10-14. අග්ගිදත්තබ්රාහ්මණවත්ථු අට්ඨකථා
10-14. අග්ගිදත්තබ්රාහ්මණවත්ථු
10-14. අග්ගි දත්ත බමුණන්ගේ කථා පුවතයි.
බහුං වෙ සරණං යන්තීති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො වාලිකරාසිම්හි නිසින්නං අග්ගිදත්තං නාම කොසලරඤ්ඤො පුරොහිතං ආරබ්භ කථෙසි.
“බහු වෙ සරණං යන්ති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී කොසොල් රජුගේ අග්ගිදත්ත නම් පුරෝහිත බමුණා වැලි ගොඩක් ඇසුරු කරමින් සිටි අවදියේ ඔහු ආරම්භ කොට වදාළසේක.
සො කිර මහාකොසලස්ස පුරොහිතො අහොසි. අථ නං පිතරි කාලකතෙ රාජා පසෙනදි කොසලො “පිතු මෙ පුරොහිතො”ති ගාරවෙන තස්මිංයෙව ඨානෙ ඨපෙත්වා තස්ස අත්තනො උපට්ඨානං ආගතකාලෙ පච්චුග්ගමනං කරොති, “ආචරිය, ඉධ නිසීදථා”ති සමානාසනං දාපෙසි. සො චින්තෙසි –
ඔහු වනාහි මහ කොසොල් රජුගේ පුරෝහිත විය. කොසොල් රජුගේ පිය රජුගේ පුරෝහිතයා වූයේ මේ පුරෝහිතයාගේ පියා ය. (ඒ දෙදෙනාම නැතිවීමෙන් පසුව) එයට ගරු කිරීමක් වශයෙන් කොසොල් රජු මොහු ඒ තනතුරෙහි පිහිටුවීය. ඔහු තමන් වෙත උවටැනට එන විට දී රජු පෙරගමන් කරයි. ඇඳුරුතුමනි මෙහි වාඩිවෙන්නැයි සමාන අසුනක් තැබවීම කරවයි. ඔහු මෙසේ සිතුවේය.
“අයං රාජා මයි අතිවිය ගාරවං කරොති, න ඛො පන රාජූනං නිච්චකාලමෙව සක්කා චිත්තං ගහෙතුං. සමානවයෙනෙව හි සද්ධිං රජ්ජසුඛං නාම සුඛං හොති, අහඤ්චම්හි මහල්ලකො, පබ්බජිතුං මෙ යුත්ත”න්ති. සො රාජානං පබ්බජ්ජං අනුජානාපෙත්වා නගරෙ භෙරිං චරාපෙත්වා සත්තාහෙන සබ්බං අත්තනො ධනං දානමුඛෙ විස්සජ්ජෙත්වා බාහිරකපබ්බජ්ජං පබ්බජි. තං නිස්සාය දස පුරිසසහස්සානි අනුපබ්බජිංසු. සො තෙහි සද්ධිං අඞ්ගමගධානඤ්ච කුරුරට්ඨස්ස ච අන්තරෙ වාසං කප්පෙත්වා ඉමං ඔවාදං දෙති, “තාතා, යස්ස කාමවිතක්කාදයො උප්පජ්ජන්ති, සො නදිතො එකෙකං වාලුකපුටං උද්ධරිත්වා ඉමස්මිං ඔකිරතූ”ති. තෙ “සාධූ”ති පටිස්සුණිත්වා කාමවිතක්කාදීනං උප්පන්නකාලෙ තථා කරිංසු. අපරෙන සමයෙන මහාවාලුකරාසි අහොසි, තං අහිඡත්තො නාම නාගරාජා පටිග්ගහෙසි. අඞ්ගමගධවාසිනො චෙව කුරුරට්ඨවාසිනො ච මාසෙ මාසෙ තෙසං මහන්තං සක්කාරං අභිහරිත්වා දානං දෙන්ති. අථ නෙසං අග්ගිදත්තො ඉමං ඔවාදං අදාසි – “පබ්බතං සරණං යාථ, වනං සරණං යාථ, ආරාමං සරණං යාථ, රුක්ඛං සරණං යාථ, එවං සබ්බදුක්ඛතො මුච්චිස්සථා”ති. අත්තනො අන්තෙවාසිකෙපි ඉමිනා ඔවාදෙන ඔවදි.
මේ රජු මට බෙහෙවින් ගෞරව පුදකරයි. එහෙත් නිතරම රජවරුන්ගේ සිත් ගැනීම පහසු නොවේ. සමාන වයස් ඇත්තේ නම් රාජ්‍ය සැප නියම සැපය වේ. මා වනාහි දැන් මහළුය. ඒ නිසා පැවිදිවීමට යෝග්‍යය ඔහු රජුගෙන් අනුමැතිය ලබාගෙන නගරයේ බෙර හසුරුවා දින හතකින් සියළු ධනය පරිත්‍යාග කර බාහිර පැවිද්දන් පැවිදි විය. මේ නිසා දස දහසක් පුරුෂයෝ ඔහු අනුව පැවිදි වුහ. ඔහු ඔවුන් සමග අංග මගධ හා කුරු රට අතර වාසය කරමින් මේ අවවාදය දෙයි. දරුවනි ! යම් කෙනෙකුට කාම විතර්ක ආදිය ඇතිවේද? ඔහු වහා එකිනෙකා වැලි ගොටුවක් බැගින් මේ ස්ථානයේ විසිරවන්න. ඔවුහු යහපතැයි පිළිවදන් දී කාම විතර්ක ආදිය ඇතිවු විට එලෙස වැලිගොඩ ගැසුහ. පසු කාලයේ දී මහා වැලි ගොඩක් ඇතිවීය. ඒ වැලිගොඩ අභිච්ඡත්ත නම් නාගරාජයෙක් අල්ලා ගත්තේය. අංග මගධ හා කුරුරට වාසීහු ද මසක් පසා ඔවුන්ට මහත් සත්කාර දක්වා දන් දෙති. ඉක්බිති ඔවුන්ට අග්ගිදත්ත මේ අවවාදය දුන්නේය. පර්වත සරණ වනසරණ යව් හැසිරෙවු. ආරාම සරණයවු. ගස් සරණ යමු. මෙලෙස සියළු දුක්වලින් මිදෙමු. තම තමන්ගේ අන්තේවාසිකයන්ට ද මේ අවවාද දෙව්
බොධිසත්තොපි කතාභිනික්ඛමනො සම්මාසම්බොධිං පත්වා තස්මිං සමයෙ සාවත්ථිං නිස්සාය ජෙතවනෙ විහරන්තො පච්චූසකාලෙ ලොකං වොලොකෙන්තො අග්ගිදත්තබ්රාහ්මණං සද්ධිං අන්තෙවාසිකෙහි අත්තනො ඤාණජාලස්ස අන්තො පවිට්ඨං දිස්වා “සබ්බෙපි ඉමෙ අරහත්තස්ස උපනිස්සයසම්පන්නා”ති ඤත්වා සායන්හසමයෙ මහාමොග්ගල්ලානත්ථෙරං ආහ – “මොග්ගල්ලාන, කිං පස්සසි අග්ගිදත්තබ්රාහ්මණං මහාජනං අතිත්ථෙ පක්ඛන්දාපෙන්තං, ගච්ඡ තෙසං ඔවාදං දෙහී”ති. භන්තෙ, බහූ එතෙ, එකකස්ස මය්හං අවිසය්හා. සචෙ තුම්හෙපි ආගමිස්සථ, විසය්හා භවිස්සන්තීති. මොග්ගල්ලාන, අහම්පි ආගමිස්සාමි, ත්වං පුරතො යාහීති. ථෙරො පුරතො ගච්ඡන්තොව චින්තෙසි –
බෝසතාණන් වහන්සේද අභිනිෂ්ක්‍රමණය කොට සම්මා සම්බෝධියට පැමිණ එකල සැවැත් නුවර නිසා දෙව්රම වැඩ වසමින් උදැසන ලොව බලන්නේ අග්ගිදත්ත බ්‍රාහ්මණයා සමග අතවැසි පිරිස තම ඥාණ ජාලයට පිවිසුනි. මේ සියල්ලෝම රහත් ඵලයට හේතු සම්පත් ඇතැයි දැන සවස් වේලේ මහමුගලන් තෙරුන්ට මොග්ගල්ලාන අග්ගිදත්ත බ්‍රාහ්මණ තෙමේ මහජනයා නොතෙරක නො තොටක බස්වන බව ඔබට නොපෙනේද? යන්න ඔවුන්ට අවවාද කරන්න. මම ද පසුව එමි. ඔබ පළමුව යන්න. එවිට මුගලන් තෙරණුවෝ බොහෝ වු මොවුන් එකට පිවිසීම මට විෂය නොවේ. ඔබ වහන්සේද පැමින්නේනම් මට විෂය වේ. මුගලන් මම ද එන්නෙමි. ඔබ පෙරටුව යන්න. තෙරුන් වහන්සේ යන අතරමගදී සිතූහ.
“එතෙ බලවන්තො චෙව බහූ ච. සචෙ සබ්බෙසං සමාගමට්ඨානෙ කිඤ්චි කථෙස්සාමි, සබ්බෙපි වග්ගවග්ගෙන උට්ඨහෙය්යු”න්ති අත්තනො ආනුභාවෙන ථූලඵුසිතකං දෙවං වුට්ඨාපෙසි. තෙ ථූලඵුසිතකෙසු පතන්තෙසු උට්ඨායුට්ඨාය අත්තනො අත්තනො පණ්ණසාලං පවිසිංසු. ථෙරො අග්ගිදත්තස්ස බ්රාහ්මණස්ස පණ්ණසාලද්වාරෙ ඨත්වා “අග්ගිදත්තා”ති ආහ. සො ථෙරස්ස සද්දං සුත්වා “මං ඉමස්මිං ලොකෙ නාමෙන ආලපිතුං සමත්ථො නාම නත්ථි, කො නු ඛො මං නාමෙන ආලපතී”ති මානථද්ධතාය “කො එසො”ති ආහ. “අහං, බ්රාහ්මණා”ති. “කිං වදෙසී”ති? “අජ්ජ මෙ එකරත්තිං ඉධ වසනට්ඨානං ත්වං ආචික්ඛාහී”ති. “ඉධ වසනට්ඨානං නත්ථි, එකස්ස එකාව පණ්ණසාලා”ති. “අග්ගිදත්ත, මනුස්සා නාම මනුස්සානං, ගාවො ගුන්නං, පබ්බජිතා පබ්බජිතානං සන්තිකං ගච්ඡන්ති, මා එවං කරි, දෙහි මෙ වසනට්ඨාන”න්ති. “කිං පන ත්වං පබ්බජිතො”ති? “ආම, පබ්බජිතොම්හී”ති. “සචෙ පබ්බජිතො, කහං තෙ ඛාරිභණ්ඩං, කො පබ්බජිතපරික්ඛාරො”ති. “අත්ථි මෙ පරික්ඛාරො, විසුං පන නං ගහෙත්වා විචරිතුං දුක්ඛන්ති අබ්භන්තරෙනෙව නං ගහෙත්වා විචරාමි, බ්රාහ්මණා”ති. සො “තං ගහෙත්වා විචරිස්සසී”ති ථෙරස්ස කුජ්ඣි. අථ නං සො ආහ – “අම්හෙ, අග්ගිදත්ත, මා කුජ්ඣි, වසනට්ඨානං මෙ ආචික්ඛාහී”ති. නත්ථි එත්ථ වසනට්ඨානන්ති. එතස්මිං පන වාලුකරාසිම්හි කො වසතීති. එකො, නාගරාජාති. එතං මෙ දෙහීති. න සක්කා දාතුං, භාරියං එතස්ස කම්මන්ති. හොතු, දෙහි මෙති. තෙන හි ත්වං එව ජානාහීති.
මොවුන් පිරිස් වශයෙන්ද බලවත් ය පිරිස විශාල ය මේ පිරිසට යමක් කියනවිට සියල්ලෝම වර්ග වර්ග වශයෙන් නැගී සිටිති. අනතුරුව තමන්ගේ ආනුභාවයෙන් පොද පොද වැස්සක් ඇති කළහ. ඔවුහු ටික ටික තෙමෙඳි සිටි තැන්වලින් නැගී සිටිමින් තම තමන්ගේ පන්සල් කුටිවලට පිවිසුණහ. තෙරුන් අග්ගිදත්ත බමුණන්ගේ පන්සල් දොරටුව සිට අග්ගිදත්ත යයි ඇමතූහ. ඔහු තෙරුන්ගේ ශබ්දය අසා මෙලොව මගේ නමින් ඇමතීමට කෙනෙක් නැත. මට නමින් අමතන්නේ කවරෙක්ද? මානයෙන් තද නිසා මොහු කවුදැයි විමසීය. බ්‍රාහ්මණය මම ය. කුමක් කියන්නේද? අද මෙහි එක රැයක් වසන්නට මට ඉඩ දෙන්න. මෙහි රැයක් වසන්නට තැනක් නැත. එක අයෙකුට එක පන්සලක් බැගිනි. අග්ගිදත්ත මිනිස්සු මිනිසුන්ටය, ගවයන් ගවයන්ටය පැවිද්දෝ පැවිදි අයටය, මේ අය ළඟට එති. මට එසේ නොකරන්න. මට වාසය කිරීමට තැනක් දෙන්න. ඔබ පැවිද්දෙක් නම් ඔබේ කත්බඩු කොයිද? කෝ පැවිදි පිරිකර මට පැවිදි පිරිකර තිබේ. වෙන්කරගෙන යාම අපහසු නිසා අභ්‍යන්තරයේ තබාගෙන යමි. බමුණ ඒ පිරිකර නොගෙන යාම පිළිබඳව කිපුනි. අනතුරුව ඔහු මෙයින් වෙන්වී පිටව යන්නැයි කීය. අග්ගිදත්ත මට නොකිපෙන්න මට ඉන්න තැනක් දෙන්න. මෙහි ඉන්නට තැනක් නැත. මේ වැලි ගොඩේ සිටින්නේ කවරෙක්ද? එක් නාගරාජයෙකි. හොඳයි එතැන මට දෙන්න. බැහැ එතැන දීමට නොහැකිය. ඔහුගේ ක්‍රියාම බැරෑරුම්ය. කමක් නැත එය මට දෙන්න. හොඳයි ඔබම එය වගකීම භාරගන්න.
ථෙරො වාලුකරාසිඅභිමුඛො පායාසි. නාගරාජා තං ආගච්ඡන්තං දිස්වා “අයං සමණො ඉතො ආගච්ඡති, න ජානාති මඤ්ඤෙ මම අත්ථිභාවං, ධූමායිත්වා නං මාරෙස්සාමී”ති ධූමායි. ථෙරො “අයං නාගරාජා ‘අහමෙව ධූමායිතුං සක්කොමි, අඤ්ඤෙ න සක්කොන්තී’ති මඤ්ඤෙ සල්ලක්ඛෙතී”ති සයම්පි ධූමායි. ද්වින්නම්පි සරීරතො උග්ගතා ධූමා යාව බ්රහ්මලොකා උට්ඨහිංසු. උභොපි ධූමා ථෙරං අබාධෙත්වා නාගරාජානමෙව බාධෙන්ති. නාගරාජා ධූමවෙගං සහිතුං අසක්කොන්තො පජ්ජලි. ථෙරොපි තෙජොධාතුං සමාපජ්ජිත්වා තෙන සද්ධිංයෙව පජ්ජලි. අග්ගිජාලා යාව බ්රහ්මලොකා උට්ඨහිංසු. උභොපි ථෙරං අබාධෙත්වා නාගරාජානමෙව බාධයිංසු. අථස්ස සකලසරීරං උක්කාහි පදිත්තං විය අහොසි. ඉසිගණො ඔලොකෙත්වා චින්තෙසි – “නාගරාජා, සමණං ඣාපෙති, භද්දකො වත සමණො අම්හාකං වචනං අසුත්වා නට්ඨො”ති. ථෙරො නාගරාජානං දමෙත්වා නිබ්බිසෙවනං කත්වා වාලුකරාසිම්හි නිසීදි. නාගරාජා වාලුකරාසිං භොගෙහි පරික්ඛිපිත්වා කූටාගාරකුච්ඡිපමාණං ඵණං මාපෙත්වා ථෙරස්ස උපරි ධාරෙසි.
තෙරුන් වහන්සේ වැලිගොඩ දෙසට යනවිට නාගරාජයා උන්වහන්සේ දැක මේ ශ්‍රමණයා මෙහි එයි. මම සිටින බව දන්නේ නැතිව ඇති දුම් පිට කර මරමියි කියා දුම්පිට. කළේය. තෙරුන් වහන්සේ මේ නාගරාජයා මට පමණයි දුම් යවන්නට හැකිවන්නේ අන් අයට එය කළ නොහැකි බව සිතයි. මෙසේ සිතා දුම් පිටකළේය උන්වහන්සේ ද දුම් යවන්නට විය. දෙදෙනාගේම සිරුරුවලින් පිටවු දුම් බඹලොව දක්වා පැතුරුනි. මෙම දුම් වලින් තෙරුන්ට බාධාවක් නොවිය. නාගයාටම බාධකයක් විය. නාගරාජයා දුමේ වේගය ඉවසීමට නොහැකිව දිළිසුනි. තෙරුන්ද තේජෝ ධාතුසමාපත්තියට සමවැදී ඔහු සමගම දැනි. එම ගිනි ජාලාව ද බඹලොව දක්වා පැතිරුනි. මුළු සිරුර ගිනි පන්දමක් ලෙසට දැන්නේ විය. ඍෂිවරු සමුහය බලා මෙලෙස සිතූහ. නාරජු ශ්‍රමණයා දවාලයි. යහපත් ශ්රමණයෙකි අපේ වචනය නො අසා විනාශයට පත්විය. තෙරුන් වහන්සේ නාරජු දමනය කර විෂ නසා වැලිගොඩේ හුන්නේය. නා රජු වැලිගොඩ දරණවලින් ඔතා වටකොට ගෙයක කුලුගෙයක් තරම් පෙනයක් මවාගෙන තෙරුන් මුදුනේ දරා සිටියේ ය.
ඉසිගණා පාතොව “සමණස්ස මතභාවං වා අමතභාවං වා ජානිස්සාමා”ති ථෙරස්ස සන්තිකං ගන්ත්වා තං වාලුකරාසිමත්ථකෙ නිසින්නං දිස්වා අඤ්ජලිං පග්ගය්හ අභිත්ථවන්තා ආහංසු – “සමණ, කච්චි නාගරාජෙන න බාධිතො”ති. “කිං න පස්සථ මම උපරිඵණං ධාරෙත්වා ඨිත”න්ති? තෙ “අච්ඡරියං වත භො, සමණස්ස එවරූපො නාම නාගරාජා දමිතො”ති ථෙරං පරිවාරෙත්වා අට්ඨංසු. තස්මිං ඛණෙ සත්ථා ආගතො. ථෙරො සත්ථාරං දිස්වා උට්ඨාය වන්දි. අථ නං ඉසයො ආහංසු – “අයම්පි තයා මහන්තතරො”ති. එසො භගවා සත්ථා, අහං ඉමස්ස සාවකොති.
ඍෂිවරු තෙරුන් මළ නොමළ බව දැනගැනීමට තෙරුන් වෙත ගොස් ඒ වැලිගොඩ මත සිටිනු දැක ඇඳිලි බැඳගෙන ස්තුති කරමින් මෙසේ පැවසුහ. ශ්‍රමණය නාරජුගෙන් පීඩාවක් නොවීද? බාධා නොවීද? ඇයි බලන මොහු මගේ හිසමත පෙණය ධරා සිටින අයුරු ආශ්චර්යයකි. ශ්‍රමණය මෙබඳු දරුණු නාරජු දමනය කළේද? තෙරුන් පිරිවරා ගෙන සිටියහ. එකෙනෙහි බුදුහු වැඩම කළහ. බුදුන් දැක තෙරුන් නැගිට වැන්දේය. අනතුරුව ඍෂිවරු මේ තැනැත්තේ ඔබට වඩා මහත්ද? මේ භාග්‍යවතුන් වහන්සේයි. මම මුන්වහන්සේගේ ශ්‍රාවකයෙකි.
සත්ථා වාලුකරාසිමත්ථකෙ නිසීදි, ඉසිගණො “අයං තාව සාවකස්ස ආනුභාවො, ඉමස්ස පන ආනුභාවො කීදිසො භවිස්සතී”ති අඤ්ජලිං පග්ගය්හ සත්ථාරං අභිත්ථවි. සත්ථා අග්ගිදත්තං ආමන්තෙත්වා ආහ – “අග්ගිදත්ත, ත්වං තව සාවකානඤ්ච උපට්ඨාකානඤ්ච ඔවාදං දදමානො කින්ති වත්වා දෙසී”ති. “එතං පබ්බතං සරණං ගච්ඡථ, වනං ආරාමං රුක්ඛං සරණං ගච්ඡථ. එතානි හි සරණං ගතො සබ්බදුක්ඛා පමුච්චතී”ති එවං තෙසං ඔවාදං දම්මීති. සත්ථා “න ඛො, අග්ගිදත්ත, එතානි සරණං ගතො සබ්බදුක්ඛා පමුච්චති, බුද්ධං ධම්මං සඞ්ඝං පන සරණං ගන්ත්වා සකලවට්ටදුක්ඛා පමුච්චතී”ති වත්වා ඉමා ගාථා අභාසි –
බුදුහු ද වැලි ගොඩේ වැඩසිටියහ. ඍෂිවරු මේ ශ්‍රාවකයාගේ ආනුභාවයි. මුන් වහන්සේගේ ආනුභාවය කෙබඳු වේදැයි ඇඳිලි බැඳ බුදුන්ට ස්තුති කළහ. බුදුහු අග්ගිදත්තට අමතා පැවසුහ. ඔබ ඔබේ ශ්රාවකයින්ට අවවාද දෙන්නේ කුමක් කියා අවවාද දේද ! මේ පර්වතය. මේ වනය මේ ආරාමය, මේ ගස, සරණ යන්නැයි අවවාද දෙමි. එසේ ඒවා සරණ ගොස් සියලු දුක්වලින් මිදෙන්නැයි අවවාද දෙමි. අග්ගිදත්ත එසේ නොවේ. මේවා සරණ ගොස් සියළු දුක්වලින් නොමිදේ බුද්ධ ධම්ම සංඝ සරණ ගොස් සියළු සසර දුකින් මිදෙවයි මේ ගාථාව පැවසුහ.
“බහුං වෙ සරණං යන්ති, පබ්බතානි වනානි ච; ආරාමරුක්ඛචෙත්‍යානි, මනුස්සා භයතජ්ජිතා.
අව් වැසි සුළං ඈ දේකින් බිය පත්වු. සත්වග සසර බිය දැක්මෙන් බිය පත්වූ පරුවත අරම් - මහ සෑ සරණට එක්වු අනුවණයෝ නොයති නිවණට සුව පත්වූ
“නෙතං ඛො සරණං ඛෙමං, නෙතං සරණමුත්තමං; නෙතං සරණමාගම්ම, සබ්බදුක්ඛා පමුච්චති.
මේ සරණ රැකවරණ සහිත වුවක් නොවේ. එය උත්තම සරණක් ද නොවේ. සසර දුකින් මිදීමට මේ සරණ යාමෙන් නුපුළුවන
“යො ච බුද්ධඤ්ච ධම්මඤ්ච, සඞ්ඝඤ්ච සරණං ගතො; චත්තාරි අරියසච්චානි, සම්මප්පඤ්ඤාය පස්සති.
යමෙක් බුදුන් - දහම් - සඟුන් සරණ යන්නේද. චතුරාර්ය සත්‍යය මනා නුවණින් දකින
“දුක්ඛං දුක්ඛසමුප්පාදං, දුක්ඛස්ස ච අතික්කමං; අරියං චට්ඨඞ්ගිකං මග්ගං, දුක්ඛූපසමගාමිනං.
දුකය, දුක ඉපදීමේ හේතුවය, දුක නැති කිරීමය. දුක් නසන්නා වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය,
“එතං ඛො සරණං ඛෙමං, එතං සරණමුත්තමං; එතං සරණමාගම්ම, සබ්බදුක්ඛා පමුච්චතී”ති.
මේ සරණම රැකවරණ සහිතය. එය උතුම් සරණය ම වේ. මේ සරණගොස් (තුනුරුවන්) සියලු දුක්වලින් මිදිය යුතුය.
තත්ථ බහුන්ති බහු. පබ්බතානීති තත්ථ තත්ථ ඉසිගිලිවෙපුල්ලවෙභාරාදිකෙ පබ්බතෙ ච මහාවනගොසිඞ්ගසාලවනාදීනි වනානි ච වෙළුවනජීවකම්බවනාදයො ආරාමෙ ච උදෙනචෙතියගොතමචෙතියාදීනි රුක්ඛචෙත්යානි ච තෙ තෙ මනුස්සා තෙන තෙන භයෙන තජ්ජිතා භයතො මුච්චිතුකාමා පුත්තලාභාදීනි වා පත්ථයමානා සරණං යන්තීති අත්ථො. නෙතං සරණන්ති එතං සබ්බම්පි සරණං නෙව ඛෙමං න උත්තමං, න ච එතං පටිච්ච ජාතිආදිධම්මෙසු සත්තෙසු එකොපි ජාතිආදිතො සබ්බදුක්ඛා පමුච්චතීති අත්ථො.
එහි බහුන්ති - බොහෝ පබ්බතාති - යනු ඒ ඒ තැන පිහිටි ඉසිගිලි වේඵුල්ල වේහාර ආදි පර්වතයෝය. මහාවනය - ගොඩිසිඞ්ග වනය - සාලවනය ආදීයයි. වනානි - වනයන් වෙළුවන, ජීවකම්බවන ආදියයි. ආරාමෙ - (උයන්ද) උදේනි චේතිය - ගෝතම චේතිය ආදියයි රුක්ඛචෛත්යානි යනු වෘක්ෂ චෛත්‍යස්ථාන ද මනුස්සා ඒ ඒ බිය නිසා තජ්ජිත වූ මිනිස්සු තජ්ජිතා බියෙන් මිදෙනු කැමතිව, පුතුන් දරුවන් ලැබීම ආදිය සඳහා. ප්‍රාර්ථනා කරමින් සරණං යන්ති සරණ යති. යන අර්ථයි. නෙතං සරණං යනු මේ සියළු සරණ රැකවරණ සහිත නොවේ. උතුම් නොවේ. මේ සරණ යාම නිසා ජාති ජරා ආදී ධර්මයන්ගෙන් නොමිදේ. යන අර්ථයි
යො චාති ඉදං අඛෙමං අනුත්තමං සරණං දස්සෙත්වා ඛෙමං උත්තමං සරණං දස්සනත්ථං ආරද්ධං. තස්සත්ථො – යො ච ගහට්ඨො වා පබ්බජිතො වා “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො”තිආදිකං බුද්ධධම්මසඞ්ඝානුස්සතිකම්මට්ඨානං නිස්සාය සෙට්ඨවසෙන බුද්ධඤ්ච ධම්මඤ්ච සඞ්ඝඤ්ච සරණං ගතො, තස්සපි තං සරණගමනං අඤ්ඤතිත්ථියවන්දනාදීහි කුප්පති චලති. තස්ස පන අචලභාවං දස්සෙතුං මග්ගෙන ආගතසරණමෙව පකාසන්තො චත්තාරි අරියසච්චානි සම්මප්පඤ්ඤාය පස්සතීති ආහ. යො හි එතෙසං සච්චානං දස්සනවසෙන එතානි සරණං ගතො, එතස්ස එතං සරණං ඛෙමඤ්ච උත්තමඤ්ච, සො ච පුග්ගලො එතං සරණං පටිච්ච සකලස්මාපි වට්ටදුක්ඛා පමුච්චති, තස්මා එතං ඛො සරණං ඛෙමන්තිආදි වුත්තං.
යොච - යනු යමෙක් මේ රැකවරණ රහිතව, අනුත්තර නොවු, සරණ දක්වා ඒවා ක්ෂේම වූ - උතුම් වු සරණ යයි දැක්වීම සඳහා කියන ලදී යොච ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ ඉතිපි සොභගවා අරහං සම්මා සම්බුද්ධෝ ආදී බුද්ධ - ධම්ම - සංඝනුස්සතිය කර්මස්ථාන නිසා ශ්‍රේෂ්ඨ වශයෙන් බුද්ධං ධම්මං සඞඝංච සරණං ගතො ඔවුන්ගේ ඒ සරණාගමනය, අන්‍යතීර්ථක වන්දනා ආදීන් හා කිපේ. පැලෙයි එහි අචල බව දැක්වීමට මාර්ගයෙන් ආ සරණ ප්‍රකාශ කරමින් චත්තාරි අරියසච්චානි සම්මප්පඤඤාය පස්සති. යනාදිය කීහ. යමෙක් වනාහි මේ දර්ශන වශයෙන් එවැනි සරණ ගියේ නම් ඔවුන්ගේ සරණය රැකවරණ සහිතය. උතුම් ය. ඒ පුද්ගලයා මේ සරණගමන හේතුවෙන් සමස්ත සංසාර වෘන්තයෙන් මිදේ. එතං ඛො සරණං ඛේමං යනු එහෙයින් කියන ලදී.
දෙසනාවසානෙ සබ්බෙපි තෙ ඉසයො සහ පටිසම්භිදාහි අරහත්තං පත්වා සත්ථාරං වන්දිත්වා පබ්බජ්ජං යාචිංසු. සත්ථාපි චීවරගබ්භතො හත්ථං පසාරෙත්වා “එථ භික්ඛවො, චරථ බ්‍රහ්මචරිය”න්ති ආහ. තෙ තඞ්ඛණෙයෙව අට්ඨපරික්ඛාරධරා වස්සසට්ඨිකථෙරා විය අහෙසුං. සො ච සබ්බෙසම්පි අඞ්ගමගධකුරුරට්ඨවාසීනං සක්කාරං ආදාය ආගමනදිවසො අහොසි. තෙ සක්කාරං ආදාය ආගතා සබ්බෙපි තෙ ඉසයො පබ්බජිතෙ දිස්වා “කිං නු ඛො අම්හාකං අග්ගිදත්තබ්රාහ්මණො මහා, උදාහු සමණො ගොතමො”ති චින්තෙත්වා සමණස්ස ගොතමස්ස ආගතත්තා “අග්ගිදත්තොව මහා”ති මඤ්ඤිංසු. සත්ථා තෙසං අජ්ඣාසයං ඔලොකෙත්වා, “අග්ගිදත්ත, පරිසාය කඞ්ඛං ඡින්දා”ති ආහ. සො “අහම්පි එත්තකමෙව පච්චාසීසාමී”ති ඉද්ධිබලෙන සත්තක්ඛත්තුං වෙහාසං අබ්භුග්ගන්ත්වා පුනප්පුනං ඔරුය්හ සත්ථාරං වන්දිත්වා “සත්ථා මෙ, භන්තෙ, භගවා, සාවකොහමස්මී”ති වත්වා සාවකත්තං පකාසෙසීති.
දෙසුම අවසන ඒ සියළු ඍෂිවරු සිවිපිළිසිඹියා සහිත අර්හත්වයට පත්ව බුදුන් වැඳ පැවිද්ද ඉල්ලූහ. බුදුහු සිවුර තුළින් අත මෑත්කොට මහණෙනි. එන්න “එථ භික්ඛවො බඹසර හැසිරෙන්නැ”යි පැවසුහ. ඔවුහු එකෙනෙහි අටපිරිකර දරා වස් සියයක් ගතවූ තෙරවරු මෙන් වුහ. හෙතෙමේ අංග - මගධ කුරුරට වාසිගේ සත්කාර ලබා එන දවසක් විය. එසේ සත්කාර රැගෙන එන අය ඒ ඍෂිවරු පැවැදිවී දැක කිම අපේ අග්ගිදත්ත බ්‍රාහ්මණ ද නැතහොත් භවත් ගෞතමයන් වඩා ශ්‍රේෂ්ඨදැයි සිතූහ. භවත් ගෞතමයන් පැමිණි හෙයින් අග්ගිදත්තම වඩාත් උතුම් යයි සිතූහ. බුදුහු ඔවුන්ගේ අදහස දැනගෙන අග්ගිදත්ත පිරිසගේ සැක සිඳලන්නැයි පැවසුව ඔහුද මෙපමණකින්ම පහදාදෙන්නෙමියි පන්සලෙන් උඩ අහසට පැන නැගි නැවත නැවත බැස බුදුන් වැඳ බුදුන් මගේ අනුශාසකවරයායි ද මම ශ්‍රාවක වෙමියිද පැවසුහ.
අග්ගිදත්තබ්රාහ්මණවත්ථු ඡට්ඨං.