්ථි පන තෙ කොචි ජීවිතපච්චයො”ති ආහ. “ආම, භන්තෙ”ති. “කිං තෙ අත්ථී”ති? “කහාපණසතං, භන්තෙ”ති. තෙන හි කත්ථචි තාව සක්ඛරා ආහර, ගණෙත්වා ජානිස්සාම “සක්කා වා තාවත්තකෙන ජීවිතුං, නො වා”ති. සො සක්ඛරා ආහරි. අථ නං සත්ථා ආහ – “පරිභොගත්ථාය තාව පණ්ණාසං ඨපෙහි, ද්වින්නං ගොණානං අත්ථාය චතුවීසති, එත්තකං නාම බීජත්ථාය, යුගනඞ්ගලත්ථාය, කුද්දාලවාසිඵරසුඅත්ථායා”ති එවං ගණියමානෙ තං කහාපණසතං නප්පහොති. අථ නං සත්ථා “භික්ඛු තව කහාපණා අප්පකා, කථං එතෙ නිස්සාය තණ්හං පූරෙස්සසි, අතීතෙ කිර චක්කවත්තිරජ්ජං කාරෙත්වා අප්ඵොටිතමත්තෙන ද්වාදසයොජනට්ඨානෙ කටිප්පමාණෙන රතනවස්සං වස්සාපෙතුං සමත්ථො යාව ඡත්තිංස සක්කා චවන්ති, එත්තකං කාලං දෙවරජ්ජං කාරෙත්වාපි මරණකාලෙ තණ්හං අපූරෙත්වාව කාලමකාසී”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරිත්වා මන්ධාතුජාතකං (ජා· 1.3.22) විත්ථාරෙත්වා –
ඔහු ශාසනයේ පැවිදි වී උපසම්පදා වී අසවල් තැනට ගොස් ඉගෙන ගන්නැයි උපධ්‍යායන් විසින් යවන ලද්දේ එතැනට ගියේය. ඉක්බිති පියාට රෝගයක් ඇතිවිය. ඔහු පුතා දකිනු කැමතිව ඔහුව කැඳවීමට සමත් කිසිවෙක් නොලැබ දරුදුකින් හඬමින් ම මරණාසන්න වී මෙය මගේ පුතාට පාසිවුරු ගැනීමට යොදන්නයි කහවණු සියයක් බාල දරුවා අත තබා කළුරිය කළේය. ඔහු වැඩිමල් සහෝදර භික්ෂුව පැමිණි විට පාමුල වැටී පෙරළී අඩා ස්වාමීනි අපේ පියා වැළපෙමින් ම මියගියේ ය. මා අත ඔහු විසින් කහවණු සියයක් අතේ තබන ලදි. ඉන් කුමක් කරන්නේදැයි විමසීය. දහර භික්ෂුව මට කහවණුවලින් අර්ථයක් නැතැයි ප්‍රතික්ෂේප කර පසුව සිතුවේය. මම මෙලෙස අනුන්ගේ ගෙදොර පිඬු පිණිස ගොස් ජිවත් වීමෙන් වැඩක් වේද? මේ කහවණු සියයෙන් ජීවත් විය හැකිදැයි විමතියට පත්ව ඔහු අනභිරතියෙන් පෙළී විසිරුණු ඉගෙනීම් බණදහම් කීම්, කමටහන් වැඩිම් ආදියෙහිදී, පාණ්ඩු රෝගියෙකු ලෙස සුදුමැලි විය. අනතුරුව කුඩා සාමණේරවරු මෙසේ වැහැරුනේ කුමක් නිසාදැයි විමසා උකටලී වුයෙමි යි කීවිට ආචාර්ය උපාධ්‍යයන්ට දැනුම් දුන්හ. ඉක්බිති ඒ ගුරුවරු ඔහු බුදුන් වෙත කැඳවාගෙන ගොස් බුදුන් දැක්වූහ. බුදුහු ඔබ උකටලීව සිටීම සැබෑදැයි විමසුහ. ඇත්තයයි පැවසුවිට ඔබ එලෙස කිරිමට හේතුව කුමක්ද? ඔබට ජීවත් වීමට කිසිවක් ඇත්දැයි විමසුවිට ස්වාමීනි ඇත. ඔබට තිබෙන්නේ කුමක්ද? ස්වාමීනි කහවණු සියයක් එසේ නම් එක්තැනකින් ගල්කැට ටිකක් අරගෙන එන්න. ගණනය කර දැනගනිමු මේ කහවණු සියයෙන් ජීවත්විය හැකිද නොහැකිද යන්න සොයා බලමු. පරිභෝගය සඳහා පනහක් වෙන්කරන්න. දෙගුණයක් ගොනුන් මිළදී ගැනීමට වෙන්කරන්න. විසි හතරක් බීජ ගැනීමට වෙන්කරන්න. විස වියගස් නගුල් සඳහා වෙන්කරන්න. උදළු වෑ පොරෝ සඳහා වෙන් කරනවිට මෙලෙසට වියදම් ගණනය කරනවිට කහවණු සියය ප්‍රමාණවත් නොවේ. අනතුරුව බුදුහු මහණ ! ඔබගේ කහවණු ස්වල්පය කෙසේ නම් තෘෂ්ණාව පුරන්නේද? අතීතයේ දි සක්විති රාජ්‍යය කර අත්පුඩි ගැසීම් පමණකින් යොදුන් දොළසක් දුර උකුළ ප්‍රමාණයට රන් වර්ෂා වැස්සවීමට සමර්ථ වු සක්විති රජු. සක්විති රජකමට වඩා ශක්‍ර සම්පත් උතුමැයි සිතා, ශක්‍රයාව ඉපිද, සතියක් ශක්‍රයගේ ආයු කාලය කලක් දේවරාජ්‍යය කර මරණ අවස්ථාවේදී තණ්හාව සම්පුර්ණ නොකරම කළුරිය කළේයයි පවසා ඔහුගේ ඉල්ලීම අනුව අතීත මහාමන්ධාතු ජාතකය විස්තර කර පැවසීය.
“යාවතා චන්දිමසූරියා පරිහරන්ති, දිසා භන්ති විරොචනා; සබ්බෙව දාසා මන්ධාතු, යෙ පාණා පථවිස්සිතා”ති. –
යම්තාක් සඳ හිරු දෙදෙනා දිසාවන්හි පැතිර බබළයිද ඒසා විශාල ප්‍රදේශයක සියළු ප්‍රාණීහු දාසයෝ වුහ.
ඉමිස්සා ගාථාය අනන්තරා ඉමා ද්වෙ ගාථා අභාසි –
මෙයින් අනතුරුව ගාථා දෙකක් පැවසුහ.
“න කහාපණවස්සෙන, තිත්ති කාමෙසු විජ්ජති; අප්පස්සාදා දුඛා කාමා, ඉති විඤ්ඤාය පණ්ඩිතො.
කහවණු වැස්සෙන් ද කාමයන්හි තෘප්තියක් ඇති නොවේ. කාමයෝ මද සැප ඇතියෝය. බොහෝ දුක් ඇත්තෝය.
“අපි දිබ්බෙසු කාමෙසු, රතිං සො නාධිගච්ඡති; තණ්හක්ඛයරතො හොති, සම්මාසම්බුද්ධසාවකො”ති.
නුවණැත්තෝ මෙසේ දැනගෙන දිව්‍ය කාම සම්පත්තීන්හි ද ඇල්මකට නොපැමිණ, බුද්ධ ශ්‍රාවක තෙමේ නිවනෙහි ඇලුණෙක් වේ.
මිනිසකු සිතෙහි ඇති වන වස්තු කාමය වැස්සන් සත් රුවන් ඉන් ඇති නොවේමය පස්කම් සැපත නම් මද සුව ගෙනේමය බුදුබණ දහම පිළිපැදි අය තිවේමය
තත්ථ කහාපණවස්සෙනාති යං සො අප්ඵොටෙත්වා සත්තරතනවස්සං වස්සාපෙසි, තං ඉධ කහාපණවස්සන්ති වුත්තං. තෙනපි හි වත්ථුකාමකිලෙසකාමෙසු තිත්ති නාම නත්ථි. එවං දුප්පූරා එසා තණ්හා. අප්පස්සාදාති සුපිනසදිසතාය පරිත්තසුඛා. දුඛාති දුක්ඛක්ඛන්ධාදීසු ආගතදුක්ඛවසෙන පන බහුදුක්ඛාව. ඉති විඤ්ඤායාති එවමෙතෙ කාමෙ ජානිත්වා. අපි දිබ්බෙසූති සචෙ හි දෙවානං උපකප්පනකකාමෙහි නිමන්තෙය්යාපි ආයස්මා සමිද්ධි විය එවම්පි තෙසු කාමෙසු රතිං න වින්දතියෙව. තණ්හක්ඛයරතොති අරහත්තෙ චෙව නිබ්බානෙ ච අභිරතො හොති, තං පත්ථයමානො විහරති. සම්මාසම්බුද්ධසාවකොති සම්මාසම්බුද්ධෙන දෙසිතස්ස ධම්මස්ස සවනෙන ජාතො යොගාවචරභික්ඛූති.
න කහපණ වස්සේන - එහි කහාපණ වස්සේන යනු - හෙතෙමේ අපොළසන් ගසා සරුවැස්සක් වසවයි එය කහවණු වැස්සක් යයි කියයි ඒ විසින්ද වස්තුකාම ක්ලේශ කාමයෙන් තෘප්තියක් නම් නොවීය. තෘෂ්ණාව පිරීම අපහසුය. අප්පස්සාදා යනු සිහින හා සමාන අල්ප සුවයකි. දුක්ඛා යනු දුක්ඛක්ඛාන්ධ ආදියේ ආවාවු දුක් ලෙස දක්වන බොහෝ දුක් වේ ඉති විඤ්ඤායා යනු මෙලෙස කාමය දැන අපි දිබ්බෙසු යනු යම්සේ දෙවියන් පිළිබඳ ලබන කාමයන්හි ආරාධනයක් ඇත ද ආයුෂ්මත් සමිද්ධි තෙරුන් මෙන් ඒ කාමච්ඡන්දයන්හිද රතියක් ඇල්මක් නැත නො විඳින්මය. තණ්හක්ඛයරතො තෘෂ්ණා ක්ෂය කිරීමේ රතිය නම් අර්හත්වයේ මෙන්ම නිවනේද? ඇලුනේ එය පතමින් වාසය කරයි. සම්මාසම්බුද්ධ සාවකො සම්මා සම්බුද්ධයන් වහන්සේ විසින් දේශිත ධර්මය ඇසීමෙන් බිහිවූ යෝගාවචර භික්ෂුවයි.
දෙසනාවසානෙ සො භික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි, සම්පත්තපරිසායපි සාත්ථිකා ධම්මදෙසනා අහොසීති.
දේශනය අවසන ඒ භික්ෂුව සෝවාන් ඵලයේ පිහිටියේය. පැමිණි පිරිසටද එම දෙසුම සාර්ථක විය.
අනභිරතභික්ඛුවත්ථු පඤ්චමං.