යෙදුමෙන් කියවන්න

1. ඤාආතිකලහවූපසමනවත්‍ථු අට‍්ඨකථා

1. ඤාආතිකලහවූපසමනවත්‍ථු

1. ඤාති කළහය සංසඳ වීම පිළිබඳ කථා පුවත.

සුසුඛං වතාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා සක‍්කෙසු විහරන‍්තො කලහවූපසමනත්‍ථං ඤාතකෙ ආරබ‍්භ කථෙසි.

“සුසුඛං වතා” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ශාක්‍ය ජනපදයේ වැඩ සිටිය දී කෝලාහල සංසිඳවනු සඳහා ඤාතීන් නිමිති කරගෙන දේශනා කළහ.

සාකියකොලියා කිර කපිලවත්‍ථුනගරස‍්ස ච කොලියනගරස‍්ස ච අන‍්තරෙ රොහිණිං නාම නදිං එකෙනෙව ආවරණෙන බන්‍ධාපෙත්‍වා සස‍්සානි කරොන‍්ති. අථ ජෙට‍්ඨමූලමාසෙ සස‍්සෙසු මිලායන‍්තෙසු උභයනගරවාසිකානම‍්පි කම‍්මකාරා සන‍්නිපතිංසු. තත්‍ථ කොලියනගරවාසිනො ආහංසු – “ඉදං උදකං උභයතො හරියමානං නෙව තුම‍්හාකං, න අම‍්හාකං පහොස‍්සති, අම‍්හාකං පන සස‍්සං එකඋදකෙනෙව නිප‍්ඵජ‍්ජිස‍්සති, ඉදං උදකං අම‍්හාකං දෙථා”ති. ඉතරෙපි ආහංසු – “තුම‍්හෙසු කොට‍්ඨකෙ පූරෙත්‍වා ඨිතෙසු මයං රත‍්තසුවණ‍්ණනීලමණිකාළකහාපණෙ ච ගහෙත්‍වා පච‍්ඡිපසිබ‍්බකාදිහත්‍ථා න සක‍්ඛිස‍්සාම තුම‍්හාකං ඝරද‍්වාරෙ විචරිතුං, අම‍්හාකම‍්පි සස‍්සං එකඋදකෙනෙව නිප‍්ඵජ‍්ජිස‍්සති, ඉදං උදකං අම‍්හාකං දෙථා”ති. න මයං දස‍්සාමාති. මයම‍්පි න දස‍්සාමාති එවං කථං වඩ‍්ඪෙත්‍වා එකො උට‍්ඨාය එකස‍්ස පහාරං අදාසි, සොපි අඤ‍්ඤස‍්සාති එවං අඤ‍්ඤමඤ‍්ඤං පහරිත්‍වා රාජකුලානං ජාතිං ඝට‍්ටෙත්‍වා කලහං වඩ‍්ඪයිංසු.

ශාක්‍ය කෝලිය වැසියෝ කපිල වත්ථුව හා කෝලිය නගර අතර රෝහිණි නම් නදියේ එකම බැම්මක් බැඳ කුඹුරු ගොවිතැන් කරති. පොසොන් මස ගොයම් මැලවී යනවිට දෙනුවරවාසී කම්කරුවෝම රැස්වූහ. එහිදී කෝලිය නගරවාසීන් මෙසේ කීහ. මේ ජලය දෙනුවරටම ගෙනයාමේදී ඔබට ද අපට ද ප්‍රමාණවත් නොවේ. මෙම ජලය අපට එක ජල ලාභයකින්ම ශෂ්‍ය සම්පත ලැබේ. අනෙක් අය මේ ජලය අපට දෙන්න. අනෙක් අය එවිට තෙපි අටුකොටු පුරවා සිටින විට අපි රන් රුවන් නිල්මිණි කළු කහවණු ගෙන පැසී මලු ගත් අත් ඇතිව ඔබගේ ගෙවල් දොරවල් ලඟ වී ඉල්ලා බලාසිටිය නොහැකිය. අපගේ අස්වැන්නද එකම ජලයකින් ඇතිවේ. එනිසා ජලය අපට දෙන්න. නැහැ අපි නොදෙමු එසේනම් අපිද ජලය නොදෙමු. මෙලෙස වැඩී වාදවිවාද කර එකෙක් නැගිට එකෙකුට පහර දුන්නේය. ඔහු ද අනෙකාට පහර දෙමින් එකිනෙකා පහරදී රාජකුලයන්ට ජාතියෙන් අපහාස කරමින් කෝලාහලය වර්ධනය කළහ.

කොලියකම‍්මකාරා වදන‍්ති – “තුම‍්හෙ කපිලවත්‍ථුවාසිකෙ ගහෙත්‍වා ගජ‍්ජථ, යෙ සොණසිඞ‍්ගාලාදයො විය අත‍්තනො භගිනීහි සද‍්ධිං සංවසිංසු, එතෙසං හත්‍ථිනො චෙව අස‍්සා ච ඵලකාවුධානි ච අම‍්හාකං කිං කරිස‍්සන‍්තී”ති. සාකියකම‍්මකාරාපි වදන‍්ති “තුම‍්හෙ ඉදානි කුට‍්ඨිනො දාරකෙ ගහෙත්‍වා ගජ‍්ජථ, යෙ අනාථා නිග‍්ගතිකා තිරච‍්ඡානා විය කොලරුක‍්ඛෙ වසිංසු, එතෙසං හත්‍ථිනො ච අස‍්සා ච ඵලකාවුධානි ච අම‍්හාකං කිං කරිස‍්සන‍්තී”ති. තෙ ගන‍්ත්‍වා තස‍්මිං කම‍්මෙ නියුත‍්තානං අමච‍්චානං කථයිංසු, අමච‍්චා රාජකුලානං කථෙසුං. තතො සාකියා “භගිනීහි සද‍්ධිං සංවසිතකානං ථාමඤ‍්ච බලඤ‍්ච දස‍්සෙස‍්සාමා”ති යුද‍්ධසජ‍්ජා නික‍්ඛමිංසු. කොලියාපි “කොලරුක‍්ඛවාසීනං ථාමඤ‍්ච බලඤ‍්ච දස‍්සෙස‍්සාමා”ති යුද‍්ධසජ‍්ජා නික‍්ඛමිංසු.

කෝලිය නුවර කම්කරුවෝ - “තෙපි කපිලවත්ථුවාසීන් ගෙන යව්. යමෙක් නරි - බලු ආදීන් තමන්ගේ සොහොයුරියන් හා සහවාසයේ යෙදුනේද. එවැනි තොපගේ ඇතුන් ද අශ්වයෝ ද කඩු පලිහ ආදී ආයුධ අපට කුමක් කරන්නේ?” එවිට ශාක්‍ය කම්කරුවෝ - “කුෂ්ට රෝගයෙන් පෙළන තොපි දරුවන් ද ගෙන අනාථ වූ ජන්මයක් නැති තිරිසනුන් සේ කොළොම් ගස්යට විසුවෝ තොපගේ කඩු පලිහ ඇත් අස් සේනා අපට කුමක් කෙරෙත්ද?” මෙසේ දොස් නගාගත් විට එම කර්මාන්තයේ යෙදු ඇමතිවරුන්ට කිවාහුය. ඇමතිවරු රාජ කුලයන්ට කීහ. අනතුරුව ශාක්‍යයෝ සොහොයුරියන් හා සංවාසයෙන් ඇති වූවන්ගේ ශක්තියත් බලයත් පෙන්වන්නෙමුයි යුද්ධයට සැරසී නික්මුනාහුය. කෝලියවාසීන් ද කොළොම් ගස් යට විසුවන්ගේ ශක්තිය බලය පෙන්වන්නෙමුයි යුද්ධයට සැරසී නික්මුනාහුය.

සත්‍ථාපි පච‍්චූසසමයෙ ලොකං වොලොකෙන‍්තො ඤාතකෙ දිස‍්වා “මයි අගච‍්ඡන‍්තෙ ඉමෙ නස‍්සිස‍්සන‍්ති, මයා ගන‍්තුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා එකකොව ආකාසෙන ගන‍්ත්‍වා රොහිණිනදියා මජ‍්ඣෙ ආකාසෙ පල‍්ලඞ‍්කෙන නිසීදි. ඤාතකා සත්‍ථාරං දිස‍්වා ආවුධානි ඡඩ‍්ඩෙත්‍වා වන්‍දිංසු. අථ නෙ සත්‍ථා ආහ – “කිං කලහො නාමෙස, මහාරාජා”ති? “න ජානාම, භන‍්තෙ”ති. “කො දානි ජානිස‍්සතී”ති? තෙ “උපරාජා ජානිස‍්සති, සෙනාපති ජානිස‍්සතී”ති ඉමිනා උපායෙන යාව දාසකම‍්මකරෙ පුච‍්ඡිත්‍වා, “භන‍්තෙ, උදකකලහො”ති ආහංසු. “උදකං කිං අග‍්ඝති, මහාරාජා”ති? “අප‍්පග‍්ඝං, භන‍්තෙ”ති. “ඛත‍්තියා කිං අග‍්ඝන‍්ති මහාරාජා”ති? “ඛත‍්තියා නාම අනග‍්ඝා, භන‍්තෙ”ති. “අයුත‍්තං තුම‍්හාකං අප‍්පමත‍්තතං උදකං නිස‍්සාය අනග‍්ඝෙ ඛත‍්තියෙ නාසෙතු”න‍්ති. තෙ තුණ‍්හී අහෙසුං. අථ තෙ සත්‍ථා ආමන‍්තෙත්‍වා “කස‍්මා මහාරාජා එවරූපං කරොථ, මයි අසන‍්තෙ අජ‍්ජ ලොහිතනදී පවත‍්තිස‍්සති, අයුත‍්තං වො කතං, තුම‍්හෙ පඤ‍්චහි වෙරෙහි සවෙරා විහරථ, අහං අවෙරො විහරාමි. තුම‍්හෙ කිලෙසාතුරා හුත්‍වා විහරථ, අහං අනාතුරො. තුම‍්හෙ කාමගුණපරියෙසනුස‍්සුක‍්කා හුත්‍වා විහරථ, අහං අනුස‍්සුක‍්කො විහරාමී”ති වත්‍වා ඉමා ගාථා අභාසි –

බුදුරජාණන් වහන්සේ ද අළුයම ඥාතීන් දැක මා නොගියොත් මොවුන් නැසෙන්නෝයයි මා විසින් යාම වටීයයි සිතා හුදකලාවම අහසින් වැඩමවා රෝහිණී නදියේ මැද අහසේ පළක් බැඳ වාඩි වුහ. නෑයෝ බුදුන් දැක ආයුධ විසිකර වැන්දාහුය. අනතුරුව බුදුහු ඔවුන්ට මෙසේ පැවසුහ. මහ රජ මේ යුද්ධය කුමක්ද? ස්වාමීනි අපි නොදනිමු. මෙය දන්නේ කවරෙක්ද? හමුදාපති දනී. සේනාපති යුවරජ දන්නේ යයිද උපායෙන් දාස කම්කරුවන් දක්වා ම විමසා ස්වාමීනි ජලය පිළිබඳ යුද්ධයකැයි පැවසුහ. ජලය කෙතරම් වටීද මහරජ ස්වාමීනි ස්වල්පයකි. මහරජ ක්‍ෂත්‍රියයෝ කෙතරම් අනර්ඝද? ස්වාමීනි ක්‍ෂත්‍රියයෝ නම් බෙහෙවින් අනර්ඝ වුවෝ වෙති. එසේ නම් සුළු වටිනා කමක් ඇති ජලය නිසා වටිනා ක්‍ෂත්‍රියයන් විනාශ කිරීම සුදුසු නොවේමය. ඔවුහු නිහඩවුහ. අනතුරුව බුදුහු ඔවුන් අමතා ඇයි මහරජ වරුනි මෙබඳු දේ කරන්නෙ, මම නොසිටියේ නම් අද ලේ ගඟක් ගලනු ඇත. ඔබ විසින් නුසුදුසු දෙයක් කරන ලදී තෙපි පස්විධ වූ වෛරයෙන් යුතුව වාසයකර වූ මම අවෛරීව වාසය කරමි. තෙපි කෙලෙස්වලින් රෝගීව වාසය කරමු. මම කෙලෙසුන්ගෙන් තොරව නිරෝගීව වෙසෙමි තෙපි කාම ගුණයන් සොයමින් වාසය කරවු. මම කාමගුණයන්ගෙන් බැහැරව අනාතුරව වාසය කරමියි පවසා මේ ඟාථාව දේශනා කළහ.

“සුසුඛං වත ජීවාම, වෙරිනෙසු අවෙරිනො, වෙරිනෙසු මනුස‍්සෙසු, විහරාම අවෙරිනො.

ජීවත්වන ඕනෑනම් ඔබ සුවසේ මෙත් සිත් උපදවනු මැන වයිර වෙනුවට

“සුසුඛං වත ජීවාම, ආතුරෙසු අනාතුරා; ආතුරෙසු මනුස‍්සෙසු, විහරාම අනාතුරා.

මිනිසුන් අතර කෙළෙසුන්ගෙන් නිති ලෙඩ වු නැති කොට කෙළෙස් නීරෝගිව සිටිය යුතු

“සුසුඛං වත ජීවාම, උස‍්සුකෙසු අනුස‍්සුකා; උස‍්සුකෙසු මනුස‍්සෙසු, විහරාම අනුස‍්සුකා”ති.

පස්කම් සුව සොයන අයගෙන් එක පිම්මේ වෙන්වි අනාතුරවමැ දිවි ගෙවිය යුතු

වෛරීන් අතර අවෛරීව සුවසේ ජීවත් වෙමු. වෛරී මිනිසුන් අතර අවෛරීව වාසය කරමු. ආතුර වු මිනිසුන් අතර අනාතුරව සුවසේ ජීවත් වෙමු රෝගී වු මිනිසුන් අතර නිරෝගීව වාසය කරමු. කෙලෙසුන් සෙවීමට උනන්දුවන මිනිසුන් අතර පස්කම් නො සොයන අය ලෙසම වාසය කරමු.

තත්‍ථ සුසුඛන‍්ති සුට‍්ඨු සුඛං. ඉදං වුත‍්තං හොති – යෙ ගිහිනො සන්‍ධිච‍්ඡෙදාදිවසෙන, පබ‍්බජිතා වා පන වෙජ‍්ජකම‍්මාදිවසෙන ජීවිතවුත‍්තිං උප‍්පාදෙත්‍වා “සුඛෙන ජීවාමා”ති වදන‍්ති, තෙහි මයමෙව සුසුඛං වත ජීවාම, යෙ මයං පඤ‍්චහි වෙරීහි වෙරිනෙසු මනුස‍්සෙසු අවෙරිනො, කිලෙසාතුරෙසු මනුස‍්සෙසු නික‍්කිලෙසතාය අනාතුරා, පඤ‍්චකාමගුණපරියෙසනෙ උස‍්සුකෙසු තාය පරියෙසනාය අභාවෙන අනුස‍්සුකාති. සෙසං උත‍්තානත්‍ථමෙව.

එහි සුසුඛ නම් - සුදුසු සුවයයි. මෙය කියන ලදී යම් ගිහිවු අය අත්පා සිඳදමමින් හෝ, පැවිදි වුවෝ වෙදකම් ආදිය වශයෙන් ජීවන වෘත්තිය උපදවා සුවසේ ජීවත්වෙමු යයි කියත්ද? වෛරී මිනිසුන් අතර අවෛරීවද කෙළෙසුන්ගෙන් ලෙඩවූවන් අතර කෙළෙසුන්ගෙන් තොරව නිරෝගීව ද පස්කම් සුව සොයන රෝගීන් අතර එයින් නිරෝගීව ද ජීවත්වෙමු. සෙස්ස කියන ලද පරිද්දෙන්මය.

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දෙසුම අවසන බොහෝදෙන සෝවාන් ඵලයේ පිහිටියහ.

ඤාතිකලහවූපසමනවත්‍ථු පඨමං.