15. ආනන්දත්ථෙරපඤ්හවත්ථු අට්ඨකථා
15. ආනන්දත්ථෙරපඤ්හවත්ථු
15. ආනන්ද තෙරුන් විමසු ප්‍රශ්න පිළිබඳ කථා පුවත
දුල්ලභොති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො ආනන්දත්ථෙරස්ස පඤ්හං ආරබ්භ කථෙසි.
“දුල්ලභො” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම විහරණය කරමින් ආනන්ද තෙරුන්ගේ ප්‍රශ්න නිමිති කරගෙන වදාළහ.
ථෙරො හි එකදිවසං දිවාට්ඨානෙ නිසින්නො චින්තෙසි – “හත්ථාජානීයො ඡද්දන්තකුලෙ වා උපොසථකුලෙ වා උප්පජ්ජති, අස්සාජානීයො සින්ධවකුලෙ වා වලාහකස්සරාජකුලෙ වා, උසභො ගොආජනීයො දක්ඛිණපථෙතිආදීනි වදන්තෙන සත්ථාරා හත්ථිආජානීයාදීනං උප්පත්තිට්ඨානාදීනි කථිතානි, පුරිසාජානීයො පන කහං නු ඛො උප්පජ්ජතී”ති. සො සත්ථාරං උපසඞ්කමිත්වා වන්දිත්වා එකමන්තං නිසීදිත්වා එතමත්ථං පුච්ඡි. සත්ථා, “ආනන්ද, පුරිසාජානීයො නාම සබ්බත්ථ නුප්පජ්ජති, උජුකතො පන තියොජනසතායාමෙ විත්ථාරතො අඩ්ඪතෙය්යසතෙ ආවට්ටතො නවයොජනසතප්පමාණෙ මජ්ඣිමපදෙසට්ඨානෙ උප්පජ්ජති. උප්පජ්ජන්තො ච පන න යස්මිං වා තස්මිං වා කුලෙ උප්පජ්ජති, ඛත්තියමහාසාලබ්රාහ්මණමහාසාලකුලානං පන අඤ්ඤතරස්මිංයෙව උප්පජ්ජතී”ති වත්වා ඉමං ගාථමාහ –
තෙරුන් වහන්සේ එක් දිනක් දිවා විහරණයේ සිටිමින් සිතූහ. ආජානීය ඇතුන් ජද්දන්ත කුලයේ හෝ උපෝසථ කුලයේ හෝ උපදිති. ආජානීය අසුන් සෛන්ධව කුලයේ හෝ වළාහක රාජකුලයේ හෝ ඇතිවන්නේද දක්ෂිණා පථයේද? ආදිය කියනවිට බුදුරජාණන් වහන්සේ විසින් ආජානීය ඇතුන් ආදීන්ගේ උපන්තැන් පවසන ලදී ආජානීය පුරුෂයන් කොහේ උපදිත්දැයි උන්වහන්සේ බුදුන්වෙත එළඹ වැඳ මේ කරුණු විමසූහ. බුදුරජාණන් වහන්සේ ආනන්ද අජානීය පුරුෂයෝ හැමතැනම පහළවන්නේ නැත. ඍජුව දිගින් යොදුන් තුන්සියයක් පළලින් යොදුන් නවසීයයක් පමණ වු මජ්ඣිම ප්‍රදේශයේ පහළ වෙති. ඒ ඒ කුලවලත් පහළ නොවෙති. බත්තිය මහා සාල කුලයේ හෝ බ්‍රාහ්මණ මහාසාල කුලයේ උපදිතියි පවසා මේ ගාථාව දේශනා කළහ -
“දුල්ලභො පුරිසාජඤ්ඤො, න සො සබ්බත්ථ ජායති; යත්ථ සො ජායතී ධීරො, තං කුලං සුඛමෙධතී”ති.
ධීර වීර දූ පුතුන් - ඉපදුම ලොවේ දුලබයි. එසේ උපදින පවුල - යසස්පිරි මහාසාලය
තත්ථ දුල්ලභොති පුරිසාජඤ්ඤො හි දුල්ලභො, න හත්ථිආජානීයාදයො විය සුලභො, සො සබ්බත්ථ පච්චන්තදෙසෙ වා නීචකුලෙ වා න ජායති, මජ්ඣිමදෙසෙපි මහාජනස්ස අභිවාදනාදිසක්කාරකරණට්ඨානෙ ඛත්තියබ්රාහ්මණකුලානං අඤ්ඤතරස්මිං කුලෙ ජායති. එවං ජායමානො යත්ථ සො ජායති ධීරො උත්තමපඤ්ඤො සම්මාසම්බුද්ධො, තං කුලං සුඛමෙධතීති සුඛප්පත්තමෙව හොතීති අත්ථො.
“දුල්ලභො” යනු ආජානීය පුරුෂයන් දුර්ලභය ආජානීය ඇතුන් අසුන් මෙන් සුලභ නොවේ. නසො සබ්බත්ථ - ප්‍රත්‍යන්ත දේශවල හෝ පහත් කුලවල හෝ පහළ නොවේ. මධ්‍යම දේශයේ මහජනයා වැඳීම් පිදීම් ආදිය කරන ස්ථානවල ක්ෂත්රිය බ්‍රාහ්මණ ආදී කුලවලින් එකක පහළ වේ. යත්ථ සො ජායති ධීරො මෙසේ ඇතිවන ඒ උතුමන් මහාප්‍රාඥ සම්මා සම්බුද්ධයි තං කුලං සුඛමෙධතී යනු සුවයට පත්වේය යන අර්ථයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
මේ දේශනය අවසානයේ බොහෝදෙන සෝවාන් ආදී ඵලයන්ට පැමිණියහ.
ආනන්දත්ථෙරපඤ්හවත්ථු සත්තමං.