යෙදුමෙන් කියවන්න

17-18. කස‍්සපදසබලස‍්ස සුවණ‍්ණචෙතියවත්‍ථු අට‍්ඨකථා

17-18. කස‍්සපදසබලස‍්ස සුවණ‍්ණචෙතියවත්‍ථු

17-18. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ රන්චේතිය පිළිබඳ කථා පුවත

පූජාරහෙති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා චාරිකං චරමානො කස‍්සපදසබලස‍්ස සුවණ‍්ණචෙතියං ආරබ‍්භ කථෙසි.

“පුජාරදහෙති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ චාරිකාවේ යෙදෙමින් කාශ්‍යප දසබලයන් වහන්සේගේ රන්වන් සෑයක් නිමිති කරගෙන දේශනා කළහ.

තථාගතො සාවත්‍ථිතො නික‍්ඛමිත්‍වා අනුපුබ‍්බෙන බාරාණසිං ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ තොදෙය්‍යගාමස‍්ස සමීපෙ මහාභික‍්ඛුසඞ‍්ඝපරිවාරො අඤ‍්ඤතරං දෙවට‍්ඨානං සම‍්පාපුණි. තත්‍ර නිසින‍්නො සුගතො ධම‍්මභණ‍්ඩාගාරිකං පෙසෙත්‍වා අවිදූරෙ කසිකම‍්මං කරොන‍්තං බ්‍රාහ‍්මණං පක‍්කොසාපෙසි.

තථාගතයන් වහන්සේ සැවැත් නුවරින් නික්මී පිළිවෙළින් බරණැසට වඩින්නේ අතරමග තෝදෙය්‍ය ගම සමීපයේ පිහිටි එක්තරා දේවස්ථානයකට මහාසංඝයා පිරිවරාගෙන වැඩම කළහ. එහි තථාගතයන් වහන්සේ වාඩි වී ආනන්ද තෙරුන් යවා නොදුරේ ගොවිතැනේ යෙදී සිටි බමුණෙක් කැඳ වුහ.

සො බ්‍රාහ‍්මණො ආගන‍්ත්‍වා තථාගතං අනභිවන්‍දිත්‍වා තමෙව දෙවට‍්ඨානං වන්‍දිත්‍වා අට‍්ඨාසි. සුගතොපි “ඉමං පදෙසං කින‍්ති මඤ‍්ඤසි බ්‍රාහ‍්මණා”ති ආහ. අම‍්හාකං පවෙණියා ආගතචෙතියට‍්ඨානන‍්ති වන්‍දාමි, භො ගොතමාති. “ඉමං ඨානං වන්‍දන‍්තෙන තයා සාධු කතං බ්‍රාහ‍්මණා”ති සුගතො තං සම‍්පහංසෙසි. තං සුත්‍වා භික‍්ඛූ “කෙන නු ඛො කාරණෙන භගවා එවං සම‍්පහංසෙසී”ති සංසයං සඤ‍්ජනෙසුං. තතො තථාගතො තෙසං සංසයමපනෙතුං මජ‍්ඣිමනිකායෙ ඝටිකාරසුත‍්තන‍්තං (ම· නි· 2.282 ආදයො) වත්‍වා ඉද‍්ධානුභාවෙන කස‍්සපදසබලස‍්ස යොජනුබ‍්බෙධං කනකචෙතියං අපරඤ‍්ච කනකචෙතියං ආකාසෙ නිම‍්මිනිත්‍වා මහාජනං දස‍්සෙත්‍වා, “බ්‍රාහ‍්මණ, එවංවිධානං පූජාරහානං පූජා යුත‍්තතරාවා”ති වත්‍වා මහාපරිනිබ‍්බානසුත‍්තෙ (දී· නි· 2.206) දස‍්සිතනයෙනෙව බුද‍්ධාදිකෙ චත‍්තාරො ථූපාරහෙ පකාසෙත්‍වා සරීරචෙතියං උද‍්දිස‍්සචෙතියං පරිභොගචෙතියන‍්ති තීණි චෙතියානි විසෙසතො පරිදීපෙත්‍වා ඉමා ගාථා අභාසි –

එම බමුණා පැමිණ බුදුන්ට නොවැඳම ඒ දේවස්ථානයට වැඳ සිටියේය. සුගතයන් වහන්සේද? බ්‍රාහ්මණය මේ ප්‍රදේශය කවර ස්ථානයක් ලෙස සිතන්නේදැයි විමසුහ. අපගේ ප්‍රවේණියෙන් පවතින චෛත්‍ය ස්ථානයකි එනිසා වඳිමියි පැවසීය. මේ ස්ථානය ඔබ වැඳීමෙන් යහපතක් කරන ලැදැයි බ්‍රාහ්මණයා පසසා සතුටු කළේය. මේ කරුණ අසා භික්ෂූන් වහන්සේලා කිනම් කරුණක් නිසා බුදුහු ප්‍රසාදයට පත්කළේදැයි සැකයක් ඇතිකර ගත්හ. අනතුරුව තථාගතයන් වහන්සේ උන්වහන්සේලාගේ සැකය දුරු කරණු සඳහා මජ්ඣිම නිකායේ සඳහන්වන ඝටීකාර සුත්‍රය දේශනා කර ඍධි බලයෙන් කාශ්‍යප බුදුන්ගේ යොදුනක් උස් වු රන් චේතිය හා අනෙක් චෛත්‍යයක් අහසේ මවා මහ ජනයාට දක්වා බ්‍රාහ්මණය මෙබඳුවු ථූපාර්හ පුද්ගලයන්ට පුජා කිරීම යුතුකමකැයි පවසා මහා පරිනිබ්බාන සුත්‍රයේ සඳහන් වන පරිදි බුද්ධාදීන්ට සතර ස්තූප කිරිමට සුදුසු ථූපාර්හ පුද්ගලයන් සිව්දෙනා පවසා - ශාරීරික චෛත්‍ය උද්දෙසික චෛත්‍යය පාරිභෝගික චෛත්‍යය විශේෂයෙන් විස්තර කර දී මේ ගාථාව පැවසුහ.

“පූජාරහෙ පූජයතො, බුද‍්ධෙ යදි ච සාවකෙ; පපඤ‍්චසමතික‍්කන‍්තෙ, තිණ‍්ණසොකපරිද‍්දවෙ.

පිදුමට සුදුසු අරහාදි ගුණෙන් යුතු බුදුවරු රහත්වරු නිතරම වැඳිය යුතු තුන් බුදුවරුන් වැඳුමෙන් යම් දිනක මතු දුක් ගීනි නිවී සුව අත්වෙයි සසර පැතු

“තෙ තාදිසෙ පූජයතො, නිබ‍්බුතෙ අකුතොභයෙ; න සක‍්කා පුඤ‍්ඤං සඞ‍්ඛාතුං, ඉමෙත‍්තමපි කෙනචී”ති. (අප· ථෙර 1.10.1-2);

උපදිති කුසල් තුන් බුදුවරු නැමදීමෙන් සැප දෙයි සසර දුක් කරදර නිම වීමෙන්

තත්‍ථ පූජිතුං අරහා පූජාරහා, පූජිතුං යුත‍්තාති අත්‍ථො. පූජාරහෙ පූජයතොති අභිවාදනාදීහි ච චතූහි ච පච‍්චයෙහි පූජෙන‍්තස‍්ස. පූජාරහෙ දස‍්සෙති බුද‍්ධෙතිආදිනා. බුද‍්ධෙති සම‍්මාසම‍්බුද‍්ධෙ. යදීති යදි වා, අථ වාති අත්‍ථො. තත්‍ථ පච‍්චෙකබුද‍්ධෙති කථිතං හොති, සාවකෙ ච. පපඤ‍්චසමතික‍්කන‍්තෙති සමතික‍්කන‍්තතණ‍්හාදිට‍්ඨිමානපපඤ‍්චෙ. තිණ‍්ණසොකපරිද‍්දවෙති අතික‍්කන‍්තසොකපරිද‍්දවෙ, ඉමෙ ද‍්වෙ අතික‍්කන‍්තෙති අත්‍ථො. එතෙහි පූජාරහත‍්තං දස‍්සිතං.

එහි පූජාකිරීමට සුදුසු පූජා කිරීමට යුතු යන අයයි. පුජාරහෙ පුජයතො - වැඳිම් ආදී ද සිවුපසයෙන් ද පූජා කරන්නහුට පූජා කිරීමට යෝග්‍යවුවෝ බුදුන් ආදීන් දක්වයි. බුද්ධොති - සම්මා සම්බුදුන් වහන්සේ යදිති - යදිවා නැතහොත් යන අර්ථයි. එහි පසේ බුදුන් යනු කියන ලද. සාවකෙච පපඤ්ච සමතික්කනෙති - ඉක්ම වූ තෘෂ්ණා දිට්ඨිමාන ප්‍රපංචයන් තරණය කළ තිණ්ණසෝකපරිද්දවේ ශෝක වැළපිම් පරිදාවයන් මේ දෙකම ඉක්මවා සිටි යන අරුත ගෙනදෙයි. මෙයින් පුජාවට සුදුසු බව දක්වන ලදී.

තෙති බුද‍්ධාදයො. තාදිසෙති වුත‍්තගහණවසෙන. නිබ‍්බුතෙති රාගාදිනිබ‍්බුතියා. නත්‍ථි කුතොචි භවතො වා ආරම‍්මණතො වා එතෙසං භයන‍්ති අකුතොභයා, තෙ අකුතොභයෙ. න සක‍්කා පුඤ‍්ඤං සඞ‍්ඛාතුන‍්ති පුඤ‍්ඤං ගණෙතුං න සක‍්කා. කථන‍්ති චෙ? ඉමෙත‍්තමපි කෙනචීති ඉමං එත‍්තකං, ඉමං එත‍්තකන‍්ති කෙනචීති අපිසද‍්දො ඉධ සම‍්බන්‍ධිතබ‍්බො, කෙනචි පුග‍්ගලෙන මානෙන වා. තත්‍ථ පුග‍්ගලෙනාති තෙන බ්‍රහ‍්මාදිනා. මානෙනාති තිවිධෙන මානෙන තීරණෙන ධාරණෙන පූරණෙන වා. තීරණං නාම ඉදං එත‍්තකන‍්ති නයතො තීරණං. ධාරණන‍්ති තුලාය ධාරණං. පූරණං නාම අඩ‍්ඪපසතපත්‍ථනාළිකාදිවසෙන පූරණං. කෙනචි පුග‍්ගලෙන ඉමෙහි තීහි මානෙහි බුද‍්ධාදිකෙ පූජයතො පුඤ‍්ඤං විපාකවසෙන ගණෙතුං න සක‍්කා පරියන‍්තරහිතතොති ද‍්වීසු ඨානෙසු පූජයතො කිං දානං පඨමං ධරමානෙ බුද‍්ධාදී පූජයතො න සක‍්කා පුඤ‍්ඤං සඞ‍්ඛාතුං, පුන තෙ තාදිසෙ කිලෙසපරිනිබ‍්බානනිමිත‍්තෙන ඛන්‍ධපරිනිබ‍්බානෙන නිබ‍්බුතෙපි පූජයතො න සක‍්කා සඞ‍්ඛාතුන‍්ති භෙදා යුජ‍්ජන‍්ති. තෙන හි විමානවත්‍ථුම‍්හි –

තෙති - බුද්ධාදීය තාදිස යන කී දේ ගැනීම් වශයෙනි. නිබ්බුතෙ - රාගාදි නිවීමයි නත්ථි නැත භව වශයෙන් හෝ රාගාදී වශයෙන් නැත. ඒ නිසා අකුතොභය නම් වන සක්කා පුඤ්ඤ සඞ්ඛාතුං - පින් ගැනීමට නොහැකිය. ඉමෙත්තමපි කෙනචී - අපි ශබ්දය මෙහි සබඳ කළයුතු කිසියම් පුද්ගලයකු විසින් මානයෙන් හෝ එහි පුද්ගලයා විසින් ඒ බ්‍රහ්මයා ආදින් විසින් කියා ගැනේ. මානෙන යනු ත්‍රිවිධ මානයෙන් තීරන ධාරණ - පුරණ මෙය මෙපමණ යයි න්‍යාය වශයෙන් තිරණය වේ. ධාරණ යනු තරාදියෙන් දැරීමයි. පිරීම නම් අඩක් පිරුණු සැලියක් සේ පිරිමයි. කිසියම් පුද්ගලයෙක් විසින් මේ තුන් මානයෙන් බුද්ධාදි උතුමන් පුදන්නේ පිං විපාක වශයෙන් ගැනීමට නොහැකිය. පරියන්ත රහිත නම් ස්ථාන දෙකකදී පුජා කරන්නේ. පළමුව දානය යොදන්නේ කුමක් හෙයින්ද? බුදුන් වැඩ සිටියදී බුදුන් පුදන්නේ පිං රැස් කිරීම කළ නොහැකිය. නැවත කෙලෙස් පරිනිර්වාණයේ දී නිමිති වුව ද ස්බන්ධ පරිනිර්වාණයෙන් නිවුන විටද (පිරිනිවන් පෑමට පසුවද) දැරීම භේදය යෙදේ මේ නිසා විමානවත්ථුප්පකරණයේ - මෙලෙසම සඳහන් වෙයි.

“තිට‍්ඨන‍්තෙ නිබ‍්බුතෙ චාපි, සමෙ චිත‍්තෙ සමං ඵලං; චෙතොපණිධිහෙතු හි, සත‍්තා ගච‍්ඡන‍්ති සුග‍්ගති”න‍්ති. (වි· ව· 806);

“තිට්ඨතෙත නිබ්බුත චාපි - බුදුරජාණන් වහන්සේ වැඩ සිටියදී ද පිරිනිවන් පෑ විටද සම සිතට සමඵල ඇතිවේ. සිතේ ප්‍රසාදය නිසා පින්කරන පුද්ගලයෝ සුගතියට යති.

දෙසනාවසානෙ සො බ්‍රාහ‍්මණො සොතාපන‍්නො අහොසීති. යොජනිකං කනකචෙතියං සත‍්තාහමාකාසෙව අට‍්ඨාසි, මහන‍්තෙන සමාගමො චාහොසි, සත‍්තාහං චෙතියං නානප‍්පකාරෙන පූජෙසුං. තතො භින‍්නලද‍්ධිකානං ලද‍්ධිභෙදො ජාතො, බුද‍්ධානුභාවෙන තං චෙතියං සකට‍්ඨානමෙව ගතං, තත්‍ථෙව තංඛණෙ මහන‍්තං පාසාණචෙතියං අහොසි. තස‍්මිං සමාගමෙ චතුරාසීතියා පාණසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසීති.

දේශනාවසානයේ ඒ බ්‍රහ්මණයා සෝවාන් ඵලයට පත්විය. යොදුනක් උස රන් චේතිය දින හතක්ම අහසේ සිටියේය. මහත් සමාගමයක් එක් රැස් වීමක් සිදුවිය. සත් දිනක් නොයෙක් ආකාරයෙන් පුජා කළහ. විවිධ ආගමිකයිගේ ලබ්ධි බිඳීමක්ද සිදුවිය. බුද්ධානුභාවයෙන් එම චෛත්‍යය සිද්ධස්ථානයේම රැඳුනි එහිම එකෙනෙහි මහත් ශෛලමය චෛත්‍යයක් ඇතිවිය. එම මහජන රැස්වීමේදී අසුහතර දහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය සිදුවිය.

කස‍්සපදසබලස‍්ස සුවණ‍්ණචෙතියවත්‍ථු නවමං.

බුද‍්ධවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

තුදුස්වන බුඞවර්‍ගය යි.

චුද‍්දසමො වග‍්ගො.

පඨමභාණවාරං නිට‍්ඨිතං.

පළමු බණවර යි.