යෙදුමෙන් කියවන්න

2-4. මාරවත්‍ථු අට‍්ඨකථා

2-4. මාරවත්‍ථු

2-4. මාරයා පිළිබඳ වූ කථා පුවත

සුසුඛං වත ජීවාමාති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා පඤ‍්චසාලාය බ්‍රාහ‍්මණගාමෙ විහරන‍්තො මාරං ආරබ‍්භ කථෙසි.

“සුසුඛං වත” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ පඤ්චපාල නම් බ්‍රාහ්මණ ගමෙහි වැඩසිටිය දී මාරයා අරමුණු කරගෙන දේශනා කළහ.

එකදිවසඤ‍්හි සත්‍ථා පඤ‍්චසතානං කුමාරිකානං සොතාපත‍්තිමග‍්ගස‍්සූපනිස‍්සයං දිස‍්වා තං ගාමං උපනිස‍්සාය විහාසි. තාපි කුමාරිකායො එකස‍්මිං නක‍්ඛත‍්තදිවසෙ නදිං ගන‍්ත්‍වා න‍්හත්‍වා අලඞ‍්කතපටියත‍්තා ගාමාභිමුඛියො පායිංසු. සත්‍ථාපි තං ගාමං පවිසිත්‍වා පිණ‍්ඩාය චරති. අථ මාරො සකලගාමවාසීනං සරීරෙ අධිමුච‍්චිත්‍වා යථා සත්‍ථා කටච‍්ඡුභත‍්තමත‍්තම‍්පි න ලභති, එවං කත්‍වා යථාධොතෙන පත‍්තෙන නික‍්ඛමන‍්තං සත්‍ථාරං ගාමද‍්වාරෙ ඨත්‍වා ආහ – “අපි, සමණ, පිණ‍්ඩපාතං ලභිත්‍ථා”ති. “කිං පන ත්‍වං, පාපිම, තථා අකාසි, යථාහං පිණ‍්ඩං න ලභෙය්‍ය”න‍්ති? “තෙන හි, භන‍්තෙ, පුන පවිසථා”ති. එවං කිරස‍්ස අහොසි – “සචෙ පුන පවිසති, සබ‍්බෙසං සරීරෙ අධිමුච‍්චිත්‍වා ඉමස‍්ස පුරතො පාණිං පහරිත්‍වා හස‍්සකෙළිං කරිස‍්සාමී”ති. තස‍්මිං ඛණෙ තා කුමාරිකායො ගාමද‍්වාරං පත්‍වා සත්‍ථාරං දිස‍්වා වන්‍දිත්‍වා එකමන‍්තං අට‍්ඨංසු. මාරොපි සත්‍ථාරං ආහ – “අපි, භන‍්තෙ, පිණ‍්ඩං අලභමානා ජිඝච‍්ඡාදුක‍්ඛෙන පීළිතත්‍ථා”ති. සත්‍ථා “අජ‍්ජ මයං, පාපිම, කිඤ‍්චි අලභිත්‍වාපි ආභස‍්සරලොකෙ මහාබ්‍රහ‍්මානො විය පීතිසුඛෙනෙව වීතිනාමෙස‍්සාමා”ති වත්‍වා ඉමං ගාථමාහ –

එක් දිනක් බුදුහු පන්සියයක් කුමරියන්ගේ සෝවාන් ඵලයට හේතු සම්පත් දැක ඒ ගමම ඇසුරු කොට ගෙන වැඩ වාසය කරති. මේ කුමාරිකාවෝද නැකැත් දවසේ ගඟට ගොස් නා සැරසී, නගරය දෙස බලා පිටත්වුහ. බුදුරජාණන් වහන්සේ ද එම ගමට පිවිස පිඬු පිණිස හැසිරෙති. අනතුරුව මාරයා මුළු ගමේම මිනිසුන්ගේ සිරුරුවලට ආවේශ වී බුදුන්ට බත් හැන්දක් තරම්වත් නොලැබෙන ලෙසට කටයුතු කළේය. මෙසේ කොට පාත්‍රය සෝදා ගෙන වඩින බුදුන් වෙත ගම් දොරදී මෙසේ පැවසුවේය. ශ්‍රමණය පිණ්ඩපාතය නොලැබුනේද? බුදුහු ඇයි මාරය එබඳු දෙයක් ඔබ කළේ. එසේනම් ස්වාමිනි නැවත වඩින්න. එහිදී නැවත බුදුන් වැඩම කළේනම් සියල්ලන්ගේ සිරුරට ආවේශ වී බුදුන් ඉදිරියේ අත්පුඩි ගසා කෙළිකවටකම් කරන්නෙමියි සිතීය මේ අවස්ථාවේදීම ඒ කුමාරිකාවරු ගමට පිවිස බුදුන් දැක වැඳ එකත් පසෙක සිටියාහුය. මාරයා ද ස්වාමීනි පිණ්ඩපාතය නොලැබීමෙන් බඩගිනි දුකෙන් පෙළෙන්නේද කියා විමසීය. බුදුහු පාපි මාරය ! අපි කිසිවක් නොලැබද බඩගිනි දුකෙන් නොපෙළී ආභස්සර ලොව මහබඹු ලෙස ප්‍රීති සුවයෙන්ම කල් ගත කරනෙමුයි පවසා මේ ගාථාව පැවසුහ.

“සුසුඛං වත ජීවාම, යෙසං නො නත්‍ථි කිඤ‍්චනං; පීතිභක‍්ඛා භවිස‍්සාම, දෙවා ආභස‍්සරා යථා”ති.

රා දොස් මෝහ ඈ කිසිවක් නොමැති උතුමෝ “ආබස්සර” බඹුන් මෙන් සැපෙන් සතුටෙන් සිටිති හැමදා

යම්බඳු අපට රාගාදි කිසි පලිබෝධයක් නැත් ද එසේ වු අපි ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වෙමු. ආභස්සර බ්‍රහ්මයන් ලෙස ප්‍රීතිය ආහාර කොට ඇත්තෝ වෙමු.

තත්‍ථ යෙසං නොති යෙසං අම‍්හාකං පලිබුජ‍්ඣනත්‍ථෙන රාගාදීසු කිඤ‍්චනෙසු එකම‍්පි කිඤ‍්චනං නත්‍ථි. පීතිභක‍්ඛාති යථා ආභස‍්සරා දෙවා පීතිභක‍්ඛා හුත්‍වා පීතිසුඛෙනෙව වීතිනාමෙන‍්ති, එවං මයම‍්පි, පාපිම, කිඤ‍්චි අලභිත්‍වා පීතිභක‍්ඛා භවිස‍්සාමාති අත්‍ථො.

තත්ථ යෙසං නොති - එහි යම් අපගේ පළිබෝධ වශයෙන් රාගාදි බාධකයක් නොමැතිව පීතිඟඛා ආභස්සර දෙවියන්ලෙසට ප්‍රීතිය අනුභව කරමින් ප්‍රීති සුව කමින් කල් ගත කරන්නේද එසේම කල්ගත කරමු. අපිද මෙසේ වන්නෙමු. යන අයයි.

දෙසනාවසානෙ පඤ‍්චසතාපි කුමාරිකායො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිංසූති.

මේ දේශනය අවසානයේ පන්සියයක් කුමරියෝ සෝවාන් ඵලයේ පිහිටියහ.

මාරවත්‍ථු දුතියං.