යෙදුමෙන් කියවන්න

16. සම‍්බහුලභික‍්ඛුවත්‍ථු අට‍්ඨකථා

16. සම‍්බහුලභික‍්ඛුවත්‍ථු

16. බොහෝ භික්ෂූන්ගේ කථා පුවත.

සුඛො බුද‍්ධානන‍්ති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සම‍්බහුලානං භික‍්ඛූනං කථං ආරබ‍්භ කථෙසි.

“සුඛො බුද්ධානං” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී බොහෝ භික්ෂූන්ගේ කථාවක් නිමිති කරගෙන දේශනා කළහ.

එකදිවසඤ‍්හි පඤ‍්චසතභික‍්ඛූ උපට‍්ඨානසාලායං නිසින‍්නා, “ආවුසො, කිං නු ඛො ඉමස‍්මිං ලොකෙ සුඛ”න‍්ති කථං සමුට‍්ඨාපෙසුං? තත්‍ථ කෙචි “රජ‍්ජසුඛසදිසං සුඛං නාම නත්‍ථී”ති ආහංසු. කෙචි කාමසුඛසදිසං, කෙචි “සාලිමංසභොජනාදිසදිසං සුඛං නාම නත්‍ථී”ති ආහංසු. සත්‍ථා තෙසං නිසින‍්නට‍්ඨානං ගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ, “භික‍්ඛවෙ, කිං කථෙථ? ඉදඤ‍්හි සබ‍්බම‍්පි සුඛං වට‍්ටදුක‍්ඛපරියාපන‍්නමෙව, ඉමස‍්මිං ලොකෙ බුද‍්ධුප‍්පාදො ධම‍්මස‍්සවනං, සඞ‍්ඝසාමග‍්ගී, සම‍්මොදමානභාවොති ඉදමෙව සුඛ”න‍්ති වත්‍වා ඉමං ගාථමාහ –

එක්දිනක් පන්සියයක් භික්ෂූන් උවටැන් ගාලාවේ සිටියේ ඇවැත්නි මෙලොව සැප නම් කුමක්දැයි කථාවක් ඇති කළහ. කෙනෙක් රාජ්‍ය සැප සමාන සුවයක් නැතැයි කීවාහුය. කෙනෙක් කම් සුව ආදීය සමාන සුවයක් නැතැයි පැවසුහ. බුදුහු ඒ භික්ෂූන් සිටිතැනට වැඩමකර මා පැමිණීමට පෙර කිනම් කථාවකින් යුතුව සිටියෝදැයි විමසා වෙනම කථාවකැයි පැවසු විට කුමක් පවසව්ද මේ සියළු සැප සසර දුකට පිළිපන්නේ ඒවායි. පවසා මෙලොව බුද්ධෝත්පාදය, ධර්මය ඇසීම සංස සමගිය සතුටු සාමිචි බව මෙයම සැපයැයි පවසා මේ ගාථාව පැවසුහ.

“සුඛො බුද‍්ධානමුප‍්පාදො, සුඛා සද‍්ධම‍්මදෙසනා; සුඛා සඞ‍්ඝස‍්ස සාමග‍්ගී, සමග‍්ගානං තපො සුඛො”ති.

බුදුන් ලොවැ ඉපදුම නිතර බුදුබණ ඇසුමද මහ සඟනැ සමගිය සමගි සඟනගෙ තපස සුවමය.

“බුදුවරුන්ගේ උපත සැපයකි. ධර්මදේශනය සැපයකි සංඝයාගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකැයි පැවසුහ.”

තත්‍ථ බුද‍්ධානමුප‍්පාදොති යස‍්මා බුද‍්ධා උප‍්පජ‍්ජමානා මහාජනං රාගකන‍්තාරාදීහි තාරෙන‍්ති, තස‍්මා බුද‍්ධානං උප‍්පාදො සුඛො උත‍්තමො. යස‍්මා සද‍්ධම‍්මදෙසනං ආගම‍්ම ජාතිආදිධම‍්මා සත‍්තා ජාතිආදීහි මුච‍්චන‍්ති, තස‍්මා සද‍්ධම‍්මදෙසනා සුඛා. සාමග‍්ගීති සමචිත‍්තතා, සාපි සුඛා එව. සමග‍්ගානං පන එකචිත‍්තානං යස‍්මා බුද‍්ධවචනං වා උග‍්ගණ‍්හිතුං ධුතඞ‍්ගානි වා පරිහරිතුං සමණධම‍්මං වා කාතුං සක‍්කා, තස‍්මා සමග‍්ගානං තපො සුඛොති වුත‍්තං. තෙනෙවාහ – “යාවකීවඤ‍්ච, භික‍්ඛවෙ, භික‍්ඛූ සමග‍්ගා සන‍්නිපතිස‍්සන‍්ති, සම‍්මග‍්ගා වුට‍්ඨහිස‍්සන‍්ති, සමග‍්ගා සඞ‍්ඝකරණීයානි කරිස‍්සන‍්ති, වුද‍්ධියෙව, භික‍්ඛවෙ, භික‍්ඛූනං පාටිකඞ‍්ඛා, නො පරිහානී”ති (දී· නි· 2.136).

එහි යම් හෙයකින් බුදුන් ඉපදෙනවිට මහජනයා රාග කාන්තාර ආදීයෙන් එතර කරති. මේ නිසා බුද්ධානං උප්පාදො සුඛො බුදුන්ගේ උපත සුවයකි. යම් හෙයකින් ධර්ම දේශනය ජාත්‍යාදී ධර්මයන්ගෙන් මිදෙති නිසා සද්ධම්ම දෙසනා සුඛා ධර්මදේශනය සුවයකි. සාමග්ගි යනු සමගි චිත්තයයි. ඒ එක සිත් ඇති බව ද සුවයකි. සමගිවූවන්ගේ එකග වූ සිත නිසා බුද්ධ වචනය ඉගෙනීමට ධූතංග දැරීමට ශ්‍රමණ ධර්ම කිරීමට හැකිවේ. එහෙයින් සමග්ගානං තපො සුඛො යන්න කියන ලදී. එනිසාම බුදුරජාණන් වහන්සේ විසින් යම්සේ භික්ෂූන් සමගිව රැස් වේද, සමගිව විසිරේද සංස කරණීය කරන්නේ ද වෘද්ධියක්ම ඇතිවේ. එයම අපේක්ෂා කළ යුතුය. පරිහාණියක් ඇති නොවේ.

දෙසනාවසානෙ තෙ භික‍්ඛූ අරහත‍්තෙ පතිට‍්ඨහිංසු, මහාජනස‍්සාපි සාත්‍ථිකා ධම‍්මදෙසනා අහොසීති.

දේශනය අවසානයේ ඒ භික්ෂුහු රහත් ඵලයට පත්වූහ. මහජනයාටද දේශනය සාර්ථක වුහ.

සම‍්බහුලභික‍්ඛුවත්‍ථු අට‍්ඨමං.