5. කොසලරඤ්ඤො පරාජයවත්ථු අට්ඨකථා
5. කොසලරඤ්ඤො පරාජයවත්ථු
5. කොසොල් රජු පරාජය වීම පිළිබඳ කථා පුවත
ජයං වෙරන්ති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො කොසලරඤ්ඤො පරාජයං ආරබ්භ කථෙසි.
“ජයං වෙරං” යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී කොසොල් රජුගේ පරාජයවීමක් නිමිති කරගෙන දේශනා කළහ.
සො කිර කාසිකගාමං නිස්සාය භාගිනෙය්යෙන අජාතසත්තුනා සද්ධිං යුජ්ඣන්තො තෙන තයො වාරෙ පරාජිතො තතියවාරෙ චින්තෙසි – “අහං ඛීරමුඛම්පි දාරකං පරාජෙතුං නාසක්ඛිං, කිං මෙ ජීවිතෙනා”ති. සො ආහාරූපච්ඡෙදං කත්වා මඤ්චකෙ නිපජ්ජි. අථස්ස සා පවත්ති සකලනගරං පත්ථරි. භික්ඛූ තථාගතස්ස ආරොචෙසුං – “භන්තෙ, රාජා කිර කාසිකගාමකං නිස්සාය තයො වාරෙ පරාජිතො, සො ඉදානි පරාජිත්වා ආගතො ‘ඛීරමුඛම්පි දාරකං පරාජෙතුං නාසක්ඛිං, කිං මෙ ජීවිතෙනා’ති ආහාරූපච්ඡෙදං කත්වා මඤ්චකෙ නිපන්නො”ති. සත්ථා තෙසං කථං සුත්වා, “භික්ඛවෙ, ජිනන්තොපි වෙරං පසවති, පරාජිතො පන දුක්ඛං සෙතියෙවා”ති වත්වා ඉමං ගාථමාහ –
මේ රජු කාසි ගම නිසා බෑනා වූ අජාසත් කුමරු සමග යුද්ධ කර ඔහු විසින් තෙවරක්ම පරාජය කරන ලද්දේ තෙවැනිවර මෙසේ සිතුවේය. මට කිරිසුවඳ කටින් නොගිය බාලයෙකු පරාජය කිරීමට නොහැකිවීමි. මේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක්ද? මෙසේ සිතමින් උපවාස කරමින් ඇදේ වැතිරී සිටියේය. මෙම ආරංචිය මුළු විහාරයේත් නුවරත් පැතිර ගියේය. භික්ෂූන් වහන්සේලා ස්වාමීනි ! කොසොල් රජු කාසි ග්‍රාමය සදහා තුන් වරක් යුද්ධ කොට පරාජය වී, කටින් කිරි සුවඳ නොගිය කෙනෙකු පරාජය කිරීමට මට නොහැකි වී යයි, ද එනිසා මේ ජිවිතයෙන් වැඩක් නැතැයි ද ආහාර වර්ජනය කර ඇදෙහි හොත් යයි, බුදුරදුන්ට දැනුම් දුන්හ. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාගේ කථාව අසා මහණෙනි, ජයගැනීමෙන් වෛරය ඇතිවේ. පැරදීමෙන් දුකක් ඇතිවේ. යනුවෙන් පවසා මේ ගාථාව දේශනා කළහ.
“ජයං වෙරං පසවති, දුක්ඛං සෙති පරාජිතො; උපසන්තො සුඛං සෙති, හිත්වා ජයපරාජය”න්ති.
දිනුවොත් යුද්ධයෙන් වයිරය ඇති වේවී පැරදුන හොත් දුකින් වැතිරී නිදි යාවී වෙන් වු මේ දෙකින් සාමය ලැදියා වී දුක් කරදර කිසිත් නැතිවම සැනසේවී.
අනුන් පරාජය කිරීමෙන් වෛරය ඇති කෙරෙයි. පරාජයට පත් තැනැත්තා දුක සේ හොවී උපශාන්ත තැනැත්තා සුවසේ සිටී. එතුමා ජය පරාජය දෙකම අත්හැරින ලද්දේ වේ.
තත්ථ ජයන්ති පරං ජිනන්තො වෙරං පටිලභති. පරාජිතොති පරෙන පරාජිතො “කදා නු ඛො පච්චාමිත්තස්ස පිට්ඨිං දට්ඨුං සක්ඛිස්සාමී”ති දුක්ඛං සෙති සබ්බිරියාපථෙසු දුක්ඛමෙව විහරතීති අත්ථො. උපසන්තොති අබ්භන්තරෙ උපසන්තරාගාදිකිලෙසො ඛීණාසවො ජයඤ්ච පරාජයඤ්ච හිත්වා සුඛං සෙති, සබ්බිරියාපථෙසු සුඛමෙව විහරතීති අත්ථො.
ජය යනු අන් අය පරාජය කිරීමෙන් වෛරයට ලක් වේ. පරාජිත තැනැත්තා කවදා හෝ පස මිතුරා පිටු දකිමිදැයි දුක් විදී දුක්ඛංසෙති - සියළු ඉරියාපථ යන්ගෙන් දුකම ලබයි. යන අරුතයි උපසන්තා යනු අභ්‍යන්තරයේ ඇතිවන රාගාදී කෙලෙස් නැති රහතන් වහන්සේ ජය පරාජය දෙකම අත්හැර සුවසේ සිටී. සියළු ඉරියාපථයන්හි සුවසේ වාසය කරයි. යන අරුතයි.
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දේශනය අවසානයේ බොහෝදෙන සෝවාන් ආදීඵලවලට පත්වූහ.
කොසලරඤ්ඤො පරාජයවත්ථු තතියං.